Project 6

ව්‍යාපෘති වාර්තා අංක 6
කඩොලාන පරිසරය ආශ‍්‍රිත අධ්‍යයනයක්
ඩබ්ලිව් දම්ත් සුදර්ශණ, ගාල්ල බටපොත මැදි මහා විදුහල
සාරාංශය
හැඳින්වීම
කඩොලාන ශාක යනු වෙරළබඩ ප‍්‍රදේශ වල පිහිටි මුහුදු, බොකු, කලපු, ගංගා මෝය හා ද්‍රෝණි මෝය ආශ‍්‍රිත අන්තර් උදම් කලාපයේ ව්‍යාප්ත ව ඇති කාශ්ඨක බීජ දරණ අතිශය විශේෂණය වු පඳුරුවල සිට උක් ගස් දක්වා ප‍්‍රමාණයෙන් වෙනස් වන ශාක වේ. විශේෂිත වු පරිසර පද්ධතියක් ලෙස මෙහි ශාක පසට ශක්තිමත් ව සවි වීමටත්, ඔක්සිජන් හීන පසක් බැවින් ඔක්සිජන් ලබා ගැනීමටත් කිවුල් ජලයෙ මිරිදිය ලබා ගැනීමටත් හා ඉදිරි පැවැත්ම සහතික කර ගැනීමටත් නොයෙක් අනුවර්තන දක්වයි. එම පරිසර පද්ධතිය ඒ ආශ‍්‍රිත සතුන් හා මිනිසුන්ගේ පැවැත්මටත්, වෙරළ සංරක්ෂණයටත් දායක වන ආකාරය මෙහි දී වැදගත් වේ. එමෙන් ම මිනිස් ක‍්‍රියාකාරකම් නිසා ඊට වන හානිය ද කඩොලාන පරිසර පද්ධතිය ගැන සැලකීමේ දී කථා කළ යුත්තකි.
අරමුණු හා අභිමතාර්ථ
ලංකාවේ කඩොලාන පරිසර පද්ධතීන් හ\ුනා ගැනීම, එහි ශාක චිත‍්‍රයට නැ`ගීම හා ඒවා ගැන අධ්‍යයනය කිරීම.
ක‍්‍රම වේදය
පරිසර සංගම් නිලධාරීන්ගෙන් සහ එම ප‍්‍රදේශවල පුද්ගලයින්ගෙන් තොරතුරු ලබා ගැණිනි. කොබෙයිතුඩුව සහ ගිමාන යන ප‍්‍රදේශ වල කඩොලාන පරිසර පද්ධතිය අධ්‍යයනය කරන ලදී.
එහි ශාක චිත‍්‍රයට නගන ලදී.
දත්ත විශ්ලේෂණය
දකුණු පළාතේ සුලබ ම කඩොලාන ආශ‍්‍රිත ශාකය කිරල වේ.මිනිසාගේ ක‍්‍රියාකාරකම් හේතුවෙන් කඩොල්, කැරන් කොකු, ගිං පොල්, කිරල ආදී ශාක විනාශයට පත් වෙමින් ඇත. කාලයක ට පෙර තත්වය සැලකු කළ මෙමගින් වැසී ඇති භූමි ප‍්‍රමාණය වර්තමානයේ බොහෝ සේ අඩු වී ඇත. මධ්‍යම පරිසර අධිකාරිය හෝ වෙනත් ආයතනයක් මේ ප‍්‍රදේශය ගැන අවධානය යොමු කොට නැත.
නිගමනය හා යෝජනා
පාලනයකින් තොර ව සිදු වන මිනිස් ක‍්‍රියාකාරකම්, කඩොලාන පරිසර පද්ධතිය විනාශ වීමට මුලික වේ.මීට විරුද්ධ ව අණ පනත් පනවා ඇති මුත් ඒවා ක‍්‍රියාත්මක නොවීම අවාසනාවකි. මෙම කඩොලාන පරිසර පද්ධතීන් රැුක ගැනීම සඳහා ජනතාව දැනුවත් කිරීම සහ සම්පත් කළමණාකරණ සැලසුම් ක‍්‍රම පිළියෙල කිරීම කළ යුතුය.
