Project – 41

ඕසෝන් වියන සුරකිමු
එෆ්. හුස්නා අන්සාර්,
උසස්පෙළ කලා අංශය,
ශාන්ත ක්ලෙයාර් බාලිකා විද්‍යාලය,
කොළඹ 6.
අ.පො.ස. (උ.පෙ.* විභාගය සඳහා කරන ලද මෙම ව්‍යාපෘතියට පසුබිම් වූ අරමුණු 5කි.

අරමුණු

1. ඕසෝන් ස්තරය රැුක ගැනීමේ අවශ්‍යතාව පිළිබඳ ශාන්ත ක්ලෙයාර් විද්‍යාලයේ සිසුන් ව දැනුවත් කිරීම
2. ඕසෝන් වියන විනාශ වන අන්දම අවබෝධ කර දීම
3. ඕසෝන් වියන විනාශ වීම නිසා ඇතිවන ප‍්‍රතිවිපාක (පාරිසරික, සෞඛ්‍යමය, සමාජීය* පෙන්වා දීම
4. එම ප‍්‍රතිවිපාකවලින් ආරක්ෂා වීමට අප විසින් කළහැකි දේ පිළිබඳ අවබෝධයක් ලබා දීම
5. ඕසෝන් වියන ආරක්ෂා කර ගැනීමට ලබාදිය හැකි පෞද්ගලික දායකත්වය පිළිබඳ අවබෝධයක් ලබා දීම

ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කළ ආකාරය

1. ව්‍යාපෘති යෝජනාව අනුමත කර ගැනීම
2. දත්ත එක්රැුස් කර ගැනීම – ජාතික ඕසෝන් ඒකකය, පොත්පත් සහ අන්තර්ජාලය මගින්
3. ක‍්‍රමානුකූල ව සැකසීම- රූපසටහන්, ප‍්‍රස්තාර සහ වෙනත් දත්ත නිරූපක භාවිතයෙන්
4. වාර්තා කිරීම
5. ව්‍යාපෘති වාර්තාව පිළියෙල කිරීම

හැඳින්වීම

පරිසරය සුරැුකීම යනු හුදෙක් ඇසට පෙනෙන ගහ කොළ ඇළ දොළ සතා සීපාවා රැුක ගැනීම පමණක් නොව ඉන් ඔබ්බට ගිය සමස්ත සත්ත්ව සංහතියේ ම පැවැත්ම තහවුරු කරන ක‍්‍රියාවලියකි. ඉන් ඉතා ම වැදගත් වන්නේ විනාශකාරී කිරණ පෘථිවියට ඒම වළකා, පෘථිවිය ජීවයට සුදුසු ග‍්‍රහලෝකයක් බවට පත් කිරීම සඳහා කරන ක‍්‍රියාදාමයයි.
කාර්මීකරණයේ ප‍්‍රතිඵලයක් ලෙස මිනිසා විසින් නිපදවන ක්‍ත්‍ක්‍ල මීතයිල්, බ්‍රෝමයින් වැනි රසායන ද්‍රව්‍ය වායුගෝලයට එක්වීමෙන් ඕසෝන් වියන බිඳ වැටෙමින් පවතී. මේ නිසා දේශගුණික විපර්යාස මෙන් ම සමාජීය, ආර්ථිකමය හා පාරිසරික ගැටලූ රාශියකට මුහුණ දීමට අපට සිදු වී ඇත.

