Project – 37

සාගරවාසී කැස්බෑවන් පිළිබඳ අධ්‍යනය කිරීම

වර්තමානයේ දී මහත් සේ වඳ වී යාමට මුහුණ පා සිටින සත්ත්ව විශේෂයක් ලෙස කැස්බෑවුන් හඳුන්වා දිය හැකි ය. මගේ මේ ව්‍යාපෘතියට අදාළ තොරතුරු ලබා ගැනීමේ දී කැස්බෑ පර්යේෂණ මධ්‍යස්ථානයෙන් ද, සමුද්‍රිත කෞතුකාගාරයෙන් ද ලැබුණු සහාය අගය කොට සලකමි.
කැස්බැවන් හඳුනා ගැනීමේ යතුරු, ඔවුන්ගේ වගතුග, ලංකාවේ හා ලෝකයේ කැස්බෑවන් බිජුලන ප‍්‍රදේශ, ඔවුන්ට ඇති තර්ජන, කැස්බෑ සංරක්ෂණයට ගෙන ඇති ක‍්‍රියාමාර්ග හා ඒවා කොතරම් දුරට ඵලදායී ද යන්න මෙහි සාකච්ඡුා වේ.
හැඳින්වීම
මුහුදු කැස්බෑවන් පෘථිවිය මත වෙසෙන එක් සාර්ථක සත්ත්ව කාණ්ඩයක් වන අතර ඔවුන් අවුරුදු මිලියන සියයකටත් වඩා අතීතයට හිමිකම් කියයි. චලතාපී උරඟ කොට්ඨාසයක් වන මොවුන් බොහෝ විට ලෝකයේ නිවර්තන මුහුදුවල පැතිරී ඇත.
කැස්බෑවන් පරිණාමයට ගොඩබිම සිටි විශාල ඉබ්බකු පූර්ව සාධකයක් වී ඇති බව සඳහන් වේ. දිගු පේශිමය හබලක් වැනි පූර්ව ගාත‍්‍රා, සුක්කානමක් වැනි අපර ග‍්‍රාතා හා පැතලි අනාකූල හැඩ නිසා මොවුන් මුහුදු පිහිණුම් ශූරයකු ලෙස සැලකිය හැක. ආහාර ගැනීමට දත් නැති අතර, එම කාර්යය හොටක් මගින් සිදු කරයි. කැස්බෑවකුගේ සමාන්‍ය ආයු කාලය වසර 100ක් පමණ වේ.
මොවුන්ගේ ඇති තවත් ලක්ෂණයක් වන්නේ සෑම විනාඩි 20 – 30කට වරක් ශ්වසනය සඳහා දිය මතු පිටට පැමිණිමයි. රාත‍්‍රි කාලයේ මොවුන් අක‍්‍රීය ව සාගරයේ ගුහාවල හෝ ගල් පැළුම්වල සිටින නිසා ඔක්සිජන් අවශ්‍යතාව අවම වන අතර එබැවින් ශ්වසනය නොකර රාත‍්‍රිය ගත කිරීමේ හැකියාව ඇත. බිජුලෑම සඳහා තමා විසින් තෝරා ගනු ලබන වෙරළ බඩ කලාපයකට පැමිණෙයි.
මුහුදු කැස්බෑ වර්ග 08ක් පමණ ලෝකයේ වාසය කරන අතර ශ‍්‍රී ලක් ධරණීතලය තුළ ඉන් විශේෂ 05ක් ම නැරඹීමට අපට හැකි වීම මහත් භාග්‍යයකි.
