Project – 42

ධීවර කර්මාන්තය හා කළමනාකරණය
ජනනී රශී ප‍්‍රභා මාරසිංහ,
සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය,
කොළඹ 07.

හැඳින්වීම
ධීවර කර්මාන්තයට ශ‍්‍රි ලංකාවේ ආර්ථිකයෙහි වැදගත් ස්ථානයක් හිමි වේ. එහෙත් සමුද්‍ර සම්පතින් අප ලබා ගෙන ඇති ඵල-ප‍්‍රයෝජන ඉතා සීමිත ය. ජන සංඛ්‍යා වර්ධන වේගයේ අනුපාතයට සරිලන පරිද්දෙන් ආහාර නිෂ්පාදනය වැඩි කිරිමට, අනාගතයේ දී, ධීවර සම්පත අප රටට වඩාත් වටිනා දායාදයකි. එබැවින් ධීවර කර්මාන්තය පිළිබඳ ව අනාගත පරම්පරාව වන අප දැනුවත් වීම කාලීන අවශ්‍යතාවකි.

අරමුණු

 ධීවර සම්පත් හා ඒවායේ කළමනාකරණය පිළිබඳ අවබෝධයක් ලබා දීම.
 නූතන හා සාම්ප‍්‍රදායික ධීවර ආම්පන්න හා ඒවා භාවිත කරන ක‍්‍රම ශිල්ප හඳුනා ගැනීම.
 ශ‍්‍රි ලංකාවේ මත්ස්‍ය වර්ග හඳුනා ගැනීමේ කුසලතාව වර්ධනය කර ගැනීම.
 ශ‍්‍රි ලංකාවේ ධීවර ජනාවාස හා ධීවර ගම්මානවල ව්‍යප්තිය හඳුනා ගැනීම.
 ධීවර කර්මාන්තය ආශ‍්‍රිත ගැටලූ හා ඒවා විසඳීමට ගෙන ඇති ක‍්‍රියාමාර්ග අවබෝධ කර ගැනීම.
 ශ‍්‍රි ලංකාවේ ආර්ථික සංවර්ධනයේ දී ධීවර කර්මාන්තයේ වැදගත්කම සමාජයට පෙන්වා දීම.

ශ‍්‍රි ලංකාවේ ධීවර සම්පත් හා සම්පත් කළමනාකරණය

මෙරට ධීවර කර්මාන්තය කරදිය, කිවුල් දිය හා මිරිදිය ලෙස ප‍්‍රධාන කොටස් 03කි. කරදිය ධීවර කර්මාන්තය නැවත වෙරළාසන්න හා ගැඹුරු මුහුදේ ධීවර කර්මාන්ත ලෙස කොටස් දෙකකට වර්ග කළ හැකි ය.

වෙරළාසන්න ධීවර කර්මාන්තය- මුහුදු පත්ළ දක්වා හොඳින් හිරු එළිය පතිත වීමත්, පෝෂ්‍ය පදාර්ථ බහුල වීමත් නිසා දිවයින වටා පිහිටි නොගැඹුරු මුහුදු තීරය මත්ස්‍ය සම්පත අතින් වැදගත්ම කලාපය වේ. හාල්මැස්සන්, සාලයන්, සූඩයන්, හුරුල්ලන් නොගැඹුරු මුහුදු තීරයේ බහුල ය.

ගැඹුරු මුහුදේ ධීවර කර්මාන්තය- ශ‍්‍රි ලංකාවේ මහද්වීපිය තටාක බෑවුම සහ ඉන් ඔබ්බට පිහිටි ප‍්‍රදේශය මීට අයත් ය. බලයා, කෙලවල්ලා, මෝරා, තලපත් වැනි සංක‍්‍රමණික මසුන් බහුල අතර විශාල ප‍්‍රමාණයේ බහුදින යාත‍්‍රා ධීවර කටයුතු සඳහාභාවිත වේ.

