සන්නිවේදන පර්යේෂණ

     පර්යේෂණ මනස සෑම පුද්ගලයකු තුළ ම පවත්නා දෙයකි. විවිධ සමාජ මානව අවශ්‍යතාවන් සඳහා පර්යේෂණ කරයි. විශේෂයෙන් එයට හේතු ලෙස දැක්විය හැක්කේ පුද්ගලයා තුළ පවත්නා දැනුම වැඩිකර ගැනීමට ඇති වුවමනාවත්, යමක් තේරුම් ගැනීමට ඇති අවශ්‍යතාවත් ය. විසඳීමට අපහසු දෙයක් තේරුම් බේරුම් කර ගැනීම පර්යේෂණයකින් සිදුවෙයි. එවැන්නක් අධිෂ්ඨානයෙන් යුක්ත ව කිරීමත් පර්යේෂණයක සාර්ථකත්වයට හේතු වේ.

   ප‍්‍රංශ  rechercheයන වචනයෙන් බිඳී research යන වචනය සැදී ඇත. සමීප ව සොයා බැලීමලෙස එහි ප‍්‍රංශ අරුත සැකසෙයි. Search යන්නෙහි තේරුම සොයා බැලීමයන්නයි. දැනුම සෙවීම පර්යේෂණයක පදනමයි. ස්ථිර සාර තොරතුරු සොයා ගැනීම ක‍්‍රමවත් ව සිදු කෙරෙන අධ්‍යයන පර්යේෂණ යන්නෙන් අදහස් කෙරේ. සොයා යාම, අර්ථ දැක්වීම, සුපරික්ෂාකාරි ගවේෂණය, අනලස් නොවීම, අරමුණක් අත්හදා බැලීම ආදී යෙදුම් පර්යේෂණයන්න නියෝජනය කරයි. නිගමනයකට එළඹීම සඳහා පර්යේෂණ අවශ්‍ය වේ.  එමඟින් නව අදහස් සොයා ගැනේ. ගැටලූවක් දෙස විවිධ අයුරින් බැලීමට ද පර්යේෂණ මගින් හැකියාව ලැබේ. පර්යේෂණවල මූලෝපායන් විද්‍යාත්මක ය.

විසිවන සියවසට පෙර සිට ක‍්‍රමවත් පර්යේෂණවල ඇති අවශ්‍යතාව විශ්ව සමාජය හඳුනා සිට ඇත. කතා කිරීමේ හැකියාව, ලිවීමේ හැකියාව පැහැදිලි කරන්නේ ආරම්භක මිනිසා සතු පර්යේෂණ ශක්තියයි.

දෙ වන ලෝක යුද්ධ සමය විධිමත් පර්යේෂණ ව්‍යාප්ත කිරීමට බලපෑ සාධකයකි. ඉන් අනතුරු ව මිනිසා විවිධ විෂයන් පදනම් කොට පර්යේෂණ ආරම්භ කරයි. මානව ආකල්ප, පුද්ගල හැඩතල යනාදිය පිළිබඳ ව දැඩි අවධානය මනෝවිද්‍යාත්මක පදනමින් යොමු විය. සමාජ විද්‍යාව, සංඛ්‍යා දත්ත හා තොරතුරු ගවේෂණයෙහි නිරත විය. සමාජ විද්‍යාව හා හැසිරීම් විද්‍යාව සන්නිවේදන පර්යේෂණ ක්ෂේත‍්‍රයට ප‍්‍රථම වර්ධනය වී පැවති විෂය ධාරාවන් දෙකකි.

