Project – 29

ඖෂධ පැළැටි හා ඒවායේ ගුණ
ජී. බී. ඩබ්ලිව්. අචින්තා ඉෂාරි, 13 – ් ශ්‍රේණිය අම්/ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලය

මෙවන් මාතෘකාවක් යටතේ මගේ ව්‍යාපෘතිය ඉදිරිපත් කිරීමට හේතුව අපගේ පරිසරයේ හෙවත් ගෙවත්තේ ඇති ප‍්‍රයෝජනයට ගත හැකි ඖෂධ පැළෑටිවල ඖෂධීයමය ගුණ හා ඒවායේ ගුණාත්මකභාවය පිළිබඳ ව සරල හෝ අධ්‍යයනයක් කර කුඩා හෝ දැනුමක් ලබා ගැනීම අපගේ දෛනික වැඩ කටයුතුවල දී වැදගත් හා ඉතා ප‍්‍රයෝජනවත් වන නිසා ය.

ජීව විද්‍යාඥයින් කරන ලද පරීක්‍ෂණවල තොරතුරු අනුව ද අපගේ නිරෝගීභාවය මෙම ඖෂධ මත බොහෝ විට පදනම් වන බව මනා ව පැහැදිලි වේ.

එහෙයින් අප මෙම ඖෂධ පැළෑටි හඳුනා ගත යුතු ය. ඒ පමණක් ම නො ව ඒවා පරිහානියට පත් වීමට ඉඩ නො දී රැුක ගත යුතු ය. රැුක ගන්නවා යනු: මේවා පරිහරණය නො කර සිටීම නො වේ. අප ද භාවිත කරමින් අනාගත පරපුර සඳහා ද දායාද කිරීමයි. මෙය ප‍්‍රතිසංස්කරණය ලෙස ද හැදින්විය හැකි ය. ඉතින් අප මෙම දේශීය ඖෂධ වර්ග ප‍්‍රතිසංස්කරණයට හවුල් විය යුතු නොවේ ද?

මගේ ව්‍යාපෘතිය කියවා ඔබට මෙම ඖෂධ පැළෑටි පිළිබඳ සුළු හෝ දැනුමක් ලැබුනේ නම් ද එයින් ඔබගේ දෛනික වැඩකටයුතු වලට සුළු හෝ රුකුලක් වූයේ නම් ද එය මා තැබූ එක් පියවරක් මල් ඵල ගැන්වීමකි. එනම් එය මා ලැබූ ජයග‍්‍රහණයකි.

හැ`දින්වීම

මිනිසා ශාක ඖෂධ භාවිතයට හුරු වූයේ, කෙදිනක දැ යි නිශ්චිත ව ම කිව නොහැකි නමුත් ලක්දිවෙහි මනුෂ්‍ය වාසය ඇති වූ තැන් සිට ශාක ඖෂධ භාවිත කළේ යැ යි සිතිය හැකි ය. එසේ සිතීමට කදිම නිදසුනක් ලෙස දැක්විය හැක්කේ මෑත කාලයේ කර ගෙන යනු ලබන පුරා විද්‍යා කැනීම් තුළින් හමු වී ඇති ප‍්‍රාග් ඵෙතිහාසික මානවයා එකල ලෙඩ රෝග සුව කර ගැනීම සඳහා පරිසරයේ පැවති ගස් කොළන් ඖෂධ වශයෙන් භාවිත කරන්නට ඇතැයි් අනුමාන කළ හැකි ය.

