Project – 25

වතුකරයේ ජනතා ගැටළු

හැ`දින්වීම

වතුකරයේ ජනතාවට ඇති වන ආර්ථික අපහසුතා හා ඇතිවන්නා වූ සෞඛ්‍ය ගැටලූ පිළිබඳ දත්ත රැුස් කර, ඒ පිළිබඳ අධ්‍යයනයක නිරත වීම, ඔවුනට ඇති නිවාස ප‍්‍රෂ්ණය ඇතුළු ව යටිතල පහසුකම්වල ඇති අඩු ලූහුඬුකම් පිළිබඳ අධ්‍යයනයක නිරත වීම හා මෙම ගැටලූ වල දී ඔවුනට ආධාර දෙන සමිති සමාගම් දේශීය හා ජාත්‍යන්තර සංවිධාන පිළිබඳ දත්ත රැුස් කිරීම සඳහා ව්‍යාපෘතිය සිදු කෙරිණි.

අරමුණු

වතුකරයේ ජනතාවගේ ආර්ථිකමය අපහසුතාවලට හේතු ලූහුඬින් සමීක්‍ෂණය කිරීම, වැළදෙන්නා වූ ලෙඩ රෝග හා ඊට බලපාන හේතු සරල ව සොයා බැලීම, නිවාස ප‍්‍රශ්නය හා අනෙකුත් සමාජයීය ගැටලූ වලට හේතු සොයා බැලීම හා එම අවස්ථාවල දී ආධාර දෙන සංවිධාන, සමිති සමාගම් හා පුද්ගලයන්ගෙන් සිදු වන සේවය පිළිබඳ ඇගයීමක් කිරීම.

ක‍්‍රියාත්මක කරන ආකාරය

ව්‍යාපෘතිය සඳහා සියලූ කටයුතු සූදානම් කිරීමෙන් අනතුරු ව අගෝස්තු මස දෙ වන සතියේ සිට පිළිවෙලින් තේ හා රබර් වත්තට ගොස් වතුකරයේ ජනතාවගේ, ව්‍යපෘතියට අවශ්‍ය, අදාළ ප‍්‍රශ්න පිළිබඳ දත්ත රැුස් කිරීම හා විශ්ලේෂණය කිරීම, එම ගැටලූ වල දී ආධාර දෙන පුද්ගලයින් සමිති සමාගම්, දේශීය හා ජාත්‍යන්තර සංවිධාන පිළිබඳ ව දත්ත රැුස් කිරීම හා විශ්ලේෂණය කිරීම, වෙනත් වග කිය යුතු පුද්ගලයන් සමඟ සාකච්ඡුා කර අවසානයේ ප‍්‍රගති සමාලෝචනය සිදු කිරීම මගින් ඔක්තෝබර් මස අවසාන සතිය වන විට ව්‍යාපෘතියේ වැඩ කටයුතු අවසාන කිරීම.

විද්වතුන්ගේ ඇසින්
”වතුකරයේ ජනතා ගැටළු………” ව්‍යාපෘතිය පිළිබඳ අදහස්
ව්‍යාපෘති වාර්තාව දෙස ආචාර ධර්ම දෘෂ්ටි කෝණයෙන්
සිදත් රණබා කල්‍යාණරත්න ශිෂ්‍යයා ගේ වතු ප‍්‍රජාව කෙරේ වූ ප‍්‍රගමන බාධා යන ව්‍යාපෘති වාර්තාව ඉංග‍්‍රීසි බසින් රචිත ය. ”කවුළු අතරින් බැල්මක්” යන පාඨයෙන් ඇරඹෙන ප‍්‍රවේශයකින් ද ස්තුතිය, හැඳින්වීම, නිවාස, සෞඛ්‍ය, ජල සැපයුම හා සනීපාරක්ෂාව, ළමා උවටැන, වතු සේවකයන් ගේ මුල්‍යමය ප‍්‍රගමන බාධා හා ඊට හේතු, අධ්‍යාපනය හා යටිතල පහසුකම් භාර අරමුදල සහ ඔවුන්ගේ දැක්ම යන අනුමාතෘකාවලින් ද ව්‍යාපෘති යෝජනාවකින් ද ව්‍යාපෘති වාර්තාව සමන්විත වේ.

ව්‍යාපෘති වාර්තාව, දෘෂ්ටි කෝණ දෙකකින් ඇගයුමට ලක් කිරීමට කැමැත්තෙමි. ඒ ආකෘතිමය දෘෂ්ටියෙන් හා අන්තර්ගතමය දෘෂ්ටියෙනි.

