ජල විදුලියේ ආශ්චර්යය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමේ පුරෝගාමියා

ජල විදුලිය යනු පුනර්ජනනීය බලශක්ති අතරින් ප්‍රයෝජනවත් සහ බහුල ව භාවිත කළ හැකි ප්‍රභවයකි. ප්‍රබල මෝසම් කාල දෙකක් ඇති ශ්‍රී ලංකාවට, නිවැරදි ක්‍රමවේද භාවිතයෙන් ඉතා පහසුවෙන් ජලයේ බලය ප්‍රයෝජනයට ගෙන, එය ශක්තියක් බවට පරිවර්තනය කළ හැකි ය. ජල බලශක්තිය යනු බොහෝ රටවල පිහිටුවා ඇති තිරසාර බලශක්ති ඉලක්කවලට අනුකූල වූ බලශක්ති එකතු කිරීමේ මාර්ගයකි.

මෙරට ජල විදුලිය දැනට ජාතික විදුලිබල පද්ධතියට ගිගාවොට් 13.61ක දායකත්වයක් සපයයි. එය මෙරට බලශක්තියට අදාළ ව පුළුල් ලෙස සාකච්ඡා කෙරෙන මාතෘකාවක් වන අතර, මෙහි දී අපේ රටට ජල විදුලිය හඳුන්වා දීමේ පුරෝගාමියාට ලැබිය යුතු නිසි ගෞරවය අප ලබා දිය යුතුයි. ඔහු නමින් ඩී.ෙජ්. විමලසුරේන්ද්‍ර මහතා ය.

අපේ පුංචි දිවයින පුරා ජල විදුලිය හඳුන්වා දීමේ සහ සංවර්ධනය කිරීමේ පුරෝගාමියා ඔහුයි. ‘ජල විදුලියේ පියා’ යන ගෞරව නාමය ඔහුට පිරිනැමීමෙන්, ශ්‍රී ලංකාවේ ඉංජිනේරු ක්ෂේත්‍රය වෙනුවෙන් ඔහු කළ දායකත්වයට සහ කැපවීමට, මේ රට ඉමහත් සාධාරණයක් ඉටු කර ඇත.

1874 වසරේ ගාල්ල නගරයේ උපත ලද ඔහු ඉංජිනේරු ක්ෂේත්‍රයට ලැදියකු වූ අතර එම විෂයය සම්බන්ධයෙන් බොහෝ ආයතනවලින් නොකඩවා අධ්‍යාපනය ලබා ඇත. ඔහු ‘ලංකා කාර්මික විද්‍යාලය’යේ සිවිල් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ හිටපු උපාධිධාරියෙකු වූ අතර පසුව ‘ෆැරඩේ හවුස්’ හි විදුලි ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විශේෂඥයෙකු විය.

ලක්ෂපාන ජල විදුලි බලාගාරය සංවර්ධනය කිරීමේ පෙර ගමන් කරුවා ඔහු විය. එවකට ශ්‍රී ලංකාවේ බි්‍රතාන්‍ය රජය විසින් ඇබර්ඩීන්-ලක්ෂපාන ඇල්ලට රත්රන් සෙවීමේ මෙහෙයුමක් සඳහා ඔහු යවන ලද නමුත් එම ක්‍රියාවලියේ දී, මෙම ජල මාර්ගයෙන් ජල විදුලිය නිපදවීමේ හැකියාව පවතින බව ඔහු දුටුවේ ය. මෙම ව්‍යාප්තිය පිළිබඳ ඔහුගේ අදහස් කිහිප වතාවක් ම ප්‍රතික්ෂේප වූ නමුත් ඔහුගේ කැපවීම සහ අධිෂ්ඨානය මත බොහෝ අරගලවලින් පසු අවසානයේ ලක්ෂපාන ජල විදුලි බලාගාරය ස්ථාපිත කිරීමට ඔහුට හැකි විය. මෙම බලාගාරය අශ්ව බල 70,000ක ධාරිතාවක් දැරීමට ඇස්තමේන්තු කර තිබුර්‍ණ. මෙම යෝජනා ක්‍රමය ගල් අඟුරු හෝ ඉන්ධන වැනි මිල අධික බලශක්ති ප්‍රතිස්ථාපන සඳහා ආර්ථීකමය ආදේශකයක් විය. මෙය විමලසුරේන්ද්‍ර මහතාගේ ජීවිතයේ මෙන් ම ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ කැපී පෙනෙන සන්ධිස්ථානයක් වන අතර මෙම විශේෂිත බලාගාරය මෑතක් වන තුරු ම ස්වයංපෝෂිත විදුලි සැපයුමක් සඳහා මග පෑදී ය.

විමලසුරේන්ද්‍ර මහතාගේ වෘත්තීය ජීවිතය අධ්‍යයනය කිරීමේ දී ඔහුගේ අදහස් මහජනතාව සහ ප්‍රතිපත්ති සම්පාදකයින් අතරට ගෙන යාමේ දී ඔහු මුහුණ දුන් දේශපාලන හා ආර්ථීක බාධක රාශියක් අපට දැක ගත හැකි ය. ලංකා ඉංජිනේරු සංගමයේ ක්‍රියාකාරි සාමාජිකයෙකු ලෙස ඔහුගේ බොහෝ සැලසුම් සහ යෝජනා බොහෝ සංසදවල ප්‍රසිද්ධියට පත් විය. බොහෝ මුද්‍රිත මාධ්‍යවල සහාය ඇති ව ඔහුගේ පර්‍ණවිඩය නායකයන් වෙත ගෙන ගිය ද බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ ඔහුගේ අදහස් නොසලකා හරින ලදී.

