Project 7

ව්‍යාපෘති වාර්තා අංක 7
ගෙවත්තේ ජෛව විවිධත්වය
තරිදු දේවින්ද රාජපක්‍ෂ, ඞී. එස්. සේනානායක විද්‍යාලයය, කොළඹ 08.
සාරාංශය
පසුබිම
ගෙවත්තේ ජෛව විවිධත්වය සෙවීම, අසාමාන්‍ය දෙයක් සේ පෙනුන ද ජෛව විවිධත්වය අධ්‍යයනය කිරීම සඳහා මහා ඝන වනාන්තරවලට පිවිසීමට වඩා තමා අවට ම තිබෙන්නා වු ජීවයේ විවිධත්වය කොතරම් ද යන්න පහදා දීම මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමේ මුලික අභිමතාර්ථයක් විය.
ක‍්‍රමවේදය
මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමේදී මා විසින් ප‍්‍රථමයෙන්ම සිදු කරන ලද්දේ අධ්‍යයනයේ පහසුව තකා ගෙවත්ත කොටස් කිහිපයකට වෙන් කරගනු ලැබීමයි.
සිදු කරන ලද අධ්‍යයනවලදී මුලිකවම අවධානය යොමු කරනු ලැබුයේ මෙම කොටස්වල වර්ධනය වී ඇති ශාක හා පැළෑටි හ\ුනාගැනීම වන අතර, එම කොටස්වල ශාක හා පැළෑටිවල සාපේක්‍ෂා වා්‍යාප්තිය ද මෙහි දී සොයා බලන ලදි. අනතුරු ව ගෙවත්තේ දී නිරීක්‍ෂණය කළ සතුන් පිළිබඳ අවධානය යොමු කරන ලදී.
ප‍්‍රතිඵල
මෙහිදී වත්ත පහළ කොටස් ගෙවත්තේ වැඩිම ජෛව විවිධත්වයක් ඇති කොටසත්, වත්ත උඩ කොටස් ගෙවත්තේ අවම ජෛව විවිධත්වයක් ඇති කොටසක් බව පැහැදිලි විය.(මෙය ශාකය හා පැළෑටිවල ජෛව විවිධත්වය අනුව පමණක් පැහැදිලි කරන ලදී*.
අරමුණු
ජෛව විවිධත්වය අධ්‍යයනය කිරීම සඳහා මහා ඝන වනාන්තරවලට පිවිසීමට වඩා තමා අවටම තිබෙන්නා වු ජීවයේ විවිධත්වය කොතරම්ද යන්න පහදා දීම මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමේ මුලික අභිමතාර්ථය විය.
අතුරු අරමුණු
1. ගෙවත්තේ ඇති ශාක හා සතුන් හඳුනාගැනීම
2. සතුන්ගේ වාසස්ථාන විස්තර කිරීම
3. ශාක හා සතුන්ගේ බහුලතාවය සොයා බැලීම
ක‍්‍රමවේදය
මෙම ගෙවත්තේ ජෛව විවිධත්වය ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමේදී එය ප‍්‍රධාන හැදෑරීම් 09 ක් යටතේ ක‍්‍රියාත්මක කරන ලදි.
ක‍්‍රියාකාරකම් සංඛ්‍යාව ක‍්‍රියාකාරකම
1. ගෙවත්තේ ඇති ශාක හා පැළෑටි හඳුනා ගැනීම
2.ගෙවත්තේදී නිරීක්‍ෂණය කළ හැකි සතුන් හඳුනාගැනීම
3. මෙම ශාක හා සතුන්ගේ බහුලතාවය (සංඛ්‍යාත්මක ප‍්‍රමාණයන්* සොයා බැලීම
4. මෙම සතුන්ගේ වාසස්ථාන හඳුනාගැනීම හා විස්තර කිරීම
5. නිරීක්‍ෂණය කළ හැකි ශාක හා පැළෑටි හැකිතාක් දුරට වර්ගීකරණය කිරීම.
