සූර්ය බලශක්ති පරිභෝජනයේ ගෝලීය ප්‍රවණතා සහ අභියෝග

 

මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක

පර්යේෂණ මහාචාර්ය

ජාතික මූලික අධ්‍යයන ආයතනය

මහනුවර

 

හැඳින්වීම

සූර්ය බලශක්තිය යනු පිරිසිදු, පරිසර හිතකාමී, අවම මිලකට ලබා ගත හැකි පුනර්ජනනීය බලශක්තියකි. සූර්ය රශ්මිය, කෘත්‍රීම ව නිපැයූ පැනල මත පතිත වූ විට, සූර්ය බලය විද්‍යුත් බලයක් බව පරිවර්තනය වේ. මේ පැනල ිදක්ර චයදඑදඩදකඒසජ දර ිදක්ර ඡඪ පද්ධති ලෙස ද හඳුන්වන අතර, බිමට සවි කළ හැකි සූර්ය බලශක්ති නිෂ්පාදන උද්‍යාන ීදක්ර ච්රන- හැටියටත්, නිවෙස්වල වහල මත ඍදදෙ එදච- සවි කළ හැකි පැනල ලෙසත් දෙආකාර වේ. හිරු රශ්මිය මගින් විදුලිය, ලෝකයේ ඕනෑ ම ස්ථානයකින්, ඕනෑ ම ප්‍රමාණයකට නිෂ්පාදනය කළ හැකි ය. මෙලෙසින් ලබා ගත් විදුලිය භාවිත කිරීමෙන්, ගල් අඟු‍රු වැනි පොසිල ඉන්ධන දහනයෙහි දී හෝ ඛනිජ තෙල් පරිභෝජනයේ දී ඇති වන හරිතාගාර කාබන්ඩයොක්සයිඩ් ඣ2- වායු විමෝචනය වැනි අහිතකර බලපෑම් අවම කර ගැනීමට හැකි වනු ඇත.

පොසිල ඉන්ධන භාවිතයෙන් ඇති වී ඇති වෙනස් කළ නො හැකි අහිතකර බලපෑම් හේතුවෙන්, විවිධ බලශක්ති ප්‍රමාණවලින් යුත් සූර්ය බලාගාර ලොව පුරා දැඩි සීඝ්‍රතාවකින් ස්ථාපිත වෙයි. මෙම දශකය තුළ අදාළ පද්ධතිවල මිල අඩු වි ඇති බැවින්, නිෂ්පාදන පිරිවැය ද අඩු වි ඇත. මෙනිසා බැංකු හා ආයෝජකයින් සුර්ය බලශක්ති නිෂ්පාදනය කෙරෙහි දැඩි ප්‍රියතාවක් දැක්වීම පුදුමයට කරුණක් නො වේ. බැටරි හෝ විදුලි කෝෂ, මෙම තාක්ෂණයට එක් කර හැකි වූව හොත් එය සැමගේ අවශ්‍යතා පහසුවෙන් සපුරා ගැනීමට රුකුල් වන අසීමිත, පරිසර හිතකාමී පිළියමක් වන බව නො අනුමාන ය.

ගෝලීය ප්‍රවණතා

ලොව පුරා බොහෝ රටවල් සූර්ය බලය වෙත පෙලැඹී ඇත්තේ එය විශ්වාසවත්, කාර්යක්ෂම හා පරිසර හිතකාමී විකල්පයක් වන බැවිනි. බොහෝ රටවල් පොසිල ඉන්ධන භාවිතයෙන් සිදු වී ඇති බලපෑම් අවම කර ගැනීමට සූර්ය බලශක්තිය හා පුනර්ජනනීය බලය ප්‍රමුඛ කොට ගත් වැඩසටහන් ආරම්භ කොට ඇත. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් 2000 වසරේ සිට ගෝලීය සූර්ය බලශක්ති පරිභෝජනයේ සීඝ්‍ර වර්ධනයක් දැක ගත හැකි ය. 2020 දී ගෝලීය සූර්ය බලශක්ති ධාරිතාව ගිගාවොට් 775කි. 2021 අවසන් වන විට, සූර්ය බලය ලෝක විදුලිබලයෙන් 5%ක් සපයන ලදී. එය කුඩා ප්‍රතිශතයක් වුවත් ක්‍රමයෙන් වර්ධනය වන ප්‍රතිශතයකි.  ලෝක බැංකු වාර්තාවකට අනුව, ලෝකයේ සෑම රටකට ම වාගේ තම රටට අවශ්‍ය විදුලි බලය පමණක් නො ව, අතිරේක ව ද විදුලි බලය තම රට තුළ දී ම නිපදවීමට අවශ්‍ය හිරු රශ්මිය, භූගෝලීය හා කාලගුර්‍ණක සාධක සියල්ලක් ම ඇත.

