Project – 32

ළමා කායික දණ්ඩනය අවශ්‍යම ද?

අරමුණු
පාසල් විෂය නිර්දේශයට අනුකූල වන ව්‍යාපෘතිය සැකසීම සඳහා ළමා කායික දණ්ඩනය අවශ්‍යම ද යන මාතෘකාව තෝරා ගැනීම සඳහා පසුබිම් වූ අරමුණු ගණනාවක්ම පවතී.
එනම්,
x ළමා කායික දණ්ඩනය හා ළමා අතවර සමාජයෙන් මුළුමනින්ම ඉවත් කර දැමීම යහපත් කරුණකි. අනාගතයේ ළමා ලෝකය යහපත් අතට ගැනීමට පාසල් සිසුවියක ලෙස දායක වීම.
x ළමයින්්ගේ බාහිර මෙන් ම අභ්‍යන්තර ක‍්‍රියා අධ්‍යයනය කිරීම.
x ළමා කායික දණ්ඩනයේ අයහපත් ප‍්‍රතිඵල අවබෝධ කිරීම.
x මේ පිළිබඳ ව සාර්ථක අධ්‍යයනයක යෙදීම.
x කේවල ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීම.
x මෙය ග‍්‍රන්ථයක් ලෙස සකස් කර සාර්ථක ව නිමා කිරීම තවත් අරමුණකි.

ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කළ ආකාරය
1ග සුදුසු මාතෘකාවක් තේරීම.
2ග මාතෘකාව අනුමත කර ගැනීම.
3ග ව්‍යාපෘති යෝජනාව සැකසීම.
4ග යෝජනාව අනුමත කර ගැනීම.
5ග අවශ්‍ය තොරතුරු සපයා ගැනීම.
6ග තොරතුරු ක‍්‍රමවත් ව සැකසීම.
7ග අවශ්‍ය පින්තූර සොයා ගැනීම.
8ග ව්‍යාපෘතිය සැකසීම.
9ග පිට කවර නිර්මාණය.
10ග ව්‍යාපෘතිය සකසා නිම කිරීම.
11ග ව්‍යාපෘතිය ඉදිරිපත් කිරීම.

හැඳින්වීම
ළමා කායික දණ්ඩනය ඇත්තටම අවශ්‍ය ම කාරණයක් ද යන්න සොයා බලා පැහැදිලි කර ගැනීම සඳහා මෙය ඉවහල් වේ. ළමයින්ට අනවශ්‍ය අයුරින් වද හිංසා පැමිණ වීම කායික දක්‍ෂුවම් වශයෙන් ගත හැකි ය. මෙය වර්තමාන සමාජයේ කාලීන ගැටලූවක් බවට පත් වී ඇත. මෙම ගැටලූව සමාජයෙන් ඉවත් කළ යුතු වුව ද අද සමාජයේ බහුල ව සිදු වන වරදකි. මෙම ව්‍යාපතිය මගින් ළමා කායික දණ්ඩනය, ළමා අතවර පිළිබඳ ව අධ්‍යයනය කෙරේ.
අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ නව නිර්දේශයට අනුකූල ව පවතින ව්‍යාපෘතියට මා විසින් තෝරා ගන්නා ලද්දේ ළමා කායික දණ්ඩනය අවශ්‍ය ම ද යන මාතෘකාව ඔස්සේ අධ්‍යයනය කිරීමයි. මෙය කාලීන වශයෙන් වර්තමාන සමාජයේ පවතින ප‍්‍රබල ගැටලූවක් වශයෙන් හැඳින්විය හැකි ය. වර්තමාන සමාජය දෙස බලන විට ළමා කායික හිංසනය ඉතා වැඩි වශයෙන් දැක ගත හැකි ය.
ළමා කායික දණ්ඩනය ඇත්තටම අවශ්‍ය කාරණයක් ද යන්න පැහැදිලි කිරීම මින් සිදු වේ. දරුවන්ට අනවශ්‍ය අයුරින් වද හිංසා පැමිණ වීම කායික දක්‍ෂුවම් වශයෙන් හැඳින්විය හැක. සමාජයෙන් ඉවත් කළ යුතු කරුණක් වුව ද මෙය සමාජයේ බහුල ව සිදු වන දෙයකි. වරද පිළිබඳ ව නියම ආකාරයෙන් ළමයාට අවබෝධ කර නොදී ආවේගශීලී ව ළමයෙකුට තැලීම යුක්ති සහගත නො වේ.
ළමා කායික දණ්ඩනය, ළමා අතවර පිළිබඳ ව හඳුන්වා දීම මෙම ව්‍යාපෘතියෙන් සිදු වේ. ළමා කායික දණ්ඩනය අවශ්‍ය ම ද යන මාතෘකාව ඔස්සේ සිදු කරන ලද ව්‍යාපෘතියේ හැඳින්වීම ඉහත සඳහන් පරිදි ය.

