Project – 40

නවගමු දේවාලයේ පුරාවිද්‍යාත්මක ස්ථාන සහ ස්මාරක
එච්. ආර්. අමිල සඳරුවන් වික‍්‍රමනායක
බප/හෝ/හංවැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය
හංවැල්ල

සාරාංශය
නවගමු දේවාලය පිළිබඳ අධ්‍යයනයේ දී එහි ඇති බොහෝ ස්මාරක ආදිය 19 වන සියවසට හා ඊට තදාසන්න කාලයට අයත් ඒවා බව නිගමනය කළ හැකි ය. මෙහි දී ගම්‍ය වූ තවත් කරුණක් වූයේ එම දේවාලය විවිධ හේතූන් මත කිහිප වාරයක් විනාශ වුවත්, බොහෝ දෙනාගේ උත්සාහයක් මත වර්තමාන තත්ත්වයට පත් ව ඇති බව ය.
පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් කරන ලද ගවේෂණවල දී පැරණි කාසි, මැටි බඳුන් ආදිය හමු වී ඇත. තව ද නවගමුව දේවාලයට ආසන්නයේ පිහිටි කොරතොට පන්සලේ දක්නට ලැබෙන පූර්ව සිංහල අක්ෂර මගින් වැටහෙන්නේ මෙම ප‍්‍රදේශයේ පුරාවිද්‍යාත්මක වශයෙන් ආරක්ෂා කර ගත යුතු ස්ථාන ඇති බව ය.
පුරාවිද්‍යාත්මක අතින් වටිනාකමකින් ඇති නවගමුව දේවාලය බොහෝ බැතිමතුන් දිනපතා වන්දනාමාන කිරීමට පැමිණෙන ස්ථානයකි. මෙහි ඇති වැදගත්කම වටහා ගෙන ඉදිරි පරම්පරාවලටත් දැක ගැනීමට හැකි වන පරිදි ආරක්ෂා කිරීම සියලූ දෙනාගේ ම වගකීමකි.

ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කළ ආකාරය

ක්ෂේත‍්‍ර චාරිකාවෙන් පුළුල් දැනුමක් ලබා ගැනීම
පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ සේවය කරන ඊ.එල්. තිලකවර්ධන මහතාගේ සහයෝගයෙන් නවගමුව දේවාලයට ගොස් විහාරවාසී භික්ෂූන් වහන්සේලා ව මගේ ව්‍යාපෘතිය පිළිබඳ ව දැනුවත් කොට අවසර ලබා ගත්තෙමි. දේවාලවල කපු මහත්වරුන්ගෙන් දේවාල පිළිබඳ ව තොරතුරු ලබා ගත්තෙමි. එසේ ම වටපිටාව නිරීක්ෂණයෙන් ද තොරතුරු රැුස් කළෙමි.

වැඩිහිටියන් හමු වී තොරතුරු ලබා ගැනීම
ක්ෂේත‍්‍ර චාරිකාවේ ම අංගයක් ලෙස නවගමුව දේවාලය ආසන්නයේ පදිංචි වැඩිහිටි අයගෙන් තොරතුරු ලබා ගත්තෙමි.

මූලාශ‍්‍ර මගින් තොරතුරු ලබා ගැනීම
නවගමුව දේවාලය පිළිබඳ ඇති පොත් පරිශීලයෙන් ද එසේ ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ද තව දුරටත් තොරතුරු ලබා ගත්තෙමි.

