Project – 30

30පරිගණක වෛරස

හැඳින්වීම

තොරතුරු තාක්‍ෂණයේ ඉදිරියට ගමන් කරමින් සිටින මිනිසාගේ එක් නවීනතම සොයා ගැනීමක් වන පරිගණකය අප කාටත් අත්‍යවශ්‍ය උපකරණයක් බවට අද පත් වී ඇත. මුළු ලෝකය ම විශ්ව ගම්මානයක් කිරීමට පරිගණකයට හැකි විය. අද වෛද්‍යවරුන්ට, ඉංජිනේරුවරුන්ට, කාර්යාලවලට සහ වෙනත් නොයෙක් අයට පරිගණක අවශ්‍ය වී තිබේ.

නමුත් පරිගණක පරිශීලකයන්ට අවදානමක් දැරීමට සිදු ව ඇත. මක්නිසා ද, පරිගණක වෛරස් ලොව පුරා ම බිහි වී ඇත. පරිගණකය මගින් පරිගණක වෛරස් නිර්මාණය කරනු ලැබේ. එමගින් පරිගණකයේ දත්ත මෙන් ම පරිගණකයේ මෘදුකාංග ද විනාශ වේ. වෛරසයක් යනුවෙන් හඳුන්වන්නේ මිනිසා විසින් නිර්මාණය කරන ලද තවත් එක් වැඩසටහනකි. එමගින් පරිගණකය විනාශ වේ. සමහර අවස්ථාවල දී සත්‍ය වශයෙන් ම ඔබේ පරිගණකයට සපයා ඇති දත්ත මෙන් ම සංයුක්ත තැටිවල ඇති දත්ත ද විනාශ වේ. මිනිස් සිරුරට පිළිකා මගින් ලෙඩ රෝග වැළඳෙනවා මෙන් ම ඔබගේ පරිගණකයට ද වෛරස් මගින් දෝෂ ඇති කරයි. විශේෂයෙන් සමහර පරිගණක වෛරස පරිගණකයේ ඇති මධ්‍යම සැකසුම් ඒකකයට තදින් ම බලපාන අතර ඔබේ පරිගණකය නැවත යථා තත්ත්වයට පත් කිරීමට හෝ අලූත්වැඩියා කිරීමට සිදු වේ. එමෙන් ම පරිගණක වෛරස භෞතික වෛරස ලෙස හැඳින්විය හැකි ය.

පරිගණකයේ අඳුරු පැතිකඩක් වූ පරිගණක වෛරස් නම් වූ විෂබීජය පිළිබඳ ව අධ්‍යයනය කිරීම අ.පො.ස.(උ.පෙළ* ව්‍යාපෘතිය සඳහා ”පරිගණක වෛරස්” නමැති කාලෝචිත මාතෘකාව මම තෝරා ගතිමි.

අරමුණු හා අභිමතාර්ථ

පරිගණක සම්බන්ධ කටයුතු වල නියැලෙන්නන්ට නොනවතින හිසරදයක් බවට අනවසර ප‍්‍රවේශ, ඔත්තු බැලීම්, පරිගණක ආශි‍්‍රත තොරතුරු හා මුදල් සොරකම් යන ගැටලූ මතු වී ඇත. මේ සියලූ ආකාරයේ හිරිහැරදායී ගැටලූ අතරින් පරිගණක වෛරස් ප‍්‍රමුඛත්වය ගෙන ඇත. මෙම ප‍්‍රබල ගැටලූව නිරාකරණය කිරීම, පරිගණක පරිශීලකයන්ට අත්‍යවශ්‍ය කරුණක් බවට පත් වී ඇත.

x පරිගණක වෛරස් යන නාමය බොහෝ දෙනා අසා ඇතත්, වැඩි පිරිසක් ඒ පිළිබඳ දක්වන ආකල්පය වැරදි ය. ඒ නිසා සත්‍ය වශයෙන් ම වෛරසයක් යනු කුමක් දැ යි සොයා බැලීම හා හඳුන්වා දීම.