1ග කායික දක්‍ෂුවම් අප සංස්කෘතියට ආවේණික උරුමයක් ද?
පැරණි සිංහල රජවරුන් වරදකරුවන්ට විවිධ වද හිංසා පැනවූ බවට සාක්ෂි ඇතත්, දරුවන්ට වද හිංසා පැනවූ බවට කරුණු ඇත්තේ ඉතා අල්ප වශයෙනි. වෝහාරික තිස්ස රජු කායික දක්‍ෂුවම් ඉවත් කිරීමට නීති රීති පවා පනවා තිබූ බවත්, දෙවන විජයබාහු රජු කාරුණිකත්වයට මුල් තැන දී කටයුතු කළ බවත්, තුන් වන විජයබාහු රජු ඔහුගේ කාරුණිකත්වය විශේෂයෙන් ම දරුවන් වෙත යොමු කළ බවත් ඉතිහාසයේ සඳහන් වේ.
ශ‍්‍රී ලංකා ඉතිහාසය පුරා කායික දක්‍ෂුවම් ඉතා අල්ප වශයෙන් දැකිය හැක්කේ පිරිවෙන් අධ්‍යාපන හා බෞද්ධ භික්ෂූන්ගේ මාර්ගෝපදේශනයෙන් ලත් පෝෂණය තුළිනැයි පෙනේ. සියලූ සත්වයෝ කායික දණ්ඩනයට බිය වෙතැයි ද එහෙයින් ම තමා උපමාවට ගෙන අනුන්ට හිංසා කිරීමෙන් වළකින ලෙසද ධම්ම පදයේ සඳහන් වේ. අප සංස්කෘතියේ වූ බෞද්ධ සාරධර්ම මගින් සමාජය තුළ නිසැකව ම ළමා ආරක්ෂාව තහවුරු කර තිබුණි. අතීත ශ‍්‍රී ලංකාව එසේ තිබෙන වකවාණුවේ සමකාලීන යුරෝපයේ පාසල්වල කායික දක්‍ෂුවම් යන්න කවුරුත් යොදා ගත් ඉතා ම සාමාන්‍ය දෙයක් වී තිබුණි. එනිසා මෙරටට පැමිණි විදේශිකයන් මෙරට පාසල්වල ද විශේෂයෙන් ම කායික දක්‍ෂුවම් ක‍්‍රියාත්මක කිරීම අරඹන්නට ඇතැයි අනුමාන කළ හැකි ය.
වරද පිළිබඳ ව නියම ආකාරයෙන් දරුවාට අවබෝධ කර නො දී ආවේගශීලී ව දරුවෙකුට තැලීම යුක්ති සහගත දැයි සිතා බැලිය යුතුය.

2ග වැඩිහිටියන් විසින් තම දරුවන්ට පහර දීමට පෙළඹෙන ප‍්‍රධාන හේතු හතරකි.

x වැඩිහිටියෝ කලකිරීමට හා තරහට පත් වූ විට දරුවන්ට පහර දෙති.
x දරුවන් නිවැරදි කිරීම සඳහා වැඩිහිටියෝ දරුවන්ට පහර දෙති.
x එකට එක කිරීම හෙවත් පළිගැනීමක් ලෙස වැඩිහිටියෝ දරුවන්ට පහර දෙති.
x වැඩිහිටියෝ දරුවන්ට අනතුරකින් වළක්වා ගැනීමට දරුවන්ට පහර දෙති.
මෙලොවට දරුවන් බිහි කරන්නේ දෙමව්පියන් වුව ද දෙමව්පියන්, වැඩිහිටියන් විසින් පමුණුවන කායික හා මානසික හිංසාවන්ගෙන් සුරැුකීමේ අයිතිය දරුවන්ට ඇත. ශ‍්‍රී ලංකාව ද අත්සන් තබා ඇති එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය මෙන් ම 1995 දී සංශෝධිත අපරාධ නීති සංග‍්‍රහයට ද අනුව සෑම වැඩිහිටියෙකුට මෙන් ම සෑම ළමයෙකුට ම ද තනි පුද්ගලයෙකුට මෙන් සැළකීම ද, ගෞරවය හා නීතියෙන් ආරක්ෂාව ලබා දීම ද සිදු විය යුතුය.

