පර්යේෂණය : උද්ගාමී-නිගාමී තර්කණ සංයෝජනය

අප මෙතෙක් පළ කළ ලිපිවලින් සාකච්ඡුා කළේ, ‘පර්යේෂණය’ හැර, අප ගැනත් අප ජීවත් වන පරිසරය ගැනත් දැනුම ලබා ගැනීමට මිනිසා භාවිත කර ඇති එසේ ම අදත් භාවිත කරන ක‍්‍රම කිහිපයක් ගැන ය. අද අපි පර්යේෂණය යනුවෙන් අදහස් කරන්නේ කුමක් දැ යි හªනා ගෙන, දැනුම ලබා ගැනීමේ මගක් වශයෙන් එහි ඇති සුවිශේෂීතාව ගැන ද සොයා බලමු.

ප‍්‍රවේශයක් වශයෙන් අපි ‘දයානන්ද කැප්පෙටිගොඩ’ මහතා ‘විමංසා’ නමින් ලියු අදහස් වැළක් කියවා බලමු. අප මෙතෙක් සාකච්ඡුා කළ කරුණුත් ඉදිරියට සාකච්ඡුා කෙරෙන කරුණුත් යා කරන පාලමක් සේ මේ අදහස් වැළ සැලකිය හැකි ය.

විමංසා

පර්යේෂණ කාර්යයක නිරත වන අයකු සැබෑ පර්යේෂණය පටන් ගන්නේ තමාගේ මනසින්. ඔහු මුලින් ම පර්යේෂණ ගැටලූවකට මුහුණ දෙයි. අනතුරු ව ඔහු එම පර්යේෂණ ගැටලූවට විසදුම් සෙවිමේ ක‍්‍රම සොයයි. මෙහි දී ඔහුට පෙර සාහිත්‍ය විමසුම ඉතා ම වැදගත්. එහි දී සමාන වූ වෙනත් ගැටලූ අවස්ථා ගැන පර්යේෂකයින් විසින් කරන ලද පර්යේෂණ පිළිබඳ තොරතුරු අපට ලැබේ.

පර්යේෂණ ගැටලූවක් කියන්නේ කුමක් ද?

අපට විවිධ ගැටලූ තිබේ. ඒත් පර්යේෂණ කාර්යයේ යෙදි සිටින්නන්ගේ ගැටලූ තරමක් විශේෂ යි. බොහෝ විට එය පවතින දැනුම පිළිබඳ ගැටලූවකි. උදාහරණයක් ගනිමු. පන්ති කාමරයක ඉගෙන ගන්නා ළමයින් කණ්ඩායමක් ගැන හිතමු. ඔවුන්ගේ ඉංගි‍්‍රසි සාධන මට්ටම හුඟක් ම අඩු යි. මෙය ඉංග‍්‍රිසි විෂයය භාර ගුරුවරයාට ගැටලූවකි. ඔහු සතු දැනුම අනුව මෙයට විසඳුම් ඔහුට නො තේරෙන නිසා ය. ඔහු ගැටලූවට විසදුම් සොයන්නේ කොහොම ද? සමහර විට ගුරුවරයා අත්දැකීම් අතින් ඉහළ අයකු නම්, ඔහුගේ අත්දැකීම් අනුව ඒ පිළිබඳ ව යම් පිළිතුරක් දිය හැකි යි. ඔහුගේ අත්දැකීම් ප‍්‍රමාණවත් නො වන විට, ඔහු ඉංගි‍්‍රසි අංශ ප‍්‍රධානියාගෙන් ඒ පිළිබඳ ව විමසන්න පුළුවනි. මක්නිසා ද ඔහු අත්දැකීම් බහුල පුද්ගලයකු නිසා ය. නැත්නම් කලාපයේ ඉංග‍්‍රිසි විෂයය භාර අධ්‍යක්ෂගෙන් හෝ තමාට වඩා අත්දැකීම් බහුල පුද්ගලයකුගෙන් ඒ පිළිබඳ ව අහන්න පුළුවනි. ගැටලූවලට විසඳුම් සෙවීමේ මේ ක‍්‍රමය හඳුන්වනුයේ ‘ආධිපත්‍යය’ යනුවෙනි. මේ ක‍්‍රම දෙක හැර ගුරුවරයාට තර්ක කරන්නත් පුළුවන් ගැටලූවලට විසඳුම් සොයන්න. ඒ මෙන්න මෙහෙම ”මම ඉගැන්නුවා මෙනරාගල අවුරුදු තුනක්. ඒ දුෂ්කර පාසලේ ළමයින්ට ඉංග‍්‍රිසි බැහැ. ඊළගට මම ඉගැන්නුවා පොළොන්නරුවේ දුෂ්කර පාසලක අවුරුදු 3ක්. එහේ ළමයින්ටත් ඉංගි‍්‍රසි බැහැ. ඊළගට මම ආවා අනුරාධපුරේ. එහේ දුෂ්කර පාසලක අවුරුදු 3ක් ඉගැන්නුවා. එහේ ළමයිනුත් ඒ වගේ. ඒ ළමයින්ටත් ඉංග‍්‍රිසි බැහැ. දැන් මා උගන්වන මේ පාසලත් හද්දා පිටිසර ඉස්කෝලයක්. මේකේ ළමයින්ට ඉංගි‍්‍රසි බැරි මේකත් දුෂ්කර ඉස්කෝලයක් නිසා. මේ අනුව මගේ නිගමනය දුෂ්කර පාසල්වල ළමයින්ට ඉංග‍්‍රිසි බැහැ කියන එකයි”. මේ නිගමනයෙන් හෙළි වන, දැනුම ලබා ගත් මාර්ගය හඳුන්වන්නේ ‘උද්ගාමි තර්කණය’ කියලා. එහි පියවර බලමු. ගැටලූවට විසඳුම් සෙවු ආකාරයේ කිසියම් රටාවක් එවිට හඳුනා ගන්න පුළුවන්.

