Project – 43

සයිබර් අවකාශයේ අපටත් ඉඩක්

එන්.එල්.ඊ. ධවල ශ‍්‍රීධාරා, උසස් පෙළ කලා අංශය, බ/ශ‍්‍රී සුගත ද්විතියික විද්‍යාලය, බල්ලකෙටුව

වෙබ් අඩවිය පිළිබඳ ව හැඳින්වීම
වෙබ් අඩවිය නිර්මාණය කිරීමට බලපෑ හේතු සාධක
බ/ශ‍්‍රී සුගත ද්විතීයික විද්‍යාලයේ දියුණුවීමත් සම`ග සමස්ත පාසල් ප‍්‍රජාවට මෙන් ම බාහිර පාර්ශවයන්ට ද විද්‍යාලයේ දිනෙන් දින අලූත් වන තොරතුරු ලබා ගැනීමේ අවශ්‍යතාව විශාල වශයෙන් දැනුණු බව මා ලැබූ අත්දැකීම්වලින් මා හට පසක් වූ කරුණකි. එනම් විද්‍යාලයෙන් නිකුත් කරන අයදුම් පත‍්‍ර, සහතික හා වෙනත් සේවා ලබා ගන්නට උදෑසන සිට දහවල්වන තුරු ම කාර්යාලය ඉදිරිපිට දිනපතා රැුඳී සිටින පුද්ගලයින් දුටුවිට ය.
මෙම සියලූ ම පුද්ගලයින්ගේ අවශ්‍යතා ඉටු කිරීමට සිටින්නේ ද පුද්ගලයින් කිහිප දෙනෙකි. ඔවුන් කිහිප දෙනා කාර්යාලීය කටයුතු සම`ග එම කටයුතු කිරීම නිසා ඔවූහු ද ඉතාමත් වෙහෙසකාරී තත්වයකට මුහුණපාති. එසේ ම විද්‍යාලයේ සියලූ තොරතුරු පවතින්නේ ලිපිගොනු තුළ ය. එම ලිපිගොනු විවිධ අවස්ථාවල දී අනාරක්ෂිත තත්ත්වයන්ට ද මුහුණපායි. අවශ්‍ය සුළු ප‍්‍රමාණයේ තොරතුරක් වුවත් සොයා ගැනීමට සෑම ලිපිගොනුවක් ම පරික්ෂා කළයුතු ය. මෙම කාර්යය, තොරතුරු අවශ්‍ය පුද්ගලයාට මෙන් ම සෙවීමෙහි නිරත වන පුද්ගලයාට ද වෙහෙසකර මෙන් ම අතෘප්තිකර ක‍්‍රියාවකි. එමෙන් ම කාලය අනවශ්‍ය ලෙස අපතේ හැරීමකි. මා දුටු තවත් සිදුවීමක් වූයේ විවිධ අවස්ථාවල විදුහල්පතිතුමා හමුවීමට සමහර පුද්ගලයින් පැමිණෙන විට විදුහල්පතිතුමා පාසලේ නොමැති නිසා ඔවුන් පැමිණි කාර්යය සම්පූර්ණ නො කරගෙන ම ආපසු හැරීයාම ය. කඩිනමින් පිළියම් යෙදිය යුතු මෙවන් ගැටලූ රාශියක් තිබෙන බව මා හට පසක් විය.
මෙම ගැටලූ සඳහා වඩාත් ම උචිත පිළියම ලෙස මා දුටුවේ පාසල සඳහා වෙබ් අඩවියක් නිර්මාණය කිරීම ය. එසේ නිර්මාණය කිරීමට සූදානම් වූ වෙබ් අඩවියේ පාසල පිළිබඳ සියලූ තොරතුරු ඇතුළත් කිරීමට මම බලාපොරොත්තු වුණෙමි. එසේ මා බලාපොරොත්තු වූ ආකාරයෙන් ම, උසස් පෙළ තොරතුරු තාක්ෂණ විෂය භාර ගුරුතුමියගේ සහයෝගය සහ මග පෙන්වීම අනුව පාසල පිළිබඳ ව සියලූ තොරතුරු ඇතුළත් කරමින් වෙබ් අඩවියක් නිර්මාණය කළෙමි. මෙලෙස මා විසින් නිර්මාණය කළ වෙබ් අඩවිය මගින් උක්ත ගැටලූ සියල්ල ම හෝ යම් ප‍්‍රමාණයක් හෝ නිරාකරණය වනු ඇතැයි මම විශ්වාස කරමි.
