Project – 35

පිරිසිදු පරිසරය පරාදයි ඩෙංගු වියරුව

ඩබ්. ඒ. අසංකා ලක්ෂාණි විජයරත්න
සීතාවක ජාතික පාසල
වර්තමානයේ බෙහෝ ප‍්‍රදේශවලට බරපතල තර්ජනයක් වී ඇති ඩෙංගු රෝගය පිළිබඳ ව ගැඹුරින් අධ්‍යයනය කර, එය පැතිරී යාම වළක්වා ගැනීමට හා ඩෙංගු රෝගය නතර කිරීමට ගත යුතු ක‍්‍රියා මාර්ග පිළිබඳ ව කරුණු සොයා බැලිය යුතු ය.
ශ‍්‍රී ලංකාවේ ඩෙංගු රෝගය පැතිරී යාම ආරම්භ වී බොහෝ කලක් ගෙවී ගිය ද වර්තමානයේ දී ද එලෙස ම මෙම තත්ත්වයට මුහුණ දීමට අපට සිදු වීම අභාග්‍ය සම්පන්න තත්ත්වයකි. ඩෙංගු රෝගය වැළ`දීමට වයස් භේදයක් නැති අතර කුඩා දරුවන් මෙයට ගොදුරු වන ප‍්‍රතිශතය ඉතා ඉහළ ය. එබැවින් ඩෙංගුවලට ගොදුරු වන ප‍්‍රමාණය හැකිතාක් දුරට අවම කරමින් අප රටේ ඩෙංගු රෝගය සඳහා ගොදුරු වන පිරිස මුදවා ගැනීම සඳහා අප විසින් අනුගමනය කළ යුතු ක‍්‍රියාමාර්ග පිළිබඳ ව මගේ මෙම ව්‍යාපෘතියෙන් ඉදිරිපත් කෙරේ. වර්තමානයේ හා මීට වසර කිහිපයකට පෙර ලංකාවේ විවිධ පළාත්වල මෙම රෝගය සීඝ‍්‍ර ලෙස වර්ධනය වීමත් සම`ග ඇති වූ අහිතකර ප‍්‍රතිවිපාක පිළිබඳවත්, ප‍්‍රතිවිපාක ඇති කිරීම කෙරෙහි බලපෑ හේතු පිළිබඳවත් ඒවා මග හැරීම සඳහා අප ක‍්‍රියාත්මක කළ යුතු වැඩ පිළිවෙලත් මෙම ව්‍යාපෘතියෙන් පෙළගස්වා ඇත්තෙමි.
අරමුණු හා අභිමතාර්ථ
x ඩෙංගු රෝගය යනු කුමක්දැයි යන්න හඳුනා ගැනීම.
x ඩෙංගු මදුරුවා බෝවන ස්ථාන හා බෝවන්නේ කෙසේ ද සොයා බැලීම.
x ඩෙංගු මදුරුවා බෝවීම වැළැක්වීම සඳහා සුදුසු පියවර ගැනීම සඳහා කරුණු ඉදිරිපත් කිරීම තුළින් ඩෙංගු රෝගය තුරන් කිරීමට සුදුසු පියවර ගැනීම.
x දැනට ශ‍්‍රී ලංකාවේ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් පිළිබඳ ව හා එම තත්ත්වයට හේතු වූ කරුණු සොයා බැලීම.
ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කල ආකාරය
x පුවත්පත්, සඟරා එක්රැුස් කර ඒ පිළිබඳ දිර්ඝ අධ්‍යයනයක නියලූනෙමි.
x අප ප‍්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය හමු වී ප‍්‍රදේශයේ ඩෙංගු රෝගීන් පිළිබඳ ව දත්ත ලබා ගතිමි.
x මේ ආකාරයට එක්රැුස් කරගත් තොරතුරු සැකවින් අධ්‍යයනය කර සාරාංශ කර ගතිමි.