1. ඕසෝන් වියන හඳුනා ගැනීම
අපගේ සෞරග‍්‍රහ මණ්ඩලයේ ඇති ග‍්‍රහලෝක අතුරින් විශේෂිත ග‍්‍රහලෝකය වන්නේ පෘථිවියයි. එයට ප‍්‍රධාන හේතුව වන්නේ ජීවය පැවතීමට සුදුසු වායුගෝලයක් පෘථිවිය සතු ව තිබීමයි. සරල අණු වලින් සමන්විත වායු ගණනාවකින් මෙම වායු ගෝලය සමන්විත වේ. නයිට‍්‍රජන්, ඔක්සිජන්, ආර්ගන්, කාබන්ඩයොක්සයිඞ්, නියෝන්, හීලියම්, මීතෙන්, ක‍්‍රිප්ටන්, නයිට‍්‍රජන් ඔක්සයිඞ්, ඕසෝන් යන වායු ඉන් කීපයකි. එම සමස්ත වායු පරිමාවෙන් ආසන්න ලෙස 21%ක් පමණ ඇති ඔක්සිජන් වායුව ජීවයේ පැවැත්මට අත්‍යවශ්‍ය ම වායුවයි. ඔක්සිජන් පරමාණු තුනක් එකතු වී තැනී ඇති ඕසෝන් වායුව ද පෘථිවිය මත ජීවය රකින මූලික සංඝටකයක් ලෙස දැක්විය හැකි ය. වායුගෝලයේ මුළු වායු පරිමාවෙන් 0.000007%ක් ඇති ඕසෝන් වායුව, පෘථිවිය මත ජීවය ඇති වීමට හා පවත්වා ගෙන යාමට අවශ්‍ය වන අතර, වැඩිපුර ඇත්තේ මුහුදු මට්ටමේ සිට 20නප-30නප අතරවූ ඉහළ වායුගෝලයේ ය. මෙම කලාපය පොදුවේ ‘ ඕසෝන් වියන’ හෝ ‘ ඕසෝන් ස්තරය’ ලෙස හඳුන්වයි. ‘ ඕසෝන්’ ඉතා ප‍්‍රතික‍්‍රියාශීලී වායුවක් වන අතර, කටුක ගන්ධයකින් යුක්ත ය.

2. ඕසෝන් ඉතිහාසය
1830 දී, ‘ක‍්‍රිස්ටීන් ස්කෝබීන්’ විසින් ‘ ඕසෝන් ’ වායුව හඳුනා ගන්නා ලදී. 1865 ‘ජීන් ලෝවිස් සොරට්’ විසින් එය ‘ඔක්සිජන්’ පරමාණු තුනකින් නිර්මාණය වී ඇති බව සොයා ගන්නා ලදි. 1881 දී ‘වෝල්ටර් කාර්ට්ලි’ විසින් ඕසෝන් වියන මගින් ‘පාරජම්බුල කිරණ’ උරා ගන්නා බව පෙන්වා දුන් අතර, ක්ලෝරොෆ්ලෝරොකාබන් :ක්‍ත්‍ක්‍* නිෂ්පාදනය කරන ලද්දේ ‘තෝමස් මිඞ්ලි’ විසින් 1928 දී ය.
1950 වන විට ක්‍ත්‍ක්‍ වෙළෙඳපොළ සීඝ‍්‍රයෙන් ව්‍යාප්ත විය. එනිසා ඕසෝන් වියනට හානි සිදුවීම ආරම්භ විය. එහි ප‍්‍රතිඵලයක් ලෙසත්, පිළියම් යෙදීම අත්‍යවශ්‍ය වූ නිසාත් 1985 දී ඕසෝන් වියන සුරැුකීම පිළිබඳ ‘වියානා සම්මුතිය’ පිහිටුවී ය. එසේ ම ඕසෝන් වියනට හානිකර ද්‍රව්‍ය පාලනය පිළිබඳ ‘මොන්ටි‍්‍රයල් සංවිධානය’ 1987 දී පිහිටුවන ලද අතර, එයට ශ‍්‍රී ලංකාව අත්සන් තැබුවේ 1989 දී ය. 1994 ජූලි මස ශ‍්‍රී ලංකාවේ ජාතික ඕසෝන් ඒකකය පිහිටු වන ලද අතර, මේ වනවිට ලොවපුරා ්‍යක්‍ත්‍ක්‍ හා ක්‍ත්‍ක්‍ ද්‍රව්‍ය භාවිතය බැහැර කිරීම පිළිබඳ අවධානය යොමු වී ඇත.