හැඳින්වීම
කඩොලාන ශාක යනු වෙරළබඩ ප‍්‍රදේශ වල පිහිටි මුහුදු, බොකු, කලපු, ගංගා මෝය හා ද්‍රෝණි මෝය ආශ‍්‍රිත වඩදිය බාදිය මට්ටමේ ව්‍යාප්තව ඇති කෘෂ්ඨය, බීජ දරන අතිශය විශේෂණය වු පඳුරු වල සිට උස් ගස් දක්වා ප‍්‍රමාණයෙන් වෙනස් වන ශාක වේ.
කඩොලාන ශාක වර්ග රාශියක් සහ ඉන් ශ‍්‍රී ලංකාවේ බහුල ශාක කිහිපයක් ඒවායේ විද්‍යාත්මක නාමද සම`ග මෙහි හැඳින්වීමට ඇතුලත් කර ඇත.
කඩොලාන විශේෂ පරිසර පද්ධතියක් වන අතර එහිදී ශාක වලට අවශ්‍ය මූලික සාධක ලබා ගැනීමට දක්වන අනුවර්තන පහත මාතෘකා යටතේ විස්තර කර ඇත.
1. පසට ශක්තිමත්ව සවිවීම සඳහා දක්වන අනුවර්තන,
2. පසෙහි ඔක්සිජන් හීනතාව හේතුවෙන් ඔක්සිජන් ලබාගැනීම සඳහා දක්වන අනුවර්තන
3. ලවණ සහිත කිවුල් ජලයේත් මිරිදිය ලබාගැනීමට දක්වන අනුවර්තන
4. ඉදිරි පැවැත්ම සහතික කර ගැනීමට දක්වන අනුවර්තන
කඩොලාන ශාක ආශ‍්‍රිත පරිසර පද්ධතියන්හි වැදගත්කම යන මාතෘකාව යටතේ එමගින් ඇතිවන කාබනික අංශු ජලයේ ජිවත්වන සතුන්ට ආහාර ප‍්‍රභවයක් ලෙස ක‍්‍රියා කිරීමත්, එය මසුන්ගේ ප‍්‍රජනනය, වර්ධනය, ආරක්ෂාව සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය කර දීමත්, ඒවාහි කයිවා හා කරු මුල් මගින් කලපු හා ගං ඉවුරු තුළ රළ ම`ගින් සිදුකරනු ලබන ඛාදන තත්වයන් අවම කිරීමටත් උපකාර කිරීමත්, කඩොලාන ශාක දැව නිවෙස් තැනීමටත්, දර වශයෙනුත්, වායුධර මුල් කිරල මුඩි සැකසීම සඳහාත්, පොතු මාදැල් කල් පැවැත්ම සඳහාත්, කොළ හා එළවළු, පළතුරු සඳහාත් සාම්ප‍්‍රදායික වෛද්‍ය භාවිතයන් සඳහාත්, මසුන් මැරීමේ කටයුතු සඳහාත්, කඩොලාන පරිසර පද්ධතියන්හි පවතින ජෛව විවිධත්වය නිසා පර්යේෂණ පැවැත්වීම සඳහාත්, ජල දුෂණය අවම කිරීම සඳහාත්, විනෝද හා සංචාරක කටයුතු සඳහාත් ලෙසින් වැඩි විස්තර දක්වා ඇත.
කඩොලාන විනාශ වීමට හේතු ලෙස නිවාස ඉදිකිරීමට ගොඩ කිරීමත්, ඉස්සන් වගාවත්, ජල දුෂණයත්, දැව හා දර සඳහා කැපීමත්, කඩොලාන ආශ‍්‍රිත බිම් ලූණු නිෂ්පාදනය හා වැවිලි සඳහා භාවිතා කිරීමත්, රට අභ්‍යන්තරයේ සිදු කරනු ලබන සංවර්ධන කාර්යයනුත් යනුවෙන් මෙහි උදාහරණ සහිතව විස්තර කොට ඇත.
අරමුණු හා අභිමතාර්ථ
ලංකාව පුරා පැතිරි ඇති කඩොලාන පරිසර, සිතියම් අනුසාරයෙන් හඳුනාගැනීමත්, එම පරිසරය ගැන අධ්‍යයනය කිරීමත් හා කඩොලාන ශාක චිත‍්‍රයට නැගීමත්ය.