මොනරාගල ළමයින්ට ඉංගි‍්‍රසි බැහැ

පොළොන්නරුවේ ළමයින්ට ඉංගි‍්‍රසි බැහැ

අනුරාධපුරේ ළමයින්ට ඉංගි‍්‍රසි බැහැ

දැන් උගන්වන ඉස්කෝලෙත් දුෂ්කර නිසා ”දුෂ්කර පාසල්වල ළමයින්ට ඉංග‍්‍රිසි බැහැ” යනුවෙන් නිගමනයකට පැමිණ ඇත. මේ, දුෂ්කර පාසල්වල ළමයින්ගේ ඉංගි‍්‍රසි පිළිබඳ නව දැනුමකි. එහෙත් මේ දැනුම සත්‍යය ද? සත්‍යය මිස වෙනත් කිසිවක් නො වන සත්‍යය ද?

පර්යේෂණ ගැටලූවකට, ‘සාමාන්‍ය’ දැනුමෙන් හෝ ‘ආධිපත්‍යය’  දැනුමින් මෙන් ම ‘තර්කණයෙන්’  ද ලබා ගත හැකි උත්තරවල අඩුපාඩු තියෙනවා. ඒ නිසා අපි ඊට වඩා ‘විද්‍යාත්මක ක‍්‍රමයකින්’  පර්යේෂණ ගැටලූවකට පිළිතුරු සොයන්න  ඕන. මොකක් ද මේ විද්‍යාත්මක ක‍්‍රමය කියන්නේ? මෙම ප‍්‍රශ්නයට උත්තර දෙන්න ටිකක් ඉතිහාසය විපරම් කරන්න වෙනවා. දැනුම ලබා ගන්න භාවිත කළ එක ක‍්‍රමයක් වන ‘උද්ගාමි තර්කණ ක‍්‍රමය’  ලෝකයට හඳුන්වන්නේ වර්ෂ 1561 සිට 1626 දක්වා ජීවත් වු ‘ෆ‍්‍රැන්සිස් බේකන්’ නම් ශ්‍රේෂ්ඨ දාර්ශනිකයා. ඔහුගෙන් විද්‍යාත්මක පර්යේෂණ ක‍්‍රමයේ අඩිතාලම වැටුණා කියන්න පුළුවන්. ඔහුට කලින් බටහිර චින්තනය වෙනස් මගක් ගන්න මග පෑදු ‘ප්ලේටෝ’ හා ‘ඇරිස්ටෝටල්’ යන ශ්‍රේෂ්ඨ දාර්ශනිකයන් දෙදෙනා හිටියා. ‘ඇරිස්ටෝටල්’ කි‍්‍ර.පූ.384 – කි‍්‍ර.පූ.322 ‘නිගාමි තර්කණ ක‍්‍රමයට’ මග පෑදුවා. දුෂ්කර පාසල්වල ඉංග‍්‍රිසිවලට අදාළ ගැටලූව ම උදාහරණයකින් දක්වනවා නම් එය මෙන්න මෙහෙමයි.

