Project 3

ව්‍යාපෘති වාර්තා අංක 3
නිවුන් හා බහු උපත් පිළිබඳ සමීක්ෂණය
අනුෂ්කා නිරෝෂනී පෙරේරා,
මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලය.

සාරාංශය
අරමුණු
නිවුන් දරුවන්ගේ කුසලතා හා බාහිර ලක්ෂණ සන්සන්දනයට ලක් කිරිම, නිවුන් දරුවන්ගේ සමාජ ආර්ථික පසුබිම හා ඔවුනට බලපාන ප‍්‍රශ්න හැදෑරිම, නිවුන් දරුවන් පිළිබඳ ඇති විද්‍යාත්මක දැනුම සමාලෝචනයට ලක් කිරීම.
විධි ක‍්‍රම
විස්තරාත්මක, පැතිකඩක් නිරූපණය කරන පර්යේෂණයකි. දත්ත එක්රැුස් කිරීමේ දි නිවුන් දරුවන් සම්බන්ධ විශේෂිත හා පුළුල් බුද්ධියක් ඇති පුද්ගලයන් හා කරන ලද සම්මුඛ සාකච්ඡුා හා නිවුන් දරුවන් නිරික්ෂණය කිරීම ඉවහල් කර ගන්නා ලදී.
දත්ත විශ්ලේෂණය හා නිගමනය
 සම ඩිම්බික නිවුන් දරුවන් බොහෝ දුරට එක සමාන බාහිර ලක්ෂණ හා ගතිගුණවලින් යුත් අතර, විෂම ඩිම්බික නිවුන් දරුවන්ගේ ගති ලක්ෂණ එක ම පවුලක සොයුරු සොයුරියන්ට වඩා වැඩියෙන් බොහෝ විට සමාන නොවීම.
 සාමාන්‍යයෙන් නිවුන් දරුවන් එකිනෙකාට දක්වන ලෙන්ගතු කම අනෙක් සොයුරු සොයුරියන්ට දක්වන එකමුතු බවට වඩා වැඩි වුව ද සමහර විට එසේ නොවන අවස්ථා ද ඇත. (විශේෂයෙන් විෂම ඩිම්බික නිවුන් දරුවන් වූ විට*
 උපත් බර හා වැඞීම සලකන විට දෙවන නිවුන් දරුවා (පසුව උපදින නිවුන් දරුවා ගේ බර හා වැඞීම වැඩිමහල් නිවුන් දරුවාට වඩා වැඩි විම.*
හැ`දින්වීම
නිවුන් දරුවන් ඉතාමත් භාග්‍යසම්පන්න වස්තුවක් වන අතර එසේ ඉපදිම තුළින් එම දරුවන්ගේ දෙමාපියන් පමණක් නොව අන් අය ද වඩ වඩාත් සතුටු වනු ඇත.
අරමුණු හා අභිමතාර්ථ
01. මාගේ දැනුම් සම්භාරය වැඩි කර ගැනීම මෙම ව්‍යාපෘතියේ ප‍්‍රධාන අරමුණ වේ.
02. මෙම ව්‍යාපෘතිය බලන සෑම අයකුගේ ම දැනුම වැඩි වීම.
03. මෙම නිවුන් දරුවනගේ බාහිර ලක්ෂණ දැන සිටියත් එහි අභ්‍යන්තරයේ නොදන්නා තැන් සොයා ගැනීම.
04. නිවුන් දරු දැරියන්ගේ විශේෂ ලක්ෂණ හා විශේෂ දක්‍ෂතා සොයා බැලීම.
05. දුගී පවුලට දාව ඉපදුන දරුදැරියන්ට උදවු කිරීම.
06. නිවුන් දරුවන් ලැබීම පවුලකට වාසනාවක් ද? අවාසනාවක්ද? බැලීම.
07. නිවුන් දරුවන් නිසා වෛද්‍ය විද්‍යාවේ දියුණුව කෙතරම් ද බැලීම. (දෙබඩි නිවුන් දරුවන් වෙන් කිරීම. සිව් නිවුන් දරුවන් නිරුපද්‍රිත ව බිහිවීම. *
ක‍්‍රියාත්මක කිරීමේ පියවර
01. ව්‍යාපෘති භාර ගුරු මහත්මීන් සම`ග සාකච්ඡුා කර ව්‍යාපෘතිය පිළිබඳ උපදෙස් ලබා ගැනීම.
02. උපදෙස් ඇසුරින් ව්‍යාපෘති යෝජනාව සකස් කිරීම හා ඒ සඳහා අනුමැතිය ලබා ගැනීම.
03. ව්‍යාපෘතියට අවශ්‍ය ලිපි හා පින්තූර, පත්තර හා ස`ගරා තුළින් සොයා එක් රැුස් කිරීම.
04. නිවුන් සංස්කෘතික නිකේතනයේ අධ්‍යක්ෂතුමා සම`ග කතා කර එතුමාගෙන් උපදෙස් ලබා ගැනිම.
05. එතුමාගෙන් අවශ්‍ය දත්ත හා අදහස් ව්‍යාපෘතියට එක් කිරීම.
06. නිවුන් දරු දැරියන්ගේ සිතිවිලි හා හැසිරීම් නිරික්ෂණය කිරීම පිණිස ඔවුන් මුණ ගැසීම.
07. ඔවුන්ගේ දෙමාපියන්ගේ අදහස් දැනගැනීම.
08. අවශ්‍ය කරන ඡුායාරූප ලබා ගැනීම.
09. ව්‍යාපෘතියට අවශ්‍ය තොරතුරු සියල්ල එක්කොට එය නිම කිරීම.
10. ජාතික නිවුන් දරු ලේඛනාගාරයේ අධ්‍යක්ෂතුමා මුණ ගැසීම.
ක‍්‍රියාත්මක කිරිමේ පියවර සමහරක් සවිස්තරව ව්‍යාපෘතියට අවශ්‍ය ලිපි ද්‍රව්‍ය හා දත්ත එක් රැුස් කිරිම.
