ධීවර කර්මාන්තය තුළ සාම්ප‍්‍රදායික ක‍්‍රම ශිල්ප භාවිතය

විද්වත් විවරණය

ශ‍්‍රී ලංකාවේ ස්වාභාවික පිහිටීම හා සම්පත් පිළිබඳ සලකා බැලීමේ දී ධීවර කර්මාන්තයට සුවිශේෂි ස්ථානයක් හිමි වේ. ශ‍්‍රී ලංකාවේ පරම ආර්ථික කලාපය වර්ග කි.මී. 437, 400කින් සමන්විත වන්නේල වර්ග කි.මී. 18, 060කින් යුත් රාශ්ටී‍්‍රය මුහුදු ප‍්‍රදේශය සහ යාබද මුහුදු සීමාව වන වග කි.මී. 19, 620 ද ඇතුඵවයි. ඒ අනුව ශ‍්‍රී ලංකාව සතු ගෙඩබිම් ප‍්‍රමාණය හා සැසදීමේ දී සාගරයේ ඇති වැදගත්කම තහවුරු කර ගත හැකි ය. එසේ ම දළ දේශීය නිෂ්පාදනය 2.7%කට ආසන්න ප‍්‍රමාණයකට ධීවර කර්මාන්තය ප‍්‍රමාණාත්මක ව දායකත්වයක් සපයනු ලබන අතර, ධීවර කර්මාන්තය ආශ‍්‍රිත සෘජු රැුකියා ප‍්‍රමාණය 150, 000 ඉක්මවයි. ඊට පරිබාහිර ව 100,000ට අධික පිරිසක් ඒ ආශ‍්‍රිත වක‍්‍ර රැුකියාවල නිරත වී සිටිති. ඒ අනුව සමස්ත ජනගහනයෙන් මිලියන එකකට අධික ප‍්‍රමාණයක් ධීවර කර්මාන්තය සිය ජීවිකාව කොට ඇත. මෙම සරල පැතිකඩ තුළින් අදහස් වන්නේ දිවයිනේ ධීවර කර්මාන්තයට ඇති උපයෝගීතාවයි. මෙම ජලජ පරිසරය තුළ බහුතර සම්පත් ප‍්‍රමාණයක් ඒකරාශී ව පැවතිය ද එම සම්පත් නිසියාකාර ව හදුනා නොගැනීම සහ අනිසි භාවිතය නිසා කළමනාකරණයේ අවශ්‍යතාව ද අවධාරණය කළ යුතු ව ඇත.

ධීවර කර්මාන්තයයේ ස්වභාවය, ව්‍යාප්තිය, ධීවර ගම්මාන සහ කළමනාකරණය යන අංශවලට අවධානය යොමු කරමින් ධීවර කර්මාන්තයේ අනාගත පැවැත්ම උදෙසා ඒ කළමනාකරණය කළ යුතු ය යන්න අවධාරණය කිරීම මෙම ව්‍යාපෘති අධ්‍යයනයේ මුලික හරය වී ඇත. පාසල් ශිෂ්‍යාවක ලෙස ස්වාභාවික සම්පත් පරිහරණය  යටතේ මෙවැනි වු මාතෘකාවකට පිවිසීම අගය කළ යුතු වන්නේ තිරසර පැවැත්මක් උදෙසා තව දුරටත් අප සතු සම්පත් හදුනා ගැනීම, එහි ඇති ශක්‍යතා විමසා බැලීම නිරන්තර ව කළ යුතු ව ඇති බැවිනි. එබැවින් සමස්තයක් වශයෙන් ද්විතවීයික දත්ත මුලාශ‍්‍ර කොට පාරිසරික සම්පත්වලට අවධානය යොමු කරමින් මෙවැනි වු වාර්තාවක් ……..  ශිෂ්‍යාව විසින් ඉදිරිපත් කිරීමට උත්සාහ දැරීම වැදගත් කොට සැලකිය හැකි ය.

තව දුරටත් මෙවැනි වූ වාර්තා සංවර්ධනය කිරීමට උත්සාහ දරන්නේ නම් පහත සඳහන් කරුණුවලට ද අවධානයක් යොමු කිරිම වැදගත් ය.

මාතෘකාව තෝරා ගැනීම

මාතෘකාව කාලෝචිත වුව ද ඉතා පුඵල් මාතෘකාවකට එළඹීම පදනම් කොට ගෙන කරුණු විසිරි ගිය ස්වභාවයක් දක්නට ලැබේ. එසේ ම මාතෘකාව තවදුරටත් පුඵල් වන්නේ කළමනාකරණය යන  අංශය ද මාතෘකාවට එකතු කිරීම නිසා ය. එහෙයින් ධීවර කර්මාන්තයේ ස්වභාවය, ව්‍යාප්තිය, ධීවර ගම්මාන, සාම්ප‍්‍රදායික හා නුතන ආම්පන්න පිළිබඳ ව කරුණු ඉදිරිපත් කළ ද ධීවර සම්පත් කලමණාකරණය යන අංශයට අවම අවධානයක් යොමු කිරීම නිසා මාතෘකාවේ සමබරතාව ගිලිහිගොස් ඇති බවක්  දක්නට ලැබේ.

එබැවින් මෙම පුළුල් තේමාවේ එක් අංශයකට සුවිශේශී ව අවධානය යොමු කරමින්, උදාහරණ ලෙස ශ‍්‍රී ලංකාවේ මිරිදිය ධීවර කර්මාන්තය/ ශ‍්‍රී ලංකාවේ මිරිදිය ධීවර කර්මාන්තයේ ඇති වැදගත්කම/ ධීවර කර්මාන්තය තුළ සාම්ප‍්‍රදායික ක‍්‍රම ශිල්ප භාවිතය වැනි  මාතෘකාවකට එළඹියේ නම් තව දුරටත් ඔබගේ ව්‍යාපෘති වර්තාව සාර්ථක වනු ඇත.