ජාත්‍යන්තර බලශක්ති ආයතනය ෂෑA- අනුව, අතීතයට සාපේක්ෂ ව, මෙම දශකය තුළ සුර්ය හා සුළං බලශක්තිය යන පුනර්ජනනීය බලශක්තිවලට යොමු වීමට ලොව පුරා රටවල් දැඩි කැමැත්තක් පළ කර ඇත. කොවිඩ් වසංගතයෙන් පසු සුර්ය බලය නිෂ්පාදනය කිරීමට අත්‍යවශ්‍ය මුලද්‍රව්‍යවල මිල ඉහළ ගිය ද, ලොව පුර්නජනනිය බලශක්ති නිෂ්පාදනය 60%කින් පමණ ඉහළ යෑමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ සුර්ය බලශක්තිය ය. ඒ ජල හා සුළං බලශක්තිය මගින් නිෂ්පාදනය කෙරෙන විදුලි බලයට ඉදිරියෙන් සූර්ය බලය ප්‍රමුඛත්වය ගන්නා බැවිනි.

රට රටවල සූර්යබලය පරිභෝජනය බොහෝ සේ වෙනස් වුව ද, ගෝලීය සූර්ය බලශක්ති වෙළෙඳ පොළෙහි 75%ක ප්‍රතිශතයක් වඩාත් ම සංවර්ධනය වූ රටවල් 10 විසින් පරිභොජනය කරයි. 2021 දී, චීනය ලෝකයේ විශාලතම සූර්ය බලශක්ති නිෂ්පාදකයා වන අතර එහි ධාරිතාව මෙගාවොට් 307,000ක් වේ. එය රටේ මුළු බලශක්ති පරිභෝජනයෙන් 5%කි. එක්සත් ජනපදය මෙගාවොට් 95,000ක් ද ජපානය මෙගාවොට් 74,000ක් ද ජර්මනිය මෙගාවොට් 58,500ක් ද ඉන්දියාව මෙගාවොට් 50,000ක් ද ලෙස එම ලැයිස්තුවේ ඊට පසුපසින් ඇත.

බොහෝ රටවලට තවමත් සූර්යබලය ආශ්‍රයෙන් විදුලිබලය නිපදවීමට විශාල හැකියාවක් ඇති අතර, විද්වත් මතයට අනුව 2050 වර්ෂය වන විට සූර්යබලය ලෝකයේ විදුලි බලශක්ති නිෂ්පාදන ක්‍රම අතරින් ප්‍රධානතම ප්‍රභේදය වේ.

