Project – 31

ඉහළ යන මාර්ග අනතුරු
මාර්ග ආරක්‍ෂාව පිළිබඳ දීප ව්‍යාප්ත තරඟාවලියේ ප‍්‍රථම ස්ථානය දිනාගත් ව්‍යාපෘති වාර්තාව

හැ`දින්වීම

මාර්ග අනතුරු අද සමාජ මාතෘකාවක් වී හමාර ය. මිනිසුන්ගේ නොසැලකිලිමත් භාවය හා අතපසුවීම් රිය අනතුරු සිදු වීමට බලපාන ප‍්‍රධාන සාධක වේ. මේ පිළිබඳ ව කිසිවිටකවත් මිනිස් මොළයට නොවැටහේ. මන්ද මේ පිළිබඳ ව සොයා බැලීම කණගාටුදායක ලෙස අඩු වී ඇත. මිනිසාගේ කාර්ය බහුලතාව වැඩි වීම, රිය අනතුරු සිදු වීමට හා එහි වර්ධනය වැඩි වීමට බලපා ඇති සේ ම ඒ පිළිබඳ සොයා බැලීම් අඩු වීමට ද හේතු වී තිබේ.

තවද මාර්ග අනතුරු/රිය අනතුරු සිදු වීමට හේතු සාධකයක් ලෙස ස්වභාවික කි‍්‍රයාකාරකම් දැක්විය හැකි ය. එක අතකින් බැලූ විට මෙයට හේතුව ද මිනිසාගේ කි‍්‍රයාකාරකම් ය. ස්වභාවධර්මයාගේ හැසිරීමේ රටාව වෙනස් වීමෙන් ද සිදු වන රිය අනතුරු, මාර්ග අනතුරු බොහොමයකි. රිය අනතුරු අවම කර ගැනීම සඳහා ඔබට ද අපට ද එකට එකතු වී කි‍්‍රයා කළ හැකි ය. මන්ද මෙහි ප‍්‍රධාන සාධකය අප ම වන නිසා ය. රිය අනතුරු සිදුවීමට හේතු ව, රිය අනතුරු අවම කර ගත හැකි විවිධ ක‍්‍රම මෙම ව්‍යාපෘතිය අධ්‍යනය කිරීමෙන් ඔබට ලබා ගත හැකි ය.

අරමුණු

x වර්තමානයේ රිය අනතුරුවල වර්ධනය වැඩි වීමට හේතු වී ඇති කරුණු සොයා බැලීම.

x ඉහළ යන මාර්ග අනතුරුවලින් මිනිසාට සිදුවන අයහපත් ප‍්‍රතිඵල පිළිබඳ දැනුවත් කිරීම.

x රිය අනතුරුවලින් සෞඛ්‍ය සේවකයන්ට සිදු වන බලපෑම අවම කිරීම

x මාර්ග අනතුරු සිදුවීම තුළින් ගිනි ගැනීම් පිපිරීම් ඇති වේ. මෙයින් විශාල ශබ්දයක් දුමක් වායුගෝලයට නිකුත් වේ. මෙසේ වායුගෝලය විනාශ වීමකට ලක් වේ. මෙසේ වීම වළක්වා ගැනීම සඳහා රිය අනතුරු සිදුවීම වළක්වාලීමට ජනයා දැනුවත් කිරීම.

x මෙම ව්‍යාපෘතිය මගින් රිය අනතුරු අවම කර ගැනීමට සහය වීම.

යෝග්‍යතා පිරික්සුම

මාර්ග අනතුරු අද සමාජ පිළිලයක් වී හමාර ය. මෙය කාගේත් කතා බහට ලක්වන මාතෘකාවකි. මෙම මාතෘකාව දෙස අවධානය යොමු කරන විට එදා තිබූ තත්ත්වයට වඩා අද තත්ත්වය අවදානම් වී ඇති බව පෙනේ. බීමත් ව රිය පැදවීම, වේගවත් ව රිය පැදවීම, නොසැලකිලිමත් කම, අතපසුවීම්, පාරේ නිවැරදි ව නිවැරදි පැත්තෙන් ගමන් නොකිරීම, ස්වාභාවික විපත්, ආරක්‍ෂක වැඩ සටහන් නිසි ලෙස කි‍්‍රයාත්මක නොකිරීම රිය අනතුරුවලට ප‍්‍රධාන හේතුවයි.

රිය අනතුරු වැඩි වීමට තවත් හේතුවකි, ඒ පිළිබඳ අවබෝධයක් නොතිබීම. මේ පිළිබඳ ප‍්‍රජාව දැනුවත් කිරීම අද කළ යුතු හොඳ ම
කි‍්‍රයාවයි. මේ ව්‍යාපෘතිය සැකසීමෙන් බලාපොරොත්තු වන්නේ ද එයයි.

ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කරන ආකාරය

පියවර අංක 01
2007-8-8 දින නිවාසවලට ගොස් රිය අනතුරුවලට හේතුව, ඔවුන්ගේ අදහස් වීමසීම හා 2007-8-20 දක්වා පුස්තකාලයට ගොස් පොත් පත් පරිශීලනය කර එම පොත්වලින් ද තොරතුරු ලබා ගැනීම.

පියවර අංක 02
2007-8-21 වන දින සිට 2007-9-22 දින තෙක් මාර්ග අවට ගවේෂණයක යෙදමින් නිරීක්‍ෂණය කර, වාර්තාව සකසා ගැනීම

පියවර අංක 03
2007-9-24 වන දින සිට එම මස 30 වන දින දක්වා පුවත්පත් ඇසුරින් ඒවායේ තොරතුරු ලබා ගැනීම.

පියවර අංක 04
2007-10-01 දින සිට 2007-10-10 දක්වා වාර්තාව පිළියෙළ කිරීම හා පිටු කිහිපයක වැඩ (පළමු පිටු කිහිපය* අවසන් කිරීම.

පියවර අංක 05
2007-10-11 වන දින රෝහලට ගොස් රිය අනතුරු පිළිබඳ වාර්තාවක් ලබා ගැනීම, ලබාගත් තොරතුරු ක‍්‍රමානුකූල සැලැස්මකට සැකසීම 2007-10-12 වන දින සිට 2007-10-20 තෙක් සිදු කිරීම.

පියවර අංක 06
2007-10-20 දින සිට 2007-10-30 දක්වා ව්‍යාපෘතියේ වැඩ නැවත ආරම්භ කිරීම හා එම වැඩවලින් 60% ප‍්‍රමාණයක් සිදු කිරීම.

පියවර අංක 07
2007-11-03 වන දින නැවත වැඩ ආරම්භ කර සියලූම පිටු වල අංක, රාමුව සකසා 2007-11-04 වන දින අවශ්‍ය අනෙකුත් සම්පත් සපයා ගනිමින් ව්‍යාපෘතියේ වැඩ 80% ක් පමණ නිම කිරීමට හැකි විය. 2007-11-05 දින පොලිස් වාර්තාව ලබා ගත් අතර 2007-11-06 සිට 2007-12 – 10 දින දක්වා කාලය තුළ ව්‍යාපෘතියේ වැඩ නිම කර ගැනීමට හැකි විය.

භාවිත කළ ක‍්‍රමවේදය

මෙම ව්‍යාපෘතිය සකස් කිරීමේ දී ප‍්‍රධාන වශයෙන් ම භාවිත කළ ක‍්‍රමවේදය ගවේෂණ ක‍්‍රමවේදයයි.

මෙහි දී මාර්ග ප‍්‍රධාන කොට ගෙන ගවේෂණයක යෙදීමට කටයුතු කළ අතර නිවාසවලට ගොස් ඔවුන්ගේ අදහස් විමසුමක් ද සිදු කළෙමි.

ඉන්පසුව පුවත්පත් අධීක්‍ෂණයක ද යෙදුණු මම පොලිස් ස්ථානයට ගොස් එම නිලධාරීන්ගේ ද උදව් ලබා ගත්තෙමි. රෝහලට යෑමට තීරණය කර රෝහලේ සේවකයන්ගේ ද සහයෝගය ඇති ව මෙම ව්‍යාපෘතිය සැකසීමට තීරණය කළෙමි.

නිගමන

රිය අනතුරුවලට ප‍්‍රධාන සාධකය මිනිසා ය. මේ පිළිබඳ නිසි අවබෝධයක් නොවීම රිය අනතුරු වලට එක් හේතුවකි.
රිය අනතුරුවලට ස්වභාව ධර්මයාගේ කි‍්‍රයාවලිය ද බලපායි.
රිය අනතුරු නොදැන කිරීම සහ වුවමනාවෙන් කිරීම ලෙස කොටස් කළ හැක.
නිලධාරීන්ගේ නොසැලකිලිමත්භාවය නිසාද රිය අනතුරු සිදු වේ.
වාහනවල දෝෂ තිබීම නිසා ද මාර්ග අනතුරු සිදු වේ.