සෑම රටක ම ඒ ඒ රටට ආවේණික සුවිශේෂී වෛද්‍ය ප‍්‍රතිකාර ක‍්‍රම ඇත. ඒ සඳහා බොහෝ විට භාවිත කරන්නේ ද සිය පරිසරයේ වැවෙන ගහ කොළ, පැළෑටි හා වෙනත් ඛනිජ ද්‍රව්‍ය ආශිත ව සකස් කර ගන්නා ඖෂධ යි. ශී‍්‍ර ලාංකිකයන් වූ අපට සෑම අංශයකින් ම පරිපූර්ණ වූ දේශිය වෛද්‍ය ක‍්‍රමයක් ඇත. කැඩුම් බිදුම් වෙදකම, පිළිස්සුම් වෙදකම, සර්ප විෂ වෙදකම, ජලභීතිකා වෙදකම, අතීසාර වෙදකම ආදී චිකිත්සා ක‍්‍රම අතීතයේත් වර්තමානයේත් එක ලෙස ප‍්‍රචලිත වී ඇත.

දේශිය චිකිත්සාවේ දී රෝග ප‍්‍රතිකාර සඳහා භාවිත කරන්නේ ද තම අවට පරිසරයේ වැවෙන ගහ, කොළ, මල්, පොතු, මුල් යනාදියයි. එදා ගැමියෝ තම ගෙවත්තෙහි දිනපතා ආහාරයට අවශ්‍ය වන එළවළු, පලතුරු මෙන් ම ලෙඩ දුකේ දී අවශ්‍ය විය හැකි ඔසු වර්ග වවා ගැනීමට ද පුරුදු ව සිටියහ. අද මෙන් සුළු අසනීපයකට පවා වෛද්‍යවරුන් සොයා යාමේ අවශ්‍යතාවක් එදා ගැමියන්ට ඇති නො වී ය.

කෙසේ වෙතත් බටහිර වෛද්‍ය ක‍්‍රමයේ දියුණුවත් සමඟ එය වඩාත් ව්‍යාප්ත ව ගොස් ශාක ඖෂධ භාවිතය ක‍්‍රමයෙන් පසුබෑමකට ලක් විය. වත්මනයේ ඔවුන්ට වැළදෙන සුළු අසනීපයක දී හෙවත් සෙම්ප‍්‍රතිශ්‍යාව ආදී රෝගයකට පවා බටහිර වෛද්‍යවරුන්ගේ පිහිට පැතීමට නැඹුරු විය. මෙහි ප‍්‍රතිඵලයක් වශයෙන් වත්මන් ජනතාවට ශී‍්‍ර ලංකාවේ ඇති ඖෂධ පැළෑටි හා ශාක පිළිබඳ දැනීම නැත. තව ද ඔවුහු බටහිර වෛද්‍ය ප‍්‍රතිකාර ක‍්‍රම මත යැපෙමින් එයින් වැළදෙන අතුරු ආබාධ තත්ත්වයන්ට ද මුහුණ දෙති.

ශාක රසායන විද්‍යාවේ දියුණුවත් සමඟ ම එම පරීක්‍ෂකවරුන් ශී‍්‍ර ලංකාවේ සපුෂ්ප ශාක විශේෂ 550ක් හා පර්ණාංග ශාක 07ක් ඖෂධ ශාක ලෙස හඳුනා ගෙන ඇත. මෙවැනි තත්ත්ව අපේ රටේ තිබිය දී ජනතාව ඒ පිළිබඳ ව අනවබෝධයකින් සිටීම අපේ රටේ ඇති දුර්වලතාවකි.

ඒ හේතුවෙන් ඖෂධ පැළෑටි පිළිබඳ අධ්‍යයනය මගේ ව්‍යාපෘතිය ලෙස තෝරා ගැනීමට අදහස් කළෙමි.

