මරියා ස්ටොඩොව්ස්කා කියුරි

උපත-1867 නොවැම්බර් 07

විපත-1934 ජුලි 04

ජාතිය- පෝලන්ත සහ ප‍්‍රංශ

ක්ෂේත‍්‍රය- භෞතික විද්‍යාව, රසායන විද්‍යාව

ආයතනය- පැරිස් විශ්වවිද්‍යාලය

අධා්‍යාපනය ලැබූ විශ්වවිද්‍යාලය- පැරිස් විශ්ව විද්‍යාලය

උපදේශක- හෙන්රි බෙකරල්

වෛද්‍ය සිසුන්- ඔන්රේ ලූයි දෙබියැර්න, මාර්ගරිත් කැතරින් පෙරේ

ප‍්‍රසිද්ධියට පත් වු ක්ෂේත‍්‍ර- විකිරණශීලතාවය

සැලකිය යුතු ත්‍යාග-

භෞතික විද්‍යාව වෙනුවෙන් නොබෙල් ත්‍යාගය (1903)

ඬේවි ත්‍යාගය (1903)

මැඩකියුසි ත්‍යාගය (1904)

රසායනික විද්‍යාව වෙනුවෙන් නොබෙල් ත්‍යාගය (19110

 

‘මාරියා ස්ටොඩොව්ස්කා කියුරි’ හෙවත් ‘මාරි කියුරි’ භෞතික විද්‍යාඥවරියක් මෙන් ම රසායනික විද්‍යාඥවරියක් ද විය. ‘විකිරණශීලතාවය’ නමැති ක්ෂේත‍්‍රයේ පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ ඇය නොබෙල් ත්‍යාගය දෙවරක් දිනා ගැනීමට හැකියාව ලබා ගත්තා ය. වර්තමානය වනතුරු විද්‍යා ක්ෂේත‍්‍රයන් දෙකක නොබෙල් ත්‍යාගය දිනාගත් එක ම පුද්ගලයා ඇය යි.

ඇය උපත ලැබුවේ රුසියානු අධිරාජ්‍යයේ පෝලන්ත කොංග‍්‍රසයේ වොර්සාව් නුවර වන අතර, වයස අවුරුදු 24 වන තෙක් එහි ජීවත් වුවා ය. 1891 දී අධ්‍යාපන කටයුතු සදහා පැරීසියට යන ඇය එහි දී තම ඉහළ උපාධිය ලබා ගෙන විද්‍යා ක්ෂේත‍්‍රයේ අධ්‍යාපන කටයුතුවල නියැලූනේ ය. කුඩා කල සිට ම ඇයට හොඳ මතකයක් තිබුණු අතර, වැඩ කිරීමට ආශාවක් ද විය. එබැවින් අධ්‍යාපනය හැදෑරීම සදහා ආහාර සහ නින්ද අතහැර දැමූ පුද්ගලයෙක් ලෙස ප‍්‍රසිද්ධියට පත්විය.

පැරිස් විශ්වවිද්‍යාලයේ දී ස්ටොඩොව්ස්කා ගණිතය, භෞතික විද්‍යාව සහ රසායන විද්‍යාව උගත්තා ය. (පසු කාලයක දී  එනම් 1909 දී ඇය විශ්වවිද්‍යාලයේ ප‍්‍රථම කාන්තා මහාචාර්යවරිය ලෙස පත්වන විට ඇගේ නැසීගිය සැමියාගේ රැුකියාව වන භෞතික විද්‍යාව ඉගැන්වීමේ අවස්ථාව ඇයට හිමිවිය. ඔහුගේ ඛේදාන්ත මරණයට පෙර මෙම තනතුර ඔහු විසින් දරන ලද්දේ වසර දෙකහමාරක් පමණි) 1893 මුල් භාගයේ දී ඇය විශ්වවිද්‍යාලයේ ප‍්‍රථම ස්ථානය ලබා ගත්තා ය. ඉන් වසරකට පසු එම විශ්වවිද්‍යාලයෙන් ම අංක ගණිතය පිළිබද ඉහළ උපාධිය ද ලබාගත්තා ය. 1903 දී හෙන්රි බෙකරල්ගේ අධීක්ෂණය යටතේ පැරිස් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් ලබා ගත් පැරීසියේ පළමු කාන්තාව බවට පත්විය.