ක‍්‍රමවේදය
පරිසර සංගම් නිලධාරීන් හමුවීමෙන් ලැබුණු තොරතුරු අනුව කොබෙයිතුඩුව සහ ගිමාන යන ප‍්‍රදේශවල කඩොලාන පරිසර හඳුනාගෙන ඒවාහි සංචාරය කළෙමි.එහිදී මම පුද්ගලයින්ගෙන් දත්ත ලබාගත්තෙමි. කඩොලාන ආශ‍්‍රිත ජීවීන් ගැන අධ්‍යයනය ප‍්‍රායෝගික හේතූන් මත අපහසුය. පසුව කඩොලාන ආශ‍්‍රිත ශාක චිත‍්‍රයට නැගීම සිදුකර එටුනා, හිීන් කඩොල්, පුංකන්ඩ, කැරන් කොකු, කටු ඉකිලි, මට්ටි කඩොල්, තෙල, මල් කඩොල්, දිය ද`ග, ගිංපොල්, කිරල හා බැරිය යන ශාක වල අනුරූ සම`ග කෙටි සටහනක් වාර්තාවේ ඇතුලත් කර ඇත. මීට අමතරව එම අධ්‍යයනයේදී ලැබු අත්දැකීම් හා ඇති වූ හැ`ගීම් පිළිබඳව ද මෙහි සටහන් ඇත.
දත්ත විශ්ලේශණය
පුද්ගලයන් පැවසු කරුණු වලින්, දකුණු පළාතේ සුලබ ම කඩොලාන ආශ‍්‍රිත ශාකය වන කිරල පිළිබඳව ද දැන ගැනීමට හැකි විය.තවද මිනිසාගේ ක‍්‍රියාකාරකම් නිසා විනාශ වී යන ශාක වර්ග ලෙස කඩොල්, කැරන් කොකු, ගිංපොල්, කිරල හඳුනා ගැනීමටත් හැකි විය. තවද අඩගහතොට ප‍්‍රදේශයේ වර්ෂ හැටකට පෙර තිබු අක්කර පනහක පමණ භූමි ප‍්‍රමාණය අද දොලහක් දක්වා අඩුවීම පිළිබඳවත්, මධ්‍යම පරිසර අධිකාරිය හෝ වෙනත් වගකිව යුතු ආයතනයක් මෙම ස්ථාන දෙක කෙරේ අවධානය මෙතෙක් ලක්කොට නැති වීම පිළිබඳවත් තොරතුරු මෙතුළින් අනාවරණය කර ගනු ලැබිණි.
නිගමනය හා යෝජනා
ශ‍්‍රී ලංකාවේ කඩොලාන පරිසර පද්ධතීන් විනාශවීම කෙරෙහි මුලික වශයෙන් ම බලපා ඇත්තේ පාලනයකින් තොරව සිදුවන සංවර්ධන කටයුතු හා මිනිස් කටයුතු ය. මෙය වළක්වා ගැනීම සඳහා රජය 1961 අංක 57 දරන වෙරළ සංරක්ෂණ පනත, 1960 අංක 47 දරණ ජාතික පාරිසරික පනත වැනි අණ පනත් පැනවීම වැදගත් මෙන්ම සතුටට කරුණක් වුවත් ඒවා ක‍්‍රියාත්මක නොවීම ද ක‍්‍රියාත්මක කිරීමට සිටින නිලධාරීන් අතින් අක‍්‍රමිකතා සිදුවීම ද අවාසනාවකි. කඩොලාන රැුක ගැනීම සඳහා කඩොලාන පරිසර ආශ‍්‍රිත ජනතාව දැනුවත් කිරීම කළ යුතුය. තවද අදාල ප‍්‍රදේශවල සම්පත් කළමනාකරණ සැලසුම් ක‍්‍රම පිළියෙල කළ හැක.
කෘතඥතාව
විදුහල්පති එච්. එම්. සුමතිපාල මහතා, ඩබ්ලිව්. ටී. ලක්‍ෂමන් ද සිල්වා ගුරුපියාණන්, තිලක රාජපක්‍ෂ ගුරු පියාණන්, කේ.ඩබ්ලිව්. සුනිල් ගුරු පියාණන්, විද්‍යාල පුස්තකාලයේ පුෂ්පා ගුරුමෑණියන් අශෝකා ගුරුමෑණියන්, ප‍්‍රමිලා ගුරුමෑණියන්, කඩොලාන පරිසර පිළිබඳ විස්තර ලබාදුන් පී. එම්. හරමානිස් මහතා, ඇලෙක්සැන්ඩර් මහතා ඇතුලූව සහය දුන් විද්‍යාලයේ සහෝදර සහෝදරියන්ට හද පිරි කෘතඥතාව පිරිනමමි.

