ශ්‍රී ලංකාවේ පර්යේෂණ සංස්කෘතිය පිලිබඳ අධ්‍යයනයක්

ආචාර්ය  ත්‍රිශාන්ත නානායක්කාර වෘත්තියෙන්  ඉංජිනේරුවරයකු  වන අතර මොරටුව විශ්ව විද්‍යාලයයේ ඉංජිනේරු පීඨයේ ජේය්‍යෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස සේවය කරයි.

මෙම ලිපියේ මුල් කොටස තෙ වැනි ගවේෂණ කලාපයේ පළ විය.

එහි දී, විදෙස් ගත වූ හා ශ්‍රී ලංකාවේ වාසය කරන පර්යේෂකයන් සංසන්දනයකට ලක් කැරුණු අතර රටකර පර්යේෂණ වැදගත් වන්නේ මන්දැයි යන්න ගැන ද සාකච්ඡා කේරිණි.

පර්යේෂණ සංස්කෘතිය නැවත පිහිටුවීමට ඇති බාධක මොනවා ද?

 “පර්යේෂණ සංස්කෘතියේ වර්ධනය ගෙන බලන කල ද ආසියානු කලාපයේ සමගාමිකයන්  සමඟ සසඳන කල ද ශ්‍රී ලංකාව බොහෝ පිටුපසින් සිටින්නේ අයි ද?” යන්න මෙම සමීක්ෂණයේ දී යොමු කරන ලද ප්‍රශ්නයකි. ඒ පිළිබඳ දත්ත ගොනු කර දක්වන රූප සටහන 5 ට අනුව අද අත්විඳින තත්ත්වයට හේතුව ජාතික ප්‍රමුඛත්වය අඩු වීම බව 54% වූ පර්යේෂකයන්ගේ පිළිගැනීමයි. අධ්‍යාපනික ක්ෂේත්‍රයේ ජෙයෂ්ඨ නිලධාරීන්ට මුලිකත්වය දී ඇති පිළිවෙළෙහි ඇති වැරදීමක් බව 25% දෙනකුගේ පිළිගැනීමයි. මුල් පෙළ නීති සම්පාදකයන් හට නිවැරදි තොරතුරු සැපයීම පිළිබඳ වගකීම දරන්නෝ ඔව්හුය. පර්යේෂණ කිරීම සඳහා වෘර්තිකයන් අඩු බව ප්‍රධානතම ප්‍රශ්නය බව 21% දෙනාගේ මතය යි. හේතුඵලවාදයවිශ්වාස කරන්නේ නම්, සෑම දෙයක් ම ක්‍රියාවල හා යම් යම් තත්ත්ව වල ප්‍රථිපල ය. ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් අඩු ජාතික ප්‍රමුඛතාවක් නියම කරයි. මුලික ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් සපයනු ලබන තොරතුරුවලට අනුව ප්‍රතිපත්ති සම්පාදනය කර ඇත. නමුත් තොරතුරු සපයන්නන් වැරදි සහගත ප්‍රමුඛතා පිළිවෙළක්අනුගමනය කර එම තොරතුරු සඳහා පහළ ම පංතිය ආවරණය වන ලෙස කළසත්‍ය සමීක්ෂණයක අඩංගු නො වුණ හොත් නිසැක ව ම වැරදි තොරතුරු සපයයි. පර්යේෂණ කිරීමට වෘර්තිකයන් අඩුවීම අනෙක් හේතු දෙකෙහි ප්‍රතිඵලයකි. ශ්‍රී ලංකාව ප්‍රමාණවත් තරම් පර්යේෂකයන් බිහි කර ඇති නිසා එය ප්‍රශ්නයක් නො වේ. නමුත් අනෙක් හේතු දෙක නිසා ඔවුන්ගෙන් බොහොමයක් දෙනා රටින් පිට වීම ප්‍රධාන ම ප්‍රශ්නය යි.

ශ්‍රී ලංකාව සාර්ථක වූ ආසියානු සමගාමිකයන්ට  වඩා බොහෝ පිටුපසින් සිටීමට හේතු මෙසේ සාරාංශ කළ හැකි ය.

