Project – 38

පාසැල් ව්‍යපෘතිය

කිරල කැලේ කුරුල්ලෝ

 

නිරෝෂණි කුලතුංග

සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය

කොළඹ 07

 

පෙරවදන

සිතට සහ ගතට වෙහෙස දැනෙන  ඕනෑම අවස්ථාවක ස්වභාවධර්මයේ අසිරිමත් නිපැයුමක් වූ සියොතුන් නැරඹීමෙන් ඉමහත් සුවයක් ලැබිය හැක.

ලෝකයේ පරිසර පද්ධති අතර තෙත්බිම් වැදගත් ස්ථානයක් ගනී. තෙත් බිම් ආශ‍්‍රිතව ප‍්‍රමුඛ ව වෙසෙන සත්ත්ව ප‍්‍රජාව පක්ෂීන් වේ. තවද තෙත් බිම් වාස භූමි කරගෙන ඇති ජෛව ප‍්‍රජාව අතරින්  කිරල , කැරං කොකු, ගිං පොල් ආදී ශාක ද වේ.

ක්ෂේත‍්‍රයේ දී පක්ෂීන් පිළිබඳ අධ්‍යයනය කර ලියැවුනු පොත් මඟින් පක්ෂීන් හඳුනාගැනීම සිදු කළෙමි. මේ ප‍්‍රදේශය අධ්‍යනයට යොදා ගැනීමට හේතු වූ ප‍්‍රධානත ම හේතුව නම් විශාල ජීවීන් ප‍්‍රමාණයකට සෙවණ සපයා කිරල කැලය තෙත් බිම් වග කිව යුතු බලධාරීන් ගේ අවධානය ගිලිහී යාමෙන් පරිසර පද්ධතිය විනාශ වෙමින් පැවතීමයි. මෙම බලපෑම් හඳුනා ගෙන ඒවා වැළැක්වීමට ගත හැකි ක‍්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂා කරමි.

අරමුණු

1ග       තෙත් බිම් ආශ‍්‍රිතව වෙසෙන පක්ෂීන් හඳුනා ගැනීම.

2ග       පක්ෂීන්ට විශේෂ වූ චර්යා රටා සහ ඔවුන්ගේ සක‍්‍රීය කාල හඳුනා ගැනීම.

3ග       තෙත් බිම් කරා පැමිණෙන සංචාරක පක්ෂීන් හඳුනා ගැනීම සහ පැමිණීම වර්ධනය කර ගැනීමට ගත යුතු ක‍්‍රියාමාර්ග  හඳුනා ගැනීම.

 

උරස් කළු පතන උකුස්සා :ඊක්ජන ීයදමකාැරුා ණසඑැ*

 

රූපය

 

 

විස්තරය

x              ප‍්‍රමාණය සෙන්ටිමීටර් 33 පමණ වේ.

x              අළුවන් සුදු පිල් කළඹේ ඉතා පැහැදිලි කළු උරබත් පැල්ලම් නිසාත් එළි පෙදෙස් වල නිතර සිටින නිසාත් හඳුනා ගැනීම පහසුය. සුවැඳි සමය දෙසැම්බර් සිට මාර්තු දක්වා වේ. ගස් මත කෝටු වලින් කූඩු සාදන අතර කපුටු කූඩුවට බෙයෙවින් සමානය.

x              කිරල කැලයේ දිවා කාලයේ දැකිය හැක ය. රත් වූ වාතයේ හෝ හමන සුළෙඟ් හෝ උදව්වෙන් තටු නොසලා ඉහළ නැග පහලට ලිහි සෑදීමේ මුළු කටයුත්ත සුතැඟීමයි. මෙසේ ඉහළ යමින් පහළ ඇති ගොදුරු හොඳින් දැක ගැනීමට දෘශ්ඨියක් ඇත. පියාපත් අගිසි වල කළු පැහැය හඳුනා ගැනීමට පහසු ය.

x              රත් වූ වාත ධාරා සමඟ වේගයෙන් ඇදී යන අතර එළි බිම්, තෘණ බිම්, කුඹුරු වල වෙසේ.

 

 

 

ජර්ඩන් පුංචි මාල ඔලෙවියා: න්‍ැරාදබ’ි ඛසඑඑකැ ඍසටැා ඡුකැඩැර*

 

රූපය

 

විස්තරය

x              සුවැඳි සමයට තලලේ ලොකු පැල්ලමක් පැහැදිලිව දිස් වේ. පියාපත් දිග සෙන්ටිමීටර් 102-114 පමණ වන අතර පොළව යන්තමින් වල ගැසුනු තැනක ගල් කීපයක් හා කුණුරොඩු එක් කර කූඩුව සාදයි.

x              කිරල කැලය තෙත් බිමේදී එක් වරක් දැක ගත හැකි විය. සුපරීක්ෂාකාරී පක්ෂියෙකි. කඩිනමින් ආහාර ගැනීමේ යෙදෙනු දැකිය හැකි ය. ප‍්‍රමාණයෙන් කුඩා වන අතර හුරුබුහුටි වේ.

