Project – 23

වැඩිහිටි නිවාස ආශ‍්‍රිත ගැටලූ
එච්.එම් මධූෂි හේරත්, කුලි/කහදුල්ල ධර්මරාජ ආදර්ශ විද්‍යාලය, 13 වසර ්, 2000-2002( ්ඛ*
හැ`දින්වීම
වැඩිහිටියන් යනු කවුරුන් දැ යි නොදන්නා තරමට අද සමාජය පිරිහී ඇත. වැඩිහිටි නිවාස ඇති වීමට මූීලික හේතුව වී ඇත්තේ ද ඔවුනට නොසැලකීම යි. පුද්ගලයන් වැඩිහිටියන් වූ විට, එනම් ඔවුන් වයස් ගත වූ විට ඔවුහු පොඩි දරුවන්ගේ තත්ත්වයට පැමිණෙති. පොඩි දරුවකු බලා ගන්නවා මෙන් ඔවුන් ද රැුක බලා ගත යුතුය. එහෙත් ඔවුන් රැුක බලාගත නොහැකි තත්ත්වයේ දී දරුවෝ, වැඩිහිටියන් ව වැඩිහිටි නිවාස කරා යොමු කරති. එවිට එම නිවාස තුළ දී ද ඔවුහූ විශාල අර්බුදයකට මුහුණ දෙති.
වැඩිහිටි නිවාස අවම තත්ත්වයට පත් කර ගැනීමට නම් අප විසින් ඒවා අධ්‍යයනය කර සුදුසු ක‍්‍රියාමාර්ග අනුගමනය කළ යුතු ය. සමාජය ගොඩ නංවා වැඩිහිටියන් ද රැුක බලා ගෙන ඔවුන්ගේ ප‍්‍රශ්න වලට විස`දුම් දිය යුතුය. වැඩිහිටියන් මුහුණ පාන ගැටලූවලට ද විසඳුම් සොයා දිය යුතු ය. මෙම ව්‍යාපෘතියේ පරමාර්ථ ඒවා ය.
අභිමතාර්ථ
1. වැඩිහිටියන්ට සැලකීමට හුරු වීම පුරුදු වීම
2. ජීවිතයේ ඇති වැදගත්කම වටහා ගැනීම
3. සමාජයේ හොඳ පුරවැසියකු වීම
4. වැඩිහිටියන් ආරක්ෂා කර ගැනීම පිළිබඳ ව සමාජය දැනුවත් කිරීම
5. වැඩිහිටියන් තේරුම් ගැනීම
6. දෙමාපියන් ද අතිශයින් ම දැනුවත් කිරීම
ක‍්‍රියාත්මක කළ ආකාරය
ගුරුවරුන් හා වැඩිහිටි නිවාසවල පුද්ගලයින් සම`ග සාකච්ඡුා කොට අවශ්‍ය කරුණු රැුස් කරන ලදී.
දත්ත හා දත්ත විශ්ලේෂණය
1. වැඩිහිටියන් සඳහා අවශ්‍ය නිවාස
වැඩිහිටියන් සඳහා වඩාත් ම වැදගත් නිවාස වනුයේ; නිස්කලංක පරිසරයක තැනූ, කලාත්මක අංශයට නැඹුරු වූ, තනිව හැසිරීමට ඉඩ ඇති, කිසිවකුගෙන් හෝ කරදරයක් සිදු නොවන, තනි තට්ටුවක නිවසකි.
2. වැඩිහිටියන් පාලනය කිරීම
වැඩිහිටියන් රැුක බලා ගැනීමට වඩා අසීරු වූ කාර්යය වනුයේ ඔවුන් පාලනය කිරීම ය. වැඩිහිටි නිවාස කරා ඔවුන් යොමු වීමට ප‍්‍රධාන ම හේතුව වනුයේ ඔවුන්ගේ පැරණි චාරිත‍්‍ර අමතක කිරීමට නොහැකි වීම ය. අද සමාජ තත්ත්වය ඔවුන්ට තේරුම් කර දී පාලනය කර ගැනීමේ හැකියාව අප තුළින් බැහැර වී ඇත. මේ අවස්ථාවල දී වැඩිහිටියන් ද අනෙකුත් පුද්ගලයන් ද පාලනය කිරීම ඉතා අපහසු ය. මේ අවස්ථාවල දී අප කළ යුත්තේ වැඩිහිටියන්ට අවශ්‍ය පරිදි යමක් තේරුම් කර දී පාලනය කර ගැනීම ය. පුද්ගලයින් වයසට ගිය පසු පොඩි දරුවන්ගේ තත්ත්වයට පත් වෙයි. නමුදු පොඩි දරුවකු සේ තලා පෙළා කරුණු පහදා දීමේ හැකියාවක් ඔවුන් තුළ නො පවති.