“ලංකාවේ දුෂ්කර පාසල්වල ළමයින්ගේ ඉංග‍්‍රිසි දැනුම අඩුයි “.

“කරිත්තකන්ද කියන්නේ ලංකාවේ ඈත ප‍්‍රදේශයක දුෂ්කර පාසලක් “.

එසේ නම්, නිගමනයකට එන්න පුළුවන් “කරිත්තකන්ද රජයේ කනිටු විදුහලේ ළමයින්්ටත්් ඉංග‍්‍රිසි දැනුම අඩු විය යුතු යි” කියලා.

‘නිගාමි තර්කණ ක‍්‍රමයට’ පදනම් වෙන්නේ ‘සංවාක්‍ය’ ක‍්‍රමයක්. එහි මුලින් ම ප‍්‍රධාන අදහස අඩංගු වාක්‍යයක් තියෙනවා. ඒ අනුව අවසානයේ නිගමනයකට එනවා. එහෙත් ඔබට හොඳින් පැහැදිලි වෙනවා ඇති, අවසන් නිගමනය පදනම් වෙන්නේ මුලින් ඇති ප‍්‍රධාන අදහස මත. ප‍්‍රධාන අදහස බොහෝ විට පිළිගත් මතයක්. හැබැයි නැවත නැවත පර්යේෂණ මගින් එම මතයේ සත්‍යතාව ඔප්පු කර නොතිබෙන්නත් පුළුවන්. උදාහරණයක් වශයෙන් පිළිගත හැකි මතයක් නො තිබුන හොත් අපට ‘නිගාමි තර්කණයේ’ යෙදෙන්න බැහැ. ‘නිගාමි තර්කණය’ සාමාන්‍යයයේ සිට විශේෂ අවස්ථාව දක්වා ගමන් කරන්නක්. මෙම තර්කණ ක‍්‍රමය අලූත් දැනුම එතරම් එකතු වීමට මග පාදන්නේ නැති බව පේනවා. මක් නිසා ද යත්, එමගින් පවතින දැනුම මත, නිගමනවලට පැමිණෙන නිසා.

16 වන සියවස වන විට මෙම තත්ත්වය, වෙනස් වන්නට පටන් ගන්නේ ‘සර් ෆ‍්‍රැන්සිස් බේකන්’ නිසා ය. ඔහු 1605 දී  ර්‍ණ්ාඩ්බජැපැබඑ දෙ ඛැ්රබසබට” නමින් ග‍්‍රන්ථයක් නිකුත් කළා. ඊට අවුරුදු 16කට පස්සේ ඔහුගේ චින්තන ක‍්‍රමය භදඩමප ධරට්බමප තුළිින් ප‍්‍රචලිත වුණා. ඔහුගේ අදහස් අනුව විද්‍යාව නව මගකට යොමු වුණා. “සාමාන්‍ය අවස්ථාවේ සිට විශේෂයට” යන ‘නිගාමි තර්කණය’ වෙනුවට, “විශේෂ අවස්ථාවේ සිට සාමාන්‍යකරණවලට” එළඹෙන ‘උද්ගාමි තර්කණ ක‍්‍රමය’ බිහි වුණා.