 

නිල් පෙඳ බිඟු හරයා: ඊකමැ ඒසකැා ඊැැ- ැ්එැර*

රූපය

විස්තරය

x              කොළ පැහැති, වලිගය නිල්වන්, උගුර රත් දුඹුරු පැහැති සෙන්ටිමීටර් 30ක් පමණ වේ. නිහැරි කුරුල්ලෙකු වූවත් 1968 වසරින් පසු ශ‍්‍රී ලංකාවේ ගිණිකොණ ප‍්‍රදේශයෙන් වාර්තා වී ඇත.

x              සුවැඳි සමය මාර්තු-ජූලි දක්වා වෙයි. වැසුණු කූඩුවකි. බිත්තර ලෑමට පොළොව යටට උමඟක් සාදයි. ප‍්‍රමාණයෙන් මිලි මීටර් 23ං19 පමණ වූ තනි සුදු පැහැ සිලිටු බිත්තර 4-5ක් දමයි.

x              කිරල රක්ෂිතයේ සුලභව දක්නට ලැබේ. අලංකාර පක්ෂි විශේෂයකි. වඩාත් සිත් ගන්නේ මොවුන්ගේ පියාසර විලාසයයි. කණුවක් මත නොසැලී බලා සිටීමට ද ගෙල හරවමින් වටපිට බලා වේගයෙන් යන අහස් යානා රැුඟම් දක්වන්නා සේ පැත්තෙන් පැත්තට වැනෙමින් පියාඹන මැස්සන් ඩැහැ ගැනීමට රුසියෙකි. පියාපත යට දිලෙන ඔලිව් රත් පැහැයකි. ලැග සිටි ස්ථාන පරික්ෂාවේදී කෘමීන්ගේ පිහාටු ඇට ආදිය ඇති ගුලිය දැක ගත හැක. අහාරවලින් බොහෝමයක් කෘමි සතුන් බැවින් දිරවීම පහසු වීම   ”වැමෑරුම් ගුලි” දමීමට හේතුව විය හැක.

 

 

 

(මීට අමතරව පහත පක්ෂීන් පිළිබඳව ද සිසුවිය විසින් විස්තර කොට තිබීම.*

කළු පිල් කොකා, කරවැල් කොකා, පුංචි ඇලි කොකා, පුංචි දිය කාවා, වන සිලිඹිල්ලා, ඉන්දු සුදු දෑකැත්තා, සැවුල් පෙඳ දිය සෑනා, සෙත්කර රන් මහා ඔලිවියා, මල් පිළිහුඩුවා, ළය සුදු වැදි පිළිහුඩුවා, මානා කූඩු වැදි පිළිහුඩුවා, පොදු දමි කිතලා, ලතු වැකියා, ගිත් තඹ සේරුවා, කළුපිය ඉපල් පාවා, ගෝමර පිළිහුඉුවා, අභිකාවා.

 

තෙත්  බිම් කරා පක්ෂීන්ගේ ආගමනය සඳහා ගත යුතු ක‍්‍රියා මාර්ග

 

             කිරල කැලය තෙත් බිම් ආශ‍්‍රිතව ශාක ගහනය වැඩි කළ යුතුය. මේ සඳහා දැනට ඇති ශාක නොකැපීම ද නව ශාක වගා කිරීම ද කළ යුතුය.

             තෙත් බිම ආශ‍්‍රිත කඹුරු වල වගා කටයුතු කිරීමෙන් ආහාර සුලභ වීම

             තෙත් බිම් ජලයට ලවන මිශ‍්‍ර වීම වැළැක්වීමට තෙත් බිම් අවුරුද්ද මුළුල්ලේම ජලයෙන් යටකර තැබීමට ක‍්‍රියා මාර්ග ගැනීම

             කිරළ කැලය තෙත් බිම හරහා වැටී ඇති මාර්ගවල නිරන්තර වාහන ධාවනය නතර කිරීමට ක‍්‍රියාමාර්ග ගැනීම

             නිකරුනේ පන් ගාල් වලට ගිනි තැබීමේ ක‍්‍රියා සිදු කරන පුද්ගලයන්ට විරුද්ධව ක‍්‍රියාමාර්ත ගැනීම

             පක්ෂීන් දඩයම් කරන පුද්ගලයන් හට දැඩි දඩුවම් පැමිණ වීම.