ආකෘතිමය දෘෂ්ටිය
ව්‍යාපෘති වාර්තාවේ විශේෂත්වය, එහි ඊට ම ආවේණික ආකෘතියෙන් මොනවාට විසද වේ. කල්‍යාණරත්න ශිෂ්‍යයා ගේ ව්‍යාපෘති මාතෘකාවට අදාළ දැක්ම, ”කවුළු අතරින් බැල්මක්” යන ප‍්‍රවේශ සඳහනින් පැහැදිලි කරන අතර ම, එම දැක්මට ඉතාමත් උචිත පිට කවරයක් වාර්තාවට ඇතුළත් කර ඇත. පිට කවරය ව්‍යාපෘති වාර්තාවෙන් ආමන්ත‍්‍රණය කරන තේමා නිරූපණය වන පරිදි ද ඒ ඒ තේමා දෙස ශිෂ්‍යයා බලන දෘෂ්ටිය නිරූපණය වන අයුරු ද ඡුයාරූප එකතුවකින් යුතු ව කවුළු සමූහයක් සහිත ව සකස් කර තිබේ. කවරය නිර්මාණාත්මක ය. වාර්තාවේ තේමාව ද උප තේමා ද උද්දීපනය කරන සුළු ය. කවරයේ ඇති නිර්මාණාත්මක බව වාර්තාවේ ඇතූළු පිටුවල ද දක්නට ලැබේ. වාර්තාවේ පිටු අංක කර තිබෙනුයේ නව ශෛලියෙනි. එය වාර්තාවේ පිටුවලට නව අලංකාරයක් එකතු කර තිබේ. සෑම පිටුවක් ම වටා රාමුවක් ද වේ. නිල්පාට පෑනෙන් අතින් ලියන ලද වාර්තාවේ ලියූ දෑ ඉස්මතු වීමට මේ රාමුව හා අංකන රටාව ඉවහල් වී තිබේ. ඒ ඒ තේමාවේ මාතෘකා කළු ලොකු අකුරින් සඳහන් කර අවධාරණයට ලක් කර ඇත. වචන අතර පේළි අතර පරතරය ද වමට බර පෙළ ගැන්නුම ද සහිත ව අතින් ලියූ ආකාරය වෙසෙසින් පැසසුම් කටයුතු ය. වාර්තාවේ සෑම තේමාවකට ම අදාළ ව ඇතුළත් කර ඇති ඡුයාරූප අලවා ඇති රටා ද විවිධ ය; අලංකාර ය; උචිත ය; වැඩක් කිරීමේ දී තිබිය යුතු පිළිවෙළට වැඩ කිරීමේ විනය නිරූපනය කර ඇත. මේ අයුරින් වාර්තාවේ ආකෘතිය සකසා ඇති ආකාරය කල්‍යාණරත්න ශිෂ්‍යයා තමා සතු පිළිවෙළකට, ක‍්‍රමානුකූල ව, එසේ ම වෙසෙසින් කිව හොත් ආචාරධර්මානුකූල ව වැඩ කිරීමේ පුරුද්ද, පෙන්වා දී ඇත.

පිළිවෙළ – ක‍්‍රමානුකූල බව අපට අවබෝධ වන සංකල්ප දෙකකි. මේ සඳහා ආචාරධර්මානුකූල බව යන් කවරේ ද?

අප පර්යේෂණ හා ව්‍යාපෘති කරනුයේ සමාජයේ යහපත උදෙසා ය. දැනුම ලබා ගැනීමේ ඒකායන පරමාර්ථයෙන් මේවායේ නිරත වන පර්යේෂකයකු ගේ ව්‍යායාමයේ අවසාන ඵලය, ඔවුනට දැනුවත් ව හෝ නොදැනුවත් ව සිදු වන සමාජ යහපත යි. අප කරන දෑ පිළිවෙළට- ක‍්‍රමානුකූල ව සමාජයට ලබා දීම යනු සමාජයට කරන ගෞරවයකි; සැලකීමකි. අප කොතරම් හොඳ දෙයක් කළත්, එය සමාජයට නොතේරෙන්නේ නම් ග‍්‍රහණය කර ගත නොහැකි නම් එය සමාජ ආචාරධර්ම හා නො ගැළපේ.

