36_17 අපේ පුවත්

Science Popularization award

විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා ගවේෂණ සඟරාව සම්මානයෙන් පිදුම් ලබයි

ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය විසින් තම 75 වන සංවත්සරයට සමගාමී ව පැවැත් වූ සම්මාන උළෙලේ දී “ගවේෂණ” සඟරාවේ ප්‍රධාන කර්තෘ ආචාර්ය ගොඩ්වින් කොඩිතුවක්කු සහ කර්තෘ අරුණ ප්‍රශාන්ත වලිසුන්දර යන මහත්වරු “විද්‍යාව ප්‍රචලිත කිරීමේ සම්මාන-2019” (Science Popularization Award 2019) හිමි කර ගන්නා ලදී. ඒ මුද්‍රිත, සිංහල මාධ්‍ය සඳහා පිදෙන වෘත්තිය නො වන ප්‍රවර්ගය (Individual Producer Non Professional/ Printed Media (Sinhala Medium) යටතේ ය. සඟරාවේ කතෘ අරුණ ප්‍රශාන්ත වලිසුන්දර මහතා එම උළෙලේ ප්‍රධාන ආරාධිතයා වූ මහාචාර්ය මලික් පීරිස් මහතා අතින් එම සම්මාන සහ සහතික පත් ලබා ගත් අවස්ථාවේ ඡායාරූප මෙහි දැක්වේ.

——————————————————————————————————————————————-

පර්යේෂණ ක්‍රියාවලිය හඳුනා ගැනීම කෘතිය නිකුත් වෙයි

පර්යේෂණයක් කිරීම සඳහා ගැටලූවක් හඳුනා ගැනීමේ සිට පර්යේෂණයට තාර්කිකය ගොඩ නගා ගැනීම, පර්යේෂණ සාහිත්‍යය විමර්ශනය කිරීම සහ පර්යේෂණ ප්‍රශ්න හෝ පර්යේෂණ අරමුණු හෝ කල්පිත ගොඩ නගා ගැනීම යන පියවරවල සිට පර්යේෂණ ක්‍රමය තීරණය කිරීම දක්වා වන පර්යේෂණ පියවර සරල ව මෙම කෘතියෙන් පැහැදිලි කර ඇත.

සංකීර්ණ විෂය ක්ෂේත්‍රයක් බවට පත් ව ඇති පර්යේෂණ ක්‍රමවිද්‍යාවට අදාළ සංකල්පල පර්යේෂණකරණයට පිවිසෙන්නට වෙර දරණ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත් ආධුනික පර්යේෂක පර්යේෂිකාවන්ටත් මිතුරු වූ ලේඛන ශෛලියකින් කෘතිය රචනා වී තිබේ.

ගවේෂණ සඟරාවේ ප්‍රධාන කර්තෘ ආචාර්ය ගොඩ්වින් කොඩිතුවක්කු මහතා විසින් රචිත මේ කෘතිය, ජාතික විද්‍යා පදනමේ මුල්‍ය දායකත්වය යටතේ පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ ප්‍රකාශනයක් ලෙස එළි දැක්වී ඇත.

පොත පිළිබඳ විමසීම් 0112863084 දුරකථන අංකයෙන් කළ හැකි ය.

——————————————————————————————————————————————–

මහාචාර්ය අතුල සුමතිපාල මහතා ජාතික මූලික අධ්‍යයන ආයතනයේ සභාපති ධුරයට

පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ ගරු අධ්‍යක්ෂ සහ එංගලන්තයේ කීල් විශ්වවිද්‍යාලයේ මානසික සෞඛ්‍ය පිළිබඳ මහාචාර්ය අතුල සුමතිපාල මහතා මහනුවර ජාතික මූලික අධ්‍යයන ආයතනයේ (National Institute of Fundamental Studies-NIFS)  සභාපතිවරයා ලෙස ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නොබෝදා පත් කරන ලදී.

——————————————————————————————————————————————–

 Institute for Research and Development

shines at National Awards for Science and Technology

Prof. Athula Sumathipala, Dr. Godwin Kodituwakku and Dr. Nihal Abeysinghe were presented with the Merit Award in the category “Excellence in international collaboration for advancement of Science and Technology” by his excellency president Maithripala Sirisena

——————————————————————————————————————————————–

Prof. Athula Sumathipala was honoured with the presentation of the National Award in the category “Individual/Team/Institutional outstanding leadership in promoting and developing Science and Technology” by his excellency president Maithripala Sirisena

——————————————————————————————————————————————–

ශ්‍රී ලංකාවේ පෝෂණය සහ සෞඛ්‍ය පිළිබඳ පර්යේෂණ හැකියා වැඩි දියුණු කිරීම සඳහා තවත් දැවැන්ත පිම්මක්

එංගලන්තයේ වෛද්‍ය පර්යේෂණ කවුන්සලය මගින් තරගකාරි පදනමක් මත ප්‍රදානය කළ මුල්‍ය ආධාර මත පදනම් වල ‘ශ්‍රී ලංකාවේ පෝෂණය සහ සෞඛ්‍ය’ පිළිබඳ පර්යේෂණ හැකියා වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියක් හා එහි නියමු අධ්‍යයනයක් ‘පර්යේෂණ සහ සංවර්ධන ආයතනය’ විසින් ආරම්භ කොට තිබේ.