ඩෙංගු රෝගය යනු
ඩෙංගු වෛරස් නිසා හටගන්නා උණ රෝගයකි. එම වෛරසය ශරීරගත වන්නේ ”ඊඞීස් ඊජිස්ටයි” හෝ ”ඊඩිස් ඇල්බොපික්ටස්” යන මදුරුවන් දෂ්ඨ කිරීම මගිනි. මෙම මදුරුවන් කළු පැහැති වන අතර පාදවල සහ ඇඟ පෙදෙසේ සුදු ලප වැනි සලකුණු දැකිය හැක. මොවුන් බෙහෝ විට දෂ්ඨ කරන්නේ දිවා කාලයේ දී ය. විශේෂයෙන් ම උදෑසන සහ සවස් කාලයේ දී ය. ඒ නිසා පාසලේ දී, කාර්යාලයේ දී, වැඩ පළේ දී, වාහනයක දී මෙවැනි මදුරුවන් දෂ්ඨ කළ හැකි ය. ඩෙංගු උණ අවස්ථා දෙකකි.
01. ඩෙංගු රක්තපාත උණ
02. ඩෙංගු කම්පන අවස්ථා
ඩෙංගු මදුරුවන් බෝවන රටවල්
මෙම රෝගය නිවර්තන රටවල් 100ක පමණ වාර්තා වී ඇත. විශේෂයෙන් දකුණු ආසියාතික රටවල ද, බටහිර පැසිපික් හා කැරිබියන් ප‍්‍රදේශවල ද පැතිරී ඇත. තායිලන්තය ද මෙම තර්ජනයට නිතර ලක් වන රටකි.
ඩෙංගු රෝග කාරකයක් යනු
ඩෙංගු යනු ”ආබෝ වෛරස” නම් වෛරස පවුලේ ෆ්ලේවි වෛරස ගණයට අයත් වෛරසයක් මගින් බෝ වන රෝගයකි. ඩෙංගු උණ පතුරුවන වෛරසයේ ආකාර 4කි. ඒවා නම් ඩෙංගු දර්ශ 1,2,3 හා 4යි.
ඩෙංගු රෝගය එක් වරක් හැදුනු විට තවත් වරක් සෑදිය හැකි ය. ඊට හේතුව ඩෙංගු වෛරස් වර්ග හෙවත් දර්ශක 4කින් එය සමන්විත වීමයි. ඒ නිසා මුල් අවස්ථාවේ ”ඩෙංගු දර්ශ 1” නිසා රෝගී වූ කෙනෙක් ඊළඟ වතාවේ ”ඩෙංගු දර්ශ 3” නිසා රෝගී විය හැකියි.
මෙතෙක් සොයා ගෙන ඇති කරුණු වලට අනුව පෙනී යන්නේ ඩෙංගු රක්තපාත උණ නිසා අසාදන තත්ත්වයට පත්වන්නේ එක් වරක් ඩෙංගු අසාදනයට ලක් වූ අය නොවේ. එක් වරක් ඩෙංගු ආසාදනයට ලක් වූ අය නොවේ. එක් වරක් ඩෙංගු උණ සෑදී සුව වී නැවත වරක් ඩෙංගු ආසාදනයට ලක් වූ අයයි.
සාමාන්‍ය රෝග ලක්ෂණ
x තද උණ
x හිසරදය
x වමනය
x ඇ`ගපත වේදනාව
x ඇස් යට රිදීම
ඩෙංගු රක්තපාත උණ ලක්ෂණ
x හම යට කුඩා ලේ පැල්ලම් පැවතීම.
x ඇස් රතු වීම.
x නාසයෙන් ලේ ගැලීම.
x මල මුත‍්‍රා සම`ග ලේ ගැලීම.
x වීදුරු මස්වලින් ලේ ගැලීම.
x වමනය හෝ මල කලූ හෝ දුඹුරු පැහැයක් ගැනීම.
x තුවාල රහිත ව කුද්දැටි ඇති වීම.
x නින්ද නොයෑම, කල්පනා ශක්තිය අඩු වීම.
x හන්දි කැක්කුම සහ උදරයේ දැඩි වේදනාව.
