Research journal – පර්යේෂණ ජර්නල් – 3

උපුටා දැක්වීමේ ශෛලි

  • හැදින්වීම

පර්යේෂණ ජර්නල් පිළිබඳ ව පළ කෙරෙන ලිපි මාලාවේ තුන්වැන්න මෙයයි. පෙර කලාප දෙකෙහි දී අපි පර්යේෂණ ජර්නල් පිළිබඳ හැඳින්වීමක් කර මෙරට සහ ජාත්‍යන්තරයේ පළ වන පර්යේෂණ ජර්නල් ද ජර්නල් වර්ගීකරණය කෙරෙන අයුරු ද පර්යේෂණ කරන්නකුට ජර්නල් භාවිත කළ හැක්කේ කෙසේ ද සහ පර්යේෂණ පත‍්‍රිකාවක් සකසා ගන්නා අන්දම ද සාකච්ඡා කළෙමු. මෙවර කලාපයෙන් අපි පර්යේෂණ පත‍්‍රිකා සැකසීමේ දී භාවිත කරනු ලබන උපුටා ගැනීමේ ශෛලි සහ ඒවා භාවිත කිරීමේ වැදගත්කම සලකා බලමු.

උසස් අධ්‍යාපන කටයුතුවල නිරත වන ශිෂ්‍යයන්ට, ගුරුවරුන්ට සහ පර්යේෂකයන්ට විවිධ අවස්ථාවල දී පර්යේෂණ යෝජනා, පත‍්‍රිකා, නිබන්ධ, අධ්‍යයන වාර්තා, පරිගණක දත්ත ප‍්‍රදර්ශන සහ පෝස්ටර් සකස් කිරීමට සිදු වෙයි. එහි දී තමන් ඉදිරිපත් කරන පර්යේෂණ යෝජනාවේ කාලීන අවශ්‍යතාව සනාථ කිරීමට, පර්යේෂණ පත‍්‍රිකාවේ නිරවද්‍යතාව ඔප්පු කිරීමට, අන්තර්ගත කරුණු වඩා හොදින් පැහැදිලි කිරීමට, මීට සමාන පර්යේෂණ පිළිබඳ ව පාඨකයා දැනුම්වත් කිරීමට සහ තොරතුරු ලබා ගත් මූලාශ‍්‍ර නිවැරදි ව සඳහන් කිරීමට උපුටා දැක්වීම් කළ යුතු ය. උපුටා දැක්වීමේ ශෛලි නිවැරදි ව භාවිත කිරීමෙන් පහත අරමුණු සාක්ෂාත් කර ගත හැකි ය.

X පර්යේෂණය සඳහා ඍජු ව සහ වක‍්‍රාකාර ව භාවිත කළ තොරතුරුවලට නිසි ගරුත්වය ලබා දිය හැකි වීම

X වෙනත් පර්යේෂණයක තොරතුරු වංචනික ලෙස භාවිත කර නොමැති බවට සනාථ වීම

X පර්යේෂණය කිරීමට ඔබ හොදින් සුදානම් වී ඇති බව පසක් වීම

X පර්යේෂණය ඉතා සාර්ථක ව ක‍්‍රියාත්මක කර ඇති බව තහවුරු වීම

  • උපුටා දැක්වීම, විමර්ශිත ග‍්‍රන්ථ නාමාවලිය සහ ආශ්‍රේය ග‍්‍රන්ථ නාමාවලිය

ජර්නල ලිපි ලිවීමේ දී උපුටා දැක්වීම [Citation] ” විමර්ශිත ග‍්‍රන්ථ නාමාවලිය [Reference List]” සහ ආශ්‍රේය ග‍්‍රන්ථ නාමාවලිය [Bibliography] අතර ඇති වෙනස්කම් දැන සිටීම ඉතා වැදගත් වෙයි. මෙම කොටස් පර්යේෂණ පත‍්‍රිකාවක අන්තර්ගත විය යුතු ආකාරය සැලකිල්ලට ගෙන වෙන් වෙන් ව විමසා බලමු.

