36_8 රජරට ප්‍රදේශයේ ගමක ජනතාව තම සෞඛ්‍ය ප්‍රවර්ධනය කෙරෙහි අවදි වී ඇති අයුරු…

අපි අද ඉතා සංකීර්ණ සමාජ වටපිටාවක ජීවත් වන්නෙමු. එබැවින් අපගේ සෞඛ්‍ය ගැන සොයා බැලීමට අපිට කාලය අවම වනු ඇත. ඒ කෙසේ වෙතත් අපි නිවැරදි සෞඛ්‍ය දැනුමින් සහ ක්‍රියාකාරිත්වයෙන් යුතු වුව හොත් අනාගතයේ දී සෞඛ්‍ය ගැටලූ අවම ගුණාත්මක ජීවිතයක් පිළිබඳ බලාපොරොත්තු දල්වා ගත හැකි වනු ඇත.

රජරට ප්‍රදේශයේ ගමක ජනතාව එක් වී තම සෞඛ්‍ය සංවර්ධනය කෙරෙහි සාමුහික ප්‍රයත්නයක යෙදෙන අයුරු අපගේ අවධානයට ලක් විය. මෙවර ගවේෂණ කලාපයේ තේමාවට ද එය ප්‍රායෝගික ක්‍රියාකාරිත්වය විදහාලන අපූරු නිදසුනකි.

කුඩාහල්මිල්ලෑව ගම්මානය පිහිටා ඇත්තේ මැදවච්චිය නගරයේ සිට යාපනය දක්වා දිවෙන ඒ 9 පාරේ කිලෝමීටර් 10ක් පමණ ගිය තැන ය. කුඩාහල්මිල්ලෑව ගම්මානයේ වෙසෙන මිනිසුන්ගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය වනුයේ කෘෂිකර්මාන්තයයි.

ගංගා අයිරාංගනී මහත්මිය සහ සැමියා ද ගොවිතැනින් තම ජීවන දිවිය ගත කරන පවුලකි. තම පවුලේ සේ ම ගම්මානයේ අනෙකුත් පවුල්වල දරුවන්ට පවතින විවිධ සෞඛ්‍ය ගැටලූ ගැන අවධි වීමේ අදහස ඇයට ලැඛෙන්නේ 2010 වසරේ එකල මේ ගමේ සිටි පවුල් සෞඛ්‍ය උපදේශකවරියගෙනි. බර අඩු කුඩා දරුවන්ගේ බර වැඩි කර ගන්නා අයුරු සේ ම පවුල්වල සතුට වැඩි කර ගන්නා අයුරු ද මත්පැනට සිගරට්ටුවට ලොල් වූ පියවරු නිසි මගට ගැනීමට ද එතුමිය ගම්මුන්ට උපදෙස් ලබා දුන්නා ය.

රජරට විශ්වවිද්‍යාලයේ, සෞඛ්‍ය ප්‍රවර්ධන අංශයේ ගුරුහරුකම් යටතේ ඇය අලූත්හල්මිල්ලෑව ගමට ද ඔවුන්ගේ සුවිශේෂ සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අඩිතාලම ලබා දුන්නා ය. ගංගා අයිරාංගනී මහත්මිය ඒ යටතේ ආරම්භක සාමාජිකාවක් දෙදෙනාගෙන් එක් අයෙකි. ඒ සම්බන්ධයෙන් ඇය පවසන්නේ මෙවැන්නකි.

—අපේ ගමේ මිඩ්වයිෆ් නෝනා තමයි අපිට මේ ගැන මුලින් ම අදහස දුන්නේ. මුලින් ම අපිට කරන්න පුළුවන් දේ තමයි බැලූවේ. අපේ පැත්තෙ තිබුණ දුර්වල ම ගම විධියටයි අපේ ගම පැවතුණේ. අවු. 1ත් 5ත් අතර ළමයින්ගේ බර ගත්තා ම අඩු ම පවුල් සෞඛ්‍ය නිලධාරි බලප්‍රදේශය. දරුවෝ 40ක් විතර ගත්තම 15ක් 20ක් විතර බර අඩු දරුවො හිටියේ.