3. ඕසෝන් වියනෙහි කාර්යභාරය
ජීවයට තර්ජනයක් වන පාරජම්බුල කිරණ වලින් පෘථිවිය ආරක්ෂා කිරීම.

4. ඕසෝන් වියන විනාශ වීමට බලපාන හේතු
x කාබන්, හයිඩ‍්‍රජන්, ක්ලෝරීන් හා නයිට‍්‍රජන් අඩංගු රසායනික සංයෝග ඕසෝන් සාන්ද්‍රණය අඩු කිරීමට හේතු වේ.
x ක්‍ත්‍ක්‍ වායුව – මෙය ප‍්‍රධානතම හතුරා ලෙස සැලකෙයි. ශීතකරණ, වායුසමීකරණ යන්ත‍්‍ර, කෘමිනාශක, වල්නාශක, සුවඳ විලවුන් ඉසින ස්පේ‍්‍රකෑන් නිපදවීමට යොදා ගැනේ.
x මෙතයිල් බ්‍රෝමයිඞ් – මෙය ක්‍ත්‍ක්‍ වායුව මගින් සිදු කරන හානිය මෙන් පස් ගුණයකින් හානිදායක ය. මෙම වායුව එළවළු හා පලතුරු නිෂ්පාදනයේ දී පසේ විෂබීජ නැසීමට යොදා ගනු ලැබේ.
x ගිනිකඳු පිපිරීම- ගිනිකඳු පිපිරීමේ දී වායුගෝලයට නිකුත් කරන මෙමගින් ඕසෝන් විනාශවෙයි. ප‍්‍රධාන වශයෙන් ම සල්පියුරික් අම්ලය හඳුන්වාදිය හැකි ය.
x කොන්කෝඞ් වැනි සුපර් සොනික් ජෙට් යානා මගින් නිකුත් වන දහනයන්ට අයත් නයිට‍්‍රජන් ඔක්සයිඞ්.

5. ඕසෝන් වියනට හානි කර ද්‍රව්‍ය වෙනුවට භාවිත කරන ආදේශක ද්‍රව්‍ය
x ක්‍ත්‍ක්‍ වෙනුවට හයිඩ්‍රොෆ්ලෝරා කාබන් හෝ ඇමෝනියා භාවිතය
x ්‍යක්‍ත්‍ක්‍ භාවිතය
x මෙතිල් බ්‍රෝමයිඞ් වෙනුවට පලිබෝධ කළමනාකරණය, සූර්යතාපනය හා සෝඩියම් භාවිතය
 ගිනි නිවන උපකරණ සඳහා කාබන්ඩයොක්සයිඞ්, නිෂ්ක‍්‍රිය වායු, ජලය භාවිතය
x සෘජුෆෝම් වෙනුවට ස්වභාවික ඇසුරුම් භාවිතය

6. ඕසෝන් වියන විනාශ වීමේ ප‍්‍රතිඵල
ෂගමනුෂ්‍ය ජීවිතයට තර්ජනයක් වීම –
මෙලනෝමා නමැති සමේ පිළිකා රෝගය සෑදීම (සුදු ජාතිකයින් විශාල ලෙස මීට ගොදුරු වී ඇත*, ඇසේ සුද මතුවීම සහ ඇස් අන්ධ වීම, ප‍්‍රතිශක්තීකරණ හැකියාව අඩු වීමෙන් විවිධ ආසාදන වලට ගොදුරු වීම, ස්වසන පද්ධතියට හානි වීම ආදිය.
ෂෂගවෙනත් ජීවීන්ට හානි සිදුවීම-
ශාක වර්ධනයට බාධාවීම, මත්ස්‍ය හා උභය ජීවී බිත්තර විනාශ වීම, ශාක ප්ලවාංග විනාශ වීමෙන් ආහාර දාම විකෘති වීම, පක්ෂීන්ගේ පැවැත්මට තර්ජනයක් වීම ආදිය.
ෂෂෂග ස්වභාවික පරිසරයට හානි වීම-
ග්ලැයිසර් තට්ටු දියවී වායුගෝලය උණුසුම් වීම, කාබන්ඩයොක්සයිඞ් වැඩිවීම නිසා පෘථිවිගෝලය උණුසුම් වීම, නියම කාලයට වැසි නොලැබීම, ප්ලාස්ටික් සහ රබර් වැනි ද්‍රව්‍ය වල භාවිත කාලය අඩුවීම, කොරල්පර විනාශ වීම ආදිය.

