41_4 මානසික සෞඛ්‍ය හා මානසික රෝග කියන්නේ යම්කිසි පරිසරයක අන්ත දෙකක්

අපේ රටේ මානසික සෞඛ්‍යය ප්‍රතිකාර අසාර්ක වීමට බලපා ඇති කරුණු හතරක් මම දකිනවා

වෛද්‍යතුමනි, මානසික  සෞඛ්‍යය යනු කුමක් ද?

ලෝක සෞඛ්‍යය සංවිධානය මගින් නිර්වචනය කරලා තියෙන විධියට මානසික සෞඛ්‍යය කියල කියන්නේ පුද්ගලයෙකුගේ යහපත් පැවැත්මයි. ඒ යටතේ අංශ කිහිපයකින් මානසික සෞඛ්‍යය ගැන සඳහන් වෙනවා. පළමු එක තමයි, පුද්ගලයෙකුට තමන්ගේ හැකියා (ඒ කියන්නේ තමන්ගේ ශක්තීන් හා දුර්වලතා), පිළිබඳ ව නිසි අවබෝධයක් තිබීම. දෙ වනු ව, දෛනික ජීවිතයේ මුහුණ දෙන ගැටලූ, අභියෝ.වලට මුහුණ දීමට හැකිවීම. තෙ වනු ව, තමන්ගේ පවුලට හෝ සමාජයට  ප්‍රයෝජනවත් දායකත්වයක් ලබා දීම ඒ දායකත්වය ඵලදායි මෙන් ම ගුණාත්මක විය යුතුයි.

 

You may also like...