Project 8

ඒඩ්ස් සහ ලිංගිකව සම්ප්‍රේෂණය වන අනෙකුත් රෝග

ඒ.ජී.ආර්.ජානකී වත්සලා, බණ්ඩාරනායක බාලිකා මහා විදුහල, අම්පාර

සාරාංශය

අරමුණු

ඒඩ්ස් සහ අනෙකුත් ලිංගික ව සම්ප්‍රේෂණය වන රෝග පිළිබඳ ව හැදෑරීම සහ ඒවා වළක්වා ගැනීම පිළිබඳ ව දැනුවත් කිරීම.

ක්‍රමවේදය

පොත පත පත්‍රිකා ආදියෙන් කියවා දැන ගැනීම

දත්ත විශ්ලේෂණය

ලිංගික ව සම්ප්‍රේෂණය වන රෝග යනුවෙන් අදහස් කරන්නේ අනාරක්ෂිත ලිංගික හැසිරීමක දී ආසාදිත පුද්ගලයන්ගෙන් තවත් පුද්ගලයෙකු වෙත පැතිරෙන රෝග වේ. බහුලව ම දැකිය හැකි රෝග අතර සුදු බිංදුම, උපදංශය, හර්පීස්, ලිංගික ඉන්නන්, ගොනෝරියාව නොවන මුත්‍රා ප්‍රදාහය, ඒඩ්ස් යනාදිය දැක්විය හැකි ය.

ඒඩ්ස් රෝගය ්‍යෂඪ මගින් බෝවේ. මෙම වයිරසය 1983 දී සොයා ගන්නා ලදී. ලංකාවේ පළමු රෝගියා 1986 දී වාර්තා විය. 2002 වන විට ආසාදිතයන් 405 ක් ලංකාවෙන් සොයා ගෙන ඇත. එහෙත් ඇස්තමේන්තු කර ඇති ගණන 8500ක් පමණ වේ.

නිගමන

ලිංගිකත්වය ගැන වගකීමෙන් කටයුතු කිරීමෙන් මෙම බොහෝ රෝග වලින් වැළකී සිටිය හැකිය. මෙම රෝග බෝවන ක්‍රම, බෝ නොවන ක්‍රම ආදිය පිළිබඳ ව දැනගෙන සිටීම වැදගත් වේ. රජයේ රෝහල් වලින් රහසිගත ව මෙම රෝග පිළිබඳව පරීක්ෂා කරවා ගැනීමට සායන ඇත.

හැඳින්වීම

ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග යනුවෙන් අදහස් කරන්නේ අනාරක්ෂිත ලිංගික හැසිරීමකදී ආසාදිත පුද්ගලයන්ගෙන් තවත් පුද්ගලයකු වෙත පැතිරෙන රෝග වේ. මෙවැනි ලිංගික සම්බන්ධයක් පවත්වන ඕනෑම අයකුට මෙම රෝග බෝවිය හැකිය. බැක්ටීරියා, දිලීර, වයිරස හා පරපෝෂිතයන් නිසා මෙම රෝග ඇතිවිය හැකිය.

සම්ප්‍රේෂණය වන ක්‍රම

ආසාදිත පුද්ගලයෙකු සමඟ පවත්වනු ලබන අනාරක්ෂිත යෝනි, මුඛ හෝ ගුද මාර්ගික ලිංගික සබඳතා මගින්, ආසාදිතයකුගේ රුධිරය පාරවිලනයකදී හෝ සම සිදුරු කිරීමට ගනු ලබන ඉ`දිකටු, සිරින්ජ හා අනෙකුත් ශල්‍ය උපකරණ නිසිලෙස ජීවානුහරණය නොකර නැවත පාවිච්චියේදී හෝ පච්ච කෙටීම හා කටු චිකිත්සාවේදී භාවිතා කරන ඉදිකටු ජීවානුහරණය නොකර භාවිතයෙන්, ආසාදිත මවකගේ ගර්භාෂය තුලදී වැදෑමහ හරහා, දරුප්‍රසූතියේදී මවගේ රුධිරය හා ස්‍රාවයන් දරුවට මිශ්‍ර වීමෙන් හෝ ප්‍රසූතියෙන් පසු මව් කිරි මගින් ද ඇතැම් රෝගකාරකයන් සම්ප්‍රේෂණය විය හැකිය.