  • 25% අධ්‍යාපනික ක්ෂේත්‍රයේ ජෙයෂ්ඨ නිලධාරීන්ට මුල්;ඉකත්වය දී ඇති පිළිවෙළෙහි ඇති වැරදීමක්
  • 21% පර්යේෂණ කිරීම සඳහා වෘර්තිකයන් අඩු බව
  • 54% අඩු ජාතික ප්‍රමුඛත්වය
  • පර්යේෂණ සඳහා ප්‍රතිපාදන වෙනස් කිරීමේ දුර්වලතා පැවතීම.
  • පර්යේෂකයන් දිරි ගැන්වීමේ ක්‍රමවත් වැඩ පිළිවෙළක් නොමැති වීම
  • පර්යේෂණ සඳහා අවශ්‍ය සම්පත්වල හිඟ කම
  • ජාත්‍යන්තර පර්යේෂණ සංස්කෘතිය තුල හුදකලා වීම.

පර්යේෂණ සඳහා වූ ප්‍රතිපාදන

ශ්‍රී ලංකාව තුල වඩා හොඳ පර්යේෂණ සංස්කෘතියක් ඇති කිරීම සඳහා පෙළඹවීමට වැදගත් ප්‍රධාන සාධකයක් වන පර්යේෂණ සඳහා වූ ප්‍රතිපාදන පිලිබඳ නිරීක්ෂණ රූප සටහන 6 මගින් පෙන්වයි. කර්මාන්ත ක්ෂේත්‍රයේ පුද්ගලයන් සමඟ සහයෝගීත්වයක් සහිත ව පර්යේෂණ කරනු පිණිස ඔවුන් ඒ සඳහා යොමුකරව ගැනීමට විශ්ව විද්‍යාල ක්‍රමය තුල කාර්යක්ෂමතාව නඟා සිටුවිය යුතු බව 58% දෙනා විශ්වාස කරති. නමුත් පර්යේෂණවල යෙදී ඇති පර්යේෂකයන්ට වැඩි වැඩියෙන් කර්මන්ත ක්ෂේත්‍රයේ සහකරුවන් ඇද ගැනීමට හැකි නම රජයට මුලික පර්යේෂණවලට උදවු කිරීමට වැඩි නිදහසක් ඇත. මුලික මුදල් ඉපයීමක් නොමැති රටක ගවේෂණාත්මක සස්කෘතියක ආරම්භය මුලික පර්යේෂණ ය. රටක් ලෙස ඇමරිකාව ගැන සිතුව හොත් මුලික පර්යේෂණවල ජයග්‍රහණ නිසා හොඳ විද්‍යාත්මක ප්‍රතිරූපයක්  ස්ථාපිත වී ඇත.

පුළුල් විකල්ප ප්‍රතිකර්ම තිබේ ද?

උපාධිධාරී පාසල් මේ ගැටලුව සඳහා විසඳුමක් ලෙස ගත හැකි ආකාරය පිලිබඳ ව  පර්යේෂණයේ දී සොයා බලන ලදී. උපාධිධාරී පාසල් තුළින් මෙම ප්‍රශ්න බොහොමයක් විසඳෙන බව (රූප සටහන 7) 83% වූ පර්යේෂකයන් විශ්වාස කළ  බව පෙනේ. ඇත්ත වශයෙන් ම උපාධිධාරී පාසල් විශ්වවිද්‍යාල හැඩ ගැසී ඇති අතර වඩා හොඳ පර්යේෂණ වටපිටාවක් පිහිටුවීමට අදාළ  නිතී හා රෙගුලාසි ඇත. නිතර ම උපධිධාරි පාසලක් පවත්වා ගෙන යාමට අවශ්‍ය ආචාර්ය  මණ්ඩලයක් නොමැති බවට බොහෝ අය තර්ක කරති. දැන් තත්ත්වය පිළිබඳව ක්ෂණික ව කරන සොයා බැලීමකින් අපට මිනිස් බලය නොමැති බව වැටහෙනු ඇත. නමුත් වැඩිපුර අනාගතය ගැන සිතා ද වෙනස්වන සබඳතා මත ද උපාධිධාරී පාසල්  පර්යේෂණ වඩා කාර්යක්ෂම කිරීමට අවශ්‍ය වාතාවරණ ඇති කරනු ඇති අතර එය බොහෝ පර්යේෂකයන්ට යලි සිය රට පැමිණීමට දිරිදෙන අතරතුර නුතන ක්‍රමය මගින් හෙම්බත් වී ඇති රට හැරයාමට ඉඩඇත්තන් නැවත තබා ගැනීමට ද හේතු වේ.

