පිළිකා නසන කටු අනෝදා

හැඳින්වීම

අනෝනා මියුරිකාටා යන විද්‍යාත්මන නාමයෙන් හඳුන්වනු ලබන කටු අනෝදා ශාකය පලතුරක් ලෙස ප‍්‍රචලිත ව පවතියි. මෙම ශාකයේ සම්භවය පිළිබඳ ව නිවැරදි තොරතුරු නොමැති වුවත් සමකය ආශ‍්‍රිත ඇමරිකානු මහද්්වීපික රටවලින් සම්භවය වු බවට විශ්වාස කෙරෙයි. අනෝදා ශාකය ආර්ද්‍රතාව ඉහළ සහ උණුසුම් කාලගුණයක් පවතින ප‍්‍රදේශවල සාර්ථක ව වර්ධනය වන ශාකයකි.

එය සදාහරිත වන අතර මීටර 4ක් පමණ උසට වර්ධනය වෙයි.  ඕවලාකාර දිගටි පත‍්‍ර තරමක බුව සහිත අතුවල හටගනී. පත‍්‍රවල දිග 8-16cmක් හා පළල 3-7cm ක් පමණ වෙයි. පත‍්‍ර කොළ පැහැ වන අතර එය මතුපිට බව දක්නට නොලැබෙයි. පත‍්‍ර තලය දිලිසෙන ස්වාභාවයක් ගනී. මෙම ශාකයේ කහ පැහැති මල් හට ගන්නා  අතර එය 2-3cm පමණ දිගින් යුක්ත වේ. ගෙඩි කොළ පැහැති වන අතර මතුපිට කටු දක්නට ලැබේ. එබැවින් මෙම පලතුර සාමාන්‍ය ව්‍යවහාරයේ කටු අනෝදා ලෙස හඳුන්වනු ලැබේ.

පෝෂ්‍ය පදාර්ථ

ශක්තිය(කැලරි)         276 KJ

කාබෝහයිඩ්‍රේට          16.84 g

සීනි                            13.54 g

ආහාර තන්තු               3.3 g

මේදය                          0.3 g

ප්‍රෝටීන                      0. 1 g

 

විටමින්

තයිමීන් B1                             0.07 mg

රයිබොෆ්ලේවීන් B2              0.05 mg

නියැසින් B3                           0.9 mg

පැන්ටොකනින් ඇසිඞ් B5       0.253 mg

විටමින් B6                             0.059 mg

විටමින් C                               20.6 mg

 

1 පිළිකා සඳහා ප‍්‍රතිකාරයක් ලෙස

අනෝදා ශාකයේ පත‍්‍ර, බීජ සහ මදය පිළිකා ෙසෙල මර්ධනයට යොදා ගත හැකි බව විද්‍යාගාර පර්යේෂණ මගින් පෙන්වා දී තිබේ. අනෝදා ශාකයේ කොළවලින් සදා ගත් මිශ‍්‍රණයකින් පිළිකා ෙසෙල විනාශ කළ හැකි බවත්  පිළිකා ප‍්‍රතිකාර ලෙස සිදුකරනු ලබන රසායනික චිකිත්සාවට වඩා මෙය බෙහෙවින් කාර්යක්ෂම සහ ඵලදායී බවත් පර්යේෂණ පෙන්වා දෙයි. එමෙන් ම පර්යේෂණ වැඩි දුරටත් තහවුරු කරනු ලබන්නේ රසායනික චිකිත්සා ප‍්‍රතිකාර ක‍්‍රමයට වඩා මෙම ආයුර්වේද ප‍්‍රතිකාරය 10000 ගුණයක් පමණ ප‍්‍රතිඵලදාායි බවයි. එබැවින් අනෝදා ශාකයේ කොළ පානය විවිධ වර්ගයේ පිළිකා මර්දනය සඳහා වැදගත් වේ. ඒ අතර පුරස්ථි ග‍්‍රන්ථි පිළිකා, පෙනහළු පිළිකා හා පියයුරු පිළිකා විශේෂයි.

ප‍්‍රතිකාරය

අනෝදා කොළ 10ක් වතුර කෝප්ප 3ක නටවා එය වතුර කෝප්ප 1 දක්වා හිදෙන්නට හරින්න. එය පෙරා ලැබෙන දියරය සිසිල් කර සෑම  උදෑසනක ම සති 3-4ක් පමණ යන තෙක් පානය කිරීමෙන් පිළිකා තත්ත්වය සඳහා සැලකිය යුතු යහපතක් ලබා ගත හැකියි.

පිළිකා මර්දනය සඳහා අනෝදා ශාකයේ කොටස් භාවිතය ආයූර්වේද වෛද්‍ය විද්‍යාවේ බහුල වුවත්, බටහිර වෛද්‍ය විද්‍යාවේ  මේ පිළිබඳ ව කෙරුණු විද්‍යාත්මක පර්යේෂණ ප‍්‍රමාණය අල්ප ය. ඒවායින් ද සැලකිය යුතු පර්යේෂණ ප‍්‍රමාණයක් සිදුකර ඇත්තේ පර්යේෂණාගාර වලයි. එම පර්යේෂණ මගින් අනෝදා පලතුරු සහ කොළ පානය මඟින් පිළිකා මර්දනය කළ හැකි බව පෙන්වා දී තිබේ. එහෙත් ඒ බව විදු්‍යාත්මක ව  තවදුරටත් තහවුරු කිරීමට මානව සාම්පල යොදා පර්යේෂණ කිරීමට විද්‍යාඥයෝ උත්සාහ දරති.