මෙම දශකය තුළ ලෝකයේ සෑම මහාද්වීපයක ම සූර්ය බලශක්ති තාක්ෂණයේ වර්ධනය ඉහත රූපයේ දැක්වෙන පරිදි ඉතා වේගවත් ව ඉහළ යන ස්වභාවයක් පෙන්නුම් කරයි. නුදුරු අනාගතයේ දී සෑම රටක් ම සූර්ය බලශක්තිය සහ සුළං බලය වැනි වෙනත් පුනර්ජනනීය බලශක්ති භාවිත කරමින් ඔවුන්ගේ බලශක්ති අවශ්‍යතාවන්ගෙන් වැඩි කොටසක් සපුරා ගනු ඇත. සූර්යබලය භාවිත කිරීම රටක ආර්ථීකයේ බොහෝ අංශ වැඩිදියුණු වීමට ඛෙහෙවින් උපකාරි වේ. මෙයට කදිම උදාහරණයක් වන්නේ ඉලෙක්ට්‍රොනික කර්මාන්තයේ දක්නට බලාපොරොත්තු වන දියුණුවයි. මෙමගින් බොහෝ ඝෘජු හා වක්‍ර රැකියා අවස්ථා රාශියක් නිර්මාණය වේ. ඕනෑ ම තාක්ෂර්‍ණක ප්‍රභේදයක් වාගේ ම සූර්යබල ශක්තිය ද නිපදවීමට අවශ්‍ය ිදක්ර ඡඪ තාක්ෂණයේත්, නිෂ්පාදනයට හා මිල දී ගැනීමට වැය වන පිරිවැය ඛෙහෙවින් අඩු වි ඇති හෙයින්, අනාගතයේ බොහෝ පාරිභෝගිකයන්ට සූර්යබල ශක්තිය අවම මිලකට ලබා ගැනීමට හැකි වනු ඇත. බහුතරයක් සූර්යබලය භාවිතයට නැඹුරු වුව හොත්, මෙම තාක්ෂණය භාවිතයේ දැඩි ඉහළ යාමක් අපේක්ෂා කළ හැකි ය (ඉහත රූපය බලන්න). ඉදිරි වසරවල දී සූර්ය, සුළං හා වෙනත් පුනර්ජනනීය බලශක්ති ඒකාබද්ධ කොට එමගින් විද්‍යුත් වාහනවලට, යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට හා වෙනත් කාර්යයන්වල දී පාරිසරික හානිය අවම කිරීමට නව ශක්ති ප්‍රභේද භාවිත වනවා නොඅනුමාන ය.

සූර්ය බලශක්ති නිෂ්පාදන උද්‍යාන හා නිවෙස්වල වහල මත සවි කරන පැනල පමණක් නො ව පාවෙන සූර්ය පැනලවල ද සීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබේ. විල්, වාරි ජලාශ හෝ අපජල රඳවන ප්‍රදේශ මත පා වෙන මහා පරිමාණයේ සූර්ය බලශක්ති නිෂ්පාදන කිරීමට මෙමගින් හැකි වනු ඇත.

සූර්ය බලශක්ති තාක්ෂණයේ පිරිවැය අඩු වීම හේතුවෙන්, 2015 සිට 2020 දක්වා ඇති කාල පරාසය තුළ, වාර්ෂික ව 15%කින් පමණ මෙම වෙළෙඳපොළ වර්ධනය වී තිබේ. මෙයට ප්‍රධානතම හේතු සාධකය වන්නේ බොහෝ ව්‍යාපාරිකයන් හා නිවෙස් හිමියන් තම විදුලිබල අවශ්‍යතා සපුරා ගැනීම සඳහා සූර්ය බලශක්තිය යොදා ගැනීමට පෙලඹීමයි. සුර්ය බලශක්ති නිෂ්පාදන තාක්ෂණය ප්‍රචලිත වීමත් සමග මෙම තාක්ෂණය හැදෑරු වෘත්තිකයන් සඳහා ඇති ඉල්ලූ‍ම ද වැඩි වී ඇත. සූර්ය බලශක්ති භාවිතය පුළුල් වන විට, නව කර්මාන්ත ස්ථාපනය කිරීමට, නඩත්තු කිරීමට සහ අලූ‍ත්වැඩියා කිරීමට දක්ෂ තාක්ෂණික ශිල්පීන් සඳහා දැඩි ඉල්ලූ‍මක් ද මේ සමගින් ම ඇති වී තිබේ.

 

ඉන්දියාවේ සූර්ය බලශක්ති භාවිතය

ඉන්දියාවේ පුනර්ජනනීය බලශක්ති වැඩසටහන යටතේ, සූර්ය බල උත්පාදනය හා ඒ ආශ්‍රිත වෙනත් අංශ වේගයෙන් දියුණු වෙමින් පවතී.

මහා පරිමාණ බලශක්ති පද්ධතිවලට අමතර ව ඉන්දියාවේ දුෂ්කර පළාත්වලට විදුලි බලය සැපයීමට දෙෙ-ටරසා සූර්යබලශක්ති නිෂ්පාදන ක්‍රමවේද ද වැඩි දියුණු කරමින් සිටී. ඒ යටතේ සූර්ය ගෘහ ආලෝක පද්ධති, වීදි ලාම්පු, ඉහුම් පිහුම් උපකරණ හා වතුර පොම්පවල භාවිතාව ද වැඩි වී ඇත.