අරමුණු හා අභිමතාර්ථ
01. කැස්බෑවන් වඳ වී යාමට හේතු සොයා බැලීම
02. කැස්බෑ සංරක්ෂණය සඳහා ගෙන ඇති ක‍්‍රියාමාර්ග අධ්‍යයනය කිරීම
03. එම ක‍්‍රියාමාර්ගවල ඵලදායීතාව අධ්‍යයනය
ලෝකයේ දක්නට ලැබෙන කැස්බෑ විශේෂ
01. බටු කැස්බෑවා – :ඛැචසාදජයැකහි නැපචස*
02. ගල් කැස්බෑවා – :ක්‍යැකදබස් පහා්ි*
03. පොතු කැස්බෑවා – :ෑරුඑපදජයැකහි සපඉරසජ්ඒ*
04. දාර කැස්බෑවා – :ෘැරපදජයැකහි ක්‍දරස්ජැ්*
05. කළු කැස්බෑවා – :ක්‍යැකදබස් ්ට්ිිස‘ස*
06. ඔළු ගෙඩි කැස්බෑවා – :ක්‍්රුඑඒ ජ්රුඑඒ*
07. වටු කැස්බෑවා – :ඛැචසාද ජයැකහි කසඩ්ජැ්*
08. පැතලි කැස්බෑවා – :භදඒඑදර ාැචරුිිමි*
ලංකාවේ දක්නට ලැබෙන කැස්බෑ විශේෂ
01. ගල් කැස්බෑවා
02. පොතු කැස්බෑවා
03. ඔළු ගෙඩි කැස්බෑවා
04. වටු කැස්බෑවා
කැස්බෑ ප‍්‍රජනනය
එක් ගැහැණු කැස්බෑවකු සම`ග පිරිමි කැස්බෑවන් කිහිප දෙනෙක් ලිංගික ව එක් වීමෙන් ඔවුන්ගේ ශූක‍්‍රාණු ගැහැණු සතාගේ ශරීරය තුළ ගබඩා වේ. පසුව විටින් විට ශූකානු සම`ග ඩිම්බ සංසේනය කර බිත්තර නිපදවීම සිදු කරයි. බිත්තර දමන සමයේ දී කිහිප විටක් ම බිත්තර දැමීමට පැමිණෙන්නේ මේ නිසා ය. බිත්තර දමන එක් බිත්තර කැදැල්ලක පියවරුන් කිහිපදෙනෙකුට අයත් බිත්තර තිබිය හැක. කැස්බෑවන් ලිංගික ව එකතු වීම බොහෝ විට දහවල් කාලයේ දී නිශ්චල මුහුදේ දී සිදු වේ.
කැස්බෑවන් බිත්තර දැමීම
ගැහැණු සතා බිත්තර දැමීමට සුදුසු වෙරළ තීරණය කර ගත් පසුව ඒ ආශ‍්‍රිත නොගැඹුරු මුහුදේ රාත‍්‍රිය තෙක් නැවතී සිටී. බිත්තර දැමීමට රාත‍්‍රිය තෝරා ගන්නේ සිසිලත්, විලෝපකයන්ගෙන් ආරක්ෂා වීමටත් ය.
ඉතා ආරක්ෂාකාරී ව රාත‍්‍රියට වෙරළට පැමිණ පූර්ව ගාත‍්‍රා භාවිතයෙන් තම ශරීරය සඟවා ගැනීමට මහ වළ ත් :ඊදාහ චසඑ* පසුව අපර ගාත‍්‍රා භාවිතයෙන් බිත්තර වළ ත් :ෑටට ජය්පඉැර* හෑරීම සිදු කරයි. බිත්තර වළේ ප‍්‍රමාණය විශේෂයෙන් විශේෂයට වෙනස් වේ. සමාන්‍ය බිත්තර වළක් 50ජප පමණ වන අතර, බිත්තර 120ක් පමණ එය තුළට දමයි. නැවතත් දින 9 – 15 අතර කාලයේ දී පැමිණ බිත්තර දමයි. මෙසේ එක් බිජුලන සමයක දී 5 – 6 වතාවක් පමණ බිත්තර දමයි.