වෙබ් අඩවිය නිර්මාණය කිරීමේ දී මුහුණ දීමට සිදු වූ ගැටලූ
ව්‍යාපෘති යෝජනාව ඉදිරිපත් කිරීමෙන් පසු ව පෙර කී ගැටලූ පිළිබඳ ව මම තව තවත් අධ්‍යයනය කළෙමි. එවිට මා මුහුණදුන් ගැටලූවක් වූයේ මෙම වෙබ් අඩවිය නිර්මාණය කිරීමෙන් පසු ව සිසුන් තුළ හා පාසල තුළ මේ පිළිබඳ ව අවබෝධයක ඇති කරවන්නේ කෙසේ ද යන වග පිළිබඳ ව ය. එසේ ම මෙහි නිර්මාණ කටයුතු කිරීම සඳහා මා තුළ තිබූ දැනුම ද සාමාන්‍ය තත්ත්වයක පසුවිය. මා මුහුණදුන් මෙම ගැටලූව සඳහා විෂය භාර ගුරුතුමියගේ සහයෝගය සහ ම`ග පෙන්වීම ලැබුණු බැවින් එම ගැටලූව මග හැරී ගියේ ය. මීළඟට මා මුහුණදුන් ගැටලූව වූයේ පාසලට උචිත ලෙස මෙහි නිර්මාණ කටයුතු කර අවසාන නිර්මාණය එළි දක්වන්නේ කෙසේ ද යන්නයි. මෙම ගැටලූව සඳහා ද කඩිනම් විසඳුම් ලැබුණි. මෙසේ මා මුහුණදුන් ගැටලූ සියල්ල ම පාහේ විසඳා ගෙන කළයුතු ඉදිරි කටයුතු සඳහා සූදානම් වීමට අවස්ථාව ලැබුණි.
වෙබ් අඩවියේ සංවර්ධන කටයුතු සඳහා යොදා ගත් මෘදුකාංග
්ාදඉැ ෘරු්ප උැ්ඩැර
්ාදඉැ ඡුයදඑද ීයදච
්ාදඉැ ත්‍ක්ිය
සංවර්ධනය කරන ලද වෙබ් අඩවියේ ්‍යධඵෑ ඡු්ඨෑ පහත පරිදිවේ.
(මෙහි පළ කර ඇත්තේ ඉහත ව්‍යාපෘතියේ සාරාංශයක් පමණක් බව කරුණාවෙන් සලකන්න*

”සයිබර් අවකාශයේ අපටත් ඉඩක් ”- ව්‍යාපෘතිය පිළිබඳ විද්වත් විවරණය
මෙම ව්‍යාපෘතියේ ප‍්‍රධාන අරමුණ වී ඇත්තේ බ/ ශ‍්‍රී සුගත ද්විතීයික විද්‍යාලය සඳහා වෙබ් අඩවියක් නිර්මාණය කිරීම ය. වෙබ් අඩවිය නිර්මාණය කිරීමට මෙම සිසුවා පෙලඹවූ සාධක කිහිපයක් ඇත.
විද්‍යාලය සතු තොරතුරු ලිපිගොනුවල පමණක් පැවතීම
එම ලිපිගොනු ඇතැම් විට අනාරක්‍ෂිත තත්ත්වයක තිබීම
ලිපිගොනුවලින් තොරතුරු සෙවීම වෙහෙස කරවීම සහ ඒ සඳහා බොහෝ කාලයක් ගත වීම
මෙම ගැටලූ විසඳීමට වඩාත් ම උචිත පිළියම ලෙස සිසුවා ඉදිරිපත් කොට ඇත්තේ පාසල සඳහා වෙබ් අඩවියක් නිර්මාණය කිරීම ය. එය පාසලේ කාලීන අවශ්‍යතාවක් සම්පූර්ණ කිරීමක් ලෙස ද හැඳින්විය හැකි ය. ඔහු වෙබ් අඩවියේ නිර්මාණ කටයුතු සඳහා ්ාදඉැ ෘරු්ප උැ්ඩැරල ්ාදඉැ ඡුයදඑද ීයදචල ්ාදඉැ ත්‍ක්ිය යන පරිගණක මෘදුකාංග මැනවින් උපයෝගි කර ගෙන ඇත.