කිවුල් දිය ධීවර කර්මාන්තය- කලපු හා මෝය ආශ‍්‍රිත සීමිත ප‍්‍රදේශයක් මීට ඇතුළත් වේ. ජලයේ ලවණතාව, කරදියත් මිරිදියත් අතර පවති.

මිරිදිය ධීවර කර්මාන්තය- ගංඟා, ඇළ-දොළ, වැව් ආදිය මීට අයත් වේ. ලූලා, කනයා, මගුරා වැනි මෙරටට ආවේණික මසුන් මෙන් ම හඳුන්වා දුන් මත්ස්‍ය විශේෂ රාශියක් ද මිරිදිය ධීවර කර්මාන්තය උදෙසා වැදගත් වේ.

ධීවර සම්පත් කළමනාකරණය

ධීවර සම්පත පොදු වස්තුවකි. ඒ නිසා ධීවර සම්පත් නෙළා ගැනීමට ඉදිරිපත් වන්නන් ඉතා බහුල ය. සැලසුමකින් තොර ව භාවිත කළ හොත් යථාතත්ත්වයට ගැනීමට දිගු කලක් ගත වන හෙයින් කළමනාකරණය අත්‍යවශ්‍ය කටයුත්තකි.

ශ‍්‍රි ලංකාවේ මත්ස්‍ය වර්ග

පරිභෝජනයට ගන්නා මසුන් වාසය කරන ප‍්‍රදේශය අනුව මිරිදිය, කලපු සහ කරදිය මසුන් ලෙස වෙන් කර හඳුනා ගත හැකි අතර මසුන් ජීවත් වන පරිසරයට අනුකූල ව විවිධ ලක්ෂණවලින් හඳුනාගත හැකි ය.

ශ‍්‍රි ලංකාවේ සාම්ප‍්‍රදායික සහ නූතන ධීවර ආම්පන්න හා ක‍්‍රම
ආම්පන්න සාම්ප‍්‍රදායික නූතන
දැල්

වැල්

වෙනත්

යාත‍්‍රා මාදැල්, ආවරණ දැල්

යොත් පන්නය, වේලිපිත්ත, බල පන්නය

උල් ආයුධයකින් මැරීම, මත්ස්‍ය දැල්

කෙප්පම්, කට්ටුවරම්, ඔරු, පාරු, වල්ලම්

කරමල් දැල්, හැඹිලි දැල්, අදින දැල්, ඔසවන දැල්

කෙලවල්ලන්, මරුවැල් පන්නය, පතුලේ තලන මරුවැල්

මත්ස්‍ය උගුල්

යාන්ත‍්‍රික ඔරු, ෆයිබර් ග්ලාස්, බහුදිය යාත‍්‍රා, ධීවර යාත‍්‍රා

මා දැල්
මා දැල් අතීතයේ සිට පැවත එන ධීවර ආම්පන්නයකි. මුළු මත්ස්‍ය නිෂ්පාදනයෙන් 60%ක් පමණ අතීතයේ නෙළා ගත්තේ මෙමගිනි. එහෙත් දැන් එහි දායකත්වය මත්ස්‍ය නිෂ්පාදනයෙන් 25%ක් පමණ දක්වා අඩු වී ඇත. මා දැල වෙරළේ සිට 24නප-8නප පමණ දුරින් එළනු ලබයි.

නිගමන

 මෙරට ආහාර නිෂ්පාදනයට මත්ස්‍ය නිෂ්පාදන දායකත්වය 2%කි.
 මහද්වීප තටාක ප‍්‍රදේශයේ සම්පත් නෙළා ගැනීමේ දී අධික පීඩනයකට පත් වී ඇත.
 ධීවර සම්පත් සැලසුමකින් තොර ව ප‍්‍රයෝජනයට ගැනීම නිසා විනාශයට පත් වී ඇත.
 තවමත් සමහර ප‍්‍රදේශවල ධීවරයන්ට නූතන ධීවර ආම්පන්න පිළිබඳ අවබෝධය අවම ය.

