Project – 34

සන්නිවේදනයේ අතීතය වර්තමානය අනාගතය
ආර්. එම්. ඉසුරු සඳරුවන්
උසස් පෙළ වාණිජ අංශය – 2009,
තල්¥ව බෞද්ධ විද්‍යාලය, අවිස්සාවේල්ල
අ.පො.ස උසස් පෙළ විෂය නිර්දේශයට අනුකූල වන ව්‍යාපෘතියේ අරමුණු 5කි.
01. සන්නිවේදන ක‍්‍රම අධ්‍යයනය කිරීම.
02. අතීත සන්නිවේදන ක‍්‍රම පිළිබඳ අධ්‍යයනය.
03. වර්තමාන හා අනාගත ක‍්‍රම පිළිබඳ අධ්‍යයනය.
04. සන්නිවේදනය පිළිබඳ අන් අය දැනුවත් කිරීම.
05. සන්නිවේදනය පිළිබඳ ස්වයං අධ්‍යයනයක යෙදීම.
ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කළ ආකාරය
01. ව්‍යාපෘති මාතෘකාවක් තෝරා ගැනීම.
02. ව්‍යාපෘතිය සම්බන්ධ උපදෙස් ලබා ගැනීම.
03. ව්‍යාපෘති යෝජනාව සකස් කොට අනුමැතිය ලබා ගැනීම.
04. තෝරා ගත් ව්‍යාපෘතියට අවශ්‍ය කරුණු අඩංගු ග‍්‍රන්ථ කිහිපයක් තෝරා ගැනීම.
05. ව්‍යාපෘතියට අවශ්‍ය තොරතුරු අන්තර්ජාලයෙන් සොයා ගැනීම.
06. ව්‍යාපෘතියට අදාළ ලිපි ද්‍රව්‍ය සූදානම් කර ගැනීම.
07. ව්‍යාපෘතියේ පිදුම හා පටුන නිර්මාණය කිරීම.
08. පළමු මාතෘකාව යටතේ කරුණු ගොනු කිරීම.
09. පින්තූර සෙවීම.
10. වෙබ් අඩවි ඔස්සේ කරුණු රැුස් කර ගැනීම.
11. පිටුවල අංක දමා පිටුවල වැඩ නිම කිරීම.
12. මුල් පිටු සකස් කර ගැනීම.
13. පොතේ වැඩ අවසන් කිරීම.
හැඳින්වීම
සන්නිවේදනය යනු පණිවිඩ හුවමාරුවයි. පුද්ගලයන් පුද්ගලයන් අතර හෝ ආයතන ආයතන අතර හෝ පුද්ගලයන් ආයතන අතර හෝ නොයෙකුත් අදහස්, හැඟීම්, උපදෙස්, තොරතුරු හා පණිවිඩ හුවමාරුව සන්නිවේදනයෙන් කෙරේ.
අතීතයේ දී පණිවිඩ හුවමාරුව උදෙසා භාවිත වූයේ ඉතාම සරල උපක‍්‍රමයි. ඒවා අතර පණිවිඩකරුවකු යැවීම, ගින්නක් දල්වා දුමක් නැංවීමට සැලැස්වීම, ඊතලයක අමුණා පණිවිඩ යැවීම, කොඩියක් වැනීමෙන් සංඥා නිකුත් කිරීම, හූවකින් සංඥා නිතුත් කිරීම, අණබෙර කරුවකු යෙදවීම, විවිධ පක්ෂින් යොදවා සංදේශ ආකාරයෙන් පණිවුඩ යැවීම ආදී උපක‍්‍රම විය. මෙවැනි ක‍්‍රම එදා සමාජයේ සාර්ථක ලෙස ක‍්‍රියාත්මක කළ හැකි වුවත් අද දියුණු සංකීර්ණ සමාජයට ඒවා සුදුසු නො වේ. මේ නිසා අතීතයේ පැවති ආකාරයට වඩා වේගවත්, ක‍්‍රමවත් දියුණු සන්නිවේදන ක‍්‍රම රාශියක් නූතනයේ බිහි වී තිබේ.