පැටවුන් මුහුදට යාම
දින 60ක පමණ බීජෞෂණ කාලයකට පසුව බිත්තර බිඳී පැටවුන් එළියට එයි. සඳුගෙත්, තරුවලත් ආලෝකය සාගර ජලය මත ඇති කරන පරාවර්තනය නිසා දිලිසෙන දීප්තීමත් ක්‍ෂිතිජය වෙතට පැටව් වේගයෙන් බඩගා ගෙන යති. පැටවුන් බිත්තරයෙන් බිහි වූ දා සිට ලිංගික පරිණතිය ලබන තෙක් ඔවුන්ගේ ජීවිතය පිළිබඳ අප දන්නා දේ අල්ප ය. කෙසේ වුව ද සංඛ්‍යාත්මක හැදෑරීම්වලට අනුව පෙනී ගොස් ඇත්තේ වැඩුණු සුහුඹුල් (පරිණත* කැස්බෑවකු වීමට හැකියාව ඇත්තේ පැටවුන් දහසකින් එකකුට පමණක් බව ය.
ශ‍්‍රී ලංකාවේ කැස්බෑවන් බිජුලන ස්ථාන
ඉඳුරුව, කොස්ගොඩ, අකුරැුල්ල, මා වැල්ල, රැුකව, උස්සන්ගොඩ, අම්බලන්ගොඩ, බුන්දල, යාල, කන්දකුලිය, සහ කහ මෝදර යන ප‍්‍රදේශවල බිත්තර දමයි.
කැස්බෑවන් වඳ වීමට බලපාන හේතු
කපුටන්, මුහුදු ලිහිණියන්, කකුළුවන්, බල්ලන් ආදී සතුන් නිසා කුඩා කැස්බෑ පැටවුන්ට ඇති වන්නේ දැඩි තර්ජනයකි. වැඩුණු කැස්බෑවන්ට විලෝපිකයන්ගෙන් දැඩි තර්ජනයක් නොමැති නමුත් මෝරු හා තල්මසුන්ගේ තර්ජනයට ලක් වේ.
බොහෝ විට කැස්බෑවන්ට දැඩි තර්ජන එල්ල වී ඇත්තේ මිනිසා හා ඒ ආශ‍්‍රිත ක‍්‍රියාකාරකම් නිසා ය.
මස් සහ පොතු ලබා ගැනීම පිණිස මරණයට පත් කිරීම.
කැස්බෑ බිත්තර ලබා ගැනීම
ධීවර දැල්වලට හසු වී කැස්බෑවන් මිය යාම
වාසස්ථාන අහිමි වීම – කොරල්පර හා හිරිගල් විනාශය, වෙරළ ඛාදනය, ගල් වැටි දැමීම, සාගර ¥ෂණය
අවිධිමත් සංචාරක හා සංවර්ධන කටයුතු
කැස්බෑවන් සංරක්ෂණය කිරීම
පරිබාහිර සංරක්ෂණය – මෙහි දී කැස්බෑ බිත්තර ස්වභාවික පරිසරයෙන් ඉවත් කර වෙරළේ වළ දමා, පැටවුන් බිහි වූ පසුව දින කිහිපයක් ටැංකිවල තබා පසුව මුහුදට එක් කිරීම සාර්ථක ක‍්‍රමයක් නොවන්නේ පිහිනීමට අවශ්‍ය ශක්තිය ටැංකිවල තබා ගැනීම නිසා අවම වන බැවිනි.
ස්ථානීය සංරක්ෂණය – කැස්බෑවන් සිටින ස්වාභාවික පරිසරයේ දී ම ආරක්ෂා කිරීම මෙහි දී සිදු වේ. එහි දී බිත්තර දමන වෙරළ තීර ආරක්ෂා කිරීම මගින් ස්වාභාවික ව ඔවුන්ට ජීවන ක‍්‍රියාව සලසා ගැනීමට ඉඩ ලැබේ. කැස්බෑවන් බිත්තර දැමීමට වෙරළට පැමිණීම, බිත්තර දැමීම, පැටවුන් බිහි වී මුහුදට යාම තෙක් සියළු තොරතුරු මෙම ස්ථානවල ද වාර්තා කරනු ලැබේ.