උපුටා දැක්වීම්

පර්යේෂණ ලේඛනයක, පර්යේෂක විසින් ලියා අන්තර්ගත කරනු ලබන වාක්‍ය සමග එක් ව සටහන් කෙරෙන, වෙනත් පර්යේෂකයන්ගේ පර්යේෂණවල උපුටා දැක්වීම් [in-text citations] මෙලෙස හැඳින්වෙයි. උපුටා දැක්වීම් ප‍්‍රධාන ක‍්‍රම දෙකකට කළ හැකි ය. පළමු ක‍්‍රමයේ දී පර්යේෂක විසින් උපුටා ගන්නා ග‍්‍රන්ථයේ හෝ පර්යේෂණ පත‍්‍රිකාවේ, රචකයා හෝ රචකයින්ගේ නම් අදාළ ග‍්‍රන්ථය හෝ පර්යේෂණ පත‍්‍රිකාව ප‍්‍රකාශයට පත් කළ වර්ෂය සමග සඳහන් කරයි. දෙ වන ක‍්‍රමයේ දී උපුටා දැක්වීම් ඉදිරිපත් කිරීමට අංක භාවිත කරනු ලැබේ. උදාහරණ පහත දැක්වේ.

පළමු ක‍්‍රමය

සිසුන් අතර වඩාත් ම ජනපි‍්‍රය විෂය කී‍්‍රඩා (Games). ශාරීරික අධ්‍යාපනය දෙ වන තැන ද භූගෝලය තුන් වන තැන ද අත්වැඩ සදහා හතර වන තැන ද යන ලෙසින් ක‍්‍රමයෙන් ජනපි‍්‍රයතාව අඩු වීමේ අනුක‍්‍රමයක් ඇත (Ormerod, 1975). ජනපි‍්‍රය විෂය පිළිිබඳ පර්යේෂණයෙන් කීස් හා ඔමරෝඞ් (Keys & Ormerod, 1976) ජනපි‍්‍රය විෂයය ලෙස හදුනා ගෙන තිබෙන්නේ කී‍්‍රඩා විෂයයයි. ගැහැනු පිරිමි දෙපාර්ශවය ම, ශාරීරික කී‍්‍රඩාවලට දෙ වන තැන ලබා දි ඇත. පිරිමි සිසුන් භෞතික විද්‍යාවට තුන් වන තැන දී ඇත. ගැහැනු ළමයින් අතර එම විෂයය අඩු ම ජනපි‍්‍රය විෂයයයි.

 

දෙ වන ක‍්‍රමය

සිසුන් අතර වඩාත් ම ජනපි‍්‍රය විෂය කී‍්‍රඩා (Games) ශාරීරික අධ්‍යාපනය දෙ වන තැන ද භූගෝලය තුන් වන තැන ද අත්වැඩ සදහා හතර වන තැන ද යන ලෙසින් ක‍්‍රමයෙන් ජනපි‍්‍රයතාව අඩු වීමේ අනුක‍්‍රමයක් ඇත1. ජනපි‍්‍රය විෂය පිළිිබඳ තවත් පර්යේෂණයකින් ජනපි‍්‍රය විෂයය ලෙස හදුනා ගෙන තිබෙන්නේ කී‍්‍රඩා විෂයයය2. ඒ අනුව ගැහැනු පිරිමි දෙපාර්ශවය ම, ශාරීරික කී‍්‍රඩාවලට දෙ වන තැන ලබා දී ඇත. පිරිමි සිසුන් භෞතික විද්‍යාවට තුන් වන තැන දී ඇත. ගැහැනු ළමයින් අතර එම විෂයය අඩු ම ජනපි‍්‍රය විෂයයයි.