ඒ වගේ ම බුද්ධි වර්ධනයෙන් ගොඩක් අඩු ළමයි හිටියා. මම පවා පාරේ යන කොට මට ඇඟිල්ල දික් කරලා කියනවා, අන්න අරයා “මෝඩ ගමෙන්” බැඳලා ඉන්නේ කියලා. ඉතින් හරි දුකයි. තැන් තැන්වලට ගියා ම සමච්චලයට භාජනය වෙනවා. ඉතින් 2010 දි මේ වැඩසටහනත් එක්ක අපිට හිතුණා අපි අපේ ගම කොහොම හරි වෙනස් කරන්න ඕන කියලා. අපි එක පාරට ම ලොකු රැස්වීම් තියන්න ගියේ නැහැ. දෙන්නෙක් තුන් දෙනෙක් එකතු වෙලා තමයි මේ ගැන මුලින් හේතු හෙව්වේ.

අපි මුලින් ම ගමේ සිතියමක් ඇඳ ගත්තා. අරක්කු බොන්නේ කවු ද? බර අඩු ළමයි කවු ද? රන්ඩු දබර ඇති පවුල් මොනව ද? කියලා මේකෙන් අපිට හඳුනා ගන්න පුළුවන්. 2010 මේ වැඩසටහන පටන් ගන්න කොට තුන්හැවිරිදි වියේ සිටි ළමයි අද වෙනකොට 8 ශ්‍රේණියේ ඉගෙනුම ලබන්නේ්. ඔවුන් දක්ෂතා අතරින් ඉහළින් ම ඉන්නවා. මම පුදුම සතුටක් ලබනවා. දැන් අනිත් ගම්වල අය අපිත් එක්ක තරහයි. වේදිකාවල දකින්නෙ ම අපේ ගමේ දරුවො. භාෂා තරගවල එහෙම දකින්නෙ ම ඒ දරුවො. වෙන ගම්වල අය අපිට දැන් කියන්නේ අපිට ඔයාලගේ ගමත් එක්ක හරි තරහයි කියලා. ඇයි කියනකොට මොනවට හරි ගියා ම වැඩිපුර ම ඇහෙන්නේ ඔයාලගේ ගමේ නම කියලා කියනවා.

අපි ගෙවල්වලට ගිහින් රණ්ඩු දබර කරන අය ඉන්නවා නම් අම්මා එක්ක වෙනම සහ තාත්තා එක්ක වෙන ම කතා කරනවා. අපි ඒවා පොත්වල සටහන් කරනවා. අපි අපේ ගමේ මිනිසුන් සංවිධානය කරලා තමන්ගේ සෞඛ්‍ය ගොඩ නගා ගැනීමට කටයුතු කරනවා වගේ ම මැදවච්චිය කොට්ඨාශයේ ම ගම්වල මේ විධියට සංවිධාන හදලා සෞඛ්‍ය ප්‍රවර්ධනයට අදාළ කටයුතු කරනවා. රජරට විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය ප්‍රවර්ධන ඒකකයේ නිලධාරින් අපිට මුල සිට ම අද දක්වා ම මේ සඳහා උපදෙස් දෙනවා. ඔවුන්ගේ සේවය අපි බොහෝ සෙයින් අගය කරනවා.

තම සෞඛ්‍ය ප්‍රවර්ධනයෙහිලා ඔවුන් යොදා ගන්නේ ඉතා සරල එහෙත් වඩාත් නිර්මාණාත්මක වැඩසටහනකි. තම පවුලේ උදවියගේ කෑම වේලට එක්වන ලූණු ප්‍රමාණය ගැන ඔවුන් සැලකිලිමත් ය. මාසෙන් මාසෙට යන දිය ලූණු පැකට් ප්‍රමාණය ඔවුන් වාර්තා තබා ගනියි. වෛද්‍ය නිර්දේශ පිළිබඳ සොයා බලයි. අපේ රටේ අධික ලූණු භාවිතය නිසා සෞඛ්‍ය තත්ත්වයට ඇති වී ඇති සෞඛ්‍ය තර්ජනය පිළිබඳ ඔවුන් සැලකිලිමත් ය. තමන් ලූණු භාවිතයට හුරු වී ඇති ආකාරය වෙනස් කර ගැනීම ක්‍රමානුකූලව කරයි. ඒ අනුව මාසයෙන් මාසයට ලූණු පැකැට් ප්‍රමාණය අඩු කරයි. නිවසේ භාවිත වන පොල් තෙල් භාවිතය ද සීනි භාවිතය ද එසේ ම ය. මත්පැනට ඇබ්බැහි වූවන් හරි මගට ගැනීමට ද ඔවුන්ගේ ඇත්තේ අපූරු උපාය මාර්ග ය.