පර්යේෂණවලට අදාළ වන වගකීම් විමධ්‍යගත කිරීම

දෙපාර්තමේන්තුවකට හෝ පර්යේෂණ මධ්‍යස්‌ථානයකට හෝ විද්‍යාගාරයකට යමක මිල දී ගැනීම වැනි වගකීම් විමධ්‍යගත කිරීම මගින් නිලධාරීන් මගින් කරනු ලබන පාලනය අඩු කර ගත හැකි වේ. එවැනි විමධ්‍යගත කිරීම් ගැන සමීක්ෂණයට භාජනය වූ අයගේ අදහස් රූප සටහන 8 හි ගුණු කර දැක්වේ. ක්‍රමවේදයන් එක් එක් දෙපාර්තමේන්තුව හෝ පර්යේෂණ මධ්‍යස්ථාන මට්ටමින් විමධ්‍යගත කළ යුතු බව 71% දෙනාගේ අදහස යි. පර්යේෂකයන්ට තනි තනි ව ස්වාධීන බැංකු ගිණුම්වල අරමුදල් පවත්වා ගෙන යාමට හා භාණ්ඩ මිල දී ගැනීම පිළිබඳව සම්පුර්ණ වගකීම තිබිය යුතු බව ද 21% ක් යෝජනා කර ඇත. එම ක්‍රමවේදයනට අමතර ව පර්යේෂණවල දී ජෙයෂ්ඨ කථිකාචාර්යවරුන්ගේ වෘර්තීමය ඊර්ෂ්‍යාව නිසා ඇති වන විධාකාරී ආචරණ අවම කරගැන්මට අදාළ වන වගකීම් විමධ්‍යගත කිරීමේ වැදගත්කම පෙන්වා දී ඇත. මෙය වෛද්‍ය ක්ෂේත්‍රයේ විශාල ප්‍රශ්නයක් වී තිබිණි. මෙවැනි ජෙයෂ්ඨ  බියගුල්ලන් නිසා වෛද්‍ය ක්ෂේත්‍රයේ පුද්ගලයන්ගෙන් 40% ක් රට හැර ගොස් ය. මෙහි අවසානයක් දැකිය යුතු ය. එසේ ම ජෙයෂ්ඨයන් මත යැපීමේ අවශ්‍යතාව අවම කර ගැනීමට පර්යේෂකයනට ස්වාධීන ව පර්යේෂණාගාර පවත්වා ගැනීමට ඉඩ දීම මේ සඳහා උදුවක් විය හැකි ය.