 

විමර්ශිත ග‍්‍රන්ථ නාමාවලිය

පර්යේෂණ පත‍්‍රිකාව අවසානයේ, පර්යේෂණ පති‍්‍රකාවට අදාළ ව උපුටා ගත් ග‍්‍රන්ථ සහ ජර්නල පමණක් නිවැරදි අනුපිළිවෙළකට දැක්වීම මෙහි දී සිදු කෙරෙයි. පර්යේෂණ පත‍්‍රිකාව ආරම්භයේ පටන් ඔබ පති‍්‍රකාවට ඇතුළත් කළ සියලූ උපුටා දැක්වීම්, අංක පිළිවෙළට හෝ අකාරාදී පිළිවෙළට ඇතුළත් කළ යුතු ය. කතෘවරයාගේ නම, ග‍්‍රන්ථයේ/ජර්නලයේ නම, වෙළුම් අංකය, පර්යේෂණ පත‍්‍රිකාවේ මාතෘකාව/පරිච්ෙඡ්දය, පිටු අංක නිවැරදි ව දැක්විය යුතු ය.

ඉහත උදාහරණ දෙකට අදාළ ව, උපුටා ගත් ලිපි ගැන, විමර්ශිත ග‍්‍රන්ථ නාමාවලියේ [Reference List] සඳහන් වන්නේ මෙසේ ය.

 

පළමු ක‍්‍රමය

  • Keys, W., & Ormerod, M. B. (1976). A Comparison of the Pattern of Science Subject Choices for Boys and Girls in the Light of Pupils’ Own Expressed Subject Preferences. School Science Review, 58(203), 348-350
  • Ormerod, M.B. (1975) Subject preference and choice in co educational and single sex secondary schools,  British Journal of  Educational  Psychology, 45, 257-267, 1975.

දෙ වන ක‍්‍රමය

  1. Ormerod, M.B. (1975) Subject preference and choice in co educational and single sex secondary schools,  British Journal of  Educational  Psychology, 45, 257-267, 1975.
  2. Keys W, Ormerod MB. A Comparison of the Pattern of Science Subject Choices for Boys and Girls in the Light of Pupils’ Own Expressed Subject Preferences. School Science Review. 1976;58(203):348-50.

ආශ්‍රේය ග‍්‍රන්ථ නාමාවලිය

පර්යේෂකයා විසින් අදාළ පර්යේෂණ ක්ෂේත‍්‍රය පිළිබඳ දැනුම්වත් වීමට, ක‍්‍රමවේදය පිළිබඳ තොරතුරු දැන ගැනීමට සහ පර්යේෂණ පත‍්‍රිකාවේ අන්තර්ගත කරුණු පැහැදිලි කිරීමට ඍජු ව භාවිත නො කළ නමුත් ඇසුරු කර ගත් ග‍්‍රන්ථ සහ ජර්නල සියල්ල, ආශ්‍රේය ග‍්‍රන්ථ නාමාවලිය යටතේ පර්යේෂණ පත‍්‍රිකාව අවසානයේ සඳහන් කරනු ලැබේ.

  • රචනා චෞරත්වය

පර්යේෂණ පත‍්‍රිකාවක් ප‍්‍රකාශයට පත් කළ පසු ඇති විය හැකි ප‍්‍රධාන ගැටලූවක් වනුයේ “වෙනත් කෙනකුගේ අදහස් සොරකම් කර පර්යේෂණය කර ඇති බවට සැක කිරීම (Plagiarism) ය.” මෙය රචනා චෞරත්වය ලෙස හැඳින්වේ. මෙම සැකයෙන් මිදීමට නම් පර්යේෂකයා නිවැරදි ව අනෙක් පර්යේෂකයන්ගෙන් ගන්නා කරුණු උපුටා දැක්වීම් ලෙස සඳහන් කිරීමට හා තමා, තම පර්යේෂණයේ දී අලූතින් සොයා ගන්නා දත්ත නිවැරදි ක‍්‍රමවේදයකට අනුව සඳහන් කිරීමට සුපරික්ෂාකාරී විය යුතු ය.