වැඩිහිටියන් පාලනය කිරීමට වඩා අපට වැඩි වශයෙන් ම වැදගත් වනුයේ ඔවුන්ගේ මනස තේරුම් ගැනීම ය.
ඔවුන් පසු වන මානසිකත්වය හොදින් වටහා ගෙන ඊට සුදුසු පියවර අනුගමනය කළ යුතු ය. වැඩිහිටි නිවාස තුළ දී එනම් වැඩිහිටි අසරණයින් බලා ගනු ලබන අනාථ නිවාසවල දී ඔවුන් ව ක‍්‍රමවත් අයුරින් පාලනය කරනු ලබයි. ඔවුනට දින චර්යාවක් කළමනාකාරක තුමන් විසින් ලබා දී තිබේ. එම කාලසටහනට අනුව දිනය ගෙවීමෙන් ඔවුන් ව වෙනත් අයුරකින් පාලනය කිරීමක් ද දැනුම් දීමක් ද අවශ්‍ය නො වේ.
3. වැඩිහිටියන් ආරක්ෂා කිරීම
පොඩි කාලයේ දී වැඩිහිටියන් අපට හරි මඟ කියා දී ලොකු මහත් කර, පසුව අනාගතයේ දී හොඳ පුරවැසියකු ලෙස, රටට භාර කරන්නේ ද ඔවුන් ඉතාම අවංක පුද්ගලයින් නිසා ය. ඔවුහූ අප ව කුඩා කාලයේ දී හොඳින් රැුක බලා ගනිති. ලෙඩ දුක්වල දී පිහිට වී ආරක්ෂා කරති. ඔවුන් වයස්ගත වෙද්දී අප ඔවුන් ව ආරක්ෂා කළ යුතු ය. නමුත් වර්තමානයේ මෙම තත්ත්වය පෙරට වඩා බෙහෙවින් අඩු වී ඇත.
4. වැඩිහිටියන්ට සැලකීම
අද අපේ රට බොහෝ සෙයින් පිරිහී ඇත්තේ වැඩිහිටියන්ට නොසැලකීම හේතුවෙනි. ඔනුන්ට අවශ්‍ය පරිදි ආහාර පාන ආදිය ද, ආගමික පූජා ද ලෙඩ රෝගවලට ප‍්‍රතිකාර ද, ඇදුම් පැළඳුම් ද, ලබා දී හැකි අයුරින් සියලූ ම වැඩිහිටියන්ට සැලකීම, සිත සතුටින් තිබීමට කටයුතු කිරීම වැනි කරුණු මේ අතර ප‍්‍රධාන තැනක් ගනී.
5. වැඩිහිටියන් සමඟ නිතර ම කතා කිරීම
අප අතින් සිදු වන එක වරදක් ලෙස, වැඩිහිටියන් කොන් කිරීම, එනම් හිත රිදෙන අයුරින් හැසිරීම හැ`දින්විය හැකි ය. මේ නිසා අප නිතර ම වැඩිහිටියන් සමඟ කතා කර ඔවුන් ව හඳුනා ගෙන සතුටින් සිටීමට උත්සහ කළ යුතු ය. එනම් ඔවුන් සමඟ නිතර ම කතා කර ඔවුන්ගේ ප‍්‍රශ්න ගැටලූ හඳුනා ගෙන සුහද ව කටයුතු කිරීමෙන් ඔවුන් සේ ම අපට ද ඉමහත් ප‍්‍රීතියක් ලැබෙනු ඇත.