තොරතුරු
x ඉහත සන්නිවේදනයේ ආරම්භය ඉතා දිළිඳු ය.
x ශ‍්‍රී ලංකාවේ මුල් ම දුරකථන පද්ධතිය කොළඹ සිට ගාල්ලට වන අතර පොල් ගස් යොදා ගන්නා ලදි.
x ජාත්‍යන්තර වශයෙන් බලන කල 1794 දී පැරිස් සහ ලියෝ යන දෙනුවර සංඥා ක‍්‍රමය, 1974 දී පැරිස් නුවර ආලෝක සංඥා ක‍්‍රමය, 1977 දෘෂ්ටික දුරලේඛ ක‍්‍රමය, සන්නිවේදනයේ සනිටුහන් ලෙස දැක්විය හැකි ය.
x 1837 එංගලන්තයේ චාල්ස් වෙට්ස්ටන් සහ විලියම් එෆ්. කුක් දෙදෙනා අක්ෂර 20ක් දැක්විය හැකි දුරලේඛයක් නිපදවීම.
x ෆැක්ස් ක‍්‍රමය පිළිබඳ අදහස් පහළ වූයේ මීට අවුරුදු 150කට පෙර ය.
x 1843 දී සැමුවෙල් මෝර්ස් විසින් ටෙලිග්‍රොෆ් කේත ක‍්‍රමය නිපදවීම :ඔැකැටර්චයසජ ක්‍දාැ*.
x 1865 මැයි 17 දින රටවල් 20ක් විසින් ප‍්‍රථම ජාත්‍යන්තර දුරලේඛ සම්මුතියට :ෂබඑැරබ්එසදබ්ක ඔැකැටර්චය ක්‍දබඩැබඑසදබ* අත්සන් තැබී ය. ඒ සම`ගම ජාත්‍යන්තර දුරලේඛ සංගමය පිහිටවීය.
සන්නිවේදන විකාශය
x අක්ෂර කලාවේ උපත පිළිබඳ කරුණු
x පුස්කොල, ලෙන් ලිපි, ගිරි ලිපි, ටැම් ලිපි, පුවරු ලිපි
x බ‍්‍රහ්මී අක්ෂර මාලාවක පින්තූරයක්
x මිසර රූප ලේඛන ක‍්‍රමයේ සංකේත
x ග‍්‍රීක සහෝදරයන් විසින් ග‍්‍රීක හෝඩියේ අක්ෂර මාලාව ශබ්ද රූප විසි හතරක් යොදා ගෙන විශේෂ සංඥා ක‍්‍රමයක් හඳුන්වා දෙන ලදි.
ඇල්ෆා ‐ ්ɑ
ඉයෝටා ‐ ෂʅ
රෝ ‐ ඡුρ
බීටා ‐ ඊβ
ක්ෙස්‍යෙය ‐ Ξ ξ
ෙඛෙ ‐ ϰ ϰ
ඊටා ‐ Ηη
ඔම්කෝන් ‐ Οο
ජපෛ ‐ψ ψ
තීටා ‐Θθ
පෛ ‐ Πл
ඔමේමා ‐ Ωω
එප්සෙලන් ‐ ෑɛ
න්‍යු ‐ ɴν
ඓ ‐ Φφ
කප්පා ‐ ණණ
සිග්මා Σσς
ගැමා Ƭϒ
ලැම්බිඩා Λ λ
ටෞ ΤƮ
ඩෙල්ටා Δδ
ම්‍යු Μi
අප්ෙසෙලන් Υʋ
ග‍්‍රීක හෝඩියේ ශබ්ද රූප 24

සන්නිවේදන විකාශය
සූර්්‍යාලෝක සංඥා
එකලොස් වන ශත වර්ෂයේ දී මරක්කල ජනතාව සුර්යාලෝකය පරාවර්තනය කොට සංඥා නිකුත් කිරීමේ මගක් උපයෝගී කර ගන්නා ලදී. මෙය හීලියෝ ග‍්‍රාප් යනුවෙන් හැඳින්විණි.
කොඩි වෙඩිමුර හා නළා
රෙදි කඩක් දඬු කැබැල්ලක රඳවා ගන්නා කොඩියක් විවිධ රටා අනුව පාලනය කිරීමෙන් සංඥා නිකුත් කිරීම – 17 වෙනි සියවසේ දී භාවිත කරන ලදී. එහි නිර්මාතෘ බි‍්‍රතාන්‍ය නාවික හමුදාවයි. සීමා සහිත වූවත් වෙඩි මුර තැබීම ද සන්නිවේදන ක‍්‍රමයක් ලෙස භාවිත විය. හොරණැව, යුධ හොරණැව දඩයක්කරුවන් සහ යුධ ශිල්පීන් විසින් භාවිත කරන ලදි.
පයිණ්ඩකාර සත්තු
පරෙවි, සුනඛ ආදී සතුන් ආරක්ෂක අංශ විසින් යොදා ගන්නා ලදී. සංදේශ කාව්‍යය අනුව පැහැදිලි වන්නේ ගිරා, සැළලිහිණි, පරෙවි ආදී පක්ෂීන් සන්නිවේදනය සඳහා යොදා ගත් බවයි.