අමුත්තෝ නිවසට පැමිණෙන විට රැගෙන එන කෑම ජාති පිළිබඳ ව ඔවුන් සටහන් තබන්නේ අපූරු ක්‍රමයකට ය. ආච්චි හෝ වේවා අසල්වාසියකු හෝ වේවා ඒ කවුද යන්න නම සහ දිනය කැලැන්ඩරයේ සටහන් කර තම නිවසට ගෙන ආ ආහාර වර්ගය “සැප” කෑමක් ද “මෝඩ” කෑමක් ද යන්න ඔවුන් විසින් ම සාදා ගත් කැලැන්ඩරයක සටහන් කරනු ලැබේ. පේර, කොමඩු, දිවුල් වැනි ශරීරයට හිතකර ආහාර සැප කෑම” ලෙස ද අයිස්ක්‍රිම්, ටොෆී, ටිපි ටිප් වැනි කෘති්‍රම ආහාර “මෝඩ කෑම” ලෙස ද මෙම ගම්මුන් විසින් හඳුන්වා දෙති.

නිවසේ ඇති එදිනෙදා වැඩකටයුතු, පවුලේ අය ඛෙදාහදා ගෙන කිරීමට ඔවුන් විසින් “සහයෝගිතා කැලැන්ඩරය” නමින් කැලැන්ඩරයක් සකසා ගෙන ඇත. මිදුල අතුගෑම, රෙදි නැවීම, මල්වලට වතුර දැමීම වැනි ක්‍රියාකාරකම් රාශියක් කාඩ්බොඩ් එකක වටේ රවුමට ලියා මැද ඇති රවුම කරකැවීමෙන් වැටෙන අදාළ කටයුත්ත එම කෙනා විසින් නිම කර දිය යුතු ය.

සඳමාලි ලියනගේ මහත්මිය වයස 34ක දෙදරු මවකි. ඇය මැදවච්චිය කටුවෙල ගමේ පදිංචි ව සිටින්නී ය. මීට වසර දෙකකට පමණ ඉහත මේ වැඩසටහන සමග එක් ව ඇති ඇය තම ජීවිතය වෙනස් වූ අයුරු පිළිබඳ ව පවසන්නේ මෙවැන්නකි.

—මගේ තිබුණු කම්මැලිකමයි, තරබාරු කමයි, ලෙඩ රෝගයි නිසා මට මාව ම එපා වෙච්ච තත්ත්වයක් තමයි කලින් තිබුණෙ. මගේ සැමියත් මත්පැන් දුම්වැටිවලට ඇබ්බැහි වෙලයි හිටියේ. හැමදාම වගේ අපි දෙන්නා අතර රණ්ඩු දබර සිද්ධ වුණා.

උදේට දරුවෝ පාසල් ගියා ම රූපවාහිනිය බැලීමට හා නිදා ගැනීමට තමයි මම වැඩිපුර කාලය වැය කළේ.

දවසක් අහම්ඛෙන් වගේ “මවු හවුල” ගැන මට දැන ගන්නට ලැබුණා. මවු හවුලට එකතු වෙලා තමන්ගෙ පවුල සාර්ථක කර ගත්තු අම්මලා දැක්ක ම මටත් ආස හිතුණා. මමත් එයාලට එකතු වෙලා වැඩ කරන්නට පටන් ගත්තා.

ඉස්සෙල්ලා ම අපි අපේ අවට පරිසරය හා ගේ ඇතුළ ශුද්ධ කරා. ඊට පස්සේ මම වියදම් පාලනය කරන්න සැලසුමක් හැදුවා. සියලූ ම දත්ත සටහන් කර ගත්තා.