ඉතාමත් අපහසු ලෙස කරුණු සොයා ගත යුතු මෙම ව්‍යාපෘතිය සඳහා සියලූ ම උත්සාහය මම දැරුවෙමි. ලබා ගත යුතු දත්ත උපරිම ලෙස ලබා ගත් මා, පුවත්පත් මගින් එකතු කරනු ලැබූ නිවුන් දරුවන් පිළිබඳ දත්ත සියල්ල ම එක්කර ගැනීම සඳහා උත්සාහ දැරුවෙමි. එසේ ගත් පින්තූර හා තොරතුරු ව්‍යාපෘතියට එක් කළෙමි.
නිවුන් දරුවන්ගේ බුද්ධ් මට්ටම් සමාන ද?
වර්තමානයේ ජීවත්වන සමහර විද්‍යාඥයන්ගේ අදහස මිනිසාගේ බුද්ධිමත්භාවය (ෂබඑැකකසටැබජැ ුමදඑසැබඑ * ජානමය සාධක මත තීරණය වන බව ය. එම මතය මගින් නිවැරදි අධ්‍යාපනයට ඇති තැන අභියෝගයකට ලක් වේ. ඕනෑම දරුවකුට නිසි අධ්‍යාපනය ලබා දුනහොත් ඔහුගේ බුද්ධිමට්ටම වර්ධනය වන වග සාමාන්‍ය පිළිගැනීමයි. එහෙත් බුද්ධි මට්ටම සහ ජානමය සාධක අතර සම්බන්ධයක් ඇත්නම් නිවැරදි ජානමය පිහිටීමක් නොමැති දරුවන්ට කොතරම් හොඳ අධ්‍යාපනයක් ලබා දුන්න ද එම දරුවන්ට ප‍්‍රශස්ථ බුද්ධිමට්ටමක් කරා ළ`ගා වීමට අපහසු බව පැහැදිලි ය.
මෙම මත පිළිගත හැක්කේ කෙසේ ද?
මම මතය සනාථ කරන දත්ත රැුසක් පසුගිය මාසයේ නිකුත් වු ඔයැ ෑජදබදපසිඑ ස`ගරාවේ ද පළ වු ලිපියක ඇතුළත්ව තිබුණි. මේ එහි ඇතුලත් වු එක් සිද්ධියකි. 1939 දි උපත ලබා එකිනෙකාගෙන් වෙන් වෙන් ව හැදි වැඩුණූ බාබරා සහ ඩැෆ්නි හර්බට් දෙසොහොයුරියෝ පසු කාලෙක හමු වුහ. එවිට විද්‍යාඥයින් කර තිබුනේ ඔවුන් දෙදෙනාම බුද්ධි පරීක්‍ෂණයට ලක් කිරීමයි. එම පරීක්ෂණයේ දි දෙදෙනාට ම හිමි වු ලකුණු අතර පරතරය වුයේ එකක් (1* පමණි. ඉන් වසරකට පමණ පසු ඔවුන් ව නැවතත් බුද්ධි පරීක්ෂණයකට යොමු කළ අතර එවර ද ඔවුන් අතර ලකුණු පරතරය (1* විය.
නිගමන
01.නිවුන් දරුවන් බොහෝ විට එක සමාන විය හැකි අතර, සමහර විට එක සමාන නොවිය හැකි බව.
02. නිවුන් දරුවන්ට තිබෙන හැකියාවල අසමසම බව, බොහෝ දුරට එකට ම සිටීම නිසා, එක ම ශෛලියකට, එක ම දෙයකට කැමති වීමට පුළුවන. එම නිසා ඒ ගැන සොයා බැලීමේ දී ප‍්‍රශ්නයක් ඉතිරි වේ. නමුත් මා තොරතුරු සෙවූ සියලූම දරුදැරියනට එක ම වගේ හැකියා තිබීම නිසා ඔවුන්ගෙන් මා නිගමනයකට පැමිණියේ නිවුන් දරුවන්ගේ හැකියාවන් සමාන බවයි.
03. අන් අයට වඩා තම තමන්ට දක්වන එකමුතු බව නිවුන් දරුවන් තම සම වයසේ සොහොයුරියන්ට වඩා ලෙන්ගතු වේ. නමුත් මා නිරික්ෂණය කළ එක් අසම නිවුන් සොයුරෙක් හා සොයුරියක් ඔවුනොවුන්ගේ නිවුන් සොයුරාට හෝ සොයුරියට වැඩි කැමැත්තක් නොදක්වයි. ඒනිසා නිවුන් දරුවන් එකිනෙකට ලෙන්ගතු යැයි තිීරණය කළ නොහැකිය.
04. තව ද මා නිරික්ෂණය කළ සියලූම නිවුන් දරු දැරියන්ගේ වැඩිමල් සොයුරාට හෝ සොයුරියට වඩා බාල සහෝදරිය හෝ සහෝදරයා ඉපදෙනවිට බරින් වැඩි අතර, ඔවුන්ගේ වැඞීම ද, සොයුරාට හෝ සොයුරියට වඩා වැඩි ය.
යෝජනා
01. උපකාර කළ හැකි හැම අයෙකු ම දුප්පත් නිවුන් දරුවන්ට උපකාර කිරීමට ඉදිරිපත් වීම.
02. දුගී පවුල් වල සිටින නිවුන් දරුවන් සඳහා මාපිය කැපකරු, සිසු දිරිය වැනි ශිෂ්‍යත්ව ඉදිරිපත් කිරීම.
03.සහජ දක්ෂතා ඇති නිවුන් දරුවන්ට ඒවා එළි දැක්වීමට ඉඩ අවකාශය ලබා දිම.
04. පාසල්වලට නිවුන් දරුවන් ඇතුළත් කිරීමේ දී ඔවුන්ගෙන් ගන්නා පාසල් ගාස්තු දරුවන් දෙදෙනාට ම නොගෙන එක් දරුවකු වෙනුවෙන් පමණක් ගැනීම.
05. නිවුන් දරුවන් සිටින, රක්ෂා නොමැති දෙමාපියන්ට කුමක් හෝ රක්ෂාවක් රජය මගින් ලබාදීම.
විද්වතුන්ගේ ඇසින්