3ග ළමා අතවර යනු

x අනවශ්‍ය ලෙස තරවටු කිරීම.
x අනවශ්‍ය ලෙස සමච්චලයට ලක් කිරීම.
x අසභ්‍ය ක‍්‍රියාවලට යොමු කිරීම.
x ළමයාව අයුතු ලෙස ස්පර්ශ කිරීම.
x තමාව අයතු ලෙස ස්පර්ශ කිරීමට ළමයාට බල කිරීම.
x ළමයාගේ ආත්ම විශ්වාසය පලූදු කිරීම.
x ළමයින් මෙහෙකාර සේවයේ යෙදවීම.
x ළමයාට ඇහුම්කන් නොදීම.
x ළමයා බලාපොරොත්තු වන ආදරය ලබා නොදීම.
x ළමයින් පාසල් නොයැවීම.
x ළමයා අනාරක්ෂිත ව තැබීම.
x ළමයාගේ ලෙඩ දුක් ගැන නොසළකා හැරීම.
x වරදට පෙලඹවීම හා අනතුරක් සිදු වීමට ඉඩ තැබීම.
x ළමයාගේ ඇඳුම් පැළඳුම් හා පවිත‍්‍රතාවය පිළිබඳ ව සැළකිලිමත් නොවීම.
x මානසික හා ශාරීරික පීඩාවට ලක් වන ලෙස දක්‍ෂුවම් කිරීම.
x ළමයා තම නිවස තුළ ම මෙහෙකාරියක් වීම නිසා අධ්‍යාපනයට/ ක‍්‍රීඩාවට කාලය නොමැති වීම.
x මානසික පීඩනය සමනය කර ගැනීමට ළමයාට වද හිංසා කිරීම.

4ග දරුවන්ට කායික දක්‍ෂුවම් පැමිණ වීමෙන් වැළකිය යුත්තේ ඇයි?
කායික දක්‍ෂුවම් පැමිණ වීම වේදනාව හා තුවාල ඇති කරයි. දරුවා ලැජ්ජාවට හා අවමානයට පත් කරයි. දරුවා තුළ සාංකාව, වෛරය හා ද්වේශය මතු කරයි. මෙවැනි හැඟීම් පසු කාලීනව මානසික ගැටලූ ඇති කරවිය හැකි ය. එනම් කායික දක්‍ෂුවම් මගින් දරුවන්ට මානසිකව ද වේදනාව හා තුවාල ඇති කරයි. එය වඩාත් බරපතලය.
බොහෝ විට ශාරීරිකව පමුණු වන වද හිංසා දරුවන් ප‍්‍රචණ්ඩත්වයට යොමු කරවීමට මුල් වන බව පෙනේ. කුඩා කළ වද හිංසාවන්ට ගොදුරු වූවන් පසු කාලීනව තම අඹු දරුවන්ට ශාරීරිකව පීඩා පමුණුවන හෝ දිවි නසා ගැනීමට ප‍්‍රවනතාවයක් ඇති පුද්ගලයන් බවට හෝ දෙකම සිදු කර ගන්නා වූ හෝ අය බවට පත්විය හැකි ය.
සියලූ සත්වයෝ දක්‍ෂුවමට බිය වෙති
සියල්ලෝම මරණයට බිය වෙති
සියලූ සත්වයෝම ජීවිතයට ආසා කරති
එහෙයින් තමාව උපමාවට ගන්න
එවිට ඔබට කුමන හිංසාවක් කා හට කළ හැකි ද
-ධම්ම පදය-