රිය අනතුරු අවම කර ගැනීම සඳහා යෝජනා

x රිය අනතුරු පිළිබඳ ප‍්‍රජාව දැනුවත් කිරීම.

x බීමත් ව සහ වේගවත් ව රිය පදවා මාර්ග නීති කඩන පුද්ගලයන්ට දැඩි දඬුවම් පැමිණ වීම.

x පාලම් ආශි‍්‍රත ව ආරක්‍ෂක වැටවල් ඉදි කිරීමට කටයුතු කිරීම.

x මහා මාර්ග හරහා යන දුම්රිය මාර්ග ස්ථානවලට ආරක්‍ෂිත වැටවල් සවි කිරීම සහ එම සෑම ස්ථානයකට ම නිලධාරීන් යොමු කිරීම.

x මාර්ගවල රාජකාරී කරන නිලධාරීන් විසින් සිදු කරනු ලබන වැරදි සඳහා විනය පරීක්‍ෂණ පවත්වා දැඩි ද`ඩුවම් පැනවීම.

x පදික වේදිකාවෙන් ගමන් නොගන්නා පදිකයින්ට විරුද්ධ ව නීතිමය පියවර ගැනීම.

x මාර්ගවල වලවල් සෑදී ඇති ස්ථානයන් හා මාර්ග දෙපස සෝදා පාලූවට ලක් වී ඇති ස්ථානයන් ප‍්‍රතිසංස්කරණය කිරීම.

x මාර්ග සංඥා පුවරු අවශ්‍ය සෑම තැනක ම සවි කිරීම.

x මාර්ගවල ඉඩ ඇහිරෙන ආකාරයට ගමන් කරන පුුද්ගලයින්ට හා වාහන වලට විරුද්ධ ව පියවර ගැනීම.

x මාර්ග අසල අනතුරුදායක ලෙස වැවී ඇති ගස් කපා ඉවත් කිරීම.

x මාර්ග නීති කඩන වාහන වලට, පනවන දඩ මුදල වැඩි කිරීම

කේ. ඒ. නිසංසලා රත්නායක,
කොළොන්නාව බාලිකා විද්‍යාලය
වාණිජ්‍ය අංශය, 2009
ඉහළ යන මාර්ග අනතුරු
කේ.ඒ. නිසංසලා රත්නායක,
කොළොන්නාව බාලිකා විද්‍යාලය

විද්වත් විවරණය

මෙය විමර්ශන ගණයේ ව්‍යාපෘතියකි. සිසුවිය මාර්ග අනතුරු පිළිබඳ විමර්ශනාත්මක ව පැහැදිලි කරයි. ඇය මේ සම්බන්ධ ව විවිධ පැතිකඩ ඔස්සේ ගොස්, කරුණු පැහැදිලි කර ඇත. එමෙන් ම ව්‍යාපෘතියක යෙදීම හා එය නිම කිරීම පිළිබඳ හොඳ අවබෝධයකින් ක‍්‍රියා කර ඇත. නිවැරදි අකෘතියක් මත පිහිටා ව්‍යාපෘති වාර්තාව සකස් කොට ඇත. ව්‍යාපාතියේ අරමුණු 05ක් පැහැදිලි ව දක්වා ඇති අතර, එම අරමුණු ළඟා කර ගැනීමට උත්සාහ දරා ඇත. එමෙන් ම ව්‍යාපෘතිය අවසානයේ ඇය විවිධ ප‍්‍රභවවලින් ලබා ගත් තොරතුරු අනුව මාර්ග අනතුරු අවම කර ගැනීම සඳහා ලබා දී ඇති යෝජනා ප‍්‍රශංසා කළ යුතු ය.