මෙම ව්‍යාපෘතිය ගැන අපේ අදහස් ෂ

හැ`දින්වීම
අරමුණු හා අභිමතාර්ථ

ව්‍යාපෘතිය, ක‍්‍රියාත්මක වන කාලසීමාව තුළ ඉටු කළ හැකි විය යුතු ය. විශාල අරමුණු ප‍්‍රමාණයකට වඩා නිශ්චිත ඉලක්ක කිහිපයක් වෙත කෙන්ද්‍රගත වීම ඉතා වැදගත් ය. උදාහරණ වශයෙන් අරමුණු 5. දුගී පවුලට දාව ඉපදුනු දරු දැරියන්ට උදවුකිරීම මෙවැනි ව්‍යාපෘති කාලසීමාවක් තුළ ඉටුකිරීමට දුෂ්කර අරමුණකි. එසේ ම නිවුන් දරුවන් ලැබීම වාසනාවක් ද අවාසනාවක් ද යන්න සොයා බැලීම ද අසීරු කරුණකි. වාසනාව හා අවාසනාව මනිනු ලබන මිනුම් දණ්ඩ කුමක් දැයි පැහැදිලි නො වේ. මෙවැනි අරමුණු උසස් පෙළ ව්‍යාපෘති තුළ කෙටි කලකින් පරික්ෂා කිරීමට අපහසු අරමුණු වේ. අරමුණු කෙටි කාලයක දී ඉටු කළ හැකි යථාර්ථවාදී එමෙන් ම නාභිගත (ත්‍දජමි* ඒවා විය යුතු ය.

