Project – 33

මග යන මග

ව්‍යාපෘතිය- මාර්ග නීති රීති, මාර්ග සංඥා, දක්‍ෂුවම් ලැබිය හැකි අයුරින් වීථි/ මංමාවත් වලට හානි වන
ආකාර ආදිය පිළිබඳ ව තොරතුරු රැුස් කර පොතක ආකාරයෙන් සකස් කිරීම.

හැඳින්වීම- ශ‍්‍රී ලංකාවේ ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයේ බොහෝ අර්බුදකාරී අත්දැකීමෙන්ම අපි දනිමු. ආර්ථික,
සමාජීය වශයෙන් පහත් තත්ත්වයකට ශ‍්‍රී ලංකාව පත් වීම කෙරෙහි මෙම ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයේ
ගැටලූකාරී තත්ත්ව ද බලපා ඇත. මාර්ග අනතුරු සංඛ්‍යාව ඉහළ යාම, පරිසර ¥ෂණය ආදී
ගැටලූ නිසා බොහෝ ක්ෂේත‍්‍රවල දී රජයට දැරීමට සිදු වන වියදම් ආදිය ශ‍්‍රී ලංකාව වැනි
සංවර්ධනය නොවූ රටක සංවර්ධනයට ද විශාල බාධාවකි.

මේ සියලූ ගැටලූ පැන නැගී ඇත්තේ මාර්ග නීති රීති පිළිබඳ ව අවබෝධයක් නොමැති කම
හා දත් අයගේ නොසැලකිල්ල හේතු කොට ගෙන ය. මේ නිසා මාර්ග නීති රීති පිළිබඳ
දැනුවත් වීම හා ඒවා පිළිපැදීම සියලූ දෙනාටම කරන යහපතකි.

අරමුණු- යහපත් අනාගතයක් උදෙසා, සංවර්ධිත රාජ්‍යයක් ගොඩනැඟීම සඳහා ශ‍්‍රී ලාංකිකයන් ලෙස
අප සැමට වගකීමක් ඇත. එයට දායක වීමට මාර්ග නීති රීති පිළිබඳ ව දැනුවත් කිරීම හා
ඒවා පිළිපැදීම තුළින් ඔවුන්ටම යහපතක් වන බව ඒත්තු ගැන්වීම ශ‍්‍රී ලාංකිකයන් වන අප
සැමගේ යුතුකමකි.

ක‍්‍රියාත්මක කරන ආකාරය-

1ග මාර්ග නීති රීති පිළිබඳ ව ලියැවුනු පොත පතෙන්් තොරතුරු ලබා ගැනීම.
2ග මාර්ග නිති රීති වල අවශ්‍යතාවය සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන්ගෙන් අදහස් ලබා ගැනීම.
3ග ලබා ගත් තොරතුරු ඇසුරින් කෘතිය සම්පූර්ණ කිරීම.

මාර්ග නීති රීති අවශ්‍ය වන්නේ ඇයි?

ශ‍්‍රී ලංකාවේ මහා මාර්ග පිළිබඳ ව කතා කරද්දී කිව යුතු කරුණක් නම් මාර්ග අනතුරු සීඝ‍්‍රයෙන් ඉහළ යමින් පවතින බවයි. එමෙන්ම පරිසර ¥ෂණය, ඉන්ධන අපතේ යෑම ද සිදු වේ. මෙයට ප‍්‍රධානතම හේතුව වී ඇත්තේ මාර්ග නීති රීති, මාර්ග සංඥා ආදිය පිළිබඳ ව නොදැනුවත්කම හා ඒ පිළිබඳ නොසැලකිල්ලක් දැක්වීමයි. මෙවැනි මාර්ග අනතුරු සඳහා මහා මාර්ගවල ඇති දෝෂ ද බලපා ඇත.

සිදු වන මාර්ග අනතුරුවලට රියදුරන්, මගීන් මෙන්ම මාර්ග අලූත්වැඩියා කටයුතු කරන හා නව මාර්ග ගොඩනැගීම් සිදු කරන කම්කරුවන් හා ඊට සම්බන්ධ ඉහළ නිලධාරීන් ද වගකිව යුතු ය. ඔවුන්ගේ වංක ක‍්‍රියාකාරකම් නිසා අපහසුතාවට පත්වන්නේ මහජනතාවය. මාර්ග අනතුරක් සිදු වූ විටෙක බොහෝ අවස්ථාවල දී වැරදිකරු වන්නේ රියදුරා පමණි.