සන්නිවේදන පර්යේෂණ ක‍්‍රම සමාජ විද්‍යා පර්යේෂණ ක‍්‍රමවල විධිමත් දිගුවක් ලෙස හැඳින්විය හැකි ය. එයට හේතුව මිනිසා අවට සමාජය හා සම්බන්ධතා සමාජ විද්‍යාවට අයත් සීමාවන් වීම යි. 1800 මුල් භාගයේ පුවත්පත් අධ්‍යයන ආරම්භ වීම සන්නිවේදන පර්යේෂණයන්හි ඉම පුළුල් වීමට පාදක විය. බි‍්‍රතාන්‍ය සමාජයේ පුවත්පත් කියවන්නේ කවු ද? ඔවුන් වඩාත් රුචි කරන්නේ කුමන ආකාරයේ ලිපිවලට ද? යනාදිය හඳුනා ගැනීම පුවත්පත් අලෙවි කරන්නන්ට අවශ්‍ය විය. මෙම තත්ත්වය දෙ වන ලෝක යුද සමයත් සමග වඩාත් වෙනස්වේ. එයට බලපෑ ප‍්‍රබල හේතුව වූයේ ජනයාට වඩාත් බලපාන මාධ්‍යයක් ලෙස ගුවන් විදුලිය ආරම්භ වීම යි. ගුවන් විදුලිය ලෝක පුරවැසියාට යුද්ධයේ තොරතුරු ගෙන යනවා සේම ලෝක සංස්කෘතීනට විවිධ බලපෑම් එල්ල කිරීමට හේතු වූ බව හඳුනා ගත් කරුණකි. යුද්ධයේ රහස් තොරතුරු හුවමාරු කරගන්නට යොදා ගත් මෙම ශබ්ද සන්නිවේදන මිනිසාගේ සංස්කෘතික ලෝකය ආක‍්‍රමණය කරන්නේ ඔවුන් නොදැනුවත්ම ය. එබැවින් ගුවන් විදුලියේ බලපෑම පිළිබඳ අධ්‍යයනය ද ආරම්භ විය. 1935 හැඩලි කැන්ටි‍්‍රල් විසින් සිදු කරන ලද ගුවන් විදුලි මනෝවිද්‍යාවයන පර්යේෂණ මේ නිසා විශේෂත්වයක් ගනී. එමගින් ගුවන් විදුලි මාධ්‍ය දෙස මනෝවිද්‍යාත්මක ව බැලීමේ අංකුරය රෝපණය විය.

විසිවෙනි සියවසේ ආරම්භයත් සමග පර්යේෂණවල විෂය බද්ධ ක‍්‍රම පුළුල් විය. විශේෂයෙන් සන්නිවේදන ක්ෂේත‍්‍රය සලකා බලන විට ජනසන්නිවේදනය, සන්නිවේදන ප‍්‍රතිපත්ති හා මාධ්‍ය යන ක්ෂේත‍්‍ර තුළ පර්යේෂණ ව්‍යාප්ත විය. මෑත භාගයේ දී එනම් 21 වන සියවසේ දී සන්නිවේදන තාක්ෂණ හා සංස්කෘතික ප‍්‍රවේශ ඔස්සේ සන්නිවේදන පර්යේෂණ පුළුල් වී ඇත.

මෙම අවධියේ සන්නිවේදන මාධ්‍ය පර්යේෂණ න්‍යායික පදනම ගොඩනැගුවේ බලපෑමයන සාධකය මුල්කොට ගෙනයි. මාධ්‍ය බලපෑම් න්‍යායලෙස ඉස්මතු විය. මෙමගින් එන්නත් කටුවකින් සිදුවන ක‍්‍රියාව සන්නිවේදන ඔස්සේ ද සිදුවන බව පැහැදිලි කෙරෙයි. පක්ෂග‍්‍රාහි ගුවන් විදුලි මාධ්‍ය මගින් ශ‍්‍රාවකයාට පක්ෂග‍්‍රාහි තොරතුරු එන්නත් කරන අතර එමගින් බුද්ධිශෝධනය සිදු කෙරෙන බව මෙම න්‍යාය ඔස්සේ පෙන්වා දුනි. අධශ්චර්ම කටු න්‍යාය පිළිබඳ විවේචන ආරම්භ වූ අතර එමගින් මාධ්‍ය ක්ෂේත‍්‍රයට විචාරාත්මක ලිපි ලේඛන බිහිවීමෙන් සන්නිවේදන සාහිත්‍ය පුළුල් විය. සන්නිවේදන විචාර ලිපි ජන ආකර්ෂණීය ලේඛන ක‍්‍රමයක් බවට පත්විය. රූපවාහිනිය ආරම්භ වීමත් සමග එවැනි අධ්‍යයන කෙමෙන් වැඩි වන්නට විය. ශාස්ත‍්‍රිය සාහිත්‍යය තුළ විවිධ විවේචනාත්මක ලියවිලි බහුල විය.