ශ්‍රී ලංකාවේ බහුලව දැකිය හැකි ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග:

සුදු බිංදුම

උප දංශය

හර්පිස්

ක්ලැමීඩියා

ලිංගික ඉන්නන්

ගොනෝරියාව නොවන මුත්‍රා ප්‍රදාහය

ඒඩ්ස්

ලිංගික සම්ප්‍රේෂණ රෝග වලට ගොදුරුවිය හැකි අවදානම් හැසිරීම්

  • එක් අයෙකුට වඩා ලිංගික සහකරුවන් හෝ සහකාරියන් හෝ සිටීම
  • ගණිකා වෘත්තියේ යෙදෙන පිරිමි/කාන්තාවන් සහ ඔවුන් සම ලිංගික ඇසුර පැවැත්වීම
  • සමලිංගික සේවනයේ යෙදීම
  • අන්ත∙ ශිරා මගින් මත්ද්‍රව්‍ය ශරීරගත කිරීම
  • අවදානම් ලිංගික හැසිරීම් වලදී කොන්ඩම පාවිව්චි නො කිරීම
  • ලිංගික අවයව වල තුවාල හෝ වණ තිඛෙන අය සමග ලිංගිකව හැසිරීම

සුදු බින්දුම

රෝග කාරකය : බැක්ටීරියාවකි

බීජෞෂණ සමය : දින 2-14

රෝග ලක්ෂණ : පිරිමින්ගේ ආසාදනයට ලක්වන්නේ මුත්‍රා මාර්ගයයි.

ශිෂ්ණය තුලින් කහ පැහැති උකු ස්‍රාවයක් පිටවීම. මුත්‍රා පහකරන විට දැවිල්ලක් හෝ වේදනාවක් ඇතිවීම නිතර නිතර මුත්‍රා පහවීම.

කාන්තාවන්ගේ ගැබ්ගෙල ප්‍රදේශය ආසාදනයට ලක්වේ.

බොහෝ විට රෝග ලක්ෂණ පිටතට නොපෙන්වයි. යෝනි මාර්ගයෙන් කහ පැහැති ශ්‍රාවය පිටවීම, මුත්‍රා දැවිල්ල, නිතර මුත්‍රා පිටවීම, ඔසප්වීමේ අක්‍රමිකතාව, යටිබඩ වේදනාව

සුදු බිංදුම හා ගර්භනීතාව

ගැබිනි මවකට ප්‍රසූතිය ආසන්නයේදී ගොනෝරියාව වැළඳී තිබුණහොත් උපතේදී දරුවාගේ ඇස්වල යෝනි ස්‍රාවයන් තැවරීම නිසා ආසාදනයට ලක්විය හැකිය. මෙම ඇස් ආසාදනය ඉක්මනින් හැඳින ප්‍රතිකාර ලබාදීම අත්‍යාවශ්‍ය වේ. නොඑසේනම් දරුවාගේ ඇස් අන්ධ විය හැකිය.

උපදංශය

රෝග කාරකය : බැක්ටීරියාවකි

බීජෞෂණ සමය : දින 9-90

රෝග ලක්ෂණ :

  • පළමු අවධිය:

පළමු ලක්ෂණය වනුයේ ලිංගේන්ද්‍රිය තුළ හෝ ඒ අවට තුවාලයක් හෝ තුවාල කීපයක් ඇතිවීමයි. මෙම තුවාලය බොහෝ විට වේදනාවකින් තොරය. ස්පර්ශ කළ විට තදට දැනෙයි.

 

  • දෙවන අවධිය :

රුධිර ධාරිවට මුසුවන රෝග කාරක බැක්ටීරියාව සිරුර පුරා පැතිර යයි. මෙම අවස්ථාවේදී දක්නට ලැඛෙන රෝග ලක්ෂණ නම්, සමේ කුෂ්ඨයක් ඇතිවීම, එය මුහුණ, අත්ල, ඇඟ, පතුල ආදියෙහි වැඩි වශයෙන් දක්නට ලැබේ.