2021 නොවැම්බරයේ ගෝලීය දේශගුර්‍ණක විපර්යාස පිළිබඳ ග්ලාස්ගෝ ප්‍රකාශනය ඉදිරිපත් කිරීමේ දී ඉන්දියාව මහඟු‍ කාර්යභාරයක් ඉටු කළේ ය. එහි දී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සූර්ය බලය භාවිත කිරීමට රටවල්  දිරිමත් කිරීම සඳහා “එක් සූර්යයෙක්, එක් ලෝකයක්, එක් ජාලකයක්”‍ යන සංකල්පය ප්‍රකාශයට පත් කළේ ය.

 

වියට්නාමයේ සූර්ය බලශක්ති භාවිතය

වියට්නාමය, පුනර්ජනනීය බලශක්තියේ ප්‍රධාන ප්‍රභේද හතර ම, එනම් ජල විදුලිය, සුළං බලය, සූර්ය බලය සහ ජෛව ස්කන්ධය ඉතා කාර්යක්ෂම ව භාවිත කරයි. එරට ජලය භාවිතයෙන් විදුලිය නිෂ්පාදනය කිරීමට අවශ්‍ය බොහෝ අංශ හොඳින් වර්ධනය වී ඇත. 2018 වර්ෂයේ අග භාගය වන විට, ජල විදුලිය පුනර්ජනනීය බලශක්තිය, සමස්ත ජාතික විදුලිබලශක්ති ධාරිතාවෙන් 40%කට පමණ දායකත්වයක් ලබා දී ඇත. මෙය ශ්‍රී ලංකාවේ තත්ත්වයට තරමක් සමානාත්මතාවක් දක්වයි.

මෑත දී සූර්ය බලශක්ති භාවිතයට යොමු වූ ලොව ප්‍රමුඛ රටවල් අතර වියට්නාමය ද වැදගත් තැනක් හිමි කොට ගෙන ඇති වීම, අවධාරණය කළ යුතු කරුණකි. 2020 දී වියට්නාමය අග්නිදිග ආසියාවේ ඉහළ ම සූර්යබල ධාරිතාවට ධාරිතාවට හිමිකම් කියන අතර ගිගාවොට් 6.3කටත් වඩා ඉහළ සම්පූර්ණ ධාරිතාවකින් යුත් සූර්ය බලාගාර 100ක් රට තුළ ක්‍රියාත්මක වී තිබිර්‍ණ. 2020 දී රටේ විදුලි උත්පාදනයෙන් 10%ක් සඳහා සුළං සහ සූර්ය ඒකාබද්ධ දායකත්වයක් සපයා ඇත.

2021 වර්ෂය අවසාන වන විට, පෙර වසරට සාපේක්ෂ ව, රට පුරා සූර්ය බලශක්තියේ සම්පූර්ණ ධාරිතාව ගිගාවොට් 20ක් (එයින් ගිගාවොට් 9.3 වහල මත පැනල සවි කර නිපදවූ සූර්ය බලශක්තිය වේ) පමණ විය. මෙමගින් සම්පූර්ණ ජාතික ධාරිතාවෙන් 25%ක වැඩි වීමක් දක්නට ලැබිර්‍ණ. රට පුරා නිවාස, කාර්යාල සහ කර්මාන්තශාලාවල වහල මත සවි කර හැකි සූර්ය පද්ධති 101,000ක් ඇත. වියට්නාමය මීට පෙර විදුලිය නිෂ්පාදනය සඳහා ගල් අඟු‍රු මත දැඩි ලෙස යැපුණු රටක් වීම අවධාරණය කළ යුතු කරුණකි.