මාෂල් මැක්ලූහන්ගේ පර්යේෂණ මගින් සන්නිවේදන පර්යේෂණ විෂයයට ප‍්‍රබල වටිනාකමක් ලැබුණි. මාධ්‍යයම සන්දේශයවේ” “විශ්ව ගම්මානයයන සංකල්ප පර්යේෂණ විෂය ඉම පුළුල් කළ අතර ශාස්ත‍්‍රිය වූත් විද්‍යාත්මක වූත් අධ්‍යයන හා සාකච්ඡා සන්නිවේදන ක්ෂේත‍්‍රය වටා ගොඩ නැගුණි. එමගින් මාධ්‍ය අධ්‍යයනය අත්‍යවශ්‍ය අධ්‍යයන ක්ෂේත‍්‍රයක් බවට පත් විය.

පශ්චාත් නූතනවාදි මතවාදයන් ද සන්නිවේදන පර්යේෂණ ක්ෂේත‍්‍රයට සෘජුව ම එල්ල වූ අතර එය ද එම ක්ෂේත‍්‍රය ප‍්‍රවර්ධනය කරන්නට හේතු විය සාම්ප‍්‍රදායික චරිත හා අගයන් මාධ්‍ය ඔස්සේ අභියෝගයට ලක්වී ඔවුන්ගේ අභිරුචිය වර්ධනය කළේ ය. විද්‍යාත්මක සන්නිවේදන විද්‍යාඥයෝ විචාරාත්මක සිද්ධාන්ත වඩ වඩාත් ගැඹුරින් බැලීමට උත්සුක වූහ. ඇතැම් විචාරාත්මක න්‍යායන් විද්‍යාඥයන් විසින් බැහැර කරන ලදී. ඒ සඳහා ඔවුහු විද්‍යාත්මක ක‍්‍රමවේදයන් භාවිත කළහ. නූතන පර්යේෂණ ක‍්‍රම බිහිවීමට මෙම තත්ත්වය බෙහෙවින් බලපෑවේ ය.

යථාර්ථය දෙස බැලීම  

යථාර්ථය යන්න මැන බැලීම පර්යේෂණවල අවශ්‍යතාවක් වෙද්දි අපට බැලිය හැකි ආකාර ගණනාවක් ද හඳුනා ගන්නට ලැබේ.

01).   පූර්ව නූතන දෘෂ්ටිය   

           එමගින් පිළිගැනුණේ එක් යථාර්ථයක් පමණක් පවතින බව යි. විවිධ ලෙස හෙළි කෙරෙන පුද්ගල අත්දැකීම මත පදනම් වූ තොරතුරු විශ්වාස නොකෙරේ.

02).   නූතන දෘෂ්ටිය     

         අරමුණුගත යථාර්ථයක් පවතින බව විශ්වාස කෙරේ. නිදසුනක් ලෙස උෂ්ණත්වය පිළිබඳ විශ්වාසයක් අප හැමෝම තුළ පවතින ආකාරය අවධානයට ගත හැකි යි. උෂ්ණත්වය පිළිබඳ විවිධ විෂය මූලික ලෙස හඳුනා ගැනෙන ප‍්‍රවේශයන් පවතී. සීතල හා උණුසුම් ලෙස ප‍්‍රභේදය එසේ ඇති වන අර්ථ ගැන්වීමකි. මෙලෙස පිළිගැනීම විෂය මූලික යථාර්ථයෙන් සලකුණු කිරීමකි.

03).   පශ්චාද් නූතන දෘෂ්ටිය

            පශ්චාද් නූතන අධ්‍යයනවලට අනුව අරමුණු ගත යථාර්ථයක් නැත. පවතින්නේ යථාර්ථයක් නො ව යථාර්ථයේ ප‍්‍රතිරූපය පමණි. විෂය මූලික අත්දැකීම් මත සියල්ල සත්‍ය ලෙස පිළි ගැනේ. එකඟතාවයන්නට අත්‍යවශ්‍යයෙන් ම එකග විය යුතු නැත. අවශ්‍ය ආකාරයෙන් යථාර්ථය නිර්වචනය කිරීමට හැකියාව පවතී.

සන්නිවේදන පර්යේෂණ ක්ෂේත‍්‍රය ඉතා වේගයෙන් වර්ධනය වන හා ව්‍යාප්ත වන පුළුල් ක්ෂේත‍්‍රයන් ආවරණය කරන අන්තර් විෂය ශික්ෂණයෙන් යුතු සමාජයට ඉතා වැදගත් අධ්‍යයන පථයකි. ප‍්‍රධාන වශයෙන් සන්නිවේදන පර්යේෂණ ප‍්‍රවණතා දෙකක් දැකිය හැකි ය.