ඉහළ යන මාර්ග අනතුරු විශාල ප‍්‍රශ්නයක් වී ඇති මෙවන් අවධියක එම අනතුරුවලට වගකිව යුතු ලංකාවේ තවත් ප‍්‍රධාන අංශයක් ලෙස දකින්නේ පොලිස් නිලධාරීන්ය. මේ පිළිබඳ ව සඳහන් කළ යුතු කාරණයක් නම් ආත්මාර්ථකාමීත්වය උදෙසා තමන්ගේ රාජකාරිය හරිහැටි ඉටු නොකරන පොලිස් නිලධාරීන් නිසා මාර්ග අනතුරු සිදු වන බවයි. මහජනයා මෙවැනි පොලිස් නිලධාරීන් පිළිබඳ කතා කරන්නේ ඉතා පිළිකුලෙනි.

නොසිතූ වෙලාවන්හි නොසිතූ ආකාරයට රථවාහනවල සිදු වන බෝම්බ පිපිරීම් නිසා ද අද මහජනයා බියෙන් තැති ගෙන සිටිති. සැක කටයුතු දේ පිළිබඳ ව පොලිසිය දැනුවත් කිරීමට යන සමහර පුද්ගලයින්ට සිදු වන්නේ බැනුම් අසන්නටය. ඒ පොලිසියට අයත් රාජකාරීන් සිවිල් සමාජයට අයිති නැතැයි සමහර පොලිස් නිලධාරීන් පවසන නිසා ය. මෙහි දී පුද්ගලයෙක් බෝම්බයක් පුපුරන තෙක් පොලිසිය වෙත දැනුම් දීමට මැලි වෙයි.

මහජනයාගෙන් බොහෝ පිරිසක් අද දෝෂාරෝපණය කරන්නේ පොලිසියටයි. මෙහි දී පොලිසිය නිවැරදි වුවත් සමහර අවස්ථාවල මහජනයා දකින ඔවුන්ගේ වංකකම් හා අකාරුණික කම් නිසා ඔවුන්ව මහජනයා විසින් පිළිකුල් කෙරෙයි. මාර්ග අනතුරු සිදු වූ විට මැදිහත් වීමට සිදු වන්නේ පොලිසියටයි. නමුත් අනතුරු සිදු වීමට පෙර එම අනතුරු වැළැක්වීමට කටයුතු නොකර ඔවුන් වංකකම් සිදු කරනවා නම් මාර්ග අනතුරුවල අඩුවීමක් කිසිදා දැකිය නොහැක. මේ නිසා සෞඛ්‍ය අංශවලට ද විශාල මුදලක් මේ වෙනුවෙන් වැය කිරීමට සිදු වී ඇත.

මාර්ග නීති රීති පිළිබඳ ව නොදැනුවත්කම හා නොසැලකිලිමත් කම නිසා සිදු වන තවත් බර පතල ප‍්‍රශ්නයක් නම් පරිසර ¥ෂණයයි. දිගු වේලාවක් මාර්ග තදබදයට හසුවන රථ වාහනවලින් පිටවන දුම නිසා බොහෝ වායු ¥ෂණය වේ. මෙයින් පෘථිවියේ ආරක්ෂාවට ස්වභාව ධර්මයෙන් ලබා දී ඇති අපූරු ආවරණය වන ඕසෝන් ස්ථරය විනාශ වී යාමට ඇති ඉඩකඩ වැඩි වී ඇත. එමෙන්ම මෙම ප‍්‍රමාදය නිසා සීමිත සම්පතක් වන ඉන්ධන ද අනවශ්‍ය ලෙස නාස්ති වීම සිදු වේ.

ගැටලූ විසඳීමට මං

මාර්ග අනතුරු, පරිසර ¥ෂණය වැනි ප‍්‍රබල ගැටලූ අවම කර ගැනීමට විසඳුම් අප විසින් සොයා ගත යුතුය.

 අපට කළ හැකි එක් පිළියමක් නම් මහජනයා, විශේෂයෙන් රියදුරන් දැනුවත් කිරිමයි. මෙහි දී මහජනයා ඒකරාශී කර ගැනීම එතරම් අපහසු කාරණයක් ලෙස සිතිය යුතු නැත. උදාහරණයක් ලෙස මෑතක දී බස් රථවල බෝම්බ පිපිරීම් සම්බන්ධව පැවැත් වූ දැනුවත් කිරීමේ වැඩසටහන්වලට ඉතා හොඳ සහභාගීත්වයක් දැක ගත හැකි විය.

එසේත් නොමැති නම් තවත් ක‍්‍රමයක් ඇත. මෙයට යම් වියදමක් දැරිය යුතු නමුත් ඉහත සඳහන් ගැටලූ නිසා වියදම් වන මුදලට වඩා ඉතාමත් අඩු වියදමකින් මෙය කළ හැකි යයි විශ්වාස කළ හැකිය.