කැස්බෑ සංරක්ෂණයට අපේ දායකත්වය
01. කැස්බෑ බිත්තර ආහාරයට නොගැනීම
02. කැස්බෑ පොතුවලින් සෑදු විසිතුරු භාණ්ඩ මිල දී නොගැනීම
03. ඉවතලන කැලිකසල – අපද්‍රව්‍ය සාගරයට නොදැමීම
නිගමන හා යෝජනා
01. අනාගත පරපුරට කැස්බෑවන්ගේ අගය වටහා දීම
02. කැස්බෑ බිත්තර ආහාරයට ගැනීමෙන් වැළකීම මගින් සෞඛ්‍ය යහපත් කර ගත හැකි බව පහදා දීම.
03. තර්ජනයට ලක් වී ඇති ප‍්‍රදේශවල මිනිසුන් දැනුවත් කිරීම
04. අභිජනන වෙරළවල් කෘත‍්‍රීම ආලෝකය වැනි බාධා කිරීම්වලින් ආරක්ෂා කිරීම.
05. කොරල් පර, මුහුදු තෘණ වැනි බිම් වැදගත් භෝජන කලාප ආරක්ෂා කිරීම
06. සාගර ¥ෂණය අවම වන පරිදි කටයුතු කිරීම
07. කැස්බෑවන් පිළිබඳ අධ්‍යයනවල නොයෙදෙන රටවල්වල පර්යේෂණ හා අධීක්ෂණ ව්‍යාපෘති ස්ථාපිත කිරීම, තොරතුරු වැඩි වන තරමට ඔවුන් ආරක්ෂා කිරීම ද පහසු වේ.
08. ලොව පුරා සිදු කරන නීති විරෝධී කැස්බෑ පොතු නිෂ්පාදනය නවතාලීමට අන්තර්ජාතික ව බැලපෑම් ඇති කිරීම
09. කැස්බෑවන් ආරක්ෂා කරන ලෙසට සියලූ ම මානව ප‍්‍රජාව දැනුවත් කර අනාගත පරපුරට මෙම කැස්බෑ ප‍්‍රජාව උරුම කර දිය යුතු ය.
ජනිත් ප‍්‍රමෝද්‍ය ජයරත්න
පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය
පන්නිපිටිය
විද්වත් විවරණය
මේ ව්‍යාපෘතියේ ප‍්‍රධාන අරමුණු තුනක් ඔස්සේ ක‍්‍රියාත්මක කර ඇත. ඒවා නම්,
01. කැස්බෑවුන් වඳ වී යාමට හේතු විමර්ශනය
02. කැස්බෑ සංරක්ෂණයට ගෙන ඇති ක‍්‍රියාමාර්ග සොයා බැලීම
03. එම ක‍්‍රියාමාර්ගවල ඵලදායීතාව නිරීක්ෂණය
ඉහත අරමුණු සරල ය.පැහැදිලි ය. ලෙහෙසියෙන් ළඟා කර ගත හැකි ය. තම ව්‍යාපෘතිය සාර්ථක ව අරමුණු ඔස්සේ ගෙන යාමට සාර්ථක උත්සහයක නිරත වී ඇත. මිනිසාගේ අ¥රදර්ශි ක‍්‍රියාකාලාප හේතුවෙන් වර්තමානයේ වඳ වී යාමේ තර්ජනයට මුහුණ පා සිටින කැස්බෑවුන් පිළිබඳ ව ව්‍යාපෘතියක් තෝරා ගෙන කාලීන අවශ්‍යතාවක් ඉටු කිරීමට දරා ඇති උත්සහය අගය කළ යුතු ය. සිසුවා සිය ව්‍යාපෘති වාර්තාව හැඳින්වීමේ දී කැස්බෑවුන්ගේ පරිණාමයත්, පරිසරයට දක්වන අනුවර්තනයත්, අහාර ගැනීමේ රටාව සහ කැස්බෑ වර්ග පිළිබඳ ව වටිනා තොරතුරු රැුසක් ඉදිරිපත් කර ඇත. මේ සඳහා සමීක්ෂණ පර්යේෂණ ක‍්‍රමයේ මූලිකාංග උපයෝගි කර ඇත. තොරතුරු රැුස් කිරීම සඳහා පර්යේෂණ ක‍්‍රම දෙකක් භාවිත කර ඇත.