හැඳින්වීම

බස්නාහිර පළාතේ කොළඹ දිස්ත‍්‍රික්කයේ කඩුවෙල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නවගමුව ගමේ කොළඹ-රත්නපුර මාර්ගයේ 13 වන සැතපුම් කණුව අසළ කැලණි ගඟ ඇසුරෙහි ඊට දකුණු දිශාවෙන් මෙම ආගමික ස්ථානය පිහිටා තිබේ. රෙගසොලික් දියලූ පස් සහිත ලැටරයිට් පසකින් යුක්ත මේ ප‍්‍රදේශයේ මධ්‍ය වාර්ෂික උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 80-81 වේ. වාර්ෂික වර්ෂාපතනය අඟල් 100-125ත් වන අතර, පූජා භූමියට අයත් බිම බටහිර සිට නැගෙනහිර දිශාවට කෙමෙන් බෑවුම් වෙයි.
විහාරස්ථාන බිමෙහි ඇති දේවාලයේ ඉතිහාසය අනුරාධපුර අවධියේ ගජබා කාලයට අයත් බැව් ජනප‍්‍රවාදයේ පැවසෙතත් එය සනාථ කරවන කිසිදු පුරාවිද්‍යාත්මක සාධකයක් මෙම බිමෙහි නිරීක්ෂණය කළ නොහැකි ය. ආගමික ස්ථානයේ සමස්ත භූමිය කලින් කල ඉදි කළ ඉදිකිරීම්වලින් මුළුමනින් ම වෙනස් කොට ඇති බැවින් ද අවශේෂ භූමිය ද මෑත කාලීන ව බෙහෙවින් ම වෙනස් කොට ඇති බැවින් ද පැරණි සාධක විනාශ වන්නට ඇති බව නිසැක ය.

ඓතිහාසික පසුබිම

නවගමුව පත්තිනි දේවාලයේ ඉතිහාසය ක‍්‍රි. පූ. අවධිය දක්වා දිවෙන බැව් ජනප‍්‍රවාදයේ කියවෙන නමුත් එය තහවුරු කෙරෙන පුරා විද්‍යාත්මක සාධක නොමැත. එහෙත් නවගමුව ආශ‍්‍රිත ප‍්‍රදේශයේ ක‍්‍රි.පූ. අවධියේ ජනාවාස ව පැවති බවට සාධක ස්ථාන රැුසකින් අනාවරණය වෙයි.
නවගමුව පත්තිනි දේවාලය පිළිබඳ මුල් ම ලිඛිත සාධක හමුවන්නේ කෝට්ටේ යුගයේ දී ය. පස්වන බුවනෙකබාහු රජතුමා (ක‍්‍රි.ව. 1521-1551* විසින් ප‍්‍රදානය කරන ලද ගොඩගම සන්නසෙන් හෙළි වේ. සීතාවක යුගයේ දී මායා දුන්නේ රජතුමා (ක‍්‍රි.ව. 1521-1580* සීතාවක සිට කොළඹ කොටුවේ පරංගින් යුද්ධ වැදීමට යන අතරතුර දී මෙම පත්තිනි දේවාලයට බාරයක් වී ගිය බව සඳහන් වේ.
ජනශ‍්‍රැති හා නොයෙක් ඓතිහාසික ලේඛනවල සඳහන් තොරතුරු අනුව නවගමු දේවාලය අඩු ම තරමින් 16 වන සියවසේ පටන් පූජනීය ස්ථානයක් ලෙස පැවති බව පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව පිළිගත යුතු ය.
මේ ආශ‍්‍රිත ප‍්‍රදේශයේ හමු වූ ගොඩනැගිලි කොටස්, උළුකැට, ඕලන්ද කාසි මධ්‍යකාලීන ලෝහ බුද්ධ ප‍්‍රතිමා යනාදී න්‍යෂ්ටාවශේෂ හමු වී තිබේ. නවගමුව දේවාල බිමට යාබද ව ඊට උතුරින් පැරණි තොටුපොළ ලෙස හඳුන්වන ස්ථානයේ තනා ඇති නව පියගැටපෙළත්, ගඟට බසින තැන වම් පසින් මීටර් 1.5ක් පමණ දුරින් පිහිටි ගල මත වූ ආවාටයකින් හමු වූ කාසිත් ක‍්‍රි.ව 1554-1765 කාලවලට ( ඕලන්ද යුගයේ* අයත් පනම් කාසි ලෙස හඳුනා ගත හැකි ය.