පැරිස් විශ්වවිද්‍යාලයේ දී ඇයට පියරි කියුරි හමු වූ අතර, ඇය ඔහු සමග විවාහ ගිවිස ගත්තා ය. එම කාලයේ දී පියරි කියුරි භෞතික විද්‍යාව හා රසායන විද්‍යාව පිළිබද පාසලේ ගුරුවරයෙක් වු අතර ස්ටොඩොවිස්කා පැරිස් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවක් විය. ඇය ලෝහවල චුම්භක ද්‍රව්‍ය පිළිබද අධ්‍යනය කරමින් විද්‍යාඥවරියක් ලෙස තම රැුකියාව ආරම්භ කළා ය. චුම්භකත්වය පිළිබද ස්ටොඩොවිස්කාගේ සහ කියුරිගේ කැමැත්ත ඔවුන් දෙදෙනා එක් කිරීමට සමත් විය. ක‍්‍රමයෙන් විකිරණශීලී ද්‍රව්‍ය පිළිබඳ අධ්‍යයන ආරම්භ කළ අතර විශේෂයෙන් ම ‘යුරේනියම්’ ලබාගන්නා ලෝහය එනම් ‘පිච් බෙලෙන්ඞ්’ පිළිබද වැඩි අවධානයක් යොමු කරන ලදී. 1898 වන විට ඇය පැමිණි නිගමනය වූයේ ‘පිච් බෙලෙන්ඞ්’ නොදන්නා සංයෝගවලින් සමන්විත වන අතර යුරේනියම්වලට වඩා විකිරණශීලී බව යි. 1898 ජුලි මාසයේ දී මාරි සහ පියරි කියුරි එක්ව ‘පොලෝනියම්’ නමින් ඔවුන් විසින් හදුනාගත් මුලද්‍රව්‍යයක් පිළිබද ලිපියක් සකස් කෙරිණි. ඇය උපන් පෝලන්තයට ගෞරවයක් ලෙස එම මුලද්‍රව්‍ය ‘පොලෝනියම්’ ලෙස නම් කරන ලදී. 1898 දෙසැ. 26 දින දෙවන මුලද්‍රව්‍යයක පිහිටීම පිළිබද ඇය දැනුම් දුන් අතර එහි ඇති විකිරණශීලීතාවය නිසා එය ‘රේඩියම්’ ලෙස නම් කරන ලදී.

1903 දී විද්‍යාව පිළිබද ව රාජකීය ස්වීඩන් ආයතනයෙන් පියරි කියුරි, මාරි කියුරි සහ හෙන්රි බෙකරල් යන තිදෙනාට භෞතික විද්‍යාව පිළිබද නොබෙල් ත්‍යාගය ලබා දෙන ලද්දේ මහාචාර්ය හෙන්රි බෙකරල් විසින් හදුන්වාදෙන ලද විකිරණශීලීතාවය නමැති සංකල්පය මත සිදු කරන ලද සමුහ පර්යේෂණවලට ඇගයීමක් ලෙස ය. නොබෙල් ත්‍යාගයක් ලබා ගත් ප‍්‍රථම කාන්තාව මාරි කියුරි ය. වසර අටකට පසු ව එනම් 1911 දී ඇය රසායන විද්‍යාව නොබෙල් ත්‍යාගය දිනා ගත්තේ රේඩියම් වෙන්කිරීම මගින් රේඩියම් සහ පොලෝනියම් නමැති මුලද්‍රව්‍ය දෙක හදුන්වාදීම සහ ඒවායෙහි ස්වභාවය සහ සංයුතිය පිළිබද අධ්‍යනය කිරීමෙන් රසායන විද්‍යාවේ දියුණුවට සිදු කරන ලද සේවය ඇගයීමක් ලෙස ය.