යෝජනා

 ශ‍්‍රි ලංකාවේ ධීවර සම්පත් කළමනාකරණයට වැඩි අවධානයක් යොමු කළ යුතු ය.
 මුළු ප්‍රෝටීන් ප‍්‍රමාණයෙන් 70%ක් මත්ස්‍ය නිෂ්පාදනයෙන් ලබා දෙන නිසා ශ‍්‍රි ලංකාවේ ඒක පුද්ගල මත්ස්‍ය පරිභෝජනය වැඩි කළ යුතු ය.
 නවීන තාක්ෂණික ක‍්‍රම ධීවරයන්ට හදුන්වා දීම.
 ධීවර ගම්මානවලට ක්ෂේත‍්‍ර නිලධාරීන් මගින් උපදෙස් ලබා දීම.

(මෙහි පළ කර ඇත්තේ, ජනනී රශී ප‍්‍රබා සිසුවිය උසස් පෙළ විභාගයේ අවශ්‍යතා සඳහා ඉදිරිපත් කළ කේවල ව්‍යාපෘතියේ සාරාංශයක් පමණක් බව කරුණාවෙන් සලකන්න*

විද්වත් විවරණය
ශ‍්‍රී ලංකාවේ ස්වාභාවික පිහිටීම හා සම්පත් පිළිබඳ සලකා බැලීමේ දී ධීවර කර්මාන්තයට සුවිශේෂි ස්ථානයක් හිමිවේ. ශ‍්‍රී ලංකාවේ පරම ආර්ථික කලාපය වර්ග කි.මී. 437, 400කින් සමන්විත වන්නේල වර්ග කි.මී. 18, 060කින් යුත් රාශ්ටී‍්‍රය මුහුදු ප‍්‍රදේශය සහ යාබද මුහුදු සීමාව වන වර්ග කි.මී. 19, 620 ද ඇතුඵවයි. ඒ අනුව ශ‍්‍රී ලංකාව සතු ගෙඩබිම් ප‍්‍රමාණය හා සැසදීමේ දී සාගරයේ ඇති වැදගත්කම තහවුරු කර ගත හැකිය. එසේ ම දළ දේශීය නිෂ්පාදනය 2.7%කට ආසන්න ප‍්‍රමාණයකට ධීවර කර්මාන්තය ප‍්‍රමාණාත්මක ව දායකත්වයක් සපයනු ලබන අතර, ධීවර කර්මාන්තය ආශ‍්‍රිත සෘජු රැුකියා ප‍්‍රමාණය 150, 000 ඉක්මවයි. ඊට පරිබාහිරව 100,000ට අධික පිරිසක් ඒ ආශ‍්‍රිත වක‍්‍ර රැුකියාවල නිරත වී සිටිති. මෙම සරල පැතිකඩ තුළින් අදහස් වන්නේ දිවයිනේ ධීවර කර්මාන්තයට ඇති උපයෝගීතාවයි. මෙම ජලජ පරිසරය තුළ බහුතර සම්පත් ප‍්‍රමාණයක් ඒකරාශී ව පැවතිය ද එම සම්පත් නිසියාකාර ව හදුනා නොගැනීම සහ අනිසි භාවිතය නිසා කළමනාකරණයේ අවශ්‍යතාව ද අවධාරණය කළ යුතු ව ඇත.
ධීවර කර්මාන්තයයේ ස්වභාවය, ව්‍යාප්තිය, ධීවර ගම්මාන සහ කළමනාකරණය යන අංශවලට අවධානය යොමු කරමින් ධීවර කර්මාන්තයේ අනාගත පැවැත්ම උදෙසා ඒ කළමනාකරණය කළ යුතුය යන්න අවධාරණය කිරීම මෙම ව්‍යාපෘති අධ්‍යයනයේ මුලික හරය වී ඇත. පාසල් ශිෂ්‍යාවක ලෙස ස්වාභාවික සම්පත් පරිහරණය යටතේ මෙවැනි වු මාතෘකාවකට පිවිසීම අගය කළ යුතු වන්නේ තිරසර පැවැත්මක් උදෙසා තව දුරටත් අප සතු සම්පත් හදුනා ගැනීම, එහි ඇති ශක්‍යතා විමසා බැලීම නිරන්තර ව කළ යුතු ව ඇති බැවිනි. එබැවින් සමස්තයක් වශයෙන් ද්විතවීයික දත්ත මුලාශ‍්‍ර කොට පාරිසරික සම්පත්වලට අවධානය යොමු කරමින් මෙවැනි වු වාර්තාවක් ශිෂ්‍යාව විසින් ඉදිරිපත් කිරීමට උත්සාහ දැරීම වැදගත්කොට සැලකිය හැකිය.
තව දුරටත් මෙවැනි වූ වාර්තා සංවර්ධනය කිරීමට උත්සාහ දරන්නේ නම් පහත සඳහන් කරුණුවලට ද අවධානයක් යොමු කිරිම වැදගත්ය.