6. නිරීක්‍ෂණය කළ හැකි සතුන් හැකිතාක් දුරට වර්ගීකරණය කිරීම
7. ගෙවත්තේ හමුවන ශාක හා සතුන්ට ඇති තර්ජන හඳුනාගැනීම
8. ගෙවත්තේ සිතියමක් සකස් කිරීම
9. ගෙවතු පරිසර පද්ධතිය ගැන දෙමාපියන් හා සහෝදරයින් සමග සාකච්ඡුා කිරීම
ශාක හා සතුන්ගේ බහුලතාවය
තෝරාගත් ශාක හා සත්ව විශේෂ කිහිපයක බහුලතාවය සොයා බලන ලදී.
තෝරාගත් ශාක කාණ්ඩයන් සංඛ්‍යාව
පොල්ගස් 6
තැඹිලි ගස් 4
අඹ ගස් 2
පිහිඹියා ගස් 1
අඹරැුල්ලා ගස් 3
අලිගැටපේර ගස් 1
කෙසෙල් ගස් 9
ගස්ලබු ගස් 20
කොස් ගස් 2
වෙරළු ගස් 1
කුරුඳු ගස් 1
ජම්බු ගස් 1
රඹුටන් ගස් 2
කරපිංචා ගස් 4
කොට්ටම්බා ගස් 14
මිරිස් පැල 2
නෙල්ලි ගස් 1
පේර ගස් 1
බෙලි ගස් 1
ජම්බෝල ගස් 2
දෙහි ගස් 1
ලොවි ගස් 1
ජමනාරං ගස් 3
පැණි ද්‍රෙඩම් පැළ 2
දෙළුම් පැළ 1
දිවුල් ගස් 1
සියඹලා ගස් 1

තෝරාගත් සත්ව කාණ්ඩ සංඛ්‍යාව
බළලූන් 2
බල්ලන් 1
හික් මීයන් 1
ඌරු මීයන් 3
ලේනුන් 7
හෝතම්බුවන් 2
තලගොයන් 3
කබරගොයන් 1
වඳුරන් 6
ඉත්තෑවන් 1
මුගටියන් 2
ගෙවත්ත තුළම වාසස්ථාන තනාගෙන ඇති සතුන් හඳුනාගන්නා ලද අතර එම සත්ව විශේෂයෙන් පහත පරිදි වේ.
මුගටියන්, හික්මීයන්, ලේනුන්, මකුළුවන්, බිංකුණ්ඩන්, ඌරු මීයන්, කුඹලන්
ප‍්‍රතිඵල
1.මෙහි කරන ලද අධ්‍යයනවලින් ගෙවත්ත තුළදී ඝන 33 කට අයත් ශාක හා පැළෑටි විශේෂ 37 ක් හඳුනා ගන්නා ලදි. මෙහිදී ෑමටැබස් ඝනයට අයත් ශාක විශේෂ 2 ක් ද, ක්‍සඑරමි ඝනයට අයත් ශාක එමෙන්ම ඝන 23කට අයත් සත්ව විශේෂ 25ක් හඳුනාගත හැකි විය. මෙයින් ක්‍්කදඑැි ඝනයට අයත් සත්ව විශේෂ 3 ක් හඳුනාගත හැකි විය.
2. වත්තේ පහල කොටසේ වැඩි ජෛව විවිධත්වයක් ඇත.
3. ඒ අනුව ගෙවත්තේදී නොයෙක් වර්ග වලට අයත් පක්‍ෂීන් විශේෂ 24 ක් නිරීක්‍ෂණය කළ හැකි වු අතර ඔවුන්ගෙන් දෙමලිච්චන් වඩාත් සුලබම පක්‍ෂීන් විශේෂය විය. මීට අමතරව කපුටන් හා බට්ටිත්තන් ද සුලබ විය. මෙම පක්‍ෂීන්ගෙන් ජලජ පක්‍ෂීන් විශේෂ 2 ක් නිරීක්‍ෂණය කළ හැකි වු අතර පර්යටන පක්‍ෂීන් ලෙස පක්‍ෂීන් විශේෂ 3 ක් නිරීක්‍ෂණය කල හැකි විය.