කියුරි රේඩියම් වෙන් කිරීමේ ක‍්‍රියාවලිය සදහා පේටන්ට් බලපත‍්‍රයක් ලබා ගැනීම ප‍්‍රතික්ෂේප කරන්නේ මේ පිළිබඳ ව තව දුරටත් අධ්‍යයනය කරන්නකුට එය බාධාවක් නොවනු පිණිස ය. කියුරි නොබෙල් ත්‍යාග දෙකක් දිනා ගැනීමට හෝ ඒවාට හිමිකම් පෑමට හැකි වූ ප‍්‍රථම පුද්ගලයා විය. වෙනස් වූ ක්ෂේත‍්‍ර දෙකක දී නොබෙල් ත්‍යාග ලබා ගැනීමට හැකි වූ දෙදෙනාගෙන් එක් අයෙක් ඇය විය. කෙසේ වුව ද විද්‍යාව පිළිබද ප‍්‍රංශ ඇකඩමිය කාන්තාවන්ට එරෙහිව ඔවුනගේ පැවති දුර්මතය ඉවත දැමීමට අකමැති වූ අතර එහි සාමාජිකත්වය ලබා ගැනීම සදහා එක් ඡුන්දයකින් ඇය පරාජයට පත්විය. ඇයගෙන් උගත් ශිෂ්‍යයාවක් වන මාගරිට් පෙරී 1962 දී එනම් පියරි කියුරි 1905 දී සාමාජිකත්වය ලබා ගැනීමෙන් වසර 50කට පසු ව, ප‍්‍රථම කාන්තාව ලෙස මෙම ඇකඩමියට තේරී පත්විය.

1934 අපේ‍්‍රල් 19 වන දින මාරි කියුරිගේ ස්වාමියා වන පියරි කවුරි තමන් විසින් ලියන ලද ලිපියක වැරදි අඩුපාඩු බැලීම සඳහා කාර්යාලයෙන් නික්මෙන අතරේ අනතුරකට ලක් වීමෙන් ජීවිතක්ෂයට පත්විය. බොහෝ වේලාවක් විකිරණශීලතාවයට නිරාවරණය වීම නිසා මීට පෙර ද ඔහු දුර්වල වී සිටි බව බොහෝ දෙනා පැවසූව ද මෙම අනතුරට හේතු වන්නේ එය බවට ඔප්පු වූ සාධක නොමැත.

පළමු ලෝක යුද්ධ සමයේ කියුරි ජංගම විකිරණශීලි අංශ පවත්වාගෙන ගිය අතර එය පසු කාලයක දී ජනප‍්‍රිය වුයේ Petites Curie (පුංචි කියුරි) ලෙස යි. මෙය පවත්වා ගෙන යන ලද්දේ තුවාල වූ සොල්දාදුවන්ට ප‍්‍රතිකාර කිරීමට ය. රේඩියම් මගින් ලබා දෙන ලද අවර්ණ විකිරණශීලි වායු එනම් පසු කලෙක දී රේඩියම් ලෙස හදුනාගත් වායු යොදා ගෙන සකස් කරන ලද විකිරණශීලී නල මගින් මෙම අංශවලට විදුලිය ලබා දෙන ලදී. ඇය විසින් ලබා ගන්නා ලද රේඩියම් මගින් ඇය මෙම නලවලට රේඩියම් සපයන ලදී. එමෙන් ම යුද්ධය ආරම්භයෙන්  පසු ව තමාටත් තම සැමියාටත් නොබෙල් ත්‍යාගයේ ලැබුණු මුදල් යුධබිමේ රෝගීන් වෙනුවෙන් පරිත්‍යාග කිරීමට තරම් ඇය කාරුණික විය.

