ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම දීප ව්‍යාප්ත මානසික සෞඛ්‍ය සමීක්ෂණය

සෞඛ්‍ය ආරක්ෂණ සහ පෝෂණ අමාත්‍යාංශයට අයත් ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ සංවර්ධන ව්‍යාපෘතියේ පර්යේෂණ අධාර මත 2007 දී පර්යේෂණ හා සංවර්ධන ආයතනය විසින් මෙම මෙම සමීක්ෂණය කරන ලදී.

ගෝලීය ව දැවෙන රෝගී තත්ත්වයන්ගෙන් 14%කට පමණ හේතු වන්නේ ස්නායු මනෝචිකිිත්සාවේ (Neuropsychiatric) තත්ත්ව ආශ‍්‍රිත ආබාධ ය. ප‍්‍රධාන ලෙස නිදන්ගත ව පවතින මානසික අවපීඩන තත්ත්ව සහ සුලභ මානසික රෝග මෙම ආබාධ තත්ත්වයට බලපායි.

මානසික ආබාධ සඳහා ප‍්‍රධාන වශයෙන් ම තත්ත්ව 05ක් දායකවේ. ඒක ධ‍්‍රැවීය සහ ද්වී ධ‍්‍රැවීය මානසික අවපීඩනය (Unipolar and bipolar depression), මත්ද්‍රව්‍ය භාවිතය (Alcohol use disorders) භින්නෝන්මාදය සහ ඩිමෙන්ෂියාව (schizophrenia and dementia) යනු එම තත්ත්ව වේ.

මානසික සෞඛ්‍ය සම්බන්ධ ව ශ‍්‍රී ලංකාවේ ඇති ගුණාත්මක දත්තවල හිඟය නිසා මෙතෙක් කල් එම ක්ෂේත‍්‍රය සම්බන්ධ ව පැවති නිගමන හුදෙක් උපකල්පන මත සිදු විය. මේ පිළිබඳ ව දැනුම් හැඩැස් පියවීමට කළ මෙම සමීක්ෂණයේ කොටස් 03ක් විය. ප‍්‍ර‍්‍රජා මානසික සෞඛ්‍ය සමීක්ෂණය, පාසල් පාදක මානසික සෞඛ්‍ය සමීක්ෂණය සහ මානසික සෞඛ්‍ය පිළිබඳ දැනුම සහ ආකල්ප සම්බන්ධ සමීක්ෂණය වශයෙනි.

2007 දී පැවති සිවිල් යුධ වාතාවරණය හේතු කොට ගෙන උතුරු සහ නැගෙනහිර පළාත්වල මෙම සමීක්ෂණය කිරීමට නොහැකි වුවත් අනෙකුත් සියලූ පළාත් ආවරණය වන පරිදි සමීක්ෂණය කරන ලදී.  

සාමාන්‍ය ජනතාව ඇසුරින් කළ අධ්‍යයනයට සහභාගි වූවන් (වයස 16-65ත් අතර) ගණන 6,120කි.

පාසල් ඇසුරින් කළ අධ්‍යයනයට සහභාගි වූවන් ගණන 3,777කි.

මානසික සෞඛ්‍ය පිළිබඳ දැනුම සහ ආකල්ප පිළිබඳ කළ සමීක්ෂණය මහජනතාව සහ වෘත්තීයවේදීන් ඇසුරෙන් කරන ලදී.

මෙම සමීක්ෂණයේ නිගමන සහ නිර්දේශ ඇතුළත් සම්පූර්ණ වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයට බාර දෙන ලදී.  

10% – මුළු ජනගහනයෙන් 10%ක් මානසික ආබාධ එකක් හෝ කිහිපයකින් පෙළෙති

2.4% – දරුණු මානසික අවපීඩන තත්ත්වයෙන් පෙළෙති

6.9% – සුළු හා මධ්‍ය මානසික අවපීඩන තත්ත්වයෙන් පෙළෙති

2.9% – පශ්චාද් ව්‍යවසන කල්මත අක‍්‍රමිකතා රෝගී තත්ත්වයෙන් පෙළෙති

2.9% – පශ්චාද් ව්‍යවසන කල්මත අක‍්‍රමිකතා රෝගී තත්ත්වයෙන් පෙළෙති

2.9% – කායරූපී රෝගයෙන් පෙළෙති

1.9% – සාංකාව (Anxiety) රෝගයෙන් පෙළෙති

 

NHMS

You may also like...