6. ආහාර හා පෝෂණය
අප විසින් වැඩිහිටියන්ට ආහාර හා පෝෂණය ලබා දීමේ දී සැලකිලිමත් විය යුතු කරුණු රාශියක් ඇත. වයස් ගත වූවන් සඳහා අවශ්‍ය විවිධ ආහාර පාන වර්ග විවිධ ආකාරයෙන් ඇත. ශරීරයේ ක‍්‍රියාකාරිත්වය සාමාන්‍ය මට්ටමක පවතින ආහාර වර්ග මේ සඳහා සුදුසු වේ. ඔවුන්ට ඇති වන විවිධ රෝගවලින් මිදීමට නම් ශරීරයට ලබා දෙන ආහාර ගැන වැඩි සැලකිල්ලක් දැක්විය යුතු ය.
ඒ අතර ඔවුන්ට බත් දෙන විට පෝෂ්‍ය ගුණයෙන් වැඩි එළවළු සමඟ ලබා දිය යුතු ය. එනම් සෑම දිනක ම දිවා ආහාරය සඳහා පලා ඇඹුලක්, අල වර්ගයක්, කරවල මාලූවක් වැනි දෑ එක් කළ යුතු ය. උදය ආහාර වේල සඳහා අනිවාර්යයෙන් ම සැහැල්ලූ ආහාර වේලක් ගත යුතුය. රාත‍්‍රිය ස`දහා ද එවැනිම සැහැල්ලූ ආහාර වේලක් ලබාදීම සුදුසු වේ..
7. ආගමික වතාවත් සඳහා යොමු කිරීම
වැඩිහිටි පුද්ගලයන් ආගමික වතාවත් සඳහා යොමු කරවීම අප විසින් ඉටු විය යුතු ඉතා වැදගත් කි‍්‍රයාවකි. වැඩිහිටි පුද්ගලයන් බහුතරයක් ඒ සඳහා වැඩි නැඹුරුතාවක් දැක්වීමටත්, ඔවුන්ගේ අධ්‍යාත්මික දියුණුව වර්ධනය කිරීමටත් මෙය බොහෝ සේ ඉවහල් වේ. මෙහි දී ඔවුනට ඒ සඳහා සුදුසු පසුබිමක් සකස් කර දීමත් අප විසින් ඉටු කළ යුතු අංගයකි.
8. වැඩිහිටියන්ට වැළදෙන රෝග
පුද්ගලයෝ වැඩිහිටියන් වූ දා සිට ම නොයෙකුත් රෝගවලට ගොදුරු වෙති. වැඩි වශයෙන් මානසික තත්ත්වය අතින් අසරණ වෙති. එවිට ශාරීරික ආබාධ ඇති වේ. වැඩිහිටි නිවාස තුළ දී මෙම තත්ත්වය බොහෝ දුරට අඩු වී යනු ඇත. එනම් ඔවුන්ට ඉතා ම පිරිසිදු මානසිකත්වයක් ලබා දීම නිසා ය. ඔවුන්ට අංශභාගය වැනි බරපතල රෝග ද පපුවේ අමාරු, වාත අමාරු, වැනි රෝග ද බහුලව වැළඳෙයි. එනම් වයස් ගත වූවන්ට රෝග වැළඳීමේ ප‍්‍රවණතාව සුළභ වීම නිසා ය. ශරීරය දුර්වල වීමත් සමඟ ම මෙම තත්ත්වය හට ගනී. නිරෝගී සැහැල්ලූ ජීවිතයකට අවතීර්ණ වූ විට රෝග වැළදීම අවම කර ගත හැකි ය. තව ද ඇදුම, වාත අමාරු, එනම් කොන්දේ කැක්කුම, කකුල් කැක්කුම වැනි දේ ද මානසික අතින් බැලූ විට මොළේ පිස්සු ගතිය ද, සිහිය විකල් වීම ආදිය ද දැක්විය හැකි ය. නිතරම වැළදෙන උණ රෝග ද, ඔවුන්ට වැළඳිය හැකි ය. මේවා යම් අවස්ථාවල දී ඉතා දරුණු තත්ත්වයට හැරේ.