2021 වන විට, ආසියානු රටවල් අතරින්, රට තුළ පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය සඳහා විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට හැකි රටවල් අතර වියට්නාමය ප්‍රමුඛස්ථානයක් ගන්නා රටකි. පුද්ගලික ආයෝජකයින්ට බදු ලිහිල් කිරීම් වැනි  ආධාරක ප්‍රතිපත්ති රජය විසින් හඳුන්වා දීමෙන් වියට්නාමයේ සූර්යබල නිෂ්පාදනයේ සීග්‍ර ඉහළ යෑමට බලපාන ප්‍රධාන හේතුවක් ලෙස දැක්විය හැකි ය. බලශක්ති ස්වයංපෝෂිතභාවය ඉහළ නැංවීමට රජයට ඇති වුවමනාව සහ පාරිසරික ගුණාත්මකභාවය කෙරෙහි මහජනතාවගේ ඉල්ලීම මෙයින් පැහැදිලි ව ඉස්මතු වේ. කෙසේ වෙතත්, රට තුළ පුනර්ජනනීය බලශක්ති ධාරිතාව තවදුරටත් වර්ධනය කිරීම සඳහා ඇති ප්‍රධාන බාධකයක් වන්නේ සීමිත සම්ප්‍රෙෂණ ජාල එර්බිපසිිසදබ ටරසා- ධාරිතාවයි.

ශ්‍රී ලංකාවේ සූර්ය බලශක්ති නිෂ්පාදනය

වර්තමානයේ ශ්‍රී ලංකාවේ විදුලිය නිපදවනු ලබන්නේ ප්‍රධාන ක්‍රමවේද තුනක් භාවිත කරමිනි. ඒවා නම්,

  • තාප බලය (ගල් අඟු‍රු සහ පෙට්‍රෝලියම් දහනය ඇතුළත්),
  • ජල විදුලිය හා
  • සූර්ය, සුළං සහ ජෛව ස්කන්ධය මගින් නිපැයෙන පුනර්ජනනීය බලශක්තියි.

පොසිල ඉන්ධන (ඛනිජ තෙල් සහ ගල් අඟු‍රු) ශ්‍රී ලංකාවේ බලශක්ති නිෂ්පාදනයට 55%ක් පමණ භාවිත වන අතර ඉතිරි 45% ජල, සූර්ය, සුළං ඇතුළු පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් ජනනය වේ. ශ්‍රී ලංකාව එහි බලශක්ති අවශ්‍යතා සඳහා ආනයනික පෙට්‍රෝලියම් සහ ගල් අඟු‍රු මත දැඩි ලෙස යැපෙන බැවින්, මෑත දී රට මුහුණ දුන් දරුණුතම ආර්ථීක අර්බුදයට ද මෙය ඍජු ව ම බලපෑ හේතුවකි. දේශීය වශයෙන් නිෂ්පාදනය කරන ලද සූර්ය, සුළං සහ ජෛව ස්කන්ධය වැනි පුනර්ජනනීය බලශක්ති ප්‍රභේද වැඩි දියුණු කිරීම හා ඒවායේ භාවිතය තව තවත් ප්‍රචලිත කිරීමෙන් රට වර්තමානයේ මුහුණ දෙන ආර්ථීක පීඩනය අඩු කිරීමට උපකාරි වනු ඇත. 2016 අප්‍රේල් මාසයේ දී රටවල් 170ක් සමඟින් ශ්‍රී ලංකාව දේශගුර්‍ණක විපර්යාස පිළිබඳ පැරිස් ගිවිසුමට අත්සන් තැබූ අතර, ඒ අනුව 2050 වන විට බලශක්තියෙන් 100%ක් පුනර්ජනනීය ප්‍රභේදවලින් උත්පාදනය කිරීමට ගිවිසුම්ගත ව ඇත.