x සම්මුඛ සාකච්චා
x පුවත්පත්, පොත්පත් සහ අන්තර්ජාල පරිශීලනය
රැුස් කරන ලද තොරතුරු පැහැදිලි ව වගු, වර්ණවත් ඡුායාරූප, සිතියම් හා රූපසටහන් (හඳුනා ගැනීම් යතුර* ආශ‍්‍රයෙන් ක‍්‍රමානුකූල ව විග‍්‍රහ කිරීම අගය කළ යුතු ය. ව්‍යාපෘතියේ අත්තර්ගත කරුණු පහත මාතෘකා ඔස්සේ සිත් ඇදගන්නා ලෙසින් පෙළගස්වා ඇත.
x කැස්බෑවුන්ට නම් ලැබුණු හැටි
x කැස්බෑ ප‍්‍රජනනය
x කැස්බෑවුන් බිත්තර දැමීම
x පැටවුන් මුහුදට යාම
x කැස්බෑවුන්ගේ වගතුග
x ශ‍්‍රී ලංකාවේ කැස්බෑවුන් බිජුලන ප‍්‍රදේශ
x ශ‍්‍රී ලංකාවේ කැස්බෑවුන් හමුවේ ඇති තර්ජන
x එම ක‍්‍රියාමාර්ගවල ඵලදායීතාව
x සංරක්ෂණයෙහි ලා අපගේ දායකත්වය
අමතර ව කැස්බෑවුන්ගේ වගතුග හෙළි කරන නව චන්ද්‍රිකා තාක්ෂණ මෙවලම් පිළිබඳ ව ද සඳහන් කර ඇත.
රැුස් කරන ලද තොරතුරු හා වාර්තාකරණය සාර්ථක ය. මාතෘකාවට අදාළ ව ගොනු කිරීම, ඒ සඳහා උචිත ඡුායාරූප භාවිතය අගය කළ යුතු ය. කැස්බෑවුන් පිළිබඳ ව නොදත් බොහෝ දේ දැන ගැනීමට පාඨකයාට ඒ මගින් ඉඩ සලස්වා ඇත. තව ද ෙඡ්දවලට වෙන්කර පැහැදිලි ව වාර්තාව ගොනු කිරීම පැසසිය යුතු ය.
ව්‍යාපෘති වාර්තාව අවසානයේ නිගමන හා යෝජනා ඉදිරිපත් කිරීම අගය කළ යුතු ය.
කාලරාමුවක් ඉදිරිපත් කිරීමෙන් සිසුවා සිය ව්‍යාපෘතිය ක‍්‍රමානුකූල ව අදාළ කාලයට නිම කළ බවට සාක්ෂි සපයයි. පරිශීලනය කරන ලද ආශ‍්‍රිත ග‍්‍රන්ථ දක්වා තිබීම පැසසිය යුතු ය.