7. ඕසෝන් සිදුරෙහි විශාලත්වය අඩුවීමේ ජයග‍්‍රහණය
ඕසෝන් වියන ආරක්ෂා කිරීමට විවිධ පියවර ගැනීමේ ප‍්‍රතිඵලයක් ලෙස ඕසෝන් වියනෙහි ඇති සිදුරුවල විශාලත්වය අඩු වී ඇත.

8. මොන්ටි‍්‍රයල් සංවිධානය
ඕසෝන් ස්තරය සුරැුකීම සඳහා වූ මොන්ටි‍්‍රයල් සංවිධානය 1987 දී පිහිටුවී ය. එහි ප‍්‍රතිඵලයක් ලෙස මිහිතලය විනාශ වීම අවම කිරීමට විශාල කාර්යභාර්යක් සිදුවෙයි.

9. වියානා සම්මුතිය
1985 මාර්තු 22 පිහිටු වු මෙම සම්මුතියෙන් ඕසෝන් ක්ෂයකාරක ද්‍රව්‍ය හා භාවිතය නවතාලීම සඳහා
බලවේගයක් ලෙස ක‍්‍රියාකරනු ලබයි.

10. ඕසෝන් වියන රැුක ගැනීමට ශ‍්‍රී ලංකාවේ දායකත්වය
ජාතික ඕසෝන් ඒකකය පිහිටුවා, ඒ යටතේ විවිධ ව්‍යාපෘති ක‍්‍රියාත්මක කරන ලදී. එමගින් ශීතකරණ නිපදවීම, සුවඳ විලවුන් නිෂ්පාදනය, කෘෂිකාර්මික හා ගිනි නිවීම වැනි කටයුතුවල දී ඕසෝන් වියනට අහිතකර නොවන දෑ යොදා ගැනීමට අවශ්‍ය කටයුතු යෙදිණි.

11. ඕසෝන් අහිතකර ද්‍රව්‍ය බැහැර කිරීම පිළිබඳ දේශීය නීති
x 1969 අංක 06 දරන ආනයන (පාලන* පනත යටතේ පනවන ලද රෙගුලාසි.
x ජාතික පාරිසරික පනත පිහිටුවීම ද තවත් එක් පියවරකි.

12. ඕසෝන් මිතුරු ජාතික මෙහෙවරට ඔබත් දායකවන්න
නිවසේ දී, කාර්යාලයේ දී, වෙළෙඳපොළ ආශ‍්‍රිත කටයුතුවල දී, රැුකියා කටයුතුවල දී ලෙස විවිධ අංශ ආවරණය වන පරිදි ඕසෝන් වියන ආරක්ෂා කරන්නේ කෙසේ ද යන්න විග‍්‍රහ කොට ඇත.
අවසන් වශයෙන් සුනිල් පෙරේරා විසින් රචිත ඕසෝන් ගීතයෙන් ව්‍යාපෘති වාර්තාව නිමකොට ඇත.

(මෙහි පළකර ඇත්තේ ව්‍යාපෘතියේ සාරංශයක්් පමණක් බව කරුණාවෙන් සලකන්න*.