අරමුණු

01 ප‍්‍රදේශයේ ඇති ඖෂධ පැළෑටි වර්ග හඳුනා ගැනීම
02 එම ඖෂධ පැළෑටිවල ගුණ හඳුනා ගැනීම

සුවිශේෂ අරමුණු

01 ඖෂධ පළෑටියක් දුටු විට එහි ඇත්තේ කුමන ගුණාත්මක බවක් ද යන්න පිළිබඳ දැනුමක් ලබා ගැනීම

සුවිශේෂ නිශ්ඨා

01 ආත්ම විශ්වාසය ගොඩනැගේ
02 නිශ්චිත කාලයක් තුළ වැඩක් නිම කිරීමේ හැකියාව ලැබේ
03 දත්ත රැුස් කිරීම හා විශ්ලේෂණය කිරීමේ හැකියාව ලැබේ
04 සැලසුම් සහගත ව වැඩක් නිම කිරීමේ හැකියාව ලැබේ
05 සමාජය සමඟ සම්බන්ධතාවෙන් යුතු ව කටයුතු කිරීමට හැකියාව ලැබේ
06 ඖෂධ පැළෑටි පිළිබඳ මම දැනුවත් වෙමි. දේශීය වෛද්‍ය ක්ෂේත‍්‍රය පිළිබඳ ව ද දැනුවත් විය හැකි ය

කි‍්‍රයාත්මක කළ ආකාරය

01 ගෙවත්තේ හමු වන ඖෂධ පැළෑටි පිළිබඳ හඳුනා ගැනීමේ දී පළමු ව ගෙවත්තේ නොහොත් අවට පරිසරයේ හමු වන සුලභ ඖෂධ පැළෑටි වර්ග 25ක් තෝරා ගන්නා ලදී

02 පසුව එම ඖෂධ පැළෑටි රැුගෙන වෛද්‍යාචාර්යවරිය හමු වී ඒවායේ ඇති ඖෂධීය ගුණ හා වැදගත්කම විමසා දැනගන්නා ලදී

මේ සඳහා මා සඳහන් කළ මානව සම්පත් වන, ආයුර්වේද වෛද්‍යවරියගේ පූර්ණ සහයෝගය ලැබුණි

03 අවශ්‍ය විට දී භෞතික සම්පත් යටතේ භාවිත කළ පොත් පත්, සඟරා ද ප‍්‍රයෝජනයට ගන්නා ලදී.

04 ඉන් පසු එක් එක් ඖෂධ පැළෑටිය පිළිබඳ ව ලබා ගන්නා ලද සියලූ ම තොරතුරු ගොනු කර ව්‍යාපෘතියට අවශ්‍ය වන තොරතුරු ඇතුළත් කර ගන්නා ලදී

ප‍්‍රතිලාභ ලබන්නන් පිළිබඳ විස්තර

ඖෂධ යනු ජීවි අවශ්‍යතාවකි ගෙවත්තේ හමු වන ඖෂධ පැළෑටි හඳුනා ගැනීමෙන් ප‍්‍රතිලාභ ලබන්නන් රැුසකි. එනම්

රෝගීන් : සාමාන්‍ය රෝගී අවස්ථාවක දී වෛද්‍යවරුන් හමු වීම වෙනුවට ගෙවත්තෙන් හමු වන ඖෂධ වර්ග භාවිත කිරීමට හැකි වීම

ඒ තුළින් : 01 කාලය ඉතිරි කර ගත හැකි වීම
02 මුදල් ඉතිරි වීම
03 පිරිසිදු නියම ඖෂධ ලබා ගත හැකි වීම

ආයුර්වේද වෛද්‍යවරුන් : පාරම්පරික ව තමන්ට උරුම වූ මෙම වෛද්‍ය ක‍්‍රමයට අවශ්‍ය ඖෂධ පැළෑටි වර්ග නිවැරදි ව හඳුනා ගැනීම ඉතාමත් ම වැදගත් වේ.

ඖෂධ පැළෑටි පිළිබඳ අධ්‍යයනය කරන්නන්ට : ඖෂධ පැළෑටි පිළිබඳ තොරතුරු ගොනු කර තිබීම, මේ පිළිබඳ අධ්‍යයනය කරන්නන්ට අධ්‍යයන කටයුතු සඳහා උපකාර වේ.

