ශ්‍රී ලංකාවේ ජාතික බලශක්ති අවශ්‍යතාව

ශ්‍රී ලංකා රජය වර්ෂ 2030 වන විට බලශක්තියෙන් ස්වයංපෝෂිත ජාතියක් බවට පත් වීමට අපේක්ෂා කරයි. පුනර්ජනනීය බලශක්තියේ සැලකිය යුතු වැඩි වීමක් සමඟ රටේ විදුලි ජනන ධාරිතාව දැනට පවතින මෙගාවොට් 4,043 සිට 2025 වන විට 6,900 දක්වා වැඩි කිරීම අරමුණ වී ඇති අතර, ශ්‍රී ලංකාව දැනටමත් 98%ක ජාල සම්බන්ධතාවක් ලබා ගෙන ඇත. එය දකුණු ආසියානු ප්‍රමිතිවලට සාපේක්ෂ ව ඉහළ ම මට්ටමක පවතී.

ශ්‍රී ලංකාවේ විදුලිය උත්පාදනය කරනු ලබන ප්‍රාථමික ප්‍රභව තුනකි. ඒවා නම් තාප බලය (ගල් අඟුරු හා ඉන්ධන තෙල් ඇතුළු ව), ජල විදුලිය සහ අනෙකුත් සාම්ප්‍රදායික නො වන පුනර්ජනනීය බලශක්ති ප්‍රභව (සූර්ය බලය සහ සුළං බලය) වේ. දේශීය බලශක්ති සම්පත් ලෙස ජෛව ස්කන්ධ, ජල විදුලිය, සූර්ය සහ සුළං බලය පෙන්වා දිය හැකි අතර ඒ සියල්ල පුනර්ජනනීය වේ. ගල් අඟුරු හා ඛනිජ තෙල් රට තුළට ආනයනය කරනු ලැබේ. ශ්‍රී ලංකාවේ වර්ෂ 1965-2020 කාල පර්ච්ෙජ්දය තුළ බලශක්ති මූලාශ්‍රවල දායකත්වය 1 වන රූපය මගින් පෙන්වා දී ඇත.

එම කාල වකවානුවේ ශ්‍රී ලංකාවේ බලශක්ති පරිභෝජනයේ කොටස වගු අංක 1හි දක්වා ඇත. ඊට අනුව බලශක්ති පරිභෝජනය අතරින් ඉහළ ම කොටසක් ආවරණය කරනුයේ ඉන්ධන මගිනි. එහෙත් සාපේක්ෂ වශයෙන් වර්ෂ 1965 වනවිට ඉන්ධන මගින් ආවරණය වන ප්‍රමාණය වර්ෂ 2020 දී අඩු වී ඇත. මෙහි දී කැපී පෙනෙන වෙනසක් වනුයේ ගල් අගුරු භාවිතය ය. එය වර්ෂ 2020 දී 20.33 %ක් වන අතර එය වේගවත් ව වර්ධනය වී ඇත. ජල විදුලිය භාවිතයේ ද යම් උච්චාවචනයක් දැකිය හැකි ය. අනෙකුත් පුනර්ජනනීය බලශක්ති ප්‍රභව වන සුළග හා සූර්ය බලය භාවිතයේ ද යම් උච්චාවචනයක් දැකිය හැකි අතර, න්‍යෂ්ටික හා ගෑස් භාවිතයේ සැලකිය යුතු වෙනසක් සිදු වී නැත. කෙසේ වෙතත් වර්ෂ 2020 වන විටත් ශ්‍රී ලංකාව රටේ බලශක්තියෙන් 16.61% ධාරිතාවක් පමණක් පුනර්ජනනීය බලශක්තියෙන් ලබා ගනී.