පර්යේෂණයෙන් කොටස් පහක් ඉටු කර ගැනීමට අපේක්ෂිත ය

  • ශ්‍රී ලංකාවට සුවිශේෂ වූ ආහාර වර්ගීකරණ දත්ත ගබඩාවක් සැකසීම
  • ආහාරවල ඇති ක්ෂුද්‍ර පෝෂක හා සාර්ව පෝෂක දත්ත පිළිබඳ කුසලතා සංවර්ධනය
  • සංඛ්‍යානමය ජාන විද්‍යාව පිළිබඳ පුහුණු පාඨමාලාවක් පැවැත්වීම
  • රෝගීන් සහ මහජනතාව පර්යේෂණවල කොටස්කරුවන් බවට පත් කර ගැනීම (PPIE)
  • ශාස්ත්‍රිය කණ්ඩායම් අතර පර්යේෂණ සම්බන්ධතා ගොඩ නගා ගැනීම

——————————————————————————————————————————————–

Another great step to develop research capacities on nutrition and health in Sri Lanka

  • Build research collaboration teams

The Institute for Research and Development in Health and Social Care (IRD) will be conducting a project aiming to develop research capacity on ‘nutrition and health’ in Sri Lanka. This project is funded through a highly competitive research grant scheme by the Medical Research Council of United Kingdom (MRC UK).

The project consist of five objectives

  • Develop a Sri Lankan specific food composition database
  • Develop skills in Macro and Micro elements analysis using food and biological samples
  • Conduct a training course in statistical genetics to build capacities
  • PPIE – Patient and Public Involvement and Engagement in Research

——————————————————————————————————————————————–

Empowering people with Cutaneous  ishmaniasis: Intervention Program to improve patient journey and reduce Stigma via Community Education –ECLIPSE

This is a four year multinational global health research study funded by National Institute for Health Research (NIHR), United Kingdom and co-led by Dr Lisa Dikomitis and Dr Helen Price from Keele University. ECLIPSE brings together researchers from four different continents and from a wide range of academic disciplines including anthropology,parasitology, primary care, applied health services, psychiatry, psychology, community engagement and public health.

More information from www.eclipse-community.com

——————————————————————————————————————————————–

චර්මීය ලිශ්මේනියා රෝගීන් සහ ප්‍රජාව සවිබල ගැන්වීමේ පර්යේෂණ ව්‍යාපෘතිය

ECLIPSE යනු ‘පර්යේෂණ සඳහා ප්‍රජාවන් මැදිහත්කර ගැනීමේ ප්‍රවේශය’ ප්‍රමුඛත්වයේ ලා සලකනු ලබන පර්යේෂණ ව්‍යාපෘතියකි. මෙම ප්‍රවේශය ප්‍රායෝගික ව ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාත කේන්ද්‍ර කර ගනිමින් ‘ප්‍රායෝගික ප්‍රජා කමිටුවක්’ (Community of Practice) සහ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා තෝරා ගත් ප්‍රදේශ 03 සඳහා ‘ප්‍රජා උපදේශක කණ්ඩායම්’ (Community Advisory Groups) ස්ථාපනය කිරීමට අපේක්ෂිත ය. ‘ප්‍රායෝගික ප්‍රජා කමිටුව’, මහජන සෞඛ්‍ය සම්බන්ධ විශේෂ දැනුම සහිත පුද්ගලයන්, සෞඛ්‍ය වෘත්තීයවේදීන්, රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයන්, පර්යේෂකයින්, නාගරික මට්ටමේ නායකත්වයන් සහ ක්ෂේත්‍ර සෞඛ්‍ය නිලධාරින් යන පාර්ශවවලින් සමන්විත වනු ඇත. මෙම කමිටුව පිහිටුවීමේ ප්‍රධාන පරමාර්ථය වනුයේ, පර්යේෂණ අධ්‍යයන සැලසුම (Research study design), පර්යේෂණය සඳහා සහභාගි වන්නන් තෝරා ගැනීමේ ක්‍රියාවලිය, සිදු කළ යුතු මැදිහත් වීම (Intervention) ගොඩ නැගීම, පර්යේෂණ චාරධර්මවලට අනුගත වෙමින් සිදු කෙරෙන බව සහතික කිරීමට සහ පර්යේෂණයේ සොයාගැනීම් විවේචනාත්මක සමාලෝචනයකට (Critical review) ලක් කරමින් ප්‍රතිපත්ති ගොඩනැගීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට අවශ්‍ය විශේෂ සහාය ලබා ගැනීමයි.

——————————————————————————————————————————————–

The SEARCH team visited UK: from left side Mr. Lasith Dissanayake (IRD), Dr. Alina Andras (Keele University), Dr. Enoka Wickramasinghe (Keele University), Dr. Prabhath Ranasinghe (Keele University), Dr. Nihal Abeysinghe (IRD), Prof. Ajith Nagahawatte (University of Ruhuna), Dr. Sunil De Alwis (Ministry of Health Sri Lanka), Prof. Chandima Wickramatilake (University of Ruhuna), Prof. Athula Sumathipala (IRD), Dr. Duminda Guruge (Rajarata University), Ms. Manouri Wimalasekera (IRD), Prof. Tine van Bortel (University of Cambridge), Dr. Kaushalya Jayaweera (IRD), Dr. Kalpani Abhayasinghe (IRD)

You may also like...