නව ඖෂධ පිළිබඳ පරීක්‍ෂණ පවත්වන්නන් හට : නවීන තාක්‍ෂණය යටතේ නිපදවනු ලබන ඖෂධ බොහෝමයක් ශාක අනුසාරයෙන් නිම කරන ලද ඒවා ය.

උදාහරණයක් ලෙස මැලේරියාවට ගන්නා ක්විනීන් ඖෂධ ද නිපදවනු ලබන්නේ සිංකෝනා ගසේ පොතු මගිනි.

මෙවන් නවීන ඖෂධ වර්ග සොයා ගැනීම සඳහා ඖෂධ පැළෑටි පිළිබඳ ව විස්තර සොයා ගොනු කර තබා ගැනීම වැදගත් වේ.

යොදා ගත් සම්පත්

මානව සම්පත්

කේ. එම්. ජී. එස් කාරියවසම් වෛද්‍යාචාරිනිය
20/03 ජාතික නිවාස 20
රෝහල පාර
අම්පාර

භෞතික සම්පත්

01 ආයුර්වේද ඖෂධ සංග‍්‍රහයේ ප‍්‍රථම පියවර දෙ වන කාණ්ඩය
02 ආයුර්වේද ඖෂධ සංග‍්‍රහයේ ප‍්‍රථම පියවර තෙ වන කාණ්ඩය
03 ඖෂධීය ශාක සංග‍්‍රහයේ පළමු හා දෙ වන වෙළුම
04 ඔසු තුරු වගතුග (වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා*
05 සුව තුරු වෙසෙස් (වෛද්‍ය එම්. එම්. ඒ. තිසේරා*
06 ඖෂධ පැළෑටි 50ක් (ආචාරිනී රෝස් ද ලීමා*
07 ලංකාදිප සුවසෙවණ පුවත් පත

සොයා ගැනීම් සහ ප‍්‍රතිඑල

ගෙවත්තේ සුලභ ව හමු වන ඖෂධ පැළෑටි කිහිපයක ඖෂධ ගුණය පිළිබඳ වැදගත්කම් නැවත නැවත අධ්‍යයනය කළ හැකි වන සේ ව්‍යාපෘති වාර්තාවට ඇතුළත් කිරීම

මගේ ග‍්‍රන්ථය පරිශීලනය කරන්නන්ට, මෙතෙක් ඖෂධ පිළිබඳ ව වටිනාකමක් නොදැන සිටී අය හට ඖෂධ ගුණය පිළිබඳ යම් තරමක හෝ දැනුවත් බවක් ලැබෙනු ඇත.

එමගින් ඔවුන්ගේ ඖෂධ පිළිබඳ දැනුම වැඩි වන අතර නිතැනින් ම ඖෂධ සංස්කරණයට නැඹුරු වනු ඇත.

එතුළින් ව්‍යාපෘති යෝජනාවේ මා සඳහන් කළ අරමුණු සඵල වේ. මා බලාපොරොත්තු වූයේ ඖෂධ පිළිබඳ යහපත් අධ්‍යයනයක් කිරීම යි.

සාකච්ඡුා / ස්වයං ඇගයීම

මෙම ව්‍යාපෘතිය කර ගෙන යාමේ දී නොයෙකුත් සම්පත්වලින් මා හට උපකාර ලැබුණි. ඊට අමතර ව පොත්පත්වලින් ද පුවත්ුපත්වලින් ද තොරතුරු රැුස් කිරීමේ දී මගේ සහෝදර සහෝදරියන්ගෙන් හා පාසලේ යෙහෙළියන් ගෙන් ද මා පිය වැඩිහිටියන්ගෙන් ද උපකාර ලැබුණි. ඒ අයගේ උපකාරවලිනුත් මාගේ උත්සාහය හා කැපවීමෙනුත් ව්‍යාපෘතිය මේ අයුරින් නිම කිරීමට හැකි වීමෙන් මා අපමණ සතුටක් වින්දෙමි. මගේ ව්‍යාපෘතියෙන් මා බලාපොරොත්තු වූ අරමුණු හා නිෂ්ඨා බොහෝමයක් සාර්ථක ව ඉටු වීම මගේ සතුටට හේතුවයි.