අපි කිරිපිටි පාවිච්චිය අත් හැරියා. ඒ වෙනුවෙන් මසකට වියදම් කළ රු. 2,070ක මුදල මගේ දුවගේ අමතර පන්තියට ගෙව්වා.

මුල දි මසකට ලූණු පැකට් හතරක් අපි පාවිච්චි කළා. මීට පෙර මම ආහාර පිසීමේ දී ලූණු කුඩු දැම්මේ අහුරු පිටින්. ලූණු දැමීමට මේස හැන්ද වෙනුවට යෝගට් හැන්දක් පාවිච්චියට ගත්තා. අවුරුද්දක් ගත වන විට අපි මාසයට ගත්තේ එක් ලූණු පැකට් එකක් පමණයි.

අපිට පාන්වලට ම මාසයකට රුපියල් 6000ක් පමණ වැය වුණා. ඒ මුදල් සියල්ල ම දැන් ඉතිරියි. තෙල්, සීනි පාවිච්චිය ද අඩු කළා. මාසයකට සීනි කිලෝ හතක් පාවිච්චි කළ මම දැන් ගෙදරට ගේන්නේ සීනි කිලෝ දෙකක් පමණයි.

ඒ වගේ ම අපි කෙඩන් ගේන රසායනික ද්‍රව්‍ය අඩංගු ආහාර සීමා කළා. ඒ වෙනුවට ගෙවත්තේ වගා කරන්න පටන් ගත්තා.

 

ඊට පස්සේ මම මගේ වයස අවුරුදු හතරේ පොඩි දුවගේ බුද්ධි වර්ධනයට, ඉන්ද්‍රියන් වර්ධනයට උත්තේජ දෙන්න පටන් ගත්තා. ඒ වෙනුවෙන් “බුද්ධි වර්ධන පොත” ලිව්වා.

දරුවන්ගේ වැරදි අඩුපාඩු හදා ගන්න “හපනා කැලැන්ඩරය”පාවිච්චි කළා. ඒ මගින් මගේ දරුවන්ට හොඳ පුරුදු කියා දුන්නා. දරුවන් වෙනුවෙන් ළමා කාමරය නිර්මාණය කළා. එහි වේදිකාවක් නිර්මාණය කර දුන්නා. දරුවන්ට සෙල්ලම් කිරීමට සෙල්ලම් ගෙයක් සහ සෙල්ලම් මිදුල සාදා දුන්නා.

පවුලේ සතුට වැඩි කර ගන්න zසතුටු කැලැන්ඩරයZ මගින් පුළුවන් බව අපේ මවු හවුල්වල අම්මලා කිව්වා. මමත් සතුටු කැලැන්ඩරයක් හැදුවා. සතුටු කැලැන්ඩරය මගින් අපේ සතුට වැඩි කර ගත්තා. දරුවන්ට බුද්ධි පොහොර දිනපතා ම ලබා දුන්නා. ඉතිරි කිරීමට දරුවන් හුරු කරවීම කළා.

මේ වැඩසටහනට පෙර මම ගෙදර වැඩ හැමදෙයක් ම තනියම තමයි කළේ. ගෙදර අයගේ උදවු ගන්න සහයෝගිතා කැලැන්ඩරය පාවිච්චියට ගත්තා. ඒකේ ගෙදර අයගේ නම් තියනවා, මට කරලා දෙන්න ඕන උදවු තියනවා. මේ රවුම කැරකුවාට පස්සේ ගෙදර අය තමන්ට කැරකෙන උදව්ව කරලා දෙනවා. මුලින් නම් අකමැති වුණා, දැන් නම් මේක හරි සතුටින් කරනවා. දැන් මම ගොඩක් සතුටින් දවසේ වැඩ කොටස කරනවා. සහයෝගිතා කැලැන්ඩරය නිසා දරුවන්ගේ ටීවි බැලීම, නතර වුණා. ඒ වෙලාව එයාලා ගෙදර වැඩ කරන්න යොමු කළා.

