පොතක් ගැන යමක්-යටත්විජිතකරණයේ ඒජන්තවරුන්

පොතක් ගැන යමක්

 

රාජ්‍ය නොවන සංවිධාන නිරන්තරයෙන්ම පුවත් මවයි. මෙම ආන්දෝලනයට ආසන්නම හේතු ලෙස, දැක්විය හැක්කේ ඔවුන් සාම ක‍්‍රියාවලියට මැදිහත් වීම නිසා යයි මම සිතමි. බටහිර රාජ්‍යයන්ගේ අනුග‍්‍රහය ලබන රාජ්‍ය නොවන සංවිධාන යලි යටත්විජිතකරණයේ   ඒජන්තවරුන් ලෙස හැඳින්වීම සුසන්ත ගුණතිලකගේ අලූත්ම පොතේ ප‍්‍රධාන පරමාර්ථයයි. මේ පිළිබඳ ශාස්තී‍්‍රය අධ්‍යයනය සඳහා සියලූ දෙනාම මෙය යලි යටත්විජිතවාදය ද නූතන යටත්විජිතවාදය ද  නව යටත්විජිතවාදය ද  නැතිනම්  අනියම් යටත්විජිතවාදය ද යන්න පිළිබඳ ව එකඟතාවයක් ඇති කරගත යුතු ය. මෙය හුදෙක් වචන හරඹයක් නොවේ. හැත්තෑව දශකයේ සෝවියට් ලේඛක කරන් බෲටෙන්ටස් නව යටත් විජිතවාදය  යන වචනය ශී‍්‍ර ලංකාවේ අතිශයින්ම ජනප‍්‍රිය වූ පරිවර්තනයක් (නව යටත්විජිතවාදයේ හරය සහ විධි) ලෙස, පල කල දින පටන් මා දකින්නේ වඩාත් සුදුසු වචනය එය බව යි. (මගේ මතකයේ හැටියට මෙය පරිවර්තනය කරන ලද්දේ දැදිගම වී රුද්‍රිගු විද්වතානන් විසිනි) එය නැවත අනියම් වූ හෝ නූතන යටත් විජිත වාදයේ නොව, පරණ යටත් විජිතවාදයේ නව රූපාන්තරයන් ලෙස, එනම් නව යටත්විජිතවාදය ලෙස හැඳින්වීම වඩාත් සුදුසු යැයි මට ඟ්. නූතන යන වචනයෙන් ප‍්‍රගතිශීලී පරිවර්තනයක් ගම්‍ය වන අතර, අනියම් වචනයේ නියම නොවන අර්ථයක් ද නැවත හෝ යළි යන වචනයේ වෙනස් නොවූ යටත්විජිත කරණයක් ද හැෙඟ්. එම නිසා මෙම නව යටත් විජිතවාදය  යන වචනය, මෙම සංසිද්ධිය පැහැදිලි කිරීමට ඉතා සුදුසු ය.

 

සුසන්ත ගුණතිලක පොත පළ කිරීමේ දී ද දුෂ්කරතාවයකට මුහුණ දුන් බව මෙහි පෙරවදනින් පැහැදිලි වේ. රාජ්‍ය නොවන සංවිධාන වල ව්‍යාප්තිය මෙන්ම බලය ද ඉන් මොනවට පිළිඹිබු වේ.

 

ශී‍්‍ර ලංකා රජයේ විධායකය, ව්‍යවස්ථාදායකය මෙන්ම අධිකරණය ද රාජ්‍ය නොවන සංවිධාන වල ග‍්‍රහණයට හසු වී ඇත. ශ‍්‍රී ලංකා ආර්ථිකය ද, සංවර්ධන ක‍්‍රියාදාමයන් ද, මානව අයිතීන් ද, කලාව සාහිත්‍යය ද හසුරුවන්නේ රාජ්‍ය නොවන සංවිධානයන් මගිනි.

 

කරන් බෲටෙන්ටස් නව යටත් විජිත වාදයේ මූලික එජන්තවරුන් ලෙස, ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, වෙනත් සංවිධානයන් හා  වෙළදාම පිලිබඳ ජාත්‍යන්තර සම්මුතියන් ද සඳහන් කර තිබුණි. රාජ්‍ය නොවන සංවිධානයන් මෙම නව යටත්විජිතවාදයේ (මෙය යටත් විජිත කරණය ලෙස හැඳින්වූවාට කම් නැත) නවතම මෙන්ම ප‍්‍රබලතම වෙස් මුහුණ බව සනාථ කිරීමට මෙම පොතේ අප‍්‍රමාණවත් සාක්‍ෂි ඇත.

 

 

විශේෂඥ වෛද්‍ය සිසිර සිරිබද්දන