මාතෘකාව තෝරා ගැනීම
මාතෘකාව කාලෝචිත වුව ද ඉතා පුඵල් මාතෘකාවකට එළඹීම පදනම් කොට ගෙන කරුණු විසිරි ගිය ස්වභාවයක් දක්නට ලැබේ. එසේ ම මාතෘකාව තවදුරටත් පුඵල් වන්නේ කළමනාකරණය යන අංශය ද මාතෘකාවට එකතු කිරීම නිසා ය. එහෙයින් ධීවර කර්මාන්තයේ ස්වභාවය, ව්‍යාප්තිය, ධීවර ගම්මාන, සාම්ප‍්‍රදායික හා නුතන ආම්පන්න පිළිබඳ ව කරුණු ඉදිරිපත් කළ ද ධීවර සම්පත් කළමණාකරණය යන අංශයට අවම අවධානයක් යොමු කිරීම නිසා මාතෘකාවේ සමබරතාව ගිලිහිගොස් ඇති බවක් දක්නට ලැබේ.
එබැවින් මෙම පුළුල් තේමාවේ එක් අංශයකට සුවිශේෂී ඉව අවධානය යොමු කරමින්, (උදාහරණ ලෙස ශ‍්‍රී ලංකාවේ මිරිදිය ධීවර කර්මාන්තය/ ශ‍්‍රී ලංකාවේ මිරිදිය ධීවර කර්මාන්තයේ ඇති වැදගත්කම/ ධීවර කර්මාන්තය තුළ සාම්ප‍්‍රදායික ක‍්‍රම ශිල්ප භාවිතය වැනි මාතෘකාවකට එළඹියේ නම් තව දුරටත් ඔබගේ ව්‍යාපෘති වර්තාව සාර්ථක වනු ඇත.
අරමුණු ගොඩ නැගීම
මාතෘකාව පුඵල් වපසරියක පවතින බැවින් අරමුණු ද පුඵල් ස්වභාවයකින් යුක්තය. දෙවනුව අරමුණු ද මෙයට වඩා සරල ව හා විධිමත් පෙළ ගැස්මකින් යුක්තව ඉදිරිපත් කළේ නම් වඩා සුදුසු ය. එනම් අරමුණුවල ගලායාම හා සංගතභාවය බිඳ වැටී ඇති බවක් දක්නට ලැබේ. තෙවනුව ශිෂ්‍යාව ඉදිරිපත් කොට ඇති පළමුවන අරමුණ වන ‘ධීවර සම්පත් හා ධීවර සම්පත් කළමනාකරණය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම’, යන්න ව්‍යාපෘතියේ මුලික හරය වන බැවින් එය එක් අරමුණක් ලෙස ඉදිරිපත් කිරීම එතරම් යෝග්‍ය නොවන අතර ගොඩනගා ඇති අනෙක් සියලු ම අරමුණු ඒ තුළ ගැබ් ව පවති.
අන්තර්ගතය