ඩෙංගු රෝගය ගැන මුලින් ම වාර්තා වී ඇත්තේ 1780 දී ඇමිකාවේ ෆිලඩෙල්ෆියා නගරයේ දී ය. වර්ෂ 1906 දී ඇස්බන් සහ කේ‍්‍රග් යන දෙපළ විසින් රෝගයට හේතු වන වෛරස අන්වීක්ෂයකින් පවා නොපෙනෙන තරම් කුඩා බව සොයා ගන්නා ලදි. 1966 සිට 1968 දක්වා කාලයේ දී ලංකාවේ සෑම පළාතකම ඩෙංගු උණ වසංගතයක් තදින් පැතිර යන ලදී. වෛද්‍ය පර්යේෂණ ආයතනයක් කළ පරීක්ෂණ අනුව මෙයට ඩෙංගු ”දර්ශ 2” වෛරසය හේතු වූ බව සොයා ගන්නා ලදි. 1966 දී 8 දෙනෙකුට ඩෙංගු රක්තපාත උණ සෑදී, ඉන් 5 දෙනෙකු මිය ගොස් ඇත. එසේ ම 1968 දී 27 දෙනෙකු මිය ගොස් ඇත. 1969 දී මෙය නැවතත් 7 දක්වා අඩු වී දෙදෙනෙකු පමණ මිය ගොස් ඇත.
ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන
මිනිසාගේ ලේ උරා බොන්නේ ගැහැණු මදුරුවන් වන අතර ඔවුන් නිවාස, පාසල් හා වෙනත් ස්ථානවල ඇති බැරල්, ටින් ඇසුරුම්, පෝච්චි, ටැංකි, පීරිසි, පොල් කටු, ටයර් ආදී වතුර එක් රැුස් වන ස්ථානවල ජීවත් වේ.
මදුරුවන් බෝවීම වැළැක්විය හැකි ක‍්‍රම
ඩෙංගු රෝගයට විශේෂ ප‍්‍රතිකාරයකුත්, එන්නතකුත් නොමැති නිසා මෙය වැළැක්විය හැක්කේ වාහක මදුරුවන් බෝවන තැන් නැති කිරීමට පියවර ගැනීමෙනුයි. රෝගය බෝවීම වැළැක්වීමට ගත හැකි පියවර වන්නේ එම ස්ථාන ඉවත් කර අවට පරිසරය පිරිසිදු ව තබා ගැනීමයි.
මදුරුවන් දෂ්ඨ කිරීමෙන් ආරක්ෂා වීම
ඩෙංගු මදුරුවන් දෂ්ඨ කරන්නේ දිවා කාලයේ නිසා ඒ ගැන සැලකිලිමත් විය යුතු ය. උදෑසන 6 – 10 දක්වාත්, නැවත 3 – 5 දක්වාත් අතර කාලයේ විශේෂයෙන් ආරක්ෂා විය යුතු ය. තව ද ගත හැකි අනෙකුත් පියවර මෙසේ ය.
x අත් පා හොඳින් ආවරණය වන පරිදි ඇඳුම් ඇඳීම.
x ශරීරයේ නිරාවරණය වී ඇති තැන්වල මදුරුවන් පලවා හරින ආලේප ගැල්වීම
x දහවල් කාලයේ ඇඳේ විවේක ගන්නා විට මදුරු දැලක් පවිච්චි කිරීම.
x මදුරුවන් බෝ වීමේ චක‍්‍රය බිඳ දැමීම සඳහා මදුරුවන් විසින් ඩෙංගු රෝගීන් දෂ්ඨ කිරීමෙන් වලක්වා ගැනීම ආදිය සිදුකල හැක.