x ශී‍්‍ර ලංකාව සහ විදේශ රටවල සුලබ ව පැතිර ඇති වෛරස පිළිබඳ ව අවධානය යොමු කිරීම හා වාර්තා කිරීම.

x ශී‍්‍ර ලංකාවේ සුවිශාල ආන්දෝලනයකට තුඩු දෙන පරිගණක වෛරස් බිහි වන්නේ කෙසේ ද? කවුරුන් විසින් ද? කුමන ආකාරයට ද? යන ප‍්‍රශ්නවලට පිළිතුරු සෙවීම.

x පරිගණක වෛරස් පරිගණකයකට ඇතුළු විය හැකි ආකාර සහ ඒවා ඇතුළු වීමට ඇති මාර්ග සීමා කළ හැකි ආකාර සොයා බැලීම.

x වෛරස විනාශ කිරීම.

ප‍්‍රතිලාභ

මෙයින් ප‍්‍රතිලාභ ලබන්නන් ලෙස, පරිගණක පරිශීලකයන් හැඳින්විය හැකි ය. වෛරසයක් මගින් පරිගණකයේ ඇති දෘඪ තැටිය :්‍ය්රා ාසින*ල ඊ්ිසජ සබචමඑ දමඑචමඑ ිහිඑැප :ඊෂධී*ල ක්‍දපචකැපැබඒකකහ පැඒක දංසාැ ිැපසජදබාමජඑදර :ක්‍ඵධී*ල මව් පුවරු :ඵදඑයැර ඊද්රා* වැනි කොටස් විනාශ වී යා හැකි ය. මෘදුකාංග :ීදඓ අ්රු* වටිනා දත්ත ගොනු ලියවිලි වැනි දෑ විනාශ වේ.

වෛරස් විනාශ කිරීම මගින් මෘදුකාංග නැවත පිහිටුවීම සඳහා වැය වන මුදල් ඉතිරි කර ගත හැකි ය. එමෙන් ම මෘදුකාංග, දත්ත ගොනු, ලියවිලි ආදියට වන හානි ද වළක්වා ගත හැකි ය.

පරිගණකය කිසිම හානියක් නොවන සේ භාවිත කිරීම සඳහා හා තමන්ට අවශ්‍ය කාර්යයන් කර ගෙන යාමට ඉඩසැලසීම. වෛරසයක්, ඔබගේ පරිගණකය ආක‍්‍රමණය කළ විට, එයින් ඔබේ පරිගණකය ආරක්‍ෂා කර දීම.

තව ද මෙම ව්‍යාපෘතිය කියවා යම්කිසි දැනුමක් ලබා ගන්නේ නම් එය ද ප‍්‍රතිලාභයක් ලෙස මම සලකමි.

සම්පත් යොදා ගැනීම

x මානව සම්පත්

x පරිගණක වෛරස් පිළිබඳ දන්නා ගුරුවරුන්ගෙන් උපදෙස් ගැනීම

x භෞතික සම්පත්

x පෑන

x කඩදාසිය

x පරිගණකය

ආයතනික සම්පත්

අන්තර්ජාලය- යඑඑචථරැුරැුඅඅඅගප්ජ්ෙැැ‘ඉගජදප
යඑඑචථරැුරැුඅඅඅගබදරඑදබගජදප
යඑඑචථරැුරැුඅඅඅගනැරසදගජදප
යඑඑචථරැුරැුඅඅඅගඉක්ජංසජැගිිගබැඑ
පුස්තකාලය, නාවලපිටිය (මහජන පුස්තකාලය*
පුස්තකාලය මහනුවර (ඞී. එස්. සේනානායක පුස්තකාලය*
විජය පරිගණක සඟරාව
ෂෘඵ ආයතනය, නාවලපිටිය
ෂෘඵ ආයතනය, මහනුවර

භාවිත කළ ක‍්‍රමවේදය

මෙම ව්‍යාපෘතිය කරගෙන යාමේ දී ඉතා සැලසුම්ගත ක‍්‍රමයක් මා විසින් භාවිත කරන ලද අතර, මෙයින් වඩාත් සාර්ථක ප‍්‍රතිඵල අත් විය.