4. ගෙවත්ත තුළ සැලකිය යුතු ක්‍ෂීරපායී සත්ව විශේෂ සංඛ්‍යාවක් ද නිරීක්ෂණය කළ හැකි වු අතර, එම සංඛ්‍යාව 25 ක් විය.ගෙවත්ත තුළ සුලබව ක්‍ෂීරපායී සත්ව විශේෂය වුයේ ලේනුන්ය. ඊට අමතරව මීයන් ද දැකිය හැකි විය. මෙම ක්‍ෂීරපායීන්ගෙන් විශේෂ 5 ක් ගෙවත්ත තුළම සිය වාසස්ථාන තනාගත් අය විය.
5. ගෙවත්ත තුලදී නිරීක්‍ෂණය කිරීමට හැකි වු උරග විශේෂ සංඛ්‍යාව 10 ක් පමණ විය. මොවුන්ගෙන් වඩාත්ම සුලබ උරග විශේෂය වුයේ හුනන්ය.
6. ගෙවත්ත තුළ බහුලවම විසු සත්වයන් වුයේ කෘමීන්ය. මොවුන්ගේ ප‍්‍රමාණය වැඩිවීම නිසාම ඔවුන් හඳුනා ගැනීම අපහසු විය. නමුත් සිදු කරන ලද නිරීක්‍ෂණ වලදී හමුවු කෘමී විශේෂ සංඛ්‍යාව දළ වශයෙන් 14 ක් පමණ විය.
7. මීට අමතරව ගෙවත්ත තුළදී වෙනත් විශේෂ වලට අයත් සත්වයන් රාශියක්ද නිරීක්‍ෂණය කළ හැකි විය. ඔවුන්ගෙන් බොහොමයක් උභය ජීවීන් වු අතර පණුවන්ද එවැනිම සංඛ්‍යාවක් නිරීක්‍ෂණයට බඳුන් විය. මීට අමතරව මකුළු වර්ග, පත්තෑයන් හා හැකරැුල්ලන් ද දැකිය හැකි විය.
8. ශාක හා සතුන්ගේ බහුලතාවය සොයා බැලීම මින් අනතුරුව සිදු කරන ලදි.
x එහිදී මෙම අධ්‍යයනයෙන් ලැබුණු ප‍්‍රතිඵලවලට අනුව ගෙවත්ත තුළ වඩාත් බහුලම ශාකය වුයේ ගස්ලබුය. (ගෙවත්ත තුළ ගස්ලබු ශාක 20 ක් විය*. මීට අමතරව කොට්ටම්බා පැළ 14 ක් ද දැකිය හැකි විය.ගෙවත්ත තුළ තිබු ශාක සංඛ්‍යාවෙන් වැඩිම විශේෂ ප‍්‍රමාණයක් ශාක 1 ත් 3 ත් අතර විය.
x අනතුරුව ගෙවත්තේ දැකිය හැකි සත්ව විශේෂවල බහුලතාවය සොයා බලන ලද අතර, එය ශාකවල බහුලතාවය සෙවීමට වඩා බොහෝ සෙයින් අසීරු කටයුත්තක් විය.මෙහිදී ලැබුණු ප‍්‍රතිඵලවලට අනුව ගෙවත්ත තුළදී බහුලවම නිරීක්‍ෂණය කළ හැකි විශාල සත්වයා වුයේ ලේනාය.(ලේනුන් 7ක් පමණ * මීට අමතරව වඳුරන්ද සුලබ විය.(සාමාජිකයින් 6ක් පමණ* මෙසේ නිරීක්ෂණය කළ සතුන් සියල්ලම දේහ ප‍්‍රමාණයෙන් විශාල වුවන් වන අතර ඔවුන්ගෙන් අති බහුතරය ක්‍ෂීරපායීන් විය.