5ග ළමා ශාරීරික දණ්ඩනය වැළැක්වීමට සමාජයට කළ හැක්කේ කුමක්ද?
දරුවන් හික්මවීමට ඇති වගකීම හා එහිදී පැන නගින ගැටලූ ගුරුවරුන්් නමැති එක් වැඩිහිටි කොටසක් මත පමණක් පැමිණ වීම නොකළ යුත්තකි. ජන සමාජයේ සෑම වැඩිහිටියකු පාහේ ම දරුවන්ව වඩා ඵලදායී හා සුභවාදීව හික්මවීම් විධි ක‍්‍රම සම්බන්ධයෙන් දැනුවත් වීම හා එයට සහයෝගය දැක්වීම සිදු කළ යුතු වේ. හික්මවීම් විධි ක‍්‍රම එක් අයෙකුට පමණක් ස්ථාපිත කළ නොහැක්කකි. එය නිවැරදි වැටහීමක් සම`ග සමාජය තුළින් ම ඇති විය යුත්තකි. ගුරුවරුන්, දෙමව්පියන්, දරුවන් ආදී වූ සෑම අයෙකු තුළ ම හික්මීම හා හික්මවීම යනු කුමක් ද? යන්න පිළිබඳ සාමාන්‍ය වැටහීමක් නැතුවා නොවේ. එහෙත් වඩා ඵලදායී හා සුබවාදී ඉලක්කයක් කරා යාමේ දී නිවැරදි මග පෙන්වීමක් හා ආගමික, නිතිමය හා ජනමාධ්‍ය අංශ ඇතුළු ව සමස්ත සමාජයේම සහයෝගය ලැබීම අත්‍යාවශ්‍ය කරුණකි.
දරුවන්ගේ විනය හා හික්මීම සම්බන්ධ ගැටලූ පැන නැගීම සඳහා හේතු රාශියක් තිබිය හැකි ය. සමස්ථ සමාජයම මේ ගැන මඳක් සිතා බලන්නේ නම් එම ගැටලූ පිළිබඳ ව මනා වැටහීමක් ඇති කර ගැනීම එතරම් අපහසු කටයුත්තක් නොවේ.

නිගමනය
උසස් පෙළ පාසල් විෂය නිර්දේශයට අනුකූල වන ව්‍යාපෘතිය සැකසීමේ දී ළමා කායික දණ්ඩනය අවශ්‍යම ද? යන මාතෘකාව යටතේ සැකසූ මෙම ව්‍යාපෘතිය අවසානයේ නිගමන සහ යෝජනා ලෙස පහත දැක්වෙන කරුණු ඉදිරිපත් කළ හැක.
x සමාජයේ වැඩි අවධානය ළමයින් කෙරේ යොමු කරවීම.
x අනාගත ළමා ලෝකය වර්තමානයට වඩා යහපත් කරවීම.
x වැඩිහිටියන් දැනුවත් කරවීම.
x රජයේ අවධානය ළමයින් කෙරේ වැඩි වශයෙන් යොමු වීම.
x ළමයින්ගේ බාහිර මෙන් ම අභ්‍යන්තර ක‍්‍රියාවන් පුළුල් ව අධ්‍යයනය කිරීම මගින් ඔවුන් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම.
සාරාංශය
ව්‍යාපෘතියේ අරමුණු හා අභිමතාර්ථ
x ළමා කායික දණ්ඩනය හා ළමා අතවර සමාජයෙන් මුළුමනින් ම ඉවත් කර දැමීම යහපත් කරුණකි. අනාගතයේ ළමා ලෝකය යහපත් අතට ගැනීමට පාසල් සිසුවියක් ලෙස දායක වීම.
x ළමයින්ගේ බාහිර මෙන් ම අභ්‍යන්තර ක‍්‍රියාවන් අධ්‍යයනය කිරීම.
x ළමා කායික දණ්ඩනයේ අයහපත් ප‍්‍රතිඵල අවබෝධ කිරීම.
x මේ පිළිබඳ ව සාර්ථක අධ්‍යයනයක යෙදීම.
x කේවල ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීම.
x මෙය ග‍්‍රන්ථයක් ලෙස සකස් කර සාර්ථක ව නිම කිරීම.