වසා ගැටිතිවල ඉඳිමීමක්

උණ හා හන්දිපත් වේදනාවක්

සමහර විට මොළයේ මෙනින්ජි ප්‍රදාහයක් නිසා හට ගන්නා හිසරදය

 

  • ගුප්ත අවධිය

ඉහත අවස්ථා වලදී නිසි ප්‍රතිකාර නොකළහොත් දෘශ්‍යමාන රෝග ලක්ෂණ නොමැතිව රෝගය සැඟවී ගිය හැකිය.

 

උපදංශය හා ගර්භනීතාවය

ගර්භනී වීමට පෙර හෝ ගර්භනී අවස්ථාවේදී උපදංශකාරක බැක්ටීරියා ශරීරගත වී ප්‍රතිකාර නොලැබ සිටියේ නම් පහත සඳහන් සංකුලතා වලට ගොදුරු විය හැකිය.

ගබ්සාවක් වීම, මළදරු උපතක් සිදුවීම, සහජ උපදංශය, සාමාන්‍ය ලෙස උපදින දරුවා මාස කීපයකට පසුව රෝග ලක්ෂණ පෙන්වීම

සෑම ගර්භණී මවකටම සිය ප්‍රථම පූර්ව ප්‍රසව සායනයේදී ඪෘඍඛ පරීක්ෂාවට ලක්වීම මගින් උපදංශය ඇති ද නැතිද යන්න පරීක්ෂා කරගත හැක.

ලිංගික හර්පිස්

රෝග කාරකය : හර්පීස් වෛරස් Ι හෝ ΙΙ

බීජෞෂණ සමය : දින 2-7

වර්ග Ι : සාමාන්‍යයෙන් මුඛයේ තුවාල ඇතිකරයි. එසේම මේ වර්ගය මගින් ලිංගික ප්‍රදේශයේ හා ගුදය ආශ්‍රිතවද තුවාල ඇතිකළ හැකිය.

වර්ග ΙΙ : වැඩි වශයෙන් ලිංගික හෝ ගුද ප්‍රදේශයේ තුවාල ඇතිකරන අතර කලාතුරකින් මුඛයේ හෝ මුඛය වටා තුවාල ඇති කළ හැකිය.

දැනගත යුතු අවදානම් කරුණු

එක් වරක් වයිරස ඇතුළු වූ පසු එය මුළු ජීවිතය පුරාම ශරීරය තුළ ජීවත්වේ.

එම වයිරස සමහර  අවස්ථා වලදී ක්‍රියාත්මක වී වරින් වර රෝග ලක්ෂණ මතු කරයි.

රෝග ලක්ෂණ

දියර පිරුණු කුඩා බිබිලි ඇති වී පසුව ඒවා කැඩී වේදනාව හා දැවිල්ල සහගත කුඩා තුවාල බවට පත්වේ.

රෝගය පාලනය කිරීම

තුවාල ඇති වූ විට ලිංගික ප්‍රදේශය නිරන්තරයෙන්ම පිරිසිදුව තබාගැනීම. ඒ සඳහා ලූණු වතුරෙන් සෝදා පිරිසිදු කරගත හැක.

ප්‍රසූත අවධියේ දී ලිංගික තුවාල පැවතිය හොත් ප්‍රති වෛරස ප්‍රතිකාරය නිර්දේශ කිරීමත් වෛද්‍ය මතය අනුව තීරණය කළ හැක.

ප්‍රසූත අවස්ථාවේදී තුවාල මතු වී ඇත්නම් සිසේරියන් සැත්කම මගින් දරුවාට රෝගය බෝවීමේ හැකියාව අඩුවන බව සාධක ඇති නිසා එවැනි තීරණ ගත හැක.