වර්තමානයේ ශ්‍රී ලංකාව වාර්ෂික ව බොරතෙල් මෙට්්‍රක් ටොන් මිලියන 2ක්, ඛනිජ තෙල් මෙට්්‍රක්් ටොන් 4ක් සහ ගල් අඟු‍රු මෙට්්‍රක් ටොන් 2.25ක් ආනයනය කරයි. මෙහි මුළු ආනයන පිරිවැය ඩොලර් බිලියන 5ක් පමණ වන අතර එමගින් රටේ බලශක්ති අවශ්‍යතාවෙන් 45%ක් පමණ ආවරණය කරයි. එහි ප්‍රතිඵලයක් ලෙස, තෙල් සහ ගල් අඟු‍රු දහනය කිරීමෙන් ශ්‍රී ලංකාව කාබන්ඩයොක්සයිඩ් සහ අනෙකුත් අහිතකර වායු ද කුඩා අංශු ද පරිසරයට මුදා හරිමින් වායු දූෂණය තීව්‍ර කර ගෝලීය උණුසුම ඉහළ යාමට දායක වේ. දැනට පවතින මෙගාවොට් 4000 සැපයුම 2025 වන විට මෙගාවොට් 7000 දක්වා වැඩි කිරීමට රජය තීරණය කර ඇති අතර එයින් සැලකිය යුතු කොටසක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභේද මගින් නිපදවීමට අපේක්ෂා කෙරේ. වර්තමාන ශ්‍රී ලංකාවේ වාර්ෂික විදුලි ඉල්ලූ‍ම ගිගාවොට් 15,000ක් පමණ වන අතර ඉදිරි වසර 20 තුළ වාර්ෂික විදුලිබල ඉල්ලූ‍ම වසරකට 5%කින් පමණ ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

බි්‍රතාන්‍ය ප්‍රකාශ විද්‍යුත් සංගමයට අනුව, ශ්‍රී ලංකාව සමකයට ආසන්න ව පිහිටීම හේතුවෙන්, රටෙන් තුනෙන් දෙකක් පුරා දිනකට වර්ග මීටරයකට කිලෝවොට් 4ත් 4.5ත් අතර සූර්ය රශ්මියක් පවතියි. 2016 දී රජය විසින් ශ්‍රී ලංකා පුනර්ජනනීය බලශක්ති අධිකාරියල ලංකා විදුලිබල මණ්ඩලය සහ ලංකා විදුලිබල සමාගම (පුද්ගලික) ඒකාබද්ධ ව ‘සූරිය බල සංග්‍රාමය’ නමින් ප්‍රජා මූලික බලශක්ති උත්පාදන ව්‍යාපෘතියක් දියත් කර ඇත. නිවාස, ආගමික ස්ථාන, හෝටල්, වාර්‍ණජ ආයතන සහ කර්මාන්තවල වහල මත කුඩා සූර්ය බලාගාර පිහිටුවීම මෙහි අරමුණයි. මෙම මැදිහත් වීම හරහා 2025 වන විට මෙගාවොට් 1000ක් සහ 2030 වන විට මෙගාවොට් 1500ක් ජාතික විදුලිබල ජාලයට එක් කිරීමට අපේක්ෂා කෙරේ. මෙම වැඩසටහන යටතේ පාරිභෝගිකයින්ට තම පරිශ්‍රයේ ම විදුලිය නිපදවීමට සහ භාවිත කිරීමට හැකි වනු ඇත.

සූර්ය බලශක්තිය දිගු කාලීන, ඉහළ වර්ධනයක් පෙන්නුම් කරන, පරිසර හිතකාමී පුනර්ජනනීය බලශක්ති ප්‍රභේදයක් වන බැවින් ඒ අනුව ඉදිරි වසර 20කට සරිලන මහා පරිමාණ සහ කුඩා පරිමාණ සංවර්ධන වැඩපිළිවෙළ සැලසුම් කර ඇත. මේවායේ සංවර්ධනය සඳහා රට තුළ හඳුනා ගෙන ඇති සූර්ය බලශක්ති නිපදවීමේ ප්‍රධාන මාර්ග තුන, එනම්, බිම සවි කර ඇති සූර්ය උද්‍යාන (මෙගාවොට් 100 දක්වා),  වහල මත සවි කර හැකි සූර්ය පැනල  සහ පාවෙන සූර්යබල පද්ධති යන තෙවිදියෙන් ම සූර්ය බලශක්තිය නිපදවීමට අපේක්ෂා කෙරේ.

2020 දී කිලෝවොට් 42ක ධාරිතාවකින් යුත් පාවෙන සූර්ය බලාගාරයක් ප්‍රථම වතාවට නියමු ව්‍යාපෘතියක් ලෙස යාපනය විශ්වවිද්‍යාලයේ ස්ථාපිත කෙරිර්‍ණ.

 

පරිවර්තනය – ඉරුෂි එදිරිවීර

40-9

You may also like...