යොදාගත් සම්පත්
ගුරුභවතුන්
දෙමාපියන් මානව
සොයුරිය
ග‍්‍රන්ථ
පුවත්පත්
පුස්තකාලය ආයතනික

ක‍්‍රියාත්මක කළ ආකාරය
12ග සුදුසු මාතෘකාවක් තේරීම.
13ග මාතෘකාව අනුමත කර ගැනීම.
14ග ව්‍යාපෘති යෝජනාව සැකසීම.
15ග යෝජනාව අනුමත කර ගැනීම.
16ග අවශ්‍ය තොරතුරු සපයා ගැනීම.
17ග තොරතුරු ක‍්‍රමවත් ව සැකසීම.
18ග අවශ්‍ය පින්තූර සොයා ගැනීම.
19ග ව්‍යාපෘතිය සැකසීම.
20ග පිට කවර නිර්මාණය.
21ග ව්‍යාපෘතිය සකසා නිම කිරීම.
22ග ව්‍යාපෘතිය ඉදිරිපත් කිරීම.

නිගමන
x සමාජයේ වැඩි අවධානය ළමයින් කෙරේ යොමු කර වීම.
x අනාගත ළමා ලෝකය වර්තමානයට වඩා යහපත් කර වීම.
x වැඩිහිටියන් දැනුවත් කරවීම.
x රජයේ අවධානය ළමයින් කෙරේ වැඩි වශයෙන් යොමු වීම.
x ළමයින්ගේ බාහිර මෙන් ම අභ්‍යන්තර ක‍්‍රියාවන් ප‍්‍රචලිත ව අධ්‍යයනය කිරීම මගින් ඔවුන් පිළිබඳ ව අවබෝධයක් ලබා ගැනීම.

විද්වත් විදුහල
ළමා කායික දණ්ඩනය අවශ්‍යම ද?
ඩබ්. පී. ශ‍්‍රීයන්ති සුජීවා ආරියරත්න
උසස් පෙළ කලා අංශය-2007
ජාතික පාසල, දෙහි ඕවිට.