එහෙත් විද්‍යාත්මක ක‍්‍ර‍්‍රමය කියන්නේ මේ දෙක ම නෙමෙයි. මේ දෙකේ ම සංකලනයක්. මුලින් ම විශේෂ අවස්ථා නිරීක්ෂණ මගින් අපි සාමාන්‍යකරණවලට එනවා (උද්ගාමි තර්කණය). පසු ව අපි නිගාමී ව ක‍්‍රියාත්මක විය යුතු යි. එනම් උද්ගාමි තර්කණයෙන් මතු වු කල්පිත (එනම් තාවකාලික නිගමන) සත්‍ය දැ යි පරික්ෂා කිරීමට විශේෂ අවස්ථා යොදා ගත යුතු යි. මෙය පැහැදිලි කර ගැනීමට අපි කලින් ඉංගි‍්‍රසි පිළිබඳ ව වූ පර්යේෂණ ගැටලූව ම ගනිමු. එම ගුරුමහත්මයා ශ‍්‍රී ලංකාවේ දුෂ්කර පාසල් 3ක සේවය කරලා තමයි, වර්තමාන දුෂ්කර පාසලේ සේවය කරන්නේ. මෙහි දි ඔහුගේ අත්දැකීම වුණේ කලින් දුෂ්කර පාසල්වල ළමයින්ට වගේ ම අලූත් පාසලේ ළමයින්ටත් ඉංග‍්‍රිසි බැරි බව යි. ඔහුගේ පූර්ව නිරීක්ෂණ මත පදනම් ව ඔහු නිගමනය කළා, ”ලංකාවේ ග‍්‍රාමීය පාසල්වල ළමයින්ගේ ඉංග‍්‍රිසි සාධන මට්ටම ඉතා පහළ මට්ටමේ විය යුතු යි” යනුවෙන්. මේ තමයි ‘උද්ගාමි තර්කණය’. එනම් විශේෂ අවස්ථා මත පදනම් වෙලා තාවකාලික නිගමනයකට පැමිණීම. එහෙත් මෙය පර්යේෂණාත්මක ව තහවුරු කළ යුතු යි. ඒ කියන්නේ ලබා ගත් තාවකාලික නිගමනය සත්‍යය බවට පර්යේෂණාත්මක ව ඔප්පු කිරීම යි.

මේ සඳහා විශේෂ අවස්ථා වන දුෂ්කර පාසල් ගැන තවදුරටත් පළල් ව සමීක්ෂණය කළ යුතු යි. එනම් විශේෂ අවස්ථා සමාන්‍යකරණය කළ යුතු ය. එනම් ශ‍්‍රී ලංකාවේ සියලූ ම දිස්ත‍්‍රික්ක නියෝජනය වන සහ ආවරණය වන පරිදි අහඹු ව තෝරා ගත් දුෂ්කර පාසල් නියැදියක සිසුන්ගේ ඉංග‍්‍රිසි දැනුම පරීක්ෂා කිරීමෙන් පසු පමණක් ඔහුගේ නිගමනය සත්‍ය හෝ අසත්‍ය බව කිව හැකි යි. එතෙක් එම කල්පිතය පර්යේෂණාත්මක ක‍්‍රමය යන අධිකරණයෙන් තීන්දුව ලැබෙන තුරු සිටින චූදිතයකු වැනි ය.

මෙතෙක් අප උපුටා දැක්වු විමංසාවෙන් පෙනෙන පරිදි ‘පර්යේෂණයේ’ දී, දැනුම ලබා ගැනීමේ අනිත් ක‍්‍රමවලට වඩා, පිළිගත හැකි, තහවුරු වූ නව දැනුමක් ලැබේ.

ඊට හේතුව දැනුම ලබා ගැනීමේ අනික් ක‍්‍රමවලට වඩා පර්යේෂණ දැනුම ක‍්‍රමවත් ක‍්‍රියාපිළිවෙළක් අනුගමනය කර ලබා ගන්නා නිසා ය. එහෙත් පර්යේෂණ දැනුම පවා සදාකාලික සත්‍යය නොවිය හැකි ය. දැනුම කාලය අනුව වෙනස් විය හැකි ය. එසේ ම දැනුම විවිධ පරිසර අනුව ද වෙනස් වේ. ”ගම්බද දුෂ්කර පාසල්වල ළමයින්ගේ ඉංග‍්‍රිසි දැනුම  දුර්වල ය”, යන දැනුම අධ්‍යාපනයේ දියුණුව අනුව තව අවුරුදු පනහකින් වෙනස් වී ”ඔවුන්ගේ දැනුම උසස් ය” යනුවෙන් නව දැනුමක් මතු වන්නට පුළුවන. එසේ ම ගම්බද දුෂ්කර පාසල් ළමයින්ට අදාළ ”දුර්වල ඉංගි‍්‍රසි දැනුම” යන සත්‍යය, නගරබද දුෂ්කර නො වන පාසල් ළමයින් සම්බන්ධයෙන් අසත්‍යය දැනුමකි. සාපේක්ෂ ව දැනුමේ ස්වභාවය කාලය හා පරිසරය අනුව වෙනස් වන නිසා, පර්යේෂණයෙන් කරනුයේ ‘සත්‍යය’ අනවරණය කිරීම නො වන බව අප සිහියේ තබා ගත යුතු ය. පර්යේෂණයෙන් කරනුයේ ‘දැනුම’ අනාවරණය කිරීම පමණි.