විද්වත් විවරණය
එස්. ඒ. සුසිලාවතී
ජ්‍යෙෂ්ඨ ගුරු උපදේශිකා (විශ‍්‍රාමික*
දුරස්ථ ගුරු අධ්‍යාපන මධ්‍යස්ථානය, හැටන්
පර්යේෂණ වාර්තාවේ මාතෘකාව කාලීන වශයෙන් වැදගත් වූවක් හෙයින් පැසසුමට ලක් කළ යුතු ය. ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීම මගින්, ශ‍්‍රී ලංකාවට ප‍්‍රබල ලෙස බලපා ඇති කාලීන ගැටලූවකට විසදුම් සොයා ගැනීම ඇගේ අපේක්ෂාව විය. ඒ අනුව මේ අධ්‍යයනයෙන් සමාජයීය අවශ්‍යතාවක් ඉටු කර ගැනීම අපේක්ෂිත ය. මාරාන්තික ඩෙංගු රෝගය නිසා අකාලයේ මිය යන ශ‍්‍රී ලාංකිකයින් බේරා ගැනීමට සහය වීම මෙම අධ්‍යයනයෙන් බලාපොත්තු වෙයි. ව්‍යාපෘතියේ ප‍්‍රතිලාභ ලබන්නන් පිළිබඳ විස්තරයේ ඇය එය පැහැදිලි ව දක්වා ඇත.
අත්පත‍්‍රිකා, රූපවාහිනිය, පොත්පත් හා සඟරා පරිශීලනය මගින් ව්‍යාපෘතියට අදාළ දත්ත ලබා ගැනීම පර්යේෂණයේ ප‍්‍රධාන ක‍්‍රමවේදය යි. ඊට අමතර ව තමාට අදාළ ප‍්‍රදේශයේ ඩෙංගු රෝගීන් පිළිබඳ දත්ත, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී සහ අවිස්සාවේල්ල මූලික රෝහලේ වෛද්‍ය, සංඛ්‍යා ලේඛන නිලධාරී වෙතින් ලබා ගැනීමේ දී හා ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමේ දී පැන නැගුණු ගැටළු හා බාධක පිළිබඳ ව සඳහන් නොකිරීම අඩුපාඩුවකි.
නියමිත කාල රාමුවකට අනුව ව්‍යාපෘතිය නිම කිරීමට සැලසුම් කර තිබීම අගය කළ යුතු ය. ව්‍යාපෘති යෝජනාව සකස් කර භාර දීම, අනුමත කරවා ගැනීම, ව්‍යාපෘතියට අදාළ තොරතුරු රැුස් කිරීම, තොරතුරු වර්ගීකරණය කිරීම හා අවශ්‍ය විස්තර ඇතුළත් කර ව්‍යාපෘති වාර්තාව සකස් කිරීම යන පියවරවලට අදාළ ව කාල රාමුව සකස් කර තිබිණි.
පුවත්පත් සඟරා, රූපවාහිනිය යන මුලාශ‍්‍ර අධ්‍යයනය කිරීම මගින් තොරතුරු රැුස් කර ඇති බව පැහැදිලි ව දක්නට ලැබේ. ඩෙංගු රෝගය යනු කුමක් ද? ඩෙංගු රක්තපාත උණ සහ ඩෙංගු කම්පන අවස්ථා වශයෙන් වෙන් කිරීම, ඩෙංගු මදුරුවන් බෝවන රටවල්, ඩෙංගු රෝගයේ සාමාන්‍ය රෝග ලක්ෂණ හා ඩෙංගු රක්තපාත උණ ලක්ෂණ දැක්වීම එයට උදාහරණ ලෙස දැක්විය හැකි ය. ඩෙංගු රෝගය මුලින් ම වාර්තා වී ඇති රට හා වර්ෂය පිළිබඳ ව හා එහි ව්‍යාපෘතිය පිළිබඳ ව පුවත්පත් සඟරා පරිශීලනයෙන් තොරතුරු ලබා ගෙන ඇත. 1966 – 1969 වර්ෂ්‍ය දක්වා ශ‍්‍රී ලංකාවේ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව දක්වා ඇත. එය වගුවකින් හා ප‍්‍රස්තාරයකින් පෙන්නුම් කළේ නම් වඩාත් පැහැදිලි වෙයි.