නිගමන හා යෝජනා

01 පිරිහී යන දේශීය ඖෂධ කර්මාන්තය යළි නගා සිටුවීමට රාජ’්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන උනන්දු විය යුතු ය.

02 විනාශ වී යන දේශිය ඖෂධ පැළෑටි ආරක්‍ෂා කිරීමට පාසල් සිසුන් වන අප උනන්දු විය යුතු ය.

3 ඔසු උයන් හා ඖෂධ සංරක්‍ෂණ මධ්‍යස්ථාන ඇති කළ යුතු ය.

04 ආයුර්වේද බෙහෙත් ශාලා ඇති කළ යුතු ය.

05 දේශීය වෛද්‍යවරුන්ට විශ‍්‍රාම වැටුප් ලබා දිය යුතු ය.

06 නව පරම්පරාව ඖෂධ භාවිතය පිළිබඳ දැනුවත් කළ යුතු ය.

විද්වතුන්ගේ ඇසින්

ඹෟෂධ පැළෑටි හා ඒවායේ ගුණ

මෙය අධ්‍යයන වර්ගයේ ව්‍යාපෘතියකි. ශිෂ්‍යාව කාලීන මාතෘකාවක් තෝරා ගෙන ඇත. ව්‍යාපෘතිය සැලසුම් කිරීම සහ ක‍්‍රියාත්මක කිරීම කාල රාමුවට අනුව නිවැරදි ව කර ඇති බව නිරීක්‍ෂණය කළ හැකි ය.

සාරාංශය සහ හැඳින්වීම ඉතා ම කෙටියෙන් පැහැදිලි ව ඉදිරිපත් කර ඇත. නමුත් අරමුණුු සහ නිෂ්ඨා ගොඩ නැගීමේ දී පෞද්ගලික සංවර්ධනය ගැන පමණක් අවධානය යොමු කර ඇත. තමා ලබා ගත් දැනුම හුවමාරු කර ගැනීම හෝ බෙදා හැරීමට අදාළ නිපුණතාව සංවර්ධනය සඳහා අරමුණු සකස් වී නැත.

ඉතා නිවැරදි ව ජීව නිදර්ශක එකතු කර ඒවා කල් තබා ගෙන වාර්තාවට අන්තර්ගත කර ඇත. ව්‍යාපෘතියේ ප‍්‍රතිඵල ඇමුණුම් ලෙස දක්වා තිබීම දුර්වලතාවකි.

යම් කිසි පර්යේෂණයක නිගමන හා යෝජනා පර්යේෂණයේ දී ලබා ගත් දත්ත සහ ඒවා විශ්ලේෂණය මත පදනම් විය යුතු ය. මෙම පර්යේෂණය කර ඇත්තේ ඖෂධ පැළෑටි හා ඒවායේ ගුණ ගැන වුවත් නිගමන හා යෝජනා ඉදිරිපත් කර ඇත්තේ ඊට අදාළ ව නො වේ.

එච්. එම්. ආර්. කෝකිලා නන්දනී ප‍්‍රියන්ති
උසස්පෙළ ව්‍යාපෘති භාර ආචාරිනී
(විද්‍යා අංශය*
අම්/බණ්ඩාරනායක බාලිකා විද්‍යාලය