නුතන විද්‍යාව ඇරඹුණේ, ගැලීලියෝ ගැලීලි නම් මහා විද්‍යාඥයා, පීසා කුලූණ මත නැගී කළ ස්කන්ධය – බර සැහැල්ලූ වස්තු දෙක ජනතාවට දර්ශනය වන ලෙස පොළොවට පතිත කළ අවස්ථාවේ බවට මතයක් පවති. මෙහි දී ගැලීලියෝ කළේ තමා සොයා ගත් දැනුම ජනතාවට ප‍්‍රකාශ කිරීම යි. ලේඛනය හෝ පරිගණක ප‍්‍රබල නොවූ එකල ගැලීලියෝ තම යුතුකම ඉටු කළේ එපරිදි ය. මෙය නව විද්‍යාවේ ඇරඹුම ලෙස සැලකීම තාර්කික වන්නේ ද මේ සමාජ යුතුකම කරණ කොට ගෙන ය.

මේ පදනම මත ව්‍යාපෘති වාර්තා නිම කරන සියලූ සිසුන්, ස්වකීය වාර්තාවේ අන්තර්ගතය මෙන් ම සමාජයට ඉදිරිපත් කරන ආකෘතිය ගැන ද අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය බව පවසනු කැමැත්තෙමි.

අන්තර්ගතමය දෘෂ්ටිය
ව්‍යාපෘති වාර්තාවේ අන්තර්ගතය, වතු ප‍්‍රජාව ගේ ජීවිතය හා එහි වී ඇති වෙනස්කම් විවිධ ආකෘති තුළින් හඳුනා ගැනීමට ගත් උත්සාහයක ප‍්‍රතිඵලයකි. රැුස් කර ගත් කරුණු සහ සංකල්ප ක‍්‍රමානුකූල ව ගොනු කිරීමෙන් ද කරුණු හා සංකල්ප පැහැදිලි කිරීමට හා උද්දීපනය කිරීමට ද තහවුරු කිරීමට ද ඡුායාරූප දහසයක් යොදා ගැනීමෙන් ද අන්තර්ගතය සරු කිරීමට සමත් ව ඇත. කරුණු සංස්ලේෂණාත්මක ව ඉදිරිපත් කිරීම සඳහා භාවිතා කර ඇති භාෂාවද ව්‍යාපෘති වාර්තාවට උචිත ය. සිතියම් හා කටුසටහන් හතරද අන්තර්ගත කරුණු පැහැදිලි කිරීම සඳහා උදව් වේ.
අන්තර්ගතයේ ඇති දුර්වලතාවක් වනුයේ ව්‍යාපෘති අරමුණු සහ ක‍්‍රමය අධ්‍යාහාරයෙන් සිතා ගැනීමට ඉඩ සලසන සේ වාර්තාව සැකසී තිබීම යි. ප‍්‍රවේශයේ ද ස්තූතියේ ද වාර්තාව අග ඇති පර්යේෂණ යෝජනාවේ ද අරමුණු සහ එය කරන පිළිවෙළ දක්වා ඇතත්, දත්ත ලබා ගැනීමේ මාර්ග සඳහන් කර ඇතත්, වාර්තාවේ කොටසක් හෝ පරිච්ෙඡ්දයක් වශයෙන් එය විස්තරාත්මකව දක්වා නැත. එය ඌනතාවක් ලෙස දෘෂ්ටි කෝණ දෙකකින් දකිමි.
 පළමු ව එනිසා ව්‍යාපෘති වාර්තාවේ ඇතුළත් විය යුතු කොටසක් රහිත වාර්තාවක් බවට මෙය පත් වී තිබේ.
 දෙවනුව කියවන්නාට ද සමාජයට ද ව්‍යාපෘති වාර්තාව සිදුවුණු ආකාරය හා කළ ආකාරය ගැන දැන ගැනීමේ ලා ඇති ආචාරධර්ම අයිතිය ද ඒ දැනුම ලබා දීමෙහි ලා ලේඛක සතු සදාචාරමය අයිතිය ද මේ ව්‍යාපෘතිය මගින් රැුක නැති බව පවසන්නේ මේ ඌනතාව අප සමාජයේ සෑම ක‍්‍රියාවලියකට ම පොදු ලක්ෂණයක් වී ඇති නිසා ය.
ඵලය වැදගත් ය. ඵලය ලබා ගත් ආකාරය ද ඒ හා සමාන ව ම වැදගත්ය.

ආචාර්ය ගොඞ්වින් කොඩිතුවක්කු
අධ්‍යක්ෂ, පර්යේෂණ සහ සංවර්ධන දෙපාර්තමේන්තුව
ජාතික අධ්‍යාපන ආයතනය.