ලිංගික ඉන්නන්

රෝග කාරකය : වෛරසයකි

මානව පැපිලෝමා වයිරස

බීජෞෂණ සමය : සති 2 සිට මාස කීපයක්

රෝග ලක්ෂණ

ලිංගික අවයව වල ඉන්නන්. මෙය ශරීරය පුරා ඇතිවන සාමාන්‍ය ඉන්නන් ගෙන් වෙන්කර හඳුනා ගත යුතුය. මෙම ඉන්නන් වේදනාවෙන් තොරවන අතර සමහර විට ස්පර්ශය නිසා රුධිරය පිටවිය හැකිය. මෙම වයිරසය ගැබ්ගෙල ද ආසාදනය කළ හැකියට. එමගින් ඇතැම්විට ගැබ්ගෙලෙහි පිළිකාවන් පවා වර්ධනය වීමට ඉඩ තිබේ. ඡ්ච ිප්ැර එැිඑ නැමැති ගැබ් ගෙල ස්‍රාව පරීක්ෂාව මගින් එය ඉක්මණින් හඳුනාගත හැක. මෙම පරීක්ෂණය සුවනාරි සායන සහ ලිංගාශ්‍රිත රෝග සායන වලදී නොමිලේ කරගත හැකිය. ලිංගික ඉන්නන් දරුප්‍රසූතියේදී මවගෙන් දරුවාට ආසාදනය විය හැකිය.

ලිංගිකව සම්ප්‍රේෂණය වන වෙනත් රෝග

සෙංගමාලය – :-

ට්‍රයිකොමොනායසිස්

කැන්ඩිඩාව

එච්. අයි. වී ඒඩ්ස්

මානව ප්‍රතිශක්තී ඌනතා වයිරසය

1983 වසරේදී ප්‍රංශයේදී ලූවි පාස්චර් ඇකඩමියේ ප්‍රංශ ජාතික විද්‍යාඥයකු වන ලූක් මොන්ට්ග්නයර් විසින් සහ ඇමරිකාවේ රොබට් ගැලෝ නම් විද්‍යාඥයින් විසින් කරන ලද පර්යේෂණ වලින් මෙම වයිරසය පළමු වරට හඳුනා ගන්නා ලදි.

 

මෙය රෙට්රො වයිරස ගණයට අයත් ඉතා කුඩා ඉලෙක්ට්‍රෝන අන්වීඬයකින් පමණක් දැකිය හැකි ඬුද්‍ර ජීවියෙකි. මෙම වයිරසයේ න්‍යෂ්ටියේ ඍභA ජානමය කොටස් වලින් යුක්ත වන අතර වයිරසයේ ප්‍රජනන කාර්යය සඳහා ඒවා ජීවී මිනිස් ෙසෙල හා එක්වීම අත්‍යවශ්‍ය වේ. දැනට වර්ග 2ක් සොයාගෙන ඇත.

්‍යෂඪ  සාමාන්‍ය පරිසරයේ ජීවත්විය නොහැක. ඒ සඳහා ජීවි ෙසෙල තිබිය යුතුය. එබැවින් අවට වාතයේ ජලයේ හෝ ආහාරවල ්‍යෂඪ  අඩංගු නොවේ. වයිරසය ජීවත් වන්නේ ආසාදිතයකු තුළ පමණි.

ආසාදිතයකුගේ රුධිරයේ බහුල වශයෙන් වයිරසය අඩංගු වේ.

පිරිමියෙකුගේ ශක්‍ර තරලයේ ද කාන්තාවන්ගේ ගැබ් ගෙල හා යෝනි ශ්‍රාවයන්ගේ ද මව් කිරිවල ද වයිරසය බහුල ලෙස දැකිය හැකිය.

කෙළ, කඳුලූ, දහඩිය, අසූචි හෝ මුත්‍රාවල වයිරස අඩංගු වන්නේ ඉතා සුලූ වශයෙනි.

ඒඩ්ස් පිළිබඳ ලංකාවේ තත්වය

1986 වසරේදී ශී්‍ර ලංකාවේ ප්‍රථම ඒඩ්ස් රෝගියා පිළිබඳ වාර්තා විය. හෙතෙම විදේශිකයෙකු විය. 1987 වසරේදී ඒඩ්ස් රෝගය සහිත ප්‍රථම ශ්‍රී ලාංකිකයා හඳුනාගන්නා ලදි. රෝගය හඳුනාගත් මුල් කාලයේදී බොහෝ ආසාදිතයන් විදේශ සම්බන්ධතා සහිත වූවන් වූ අතර වර්තමානයේ ආසාදිතයන් වැඩි ප්‍රමාණයක් ශී්‍ර ලංකාව තුල දී රෝගයට ගොදුරු වූවන්ය. රුධිර පරීඬණ මගින් සනාථ කළ ආසාදිතයන් ශී්‍ර ලංකාවේ සෑම ප්‍රදේශයකින්ම වාර්තා වී ඇත.