‘ ඕසෝන් වියන සුරකිමු’
ව්‍යාපෘතිය පිළිබ`ද විද්වත් විවරණය
පාසල් සිසුවියක ලෙස ‘පරිසරය’ පිළිබඳ ව සරල දැනුමක් නිවසේ දී ද විවිධ විෂයයන් අන්තර්ගතයෙන් පාසලේ දී ද හොඳින් හඳුනා ගත් බවට සාක්ෂ්‍යයක් මෙම ව්‍යාපෘති වාර්තාවෙන් පිළිඹිබුවෙයි. එසේ ම ආකල්පමය වශයෙන් අරමුණු කරා ළඟා වූ අවස්ථාවක් ලෙස ද හැඳින්විය හැකි ය. මිනිස් හද සන්තානයේ දැවෙන ප‍්‍රශ්න හමුවේ පරිසරය මිනිසාගේ ගොදුරක් බවට පත් වී එයට හානි වෙමින් පවතින මෙවැනි වකවානුවක ‘ ඕසෝන් වියන සුරකිමු’ මැයෙන් ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක කොට එහි හරය මෙවන් වාර්තාවකින් සියලූ දෙනා අතට පත්වන්නට කටයුතු කිරීම ඉතා ප‍්‍රශංසණීය කාර්යයකි. කාලීන වැදගත්කමකින් යුත් මෙවැනි මාතෘකාවක් පිළිබඳ ව විවරණයක යෙදීම ප‍්‍රයෝජනවත් ය.
මෙම ව්‍යාපෘතිය මගින් විද්‍යාත්මක ලෙස ඕසෝන් වියන හඳුනා ගැනීමට මග පෙන්වා ඇත. වායු, වායු සංයුතිය ඉතා නිවැරදි ව ප‍්‍රතිශත ලෙස දක්වා තිබීම පාඨකයින්ට ප‍්‍රයෝජනවත් ය. ඕසෝන් වියන පිළිබඳ ව නොදන්නා කරුණු රාශියක් පාඨකයින්ට මෙයින් දැන ගත හැකිවනු ඇත. එසේ ම ඕසෝන් වියනෙහි කාර්යභාරය රූපසටහන් ද යොදා ගනිමින් විග‍්‍රහ කර තිබීම අවබෝධ කර ගැනීම පහසු කරවයි. විශේෂයෙන් භෞතික
විද්‍යාව, රසායන විද්‍යාව යන විද්‍යාවල සාධක ද මේ සඳහා උපයෝගි කොට ගෙන තිබීමෙන් මෙම වාර්තාවේ වටිනාකම වැඩි වී ඇත.
ඕසෝන් වියන විනාශ වීමට බලපාන හේතු, විශේෂයෙන් පරිසරයට අහිතකර වායු පරිහරණය පිළිබඳ ව දැනුවත් කර එහි ප‍්‍රතිවිපාක සංවේදී ලෙස ඉදිරිපත් කිරීමට ශිෂ්‍යාව සමත් වී ඇත. ජීවී අජීවී වස්තු විනාශ වන අන්දම සජීවී ලෙස සනාථ වන සේ කරුණු ඉදිරිපත් කර ඇත.
ඕසෝන් වියන රැුක ගැනීමට ලොව පරිසර හිතකාමී සංවිධාන පිහිටුවන ලද ආකාරයත් ඒ සඳහා ශ‍්‍රී ලංකාව දායකවන අයුරුත් නිවැරදි දත්ත ඇසුරින් ඉදිරිපත් කිරීම පාඨකයින්ගේ දැනුම අවදිවීමට හේතුවකි. පොත්පත් රාශියක් පරිශීලනයෙන් විමර්ශනය කළයුතු කරුණු රාශියක් පිටු කිහිපයකින් ලබා ගැනීමේ
හැකියාව මෙම වාර්තාව කියවීමෙන් ලැබේ.
අවසානයේ ඕසෝන් වියන ආරක්ෂා කිරීමට විවිධ පුද්ගලයින්ට විවිධ ස්ථානවල කටයුතු කළයුතු ආකාරය පිළිබඳ ව යෝජනා සහ අදහස් රාශියක් පැහැදිලි කර ඇත.
මෙම ව්‍යාපෘතිය සාර්ථක එකක් බවත් කාලීන වැදගත්කමක් ඇතිවස්තු විෂයයක් බවත් ඉතා පැහැදිලි ය. ව්‍යාපෘති වාර්තාවේ පහත කරුණු සංශෝධනය වූවා නම් මීට වඩා වාර්තාව ද පැහැදිලි සම්පූර්ණ එකක් වනු ඇත.

