37_5 මෙරට කාබනික ආහාර කෙරෙහි ඇති ඉල්ලුම ඉහළට

මෙරට කාබනික ආහාර කෙරෙහි ඇති ඉල්ලුම ඉහළට සබරගමුව විශ්වවිද්‍යාලයේ කළ පර්යේෂණයකින් හෙළි වෙයි
 
ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය පුෂ්පා මල්කාන්ති මහත්මිය සහ පර්යේෂණ කණ්ඩායම, කරන ලද පර්යේෂණයක දී, කාබනික ආහාර පරිභෝජනයේ ස්වභාවය පිළිබඳ ව, මෙතෙක් කර ඇති පර්යේෂණවලින් අනාවරණය නො වූ කරුණු රාශියක් හෙළිදරවු කර ගෙන තිබේ.
 
 
පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානී
ආචාර්ය පුෂ්පා මල්කාන්ති මහත්මිය
 
ඇය සබරගමු විශ්වවිද්‍යාලයේ, කෘෂි විද්‍යා පීඨයේ, කෘෂි ව්‍යාපාර කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය වරියක් ලෙස සේවය කරන්නී ය
    සුපිරි වෙළෙඳසැල් ආශ්‍රිත ව කරන ලද පර්යේෂණයක දී කාබනික ආහාර කෙරෙහි මෙරට ජනතාව වැඩි උනන්දුවක් ඇති වී තිබෙන අයුරු නිරීක්ෂණය වී ඇත. ආහාර මිල දී ගැනීමේ දී සෞඛ්‍යයට හිතකර බව කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වන බව පෙන්නුම් කරන අතර, කෘෂි රාසායන අඩංගු ආහාර ද ජානමය වෙනස් කරන ලද කෘත්‍රිම රසකාරක ආහාර ද මිල දී ගැනීමේ අඩුවක් පෙන්වන බව හෙළි වී ඇත. පිළිකා වැනි බෝ නොවන රෝගවල ව්‍යාප්තිය ඉහළ යාමත් සමග, පාරිභෝගිකයන් තුළ කාබනික ආහාර කෙරෙහි යහපත් ආකල්පයක් ගොඩ නැගී ඇත. මේ අනුව වර්තමානයේ දී ආහාරයේ රසයට වඩා ගුණාත්මකභාවයට මුල් තැන දෙන තත්ත්වයකට පැමිණ තිබේ. බොහෝ දෙනා මෙතෙක් ආහාර අවශ්‍යතා සපුරා ගත් සාමාන්‍ය අලෙවිසැල් වෙනුවට, ගූණාත්මක කාබනික ආහාර අලෙවි කරන
සාමාන්‍ය අලෙවිසැල් වෙනුවට, ගූණාත්මක කාබනික ආහාර අලෙවි කරන අලෙවිසැල් වෙත මහජනතාවගේ මාරු වීමක් දක්නට ලැබේ
 
අලෙවිසැල් වෙත මාරු වීමක් ද දක්නට ලැබේ. එමෙන් ම තරාතිරම නො බලා, තමන්ට හැකි අයුරින්, වස විෂ නොයෙදු ආහාර ලබා ගැනීමට තම ගෙවතුවල බෝග වර්ග නිෂ්පාදනය කිරීමට ජනතාව උත්සාහ දැරීම ද දක්නට ලැබෙන ප්‍රවණතාවකි. මෙරට කාබනික ආහාර ප්‍රචලිත කිරීම සඳහා මතු වන බාධා පිළිබඳ ව ද අධ්‍යයනයේ දී අවධානය යොමු කොට ඇත.
    