1ග ලේඛනගත තොරතුරු විමර්ශනය කිරීම

2ග සම්මුඛ සාකච්ඡුා ක‍්‍රමය

3ග සෘජු නිරීක්‍ෂණ ක‍්‍රමය

ඉහත සඳහන් ක‍්‍රමවේද නිසා ඉතා සාර්ථක ව්‍යාපෘතියකට මං පෙත් විවර විය.

කි‍්‍රයාත්මක කළ ආකාරය

මෙම ව්‍යාපෘතිය සාර්ථක ලෙස කර ගෙන යාමට පහත සඳහන් ක‍්‍රමවේදය අනුගමනය කරනු ලැබිණ.

– ව්‍යාපෘති මාතෘකාව තෝරා ගැනීම සහ යෝජනාව බාර දීම.

– පරිගණක වෛරස් පිළිබඳ ව තොරතුරු දන්නා ගුරුවරුන්ගෙන් සහය ලබා ගැනීම.

– පොත්පත් ඇසුරෙන් සහ අන්තර්ජාලයෙන් තොරතුරු ලබා ගැනීම.

– ලබා ගත් තොරතුරු විශ්ලේෂණය කිරීම.

– ව්‍යාපෘති වාර්තාව සැලසුම් කිරීම.

– ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීම.

– ව්‍යාපෘති වාර්තාව භාර දීම.

නිගමන
අවසානයේ දී පැමිණි නිගමන කිහිපයක් පහත දැක්වේ.

1ග ”පරිගණක වෛරස”යන නම බොහෝ දෙනා අසා තිබුන ද ඒ පිළිබඳ අවබෝධයක් බහුතරයක් තුළ නොතිබීම කණගාටුවට කරුණකි.

2ග වැඩි පිරිසක් වෛරස් දෙස අවධානය යොමු කරන්නේ එයින් සැලකිය යුතු හානියක් වූ පසුව ය. ඊට හොඳම නිදසුන වන්නේ 1999 වර්ෂයේ කි‍්‍රයාත්මක වූ, ”චර්නෝබිල්”, පවුලේ ක්‍ෂ්‍ය 1ග2ල ක්‍ෂ්‍ය 1ග4ල උ්ිරැුක්‍ෂ්‍ය 10ඞඞ වැනි වෛරස නිසා ඇති වූ ව්‍යසන තත්ත්වය.

3ග බොහෝ පිරිසක් පරිගණක වෛරස් ගැන අවධානයක් යොමු නොකරන්නේ, තම පරිගණකය ආරක්‍ෂිත ය යන ආකල්පයමත ය. වෛරස් නාශක උපයෝගීතාවක් තම පරිගණකයේ පිහිටුවා ගැනීමට ඔවුහු උනන්දුවක් නොදක්වති. මෑතක දී මිල දී ගත් පරිගණකවලට පවා වසර කිහිපයක් පැරණි වෛරස් සුපිරික්සුම් පිහිටුවා ඇති බව බොහෝ පර්යේෂණවලින් හෙළි වේ.

4ග මෙම අභාග්‍යසම්පන්න තත්ත්වයට මූලික ම හේතුව පරිගණක වෛරස් ගැන ඇතැමුන් දැක්වූ උදාසීන ආකල්පය යි. ”වෛරස් පැතිර යන්නේ අන්තර්ජාලය ඔස්සේ පමණය” යන්න බොහෝ දෙනකුගේ ආකල්පය වේ.