පැරණි ස්මාරක

පූජාභූමියේ ප‍්‍රධාන ප‍්‍රවේශය වූ නැගෙනහිර ප‍්‍රවේශය ඔස්සේ මළුවෙහි මුලින් ම හමු වනුයේ එහි වම් පසින් වූ 19 වන සියවස අගභාගයට අයත් පැරණි පිළිම ගෙය යි. තව දුරටත් පිවිසීමේ දී පුරෝභාගයෙහි දක්නට ලැබෙනා මහා පත්තිනි දේවාලය මළුවෙහි වූ අතිශය පූජනීය ස්මාරකය සේ පිදුම් ලබන අතර, මළුවෙහි දකුණු පස විශ්ණු දේවාලයත්, කතරගම දේවාලයත්, එයට යාබද ව දැඩිමුණ්ඩ දේවාලයත් දක්නට ලැබේ. මළුවෙහි වම් පස පිළිම ගෙය දක්නට ලැබෙන අතර ඊට දකුණු දිශාවෙන් ඒ ආසන්නයේ මද උස් බිමක තනා ඇති ගල් කණු දේවාලය දක්නට ලැබේ. ඉහත කී මළුවට තරමක් ඉහළින් ඊට නිරිත දෙසට වන්නට සහ නව සංඝාවාසයට බටහිරින් පැරණි ආවාස ගෙය පිහිටා ඇත. මෙම භූමියේ උස ම ස්ථානයේ වූ පැරණි නා ගස් සහිත මළුව පිහිටා ඇත්තේ ඉහත කී සංඝාවාසයට වයඹ දෙසිනි.

යෝජනා

1. පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුතු නවගමුව දේවාලය ඉදිරි පරපුරට රැුක ගැනීමට සංරක්ෂණ වැඩ සටහන් සම්පාදනය කළ යුතු ය.
2. දේවාලය අවට ප‍්‍රදේශවල තව දුරටත් පුළුල් ව ගවේෂණය කර පුරාවිද්‍යාත්මක සාධක ඇති දැ යි සොයා බැලිය යුතු ය.
3. රජය මගින් මෙවැනි පූජනීය ස්ථාන නගා සිටුවීමට කටයුතු සම්පාදනය කළ යුතු ය.
4. මාධ්‍ය මගින් මෙවැනි පූජනීය ස්ථාන පිළිබඳ වැඩ සටහන් සකස් කර ජනතාව දැනුවත් කළ යුතු ය.
5. වත්මන් පරපුර මෙවැනි පූජනීය ස්ථානවල අගය වටහා ගනිමින් ස්ථාන ආරක්ෂා වන පරිදි කටයුතු කළ යුතු ය.

(අමිල සඳරුවන් ශිෂ්‍යයා විසින් ඉදිරිපත් කරන ලද ව්‍යාපෘතියේ මෙහි පළ කර ඇත්තේ සාරාංශයක් පමණක් බව කරුණාවෙන් සලකන්න.