දැනට හඳුනාගත් ආසාදිතයන් සංඛ්‍යාව සුළු වුවත් ඹභAෂෘී ඇස්තමේන්තු වලට අනුව වසර 2002 ආරම්භයේ දී පුද්ගලයන් 8500 ක් ්‍යෂඪ ආසාදනය සහිතව සමාජයේ ජීවත්වන බව දැක්වේ. 2001 දෙසැම්බර් 31 දිනට වාර්තාගත ආසාදිතයින් හා රෝගීන් පිළිබඳ විස්තර පහත දැක්වේ.

එච්. අයි. වී ආසාදිතයන් ගණන 405

ඒඩ්ස් රෝගීන් ගණන 132

ඒඩ්ස් මරණ ගණන 99

පිරිමි : ගැහැණු අනුපාතය 1.7 : 1

 

වයිරසය බෝ නොවන ක්‍රම

  • ආසාදිතයකු ස්පර්ශයෙන් හෝ අතින් ඇල්ලීමෙන්
  • ආසාදිතයෙකු සමඟ එකට නෑමෙන්
  • ආසාදිතයෙකු සිප වැළඳ ගැනීමෙන්
  • ආසාදිතයෙකු පාවිච්චි කල භාණ්ඩ පාවිච්චියෙන්

උදා : පිඟන්, කෝප්ප, තුවා, දුරකථන

  • ආසාදිතයෙකු සමඟ සෙල්ලම් කිරීමෙන්
  • ආසාදිතයෙකු සමඟ එකට විසීමෙන්
  • කැස්ස, කිවිසුම් මගින්
  • මදුරුවන්, කෘමීන්, මකුණන් දෂ්ඨ කිරීමෙන්
  • ඇඳුම් මගින්
  • වැසිකිලි අසුන් මගින්
  • ලේ දන් දීමෙන්

 

 

රෝගය වළක්වා ගත හැකි ක්‍රම

 

ලිංගිකත්වය ගැන වගකීමෙන් සිතන්න.

  • විවාහය තෙක් ලිංගික සබඳතා පමා කරන්න.
  • එක් විශ්වාසවන්ත ස්ථීර සහකරුවෙකුට පමණක් තම ලිංගික ජීවිතය සීමා කරන්න.
  • හදිසියේ මුණ ගැසෙන හෝ නොහඳුනන අය සමග හෝ කීප දෙනෙකු සමග ලිංගික ඇසුරින් වැළකීම
  • තම සමාජය තුළ ඇති අවදානම් තත්වයන්, හැසිරීම් හඳුනාගෙන ඒවායින් ආරඬා වීමට කටයුතු කරන්න.
  • ලිංගික තෘප්තිය ලැබීම සඳහා විවිධ ආරඬා සහිත ක්‍රම අනුගමනය කරන්න.
  • තම විවාහක සහකරු පරිබාහිර අය සමග ලිංගික සබඳතා පැවැත්වුවහොත් නිවැරදි ලෙස කොන්ඩමයක් පළදින්න.
  • පවුල් සංස්ථාව ශක්තිමත්ව පවත්වාගෙන යන්න.
  • ලිංගික වෘත්තියේ යෙදෙන්නන් සමඟ ලිංගික සබඳතා නොපැවැත්වීම.

ආසාදිත මවගෙන් දරුවාට එච්. අයි. වී ආසාදනය වළක්වා ගැනීම

  • ඔබ එච්.අයි.වී. ආසාදිත කාන්තාවක් නම් ගැබ් ගැනීමෙන් වැළකී සිටීම සුදුසුය.
  • දැනටමත් ගැබ්ගෙන ඇත්නම් නොපමාව වෛද්‍ය උපදෙස් ලබා ගන්න. ගැබිනි කාලයේදී වෛද්‍ය උපදෙස් මත දෙනු ලබන ඖෂධ වලින් දරුවාට රෝග වැළඳීමේ අවදානම අඩුකරයි.