වර්ෂ 2017 දී ඛනිජ තෙල්, ප්‍රාථමික බලශක්ති සැපයුමෙන් 43%ක් පමණ ද ජෛව ස්කන්ධය 37%ක් ද ගල් අඟුරු 11%ක් ද සපයන ලදී. විවිධ ප්‍රභව මගින් ප්‍රාථමික බලශක්ති සැපයුමේ කොටස රූප සටහන 2හි පෙන්වා දී ඇත. වර්ෂ 2017 දී මුළු ප්‍රාථමික බලශක්ති සැපයුම කිලෝටොන් 12,850කි.

වර්ෂ 2009 සිට 2017 දක්වා විවිධ ප්‍රභව මගින් ප්‍රාථමික බලශක්ති සැපයුමේ විචලනය රූප සටහන 3හි දැක්වේ. ප්‍රාථමික බලශක්ති මිශ්‍රණයේ පුනර්ජනනීය බලශක්තියේ (ජෛව ස්කන්ධ, ප්‍රධාන ජල හා නව පුනර්ජනනීය බලශක්තිය ඇතුළත්) කොටස 46%ක් පමණ වන අතර, එය 2015 හා සසඳන විට 5.8%ක අඩුවීමක් පෙන්නුම් කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ද්වීතීයක  බලශක්ති ප්‍රභවය ඛනිජ තෙල් නිෂ්පාදන වන අතර විදුලිය එහි දෙවැන්න වේ. වගු අංක 2 මගින් ඛනිජ තෙල් සැපයුම් කර්මාන්තයේ මූලික දර්ශක පෙන්නුම් කර ඇත.

ඉහත රූප සටහන අංක 2හි දැක්වෙන ප්‍රාථමික බලශක්ති ප්‍රභව අතරින් ජල විදුලිය, ගල් අඟුරු සහ නව පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් (කුඩා ජල විදුලි, සූර්ය, සුළං හා ජෛව ස්කන්ධ) විදුලි උත්පාදනය සඳහා යොදා ගැනේ. මීට අමතර ව ජල විදුලි උත්පාදනය සාමාන්‍ය මට්ටමට වඩා අඩු වන විට උපරිම කාලවල දී බලශක්ති උත්පාදනය වැඩි කිරීමට සහ සැලසුම් කරන ලද නව බලශක්ති උත්පාදන ව්‍යාපෘති ප්‍රමාද වන විට ජනන පරතරය පියවා ගැනීමට ශ්‍රී ලංකාව ඩීසල් සහ ඉන්ධන තෙල් දිගට ම භාවිත කිරීමට සිදුවිය හැකි ය.

විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයේ පරමාර්ථය වන්නේ, අඛණ්ඩ ගුණාත්මක සේවාවක් සැපයීම සහ 100%ක ගෘහස්ත විදුලිකරණය තිරසාර කිරීම සඳහා රටේ විදුලිබලය ඛෙදා හැරීමේ ජාලය වැඩිදියුණු කිරීමයි. රටේ ජාතික විද්‍යුත්කරණ අනුපාතය 2016 දී 99.3%ක් වන අතර වගු අංක 3හි වර්ෂ 2017 සඳහා මූලික විදුලි දර්ශක පෙන්වයි.

වර්ෂ 2018 සිට 2037 දක්වා ශ්‍රී ලංකාව ප්‍රධාන ජල විදුලි බලාගාරවලින් මෙගාවොට් 842ක්, කුඩා ජල විදුලි බලාගාරවලින් මෙගාවොට් 215ක්, සූර්ය බලශක්තියෙන් මෙගාවොට් 1,389ක්, සුළං බලයෙන් මෙගාවොට් 1,205ක්, ජෛව ස්කන්ධ බලයෙන් මෙගාවොට් 85ක්, තෙල් මත පදනම් වූ බලයෙන් මෙගාවොට් 425ක්, ස්වභාවික වායුවලින්  මෙගාවොට් 1,500ක්, ගල් අඟුරුවලින් මෙගාවොට් 2,700ක් විදුලි ජනන පද්ධතියට එක් කිරීමට සැලසුම් කර ඇත. ඉදිරි වසර 20 තුළ විදුලිය සඳහා වන වාර්ෂික ඉල්ලූම 4.9%කින් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන අතර, එය ඉහළ මිල ගණන් නිසා සීමා වී ඇත.

ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල බලශක්ති පරිභෝජනය, එනම් පුද්ගලයෙකුගේ සාමාන්‍ය බලශක්ති පරිභෝජනය කොපමණ ද යන්න සලකා බැලිම වැදගත් වේ (රූප සටහන අංක 4).

වාර්ෂික ව 5%ක පමණ වර්ධනයක් පුරෝකථනය කර ඇති වර්තමාන සහ අනාගත බලශක්ති ඉල්ලූ‍ම සපුරාලීම සඳහා ශ්‍රී ලංකාව සැලකිය යුතු ධාරිතාවක් එකතු කළ යුතු ය. ශ්‍රී ලංකාවේ මුළු විදුලි ජනන ධාරිතාව ගිගාවොට් 40ක් වන අතර එය ප්‍රධාන වශයෙන් චීනය විසින් සාදන ලද ගල් අඟු‍රු බලාගාරයක් ඇතුළු ව තාප විදුලිය මත රඳා පවතින අතර එහි සැපයුමෙන් 45%ක දායකත්වයක් ලබා දේ. ප්‍රමාණවත් වර්ෂාපතනයක් නො ලැබීම නිසා ජල විදුලි උත්පාදන ධාරිතාව සීමා වී ඇති අතර, එවැනි අවස්ථාවල විදුලිය හිඟය පියවා ගැනීම සඳහා රජය නිරන්තරයෙන් අධික මිලට හදිසි විදුලි මිල දී ගැනීම් කරයි. බලශක්ති අංශයේ ඇති අවස්ථා අතරට සුළං හා  සූර්ය බලාගාර, ස්වාභාවික වායු බලාගාර ඛභඨ- අලූ‍තින් එක් කිරීම ද ස්වයංක්‍රීය ඩීසල් බලාගාර ද්විත්ව ඉන්ධන (ද්‍රව ස්වාභාවික වායු) බලාගාර බවට පරිවර්තනය කිරීම ද අවශ්‍යවේ.  ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය පුනර්ජනනීය බලශක්ති විකල්පයන් ක්‍රියාකාරී ව ප්‍රවර්ධනය කරමින් සිටින අතර පුනර්ජනනීය බලශක්ති දායකත්වය ක්‍රමයෙන් වැඩිවෙමින් පවතින බව සංඛ්‍යාලේඛනවලින් හෙළිවේ.

දිගුකාලීන සැලසුම් තිබිය දීත්, ශ්‍රී ලංකාව 2018, 2019 හා 2020 දී විදුලිය ඇනහිටීම් රාශියකට මුහුණ දුන්නේ කාලගුර්‍ණක වෙනස්වීම් නිසා බලාපොරොත්තු වූ ධාරිතාවෙන් ජල විදුලි උත්පාදනයක් සිදු නොවුණු බැවිනි. එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව ඛභඨ බලාගාර ඇතුළු ව ඉදිරි වසර 10 තුළ අතිරේක පුනර්ජනනීය සහ පුනර්ජනනීය නො වන බලාගාර එකතු කිරීමට සැලසුම් කරයි. වත්මන් තෙල් පිරිපහදුව වසර 45කට වඩා පැරර්‍ණ වන අතර ඛනිජ තෙල් අංශයේ ඉල්ලූ‍ම සපුරාලීම සඳහා වහා නවීකරණයක් අවශ්‍ය ව ඇත.

ශ්‍රී ලංකාවේ නව ගල් අඟු‍රු බලාගාර කිසිවක් ඉදි නො කරන බවට රජය 2021 සැප්තැම්බර් මාසයෙ ්දී ප්‍රතිඥා දුන් නමුත් පවතින බලාගාර පුළුල් කිරීමට හෝ වැඩිදියුණු කිරීමට තවමත් උත්සාහ කළ හැකි ය.

 

රජින්ද්‍රා සිරිවර්ධන

පර්යේෂණ සහ සංවර්ධන ආයතනය

40-05

You may also like...