පුද්ගල මානසික සෞඛ්‍ය වැඩි දියුණු කර ගත හැකි ක්‍රම

පුද්ගල මානසික සෞඛ්‍ය මට්ටම් නැත හොත් මානසික යහපැවැත්ම තවදුරටත් යහපත් කිරීම හෝ වැඩි දියුණු කිරීම, මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය ලෙස  හදුන්වා දිය හැකි ය. මානසික යහපැවැත්ම පුළුල්පරාසයක විහිදෙන අතර මේ සදහා මානසික රෝගාබාධයකින් පෙළෙනවා ද නැත් ද යන්න වැදගත් නො වේ. පුද්ගලයකුෙග් මානසික සෞඛ්‍යය දුර්වල නම් එය යහපත් කර ගැනීමත්, යහපත් නම් වඩා යහපත් කර ගැනීමත් නැත හොත් වර්තමානයේ සිටින මානසික සෞඛ්‍ය තත්ත්වයට වඩා හොඳ මානසික සෞඛ්‍ය තත්ත්වයක් වෙත ගමන් කිරීම, මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනයේ මුලික අරමුණ වේ. මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනයේ දී පුද්ගලයා ව මානසික ගැටලූ හා මානසික සෞඛ්‍යය පිළිබඳ ව දැනුම්වත් කළ යුතු අතර, ඒ සදහා සුදුසු වටපිටාවක් සැකසීම මෙන් ම එම ගැටලූවට මුහුණ දෙන්නන්ට සිදුවන අපවාද හා වෙනස් කොට සැලකීම් ද පිටුදැකිය යුතු ය.

මානසික සෞඛ්‍ය යහපැවැත්ම වැඩි දියුණු කිරීම සදහා අපට කළ හැකි, පර්යේෂණාත්මක ව සොයාගත් කරුණු 5ක් පහතින් පෙළගස්වා ඇත.

  1. සම්බන්ධතාව
  2. ප්‍රදානය
  3. අවධානයට ගන්න
  4. තමන්ව පුදුම කිරීම
  5. ක්‍රියාශිලි වීම

 

සාකච්ඡා සටහන රජින්ද්‍රා සිරිවර්ධන

 

You may also like...