වඩා හොඳ පරිගණක ජාලයක්

මෙය අන්තර්ජාලය මුලික කර ගත්තොරතුරු ජාලයක් වන අතර එය යම කිසි සංවිධානයකට සීමා වේ. පවතින දීර්ස ක්‍රමවේදය තුල යමක ඉල්ලුම් කිරීමට අවශ්‍ය වුවා යැයි සිතමු. එවිට විවිධ ආකෘති පත්‍ර කිහිපයක් කඩදාසි මත සම්පුර්ණ කිරීමට අවශ්‍ය නො වේ. කළ යුතුව ඇත්තේ ඉතා පැහැදිලි ව වෙබ් පිටුවක් මත අවශ්‍ය කරුණු ඇතුළත් කිරීම පමණි. මෙහෙ දී මට ප්‍රධාන සැපයුම් දෙපාර්තමේන්තුව නොදන්නා සැපයුම්කරුවන් කිහිප දෙනෙකුගේ URL ද ඇතුළත් කළ හැකි ය. මේ ක්‍රමය භාණ්ඩ ආනයනයේ දී ඉතා වැදගත් ය. මෙහි දී යම් තෝරා ගන්නා ලද භාණ්ඩයක් මිල දී ගැනීමේ දී විවිධ සැපයුම්කරුවන් අතර මිල හා අනෙකුත් සාධක සංසන්දනය කළ හැකි අන්තර්ජාල පිටු සකසා තිබීම වැඩ පහසි කරයි. 67% ක්  වෘත්තිකයෝ මෙමගින් කාර්යක්ෂමතාව වැඩි කළ හැකි බව විශ්වාස කරති. නමුත් 23% දෙන පරිගණක ජාල ක්‍රමයක් අසාර්ථක වේ යැයි සිතති.

වෙන ම ගිණුම් පවත්වා ගෙන යාමට රාජ්‍ය ආයෝජන ආයතනවලට ඉඩ දීම.

ජාතික විද්‍යා සභාව – National Science Foundation (NSF) මගින් පර්යේෂණ ව්‍යාපෘතියක් සඳහා ආධාර මුදලක් පිරිනැමූවේ යැ යි සිතමු. මෙහි දී මෙම අරමුදල සඳහා විශේෂ ගිණුමක් පවත්වා ගෙන යා හැකි නම් ක්‍රෙඩිට් කාඩ්පතක් මගින් භාණ්ඩ මිල දී ගැනීමට හැකි වන අතර එමගින් භාණ්ඩ ආනයනයේ දී විශාල කාලයක් ඉතිරි වෙයි. නිරතුරු ව ම සංගෘහිත පරිපථ ආනයනය කරන ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයේ දී මෙය බරපතල ප්‍රශ්නයකි. සැලසුමක් අවසන් වන තුරු අවශ්‍ය විශේෂිත උපාංග නොදන්නා නිසා ගබඩා පවත්වා ගත නො හැකි ය. එහෙත් එම අරමුදල අනුමත කිරීමෙන් පසු මේ අවශ්‍යතා පැහැදිලි කරන නිසා සාමාන්‍ය පිළිවෙත්වලින් බැහැර ව National Science Foundation (NSF) මගින් භාණ්ඩ ඉල්ලුම් කළ හැකි ය. මෙලෙස National Science Foundation (NSF) සමඟ සහයෝගයෙන් ක්‍රියා කිරීමෙන් කාල නාස්තිය අවම කළ හැකි අතර එය විනිවිදභාවය ඉහළ නංවයි. රූප සටහන 10 ට අනුව මෙය හොඳ දෙයක් බව 67% දෙන විශ්වාස කරති. මේ ප්‍රමාණයෙන් රූප සටහන 9 දත්ත සමඟ එමඟ වීම පුදුම ගහගතය. මේ අවස්ථා දෙකේ දී ම රාජ්‍ය ආයතන පිලිබඳ ව කතා කිරීම මෙයට හේතුව විය හැකිය.

පර්යේෂකයන් විශ්වාස කිරීමට පටන් ගැනීම.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් අප ව විශ්වාස නොකළ නිසා මෙම දීර්ඝ ක්‍රමවේදයන් හඳුන්වා දුන් බව මට තේරුම ගත හැකි ය. ඔවුන් මෙසේ ක්‍රියාත්මක වුයේ ඔවුන් බලහත්කාරයෙන් අප යටත් කර ගෙන සිටි නිසා අප සමහරුනට නිදහස අවශ්‍ය වූ නිසා ද සියලු ම  රාජ්‍ය ආයතනවල මධ්‍යම මපිපාලනය ඔවුන් තබා ගත අතර පර්යේෂණ, නිදහසට හා ස්වාධීනත්වයට පාර කපන බව සක්සුදක් සේ දැන අධ්‍යාපන ක්‍රමය තුළින් පර්යේෂණ වටපිටාව මුලිනුපුට දමා ඇත.