වාර්තාවේ හැඳින්වීම සාර්ථකව ගෙඩනගා ඇත. එසේ නමුත් සාරාංශගත හැඳින්වීමක එයට පරිබාහිර වු පින්තූර ඇතුළත් කිරීම මෙවැනි අධ්‍යයනවලදී එතරම් සුදුසු නොවෙයි. එසේම පිහිටීම, ව්‍යාප්තිය සම්බන්ධයෙන් විස්තර කරන ස්ථානයක සිතියමක් මගින් ශ‍්‍රී ලංකාවේ පරම ආර්ථික කලාපයද ඇතුළත් කොට ධීවර කර්මාන්තයේ පිහිටීම පෙන්වා දුන්නේ නම් ධීවර සම්පතේ ඇති ස්වාභාවික වැදගත්කම හා අධ්‍යයනයේ ඇති වැදගත්කම තව දුරටත් තහවුරු කර ගැනීමට හැකියාව තිබිණි (මෙම මුලික කරුණු පිළිබඳ අවබෝධයක් 9 වන ශ්‍රෙණියේ සිට ඉදිරියට ඇති භුගෝල විද්‍යාව විෂයය තුළ අන්තර්ගතය*. එබැවින් ඔබ මෙතෙක් පාසලේ දී උගත් දේ නිසියාකාරව භාවිතයට ගෙන ව්‍යාපෘති වාර්තාව සකස් කර ඇති බවක් දක්නට නොලැබේ.
අරමුණෙන් අරමුණට කරුණු ඉදිරිපත් කිරීමට උත්සාහ කිරීම නිසා ද කරුණු ගලායාම බිද වැටී ඇත. උදාහරණ ලෙස ධීවර සම්පත් කළමනාකරණය යන කොටස අවසන් අදියරේ දී එනම් ධීවරයන් මුහුණපාන ගැටලූ හා සම්බන්ධ කොට කළමනාකරණයේ අවශ්‍යතාව පෙන්වා දුන්නේනම් වඩාත් යෝග්‍යය ය. කෙසේ නමුත් ශ‍්‍රී ලංකාවේ සමස්ත ධීවර කර්මාන්තය පිළිබඳ ව සාරාංශයක් වාර්තාවෙන් දක්නට ලැබේ.
භාෂා භාවිතය
භාෂාව භාවිතය යම් යම් ස්ථානවල බිඳි ගොස් ඇත. සමස්ත වාර්තාව තුළ ව්‍යාකරණ පිළිබඳ ව අඩු අවධානයක් යොමු කිරීම දුර්වලතාවකි. එබැවින් උක්ත ආඛ්‍යාත දෝෂ, නිවැරදි අක්ෂර භාවිත නොකිරීම, වචන ඇත් නොකිරීම දක්නට ලැබේ. තව ද සමහර ස්ථානවල ලියා ඇති වාක්‍ය කියවීමේ අපහසුතා දක්නට ලැබුණි. එබැවින් භාෂා භාවිතය පිළිබඳ ව මෙයට වඩා අවධානයක් යොමු කළේ නම් යෝග්‍යය ය.
ව්‍යාපෘති අකෘතිය
පිටු අංක නොකිරීමල පින්තූරx-රූප සටහන්වල අදාළභාවයල රූප සටහන්/ චිත‍්‍රවල වඩා විධිමත් බවල ආශ‍්‍රිත ග‍්‍රන්ථ වාර්තාව අවසානයේ දී ඇතුළත් කිරීම යන අංශවලට ද අවධානයක් යොමු කොට තව දුරටත් සැලසුම් සහගත අයුරින් ආකෘතිය ඉදිරිපත් කළේ නම් වඩා සාර්ථක හා නිමාවකින් යුතු ව්‍යාපෘති වාර්තාවක් වනු ඇත.
ලසන්තී ගීතානී කක්ගොඩ ආරච්චි
කථිකාචාරිණී,
උපදේශන ඒකකය සහ සමාජ විද්‍යා දෙපාර්තමේන්තුව,
ජාතික අධ්‍යාපන ආයතනය.