1. ඕසෝන් ගීතය වාර්තාවේ ආරම්භක පියවරක ඉදිරිපත් කිරීම. එහි ඇති වදන්වල සිත් ගන්නාසුලූ බව වාර්තාව අධ්‍යයනයට හොඳ පිවිසුමක් වනු ඇත.

2. දත්ත රැුස්කිරීමට විවිධ මූලාශ‍්‍ර පරිහරණ කළ බව ඡුායාරූප සහ දත්ත විශ්ලේෂණයෙන් පැහැදිලිවෙයි. ඒවා පිළිබඳ ආශ‍්‍රිත ග‍්‍රන්ථ නාමාවලියක් වාර්තාවට එක් කළා නම් පාඨකයින්ට ද තවදුරටත් විමර්ශනය කළ හැකිවනු ඇත.

3. ඇතැම් කරුණු නැවත වාර්තා වීම නිසා අනවශ්‍ය පිටු සංඛ්‍යාවක් එක් වී වාර්තාව විශාල වී ඇත.
උදාහරණ: ඕසෝන් වියනෙහි කාර්යභාරය මුල් පරිච්ෙඡ්දයක සහ අවසන් පිටු කිහිපයක ඇතුළත් වී ඇත.

4. එසේ ම පරිච්ෙඡ්දයේ මාතෘකාවට නොගැළපෙන කරුණු එයට ඇතුළත් කර තිබීම වාර්තාවේ අගය අඩුවීමට බලපා ඇත. එනම්; ඕසෝන් වියන විනාශ වීමේ ප‍්‍රතිඵල විග‍්‍රහ කරන කොටසෙහි ඉතා වැදගත් කරුණු අඩංගු වී ඇතත්, එහිපෙළ ගැස්ම නොගැළපෙන නිසා පාඨකයාට තෝරා බේරා ගැනීමේ දී ගැටලූ මතු වෙයි. එය ජීවී අංශය, අජීවී අංශය, වෙනත් අංශ ලෙස ගොනු කළා නම් මීට වඩා පැහැදිලි ය. එසේ ම එම කොටසට එක්කොට ඇති ‘ ඕසෝන් සිදුරෙහි විශාලත්වය අඩුවීමේ ජයග‍්‍රහණ’ ලෙස විග‍්‍රහකොට ඇති කොටස අවසාන පරිච්ෙඡ්දයකට ගැළපෙයි.

5. මොන්ටි‍්‍රයල් සංවිධානය,
වියානා සම්මුතිය පිළිබඳ ව කරුණු අනවශ්‍ය ලෙස විග‍්‍රහ කිරීම ව්‍යාපෘති මාතෘකාව යටපත් වී අතිරේක කරුණු ගොනුවක් බවට පත් ව ඇත.

කෙසේ නමුත් සිසුවියක ලෙස මෙවැනි කාලීන මාතෘකාවක් තෝරාගෙන ඒ පිළිබඳ විද්‍යාත්මක තොරතුරු ගැඹුරින් විග‍්‍රහ කොට වාර්තාවක් ලෙස එළිදැක්වීම, පරිසර සුරැුකීමට දායකත්වය ලබා දීමකි. එය ඇගයීමට ලක් කළයුතු ය. මෙම වාර්තාව පොත් පිංචක් ලෙස සකස් කොට පන්ති කාමරවල කියවීමට තැබීම පවා ප‍්‍රයෝජනවත් වනු ඇත.

කේ. වී. සුදර්මා හරිස්චන්ද්‍ර,
නියෝජ්‍ය විදුහල්පතනිි,
මහරගම බුවනෙකබා විදුහල සහ
කථිකාචාරිනී,
පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාව,
ජාතික අධ්‍යාපන ආයතනය.