ඖෂධ පැළෑටි හා ඒවායේ ගුණ පිළිබඳ වාර්තාව

ඖෂධීය වටිනාකමක් සහිත දේශීය ශාක විශේෂ සීඝ‍්‍රයෙන් විදේශිකයන් අතට පත් වන වකවානුවක දේශිය ඖෂධ හා ඒවායේ වටිනාකම පිළිබඳ ප‍්‍රජාව දැනුවත් කරන ආකාරයේ ව්‍යාපෘතියක් තෝරා ගැනීම පැසසිය යුතු කරුණකි. ව්‍යාපෘති අරමුණු සුවිශේෂී ව පැහැදිලි ව දක්වා ඇති නමුත් නිෂ්ඨා තුළින් පෞද්ගලික සංවර්ධනය පිළිබඳ පමණක් අවධානය යොමු කර තිබීම දුර්වලතාවකි. ජීව නිදර්ශන සහිත ව එහි විද්‍යාත්මක නාමය, කුලය, උද්භිත ලක්‍ෂණ, වැවෙන ප‍්‍රදේශ, පස ආදී තොරතුරු ඇතුළත් ව ඒවායෙහි ගුණ විස්තර කර තිබීම පාඨකයා තුළ ශාක විශේෂය පිළිබඳ පූර්ණ චිත‍්‍රයක් මැවීමට හේතු වී ඇත. ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කළ ආකාරය, ප‍්‍රතිලාභ පිළිබඳ කරුණු පැහැදිලි ව ඉදිරිපත් කර තිබීම ව්‍යාපෘතියේ යහපත් අංග වේ.

ව්‍යාපෘතියක අඩංගු විය යුතු අංග බොහෝමයක් වාර්තාවේ අන්තර්ගත වුව ද ඒවා ඉදිරිපත් කළ අනුපිළිවෙළ පිළිබඳ සෑහීමකට පත් විය නොහැකි ය. ව්‍යාපෘතියක දත්ත ඉදිරිපත් කිරීම හා විශ්ලේෂණය අනුව නිගමන හා යෝජනා ඉදිරිපත් කෙරේ. එහෙත් අචින්තා ඉෂාරි ශිෂ්‍යාවගේ වාර්තාවේ දත්ත ඉදිරිපත් කිරීම හා විෂ්ලේෂණය යන පියවරට පෙර නිගමන හා යෝජනා ඉදිරිපත් කිරීම ද ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමේ දී සහය දුන්නවුන් සඳහා ස්තුති ප‍්‍රකාශය වාර්තාවේ නිගමන හා යෝජනාවලට පසුව හා දත්ත ඉදිරිපත් කිරීමට ප‍්‍රථම ඇතුළත් කර තිබීම ද නිසා වාර්තාවේ අනුපිළිවෙළේ ක‍්‍රමවත් බව අඩු වී ඇත.

දත්ත මත නිගමන ඉදිරිපත් කිරීමත්, ඒ අනුව යෝජනා ඉදිරිපත් කිරීමත් සිදු වුව ද දත්ත විශ්ලේෂණයට අනුව නිගමන ඉදිපත් කර නොතිබීම විශේෂ දුර්වලතාවකි. ව්‍යාපෘතියට සම්බන්ධ නො වන යෝජනා ගණනාවක් ඉදිරිපත් කර ඇත.

උදා: දේශීය වෛද්‍යවරුන්ට විශ‍්‍රාම වැටුපක් ලබා දීම

ව්‍යාපෘති වාර්තාව සකස් කිරීමේ දී මනා මග පෙන්වීමක් පැවතියේ නම් ඇය ගත් උත්සාහයේ අවසාන ප‍්‍රතිඵලය වඩා සාර්ථක එකක් වනු ඇත. මෙවැනි අඩුපාඩු මධ්‍යයේ වුව ද මනා නිමාවකින් යුතු ව වාර්තාව ඉදිරිපත් කිරීමට ගත් උත්සාහය අගය කළ හැකි ය. වාර්තාවේ ආකෘතිය අලංකාර වීම විශේෂ ලක්ෂණයකි.

ශිරානි පුෂ්පලතා
සහකාර ව්‍යාපෘති නිලධාරී
පර්යේෂණ හා සංවර්ධන දෙපාර්තමේන්තුව
ජාතික අධ්‍යාපන ආයතනය – මහරගම