ක‍්‍රියාත්මක කිරීමේ පියවර
නිවුන් දරුවන් කී දෙනෙක් හමුවීමට බලාපොරොත්තු වන්නේ ද යන්න ගැන සඳහන් කිරීම වැදගත් විය හැකි ය. එය මෙම පර්යේෂණයේ නියැදිය (ී්පචකැ* වෙයි.

නිගමන

නිවුන් දරු යුගලකට යම් කිසි ගති ලක්ෂණයක් තිබු පමණින් එය සෑම නිවුන් දරුවන්ට ම පොදු යයි තීරණය කළ නොහැකි ය.
උදාහරණ 3 වන නිගමනය.
මෙය මේ නියැදියේ (ී්පචකැ* එක් නිවුන් දරු යුගලයකට පමණක් තිබුණු ලක්ෂණයකි. සෑම නිවුන් දරු යුගලයන්ට ම මෙම ගති ලක්ෂණය පොදු යැයි නිගමනය කිරීම මෙහි දී තර්කානුකූල නො වේ. මෙසේ යම් කිසි ගති ලක්ෂණයක් සෑම නිවුන් දරුවන්ට ම පොදු හෝ පොදු නො වේ යැයි තිරණය කිරීමට නම් එය බොහෝ සාධක සපුරාලිය යුතුයි. සාමාන්‍යකරණය (ඨැබැර්කසි්ඉසකසඑහ * යනුවෙන් ද හඳුන්වන මෙය, පර්යේෂණ මූලධර්මයකි. පර්යේෂණයේ දී ලැබෙන නිගමනය සාමාන (ී්පචකැ* අහඹු ලෙස (ඍ්බාදප* තෝරාගෙන තිබිය යුතු ය.

නිගමනය හා යෝජනා

නිගමනය හා යෝජනා අතර කිසි`දු බැඳීමක් නැත. නිගමන තුළින් යෝජනා ගලා ඒ නම්, එනම් පර්යේෂණ දත්ත මත පදනම් වු නිගමන තුළින් එන යෝජනා වේ නම් ඒවා ඉතා වැදගත් ය.

මෙම ව්‍යාපෘතිය ගැන අපේ අදහස් ෂෂ

මෙවන් අතිශය කුතුහලය දනවන හා විද්‍යාත්මක වටිනාකමකින් යුත් මාතෘකාවක් ඔස්සේ සිය පර්යේෂණ කුසලතා යොමු කිරීම පිළිබඳ මෙම නවක පර්යේෂිකාව මහත් සේ අගය කළ යුතු ය.
පර්යේෂණ වාර්තාවේ මුල් භාගයේ ඇති වෙනත් ග‍්‍රන්ථ, ස`ගරා හා පර්යේෂණ වාර්තාවලින් ගත් උපුටා ගැනීම්, උසස් සාහිත්‍ය දත්ත සමාලෝචනයක (ඛසඑැර්එමරු* ස්වරුපය ගැනී. පර්යේෂිකාව දත්ත එක් රැුස් කිරීමට ගුණාත්මක පර්යේෂණ ක‍්‍රම (ූම්කසඒඑසඩැ* යොදාගෙන ඇති බව පැහැදිලි ය. එහෙත් එවන් විධික‍්‍රම (ඵැඑයදාදකදටහ* වඩාත් පුළුල් ව විග‍්‍රහ කිරීම වැදගත් සේ ම පර්යේෂණයේ විද්‍යාත්මක වටිනාකම ද වැඩි කරවයි. උදා දත්ත එක් රැුස් කිරීමට යොදා ගත්තේ රාමුගත සම්මුඛ සාකච්ඡුා ද (ීඑරමජඑමරුා සබඑැරඩසැඅි* ප‍්‍රශ්නාවලි (ූමැිඑසදබබ්සරු* ද යන්න හා ඒවා භාවිතා කළ පර්යේෂණ කණ්ඩායම් (ීඑමාහ ටරදමච* කවුද යන්න හෙළි කිරීම වැදගත් ය.
අවසාන වශයෙන් මෙවන් පර්යේෂණයකින් එක් රැුස් කරගත් දත්ත මෙම මාතෘකාව පිළිබඳ දැනුම් සම්භාරය (ණබදඅකැාටැ ඉ්ිැ* වඩා පුළුල් කරන බවට අනුමානයක් නැති වුවත් , මෙවැනි කුඩා නිරික්ෂණ (දඉිැරඩ්එසදබි* කීපයකින්, නිවුන් දරුවන් / පුද්ගලයන් සම්බන්ධ ව නිගමනවලට ඒමට හෝ දැනට ඇති නිගමනවලට අභියෝග කිරීමට හෝ හැකි දැයි සැක සහිතය.

වෛද්‍ය ගෝමින්ද පොන්නම් පෙරුම.