ව්‍යාපෘති වාර්තාව ප‍්‍රධාන තේමා හතරක් ඔස්සේ සැකසී ඇත. පළමු වන තේමාවෙන් පාසල පිළිබඳ හැඳින්වීමක් ඉදිරිපත් කිරීමට උත්සාහ ගෙන ඇත. පාසලේ පිහිටීම, සංක්ෂිප්ත ඉතිහාසය, දැක්ම හා මෙහෙවර ඊට ඇතුළත් ය.
දෙ වන තේමාව වෙබ් අඩවිය පිළිබඳ හැඳින්වීම සඳහා වෙන් කර ඇති අතර වෙබ් අඩවිය නිර්මාණය කිරීමේ දී මුහුණ පෑ ප‍්‍රධානතම ගැටලූව ද එහි සඳහන් කර ඇත. එනම් වෙබ් අඩවිය පිළිබඳ ව සිසුන් තුළ සහ පාසල තුළ අවබෝධයක් ඇති කිරීම ය. එසේ ම වෙබ් අඩවිය නිර්මාණය කිරීමට සිසුවා තුළ පැවැති දැනුමේ ඌනතාව ද ගැටලූවක් ලෙස මතු ව ඇතත් විෂය භාර ගුරුමහත්මියගේ මග පෙන්වීම ලබා ගැනීමට කටයුතු කිරීමෙන් ඊට විස`දුමක් ලබා ගෙන තිබීම පැසසිය යුතු කරුණකි.
ව්‍යාපෘතියේ තෙ වන තේමාවෙන් ඉදිරිපත් කොට ඇත්තේ සංවර්ධනය කරන ලද වෙබ් අඩවිය හªන්වා දීම ය. සිසුවා සාර්ථක ව්‍යාපෘතියක් කිරීමට ගත් උත්සාහය සහ ඔහු සතු නිර්මාණශීලීත්වය මෙන් ම දක්ෂතාව ද මෙම තේමාවෙන් පැහැදිලි වන්නේ ය.
මෙම වෙබ් අඩවිය වෙත පිවිසෙන්නාට මුලින් ම හමු වන්නේ එහි මුල් පිටුව ය :්‍යදපැ ඡු්ටැ*. විද්‍යාලයේ පැරණි ලාංජනය සහ පාසලේ වර්තමාන නම එහි සඳහන් කොට ඇත. ඇතුඵ පිටුවලට පිවිසීමට හැකි ආකාරය මෙහි විස්තර කොට තිබීමෙන් කාලය මිඩංගු කිරීමකින් තොර ව අවශ්‍ය තොරතුරු කරා ග‍්‍රාහකයන්ට ගමන් කළ හැකි ය. එහි ප‍්‍රධාන සම්න්ධකයන් පහක් දක්වා ඇත.
ඒ අනුව මුලින් ම හමුවන ්ඉදමඑ මි සම්බන්ධකයෙන් ඉදිරිපත් කොට ඇත්තේ පාසලේ ඉතිහාසය, පාසල් ගීතය සහ ශිෂ්‍ය නායක මණ්ඩලය පිළිබඳ පූර්ණ විස්තරයකි. ්ාපසබසිඑර්එසදබ සම්බන්ධය හරහා ඉදිරිපත් කිරීමට උත්සාහගෙන ඇත්තේ විදුහලේ ප‍්‍රධාන කළමනාකරණ භූමිකාව පිළිබඳ ව ය.