පර්යේෂණයේ විශේෂත්වය වන්නේ අධ්‍යයනයකින් පසු දැනුම හැකි තරම් නිරවද්‍ය ව අනාවරණය කිරීම හා විස්තර කිරීම යි. නැත හොත් මිනිසාත් මිනිසා ජීවත් වන ලෝකයත් පිළිබඳ යථා තත්ත්වය නිරූපණය/නියෝජනය කරන දත්ත ක‍්‍රමවත් ව රැුස් කර, එම දත්ත මිනුම් ක‍්‍රම මගින් විග‍්‍රහ කර, දැනුම සොයා යාම පර්යේෂණයේ දී සිදු වේ. පර්යේෂණයේ  ක‍්‍රමවත් ස්වභාවය ඊට අයත් පියවරවලින් නිරූපණය වේ. පර්යේෂණයේ පියවර කීපයකි.

ගැටලූව හඳුනා ගැනීම

ගැටලූව නිර්වචනය කිරීම සහ සුවිශේෂී කර ගැනීම

පිළිතුරු සොයා ගැනීමට අවශ්‍ය ප‍්‍රශ්න සුවිශේෂී ව හඳුනා ගැනීම නැත හොත් කල්පිත නිශ්චය කර ගැනීම

ප‍්‍රශ්නයට හෝ කල්පිතයට අදාළ ව දත්ත රැස් කිරීම

රැස් කළ දත්ත විශ්ලේෂණය කිරීම

ප‍්‍රතිඵල හඳුනා ගැනීම හා අර්ථ නිරූපණය කිරීම

ප‍්‍රශ්නය හෝ කල්පිත ගැන නිගමනවලට එළැඹීම

 

මෙයින් සස වන පියවරේ දී සිදු වන්නේ ස වන පියවරේ දී හඳුනා ගත් ගැටලූව ගැන දැනට පවතින දැනුම සොයා යාම යි. මෙය ‘පර්යේෂණ සාහිත්‍ය විමර්ශනය’ යනුවෙන් ද හැඳින්වේ. ඒ දැනුම අනුව සසස වන පියවරේ දී පර්යේෂණ ප‍්‍රශ්න ගොඩ නැගීමේ දී හෝ කල්පිත ගොඩ නැගීමේ දී පර්යේ්ෂකයකු කරන්නේ ‘නිගාමි තර්කණය’ භාවිත කිරීම යි. අනතුරු ව සඩ වන පියවරේ දී ප‍්‍රශ්නයට හෝ කල්පිතට අදාළ ව දත්ත රැුස් කිරීමෙන් කරනුයේ ‘උද්ගාමී තර්කණය’ අනුව කි‍්‍රයා කිරීම යි. එම උද්ගාමී චර්යාව ඇසුරෙන් ලබා ගත් දත්ත ඩල ඩස වන පියවරවල දී විශ්ලේෂණය කර, අර්ථ නිරූපණය කර ඩසස වන පියවරේ දී ප‍්‍රශ්න හෝ කල්පිත ගැන නිගමනයකට ඒමේ දී සිදු වන්නේ සසස වන පියවරේ දී නිගාමි තර්කනයෙන් ගොඩ නගා ගත් ප‍්‍රශ්න හෝ කල්පිත ගැන, උද්ගාමී තර්කනයෙන් උත්තර සෙවීම යි.

පර්යේෂණයේ දී නිගාමි හා උද්ගාමී තර්කණ මිශ‍්‍ර වන බව ඔබට මේ අනුව පැහැදිලි වනු ඇති.

පර්යේෂණ පියවර පිළිබඳ ව විමසිල්ලෙන් බලන විට පර්යේෂණ යනු වලංගු හා විශ්වාස කටයුතු දැනුම සංවර්ධනය කිරීමේ ක‍්‍රමවත් ප‍්‍රවේශයක් ලෙස සරල ලෙස කිව හැකි ය (වලංගු හා විශ්වාස බව යන වචන දෙකේ අර්ථ අපි පසු ව ඉගෙන ගනිමු). මෙය දැනුම ලබා ගැනීමේ අනික් ක‍්‍රමවලට නැති විශේෂත්වයකි.