අරමුණු ගොඩ නැගීම

මාතෘකාව පුඵල් වපසරියක පවතින බැවින් අරමුණු ද පුඵල් ස්වභාවයකින් යුක්ත ය. දෙවනුව අරමුණු ද මෙයට වඩා සරල ව හා විධිමත් පෙළ ගැස්මකින් යුක්ත ව ඉදිරිපත් කළේ නම් වඩා සුදුසු ය. එනම් අරමුණුවල ගලා යාම හා සංගතභාවය බිඳ වැටී ඇති බවක් දක්නට ලැබේ. තෙවනුව ශිෂ්‍යාව ඉදිරිපත් කොට ඇති පළමු වන අරමුණ වන  ධීවර සම්පත් හා ධීවර සම්පත් කළමනාකරණය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම යන්න ව්‍යාපෘතියේ මුලික හරය වන බැවින් එය එක් අරමුණක් ලෙස ඉදිරිපත් කිරීම එතරම් යෝග්‍ය නොවන  අතර ගොඩ නගා ඇති අනෙක්  සියලු ම අරමුණු ඒ තුළ ගැබ් ව පවති.

අන්තර්ගතය

වාර්තාවේ හැඳින්වීම සාර්ථක ව ගෙඩ නගා ඇත. එසේ නමුත් සාරාංශගත හැඳින්වීමක එයට පරිබාහිර වු පින්තූර ඇතුළත් කිරීම මෙවැනි අධ්‍යයනවල දී එතරම් සුදුසු නොවෙයි. එසේ ම පිහිටීම, ව්‍යාප්තිය සම්බන්ධයෙන් විස්තර කරන ස්ථානයක සිතියමක් මගින් ශ‍්‍රී ලංකාවේ පරම ආර්ථික කලාපය ද ඇතුළත්  කොට ධීවර කර්මාන්තයේ පිහිටීම පෙන්වා දුන්නේ නම් ධීවර සම්පතේ ඇති ස්වාභාවික වැදගත්කම හා අධ්‍යයනයේ ඇති වැදගත්කම තව දුරටත් තහවුරු කර ගැනීමට හැකියාව තිබිණි (මෙම මුලික කරුණු පිළිබඳ අවබොධයක් 9 වන ශ්‍රෙණියේ සිට ඉදිරියට ඇති භුගෝල විද්‍යාව විෂයය තුළ අන්තර්ගත ය). එබැවින් ඔබ මෙතෙක් පාසලේ දී උගත් දේ නිසියාකාර ව භාවිතයට ගෙන ව්‍යාපෘති වාර්තාව සකස් කර ඇති බවක් දක්නට නොලැබේ.

අරමුණෙන් අරමුණට කරුණු ඉදිරිපත් කිරීමට උත්සාහ කිරීම නිසා ද කරුණු ගලා යාම බිද වැටී ඇත. උදාහරණ ලෙස ධීවර සම්පත් කළමනාකරණය යන කොටස අවසන් අදියරේ දී එනම් ධීවරයන් මුහුණ පාන ගැටලූ හා සම්බන්ධ කොට කළමනාකරණයේ අවශ්‍යතාව පෙන්වා දුන්නේ නම් වඩාත් යෝග්‍යය ය. කෙසේ නමුත් ශ‍්‍රී ලංකාවේ සමස්ත ධීවර කර්මාන්තය පිළිබඳ ව සාරාංශයක් වාර්තාවෙන් දක්නට ලැබේ.

භාෂා භාවිතය

භාෂාව භාවිතය යම් යම් ස්ථානවල බිඳි ගොස් ඇත. සමස්ත වාර්තාව තුළ ව්‍යාකරණ පිළිබඳ ව අඩු අවධානයක් යොමු කිරීම දුර්වලතාවකි. එබැවින් උක්ත ආඛ්‍යාත දෝෂ, නිවැරදි අක්ෂර භාවිත නොකිරීම, වචන ඇත් නොකිරීම දක්නට ලැබේ. තව ද සමහර ස්ථානවල ලියා ඇති වාක්‍ය කියවීමේ අපහසුතා දක්නට ලැබුණි. එබැවින් භාෂා භාවිතය පිළිබඳ ව මෙයට වඩා අවධානයක් යොමු කළේ නම් යෝග්‍යය ය.

ව්‍යාපෘති අකෘතිය

පිටු අංක නොකිරීමල පින්තූර-රූප සටහන්වල අදාළභාවයල රූප සටහන්/ චිත‍්‍රවල වඩා විධිමත් බවල ආශ‍්‍රිත ග‍්‍රන්ථ වාර්තාව අවසානයේ දී ඇතුළත් කිරීම යන අංශවලට ද අවධානයක් යොමු කොට තව දුරටත් සැලසුම් සහගත අයුරින්  ආකෘතිය ඉදිරිපත් කළේ නම් වඩා සාර්ථක හා නිමාවකින් යුතු ව්‍යාපෘති වාර්තාවක් වනු ඇත.

 

 

ලසන්තී ගීතානී කක්ගොඩ ආරච්චි

කථිකාචාරිණී

උපදේශන ඒකකය සහ සමාජ විද්‍යා දෙපාර්තමේන්තුව

ජාතික අධ්‍යාපන ආයතනය

You may also like...