    පර්යේෂණයට අනුව වර්තමානයේ නාගරික ජනගහනයෙන් වැඩි දෙනෙක් සුපිරි වෙළඳසැල්වලින් ගනුදෙනු කිරීමට යොමු වී ඇති බවට හෙළි වී ඇත. එම පාරිභෝගිකයන් අතුරින් බොහොමයක් දෙනා කාන්තාවන් වන අතර එම නිසා ම ආහාර මිල දී ගැනීමේ දී සෞඛ්‍යයට හිතකර බව පිළිබඳ ඔවුන්ගේ අවධානය වැඩි ය. වර්තමානයේ පාරිභෝගිකයන් කෘෂි රසායනික, හෝර්මෝන හා සත්ත්ව නිෂ්පාදන තුළ අඩංගු ඖෂධ වර්ග, ජාන වෙනස් කරන ලද නිෂ්පාදන සහ කෘත්‍රිම රසකාරක ආදිය පිළිබඳ ව සැලකිලිමත් වීම පෙරට වඩා වැඩි ය.
 
    වර්තමානයේ හොද හා නරක ආහාර වෙන් කර ගැනීමේ දී ආහාරයේ රසයට වඩා ගුණාත්මකභාවයට මුල් තැන දෙන තත්ත්වයකට පැමිණ තිබේ. තව ද බොහොමයක් දෙනා සිය ආහාර අවශ්‍යතා සපුරා ගැනීමට මෙතෙක් පුරුදු ව සිටි සාමාන්‍ය අලෙවිසැල් වෙනුවට ගුණාත්මක කාබනික ආහාර අලෙවි කරන ස්ථානවලට මාරු වීම ද දක්නට ලැබේ. එමෙන් ම තත්ත්වය තරාතිරම නොබලා තමන්ට හැකි අයුරින් වස විස නොයෙදු ගෙවත්තක් පවත්වා ගෙන යාමට උත්සහ දැරීම ද බොහෝ නාගරික ජනතාව අතර දක්නට ලැබෙන නව ප්‍රවණතාවකි.
    
    තවදුරටත් පැහැදිලි වූයේ, මේ වන විට බොහොමයක් පාරිභෝගිකයන් සතු ව පරිසර හිතකාමී බව පිළිබඳ ඉතා යහපත් ආකල්ප ගොඩ නැගෙමින් පැවතීමත්, ඔවුන් ඒ සඳහා ද සිය ආහාර රටාව වෙනස් කර ගැනීමට උත්සාහ දැරීමත් ය. 
 
    පර්යේෂණයේ වැදගත් ම අනාවරණය වන්නේ, සාම්ප්‍රදායික ආහාරවල ඇති සෞඛ්‍ය ගැටලු නිසා බොහොමයක් පාරිභෝගිකයින් මේ වන විට කාබනික ආහාර පරිභෝජනය කෙරෙහි යොමුවීමක් දක්නට ලැබීමයි. මෙරට නාගරික ප්‍රදේශවල බොහොමයක් දෙනා නිරන්තරයෙන් කාබනික ආහාර පරිභෝජනයට හුරු වී සිටිති. එමෙන් ම එම තත්ත්වය ඉදිරියේ දී වර්තමානයටත් වඩා වැඩි විය හැකි අතර එය ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතියේ හැරවුම් ලක්ෂයක් වනු ඇත. මෙම තත්ත්වය, ශ්‍රී ලංකාවේ දැනට ආහාර කර්මාන්තයේ යෙදී සිටින පුද්ගලයින්ටත්, ඉදිරියේ දී ආහාර කර්මාන්තයේ නියැළෙන පුද්ගලයින්ටත් ඉතා වැදගත් අවස්ථාවක් වන අතර, ඔවුන්ගේ ව්‍යාපාර අනාගතයේ දී කුමන දිශානතියකට යොමු විය යුතු ද යන්න එයින් නිගමනය කළ හැකි ය. 
 