 

 

 

 

මෙම පාසල් ව්‍යාපෘතිය ප‍්‍රධාන අරමුණු තුනක් ඔස්සේ ක‍්‍රියාත්මක කර ඇත. ඒවා නම්,

 

  1. තෙත් බිම් ආශ‍්‍රිත ව වෙසෙන පක්ෂීන් හඳුනා ගැනීම.
  2. පක්ෂීන්ට විශේෂිත වූ චර්යා රටා සහ ඔවුන්ගේ සක‍්‍රීය කාල හඳුනා ගැනීම.
  3. තෙත් බිම් කරා පැමිණෙන සංචාරක පක්ෂීන් හඳුනා ගැනීම හා පැමිණීම වර්ධනය කර ගැනීමට ගතයුතු ක‍්‍රියාමාර්ග හඳුනා ගැනීම.

 

ඉහත අරමුණු සරල ය. පැහැදිලි ය. සිසුවිය තම ව්‍යාපෘතිය අරමුණු කරා ගෙන යාමට සාර්ථක උත්සාහයක නිරත වී ඇත.

 

කිරල කැලය ශ‍්‍රී ලංකාවේ තෙත් බිම් ආශ‍්‍රිත විශාල ජෛව විවිධත්වයකින් යුත් රැුකගත යුතු පරිසර පද්ධතියකි. මිනිසාගේ අ¥රදර්ශී ක‍්‍රියා කලාපය හේතුවෙන් විනාශ වෙමින් පවතින මෙම වටිනා පරිසර පද්ධතිය ආශ‍්‍රිත ව වෙසෙන පක්ෂීන් පිළිබඳ ව ව්‍යාපෘතියක් තෝරාගෙන කාලීන අවශ්‍යතාවක් ඉටු කිරීමට සිසුවිය දරා ඇති උත්සාහය පැසසිය යුතු ය.

 

දත්ත රැුස් කිරීම සඳහා පුවත්පත්, පොත්පත් සහ අන්තර්ජාලය පරිශීලනය උපයෝගී කර ගෙන ඇත.

 

රැුස් කරන ලද තොරතුරු පැහැදිලි රූපසටහන් ආශ‍්‍රයෙන් ක‍්‍රමානුකූල ව ඒකාකාරී රටාවකට විග‍්‍රහ කිරීම අගය කළ යුතු ය. ව්‍යාපෘතියේ අන්තර් ගත කරුණු ප‍්‍රධාන මාතෘකා ඔස්සේ පෙළ ගස්වා ඇත.

 

ප‍්‍රධාන මාතෘකාවක් වන ‘පක්ෂීන් පිළිබඳ තොරතුරු ඔස්සේ පක්ෂීන් විසිදෙනෙකුගේ තොරතුරු ඇතුළත් කර ඇත. එම එක් එක් පක්ෂියා පිළිබඳ ව සවිස්තරාත්මක ව පහත පරිදි ගොනු කොට ඇත.

 

x පක්ෂියාගේ කුලය

x විද්‍යාත්මක නාමය

x සාමාන්‍ය නාමය

x ප‍්‍රමාණය

x ශරීර ලක්ෂණ (පැහැය, හැඩය*

x ගැවසෙන ස්ථාන

x චර්යා ලක්ෂණ

x ප‍්‍රජනනය හා කූඩු තැනීම

x බිත්තරවල ස්වභාවය සහ සංඛ්‍යාව

 

රැුස් කරන ලද තොරතුරු හා වාර්තාකරණය සාර්ථක ය. මාතෘකාවට අදාළ ව තොරතුරු ගොනු කිරීම, ෙඡ්දවලට වෙන් කිරීම, ඒ සඳහා උචිත රූපසටහන් භාවිතය අගය කළ යුතු ය. පක්ෂීන් පිළිබඳ ව නොදත් බොහෝ දේ දැන ගැනීමට පාඨකයාට එමඟින් ඉඩ සලස්වා ඇත. තව ද පක්ෂීන් පිළිබඳ අධ්‍යයනය කිරීමට සියුම් ව පාඨකයන් ද පොලඹවා ඇත. පක්ෂියාගේ සියලූ ම ලක්ෂණ සහිත රූපසටහන් ඇ`දීම සිසුවියගේ දක්ෂතාවකි.

 

ෙඡ්දවලට වෙන් කිරීමේ දී හා තොරතුරු ඉදිරිපත් කිරීමේ දී වාර්තාව පුරා සංගතභාවය  තබා ගැනීමට දරා ඇති උත්සාහය පැසසිය යුතු ය.

 

ව්‍යාපෘතිය අවසානයේ තෙත් බිම් කරා පක්ෂීන් ආගමනය සඳහා ගත යුතු ක‍්‍රියාමාර්ග දැක්වීම අගය කළ යුතු ය. කාල රාමුවක් ඔස්සේ යමින් සිය ව්‍යාපෘතිය ක‍්‍රමානුකූල ව අදාල කාලයට නිමකළ බවට සාක්ෂි දක්නට ලැබේ. ඇමුණුම් දැක්වීම ද පැසසිය යුතු ය.