ව්‍යාපෘතියේ පවතින දුර්වලතා
x ව්‍යාපෘතිය අරමුණු තුනක් ඔස්සේ ක‍්‍රියාත්මක කර ඇත. එහෙත් සිසුවා ව්‍යාපෘතිය හැඳින්වීමේ දී ඒ අරමුණු ඔස්සේ පැහැදිලි කර නොමැත. පාඨකයාට ව්‍යාපෘතියේ අරමුණු පිළිබඳ ව පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට එමගින් ඉඩකඩ සීමිත වී ඇත.
x දත්ත රැුස් කිරීමේ දී සම්මුඛ සාකච්ඡුා ක‍්‍රමය භාවිත කර තිබූ අතර ඒ සඳහා අරමුණු ඔස්සේ යමින් උචිත ප‍්‍රශ්නාවලියක් භාවිත කිරීම වඩා යෝග්‍ය ය. එවිට නියමිත රාමුවක් ඔස්සේ දත්ත රැුස් කිරීමට අවස්ථාව සැලසේ.
x දත්ත රැුස් කිරීම සඳහා නිරීක්ෂණ ක‍්‍රමය ද උපයෝගී වූයේ නම් වඩා උචිත ය.
x හඳුනා ගැනීමේ යතුර පිළිබඳ කෙටි හැඳීන්වීමක් කිරීම වඩා යෝග්‍ය ය.
x දත්ත විග‍්‍රහයේ ද අඩුපාඩු පවති. ගුණාත්මක දත්ත පමණක් නොව ප‍්‍රමාණාත්මක ව ද දත්ත රැුස් කිරීමෙන් සංඛ්‍යා ලේඛන, ප‍්‍රතිශත, ප‍්‍රස්තාර අනුසාරයෙන් වාර්තාව පෝෂණය කිරීමට හැකි වේ.
x නිගමන හා යෝජනා ඉදිරිපත් කිරීමේ දී ඒවා වෙන් වෙන් වශයෙන් ඉදිරිපත් කළේ නම් වඩා යෝග්‍ය ය. ව්‍යාපෘතියෙන් ලත් තොරතුරු මත නිගමනවලට විත් ඒවාට අනුකූල ව සංවර්ධනාත්මක යෝජනා ඉදිරිපත් කල යුතු ය.
x ආශ‍්‍රිත ග‍්‍රන්ථ ලිවීමේ දී සියල්ලක් ම ඒකාකාර ව ලිවිය යුතු අතර ඒ සඳහා පිළිගත් සම්මත ක‍්‍රමයක් භාවිත කිරීම උචිත ය.
x ආරම්භක පිටු රෝම ඉලක්කමෙන් ද, අන්තර්ගත පිටු අරාබි ඉලක්කම්වලින් ද සඳහන් කළ යුතු ය.
ව්‍යාපෘති වාර්තාකරණයේ දී භාවිතා කළ හැකි පොදු ආකෘතියක මූලිකාංග මෙහි දී අවධාරණය කළ යුතු ය.
1. ආරම්භක පිටු
x මාතෘකා පිටුව
x පටුන
x ස්තුතිය
2. සාරාංශය
3. ව්‍යාපෘතිය හැඳින්වීම
4. අරමුණ
5. ප‍්‍රතිලාභ ලබන්නන් පිළිබඳ විස්තර
6. ව්‍යාපෘතියට යොදා ගත් සම්පත්
7. භාවිත කළ ක‍්‍රමවේදය
8. කාල රාමුව
9. දත්ත ඉදිරිපත් කිරීම සහ යෝජනා
10. නිගමන සහ යෝජනා
11. ආශ‍්‍රිත ග‍්‍රන්ථ
12. ඇමුණුම්
බොහෝ දෙනෙක් නොදන්නා පැතිකඩක තතු හෙළි කිරීම සඳහා පාසල් සිසුවකු දරන ලද උත්සහය ඉතා ප‍්‍රශංසනීය ලෙස අගය කරමි.
දිල්හානි හෙට්ටිගේ
ව්‍යාපෘති නිලධාරී
පර්යේෂණ හා සංවර්ධන දෙපාර්තමේන්තුව
ජාතික අධ්‍යාපන ආයතනය