්ාා එයැ චසජඑමරු
9. රෝග විනිශ්චය කරන ආකාරය
මුලින්ම අප විසින් වැඩිහිටියන්ට සෑදෙන රෝග ගැන අවබෝධයක් ලබා ගත යුතු ය. අසාධ්‍ය ලෙස ඔවුන් රෝගාතුර වු විට වෛද්‍යවරුන් මගින් ප‍්‍රතීකාර ලබා දිය යුතුය. මානසික ආතතිවල දී ද වෛද්‍යවරයකු වෙත යොමු කර ඒ සඳහා නිසි ප‍්‍රතිකාර ලබා දිය යුතු ය. ඒ වගේ ම ඉංග‍්‍රීසි බෙහෙත් ද, සිංහල බෙහෙත් ද, ඔවුනට ලබා දිය යුතු වන අවස්ථා ද ඇත.
10. රෝගවලින් වළක්වා ගැනීම
වැළඳී ගෙන එන රෝගවලින් මිදීමට මාර්ගයක් අප ඔවුන්ට කියා දිය යුතු ය. එවිට කිසිදු කරදරයක් නොමැතිව රෝගවලින් වැළකීමට හැකි ය. වැඩි වශයෙන් ම වැඩිහිටියන්ට හවස් වී නෑම සුදුසු නැත. තව ද මහන්සි වී ශරීරය වෙහෙසීම වැනි දේවලින් ද ආරක්ෂා විය යුතු ය. නෑමට දහවල් කාලය යොදා ගත යුතු ය. ශරීරය වෙහෙස නොකර, නිකරුනේ කාලය ගත කිරීම ද විවිධ රෝගවලට මුලාරම්භයක් වේ. එවැනි අවස්ථාවලදී අප විසින් කළ යුත්තේ තැනට සුදුසු නුවණ යොදා කටයුතු කිරීමය. තමාගේ ශරීරය තමන් විසින් ම පාලනය කර ගත යුතු ය. අවශ්‍ය තරමට ආහාර ද ගත යුතුය.
11. වැඩිහිටි නිවාස පිරිසිදු කිරීම
තමන් අසරණ තත්ත්වයට පත් වු විට, කර කියා ගත හැකි දෙයක් නොවන විට රෝගවලට ද ගොදුරු වේ. එම නිසා වැඩිහිටි නිවාස මෙන් ම ඒ අවට පරිසරය ද පිරිසිදු විය යුතු ය. මෙම වැඩිහිටි නිවාසවල වෙසෙන්නන්ට මේවා පිරිසිදු කිරීමට අපහසු ය. නමුදු සමහර අවස්ථාවල දී තමාගේ කාමරය, නිවාස ගොඩනැගිල්ල ආදිය තමා විසින් ම පිරිසිදු කර ගත හැකි ය.
සුන්දර පරිසරයක පිහිටා ඇති වැඩිහිටි නිවාසයක තමාගේ ජීවිතයේ අවසාන මොහොත ගෙවීමට සිදු වීම ගැන ද ඔවුන් සතුටු වනවා ඇත. නමුදු මොවුහු සෑම දිනක ම කාලසටහනට අනුව වැඩ කරන නිසා උදයෙන් ම අවදි වී සමගියෙන් ඒ ඒ පිරිසිදු කිරීම් කටයුතුවල යෙදෙති.
12. වැඩිහිටියන් රටට හදුන්වා දීම
මුලින් ම වැඩිහිටියන් යනු අපේ අනාගත සිහිනයක් බව ද, ඔවුන්ගේ දැනුම අපට නව ජීවයක් බව ද, අප දැන ගත යුතු ය. වැඩිහිටියන්ට ලැබිය යුතු යුතුකම් ඔවුන්ගේ දරුවන් වන අපෙන් නොඅඩුව ම ලැබිය යුතුය. වැඩිහිටියෝ ජීවිතයේ තරුණ කාලයේ මුදල් සොයා ගෙන, ඇති තරම් වියදම් කරති. නමුත් එදා ඒ සතුට පසු කාලයේ දී ඔවුනට දුකක් වේ. වැඩි වශයෙන් ම ඔවුනට ඒ තත්ත්වයට මුහුණ දීමට සිදු වන්නේ තම දරුවන්ගේ නොදැනුවත්කම නිසා ය. මේ තත්ත්වය ඇති නොවීමට අප වග බලා ගත යුතු ය. ඒ නිසා අප විසින් කළ යුත්තේ වැඩිහිටියන්ට සිදු වන මේ අසාධාරණය රටට කියා දීම ය.