වෙනත් පර්යේෂකයකුගේ හෝ ඔබ විසින් කලින් ප‍්‍රකාශ කරන ලද පර්යේෂණ තොරතුරු, ඔබේ නවතම පර්යේෂණයේ දී භාවිත කරන්නේ නම් පහත ආකාරවලින් ඒ බව සඳහන් කළ යුතු ය.

X උපුටා දැක්වීම රැු ගෙන හැර දැක්වීම (Quote)

 

උදා – “බුද්ධිමය දේපළ සම්ප‍්‍රදායානුකූල ව කාර්මික දේපළ හා ප‍්‍රකාශන හිමිකම වශයෙන් කොටස් දෙකකට බෙදේ. තාක්ෂණික නව නිපැයුම්, වෙළෙඳ ලකුණ හා කාර්මික සැලසුම් ආදිය කාර්මික දේපළ ගණයට ඇතුළත් වේ. ශාස්ත‍්‍රීය හා කලාත්මක කෘතීන් ප‍්‍රකාශන හිමිකමට අයත් ය

උපුටා ගැනීම – (ශ‍්‍රී ලංකාවේ ජාතික බුද්ධිමය දේපළ කාර්යාංශය, 2008).

 

X පිටපත් කර දැක්වීම (Copy)

උදා – “බුද්ධිමය දේපළ සම්ප‍්‍රදායානුකූල ව කාර්මික දේපළ හා ප‍්‍රකාශන හිමිකම වශයෙන් කොටස් දෙකකට බෙදේ. තාක්ෂණික නව නිපැයුම්, වෙළෙඳ ලකුණ හා කාර්මික සැලසුම් ආදිය කාර්මික දේපළ ගණයට ඇතුළත් වේ. ශාස්ත‍්‍රීය හා කලාත්මක කෘතීන් ප‍්‍රකාශන හිමිකමට අයත් ය (ශ‍්‍රී ලංකාවේ ජාතික බුද්ධිමය දේපළ කාර්යාංශය, 2008).

X අනුවාදය රැු භාවාර්ථය  (Paraphrase)

උදා – ශ‍්‍රී ලංකාවේ ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය පවසන පරිදි බුද්ධිමය දේපළ දෙයාකාර ය. ඒ කාර්මික හා ප‍්‍රකාශන වශයෙනි. මේ දෙවර්ගයට ඇතුළත් වන දෑ වෙනස් ය. කාර්මික දේපළවලට තාක්ෂණික නව නිපැයුම් සහ වෙළෙඳ ලකුණ ඇතුළත් වන අතර ප‍්‍රකාශන දේපළවලට කෘති ඇතුළත් වේ.

X සාරාංශ ගත කිරීම (Summarize)

උදා – බුද්ධිමය දේපළ කාර්මික හා ප‍්‍රකාශන ලෙස දෙයාකාර ය. මේ දෙයාකාරයට අයත් විවිධ දේපළ තිබේ. ශ‍්‍රී ලංකාවේ ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය (2008).

එසේ සඳහන් නොවුන හොත් රචනා චෞරත්වයට ඔබ ගොඳුරු වනු ඇත. එහෙත් ඔබ විසින් සකස් කරන පර්යේෂණ ලිපියට සාමාන්‍ය දැනුම/පොදු විෂය කරුණු (Public domain information) ඇතුළත් කරන්නේ නම් ඒ සඳහා උපුටා දැක්වීම් සඳහන් කළ යුතු නැත.

මීළඟ ගවේෂණ කලාපයෙන් අපි උපුටා දැක්වීමේ ශෛලීන්වල ඉතිරි කොටස ගෙන එන්නෙමු.

ලසිත් දිසානායක

පර්යේෂණ හා සංවර්ධන ආයතනය

 

 

You may also like...