    කාබනික ආහාරවල පවතින මිල අධික බව, කාබනික ආහාරවලට ජනතාව යොමු වීමට පවතින ප්‍රධාන ම ගැටලුව ලෙස ක්‍රියා කරයි. පාරිභෝගිකයන් සඳහන් කරන ආකාරයට, ඔවුන් කාබනික ආහාර මිල දී ගැනීමට වෙළඳපොළට පිවිසුණ ද, ඒවායේ ඇති මිල අධික බව නිසා ම ඒවා මිල දී නොගැනීමට ඔවුන්ට සිදු වේ. ඒ අනුව මිල යනු,
 
 
තරාතිරම නොබලා තමන්ට හැකි අයුරින් වස විස නොයෙදු ගෙවත්තක් පවත්වා ගෙන යාමට උත්සාහ දැරීම ද බොහෝ නාගරික ජනතාව අතර දක්නට ලැබෙන නව ප්‍රවණතාවකි
 
    කාබනික ආහාර යනු පොහොර, වර්ධන නියාමක, පශු සම්පත් පෝෂණය, පළිබෝධනාශක, ආකලන, ජෛව ඉංජිනේරු ජාන භාවිතයෙන් තොර ව වගා කර සකස් කරන ලද කෘෂිකාර්මික නිෂ්පාදන වේ. කාබනික ගොවිතැන පාලනය කරනු ලබන්නේ රටින් රටට වෙනස් වන රෙගුලාසි මගිනි. කාබනික ගොවිතැනේ ප්‍රධාන සංකල්පය වන්නේ කෘත්‍රිම ද්‍රව්‍ය හෝ ජාන වෙනස් කළ බෝග භාවිතයෙන් තොර ව ආහාර වගා කිරීමයි. සාම්ප්‍රදායික ගොවිතැනේ දී ගොවීන් රසායනික පොහොර, පළිබෝධනාශක, රසායනික වල් නාශක භාවිත කරනු ලබයි. කාබනික ආහාර නිෂ්පාදනය ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශයේ සැලකිය යුතු විභවයක් ඇත. කෙසේ වෙතත්, කාබනික යන වචනය ශ්‍රී ලංකාව තුළ අනිසි ලෙස භාවිත කර ඇත්තේ ඒ පිළිබඳ ව පැහැදිලි අවබෝධයක් නොමැති ව ය. පාරිසරික ගොවිතැන් ක්‍රම, බෝග සඳහා කොම්පෝස්ට් යෙදීම, ස්වාභාවික ගෘහස්ථ පිළිවෙත්, ස්වාභාවික හා කෘත්‍රිම යෙදවුම් යොදා නො ගෙන ඉඩම් නොසලකා හැර කරනු ලබන නිෂ්පාදන කාබනික යැයි අර්ථ දැක්විය නො හැකි ය. කාබනික යනු පිළිගත් තෙ වන පාර්ශවීය සංවිධානයක් විසින් සමස්ත ක්‍රියාවලිය ම සහතික කළ විට පාරිසරික නිෂ්පාදනය සඳහා ලබා දෙන ලේබල් කිරීමේ ක්‍රමයකි. කාබනික නිෂ්පාදන ක්‍රම පිළිබඳ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වීම පිළිබඳ තෙ වන පාර්ශවීය සහතිකයක් නොමැති ව, නිෂ්පාදනයක් ලේබල් කිරීම, හැඳින්වීම හෝ කාබනික ලෙස හැඳින්විය නො හැකි ය. නිෂ්පාදක රටවල් අතර, කාබනික බෝග නිෂ්පාදනය හා අපනයනය පිළිබඳ ශ්‍රී ලංකාව හොඳ නමක් දිනා ගෙන ඇති අතර කාබනික කෘෂිකාර්මික ව්‍යාපාරය සඳහා වූ ජාත්‍යන්තර සම්මේලනය (IFOAM) විසින් එය නිර්වචනය කර ඇත. IFOAM  සහ FIBL සංඛ්‍යාලේඛනවලට අනුව, 2011 දී ශ්‍රී ලංකාවේ කාබනික කෘෂිකර්මාන්තය යටතේ මුළු භූමි ප්‍රමාණය හෙක්ටයාර 19,469ක් විය.

 

කාබනික ආහාරවල පවතින මිල අධික බව, කාබනික ආහාරවලට ජනතාව යොමු වීමට පවතින ප්‍රධානම ගැටලුව ලෙස ක්‍රියා කරයි 

 
    කාබනික ආහාර කෙරෙහි පාරිභෝගික ආකල්ප වෙනස් කරන වැදගත් සාධකයකි. ශ්‍රී ලංකාව දියුණු වෙමින් පවතින රටක් නිසා ම පාරිභෝගිකයන් හට ඔවුන්ගේ සීමිත මුදල්, සෞඛ්‍යය ප්‍රතිලාභ ලබා ගැනීමට අධික ලෙස වියදම් කිරීමට හැකියාවක් නොමැත.
 