වර්තමානයේ බොහෝ පිරිසකගේ අවධානයට යොමු වී ඇති මාතෘකාවක් ලෙස පෞරුෂත්වය ගොඩනැගීම සඳහන් කළ හැකිය. මෙවැනි පෞරුෂත්වය පුහුණු වැඩමුළු ද සම`ග සම්බන්ධ කොට අපට අවශ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහන්වලට හොඳ සහභාගීත්වයක් ලබා ගත හැකිවාක් මෙන්ම අපට ඔවුන්ගේ සිත් තුළට කාවැද්දිය යුතු දෙය ද ලබා දිය හැකිය.

 තවත් ක‍්‍රමයක් ලෙස රූපවාහිනී මාධ්‍ය තුළින් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්විය හැකිය. මෙහි දී දේශන ආකාරයෙන් නොව ශ‍්‍රී ලාංකිකයන් වඩාත් කැමති ආකාරයකට, ටෙලි නාට්‍යයක් ලෙස , ප‍්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් ලෙස ආදියෙන් කළ හැකිය.

ටෙලි නාට්‍යයක් ලෙස කරන්නේ නම් හාස්‍ය ජනක ක‍්‍රියාකාරකම් මගින් පේ‍්‍රක්ෂකයාගේ සිතට තදින් දැනෙන ලෙස එය සිදු කළ හැකිය. එහිදී මහජනයා කරන වැරදි ද මෝඩ පුද්ගලයින් කරන ඒවා ලෙස ලේබල් කළ විට මහජනයා එම වැරදි සිදු වීම හිතා මතාම නවත්වා ගන්නට උත්සාහ කරයි.

ප‍්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් කරන්නේ නම් වර්තමානයේ රූපවාහිනී මාධ්‍යයේ ඉතා ජනප‍්‍රිය වැඩසටහන් ව පවතින සුපිරි තරු තේරීමේ වැඩසටහනක ආකාරයෙන් සිදු කළ හැකිය. වියදම් වන මුදල ආයෝජනයකි. තව ද නිවෙස්වල සිටිනා අයගෙන් ප‍්‍රශ්න කරන්නේ නම් පිළිතුරු කරුණු සොයා බලා විස්තරාත්මක ව ඉදිරිපත් කළ යුතුය ආදී කොන්දේසි ඇති ව ප‍්‍රශ්න කළ හැකිය.

 තවද රියදුරු බලපත‍්‍ර ලබා දීමේදී දැනට වඩා විධිමත් ක‍්‍රමයක් අනුගමනය කළ යුතුව ඇත. ඒ සඳහා යොදවා ඇති නිලධාරීන් එය අවංකව නියමිත ආකාරයට කරන්නේ දැයි පරීක්ෂා කළ යුතු අතර බලපත‍්‍ර ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයින් සඳහා පැවැත්වෙන පරීක්ෂණය දැනට වඩා ප‍්‍රායෝගික ක‍්‍රමයකට කළ යුතුය. එම පරීක්ෂණයේදී ප‍්‍රමිතියට යටත් නොවන පුද්ගලයින් සඳහා දැනුවත් කිරීම් ද කළ යුතුය.

පරිසර ¥ෂණයට පිළියමක් ලෙස මෝටර් රථවල දුම්බට තුළ උත්පේ‍්‍රරක පරිවර්තක සවි කිරීමට මහජනයා යොමු කළ යුතුය. මෙහිදීත් ඉහත කී තරඟයක ආකාරයකට කළ හැකිය. එනම් ඕනෑම මොහොතක ඕනෑම ස්ථානයකදී ඒවා පරීක්ෂා කිරීමට නිලධාරීන් යොමු කර එසේ උත්පේ‍්‍රරක පරිවර්තක තිබේ නම් යම් තිළිණයක් දෙන බවට ප‍්‍රචාරණයක් දිය හැකිය. (තිළිණය ලෙස දින කිහිපයක් තුළ දී තම රථයට ඉන්ධන මිලදී ගැනීමේදි කිසියම් ප‍්‍රමාණයක වට්ටමක් දීම වැනි රියදුරන්ට වටිනා දෙයක් දිය හැකිය* මෙම ක‍්‍රියාදාමය ටික කලක් කළ යුතු අතර ඒ සඳහා ම නිලධාරීන් පත් කළ යුතු නැත.