5ග පරිගණක පරිශීලනය කරන තම සෑම මිතුරෙකුගේ ම පරිගණක, වෛරස් වලින් තොර ඒවා යැයි ඇතැමුන් තුළ ආකල්පයක් පවතී. ඒ නිසා ඔවුහු පරීක්‍ෂා කිරීමකින් තොර ව ඔවුනොවුන් අතර තොරතුරු හුවමාරු කර ගනිති.

6ග පරිගණක වෛරස පැතිරෙන්නේ නම්‍ය තැටි :ත්‍කදචචහ ෘසින* මගින් යැයි ඇතැම් නවක පරිශීලකයන් අතර වැරදි මතයක් පවතී. එහෙත් සත්‍ය නම්, නම්‍ය තැටිවලින් මෙන්ම සංගත තැටි හරහා ද ඒ ආකාරයෙන් ම වෛරස් පැතිර යන බවයි.

7ග බහුල ව දක්නට ලැබෙන මෘදුකාංග පිටපත් කරන ආයතනවලින් බොහෝවිට සංගත තැටිවලට වෛරස් ඇතුළු වේ. මෘදුකාංග පිටපත් කිරීම සඳහා විශේෂයෙන් සකස් කරන ලද උපකරණ ඔවුන් සතු නොවීම මීට ප‍්‍රධාන හේතුවයි. ඒ සඳහා මෘදුකාංග පිටපත් කරන ආයතන වගකිව යුතු වේ.

ඞී. එම්. ඉන්දික පි‍්‍රයන්ත බණ්ඩාර දිසානායක,
උසස් පෙළ,කලා අංශය – 2007,
අනුරුද්ධ කුමාර විද්‍යාලය,
ජාතික පාසල, නාවලපිටිය

විද්වත් විවරණය

පරිගණක වෛරස යනු කුමක්ද?

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයට අදාළ විෂය කොටස් හැසිරවීම වඩාත් ම පහසු වන්නේ විද්‍යා අංශයේ සිසුන්, යන මතය අභියෝගයට ලක් කරමින් කලා අංශයේ සිසුවකු පරිගණක වෛරස් සම්බන්ධ ව්‍යාපෘතියකට අත ගැසීම පිළිබඳ ව මුලින් ම ප‍්‍රසාදය පල කළ යුතුව ඇත.

මෙම ව්‍යාපෘතිය මගින් අනාවරණය කර ඇති කරුණු තොරතුරු තාක්ෂණ විෂයය හදාරණ අයකුට මෙන් ම පරිගණක පරිශීලකයකුට එක සේ වැදගත් වේ. පරිගණක වෛරස පිළිබඳ ව වැදගත් පැතිකඩ බොහොමයක් ම ගැඹුරින් හසු වන සේ මෙම ව්‍යාපෘතිය සිදු කර ඇත.

ගවේෂණයේ දී මුද්‍රිත මාධයයෙන් මෙන් ම අන්තර්ජාලයෙන් ද තොරතුරු ලබා ගැනීමට උත්සුක වූයේ නම් මෙම වෑයම මීටත් වඩා ඵලදායී වීමට ඉඩ තිබුණි.

පරිගණක වෛරසවල ඉතිහාසය, වෛරස බෝවන ආකාර, එමගින් සිදුවන හානි, වෛරස ආසාදන ඉවත් කිරීම, ආසාදන වලකාගැනීමේ පූර්වෝපාය ආදී තාක්ෂණ කරුණු මැනවින් ආවරණය වන සේ තොරතුරු රැුස් කර ඇත. එසේ ම වෛරස ප‍්‍රහාර නිසා සිදු වන ආර්ථික හා සමාජයික හානි පිළිබඳ ව ද පාරිභාෂික වදන් මාලාව සැපයීමට සැලකිලිමත් වීම ද ප‍්‍රශංසා කළ යුතු ය. එය තොරතුරු තාක්ෂණ විෂයය හදාරන සිසුවකුට මහඟු අත්වැලක් ලෙස සඳහන් කළ හැකි ය.