ප්‍රධාන රෝග ලඬණ

  • අනපේඬිත ලෙස මාසයක කලයකද ශරීරයේ බර අඩුවීම
  • මසකට වඩා පවතින උණ
  • මසකට වඩා පවතින පාචනය
  • හතිය අධික මහන්සිය
  • ආහාර අරුචිය
  • අධිකව දහඩිය දැමීම
  • වියළි කැස්ස
  • මුඛයේ ඇතිවන උල්ලෝගම් (සුදු ලප)
  • විවිධ චර්ම රෝග
  • වසා ග්‍රන්ථී ඉදිමුම

ඔබටත් සැකයක් පවතීද?

ඔබට ළඟම ඇති මූලික රෝහලේ හෝ මහ රෝහලේ ලිංගාශ්‍රිත රෝග සායනයට ගොස් එහි වෛද්‍යවරයා සමඟ ඔබේ ප්‍රශ්නය රහසිගතව සාකච්ඡා කරන්න.

 

විද්වතුන්ගේ ඇසින්

මෙම ව්‍යාපෘතිය ගැන අපේ අදහස්

ඕඒඩ්ස් සහ ලිංගික ව සම්ප්‍රේෂණය වන අනෙකුත් රෝග` යන මැයෙන් ඉදිරිපත් ව ඇති ව්‍යාපෘතිය, මූලිකව සැකසී ඇත්තේ, ඒ සම්බන්ධයෙන් නිකුත් ව ඇති පති්‍රකා ඇසුරින් බව පැහැදිලි ය.

 

ඇතැම් බැක්ටීරියා, වයිරස සහ පරපෝෂිතයින්, ලිංගාශි්‍රත රෝග සඳහා සෘජුව ම ඉවහල් වන රෝග කාරක වනු ඇත. මෙහි ,දිලීර ද ඒ හා සමාන තත්ත්වයේ රෝග කාරක වශයෙන් හඳුන්වා ඇති හෙයින් ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් අවශ්‍ය යැ යි හැෙඟ්. එනම්, දිලීර නිසා ඇතිවිය හැකි රෝග සම්ප්‍රේෂණයේ දී ලිංගික සම්බන්ධතාවයක් ම අවශ්‍ය නොවන බවයි. කැන්ඩිඩයසිස් :ක‍්බාසාස්ිසි- ටීනියා :ඔ්ැබස්-  යන දිලීර රෝග මේ සඳහා උදාහරණ ලෙස දැක්විය හැක. මෙම දිලීරවල බීජාණු :ීචදරුි- වාතයේ පැවතිය හැකි හෙයින්, ලිංගික සම්බන්ධතාවයකින් තොරව ද මේ රෝග තත්ත්වයන් ඇති විය හැකි බව සඳහන් වී නම් වඩාත් නිවැරදි ය.

එච්.අයි.වී/ඒඩ්ස් පිළිබඳ ශ්‍රී ලංකාවේ තත්ත්වය සඳහන් කෙරෙන විට, නව දත්ත සටහන් ගැන සැලකිලිමත් වීම සුදුසු ය. ඒ අනුව 2003  දෙසැම්බර් අවසානයේ දත්ත සටහන මෙලෙස දැක්විය හැක.

 

