41_11 ලයිකන මත වැඩෙන විශේෂ දිලීර කාණ්ඩයක් › ලංකාවෙන් හමු වෙයි

ලයිකන මත පමණක් වර්ධනය වන දිලීර විශේෂයක් (Lichenicolous fungi) පිළිබඳ ව මීට වසර ගණනාවකට පෙර විද්‍යාඥයින්ගේ අවධානයට ලක් විය. එ අනුව පර්යේෂණ කළ විද්‍යාඥයින්ට මෙම දිලීර විශේෂය ලයිකන මත වර්ධනය වෙමින් ලයිකනයේ වර්ධන වේගය අඩාල කරන ආකාරය මෙන් ම මෙම දිලීර විශේෂය විසින් ලයිකනයේ වර්ණය ආදී ගුණාංග වෙනස් කරන ආකාරය ද දැක ගත හැකි විය.

විද්‍යාඥයින්ගේ මතය අනුව ලෝකයේ තව බොහෝ හඳුනා නො ගත් දිලීර විශේෂ ඇති අතර එවා සමකාසන්න රටවල වැඩිපුර හමු වීමේ සම්භාවිතාවක් ඇති බව කියැවේ. ශ්‍රී ලංකාවේ ද පවතින සම ශීතෝෂ්ණ කාලගුණය දිලීර වර්ධනයට මනා හිතකර තත්ත්වයක් සපයයි.

› ලංකාවේ රත්නපුර දිස්ත්‍රික්කයේ සුන්දර ප්‍රදේශයක් වන ඛෙලිහුල්ඔය ප්‍රදේශයේ පිහිටුවා ඇති වංගෙඩිගල සහ පරවියන්ගල (ආදර කන්ද) යන ස්ථානවල කළ පර්යේෂණයෙන් තහවුරු වූයේ › ලංකාවේ ද, එම ලයිකන මත වැෙඩන විශේෂ දිලීර කාණ්ඩය ව්‍යාප්ත වී පවතින බවයිි. මුහුදු මට්ටමේ සිට උස මීටර් 1500ක් පමණ වන මෙම ප්‍රදේශයේ ඇති ඉහළ වායුගෝලීය තෙතමනය, අඩු උෂ්ණත්වය, මීදුම් සහිත බව සහ මුහුදු මට්ටමේ සිට ඇති ඉහළ උස නිසා මෙම ස්ථාන පර්යේෂණ සඳහා යොදා ගැනුර්‍ණ.

ලයිකන මත වර්ධනය වන මෙම දිලීර විශේෂය පරිසරයේ දී පියවි ඇසට එක වර ග්‍රහණය නො වන අතර විද්‍යාගාරයේ දී අන්වීක්ෂයක් මගින් නිරීක්ෂණය කිරීමේ දී එම දිලීරවල ප්‍රජනක ව්‍යූහ, දිලීර ජාල ආදිය පැහැදිලි ව ම දැක ගත හැකි වේ. විද්‍යාගාරය තුළ සුදුසු රෝපණ මාධ්‍යවල නියමිත සාධක යොදා මෙම දිලීර වර්ධනය කිරීමේ දී, රූපීය ව වෙනස්කම් සහිත දිලීර විශේෂ කිහිපයක් හඳුනා ගැනීමට හැකි විය. එමෙන් ම මෙම ලයිකන මත පමණක් වැෙඩන විශේෂ දිලීර කාණ්ඩය විද්‍යාත්මක ව හඳුනා ගැනීම සඳහා DNA තාක්ෂණය සහ ජාන තාක්ෂණය යොදා ගැනීමට ද ඉදිරි කාලයේ දී බලාපොරොත්තු වේ. තව ද › ලංකාවේ තවත් ප්‍රදේශවල මෙම පර්යේෂණ කටයුතු ව්‍යාප්ත කිරීම මගින් එම ප්‍රදේශවල පවතින ලයිකනවල මෙම දිලීර කාණ්ඩය හඳුනා ගත හැකි වේ ද? නැත් ද? යන්න සොයා බැලීමට ද බලාපොරොත්තු වෙයි.

මෙම දිලීර විශේෂය සෑම විට ම පරපෝෂින් යැයි කිව නො හැකි ය. සමහර ලයිකන මෙම දිලීර විශේෂය නිසා විනාශ වී යෑම දක්නට ලැබුණ ද සමහර දිලීර විශේෂවල එසේ දක්නට නො ලැබේ. එම නිසා සමහර විටෙක පරපෝෂිත ලෙස ලයිකන මත මෙම දිලීර විශේෂය වර්ධනය වන අතර, සමහර දිලීර විශේෂ ලයිකන මත අන්‍යොන්‍ය ලෙස සහයෝගි ව ජීවත් වේ.

