Project – 27

නිවුන් ලෝකය දකිමු

නිවුන් ලෝකය දකිමු යනු, සමනිවුන් ජෝඩුවල අත්දැකීම් සහ ඔවුන් ප‍්‍රකාශ කරන අදහස් පිළිබඳ ආඛ්‍යාන දත්ත එකතු කිරීමට සැලසුම් කළ ගුණාත්මක පර්යේෂණයකි. එහි දී පහත සඳහන් අංශ කෙරේ අවධානය යොමු විණි.

 නිවුන් පුද්ගලයින් ගැන ඔවුන් සිතන්නේ කුමක් ද?
 නිවුන් වීම ගැන ඔවුන් සිතන්නේ මොනවද?

පර්යේෂණයේ පළල් අරමුණ වන්නේ නිවුන් පුද්ගලයින් වීම පිළිබඳ අත්දැකිම් හෙවත් නිවුන්භාවය පිළිබඳ අපේ අවබෝධය වැඩි දියුණු කිරීමයි. නිවුන්භාවය යන පදනම මත අර්ථවත් ව ජීවිත ගොඩ නගා ගන්නේ කෙසේ ද? යන්න අවබෝධ කර ගැනීම යි. නිවුන්නු තමන් පිළිබඳ ව සංජානනය කරන්නේ කෙසේ ද? ඒවා ජීවිත කාලය තුළ වෙනස් වන්නේ කෙසේ දැ යි හඳුනා ගැනීම ද මෙහි අරමුණ අතර වේ.

වසර දහස් ගණනක් මිනිස්සු, සම නිවුන්නු නිසා ආශ්වාදය ලැබූහ. ශතවර්ෂයක සිට මනුෂ්‍ය ශරීරය යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද යන්න ගැන මානව විද්‍යාඥයන් කුතුහලයෙන් යුතුව විමසා බලා ඇත. උසස් පෙළ ශිෂ්‍යයකු වශයෙන් මම සමනිවුන් පුද්ගලයන්ගේ අනන්‍යතාව පිළිබඳ අධ්‍යයනය කළෙමි. නිවුන් යුගල ගණනාවකින් දත්ත රැුස් කළ අතර, යුගල 10කින් ඔවුන්ගේ බුද්ධිමය ප‍්‍රවේශය පිළිබඳ ව සුවිශේෂී අධ්‍යනයක් කළෙමි.

අරමුණු

තමන් නිවුන් පුද්ගලයන් වීම නිසා ලබන අත්දැකීම් පදනම් කොට ගෙන නිවුන්නු භාවිත කරන ප‍්‍රජානන ලේඛන පරාසය හඳුනා ගැනීම ය. පර්යේෂණයේ මධ්‍ය පරමාර්ථය සම නිවුන්නු තමන්ගේ ම ලෝකය නිරූපණය කරමින් විවිධ සමාජ ආර්ථික සංදර්භ තුළ සහ ඔවුන්ගේ විවිධ ජීවන අවධි තුළ පුද්ගලික ව හා කාණ්ඩ ලෙස අනන්‍යතා රැුකගන්නා අයුරු අධ්‍යයනය කිරීම යි.

ක‍්‍රියාත්මක කිරීම

x වෛද්‍යමය නොවන ව්‍යාපෘතියට සහභාගි වීම සඳහා කැමැත්ත ලබා ගැනීමේ ප‍්‍රකාශයකට අත්සන් ගැනීම
x ප‍්‍රශ්න නිවුන්නුන් භාවිත කරන භාෂාවට හැරවීම සහ විවෘත සම්මුඛ සාකච්ජා මගින් අඛ්‍යාන දත්ත උත්පාදනය කර ගැනීම
x සම්මුඛ සාකච්ජා පටිගත කර ඒවා පිටපත් කර අඛ්‍යාන විශ්ලේෂණය කිරීම
x අන්තර්ජාලය සහ පොත්වලින් දත්ත රැුස් කිරීම
x මේ ව්‍යාපෘතිය අවසාන කරනුයේ නිවුන්නු පිළිබඳ පළල් ලෙස දැනුම ලබා ගැනීමට හැකි වන පරිදි ය.