 

ව්‍යාපෘතියේ පවතින දුර්වලතා ද කීපයකි.

 

x ව්‍යාපෘතිය අරමුණු තුනක් ඔස්සේ ක‍්‍රියාත්මක කර ඇත. එහෙත් සිසුවිය තම ව්‍යාපෘතිය හැඳින්වීමේ දී එම අරමුණු ඔස්සේ යමින් පැහැදිලි කර නොමැත. තව ද හැඳින්වීම මාතෘකාව ඔස්සේ එම අරමුණු පැහැදිලි කිරීම යෝග්‍ය ය. සිසුවියගේ නො දැනුවත් කම නිසා දෝ පෙරවදන මාතෘකාව යටතේ ව්‍යාපෘතිය පිළිබඳ කෙටි හැඳින්වීමක් ඉදිරිපත් කර ඇත. පාඨකයාට ව්‍යාපෘතියේ අරමුණු පිළිබඳ ව පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට එමඟින් ඉඩකඩ සීමිත වී ඇත.

 

x මුල් පිටු සැකසීමේ දී ඒ පිළිබඳ හොඳ අවබෝධයක් හා සැලකිල්ලක් තිබීම වැදගත් ය.

 

x ව්‍යාපෘති වාර්තාවේ සියලූ ම පිටු සඳහා අංක යෙදීම යෝග්‍ය වේ. මුල් පිටු සඳහා රෝම ඉලක්කම් ද අනෙකුත් පිටු (ඇමුණුම් ද ඇතුළත් ව* සඳහා අරාබි අංක ද භාවිතය උචිත ය. පටුන දැක්වීමේ දී මාතෘකා පමණක් දක්වා ඇති අතර පටුනක අත්‍යවශය ම ලක්ෂණයක් වන පිටු අංක දැක්වූයේ නම් පාඨකයාට පහසුවෙන් තම අවශ්‍යතාව පරිදි තොරතුරු සපයා ගැනීමට අවස්ථාව සැලසේ.

 

x දත්ත රැුස් කිරීමේ සඳහා නිරීක්ෂණ ක‍්‍රමය ද උපයෝගී වූයේ නම් වඩාත් උචිත ය.

 

x දත්ත විග‍්‍රහයේ දී ගුණාත්මක දත්ත පමණක් නො ව ප‍්‍රමාණාත්මක දත්ත, සංඛ්‍යා ලේඛන, ප‍්‍රතිශත, ප‍්‍රස්තාර අනුසාරයෙන් වාර්තාව පෝෂණය කිරීමට හැකි වේ.

 

x විචිත‍්‍රවත් රූප සටහන් සඳහා අදාළ වර්ණ උපයෝගී කළේ නම් වාර්තාව වඩා සාර්ථක වීමට හැකියාව ඇත.

 

x නිගමන හා යෝජනා ඉදිරිපත් නොකිරීම දුර්වලකමකි.

 

x ආශ‍්‍රිත ග‍්‍රන්ථ දැක්වීම ද අවශ්‍ය වේ.

 

x අරමුණු, හැඳින්වීම, කාලරාමුව ආදිය ව්‍යාපෘති වාර්තාවට ඇතුළත් කළේ නම් වඩා සාර්ථක ය.

 

ව්‍යාපෘති වාර්තාකරණයේ දී භාවිත කළ හැකි පොදු ආකෘතියක මූලිකාංග මෙහි දී අවධාරණය කළ යුතු ය.

  1. ආරම්භක පිටු

x මාතෘකා පිටුව

x පටුන

x ස්තූතිය

  1. සාරාංශය
  2. ව්‍යාපෘතිය හැඳින්වීම
  3. අරමුණු
  4. ප‍්‍රතිලාභ ලබන්නන් පිළිබඳ විස්තරය
  5. භාවිත කළ ක‍්‍රමවේදය
  6. කාල රාමුව
  7. දත්ත ඉදිරිපත් කිරීම හා යෝජනා
  8. නිගමන සහ යෝජනා
  9. ආශ‍්‍රිත ග‍්‍රන්ථ
  10. ඇමුණුම්

 

බොහෝ දෙනෙක් නො දන්නා සහ අවධානයට යොමු නොවන පැතිකඩ තතු හෙළි කිරීම සඳහා පාසල් සිසුවියක දරන ලද උත්සාහය ඉතා ප‍්‍රශංසනීය ලෙස අගය කරමි.

 

දිල්හානී හෙට්ටිගේ

ව්‍යාපෘති නිලධාරිණී

පර්යේෂණ හා සංවර්ධන දෙපාර්තමේන්තුව

ජාතික අධ්‍යාපන ආයතනය