ළමා මනෝ විද්‍යා විෂය පුළුල් වීම, ළමා ප‍්‍රඥප්තිය හා ළමා අයිතිවාසිකම් ප‍්‍රකාශයට පත් කිිරීම වැනි දෑ නිසා ළමා අවධිය සුන්දර කාල පරිච්ෙඡ්දයක් බවට පත් කිරීම සඳහා අවශ්‍ය පසුබිම සකස් වී ඇත. ළමා පෞරුෂ සංවර්ධනයේ දී ඒ සඳහා වඩා උචිත ක‍්‍රම මෙන් ම දියුණු ක‍්‍රමවේද පිළිබඳ දැනුවත් වීම සඳහා වර්තමානයේ සම්පත් බහුල ය. තාක්ෂණික මෙවලම් මෙන් ම ජනමාධ්‍ය නිසා එය තව දුරටත් පුළුල් වී ඇත. මෙවන් වාතාවරණයක දී වුව ද ළමා කායික දණ්ඩනය තවමත් දක්නට ලැබේ. ජන මාධ්‍ය තොරතුරුවලින් එය වඩා සනාථ වේ. එබැවින් ඒ පිළිබඳ ව විවරණයක යෙදීම කාලෝචිත ය. එමගින් වැඩිහිටියන් අවදි වීම මගින් ළමා ලෝකය වඩා සුන්දර ස්ථානයක් කිරීමට පිටු වහලක් වන්නේ ය. එම නිසා මෙම මාතෘකාව ව්‍යාපෘතියකට කාලෝචිත ය.
විවරණය
සිසුවියක ලෙස ළමා ලෝකය පිළිබඳ ව අවධානය යොමු කිරීම අගය කළ යුක්තකි. ළමා ලෝකයේ සිදු වන අසුන්දර දෙයක් ලෙස කායික දණ්ඩනය හැඳින්විය හැකි ය. එබැවින් ළමා ලෝකය සුන්දර කිරීම සඳහා මෙවැනි මාතෘකාවක් පිළිබඳ ව විවරණයක යෙදීම ප‍්‍රයෝජනවත් ය.
මෙම ව්‍යාපෘති මගින් කායික දක්‍ෂුවම් අප සංස්කෘතියට ආවේණික උරුමයක් ද? වැඩිහිටියන් විසින් තම දරුවන්ට පහර දීමට පෙලඹෙන හේතු, දරුවන් නොමග යාමට හේතු පිළිබඳ ව මෙන් ම, දරුවෙකුගේ නොසන්සුන් හැසිරීම් හා පාසලේ වැඩට දක්වන අදක්ෂතාවන්ට හේතු විමර්ශනය කර ඇත. දරුවෙකුගේ ගැටලූවක දී මැදිහත් විය හැකි ක‍්‍රම කීපයක් ද ඉදිරිපත් කර ඇත. ළමා අතවර යන්න පිළිබඳ ව අදහස් කරනු ලබන සාධක රාශියක් ද පෙළගස්වා ඇත.
මෙම අධ්‍යයනයේ අරමුණු හා පර්යේෂණාත්මක තොරතුරු අතර නොගැළපෙන අවස්ථා දක්නට ලැබේ. ර්‍ණළමා කායික දණ්ඩනය” පිළිබඳ ව තොරතුරු ගවේෂණය කිරීම මීට වඩා පුළුල් විය යුතු ය.
ර්‍ණකායික දණ්ඩනය” යනුවෙන් අදහස් කෙරෙන්නේ කුමක් ද යන්න පාඨකයාට පැහැදිලි අවබෝධයක් ලබා ගැනීම මෙම ව්‍යාපෘතියෙන් ඉටු වී නැත. කායික දක්‍ෂුවම් අප සංස්කෘතියට ආවේණික උරුමයක් ද යන්න විමර්ශනය කිරීම සඳහා අරමුණු පෙළ ගැස්වීමක් දක්නට නොලැබුණ ද එය විමර්ශනය කිරීම අරමුණුවලින් බැහැර වීමකි.
වැඩිහිටියන් විසින් තම දරුවන්ට පහර දීමට පෙලඹෙන ප‍්‍රධාන හේතු සොයා ගැනීම සාහිත්‍ය විමර්ශනයකින් සිදු වී නම් මීට වඩා විශ්වසනීය වනු ඇත. එසේ ම ඒ පිළිබඳ ව විවරණය ද ප‍්‍රමාණවත් නැත. දරුවන් නොමග යාමට හේතු මෙන් ම, දරුවෙකු විනයෙන් හා ඉගෙනීමෙන් පසු බසින විට, නම් මාතෘකා යටතේ ද තව දුරටත් විමර්ශනය කිරීම අවශ්‍ය වේ. ර්‍ණළමා අතවර” යනු කුමක් දැයි මෙම ව්‍යාපෘති වාර්තාවේ අවසාන පරිච්ෙඡ්ද සඳහා ඇතුළත් කිරීම නොගැළපේ.
මෙම ව්‍යාපෘතිය මීට වඩා සාර්ථක වීමට නම්, අරමුණු පැහැදිලි ව හඳුනා ගත යුතු ව තිබුණි. එම අරමුණු, අධ්‍යයනය සඳහා අවශ්‍ය මාවත හෙළි පෙහෙළි කරනු ඇත. මාතෘකාවේ අන්තර්ගතය පිළිබඳ ව පාඨකයාට පැහැදිලි අවබෝධයක් ද ලබා දිය යුතු ව තිබුණි. එසේ අවබෝධයක් ලබා දීම සඳහා මෙන් ම ව්‍යාපෘතියේ අන්තර්ගතය පිළිබඳ ව අධ්‍යයනයක යෙදිමත් ඒවා වාර්තා කිරීමත් සඳහා මීට වඩා සම්පත් උපයෝගී කර ගත්තේ නම් ව්‍යාපෘතිය සාර්ථක වනු ඇත. ග‍්‍රන්ථ හා පුවත්පත් විමර්ශනය කිරීමෙන් එයට පිටුවහලක් විය හැකි ව තිබුණි. එවිට අධ්‍යයනය පිළිබඳ ව පැහැදිලි හා ගැඹුරු දැනුමක් පාඨකයාට ලැබෙනු ඇත.
කෙසේ නමුත් සිසුවියක ලෙස මෙවැනි මාතෘකාවක් තෝරා ගෙන ඒ පිළිබඳ ව සැලකිය යුතු වාර්තා හා පැහැදිලි කිරීම් ගොනු කොට තිබීම ළමා සංවර්ධනය සඳහා යම්කිසි දායකත්වයක් ලබා දෙන නිසා මේ ව්‍යාපෘතිය කාලීන වුව කැයි නිගමනය කළ හැකි ය.
කේ. වී. සුදර්මා හරිශ්චන්ද්‍ර
ප‍්‍රාථමික ගුරු උපදේශිකා
දෙහි ඕවිට