එච්. අයි. වී ආසාදිතයන් ගණන 523

ඒඩ්ස් රෝගීන් ගණන 161

ඒඩ්ස් මරණ ගණන 119

පිරිමි : ගැහැණු අනුපාතය 1.4 : 1

ලිංගාශ්‍රිත රෝග වළක්වා ගත හැකි ක්‍රම පිළිබඳව සාකච්ඡා කිරීමේ දී, තරුණ පෙළ සහ පාසල් සිසුන් සම්බන්ධයෙන් තවත් කරුණු සඳහන් කළ යුතුව පවතී. විවාහය තෙක් ලිංගික සබඳතා පමා කිරීම මෙහි දී සඳහන් ව ඇත. ලිංගික ක්‍රියාවලියකට හෝ බලපෑමකට සම්බන්ධ කිසියම් ගැටලූවක් වෙතොත් දෙමාපියන් සහ ගුරුවරුන් සම`ග නොපමාව, නොපැකිළ ව සාකච්ඡා කිරීමත්, ලිංගාශ්‍රිත රෝග මෙන් ම මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතයෙ හි අනතුරුදායක අහිතකර බලපෑම් පිළිබඳ ව මනාව දැනුවත් වීමත්,  තරුණ පෙළ ලිංගාශ්‍රිත රෝගයන්ගෙන් වළකා ගැනීම සඳහා වන වැදගත් කරුණු වනු ඇත. අද සමාජයෙහි පවත්නා ඇතැම් තත්ත්වයන් අනුව, තරුණ පෙළටත්, පාසල් සිසුන්ටත් හිතකර නොවන පසුබිමක් සකස් වී ඇති බැව් පිළිගත යුතු ය. එහෙයින් ම මෙබඳු ව්‍යාපෘතියක දී මේ පිළිබඳ ව ද සාකාච්ඡා වීම සුදුසු ය.

ලිංගාශ්‍රිත රෝග සහ එච්. අයි. වී/ ඒඩ්ස් සම්බන්ධයෙන් වන ව්‍යාපෘතියක දී, ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන වැඩ සටහන මගින් ඔබට අවශ්‍ය විස්තර ලබා ගත හැක.

නො. 29, ද සේරම් පෙදෙස, කොළඹ 10, එහි ලිපිනයයි. දුරකථන අංකය : 2667163 එසේත් නැතහොත්, ඔබගේ ප්‍රදේශයේ ලිංගාශ්‍රිත රෝග සායනයෙහි වෛද්‍යවරයාගෙන් ද මේ පිළිබඳ කරුණු පැහැදිලි කර ගත හැක.

එමෙන් ම විෂයයට, අදාළ විවිධ පතපොත පරිශීලනය කිරීම ද අනිවාර්යයෙන් සිදු විය යුතු ය.

මෙබඳු ව්‍යාපෘතියක දැකිය හැකි ඇතැම් අඩු ලූහුඩුකම් මඟ හරවා ගැනීමට මේ ක්‍රියාමාර්ගයන් දායක වනු ඇත.

වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි

ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන වැඩසටහන

මෙම ව්‍යාපෘතිය ගැන අපේ අදහස් ෂෂ

මෙහි අන්තර්ගතය සැලකීමේ දී නිවැරදි කිරිම් කිහිපයක් කළ යුතු බව පෙනී යයි. එකක් නම් මෙහි විද්‍යාත්මක නම් සඳහන් කිරීමේ දී ගණ නාමය හා විශේෂ නාමය සැලකිලිමත් ව නිවැරදි අකුරු යොදා ලිවිය යුතු අතර අතින් ලියූ පසු වෙනම ඉරි දෙකක් ඒ පද දෙක යටින් ඇදිය යුතු ය. උදා:

වෛරස සඳහා එසේ කිරීමක් අවශ්‍ය නොවුව ද, බැක්ටීරියා, දිලීර හා අනෙකුත් ජීවීන් සඳහා එසේ කළ යුතුම ය.

ගොනෝරියාවේ දී නිතර මුත්‍රා පිටවීම, නිතර අසන්න ට නො ලැඛෙන රෝග ලක්ෂණයකි. තව ද උපදංශ රෝගයේ අවධි සඳහන් කිරීමේ දී එහි වැදගත් කොටසක් වන තෘතීයික අවධිය නො දැක්වීම අඩුපාඩුවකි. අනෙක් අවධි දක්වා ඇති බැවින් එය ද ඇතුලත් කළේ නම් මෙම කොටස වඩාත් පරිපූර්ණ වේ. මේ හැරෙන්නට දක්වා ඇති දත්ත සාමාන්‍ය පුද්ගලයකුගේ දැන ගැනීමට හොඳ විෂය කොටසක් ලෙස දක්වා ඇති බව කිව යුතු ය.

වෛද්‍ය සුවින් හේවගේ.