පෙර පාසල් ගුරු භූමිකාවට යමක්

මව, පියා හා තම පවුලේ ප‍්‍රියයන්ගේ උණුසුමේ රැදමින් දෙවසරකට අධික කාලයක් තම පරිසරය හා මුහුවෙමින්, ඊට අනුවර්තනය වන දරුවා ඉන් අනතුරුව පැමිණෙන්නේ පෙර පාසල් ගුරුවරිය වෙතටයි. තරමක් ආගන්තුක වුව ද තම නිවසේ දී මෙන් ම මානසික හා ශාරීරික අවශ්‍යතා තෘප්ත කර ගැනීමට දරුවා අපේක්‍ෂා කරන බැවින්, ඒ සදහා පෙර පාසල් ගුරුවරියගේ දායකත්වය අතිශය ප‍්‍රශංසනීය විය යුතු ය. දරුවා ස්වකීය අනාගතයේ පළමු පියවර තබනුයේ ඇයගෙන් ලැබෙන්නා වූ සහයෝගය අනුව යි.
දරුවකුගේ සමස්ත ජීවිතයේ ම පදනම සැකසීමට සෘජුව ම මැදිහත් වන්නා වූ පෙර පාසල් ගුරුවරිය, තම භූමිකාව ඉතා සූක්‍ෂම ව, වගකීම් සහගත ව, මනා පුහුණුවක් හා පුළුල් දැනුමකින් යුක්ත ව කළ යුතු ය. එකී කාර්යභාරය නිවැරදි ව ඉටු කිරීම සදහා ඇය ඉතා අවධානයෙන් දරුවාගේ බාහිර ලක්‍ෂණ මෙන් ම ආකල්ප, හැසිරීම් ආදිය හො`දින් විමර්ශනය කළ යුතු අතර ඒ මගින් ඇයට, තම සෙවනේ රැුෙ`දන දරුවාට යහපත් අධ්‍යාපන වටපිටාවක් ගොඩනගා දිය හැකි වේ.
එක ම නිල ඇ`දුමකින් සැරසුණු පෙර පාසල් දරුවන් දුටුවන ම එක සමාන වුව ද මොවුන්ගේ ක‍්‍රියාකාරකම් පිළිබ`ද ව අවධානයෙන් සිටින විට ඔවුනොවුන් අතර පවතින්නා වූ විවිධත්වයන්, සමානකම් හා ආවේනික ගති ලක්‍ෂණ ආදිය ද මනාව හ`දුනා ගත හැකි වේ. මවගේ පෝෂණය, දරුවාගේ ආහාර, සෞඛ්‍යමය තත්ත්වයන්, අත්දැකීම්, ආරමය ගති ස්වභාවයන් හා දරුවාගේ පවුලේ පරිසරය ආදිය අනුව ස්වකීය පැවැත්ම ගොඩ නගා ගැනීමට දරන්නා වූ උත්සාහය මත මෙම විවිධත්වයන් ඇතිවේ. මෙය අතීතයේ සිට ම විද්වතුන්ගේ අවධානය දිනා ගත් කරුණක් බවට පත්වී ඇත. මිනිසා හා භෞතික වස්තූන් ඇසුරින් අධ්‍යාපනය ලබන දරුවාට ස්වකීය දැක්මක්, සිතීමක් හා යමක් අවබෝධ කර ගැනීම ස`දහා වන යම් ආවේණික ක‍්‍රමයක් පවතින බව 17 වන සියවසේ දී ප‍්‍රංශ ජාතික ජීන් ජැක් රූසෝ සිය ”එමලි” කෘතියෙන් ද පෙන්වා දී ඇත්තේ ඒ නිසා ම විය හැකි ය.