විද්‍යාත්මක ක‍්‍රමය : විද්‍යාත්මක විමසුම : යන වචන ගැන ඔබ අසා ඇති. විද්‍යාත්මක ක‍්‍රමය යනුවෙන් අදහස් කරන්නේ ‘දැනුම උත්පාදනය කරන මාර්ගය’ යි. ඒ සඳහා ද පියවර කිහිපයක් පසු කළ යුතු ය. එම පියවර විග‍්‍රහ කිරීමේ දී පැහැදිලි වන්නේ විද්‍යාත්මක ක‍්‍රමය යනු පර්යේෂණ කි‍්‍රයාවලිය ම බව ය. පර්යේෂණ ක‍්‍රියාවලියේ ඉදිරියට යන්නකු අනුගමනය කරන්නේ විද්‍යාත්මක ක‍්‍රමය යි.

අවසන් වශයෙන් ‘විද්‍යාව’ යනු කුමක් දැ යි හඳුනා ගනිමු. විද්‍යාව යනු තහවුරු වූ දැනුම් සමූහයකි. තහවුරු වූ දැනුම් සමූහය උපදින්නේ විද්‍යාත්මක ක‍්‍රමය අනුගමනය කිරීමෙන් හෙවත් පර්යේෂණයේ නියැළීීමෙනි. භෞතික හෝ රසායනික හෝ ජීව ලෝකයට අදාළ දැනුම මෙන් ම සංගීතය, නැටුම් ආදී කලාවන්ට හා දේශපාලන, ආර්ථික ආදී සමාජ විද්‍යාවන්ට අදාළ ව ද දැනුම් සමුහ තිබේ. ඒ අනුව විද්‍යාව යනු හුදෙක් භෞතික විද්‍යා ආදී ස්වාභාවික විද්‍යා විෂය ක්ෂේත‍්‍රවලට පමණක් සීමා නොවෙන්නක් බව ඔබට වැටහෙනු ඇත. සංගීතය ද විද්‍යාවකි. දේශපාලනය ද විද්‍යාවකි.

උදාහරණයක් ගනිමු. ඔබ තබ්ලාව දැක ඇති. එය සකස් කළේ ‘පඛාවාජ්’ නම් භාණ්ඩය දෙකඩ කර කොටස් දෙකක් කර ගැනීමෙන් බවට මතයක් ඇත. එම මතය අනුව ‘පඛාවාජ්’ නම් එතෙක් ගැඹුරු ධ්වනියක් ලබා දුන් භාණ්ඩය ගැන පමණක් දැනුම ඇති ව සිටි සංගීතඥයන්ට 13 වන ශත වර්ෂයේ විසූ ‘අමීර් කුෂ්රු’ කළ මේ ‘නව සොයා ගැනීම’ නිසා ‘තබ්ලාව’ නම් මිහිරි හඬක් නැගෙන භාණ්ඩය ගැන නව දැනුමක් ලැබුණි. දෙ අත්ලෙන් වැයෙන ‘පඛාවාජ්’ නම් තනි භාණ්ඩය වෙනුවට ඇඟිලිවලින් වැයෙන කොටස් දෙකකින් යුත් තබ්ලාව ලැබිණි. මේ නිසා “මිනිස් ඇඟිලිවලින් වඩාත් සංවේදී නාද මතු කර ගැනීමේ කලාව” හෙවත් ‘විද්‍යාව’ මිනිසාට හිමි විය.

පඛාවාජ් සහ තබ්ලා යන භාණ්ඩ දෙකෙහි නව සොයා ගැනීම සරල හා පහසු එකක් බව ඔබට සිතෙන්නට පුළුවන. එහෙත් මේ සරල වුවත් නිර්මාණාත්මක වූ වෙනස කළ හැකි බව දැන ගැනීම සඳහා අවුරුදු සිය ගණනක් ගත විය. මෙය විද්‍යාත්මක සොයා ගැනීම්වල ස්වභාවයකි. දිගු කලකට වරක් කෙරෙන සරල එහෙත් නව සොයා ගැනීමකින් ලොකු වෙනසක් සිදු වේ.

ගොඩ්වින් කොඩිතුවක්කු

‘ගවේෂණ සඟරාව’  2005 මැයි-අගෝස්තු /05 වන කලාපය

You may also like...