  1. කාලීන ප‍්‍රවනතා

නව තාක්ෂණික සන්නිවේදන පර්යේෂණ මෙන් ම ඒ හා බැඳෙන නව සන්නිවේදන ක‍්‍රම ද හඳුනා ගැනේ. නිදසුන් ලෙස සෘජු මාර්ගගත පර්යේෂණ වසර දහයකට මෙපිට ආරම්භ වනවා සේම ඒ ඔස්සේ නිර්මාණය වූ සමාජ මාධ්‍ය පර්යේෂණ ආරම්භ වීම විමසා බැලිය හැකි ය.

ගොනු විකාශ අන්තර්ජාලවල වෙබ් අඩවි භාවිත කරමින් පුර්ව පටිගත කරන ලද විශේෂිත වැඩ සටහන් පෞද්ගලික පරිගණක හෝ ජංගම දුරකථනවලට යැවීමේ නවතම සන්නිවේදන ක‍්‍රමය මෙනමින් හැඳින්වේ. මේ සඳහා නව පර්යේෂණ ක‍්‍රම වර්ධනය වෙමින් පවතී. ආධාරක තොරතුරු ආධාරක විධිමත් ඉගෙන ගැනීම හා ආධාරක පර්යේෂණ ව්‍යාප්තිය යනාදිය උදෙසා එකී පර්යේෂණ විෂය ඉවහල් වේ.

මිට අමතර ව වෙබ් ලොඹු, ජංගම දුරකථන අධ්‍යයනය, සෘජු මාර්ග ගත සන්නිවේදනය අධ්‍යයන, සමාජ මාධ්‍ය අධ්‍යයන, පරිගණක කී‍්‍රඩා අධ්‍යයන යනදියට මෙම පර්යේෂණ ක්ෂේත‍්‍රය පුළුල් වී ඇත.

  1. ක‍්‍රම විද්‍යාත්මක ප‍්‍රවණතා

තාක්ෂණික ප‍්‍රවේශ හදුනා ගැනීම පිණිස පැවති පර්යේෂණ ක‍්‍රමවේදයන් ප‍්‍රමාණවත් නො වන බැවින් මෙලෙස ක‍්‍රම විද්‍යාත්මක නව ප‍්‍රවනතා ආරම්භ වේ. ඒ අනුව මිශ‍්‍ර ක‍්‍රම පර්යේෂණ අපට හමුවේ. මෙතෙක් පැවති හා නූතන ව හªනා ගන්නා ක‍්‍රම භාවිතයෙන් මෙම පර්යේෂණ ප‍්‍රවණතාව ගොඩ නැෙඟ්

මෙම ගුණාත්මක හා ප‍්‍රමාණාත්මක පර්යේෂණ ක‍්‍රමවේද දෙක එකිනෙක සම්බන්ධ කරගැනීම විශේෂිත ය. ඒමගින් ඉතා සංකීර්ණ ප‍්‍රශ්නවලට වඩාත් හොඳින් ප‍්‍රවේශ වීමට හැකියාව ලැබේ.

අනෙක් ප‍්‍රවණතාව වන්නේ අථත්‍ය මානව විද්‍යාත්මක පර්යේෂණ ක‍්‍රමවේදයන් ය. තොරතුරු තාක්ෂණය භාවිත කරන්නන් පිළිබඳ අධ්‍යයනය මෙහි පදනමයි. ස්කයිප් , අන්තර්ජාල පණිවුඩ, ඊ මේල් යනාදි භාවිතයන් පිළිබඳ සෘජු මාර්ග ගත  මණ්ඩප උපයෝගී කොට, කණ්ඩායම් පර්යේෂණය කිරීම එක් පර්යේෂණ ක‍්‍රමයකි. සංඛ්‍යාංක දත්ත සපයා ගැනීමට මෙමගින් හැකියාව ලැබේ.