සාකච්ඡුාව
වත්ත උඩ කොටස
මෙහි ජෛව විවිධත්වය හීනවීමට ඇති හේතුවක් ලෙස ප‍්‍රධානවම දැක්විය හැක්කේ මෙම කොටස තුළ සිදු වු මිනිස් ක‍්‍රියාකාරකම් අනෙක් කොටස් දෙකටම වඩා වැඩි අගයක් ගැනීමයි. මෙම කොටස නිවසේ ඉදිරිපසින් පිහිටා තිබෙන අතර වත්තට ඇතුලූවන ප‍්‍රධාන ගේට්ටු දෙක මෙම කොටසට මායිම්ව පිහිටයි. මේ හේතුවෙන් ගෙවත්තේ වැඩිම වෙනසකට භාජනය වන්නේද මෙම කොටසයි. මෙම කොටසේ පසද එතරම් සාරවත් ස්වභාවයක් නොපෙන්වයි. එම නිසා මෙම සියළුම හේතූන් මෙම කොටසේ ජෛව විවිධත්වය හීන වීමට බලපාන්නට ඇතයි නිගමනය කළ හැක.
වත්ත පහළ කොටස
මෙය ඉඩමේ පිටුපසින් පිහිටි කොටස විය. මෙය ගෙවත්ත තුළ වැඩිම ජෛව විවිධත්වයක් පෙන්නුම් කළ කොටස විය. මෙම කොටසට අනෙක් කොටස් දෙකටම වඩා අඩු මිනිස් ක‍්‍රියාකාරකම් වල බලපෑමක් ලැබුණු හෙයින් මෙසේ වන්නට ඇති බව නිගමනය කළ හැක.මෙම කොටස තුළ පසේ සාරවත් බවද අනෙක් කොටසට වඩා වැඩි බව අධ්‍යයනය කළ හැකි විය.
නිගමනය හා යෝජනා
මුලික වශයෙන්ම එළඹිය හැකි නිගමනය වන්නේ මෙම ගෙවත්ත තුළ ඇති සාපේක්‍ෂ ජෛව විවිධත්වය ඉතා හොඳ මට්ටමක පවතින බවය. ජෛව විවිධත්වය ප‍්‍රධාන වශයෙන්ම මානව බලපෑම් නිසා සිදු වු ඒවා බවට නිගමනය කළ හැකි විය.
එමෙන්ම ගෙවත්ත තුළ ශාක හා පැළෑටි වර්ග කිරීමේ දී බොහෝ විශේෂ සංඛ්‍යාවකට අයත් ශාක හා පැළෑටි දැක ගැනීමට හැකිව ඇත්තේ ඒවායින් බොහොමයක් ගෙවත්ත තුළ රෝපණය කිරීම නිසා වේ. බොහෝ විට එක් ශාක විශේෂයකට අයත් එක් ගසක් පමණක් නිරීක්‍ෂණය කළ හැකි වුයේ මේ හේතුව නිසයි.
ආශ‍්‍රිත ග‍්‍රන්ථ
1. විස්මිත සත්ව චර්යා රටා
– සෙනරත් විජේවර්ධන
2. කෘෂි විද්‍යාව
– මධුරසිරි ජයවර්ධන
3. උසස් පෙළ මුලික ජීව විද්‍යාව
– බී. ඒ. අබේවික‍්‍රම
– කේ. ජී. අරුල්ප‍්‍රගාසම්
– එස්. වෛද්‍යනාදන්
4. මිහිමඬල – (ස`ගරා*
5. ජෛව විවිධත්වය
– ආර්. එම්. ඞී. රාජපක්‍ෂ
6. පාරිසරික භූගෝල විද්‍යාව
– ජනක හෙට්ටිආරච්චි
7. මුලික සංඛ්‍යානය
– ආර්. එන්, ද ෆොන්සේකා
විද්වතුන්ගේ ඇසින්
මෙම ව්‍යාපෘතිය ගැන අපේ අදහස්
සමස්ත වාර්තාවේ පහත අංග කෙරේ අවධානය යොමු කිරීමෙන් එය ඉදිරිපත් කිරීමේ ශෛලිය වැඩි දියුණු කර ගත හැකි ය.