    වෙළඳපොළ තුළ කාබනික ආහාරවල අඛණ්ඩ සැපයුමක් නොමැති වීමත් ඒවා වෙළඳපොළ තුළ සුලබ නොවීමත් කාබනික ආහාර කෙරෙහි යහපත් පාරිභෝගික ආකල්පය අඩු කිරීමට හේතු වී තිබේ. මෙම තත්ත්වය පාරිභෝගිකයන් තුළ කාබනික ආහාරවල අක්‍රමවත් මිල දී ගැනීමේ හා අක්‍රමවත් රටාවක් නිර්මාණය කිරීමට හේතු වේ.
 
    කාබනික ආහාර පිළිබඳ පාරිභෝගිකයක් සතු විශ්වාසවන්තභාවය අඩුවීම හා විවිධ දුර්මත කාබනික ආහාර මිල දී ගැනීමේ කැමැත්ත අඩු කරන සාධක වේ. එම නිසා දිගුකාලීන පාරිභෝගික විශ්වාසයක් පවත්වා ගැනීමට කාබනික ආහාර පිළිබඳ සියලු නිරවද්‍ය තොරතුරු විනිවිදභාවයකින් යුතු ව ලබා දීම අත්‍යවශ්‍ය වේ. එමෙන් ම සහතිකකරණ ක්‍රම පවත්වා ගැනීම මගින් මෙම තත්ත්වය මග හරවා ගත හැකි ය.
 
    සමහර ආහාර වර්ග සඳහා යොදා ඇති සාවද්‍ය ලේබල්කරණය හේතුවෙන් මේ වන විට සහතිකකරණය සම්බන්ධයෙන් ද පාරිභෝගිකයන් අතර විශ්වාසය අඩු වීමක් දක්නට ලැබේ. එම නිසා රජය හා අනෙකුත් වගකිවයුතු පාර්ශව මෙම ක්‍රියා සම්බන්ධ කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු ව ඇත. 
 
    ඉහත සියලු කරුණු සලකා බැලූ විට සෞඛ්‍යයමය සාධක, පෞද්ගලික සාධක, වෙළෙඳපොළ හා අලෙවිකරණ සාධක කාබනික ආහාර කෙරෙහි ඍජු ව ම බලපාන සාධක ලෙස ක්‍රියා කරයි. එමෙන් ම කෘෂි රසායනික භාවිතයෙන් සැලකිය යුතු තරමේ සෞඛ්‍යය ගැටලු, පාරිසරික ගැටලු මෙරට ඇති වී තිබුණ ද, තවමත් කාබනික ආහාර පරිභෝජනයට යොමු වී සිටින පිරිස අවම මට්ටමක පවතින අතර බලධාරින්ගේ ප්‍රමාණවත් තරම් අවධානයක් මේ සම්බන්ධයෙන් යොමු නොවීමේ දුර්වලතාවක් ද පවතී.

 