13. වැඩිහිටි නිවාස පවත්වන ආයතන
වැඩිහිටි නිවාස පවත්වන ආයතන අතර මුලිකත්වයක් ගන්නේ ධනවත් ව්‍යාපාරිකයින් සහ ඔවුන්ගේ වස්තුව යි. තව ද ඒ අතර:
x විවිධ සමිති මගින්
x රජයේ ආයතන මගින්
x පොහොසත් විශ‍්‍රාමිකයන් විසින්
x පෞද්ගලික ආයතන මගින් ද වැඩිහිටි නිවාස පවත්වා ගෙන යනු ලැබේ.
14. වැඩිහිටි ප‍්‍රශ්න නිරාකරණය කර ගැනීම
කටුක වු අත්දැකීම් ලබා සිටින වැඩිහිටියනට ඇති එක ම ප‍්‍රශ්නය වනුයේ ”ජීවිතයේ අවසාන කාලය ගෙවන්නේ කෙසේ ද?” යන්න යි. ඔවුන් සමඟ කතා කර ප‍්‍රශ්නවලට පිළිතුරු ලබා දීමෙන්, ඔවුහූ ඉමහත් සතුටක් මෙන් ම සිතට සැහැල්ලූවක් ද ලබා ගනිති. ඔවුන් සමඟ කතා කර ඔවුන්ගේ මානසික හෝ වෙනත් ගැටලූ තමන් විසින් අවබෝධ කර ගෙන ඔවුනට මතු වන ගැටලූ නිරාකරණය කර දීමට අප කැප වී සිටිය යුතු ය.
15. නිගමනය
අවසාන වශයෙන් මෙම ව්‍යාපෘතියෙන් අපට ලබා ගත හැකි ආදර්ශය වනුයේ තමා ද යම් දවසක වැඩිහිටියකු බවට පත් වන බවත්, තමාගේ වැඩිහිටියන් තමා විසින් ම රැුක බලා ගත යුතු බවත් ය.
ප‍්‍රණාමය
මෙම කර්තව්‍යය සඳහා නන් අයුරින් උපදෙස් සපයමින් අපව ඒ සඳහා දිරි ගන්වමින් මෙම කටයුත්තට යොමු කළ ගරු විදුහල්පති තුමාට ස්තූතිය පුද කරමි.
අප දැනුවත් කරමින් මෙම කටයුත්ත සාර්ථක ව නිම කිරීමට අතහිත දුන් අප පංතිභාර ගුරුතුමියට හා මෙම කර්තව්‍යය භාර ව උන් ගුරු පියවරුන් දෙදෙනාට හා අනෙකුත් ගුරු පියවරුන්ට සහ ගුරු මැණිවරුනට ද අවංක ආදර ස්තූතිය පුද කරමි.
නන් අයුරින් සහයෝගය දුන් මාගේ දෙමාපියන්ටත්, සහෝදර සහෝදරියන්ටත්, මාගේ යහළු යෙහෙළියන්ට ද ස්තූතිය පුද කරමි.
නිර්මාණය සඳහා අවශ්‍යය තොරතුරු ලබා දුන් වැඩිහිටි නිවාස භාර කාර්ය මණ්ඩලයට ද එම තොරතුරු ලබා දුන් වැඩිහිටියන්ට ද මාගේ අවසාන ස්තුතිය පුද කරමි.