සන්නිවේදනයේ අවශ්‍යතාව
ව්‍යාපාරිකයන්ට වඩාත් වැදගත් ය. පහත සඳහන් දෑ සඳහා ව්‍යාපාරිකයන්ට වැදගත් වේ.
x උපදෙස් නියෝග තොරතුරු සැපයීම
x ගනුදෙනු කිරීමට
x සේවක පරිපාලනයට
x භාණ්ඩ හා සේවා පරිපාලනයට
x රාජ්‍ය සම`ග සම්බන්ධතා පැවැතිවීමට
x පාරිභෝගික අවශ්‍යතා තේරුම් ගැනීමට
සන්නිවේදන ක‍්‍රම
x ගුවන් විදුලිය, රූපවාහිනිය, පුවත්පත, සඟරා
x රැුස්වීම් සාකච්ඡුා
x ලිපි හා තැපැල්පත්
x නිවේදන, චක‍්‍රලේඛ
x දැන්වීම්
x ප‍්‍රවෘත්ති ප‍්‍රකාශන
x වාර්තා
x දුරකථනය
x විදුලි පණිවිඩ හා කේබල් පණිඩිඩ
x සීනු නාද කිරීම් හා වර්ණ විදුලි සංඥා
x ටෙලෙක්ස් පණිවිඩ
හොඳ සන්නිවේදන පද්ධතියක අන්තර් ගත විය යුතු ගුණාංග
x අවම පිරිවැය
x රහස්‍යභාවය
x වේගය
x ආරක්ෂාව
x පැහැදිලිතාව
x පහසුවෙන් ලබා ගත හැකි බව
x අර්ථ සහිත බව
x කෙටි වීම
x නිවැරදි වීම
x ආචාරශීලීභාවය
අතීතයේ දී භාවිත කළ විවිධ සන්නිවේදන ක‍්‍රම
හූව
¥තයින්
අඬබෙර
ඝෝෂා
දුම් පිට කිරීම
රැුස්වීම්
කොඩි
සතුන් යොදා ගැනීම
සෙලියුලර් දුරකථනය
ගුවන් තරංග ඔස්සේ විශේෂිත ජාලයක් මගින් ක‍්‍රියාත්මක වන ක‍්‍රමයකි.
ඉන්ටකොම්
ආයතනයන්හි අභ්‍යන්තර පණිව්ඩ හුවමාරුව සඳහා යොදා ගනී. අවශ්‍ය පුද්ගලයාට ම සෘජුව ඇමතිය හැකි වූ ද ක‍්‍රමයකි.
චන්ද්‍රිකා මගින් පණිවිඩ හුවමාරුව
පෘථිවිය මත පිහිටි චන්ද්‍රිකා පණිවුඩ හුවමාරු මධ්‍යස්ථානයකින්, යැවිය යුතු පණිවිඩය යන්ත‍්‍රානුසාරයෙන් යැවූ විටක එය ගුවන් තරංග ඔස්සේ උඩු ගුවනේ රඳවා ඇති චන්ද්‍රිකාවට පණිවුඩය ලැබෙන අතර එම චන්ද්‍රිකාව මගින් ස්වයංක‍්‍රීය ව පෘථිවියේ පිහිටි මධ්‍යස්ථානයකට පණිවිඩය ලැබෙයි.
ඉන්ටනෙට්
පරිගණක හා පරිගණක පද්ධති එකිනෙකා හා සම්බන්ධ කරනු ලබන පොදු පරිගණක ජාලයයි. ඕනෑම අයකුට දුරකථනය මගින් ෂබඑැරබැඑ ජාලයට සම්බන්ධ විය හැකි ය.
වැප් – උ්ඡු
ජංගම දුරකථනයෙන් ඉන්ටනෙට් හා සම්බන්ධ වීම හඳුන්වන්නේ උ්ඡු තාක්ෂණය නමිනි.