පළවන ලෝක යුද්ධය අවසානයේ දී කියුරි ඇමෙරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරත වූ අතර එහි දී ඇය ඉතාම ජයග‍්‍රාහී ලෙස පිළිගෙන රේඩියම් පිළිබද පර්යේෂණවලට මුදල් එකතු කිරීම සදහා ඇයගේ උදව් ලබාගන්නා ලදී. තමා සිදු කළ විද්‍යාත්මක කාර්යයන් නිසා ලැබෙන ප‍්‍රසිද්ධිය හේතුවෙන් සිදු වූ අවහිරතා ඇය අපහසුතාවයට පත් කළ ද එයින් තම කාර්යයන් සදහා සම්පත් එක් රැුස් කිරීමට හැකියාව ඇයට ලැබුණි. ඇගේ දෙවැනි ඇමරිකානු ගමනේ දී , 1925 ඇගේ සොහොයුරිය වන බ්‍රොනිස්ලාවා සමග පිහිටුවා ගත් වර්සව් රේඩියම් ආයතනයට උපකරණ ලබා ගැනීමට ඇයට හැකියාව ලැබුණි.

පසු කලෙක දී කියුරි පැස්චර් ආයතනයෙහි මුලිකත්වය ගත් අතර පැරිස් විශ්වවිද්‍යාලය මගින් ඇය වෙනුවෙන් සකස් කරන ලද විකිරණශීලී විද්‍යාගාරයේ ද ප‍්‍රධානියා බවට පත්විය.

1934 දී සැලැන්ෂස් සැවෝයිහි ඇගේ මරණය සිදුවූයේ (ඇට මිදුලූ වර්ධනය නොවීම නිස) රුධිර සෙලවල ඇති ඌනතාවය හේතුවෙනි. මෙය ඇත්ත වශයෙන් ම සිදුවූයේ විකිරණශීලීතාවයට බොහෝ වේලාවක් නිරවරණය වීමෙන් වන අතර විකිරණශීලී ද්‍රව්‍යයවලින් සිදුවන හානිය එකල සොයා ගෙන නොතිබුණු නිසාවෙනි. එසේ ම ඇය බොහෝ කාර්යයන් සිදු කරන ලද්දේ කිසිදු ආරක්ෂිත පියවරක් අනුගමනය නොකරමින් වන අතර විකිරණශීලී සමස්ථානික රැුගත් නළ ඇය විසින් නිතර ම තම පොකැට්ටුවේ දමා ගෙන යාම ද තම මේසයේ ලාච්චුවක දමා තිබීම ද පුරුද්දක් කරගෙන සිටියා ය. එසේ සිදු කළේ මෙම මුලද්‍රව්‍ය  අදුරේ දී ලබාදෙන කොළ පැහැයට හුරු නිල් පැහැති ආලෝකය නිසා ය. ඇය මිහිදන් කරන ලද්දේ ද සැමියා මිහිදන් කළ සුසාන භූමියේ ය. එහෙත්් වසර 60කට පසු එනම් 1995 දී ඔවුන් සිදු කළ සේවයට ගෞරව කිරීමක් වශයෙන් ඔවුන් දෙදෙනාගේ භෂ්මාවශේෂ පැරීසියේ පැන්තන් නමැති ස්ථානයට ගෙන යන ලදී.

කියුරි යුවලගේ වැඩිමහල් දියණිය වන ඉරේන් ජෝලියට් කියුරි රසායන විද්‍යාව සදහා 1935 දී නොබෙල් ත්‍යාගය දිනා ගත්තේ ඇලූමිනියම් විකිරණශීලී බවත් ඒවා ඇල්ෆා කිරණ සමග විචර්ෂණය කිරීමෙන් නියුටෝ‍්‍රන පිටකරන බවත් සොයා ගැනීම හේතුවෙනි. පසු කලෙක ඔවුන්ගේ බාල ම දියණිය එනම් ඊවා කියුරි විසින් මාරි කියුරි පිළිබද චරිතාපදානයක් සකස් කරන ලදී.