කාබනික නිෂ්පාදන සහතික කිරීම
 
කාබනික නිෂ්පාදන සහතික කිරීම අලෙවිකරණයේ වැදගත් කාරණයක් ලෙස මතු වී තිබේ. කාබනික නිෂ්පාදන සහතික කිරීමේ දී කාර්යයන් තුනක් ඉටු වෙයි. පළමුවෙන් ම, කාබනික නොවන ආහාරවලට වඩා වෙනස් නොවන නිෂ්පාදනයක් කෘත්‍රිම යෙදවුම් සීමා කරන හෝ තහනම් කරන සහ පරිසරය ආරක්ෂා කරන නීතිරීතිවලට අනුව වගා කර, සැකසූ හා ඇසුරුම් කරන ලද බව පාරිභෝගිකයින්ට සහතික කරයි. දෙවනුව, කාබනික යන වචනය අයුතු ලෙස භාවිත කිරීම සහතික කළ ආහාරවලින් උපයා ගත හැකි මිල වාරික සහ වෙළඳපොළ කොටස වංචා නොකරන බවට නිෂ්පාදකයන්ට සහතික වේ. තෙවනුව, එය අලෙවිකරණ නාලිකාව ඔස්සේ නිෂ්පාදකයාගේ සිට පාරිභෝගිකයා දක්වා තොරතුරු අසමමිතිය අඩු කිරීමෙන් වෙ‍ළෙඳපොළ වඩාත් කාර්යක්ෂම කරයි. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ජාතික ප්‍රමිතිය සකස් කර ඇත. SLS 1324: යුරෝපා සංගම් අවශ්‍යතා‍වන්ට අනුකූල ව කාබනික කෘෂිකාර්මික නිෂ්පාදන හා සැකසුම් සඳහා ශ්‍රී ලංකා ප්‍රමිතිය, IFOAM කෝඩෙක්ස් ඇලිමන්ටේරියස්, තිරසාර කෘෂිකර්ම ඕස්ටේ‍රලියානු ජාතික සංගමය සහ LOAM (ලංකා කාබනික කෘෂිකාර්මික ව්‍යාපාරය) විසින් සපයන ලද මාර්ගෝපදේශ හෝ මූලික ප්‍රමිතීන් මත පදනම් ව මෙම ප්‍රමිති සකස් කර ඇත. මෙම ප්‍රමිති මගින් කාබනික ව නිපදවන කෘෂිකාර්මික නිෂ්පාදන සැකසීම, හැසිරවීම, ගබඩා කිරීම සහ ප්‍රවාහනය කිරීමේ ක්‍රම නියම කරයි. කාබනික කෘෂිකර්මාන්තය සඳහා වන ප්‍රමිතියක් මඟින් නිෂ්පාදන පද්ධතිය කළමනාකරණය කළ යුතු ආකාරය නිර්වචනය කර ඇති අතර පාංශු සාරවත් බව, පළිබෝධ පාලනය යනාදිය ආවරණය වන පරිදි නිසි ලෙස ඇසුරුම්ගත කිරීම හා ලේබල් කිරීම අවධාරණය කරයි.
වෙළඳපොළ තුළ කාබනික ආහාරවල අඛණ්ඩ සැපයුමක් නොමැති වීමත් ඒවා වෙළඳපොළ තුළ සුලබ නොවීමත් කාබනික ආහාර කෙරෙහි යහපත් පාරිභෝගික ආකල්පය අඩු කිරීමට හේතු වී තිබේ 
 
    ඉහළ යන කාබනික ආහාර ඉල්ලුම හා පාරිභෝගික අවශ්‍යතා සලකා බලා නිෂ්පාදකයින් හා අලෙවිකරුවන් වඩ වඩාත් නව තාක්ෂණික ක්‍රම භාවිත කරමින් මෙරට කාබනික නිෂ්පාදනය හා අලෙවිය නියමිත ප්‍රමිතියකට රැගෙන ආ යුතු කාලය එළඹී ඇත.
 
(මෙම පර්යේෂණය 2016 නොවැම්බර් සිට 2017 මැයි දක්වා ශ්‍රී ලංකාවේ ප්‍රධාන දිස්ත්‍රික්ක 06ක් (ගාල්ල, කොළඹ, ගම්පහ, නුවර, කුරුණෑගල, රත්නපුර) පාදක කර ගෙන කරන ලදී. එක් දිස්ත්‍රික්කයකින් අහඹු ලෙස පාරිභෝගිකයන් 100ක් වන පරිදි සුපිරි වෙළඳසැල් 24කින් සමස්තය 600ක් වන පාරිභෝගිකයන් සංඛ්‍යාවක් පර්යේෂණයට සහභාගි කර ගන්නා ලදී)
 
Image courtesy : EDB Srilanka, Daily FT, SLCARP

You may also like...