:උසරුකැිි ්චචකසජ්එසදබ ඡුරදඑදජදක*
විද්වත් විවරණය
කේ. වී. සුදර්මා හරිස්චන්ද්‍ර
ප‍්‍රාථමික ගුරු උපදේශිකා – දෙහි ඕවිට කලාපය
වර්තමානයේ සන්නිවේදනය කිසි කලෙක නො වූ විරූ අන්දමින් දියුණු වී ඇත. එසේ ම එය සෑම තප්පරයක් පසා නව මං පෙත් කරා පියමං කරයි. ලෝකයේ සෑම අංශයක් ම සන්නිවේදනයේ දියුණුව නිසා ප‍්‍රයෝජන ලබයි. අතීතයේ දී හුදකලාව පැවති ගම් දනව් අද ලොව හා එක් වී ඇත. එනම් ලෝකය විශ්ව ගම්මානයක් බවට පත් ව ඇත. ලෝකයේ ඕනෑම ස්ථානයක සිට තවත් ඕනෑම ස්ථානයක සිදු වූ සහ සිදු වන දෑ සජීවී ව නැරඹීමේ සහ ඇසීමේ හැකියාව ලැබී ඇත. මෙසේ අත්‍යවශය අංගයක් වන සන්නිවේදනය කෙරෙහි අවධානය යොමු කොට ඒ පිළිබඳ ව ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක කරමින් විවරණයක යෙදීම ප‍්‍රයෝජනවත් ය. එය වඩා වැදගත් වන්නේ පාසල් සිසුවකු ලෙස ඒ සඳහා තම කාලය හා ශ‍්‍රමය කැප කිරීම ය.
ව්‍යාපෘතියෙන් සන්නිවේදනයේ අතීතය / වර්තමානය/ අනාගතය පිළිබඳ ව කරුණු රාශියක් ගොනු කොට ඇත. ”තොරතුරු” ශීර්ෂය යටතේ වැදගත් කරුණු විමර්ශනය කිරීම අගය කළ යුතු ය. වර්ෂ ද හඳුන්වා දුන් පුද්ගලයාගේ නම් හා උපකරණ ද පිළිබඳ ව හොඳ අවබෝධයක් පාඨකයාට ලබා ගත හැකි ය. සන්නිවේදනයේ විකාශය සම්බන්ධ ව පින්තූර ද යොදා ගනිමින් ඉදිරිපත් කොට ඇත. ග‍්‍රීක හෝඩියේ අක්ෂර මාලාව මෙන් ම විශේෂ සංඥා ක‍්‍රමය පිළිබඳ ව දත්ත පැහැදිලි ව ඉදිරිපත් කොට ඇත. සන්නිවේදනයේ විකාශය නැවත ශිර්ෂයක් ලෙස යොදා ගනිමින් අතීත ක‍්‍රමවේද කිහිපයක් පෙළ ගස්වා ඇත. සන්නිවේදනයේ අවශ්‍යතාව ගැන කරුණු ව්‍යාපාරික ලෝකයාට ප‍්‍රමුඛතාව දෙමින්, ගොනු කොට ඇත. හොඳ සන්නිවේදන පද්ධතියක අන්තර් ගත විය යුතු ගුණාංග ද පැහැදිලි කර ඇත. අතීතයේ භාවිත කළ සන්නිවේදන ක‍්‍රම කිහිපයක් විස්තර කිරීමට අවධානය යොමු කොට ඇත. වර්තමානයේ පවතින දියුණු සන්නිවේදන ක‍්‍රම වන සෙලියුලර් දුරකථනය, ඉන්ටකොම්, චන්ද්‍රිකා, ඉන්ටනෙට්, වැප් යන අංශ විමර්ශනය කිරීම සාර්ථක ය. එම අංශවල අන්තර්ගතය පාඨකයාට පැහැදිලි ව අවබෝධ වෙයි.
අධ්‍යයනයේ අරමුණු 5 ව්‍යාපෘතියට ගැළපුන ද, කරුණු ඉදිරිපත් කිරීම අරමුණුවලට නොගැළපෙන බව විද්‍යාමාන වේ. එසේ ම කරුණු රාශියක් විමර්ශනය කොට තිබුණ ද ඒවා ඉදිරිපත් කිරීමේ දී අපිළිවෙළක් හා අවුල් සහගත බවක් දක්නට ලැබේ. ව්‍යාපෘති වාර්තාවේ මුල, මැද, අග ගැළපීම ඉතා දුර්වල ය. පිටුවල මාතෘකා යෙදීම ව්‍යාපෘති වාර්තාවකට නොගැළපෙයි. ”හැඳින්වීම” යටතේ ව්‍යාපෘතිය හඳුන්වන්නට යොමු නො වී සන්නිවේදනය පිළිබඳ ව එක වර ම පාඨකයාගේ අවධානය යොමු කිරීමෙන් පාඨකයා අතරමං වේ. ”තොරතුරු” මාතෘකාව අසම්පූර්ණ ය. නමුත් ඒ යටතේ ඇති කරුණු පැහැදිලි ය. මෙසේ නොගැළපෙන අවස්ථා වර්තාව පුරා ම දක්නට ලැබේ. සන්නිවේදනයේ විකාශය, යන මාතෘකා පිටු දෙකක යෙදීම අවුල් සහගත ය. සන්නිවේදනයේ අවශ්‍යතාව ව්‍යාපාරික ලෝකය පමණක් මුල් කොට ගෙන ගොනු කිරීම ප‍්‍රමාණවත් නැත. වාර්තාවේ මැද යළි සන්නිවේදනය ගැන හඳුන්වා ඇත.