විද්වතුන්ගේ ඇසින්
මෙම ව්‍යාපෘතිය ගැන අපේ අදහස්
හැඳින්වීම
මෙය ’’ අධ්‍යයන වර්ගයට අයත් වන ව්‍යාපෘති’’ වර්ගයේ නිර්මාණයකි. සමාජයේ උන්නතියට බලපාන නව සොයා ගැනීම් මෙන් ම පවතින යථාර්ථය පැහැදිලි කොට එම සමාජයේ අභිවෘද්ධිය පිණිස යොදා ගැනීම අත්‍යවශ්‍ය කරුණකි. වීශේෂයෙන්ම පරිසරයේ ඇති අවිච්චින්න ස්වභාවික සමතුලිතතාවය හා බැඳුණු ජීවීන් පිළිබඳව අධ්‍යයන කාලීන වැදගත්කමකින් යුක්තය. ජාන මංකොල්ලය ඒක දේශිය සත්ව හා ශාක සම්පත් විකිණීම ස්වභාවික සම්පත් හා ඖෂධීය වටිනාකමකින් යුත් පැලෑටි විදේශිකයන්ට කුණු කොල්ලයට විකිණෙන මෙවැනි යුගයක පාසැල් අධ්‍යාපනයේ විෂය මාලාව හරහා සිසුන් තුළ ජෛව විවිධත්වයට ආදරය කිරීම, ඒවා සුරැුකීම යන ගුණාංග වගාවට මෙම කෘතිය මහ`ගු පිටිවහලකි.
තම ගෙවත්තේ වෙසෙන ජීවීන්ගේ හැසිරීම් හා පිහිටීම විවිධ දෘෂ්ටින් හරහා බලමින් ජෛව විවිධත්වය අධ්‍යයනය කිරීමත් ජෛවයේ විවිධත්වයට බැඳුණු වෙන් නොකළ හැකි අජෛව කොටසේ සංකීර්ණ සම්බන්ධයෙන් මෙම ලේඛකයා සරල ව විග‍්‍රහ කර ඇත. වඩාත් විද්‍යාත්මක නොවුණ ද පාසැල් සිසුවෙක් ලෙස කරන ලද විද්‍යාත්මක ක‍්‍රම අධ්‍යයනය ඇගයීමට ලක් කළ හැකිය.
විධි ක‍්‍රමය
පහළ රාමුවට අදාළ, ගෙවත්ත කොටස් කර දත්ත ඒක රාශී කිරීම, වඩා ක‍්‍රමාණුකුල ව විග‍්‍රහ කිරීම හා නිගමන යෝජනා ඉදිරිපත් කිරීම වඩාත් සාර්ථක ලෙස කර ඇත. ශාක වල උද්භිද විද්‍යාත්මක නාම හා සතුන්ගේ සත්ව විද්‍යාත්මක නාම යෙදීම මගින් පාසල් සිසුන්ට හා පරිසර හිතකාමී අධ්‍යයනය කරන්නන්ට විවිධ ෙක්‍ෂත‍්‍රවල අධ්‍යයනයන්ට අදාළ තොරතුරු ලබා ගන්නා කෘතියක් ලෙස ද මෙම නිර්මාණය පරිශීලනය කිරීමට හැකියාවක් තිබීම ප‍්‍රශංසා කටයුතුය.
නිගමනය හා යෝජනා
මෙම ව්‍යාපෘතිය අවසානයේ නිගමන හා යෝජනා යටතේ වඩාත් සවිස්තරාත්මක ජෛව විවිධත්වයට එල්ල වී ඇති තර්ජන හා ඊට පිළියම් ලෙස කරුණු 17ක් යටතේ සවිස්තරාත්මක වගුවක් ඉදිරිපත් කිරීම මගින් මෙම නිර්මාණශීලී ශිෂ්‍යයාගේ හැකියාව ඉදිරි ගමන් මග පිළිබඳ ඉ`ගියක් සපයයි.
තව ද, මෙය පරිසර හිතකාමී, ස්වභාවික පරිසරයට ලැදි සාමාන්‍ය පුද්ගලයකුට වුව කියවා රස විඳිය හැකි කෘතියක් ද වනු නො අනුමාන ය.
බී. බී. ගමගේ
කෘෂිකර්ම කථිකාචාරිණී,
දඹුල්ල කෘෂිකර්ම කාර්මික විද්‍යාලය.