්ජ්ාැපසජ සම්බන්ධකයෙන් ඉදිරිපත් කොට ඇත්තේ වර්ෂ 2002 සිට 2013 දක්වා පාසලේ ශිෂ්‍යත්ව, සාපෙළ හා උසස් පෙළ විභාග ප‍්‍රතිඵල විශ්ලේෂණයන් ය. පාසලේ දිනෙන් දින අලූත් වන තොරතුරු පිළිබඳ ව ප‍්‍රජාව දැනුවත් කිරීමට භැඅි සම්බන්ධකය භාවිත කොටගෙන තිබීම ප‍්‍රශස්ත ය. ක්‍දබඒජඑ යනුවෙන් නම් කොට ඇති සම්බන්ධකය ඔස්සේ ඕනෑ ම පුද්ගලයකුට විදුහල්පති හෝ නියෝජ්‍ය විදුහල්පති දුරකථනය හරහා සම්බන්ධ කර ගැනීමට හැකි ය.
එම සම්බන්ධකවලට අනතුරු ව ඡුරසබජසච්ක.ි ඵැිි්ටැල ධමර ඍැිදමරජැිල ්චචකසජ්එසදබිල ීජයදදක භැඅිල ක්‍දබඒජඑ යනුවෙන් තවත් සම්බන්ධක පහක් ඉදිරිපත් කොට තිබීමෙන් පැහැදිලි වන්නේ ඉතා පූර්ණ මෙන් ම සංකීර්ණ ව්‍යාපෘතියක් සිදු කිරීමට සිසුවා දැරූ විපුල උත්සාහය යි.
වෙබ් අඩවිය නිර්මාණයේ දී තොරතුරු ලබා ගැනීමට භාවිත කළ මූලාශ‍්‍ර ව්‍යාපෘති වාර්තාව අවසානයේ දක්වා තිබීමෙන් තොරතුරුවල විශ්වස්‍යතාව තහවුරු කොට ඇත. පහත සඳහන් දෑ ද සංශෝධනය වූයේ නම් ව්‍යාපෘතිය තවදුරටත් සාර්ථක වනු ඇත.
වෙබ් අඩවියට ඇතුළු විය හැකි ලිපිනය පැහැදිලි ව දැක්වීම
්‍යදපැ ඡු්ටැ පිටුවේ ්චචකසජ්එසදබි යනුවෙන් සඳහන් වුව ද එය සිංහලෙන් දැක්වීමේ දී ”අයදුම්පත‍්‍ර” යනුවෙන් සහ ීජයදදක භැඅි යන්න ”පාසල් පුවත්” ලෙස සඳහන් කිරීම
පාසලේ පිහිටීම විස්තර කරන තැන පාසලේ සිතියම නිරූපණය කිරීම
විභාග ප‍්‍රතිඵල දැක්වීමේ දී පාසල ආරම්භක යුගයේ සිට ම වර්තමානය දක්වා ම ප‍්‍රතිඵල විශ්ලේෂණය දැක්වීම
ව්‍යාපෘති කාල රාමුවේ අවසාන ක‍්‍රියාකාරකම ලෙස ”වෙබ් අඩවිය විවෘත කිරීම” යනුවෙන් ක‍්‍රියාකාරකමක් එක් කිරීම
තොරතුර සපයාගත් පාසල් පැතිකඩ දැනට අප‍්‍රකාශිත එකක් බැවින් ඒ බව සඳහන් කිරීම සහ ලොග් සටහන් පොතේ අංකය සඳහන් කිරීම
වෙබ් අඩවියේ අන්තර්ගතය සිංහල, ඉංග‍්‍රීසි, සහ දෙමළ යන භාෂා මාධ්‍ය තුනෙන් ම ඉදිරිපත් කිරීම
ව්‍යාපෘතියේ අවසාන නිගමන හා යෝජනා ඉදිරිපත් කිරීම
කෙසේ වුව ද මෙය පාසලට ඉතා ප‍්‍රයෝජනවත් වන සාර්ථක ව්‍යාපෘතියකි. එබැවින් ගෝලීයකරණය හමුවේ මෙතෙක් හුදෙකලාව තිබූ මෙම පාසල සයිබර් අවකාශය ඔස්සේ ලෝකය හමුවට ගෙන යාමට ධවල ශ‍්‍රීධාරා සිසුවා ගත් උත්සාහය බෙහෙවින් ම අගය කළ යුතු වන්නේ ය.

ආර්. ඞී. ශාන්තිලතා
බ/ ශ‍්‍රී සුගත ද්විතීයික විද්‍යාලය
බල්ලකෙටුව
බණ්ඩාරවෙල
රාිය්බඑයස1980?ටප්සකගජදප