අන්තර් විශ්ලේෂණ ක‍්‍රමය ද නවීන වී ඇත. සමාජ, ප‍්‍රවර්ධන, අන්තර්ගත හා තාක්ෂණීක ක්ෂේත‍්‍රයන් එමගින් අවරණය කරයි. හදුනා ගැනීම හා සංවර්ධනය සඳහා වැදගත් මාතෘකා නව අන්තර්ගත විශ්ලේෂණ ක‍්‍රමවේද පදනම් කරගනී. ගැටලූ නිරාකරණය, ඉහළ ගුණයෙන් යුතු සිතුවිලි කුසලතා යනාදිය අධ්‍යයනයට අන්තර් විශ්ලේෂණ ක‍්‍රමය යොදා ගැනේ.

ව්‍යුහ විශ්ලේෂණ, අනෙක් ප‍්‍රවණතාව යි. සමාජ අන්තර්ජාල විශ්ලේෂණ අනුක‍්‍රමික විශ්ලේෂණ, ව්‍යුහ විශ්ලේෂණ යටතේ වර්ධනය වෙමින් පවතී. මීට අමතර සම්භාෂාණ විශ්ලේෂණ වැදගත් විෂය පථයකි. මෙහි දී කතා කිරීමේ ආකෘති, සම්භාෂාණ විවිධ ප‍්‍රවේශ, යනාදිය අධ්‍යයනයට හසු කර ගැනේ. මීට ම සමාන්තර ව කථිකා විශ්ලේෂණ අද පැමිණ තිබේ. ස්තී‍්‍ර පුරුෂ සමාජභාවය, සංස්කෘතිය හා බලය යනාදිය විචාරාත්මක තලයක තබා මෙමගින් අධ්‍යයනය කෙරේ. සම්බන්ධතා හªනා ගැනීම, ප‍්‍රශ්න කිරිම, ගවේෂණය හා ප‍්‍රමාන්ත‍්‍රණ අර්ථ හªනා ගැනීම, පරාවර්තන පුරුදු හා කතාන්දර කීම යනාදිය නව සන්නිවේදන ලෝකය තුළ වඩාත් ගැඹුරින් හා විද්‍යාත්මක ව හැදෑරීමට මෙම පර්යේෂණ ක‍්‍රමවේද මග පෙන්වයි.

 

අන්තර්ගත විශ්ලේෂණ

මාධ්‍ය ක්ෂේත‍්‍රයේ විවිධ සංදේශ බිහිවේ. ඒවා විවිධ ආකාරයන්ගෙන් ජනයා වෙත ඉදිරිපත් කෙරේ. බොහෝ අන්තර්ගතයන් සරල පැහැදිලි බවක් ගනී. එසේ වුව ඉතා සියුම් ලෙස ඒවා දෙස බැලීමෙන් එමගින් සිදුවන බලපෑම විෂය හªනා ගත හැකි යි.  සංදේශයක  ආකර්ෂණය හා බලපෑම පිළිබඳ අන්තර්ගත විශ්ලේෂණ මගින් පුළුල් අවබෝධයක් ලද හැකි ය.

උපක‍්‍රමශීලි ලෙස විවිධ අපෙක්ෂාවන් උදෙසා මාධ්‍ය සංදේශ බිහි කෙරේ. එබැවින් අන්තර්ගත ගොඩනගන අපෙක්ෂාවන් විමසීමට ද සිදු වේ. එහි දී උපකල්පන හා පරීක්ෂණය අන්තර්ගත විශ්ලේෂණයක ප‍්‍රමුඛ කාර්යයක් ලෙස සැලකේ.

දෙවනුව සන්දර්භයේ දත්ත හෝ වෙනත් සාධක ප‍්‍රයෝජනයට ගන්නා ආකාරය පිළිබඳව ද විමසිය හැකි ය. තේමාව, චරිත, සිද්ධි යනාදිය නිර්මාණකරු කුමන අයුරින් ප‍්‍රයෝගාත්මක ව භාවිත කරන්නේ ද යන්න විමසීම සන්දේශයේ බලපෑම හªනා ගැනීම අවශ්‍ය වේ.

සරල ව දක්වන්නේ නම් අන්තර් විශ්ලේෂණයක් යනු කිසියම් සංදේශයකට අයත් අන්තර්ගතයෙහි පඨිතය විධිමත් ව අධ්‍යයනය කිරීම යි. එහි ලා ප‍්‍රධාන ප‍්‍රවේශ දෙකක් හදුනා ගත හැකි යි. පළමු වැන්න අන්තර් ක‍්‍රියාකාරි ප‍්‍රවේශය යි. වෙනත් අන්තර්ගත සමග සංසදනාත්මක ව හෝ අන්තර්ගතය, සමාජය සමග ක‍්‍රියාකරන ආකාරය, පුද්ගලයාට බලපාන ආකාරය ආදි වශයෙන් අවධානයට ගනිමින් කෙරෙන අන්තර් විශ්ලේෂණය මෙහි දී අවධාරණය කෙරේ.