ඩෙංගු මදුරුවා හඳුනා ගැනීමට, ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කළ යුතු ආකාරය පෙන්නුම් කිරීමට ඡුායාරූප ඉදිරිපත් කිරීම ද සුදුසු ක‍්‍රමයකි. එහෙත් වගු සහ රූප සටහන් ඉදිරිපත් කිරීමේ පැහැදිලි බවක් දක්නට නො ලැබේ. 1989 – 2000 දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් පිළිබඳ වාර්තා යනුවෙන් වගුවක් ඉදිරිපත් කර ඇතත් එය කිනම් රටක ද යන්න සඳහන් නො වීමත් දත්ත විශ්ලේෂණයට එය සම්බන්ධ කර නො තිබීමත් දුර්වලතාවකි. වගු අංක කර, විශ්ලේෂණයේ දී වගුව සම්බන්ධ කර ගැනීම පිළිබඳ අවබෝධයක් ශිෂ්‍යාවට නොමැති බව පෙනේ. ”පහත දැක්වෙනුයේ අප ප‍්‍රදේශයෙන් ලබා ගත් ඩෙංගු රෝගීන් පිළිබඳ දත්ත ඇතුළත් විස්තර වාර්තාවකි” යනුවෙන් සඳහන් කර වගුවක් ඉදිරිපත් කර තිබීම ද නොගැළපේ. ”පහත දැක්වෙනුයේ මේ සඳහා තෝරා ගත් රෝහලක් ලෙස යොදා ගත් අවිස්සාවේල්ල රෝහලින් ලබා ගත් ඩෙංගු රෝගීන් පිළිබඳ දත්ත පිළිබඳ විස්තර වාර්තාවකි” යනුවෙන් සඳහන් කර වගුවක් ඉදිරිපත් කර ඇත. එම වාක්‍ය ගැළපීමේ දුර්වලතාවක් ද පවතී. පර්යේෂණ වාර්තා ලිවීමේ දී වගු සහ රූප සටහන් ඉදිරිපත් කරන ආකාරය පිළිබඳ ව ශිෂ්‍යාව දැනුවත් වී නැති බව මෙයින් පෙනේ.
ඩෙංගු රෝගය ශ‍්‍රී ලංකාවේ බොහෝ ප‍්‍රදේශවල බරපතළ ප‍්‍රශ්නයක් බවත්, රෝග නිවාරණය සඳහා නිශ්චිත ඖෂධයක් තවමත් සොයා ගෙන නොමැති බවත්, ඩෙංගු රෝග පැතිරෙන කාල සීමාවල දී පමණක් තම පරිසරය පිරිසිදු කිරීමට මිනිසුන් පෙලඹෙන බවත් ඇය නිගමනය කර ඇත.
ඩෙංගු රෝගය මර්දනය කිරීමට නම් සෑම දිනක ම තම අවට පරිසරය පිළිබඳ අවබෝධයකින් යුතු ව අවධානය යොමු කළ යුතු බව ඇගේ යෝජනාව වේ.
පර්යේෂණ වාර්තා සකස් කිරීමේ දී ලේඛන ව්‍යවහාරය භාවිත කිරීම ඉතා වැදගත් වේ. එහෙත් මෙම ව්‍යාපෘති වාර්තාව ලේඛන ව්‍යවහාරයේ දී නිවැරදි උක්ත ආඛ්‍යාත පද සම්බන්ධය, නිවැරදි අක්ෂර වින්‍යාසය, නිවැරදි ව නො ගැළපීමේ දෝෂ ද දක්නට ලැබුණු දුර්වලතා වෙයි.