විද්වත් විවරණය
සංස්කාරක ම`ඩුල්ල
ගවේෂණ

මෙම ව්‍යාපෘතිය විමර්ශන ගණයට අයත් වේ. සිසුවිය තම ව්‍යාපෘතිය මගින් මාර්ග අනතුරු, මහා මාර්ග නිතී රීති සහ මාර්ග අනතුරු වැළක්විය හැකි විධි පිළිබඳ ව මහජනතාව දැනුවත් කළ හැකි ක‍්‍රම විමර්ශනය කර ඇත. එමෙන්ම ඇය තම ව්‍යාපෘතිය නිම කර ඇති ආකාරයෙන් එය දැඩි කැපවීමකින් හා උන්නදුවකින් කර ඇති බව පෙනෙන්ට තිබේ.

ව්‍යාපෘති යෝජනාව, ව්‍යාපෘති හැඳින්වීමේ දී ඉදිරිපත් කරන ලද කරුණූ සහ ඒ තුළින් බලාපොරොත්තු වන අරමුණු අතර පරස්පර බවක් දක්නට තිබේ. එනම් හැඳින්වීම තුළ ලේඛිකාව විසින් අවධාරණය කළ යුතුව තිබුණේ, මාර්ග නීති රීති පිළිබඳව නොදැනුවත්කම සහ ඒවාට අවනත නොවීම හේතු කොට ගෙන ලාංකේය සාමාජය මේ වන විට පත්ව ඇති අර්බුධකාරී තත්ත්වය පිළිබඳ ව යි.

ලේඛිකාව ඇගේ අදහස් ප‍්‍රකාශ කරනවාට වඩා පවතින තත්ත්වය තහවුරු කිරීම සඳහා අදාල වගකීම් දරණ රජයේ නිළධාරින් සමඟ සාකච්ඡුා කොට, ඔවුන්ගේ ප‍්‍රකාශ උපුටා දැක්වීමට හැකි වුවා නම් ව්‍යාපෘතිය තුළින් ඇය බලාපොරෙත්තු වූ අරමුණු වඩාත් සාක්ෂාත් කර ගැනීමට හැකිව තිබිණි. එහෙත් පුවත්පත් වල ප‍්‍රවෘත්ති උපුටා දැක්වීම තුළින් ගැටළුවේ බරපතලකම හුවා දැක්වීමට ගෙන ඇති උත්සහය සාර්ථක ය.

තම සේවය පැහැර හරින නිලධාරීන් සිටිය ද, තම සේවය නිසියාකාරව ඉටු කරන නිලධාරීන් සිටින බව ලේඛිකාව අමතක කොට ඇත.

ලේඛිකාව විසින් විශේෂයෙන් අවධානය යොමු කළ යුතුව තිබුණු කරණූ මඟ හැරීයාම තුළින් ව්‍යාපෘතියේ අරමුණු වලට හානියක් සිදු වී ඇත. උදාහරණ ලෙස නුපුහුණූ සහ සුදුසුකම් නැති පුද්ගලයන් රිය ධාවනය කිරීම, විශේෂයෙන්ම රියදුරු බලපත‍්‍ර ලබා දීමේ දී තිබිය යුතු ප‍්‍රමිතිය පිළිබඳ සැළකිලිමත් නොවීම, නුපුහුණූ සහ සුදුසුකම් නැති රියදුරන්ගේ බලපත‍්‍ර අහෝසි කිරීම ආදී කරුණූ නොසළකා හැර ඇත.

ජනමාධ්‍යයන්ට ඉටු කළ හැකි කාරයභාරය මීට වඩා ගැඹුරින් සාකච්ඡුා කළ යුතුව තිබිණි. එනම් මෙම ගැටලූවේ දී ජනමාධ්‍ය කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ නිසි පැහැදිලි කිරීමක් ලේඛිකාව විසින් සිදු කර නැත.

පරිසර දුෂණය පිළිබඳව ලේඛිකාව වැඩි අවධානය යොමු කර ඇති නිසා ඇය ඇගේ අරමුණූ වලින් බැහැරව ගොස් ඇති බව පෙනේ. මාර්ග නීති රීති නොපිළිපැදීම තුළින් යම් ආකාරයක පරිසර දුෂණයක් සිදු වුව ද ලේඛිකාව විසින් ඉදිරිපත් කරනු ලැබු කරුණ තුළින් ඇය ඇගේ ව්‍යාපෘතිය වෙනත් මඟකට ගෙන ඇත.

ඉහත සඳහන් කළ පරිදි මෙම ව්‍යාපෘතියේ යම් යම් අඩු ලූහුඩුකම් තිබුණ ද මහා මාර්ග භාවිතයේ දී රියදුරන් මෙන්ම පදිකයන්ට ද බලපාන සියලූම නීති රිතී පිළිබඳ සවිස්ත්රව පැහැදිලි කිරීම තුළින් ව්‍යාපෘතියේ අරමුණූ කරා යම් තාක් දුරට ළඟා වීමට ලේඛිකාව හට හැකි වී ඇත.