1.’’ විශේෂය 1’‘ හා ’‘ප‍්‍රජාව 2‘‘ අර්ථ දැක්වීම් නිවැරදි ව අවබෝධ කර ගෙන නොමැති බව පෙනේ.
2. විද්‍යාත්මක නම් ලිවීමේ දී නමට යටින් ඉරි ඇදීමත්, වචන දෙකක් ලෙස ලිවීමත් ’‘ ද්වීපද නාමකරණයේ’’ සම්ප‍්‍රදාය යි.
3. වාර්තාව පෙළ ගැස්වීමේ දී, තමා විසින් සොයා ගත් කරුණු (නිරීක්‍ෂිතයන්* පොත පත ඇසුරින් ගත් කරුණුවලින් වෙනම ම දැක්වීම වැදගත් ය.
4. තව ද නිරීක්‍ෂණය කළ කරුණු ඉදිරිපත් කිරීමේ දී, ඒවායේ සංඛ්‍යාව නිවැරදි ව දන්නා බැවින් ’’පමණ ’’ (උදා: ශාක අනුරූ 14 ක් පමණ* වැනි අඩමාන වචන භාවිතයෙන් වැළකී සිටිය යුතු ය.
5. සෑම රූප සටහනක ම :
විද්‍යාත්මක නාමය හා විශාලනය දැක්වීම කළ යුතු ම ය.
කරුණු ඉදිරිපත් කිරීමේ දී පොදු රටාවක් අනුගමනය කළ යුතු ය.
උදා: ශාක : පත‍්‍රය (දිග,පළල,පැහැය, නාරටි, හැඩය* පුෂ්ප(දිග,පළල,පෙති පැහැය,රේණු,කලංකය හා ඒවායේ සංඛ්‍යාව* ඵලය (දිග,පළල,පැහැය, හැඩය* ශාකයේ උස, කඳේ විශ්කම්භය, වෙනත්
උදා: සත්ව : ශරිරයේ බාහිර පැහැය,දිග,පළල, උපාංග, හැඩය…
6. අරමුණින් දක්වා ඇති සංචාරය කළ ස්ථාන දෙක ලංකාවේ කුමන දිස්ත‍්‍රික්කවලට අයත් ද යන්නත්, එය ලංකා සිතියමක සලකුණු කිරීමත්, අමතරව එම ස්ථානවල සවිස්තරාත්මක සිතියමක් ඉදිරිපත් කිරීමත් වැදගත් ය.
7. කඩොලාන ශාක පැවැත්ම සහතික කර ගැනීම සඳහා දක්වන අනුවර්තන, එනම් පිරිසිදු ජලය ලබා ගැනීම, ධ2 ලබා ගැනීම ආදීය පරීක්‍ෂා නො කළ බැවින්, ඒ පිළිබඳ නිගමන ගැනීම කළ නොහැකිය.
පොදුවේ වාර්තාවක නිරීක්‍ෂණ හා එළඹෙන නිගමන සනාථ කළ හැකි ආකාරය, එනම් හේතු ඵල ධර්මතාව ඉදිරිපත් කළ යුතු යි. තව ද මෙවන් බාහිර පරිසර අධ්‍යයනයක දී, විශාල නොදන්නා කරුණු / හේතු රාශියක් බල පැවැත්වෙන බැවින් ඔබ තෝරා ගෙන ඇති පරිදි කෙටි කාලයකින් කළ හැකි ඉතා සරල අරමුණක් තෝරා ගත යුතු ය.

1.අන්තර් අභිජනනයෙන් සරු ජනිතයන් බිහි කළ හැකි ජීවියෙකි.
2. එක ම පරිසරයක අන්තර්ක‍්‍රියා කරමින් ජිවත් වන ශාක හා සත්ත්ව සමුහය.

හිරාන් තිලකරත්න
ජෛව ආරක්‍ෂණ ව්‍යාපෘතිය
පරිසර හා ස්වාභාවික සම්පත් අමාත්‍යාංශය.