ගෙදරට එන අය අරගෙන එන තෑගි, ආහාර මනින්න අපි zමෝඩ මල්ලZ, zසැප මල්ලZ ළඟින් එල්ලූවා. ගෙදරට එන අය ගේන දේවල් දරුවො ඒකෙ ලියන්න ගත්තා. ඒ හේතුවෙන් අපේ ගෙදරට පිටින් එන අය ගේන කෘත්‍රිම ආහාර නතර වුණා.

ඒ වගේ ම තමයි මගේ මහත්තයාගේ මත්පැන් පාවිච්චිය නතර වුණෙත්. මම මවු හවුලට සම්බන්ධ වෙලා ගමේ ඉන්න අනෙකුත් අම්මලා එක්ක වැඩ කරන්න හැදුවාම ඒ අම්මලා මගෙන් අහනවා ඔයාගේ මහත්තයා හදා ගන්න බැරි ඔයා කොහොම ද අපේ පවුල් හදන්න උපදෙස් දෙන්නේ කියලා. එදා මම ගොඩක් ඇඩුවා. මම ගෙදර ඇවිත් මේ ගැන මගේ මහත්තයා එක්ක කතා කළා. එයා මට පොරොන්දු වුණා ජනවාරි මාසේ පළවැනි දා ඉඳලා මේ වැරදි පුරුද්ද අත් හරිනවා කියලා. ඒ කිව්වා වගේ ම ඒයාගෙ බොන පුරුද්ද නතර කළා. අපේ දරුවො ගේ පුරා ම පොස්ටර්, මත් ද්‍රව්‍යවලින් ලැඛෙන පාඩු ආදිය ලියලා පොස්ටර් ගේ ඇතුළේ ඇලෙව්වා.

එදා බර කිලෝ 80කට වඩා වැඩියෙන් සිටි මම අද වන විට කිලෝ 60කට බර අඩු කරගෙන තිඛෙනවා. මගේ දරුවො දැන් වෙනදට වඩා ඉගෙනීමට දක්ෂයි.

මගේ පවුල සාර්ථක ලෙස සතුටු පවුලක් කළ මම අද, හෙට දින අපේ zහීනගමZ ගොඩ නගා ගැනීම වෙනුවෙන් තවත් අම්මලා එකතු කරගෙන මවු හවුල් සෑදීම සඳහා කටයුතු කරනවා.

බාල, මහළු, වැඩිහිටි, ළමා කොයි කවුරු වෙනුවෙනුත් මම ජංගම ගොඳුරු පොතක් නිර්මාණය කළා. විමසිල්ලෙන් සැනසිල්ල නමින් එය ළමා සමාජය ඔස්සේ ගමට ගෙන යාම මගේ ඊළඟ අරමුණයි.

මවු හවුල මගින් දැනුම්වත් වී පවුල වෙනස් කර ගත්ත මම ගොඩක් කැමතියි ලංකාව පුරා ඉන්න අම්මලා තාත්තලාට අපේ වෙනස කියා දීලා එයාලත් එක්ක එකතු වෙලා වැඩ කරන්න.

මේ හැම කටයුත්තක දී ම අපිට ශක්තියක් වී උපදෙස් සහ දැනුම ලබා දෙන රජරට විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය ප්‍රවර්ධන දෙපාර්තමේන්තුවේ අංශාධිපති  ආචාර්ය දුමින්ද ගුරුගේ මහතා, මහාචාර්ය දියනාත් සමරසිංහ මහතා ඇතුළු සියලූ සෞඛ්‍ය ප්‍රවර්ධන නිලධාරි මහත්ම මහත්මීනුත් ප්ලෑන් ශ්‍රී ලංකා ආයතනයටත් බොහොම ස්තූතිවන්ත වෙනවා.

අපේ හීන ගමට යන්න ඔබත් එන්න. ඔබේ අදහස් අපිට දෙන්න. අපි එකතු වෙලා මේ ගමන යමු.˜ මේ ඇයගේ අව්‍යාජ ආයාචනයයි.

 

සටහන – අරුණ ප්‍රශාන්ත වලිසුන්දර

ඡායාරූප- චවික සමරසිංහ

 

You may also like...