එකිනෙකා අතර විශ්වාසයක් නොමැති බව පෙන්වීමට උදාහරණයක් සලකමු. එනම් විශ්වවිද්‍යාලය අදාළ දිනය සඳහා වසා දැමු පසු ගොඩනැගිලි තුලට කිසිවකුට වත ඇතුළු විය නො හැ කිය. මම ආචාර්ය උපාධියෙන් පසු ජෝන් හොප්කින්ස් (Johns Hopkins) විශ්ව විද්‍යාලයේ වැඩ කළෙමි. එය පිහිටියේ, ඇමරිකා එක්සත් ජනපදයේ තෙවනුවට අවදානමක් ඇති නගරයක් වන Baltimore හි ය. නමුත් ඉතා මිල අධික උපකරණ සහිත විද්‍යාගාරයක යතුර මට දී තිබුණි. එම නිසා ඕනෑම වෙලාවක ඇතුළු වීමට ද පිට වීමට ද මට අවසර තිබුණි. මම ආචාර්ය උපාධිය කරන ලද ජපානයේ දී ද තත්ත්වය මීට සමාන ය. අවසානයේ දී ජෙයෂ්ඨ ආචාර්යවරයකු ලෙස මා සියරට පැමිණි පසු නියමිත වෙලාවකින් පසු ගොඩනැගිල්ලෙන් ඉවතට ඇද දැමුණි. ඒ අතර මගේ පර්යේෂණ විද්‍යාගාරයට ඇතුළු වීමට අවසර නොමැත. තව ද මව්බිමේ දී මා අවිශ්වාසවන්තයකු ලෙස සැලකු  අතර අනෙක් රටවල දී ඔවුන්ගේ ම පුද්ගලයකු ලෙස සැලකිණි. මේ නිසා වැඩ කරන වටපිටාව ගැන සැලකීමේ දී ඇමරිකා එක්සත් ජනපදයේ දී හෝ ජපානයේ දී මම වඩාත් ම නිවසට සමීප බව දැනුණි. මෙලෙස කියන එකම පුද්ගලයා මම නො වෙමි. රූප සටහන 11 ට අනුව 84% වූ පර්යේෂකයන්ට ශ්‍රී ලංකාව තුල දී ඕනෑම වේලාවක දී පර්යේෂණ විද්‍යාගාරවලට ඇතුළු වීමට යතුරු නො ලැබී ඇත. රූප සටහන අනුව ඕනෑම වෙලාවක ඇතුළු වීමට පුර්ණ කාලීන පර්යේෂකයන්ට පර්යේෂණ විද්‍යාගාරවල යතුරු දී තිබිය යුතු බව 94% පිළිගනිති.

ශ්‍රී ලංකාව තුල සිටින විට ඕනෑම වෙලාවක පර්යේෂණ විද්‍යාගාර සමඟ සම්බන්ධ වීමට හැකි ද?

පර්යේෂකයන් පෙ.ව. 8.00 සිට ප.ව.5.00 දක්වා වැඩ කරන සාමාන්‍ය රාජ්‍ය සේවකයන් නො වන අතර ඔවුහු  කාලය පිළිබඳ ව කිසිම තැකීමක් නො කරති. තව ද  අතිකාල දීමන ඔවුන්ට අනවශ්‍ය ය. ඕනෑම මොහොතක පර්යේෂණ විද්‍යාගාරවලට ඇතුළු වීම පමණක් ඔවුනට අවශ්‍ය ය. එම නිසා නිදහස් ජාතිකයන් ලෙස සිතීමට ද අපේ ම පුද්ගලයන් මත විශ්වාසය බිඳ දැමීමට පෙළඹෙයි නම් ඔහු පිටුපස හඹා ගොස් අල්ල ගනීමට ක්‍රමවේදයක් තිබිය යුතු අතර සියලු ම පර්යේෂකයන් එක ම කෝණයකින් මැන දඬුවම් නො කළ යුතු ය.

ආචාර්ය  ත්‍රිශාන්ත නානායක්කාර

Email: thrish@bme.jhu.edu

You may also like...