පෙර පාසලේ සිටින දරුවන්ගේ ඉන්ද්‍රිය ක‍්‍රියාකාරිත්වය, සහජ කුසලතාව, බුද්ධි මට්ටම, දක්‍ෂතා ආදිය එකිනෙකාට වෙනස් වේ. එලෙස විවිධාකාර වූ දරුවන්ගෙන් සමන්විත පෙර පාසලේ සියලූ ම දරුවන් එක ම පන්ති කාමරයක, එක ම ක‍්‍රියාකාරකමක්, ඉහළ සාධනීය මට්ටමක් අපේක්‍ෂාවෙන් කිරීමට වීම සැබැවින් ම පෙර පාසල් ගුරුවරියකට අභියෝගයකි. එහෙත්, ඇය දරුවා සමග කරන්නා වූ ක‍්‍රියාකාරකම් කෙතරම් සරල වුව ද සංකීර්ණ වුව ද මනා අවබෝධයක් සහිත ව කරන්නේ නම්, දරුවන්ගේ ඇතිවන්නා වූ ක‍්‍රමික වර්ධනයත්, පසුගාමිත්වයත් සියුම් ව, එහෙත් ඉතා හොදින් ග‍්‍රහණය කර ගැනීමට ඇයට හැකියාව ලැබේ. ඒ අනුව ත්‍යාග ප‍්‍රදානය හෝ දඬුවම් පැමිණවීම, පැසසීම හෝ විවේචනය කිරීම වැන්න හරහා දරුවාගේ ගමන් මග වෙනස් කිරීමට ද හැකියාව ලැබේ.
පෙර පාසලට පැමිණෙන ඇතැම් දරුවන් ඉතා මෘදු සිතුවිලි දරන අතර ඇතැමෙක් දැඩි සිතුවිලි දරයි. ඇතැමෙක් සිනහමුසු ව, ක‍්‍රියාශීලී ව, අවස්ථානෝචිත ව කටයුතු කිරීමට උනන්දු වන මිත‍්‍රශීලී හා ධනාත්මක ආකල්ප සහිත දරුවකු විය හැකි අතර තවකෙක් බොහෝ කුලෑටි, බිය ජනක, පසුගාමි, සෘණාත්මක ආකල්ප දරන්නකු විය හැකි ය. එනිසා ඒ පිළිබද ව ඉතා සූක්‍ෂම ව හා කල්පනාකාරී ව විමසා බලා ප‍්‍රවේශම් සහගත ව කටයුතු කළ යුතු ය. එසේ නොමැති අවස්ථාවල දී දරුවා, ඉච්ඡුාභංගත්වයට හා අධික මානසික බි`ද වැටීම්වලට ලක් වී ඔහුගේ සෘණාත්මක පෞරුෂයක් ගොඩනැගීමට ඉඩ ඇත. එවන් අවස්ථාවල අධික‍්‍රියාකාරී තත්ත්ව, චණ්ඩ බව, ගොත ගැසීම, අඩුවෙන් කතා කිරීම, ඇ`ගිලි ඉරීම, නියපොතු හැපීම මෙන් ම විවිධ මනෝකායික රෝග හරහා ඔවුන් සිය වේග මුදා හරිනු දක්නට හැකි වේ.
19 වන සියවස අගභාගයේ විසූ පෙස්ටලෝසිගේ දැක්ම වී ඇත්තේ, ”ළමයාගේ පූර්ණ සංවර්ධනය සදහා ළමයාට ආදරය පෙරදැරි ව, වයසට සරිලන ලෙස සැකසුණු අධ්‍යාපන ක‍්‍රමවේදයකින්, දරුවාට නොදැනෙන ලෙස ඔහු ව හෝ ඇය ව දැනුමින් පෝෂණය කළ යුතු ය” යන්නයි. ”ළමුන්ගේ ඇසින් ලෝකය දෙස බලා ළමා ලොවක් මවා සැලසුම් කරන ලද පරිසරයක වැඩ කිරීමට ළමයාට නිදහස ලබා දීමෙන් ඔහුට, ඔහුගේ වේගයෙන් ඉගෙනීමට අවස්ථාව සලසා දිය යුතු ය” යනුවෙන් ඉතාලි ජාතික වෛද්‍යවරියක වන මාරියා මොන්ටිසෝරි සිය අදහස් දක්වා ඇති අතර සැබැවින් ම දරුවකුගේ සංවර්ධනය උදෙසා එවන් ශිල්ප ක‍්‍රම අතිශය වැදගත් වන බව පැහැදිලි ය. ඒ සදහා පෙර පාසල් ගුරු භූමිකාව මගින් ලබා දිය හැකි දායකත්වය සුළු පටු නො වේ.

අචිනි හදරාගම (Dip. Psy. Counseling)
පර්යේෂණ හා සංවර්ධන ආයතනය

 

You may also like...