දෙ වනුව විචාරාත්මක ව අන්තර් විශ්ලේෂණයේ යෙදීම හමුවේ. මෙම ප‍්‍රවේශය අන්තර්ගතය විවිධ මානයන්ගෙන් බලන්නට ඉඩ සලසයි. ඒ සමාජ දේශපාලන සංස්කෘතික ආර්ථික ආදි වශයෙන් විය හැකිය. එසේ නොමැති නම් මනෝ විද්‍යාත්මක, සංනිවේදන විද්‍යාත්මක, පරිසර විද්‍යාත්මක ආදි විෂය ක්ෂේත‍්‍ර සමග අධ්‍යයන ප‍්‍රවේශය සකසා ගැනීම මෙමගින් තහවුරු කෙරේ.

අන්තර් විශ්ලේෂණ ගුණාත්මක හා ප‍්‍රමාණාත්මක පර්යේෂණ වර්ගීකරණ මත පිහිටයි. එයට හේතුව කිසියම් අන්තර්ගතයක විශ්ලේෂණය කළ හැකි ප‍්‍රධානතම ආකාරය ලෙස ගුණාත්මක හා ප‍්‍රමාණාත්මක ස්වභාව ඉස්මතුව තිබීම යි. සමාජ මානව සම්බන්ධතා හා නිර්මාණාත්මක සම්බන්ධතා ගුණාත්මක විශ්ලේෂණයක දී පෙරටුව සිටී. ප‍්‍රමාණාත්මක විශ්ලේෂණයක දී ආකෘතිය, එහි නිර්මාණාත්මක ඉදිරිපත් කිරීමක් හා එහි ගලායාම ප‍්‍රධාන ව සලකා බලයි.

පඨිත විෂයික විශ්ලේෂණ

          පශ්චාද් නූතනවාදී හා පශ්චාත් ව්‍යුහවාදී මතවාදයනට යටත් ව පඨිත විශයික විශ්ලේෂණ පැමිණේ. කිසියම් සංදේශයක වචන සහිත ලිඛිත භාෂාව, ශබ්දය ප‍්‍රමුඛ කතා කිරීම හා ප‍්‍රතිරූප ප‍්‍රමුඛ දෘශ්‍ය සන්නිවේදනය විද්‍යාත්මක ව අධ්‍යයනය කිරීම පිණිස මෙම විශ්ලේෂණ ක‍්‍රමය ඉවහල් වේ.

සන්දර්භයට අයත් ඒකක අධ්‍යයනය ලෙස ද මෙය  හැඳින්විය හැකි ය. ආකෘතිය හා හැඩතල, කතා ශරීරය හා දෘෂ්ටිය, තේමාව හා සංදේශ, තාලය හා රිද්මය, ධ්වනිය, මනෝභාවය හා හැඟිම් යනාදිය පඨිත තුළ පවත්නා ආකාරය ඉතා සියුම් ලෙස සන්නිවේදන විද්‍යාත්මක ව අධ්‍යයනය කිරීමට මෙමගින් අවස්ථාව ලැබේ.

මනස් කල්පිතයක පවත්නා විවිධ සමානතා , රූපක හා පුද්ගලාරෝපණය යනාදි පඨිත අධ්‍යයනයෙන් විමසිය හැකි ය. පඨිතයක භාවිත ශබ්දවල පවත්නා ශබ්දානුකරණ හා ශබ්දාලංකාර අධ්‍යයනයට මෙම ක‍්‍රමය භාවිත කළ හැකි අතර භාෂාවේ වචක තේරීමට අදාළ ව්‍යුහාත්මක තාක්ෂණය මෙම අධ්‍යයනයන්හි විශේෂ ස්ථානයක් ගනී. මාධ්‍යවල ක‍්‍රියාකාරිත්වය හා පුනරුක්තීන් අධ්‍යයනයේ දී ද මෙම විශ්ලේෂණ පදනම අවධානයට ගැනේ. පඨිතයන්හි සංසන්ධනාත්මක අගය, ඒ සඳහා වන ආකල්ප හා පඨිත අවසානය යනාදිය ක‍්‍රමික ව විශ්ලේෂණය කිරීම පඨිත විෂයික විශ්ලේෂණයන්හි ප‍්‍රායෝගික අරමුණු වේ.