එය වාර්තාවේ දුර්වල අංශයකට තවත් උදාහරණයකි. පුවත්පත්වලින් සහ වෙබ් අඩවියෙන් ගත් ඡුයා පිටපත් ඇතුළත් කිරීමෙන් ලබා දීමට අපේක්ෂා කරන පණිවිඩය කුමක්දැයි නොවැටහේ. ව්‍යාපෘති වාර්තාව සකස් කිරීමට කරුණු ගොනු කිරීමට ගත් උත්සහය වාර්තාව ලිවීමේ දී, මාතෘකා පෙළ ගැස්වීමේ දී ප‍්‍රයෝජනයට ගෙන නොමැත. එම නිසා උත්සහය අපතේ ගොස් ඇත. එසේ ම අපැහැදිලි අත් අකුරින් ලියා ඇති දේ බොහෝ ය. ලේඛනයට සදොස් තැන් දක්නට ලැබේ. අක්ෂර වින්‍යාසය හා උක්ත ආඛ්‍යාත සම්බන්ධයේ දුර්වලතා සෑම පිටුවක ම දිස් වේ. මාතෘකාවේ අතීතය/ වර්තමානය/ අනාගතය යන කාල තුන ම දක්නට ලැබුන ද අනාගතය පිළිබඳ ව සටහනක් නැති තරම් ය.
ව්‍යාපෘතිය මීට වඩා සාර්ථක වීමට නම් අනුගමනය කළ යුතු ව තිබූ කරුණු පහත දැක් වේ.
01. අරමුණුවලට නැවත නැවත අවධානය යොමු කිරීම සහ අරමුණු මුලින් දැක්වීම.
02. රැුස් කළ කරුණු කීප වරක් කියවා ඉදිරිපත් කිරීමේ ව්‍යුහයක් සකස් කොට ගැනීම වාර්තාවේ ගලා යාමකට ඉඩ සලසනු ඇත. එනම් මුල් පිටුවලට ගැළපෙන කරුණු ඊට පසු තවත් පිටුවලට ඇතුළත් නොවනු ඇත.
03. පරිච්ෙඡ්ද ආකාරයට වෙන් කොට ගෙන එක් එක් පරිච්ෙඡ්දවලට අයත් වන සේ අනුමාතෘකා සකස් කොට ගොනු කිරීම.
04. ඇතැම් කරුණු නිර්වචනය කිරීමට මීට වඩා විමර්ශනය කළ යුතු ව තිබුණි. උදාහරණයක් ලෙස සන්නිවේදනය යනු කුමක් ද? යනු සඳහා පිළිගත් නිර්වචන ඉදිරිපත් කළ යුතු ය.
05. රැුස් කර ගත් කරුණු සියල්ල එලෙස ම ගොනු නොකර ඒවායේ සාරංශයක් ගෙන පිළිවෙලට පෙළ ගැස්වීම.
06. පැහැදිලි අත් අකුරු ලිවිය නො හැකි නම් ඒ සඳහා වෙනත් විකල්පයක් භාවිත කිරීම. පරිගණකය උදව් කර ගැනීම හෝ පැහැදිලි අත් අකුරු ලිවිය හැකි අයකුගේ සහය ලබා ගැනීම.
07. අනවශ්‍ය මෝස්තර දැමීමෙන් වැළකීම සහ වාර්තාවකට ගැළපෙන ලෙස ඒවා යොදා ගැනීම.
08. ව්‍යාපෘතිය ආරම්භයේ දී, ක‍්‍රියාත්මක කිරීමේ දී, වාර්තාව ලිවීමේ දී සෑම අවස්ථාවක දී ම කිසියම් ආදර්ශයක් ලබා ගැනීමට උපදෙස් ලබා ගත යුතු ය. එසේ නොමැති නම් වෙනත් වාර්තා අධ්‍යයනය කර ඒ සඳහා අදහස් ගත යුතු ය.
කෙසේ නමුත් පාසල් සිසුවකු ලෙස මෙවැනි මාතෘකාවක් තෝරා ගෙන ඒ පිළිබඳ ව කරුණු රාශියක් ගොනු කිරීමට වෙහෙස ගෙන ඇත. එසේ ම මෙම ව්‍යාපෘති මාතෘකාව කාලීන අවශ්‍යතාවකි. එය අගය කළ යුතු ය.