විද්වතුන්ගේ ඇසින් :ඛදදනසබට ඔයරදමටය එයැ ඔඅසබි උදරකා*

වර්ෂ 1998 දී හඳුන්වාදුන් අ.පො.ස (උ.පෙ* ප‍්‍රතිසංස්කරණ යටතේ, දිවිපැවැත්ම සඳහා නිපුණතා ව්‍යාපෘති හඳුන්වා දෙන ලදී. එහි ප‍්‍රධාන අරමුණක් වූයේ, පාසල් විෂයමාලාවේ විෂයය ආශ‍්‍රිත දැනුම හා කුසලතා ලබා ගැනීමට අමතර ව වර්තමාන ලෝකය දෙස විවෘත මනසකින් බැලීමටත්, නිර්මාණශීලී චින්තනය අවධි කිරීමට අවශ්‍ය පසුබිම සිසු මනස තුළ රෝපණය කිරීමයි. ඒ සඳහා සිසුන් තමා විසින් ම තෝරාගත් තේමාවක් පදනම් කරගෙන ව්‍යාපෘති ක‍්‍රියාවලියේ නිරත කරවීමය. මේ පදනම යටතේ ස්වකීය ව්‍යාපෘතිය සඳහා සකුනි කල්්‍යාණරත්න ශිෂ්‍යාව විසින් තෝරාගෙන ඇති තේමාව පිළිබඳ විශේෂයෙන් යමක් සඳහන් කළ යුතුය. ර්‍ණඛදදනසබට ඔයරදමටය එයැ ඔඅසබි උදරකා” යනුවෙන් වූ ඒ තේමාව සලකා බලන විට ශිෂ්‍යාව, ගතානුගතිකත්වයෙන් තොර, විවෘත මනසකින් ක‍්‍රියාකරණ සංස්කෘතියකින් සමන්විත බව සඳහන් කරන්නේ සතුටිනි. ……………… උසස් පෙළ ව්‍යාපෘති ක‍්‍රියාවලිය තුල මූලික ව සිසුන් යොමු කරනු ලබන්නේ, තමන්ට ම පහසුවෙන් කළමණාකරනය කරගත හැකි තේමාවන් තෝරා ගැනීමටය.. ඒ අනුව මෙම ව්‍යාපෘති තේමාව කෙතරම් දුරකට උසස් පෙළ සිසුවකුට කළමණාකරනය කරගත හැකි ද යන්න සිතා බැලිය යුතු ය………………. තොරතුරු රැුස්කිරීම පමණක් ව්‍යාපෘතියක සාර්ථකත්වය මැනීමේ නිර්ණායකයක් නොවන බව පැහැදිලි ය.

මෙම ශිෂ්‍යාව තෝරාගෙන ඇති ව්‍යාපෘති තේමාව ප‍්‍රධාන වශයෙන් ගවේෂණාත්මක ව්‍යාපෘති ඝනයට අයත් බව සඳහන් කිරීම උචිත යැයි සිතමි. නමුත් මෙයින් යම් නව දැනුමක් ගොනු වී ඇත්දැයි විමසා බැලිය යුතු ය. විශේෂයෙන් ව්‍යාපෘති වාර්තාව සකස් කිරීමේ දී දක්වන ලද උනන්දුව අගය කළ යුතු ය. දත්ත විශ්ලේෂණය පිළිබඳ ව තවදුරටත් අවධානය යොමු කළ යුතුව තිබුණි. මෙම ව්‍යාපෘතිය බොහෝදුරට, ගුණාත්මක :ූම්කසඒඑසඩැ* දත්ත පදනම් කරගත් බැවින් දත්ත විශ්ලේෂණය සංකීර්ණ විය හැකිය. ව්‍යාපෘති යෝජනාවට අනුව, අන්තර්ජාලය හරහා දත්ත හා තොරතුරු ලබා ගැනීමට අපේක්ෂා කළ ද, ව්‍යාපෘති යෝජනාවේ අදාල වෙබ් අඩවි සඳහන් කර නැත. කෙසේ වෙතත්, මෙම ව්‍යාපෘතියේ නියැලීමේ දී සකුනි ශිෂ්‍යාවගේ උත්සාහය බෙහෙවින් අගය කළ යුතු ය. තොරතුරු රැුස්කිරීම සඳහා ගෙන ඇති උනන්දුව ප‍්‍රශංසා කටයුතු ය. තවද පුද්ගලයින් හා සම්මුඛ සාකච්ඡුා පැවැත්වීමෙන් නිවැරදි තොරතුරු ලබා ගැනීම එතරම් පහසු කාර්යයක් නොවේ. එම අභියෝගය ද ජයගෙන ඇතැයි සිතමි. තවද පුළුල් වයස පරාසයක පුද්ගලයින්, සම`ග සම්මුඛ සාකච්ඡුා පවත්වා තොරතුරු රැුස් කිරීම, ධනාත්මක ලක්‍ෂණයකි. යම් පුද්ගලයකු විසින් ක‍්‍රියාත්මක කරණ ව්‍යාපෘතිය, සියයට සියයක්ම සාර්ථක නොවන්නට පිළිවන. නමුත් තමන් ක‍්‍රියාත්මක කරන ව්‍යාපෘතිය හරහා ලබා ගන්නා අත්දැකීම්,ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට පමණක් නොව තම පෞද්ගලික ජීවිතය සාර්ථක කර ගැනීමට ද යොදා ගත හැකි ය.

එච්. ජයසිංහ මහතා
අධ්‍යක්ෂ, තොරතුරු තාක්ෂණය
ජාතික අධ්‍යාපන ආයතනය.