1896 දී ඔහු ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ පත්වීම ලබා ගත් අතර පසු ව ජල විදුලි බලාගාරයක් සඳහා ඔහුගේ පළමු යෝජනාව ඉදිරිපත් කළ මුත්, එය මුලින් නොසලකා හරින ලදී. එහෙත් බලාපොරොත්තු සුන් කර නො ගත් ඔහු, ස්වකීය කැමැත්තෙන් නුවරඑළිය ප්‍රදේශයට විදුලිය සපයන නානුඔය සහ නුවරඑළිය අතර කුඩා ජලවිදුලි බලාගාරයක් ඉදිකිරීමට කටයුතු කළේ ය.

බි්‍රතාන්‍ය යටත් විජිතවාදීන් ශ්‍රී ලංකාවේ ජල විදුලි බලාගාර ආරම්භ කිරීමේ කාර්යය භාර ගත්තේ 1923 දී ය, එහෙත් විමලසුරේන්ද්‍ර මහතා ඒ වන විටත් 1918 වර්ෂයේ දී ජල විදුලිය යන මාතෘකාව යටතේ පත්‍රිකාවක් පළ කර තිබූ බව මෙහි දී සඳහන් කළ යුතු ය.

ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ වටිනා වෙනසක් ඇති කළ මෙම යෝජනා ක්‍රමය සඳහා අඛණ්ඩ ව සටන් කිරීමට ඔහුගේ පර්යේෂණ, අධිෂ්ඨානය සහ ධෛර්යය ගෞරවයට පාත්‍ර විය යුතු අතර, ඒ කරුණ, විමලසුරේන්ද්‍ර මහතා, ඉහළ ම ගෞරවනීය ස්ථානයක තැබීමට හේතුවයි. මේ බව බොහෝ දෙනා නොදන්නා නමුත් ශ්‍රී ලංකාවට ජාතික විදුලිබල පද්ධතියක් පිළිබඳ සංකල්පය හඳුන්වා දුන්නේ විමලසුරේන්ද්‍ර මහතා වන අතර, එය ම මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ ක්‍රමානුකූල පරිණාමයට සිදු වූ අසමසම සේවාවකි.

ජලවිදුලි ක්ෂේත්‍රයේ පමණක් නො ව දිවයින පුරා ඉංජිනේරු ක්ෂේත්‍රයේ තවත් බොහෝ අංශවලට ඔහුගේ දායකත්වය දැනෙන්නට විය. එවැනි කැපී පෙනෙන ව්‍යපෘතියක් වනුයේ මධ්‍යම කඳුකරයේ සර්පිලාකාර දුම්රිය මාර්ගයක් ඉදි කිරීමේ දී ඔහුගේ ප්‍රයෝගික කුශලතාව යොදා ගැනීමයි. ඔහු තවදුරටත් ශ්‍රී ලංකාව තුළ දියුණු කළ හැකි අදහස්, විශේෂාංග, යාන්ත්‍රණ සහ කර්මාන්ත රැසක් ඉදිරිපත් කළේ ය.

1953 දී ජල විදුලි ලෝකයේ වීරයා සදහට ම අපගෙන් සමු ගත්තේ යුග ගණනාවකට ගලා යන උරුමයක් ඉතිරි කරමිනි. ඔහු සිහි වීම පිර්‍ණස නුවරඑළිය නෝටන් බි්‍රජ් බලාගාරය සහ ලක්ෂපාන බලාගාරය ඔහුගේ නමින් නම් කරන ලදී. තව ද ශ්‍රි ලංකා තැපැල් කාර්යාලය විසින් 1975 දී ඔහුගේ රුව සහිත මුද්දරයක් නිකුත් කරන ලද්දේ ඔහු තම රට සහ එහි ජනතාව වෙනුවෙන් කළ සේවය සහ සිතා ගත නො හැකි කැප කිරීම් අගයමිනි.

ඔහු ක්‍රියාකාරී සැලසුම් දාමයක් නිර්මාණය කොට ඇත, එය ක්‍රියාත්මක කිරීම අපගේ යුතුකමයි. රටේ අභිවෘද්ධිය සඳහා ඔහුගේ දැනුම සහ යෝජනා සැලකිල්ලට ගත යුතු අතර, වත්මන්  අර්බුදකාරී තත්ත්වයෙන් මිදීමට උචිත මාර්ග සෙවීමේ දී, ඩී. ෙජ්. විමලසුරේන්ද්‍ර මහතා අපට දායාද කළ දැනුම අපට මනා උත්තේජනයක් වනු ඇත.

 

සටහන – නතීෂා හල්පේ

 

ඡායාරූප අන්තර්ජාලයෙනි

40-04

You may also like...