ව්‍යාපෘතියේ තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා භාවිත කර ඇති ක‍්‍රමවේදය ඵලදායක ය. යෝග්‍යය ය. නමුත් බස්රථවල, පුද්ගලික වාහනවල ගමන් කරන අයගෙන් ද, පාරේ ගමන් කරන මගීන්ගෙන් ද දත්ත ලබා ගත්තා නම් එම ක‍්‍රමවේදය වඩාත් පරිපූර්ණ වනු ඇත. ව්‍යාපෘතියේ තොරතුරු විවිධ ආකාරයෙන් සොයාගෙන ඇති අතර එය ඉදිරිපත් කර ඇති ආකාරයෙන් ඕනෑම කෙනකුට මාර්ග අනතුරු අවම කළ යුතු ව ඇති බව වැටහෙයි. විශේෂයෙන් ම පොලිස් වාර්තා උපුටා දැක්වීමෙන් රිය අනතුරු නිසා සිදු වන විනාශය සහ එය අවම කරලිය යුතු බව අවබෝධ වන ආකාරයට ඉදිරිපත් කර ඇත. එමෙන්ම වර්ෂ කිහිපයක පොලිස් රිය අනතුරු සහ රෝහල් රිය අනතුරු සම්බන්ධ තොරතුරු උපුටා දැක්වූයේ නම් රිය අනතුරුවල වැඩි – අඩුවීම පිළිබඳ පැහැදිලි තොරතුරු ලබාගත හැකිවනු ඇත. එමෙන් ම ඇය විසින් ලබාගෙන ඇති මුල්ලේරියාව පොලිස් ස්ථානයේ රිය අනතුරු වර්ෂ කිහිපයකට අදාලව තොරතුරු ලබාගෙන, එය ප‍්‍රස්තාරයක් මගින් දැක්වූයේ නම් වඩාත් සුදුසු ය. එමෙන් ම විවිධ පොලිස් ස්ථානවලින් තොරතුරු ලබාගෙන ඉදිරිපත් කලේ නම් තොරතුරුවල විසිරුණු බවක් දැකිය හැකි අතර, විවිධ ප‍්‍රදේශවල මාර්ග අනතුරුවල ප‍්‍රවණතාව (වැඩිවීම – අඩුවීම* පිළිබඳ අවබෝධයක් ද ලැබෙනු ඇත.

එමෙන් ම ව්‍යාපෘතියේ අරමුණු 05ක් පැහැදිලි ව දක්වා ඇති අතර එම අරමුණු වෙත ළඟාවීමට ඇය උත්සහා ගෙන ඇත. නමුදු 03 සහ 04 අරමුණුවලින් රිය අනතුරු අවම කරගත හැකි ආකාරය පිළිබඳ පැහැදිලි ව ඉදිරිපත් කර ඇත. නමුත් අනිකුත් අරමුණු 03 සාර්ථක කර ගැනීම සඳහා විශාල මෙහෙයක් දරා ඇත. මාර්ග අනතුරු වලින් සමාජ ප‍්‍රජාව වළක්වා ගැනීම වෙනුවෙන් ඇය සිදුකර ඇති උත්සහය ප‍්‍රශංසා කළයුතු ය.

එමෙන් ම මාර්ග අනතුරුවලට වාහන තදබදය හේතුවන ආකාරය ඉදිරිපත් කිරීමට ඇයට අමතක වී ගොස් ඇති අතර පුද්ගලික වාහන, බර වාහනවලින් රිය අනතුරු සිදුවන ආකාරය ද ඉදිරිපත් කර නැත. එමෙන් ම ස්වාභාවික අනතුරුවලින් සිදු වී ඇති මාර්ග අනතුරු සිදු වී ඇති සිද්ධීන්වලින් පැහැදිලි කළේ නම් ඒ පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගත හැකිවනු ඇත. එමෙන් ම මාර්ග අනතුරු වක‍්‍ර ප‍්‍රස්තාරයක් මගින් ඇය ඉදිරිපත් කර ඇති අතර එය ප‍්‍රතිශත මගින් එම ප‍්‍රස්තාරයේ ම සටහන් කළේ නම් වඩාත් අවබෝධ කරගත හැකි වනු ඇත.

රිය අනතුරු පිළිබඳ ව අවබෝධයක් සමාජ ප‍්‍රජාවට නොමැති වීම රිය අනතුරු ඇතිවීමට බලපාන බව ඇය විසින් ප‍්‍රකාශ කල ද රිය අනතුරු අවම කිරීමට සමාජ ප‍්‍රජාව දැනුවත් කරන්නේ කෙසේදැයි සම්බන්ධ ව වැඩසටහනක්, ඇය විසින් ඉදිරිපත් කර නැත. කෙසේ වුව ද ව්‍යාපෘතිය පුරා මාර්ග අනතුරු ඇතිවීමට හේතු, මාර්ග අනතුරු නිසා ඇතිවන බලපෑම් හා ඒ සම්බන්ධ ව තොරතුරු ලබාගෙන ඉදිරිපත් කර ඇති ආකාරය ප‍්‍රශංසනීය වේ. එමෙන් ම රිය අනතුරු වළක්වා ගැනීම සඳහා ඇය ඉදිරිපත් කර ඇති යෝජනා අගය කළ යුතු ය. සුළු අඩුපාඩු හැරුණු විට මාර්ග අනතුරු අවම කිරීම වෙනුවෙන් ඇය නොමඳ උත්සහයක් ගෙන ඇති බව පැවසිය හැකි ය.

ප‍්‍රියන්ති කීර්තිරත්න
ජාතික ගමනාගමන කොමිෂන් සභාව
කොළඹ 05