නවගමු දේවාලයේ පුරා විද්‍යාත්මක ස්ථාන සහ ස්මාරක
බස්නාහිර පළාතේ හේවාගම් කෝරලයට අයත් පල්ලේ පත්තුව භූමි ප‍්‍රදේශයේ පිහිටි නවගමුව දේවාලය, පත්තිනි දේවිය මූලික කර ගනිමින් වර්තමානයේ ද විශාල ජනකායකගේ පුද පූජාවලට පාත‍්‍ර වන ස්ථානයකි. විශේෂයෙන් දේශීය වශයෙන් කාන්තා පාර්ශවය සම්බන්ධයෙන් මෙම දේවාලය ප‍්‍රමුඛ වේ.
දේවාල භූමිය සහ අවට පුරා විද්‍යාත්මක වටිනාකම අධ්‍යයනය කරමින්, තම දැනුම පුළුල් කර ගනිමින් ඒ සම්බන්ධයෙන් අනෙකුත් පාර්ශවවල දැනුම වර්ධනයට අවස්ථා සලසාලමින්, අනාගතය වෙනුවෙන් මෙම භූමිය රැුක ගැනීමට අවශ්‍ය යෝජනා ඉදිරිපත් කිරීම අධ්‍යයනයේ දී ශිෂ්‍යයාගේ මූලික අරමුණු වී තිබේ. ඒ අනුව දේශීය වශයෙන් ද පුරා විද්‍යාත්මක වශයෙන් ද ඉහළ වටිනාකමක් සහිත නවගමුව දේවාල භූමිය පිළිබඳ ගවේෂණාත්මක විවරණයක් ඉදිරිපත් කිරීමට ගත් උත්සහය ප‍්‍රශංසනීය ය. දේවාලයේ පිහිටීම, ඓතිහාසික පසුබිම හා වර්තමාන පිහිටීම සුවිශේෂී ව විවරණය කරමින් ඉදිරිපත් කරන ලද වාර්තාවෙන් ශිෂ්‍යයාගේ මූලික අරමුණු සාර්ථක වී ඇත.
දේවාලය හා සබැඳි ජනප‍්‍රවාද, ඓතිහාසික හා පුරා විද්‍යාත්මක සාධක සහ ලේඛන ගත තොරතුරු සියල්ල කැටි කර ගනිමින් දේවාල භූමියේ වූ ස්ථාන පිළිබඳ තොරතුරු සුවිශේෂී ව ඉරිදිපත් කිරීමට ගත් උත්සාහය පැසසිය යුතු ය. එක් එක් ස්ථානය ආශ‍්‍රිත බිම් සැලැස්ම සම`ග, වර්තමාන ස්වරූපය ඡුායාරූප ඇසුරින් ඉදිරිපත් කරමින් ගොඩනැගිලිවල ස්වභාවය, දිග, පළල සහ පිහිටීම ඇතුළත් ව ඉතා සුවිශේෂ ව ඉදිරිපත් කර තිබෙන ආකාරය අගනේ ය. එය කිසි දිනෙක දේවාල භූමිය වෙත ළඟා නො වූ කෙනකුට වුවද ඒ පිළිබඳ මනා අවබෝධයක් ලැබිය හැකි ආකාරයෙන් ඉදිරිපත් කර තිබීම ශිෂ්‍යයා ගත් උත්සාහයේ සාර්ථක ප‍්‍රතිඵලයකි.
පුරා විද්‍යාත්මක අගයකින් යුතු නවගමුව දේවාල භූමිය අනාගත පරපුර වෙනුවෙන් රැුක ගැනීමට යෝජනා ඉදිරිපත් කරන ‘අමිල සඳරුවන්’ ශිෂ්‍යයා ඊට පදනම් වූ ‘නිගමන’ වාර්තාවේ ඉදිරිපත් නොකිරීම දුර්වලතාවකි. එසේ ම ඉදිරිපත් කර තිබෙන යෝජනා තව දුරටත් සුවිශේෂ ව ඉදිරිපත් කළේ නම් අගනේ ය. සමස්ත වාර්තාව ඉදිරිපත් කිරීමේ දී භාෂාව භාවිතය සංගතතාවකින් යුතු ව යොදා ගැනීම වැදගත් ය. වාර්තාවේ ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කළ ආකාරය සහ අවසානයේ දී වූ සාකච්ඡුාව ශීර්ෂය යටතේ වූ කරුණු පමණක් උත්තම පුරුෂයෙන් ඉදිරිපත් කර තිබීමෙන් භාෂා භාවිතයේ සංගතභාව බිඳී ඇත. වාර්තාවේ ස්තූතියේ සිට නිමාව ලෙස වූ සාකච්ඡුාව දක්වා ශීර්ෂ අංකනය කර තිබීම දුර්වලතාවකි. වාර්තාවේ පටුන, ස්තූතිය, සාරාංශය වැනි කරුණු මුල් පිටු ලෙසත්, හැඳින්වීමේ සිට ඓතිහාසික පසුබිම ඇතුළු අන්තර්ගතය වෙනමත් ගලා යන ස්වරූපයෙන් ඉදිරිපත් කළේ නම් වඩා සාර්ථක නිමාවකින් යුතු වාර්තාවක් වනු ඇත.

ඩබ්.කේ. ශිරානි පුෂ්පමාලා
ව්‍යාපෘති නිලධාරී
පර්යේෂණ හා සංවර්ධන දෙපාර්තමේන්තුව
ජාතික අධ්‍යාපන ආයතනය
මහරගම