කථන විශ්ලේෂණ

භාෂාව හරහා අර්ථ නිෂ්පාදනය වන ආකාරය මෙමගින් අධ්‍යයනය කෙරේ. බොහෝ විට භාෂාවකින් නිශ්චිත අර්ථ හªනා ගැනීමට සමාජ, සංස්කෘතික ආදි හේතු පිළිබඳ සවිඥානික ව සිටිය යුතු ය. භාෂාවක් හුදු මෙවලමක් නො වේ. එය සංස්කෘතික ආකෘතියකි. විශේෂයෙන් භාෂාව පදනම් කරගත් සන්නිවේදන තාක්ෂණය හා භාෂා තාක්ෂණය භාවිතය අධ්‍යයනය කිරීම මෙම විශ්ලේෂණ ක‍්‍රමයෙන් අපේක්ෂා කෙරේ.

භාෂා ව්‍යවහාරයේ යථාර්ථවත් බව සමාජ, දේශපාලනික, ආර්ථීක හා සංස්කෘතික පදනමින් විමසිය හැකි ය. භාෂාවකින් අර්ථ උපදින්නේ වචන මත නො වේ. එම වචන තබන සමාජයට හා සමාජ ස්ථාවරයන්ට අනුව යි.

එසේ ම මෙම අධ්‍යයන ක‍්‍රමය මගින් භාෂාවේ බල සම්බන්ධතා විෂය කොට ගනී. සන්නිවේදකයා භාෂාව මගින් ග‍්‍රාහකයා තුළ ඇති කරන බල සම්බන්ධතාවේ දී භාෂාවේ වැපිරීම සම්බන්ධ විමසීම යථාර්ථවත් සංදේශ ග‍්‍රහණයන් උදෙසා අවබෝධයක් ගෙන එයි. බල සම්බන්ධතාවේ දී භාෂාවේ වැපිරීම සම්බන්ධ විශ්තෘත භාවයන් හා ඊට අදාළ අභියෝග විශ්ලේෂණය කළ හැකි වේ.

ග‍්‍රාහක විශ්ලේෂණය  

         සන්නිවේදනයට යටත් වන ග‍්‍රාහකයා අධ්‍යයනය කිරීම මෙම විශ්ලේෂණයේ මුඛ්‍ය  අරමුණ වේ. මෙහි දී ග‍්‍රාහකයා දෙස ජන විද්‍යාත්මකව ප‍්‍රවේශ සකසා ගනිමින් ශාරිරික හා මානසික තත්ත්ව පදනමින් විශ්ලේෂණය සිදු විය යුතු ය.

ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය හා පර්යේෂණ අතර විශාල පරතරයක් පවතී. විධිමත් මාධ්‍ය පර්යේෂණ සිදු වන්නේ වෙළඳ දැන්වීම් ක්ෂේත‍්‍රයේ ප‍්‍රචාරණයට අදාළ ව පමණි. මාධ්‍ය කෙරෙහි ග‍්‍රාහක වරණය හඳුනා ගන්නා පර්යේෂණ, විදේශීය ආයතන කිහිපයක් ඔස්සේ සිදු කෙරෙන අතර ඒවා ව්‍යාජ ලෙස වර්ණයන් දක්වමින් වෙළඳ පොළ හා ග‍්‍රාහකත්වයත් ඔවුන්ගේ බහුජාතික වුවමනාවන්ට අනුව මෙහෙයවයි. එයට අභියෝග කිරීමට තරම් නිරීක්ෂණ හෝ පර්යේෂණ මෙරට සිදු නොවීම මාධ්‍ය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ඇති අභාග්‍යතම ලක්ෂණය යි.

 මහාචාර්ය ආරියරත්න ඇතුගල

(ශ‍්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය මගින් ප‍්‍රකාශයට පත් කරන ලද මාධ්‍ය සමීක්ෂා 2 කෘතියෙන් උපුටා ගන්නා ලද්දකි.)

You may also like...