2 මුත‍්‍රා ආසාදන සමනයට

අනෝදා මදවල විටමින් C අධික ප‍්‍රමාණයක් (දෛනික අවශ්‍යතාවෙන් 77% පමණ) අනෝදා මද කෝප්පයක අඩංගු වේ. එමගින් මුත‍්‍රා මාර්ගයේ වර්ධනය වන අහිතකර බැක්ටීරියා විනාශ කර මුත‍්‍රා ආසාධන ඇතිවීම වළක්වා ගැනීමට හා නිරෝගී මුත‍්‍රා පද්ධතියක් පවත්වා ගැනීමට, අනෝදා ආහාරයට ගැනීම බෙහෙවින් යෝග්‍ය වේ.

3 හිසරදය සහ ඉරුවාරදයට සහනයක්

අනෝදා මදවල අන්තර්ගත විටමින් B රෝග රැසක් සමනය කරයි. ඒ අතර හිසරදය සහ ඉරුවාරදය විශේෂයි. එහි ඇති රයිබොෆ්ලෙවින් සංඝටකය මේ සඳහා බලපායි.

4 ප‍්‍රතිශක්තිය ඉහළ දමයි

අනෝදාවල අඩංගු ස්වාභාවික සංඝටක වන  annonacin, acetogenins ,muri-capentocin, gentisic acid, annomuricin and anomurine  ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන අතර එමගින් ශරීරය රෝග සහ ආසාත්මිකතාවලින් ආරක්ෂා කරයි.

5 ඔස්ටියෝපොරොසිස් වළක්වයි.

අනෝදා, කැල්සියම් සහ පොස්ෆරස් බහුල ආහාරයක් වේ. අනෝදා ආහාරයට ගැනීම මගින් ශරීරයේ අස්ථී ශක්තිමත් වීමට අත්‍යවශ්‍ය  වන පෝෂ සංඝටක වන කැල්සියම් සහ පොස්ෆරස් ලැබෙන අතර එමගින්  ඔස්ටියෝපොරොසිස්  වැනි රෝග ඇතිවීම වළක්වයි.

6 බැක්ටීරියා සහ වෛරස නාශකයක් ලෙස

අනෝදාවල අඩංගු වන විවිධ බැක්ටීර්යා නාශක සංඝටක (phytochemicals) නිසා එය බැක්ටීරියා ආසාදන සඳහා ප‍්‍රතිකාර කිරීමට භාවිත කරනු ලැබේ. අනෝදා ගෙඩි පමණක් නො ව කඳ සහ පොතු ද තුවාල හා ආසාදන සඳහා ප‍්‍රතිකාර ලෙස යොදා ගනී. වෛරස නාශකයක් ලෙසත් අනෝදා බෙහෙවින්  ගුණදායී වන අතර හර්පීස් (Herpes)  නැමැති රෝගය සඳහා ප‍්‍රතිකාරයක් ලෙස මෙම පලතුර යොදාගනී.

Family    :annonaceae

Genus    :annona

Species  :Annona muricata

බටහිර වෛද්‍ය විද්‍යාත්මක මතය

බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව කටු අනෝදා පිළිකා සඳහා ප‍්‍රතිකාරයක් ලෙස මෙතෙක් විද්‍යාත්මක ව තහවුරු කර නොමැත. විවිධ රසායනික ප‍්‍රතිකාර ක‍්‍රම මගින් විනාශ කළ නොහැකි අක්මාවේ සහ පියයුරුවල හට ගන්නා සමහරක් ෙසෙල, අනෝදා යුෂවලට විනාශ කළ හැකි බව විද්‍යාගාරවල කරන ලද පර්යේෂණ මගින් පෙන්වා ඇත. එහෙත් අනෝදා යුෂවල අන්තර්ගත සංඝටක ප‍්‍රධාන ප‍්‍රතිකාර ක‍්‍රම සමග ප‍්‍රතික‍්‍රියා කිරීමට ඇති හැකියාව සහ රසායනාගාර පරීක්ෂණ තවමත් ප‍්‍රාථමික මට්ටමක පැවතීම නිසා බටහිර වෛද්‍යවරුන් තවමත් කටු අනෝදා පිළිකා සඳහා ප‍්‍රතිකාරක් ලෙස නිර්දේශ නොකරයි.

  • www.cancernetwork.com
  • www.cancerresearchuk.org

ආයුර්වේද වෛද්‍ය විද්‍යාත්මක මතය

පුරස්ථි ග‍්‍රන්ථි පිළිකා, පෙනහළු පිළිකා සහ පියයුරු පිළිකා සඳහා ප‍්‍රතිකාරයක් ලෙස අනෝදා ශාකයේ පත‍්‍ර ආයුර්වේද සහ දේශීය චිකිත්සා වෛද්‍ය ප‍්‍රතිකාර ක‍්‍රමවල භාවිත වෙයි. අනෝදා කොළ තම්බා ලැබෙන දියරය සහ අනෝදා කොළ මිශ‍්‍රණය ප‍්‍රතිකාර සඳහා යොදා ගන්නා අතර ඒ පිළිබඳ වැඩි විස්තර පහත දැක්වෙන ග‍්‍රන්ථවල සඳහන් ව ඇත.

  • Compendium of medicinal plants (A Sri Lankan Study) Vol. 1
  • Handbook of Ayurvedic medicinal plant – L.D. Kapoor
  • Glossary of Indian Medicinal plants – R.N. Chopra

 

ලක්ෂාන් වර්ණකුල

ජාන විද්‍යාගාරය

පර්යේෂණ හා සංවර්ධන ආයතනය

 

 

 

 

 

 

You may also like...