පර්ගණක වෛරස නිසා විපතට පත් පරිගණක පරිශීලකයන්ගේ පෞද්ගලික අත්දැකීම් ද, ඒවායින් ගොඩ ඒමට ක‍්‍රියා කළ ආකාරය ද මෙම ව්‍යාපෘතියට ඇතුළත් වූ වා නම් වඩාත් හොඳ ය. එමගින් සැබැවින් ම වෛරස ප‍්‍රහාරයකට මුහුණ දෙන අයකු ක‍්‍රියා කළ යුතු හා නොකළ යුතු ආකාර පිළිබඳ යථාර්ථවාදී ආදර්ශයක් ඉදිරිපත් කළ හැකි ව තිබුණි. මෙහි දී තාක්ෂණික වදන් සිංහලෙන් මෙන් ම ඉංග‍්‍රීසියෙන් ද දක්වා තිබීම පැසසිය යුතු ය.

ව්‍යාපෘතියක ව්‍යාපෘති වාර්තාව ඉතා වැදගත් අංගයකි. බාහිර පාර්ශවයන්ට ව්‍යාපෘතියෙන් අනාවරණය වුණු කරුණු දැන ගැනීමට ඇති එක ම මාර්ගය එය වේ. පාසල් මට්ටමේ ව්‍යාපෘති වාර්තාවක් මුද්‍රිත අකුරුවලින් නිමකිරීම අත්‍යවශ්‍ය නොවන නමුත් මීට වඩා හොඳ අත් අකුරින් වූවා නම් වඩාත් අලංකාර වීමට ඉඩ තිබුණි. ඒ සමග ම කරුණු ව්‍යුහගත කිරීමේ දී සමාන කරුණු එක් තැන් වන සේ ගොනුකර තැබීමට මීට වඩා සැලකිල්ලක් දැක්විය යුතු ව තිබිණි. ඒ සම`ග ම වෛරස් සම්බන්ධ අර්ථ දැක්වීම්වල සන්තකභාවය පිළිබඳ ව ගැටලූ දක්නට ලැබුණි. අර්ථ දැක්වීම් කීපයක් සඳහන් කිරීම යෝග්‍ය නමුත් ඒවා සම්පූර්ණ විය යුතු අතර ඒවායේ ප‍්‍රභව සඳහන් කිරීම වැදගත් වේ.

පරිගණක වදන් අඩංගු පරිච්ෙඡ්දය, නිගමන සඳහන් පරිච්ෙඡ්දයට යාබද ව ඊට පෙර දැක්වූයේ නම් වඩාත් යෝග්‍ය වේ. ව්‍යාපෘතියට තබා ඇති මාතෘකාව ද ව්‍යාපෘතියේ අරමුණ ගම්‍ය වන පරිදි වූයේ නම් එය පාඨකයකු වාර්තාව කියවීමට පෙළඹවීමක් ලෙස ක‍්‍රියා කරනු ඇත.

කාලය සහ සම්පත්වලින් සීමා වී කටයුතු කිරීමේ දී යම් යම් අඩු ලූහු`ඩුකම් සහිත වීම ස්වාභාවික දෙයක් වන බැවින් මෙම ව්‍යාපෘතියේ අගය එම නිසා හීන වූයේ යයි සැලකිය නොහැකි ය. මෙම ව්‍යාපෘතිය එහි මුඛ්‍ය අරමුණ කරා ළඟාවූ එකක් ලෙස පැසසීමට හැකි අතර මෙහි අනාවරණවල ඵලදායීතාව ඉහළ මට්ටමක ඇතැයි නොබියව ප‍්‍රකාශ කළ හැකි ය.

කේ. ජී. එස්. පෙරේරා
ව්‍යාපෘති නිලධාරී
තොරතුරු තාක්‍ෂණ දෙපාර්තමේන්තුව
ජාතික අධ්‍යාපන ආයතනය