පෙර සඳහන් කළ ආකාරයට ලයිකනයක් සෑදී ඇත්තේ දිලීරයට සහ ඇල්ගී හෝ නීල හරිත ඇල්ගී විශේෂයක ආධාරයෙනි. එනම් ලයිකනය තුළ ද ලයිකන සෑදීමට දායක වන දිලීරයක් පවතී. ලයිකන මත පමණක් වාසය කරන මෙම දිලීර විශේෂය, පරපෝෂිතයෙක් ලෙස ක්‍රියා කරන අවස්ථාවක් සැලකූ විට, ලයිකන සෑදී ඇති දිලීරය වර්ධනය නවතා දමමින් – එය අඩපණ කරමින්  ලයිකනය මත වර්ධනය වීමට නම්, දිලීර නාශක ගුණයකින් යුතු රසායනික ද්‍රව්‍යයක්, එම දිලීරය විසින් නිපදවිය යුතු බව මනා ව පැහැදිලි වේ. එම නිසා මෙම ලයිකන මත වැෙඩන දිලීර සතු ව දිලීර නාශක ගුණයක් පවතින බවට අපට උපකල්පනය කළ හැකි සේ ම, මෙම පර්යේෂණ කටයුතු නිසි ලෙස පුළුල් ව ඉදිරියට කර ගෙන යෑමේ දී මෙම දිලීර සතු ව පවතින මෙවැනි තවත් සුවිශේෂී රසායනික ද්‍රව්‍ය සහ එවායේ ගුණ පිළිබඳ ව ද අවබෝධයක් ලබා ගත හැකි ය. තව ද බැක්ටිරියා නාශක ගුණ, ප්‍රති ඔක්සිකාරක ගුණ වුව ද මෙම දිලීර විසින් නිපදවන රසායනික ද්‍රව්‍ය සතු ව පැවතිය හැකි ය.

› ලංකාවෙන් හඳුනා ගත් මෙම නව දිලීර කාණ්ඩය අනාගතයේ දී ඖෂධීය වටිනාකමකින් සමාජගත කිරීම මෙම පර්යේෂණවල අවසාන අරමුණ වනවා සේ ම, එ වෙනුවෙන් › ලංකාවේ දිගින් දිගට ම මෙම පර්යේෂණ බලාත්මක කිරීම අවශ්‍ය වනු ඇත.

ලයිකනයක් යනු

ලයිකනයක් යනු දිලීරයක් වෙනත් ඇල්ගී විශේෂයක් සමඟ හෝ වෙනත් නීල හරිත ඇල්ගී (සයනොබැක්ටීරියා) විශේෂයක් සමඟ ඇති වන්නා වූ අන්තර් සම්බන්ධතාවකි. මෙහි දී නීල් හරිත ඇල්ගී හෝ ඇල්ගී විශේෂය, ප්‍රභාසංශ්ලේෂී වන අතර, දිලීර විශේෂය ප්‍රභාසංශ්ලේෂී නො වේ. ශාක කඳන් මත, පාෂාණ මත, ශාක පත්‍ර මත මෙන් ම පස් මත ද ලයිකන වර්ධනය වෙයි. සීත මීදුම් සහිත කාලගුර්‍ණක තත්ත්ව සහ තෙතමනය මෙම ලයිකන වර්ධනය වීමට මනා පසුබිමක් සපයයි. ප්‍රභාසංශ්ලේෂී ඇල්ගී හෝ සයනොබැක්ටීරියා සහ විෂම පෝෂී දිලීර අතර පවතින මෙම සම්බන්ධතාව නිසා දෙදෙනාට ම වාසි අත් වේ.

ලයිකන මගින් නිපදවන විවිධ රසායනික ද්‍රව්‍ය මගින් වර්තමානයේ දී විවිධ ඖෂධ වර්ග, සුවඳ විලවුන් වර්ග, වර්ණක වැනි බොහෝ දේ නිපදවා ඇත. දැනට ලෝකයේ ලයිකන විශේෂ 16000කට අධික ප්‍රමාණයක් සොයා ගෙන ඇත.

දිලීරයක් යනු?

දිලීරයක් යනු තනි ෙසෙලයකින් හෝ ෙසෙල කිහිපයකින් සෑදී ඇති විෂම පෝෂී ජීවී කාණ්ඩයකි. මොවුන් ප්‍රභාසංශ්ලේෂී නො වන නිසා තම ජීවිතය පවත්වා ගැනීමට වෙනත් ජීවියෙකු මත යැපීමට සිදු වේ. තෙතමනය අධික සිසිල්, අඳුරු ස්ථානවල ඉතා සීග්‍රයෙන් දිලීර වර්ධනය වේ. දැනට ලෝකයේ දිලීර විශේෂ මිලියන ගණනක් විවිධ පරිසරවල දී සොයා ගෙන ඇත.

ප්‍රතිජීවක ඖෂධ නිපදවීම සඳහා ද වර්තමානයේ බොහෝ වශයෙන් දිලීර යොදා ගනී. එමෙන් ම බේකරි කර්මාන්තය සඳහා යොදා ගන්නා යීස්ට් ද දිලීරයකි. තව ද ප්‍රෝටීන් අධික ආහාර නිෂ්පාදනය සඳහා ඝෘජු ව ම දිලීර යොදා ගනී. අලූහම්, දද වැනි සම මතුපිට ඇති වන බොහෝ රෝගවලට ද දිලීර හේතු වේ. ඒ අනුව දිලීර බොහොමයක් එදිනෙදා ජීවිතයේ දී අපට ප්‍රයෝජනවත් වන අතර, සමහර දිලීර, ශාක සහ සතුන්ට ලෙඩ රෝග සෑදීමට දායක වේ.

හසංක දංගල්ල

පශ්චාත් උපාධි ශිෂ්‍ය

කොළඹ විශ්වවිද්‍යාලය

 

You may also like...