 

මාරි කියුරි ලබාගත් ගෞරව සම්මාන

X සිදු කළ මෙහෙයට ගෞරව පිණිස කියුරි (Ci) යන සංඛේතය විකිරණශීලීතාවයේ ඒකකය ලෙස හදුන්වා දුන් අතර, පරමාණුක අංක 96 වන මූලද්‍රව්‍ය කියුරියම් ලෙස නම් කරන ලදී.

X මාරි කියුරි ගේ රූපය 1980 දී පෝලන්ත බැංකු නෝට්ටුවක සදහන් වූ අතර බොහෝ මුද්දර සහ කාසිවල ද ඇගේ රූපය අඩංගු විය. ප‍්‍රංශ ෆ්?න්ක් නෝට්ටුව යූරෝ බවට පත් කිරීමට පෙර අවසාන ෆ්න්ක් 500 නෝට්ටුවේ ද ඇය සහ සැමියාගේ රූපය අඩංගු විය.

x 1943 දී ඔස්කා සම්මානයට නාමයෝජනා ඉදිරිපත් වූ කියුරිගේ ජීවන කතාව පදනම් කරගත් Madame Curie නමැති චිත‍්‍රපටියේ ග‍්‍රී ගාසන් සහ වෝලටර් පිජන් රංගනයෙන් දායක විය. 1988 යාහු ආයතනය විසින් නිෂ්පාදනය කරන ලද තරුණ අයින්ස්ටයින් (Young Einstein) නමැති හාස්‍ය උත්පාදක කෘතියේ මාරි කියුරි නම එක් චරිතයකට යොදා ගෙන තිබුණි.

X විකිරණශීලී ලෝහ තුනක් ඇයගේ නමින් නම් කරන ලදී. Curite” Sklodowskite, Cuprosklodowskite

 

පියරි සහ මාරි කියුරි විශ්වවිද්‍යාලය එනම් ප‍්‍රංශයේ පවතින විශාලතම විද්‍යා තාක්ෂණ සහ වෛද්‍ය  විද්‍යාලය, පැරිසීයේ විශ්වවිද්‍යාලයෙන් පසු බිහි වූ ආයතනයකි. ඇය මෙම ආයතනයේ ඉගැන්වීම් කටයුතු කළ අතර ඇයගේ සහ සැමියාගේ නම මෙම ආයතනයට යොදා ගන්නා ලද්දේ ඔවුන්ට කරන ගෞරවයක් වශයෙනි. ඔවුන් විසින් රේඩියම් හදුන්වාදෙන ලද විද්‍යාගාරයට මෙම විශ්වවිද්‍යාලය නිවසක් බදු ය.

ඇයගේ නමින් නම් කරන ලද තවත් ආයතනයක් නම් විද්‍යාව තාක්ෂණය පිළිබද අධ්‍යයන කෙරෙන නිව්යෝර්ක් හි මාරි කියුරි ආයතනය යි (Marie Curie M.S. 158). එමෙන්ම කියුරි උසස් අධ්‍යාපන ආයතනය (Curie Metropolitan high school) පිහිටා ඇත්තේ චිකාගෝ හි ඊසාන දිගිනි. එහිදී තාක්ෂණය නාට්‍ය හා රංග කලාව ආදී විෂයයන් ඉගැන්වීම් කරනු ලබයි.

 

2007 වර්ෂයේ දී පැරීසියේ පියරි කියුරි උමං දුම්රිය ස්ථානය නැවත වරක් පියරි සහ මාරි කියුරි දුම්රිය ස්ථානය ලෙස නම් කරන ලදී. ජෝසප් සී . මසුර් විසින් සකස් කරන ලද මාරි ස්ටොලොවිස්කා කියුරි මුද්‍රාව විශ්ව විද්‍යාලයේ පෝලන්ත දේශන ශාලාවේ දී දැකගැනීමේ හැකියාව ඇත.

You may also like...