ඡුඍධඊඛෑඵී ඍෑඛ්ඔෑෘ ඔධ ෑඛෘෑඍඛශ ්‍යධඵෑී
ෂබඑරදාමජඑසදබ
ීදජසැඑහ ය්ි ාැඑැරසදර්එැා එද එයැ ්පදමබඑ දෙ බදඑ ඉැසබට ්ඉකැ එද ප්නැ ් ාසිඑසබජඑසදබ දෙ එයැ ැකාැරකහග ඔයැ ප්සබ රු්ිදබ දෙර එයැ ැිඒඉකසියපැබඑ දෙ ැකාැරකහ යදපැි සි එයසි ාසිරුට්රා ්බා ක්ජන දෙ ජ්රු දෙර එයැපග උයැබ චැදචකැ ටරදඅ දකාල එයැහ ඉැජදපැ කසනැ කසඑඑකැ ජයසකාරුබල රුුමසරසබට ් ිසපසක්ර ්පදමබඑ දෙ ජ්රුග උයැබ එයැහ ්රු මබ්ඉකැ එද ඒනැ ජ්රු දෙ එයැරු ැකාැරකහ ච්රුබඑිල එයැ ජයසකාරුබ චමිය එයැප සබඑද ැකාැරකහ යදපැිග ඔයැබ එයැ ැකාැරි ය්ඩැ එද ේජැ ් ඉසට ාසකැපප් සබිසාැ එයැ ැකාැරකහ යදපැිග ඔද ඉරසබට එයැ ැකාැරකහ යදපැි මච එද එයැ පසබසපමප ිඒබා්රා ඇ ය්ඩැ එද ිඑමාහ එයැප ්බා ඒනැ ්ජඑසදබග
ධඉවැජඑසඩැි
x ඔද ටැඑ මිැා එද ජ්රසබට දෙර එයැ ැකාැරකහ
x ඔද මබාැරිඒබා එයැ ඩ්කමැ දෙ කසෙැ
x ඔද ඉැජදපැ ් ටදදා ජසඑස‘ැබ
x ඔයැ ර්සිැ ්අ්රුබැිි දෙ එයැ ිදජසැඑහ ්ඉදමඑ චරදඑැජඑසබට එයැ ැකාැරකහ
x ඹබාැරිඒබාසබට එයැ ැකාැරකහ
x ඔද ර්සිැ ්අ්රුබැිි ැිචැජස්කකහ ්පදබට ච්රුබඑි
ඵැඑයදාදකදටහ
ඔයැ රුුමසරුා සබදෙරප්එසදබ අ්ි ට්එයැරුා ඉහ ාසිජමිිසබට අසඑය එැ්ජයැරි ්බා එයදිැ සබ ැකාැරකහ යදපැිග
ෘ්ඒ ්බා ා්ඒ ්බ්කහිසි
x ඔයැ එහචැ දෙ යදමිසබට රුුමසරුා දෙර එයැ ැකාැරකහ
x ක්‍දබඑරදකකසබට එයැ ැකාැරි
x ඡුරදඑැජඑසබට එයැ ැකාැරකහ
x ඔ්කනසබට ජ්රු දෙ එයැ ැකාැරි
x ඔ්කනසබට අසඑය එයැ ිැබසදරි රෙැුමැබඑකහ
x ත්‍දදා ්බා බමඑරසඑසදබ්ක රුුමසරුපැබඑි
x ෘසරුජඑසබට එයැ ැකාැරි දෙර රුකසටසදමි රසඑම්කි
x ෂකකබැිිැි දෙ එයදිැ සබ දකා ්ටැ
x ෘැඑැජඑසබට ාසිැ්ිැි දෙ එයැ ැකාැරි
x ඡුරුඩැබඑසදබ දෙ ාසිැ්ිැි
x ක්‍කැ්බසබට දෙ ැකාැරකහ යදපැි
x ෂබඑරදාමජසබට ැකාැරි එද එයැ ජදමබඑරහ
x ධරට්බසි්එසදබි එය්එ රමබ ැකාැරකහ යදපැි
x ඍැිදකඩසබට චරදඉකැපි දෙ එයැ ැකාැරකහ චැදචකැ
ක්‍දබජකමිසදබ
ඔයැ කැිිදබ එය්එ ඇ ජදමකා කැ්රබ රෙදප එයසි චරදවැජඑ සි එය්එ ඇ දමරිැකඩැි අසකක ඉැජදපැ දකා දබැ ා්හල ්බා එය්එ ඇ ියදමකා ඒනැ ජ්රු දෙ දමර දඅබ ැකාැරිග
”වැඩිහිටි නිවාස ආශ‍්‍රිත ගැටලූ……..” ව්‍යාපෘතිය පිළිබඳ අදහස් I
අ.පො.ස. උසස් පෙළ විෂය මාලාවේ ව්‍යාපෘති, සාම්ප‍්‍රදායික ඉගෙනුම්, ඉගැන්වීම් ක‍්‍රියාවලියෙන් බැහැර ව ශිෂ්‍යයා ගවේෂණයට යොමු කර, ඔහුගේ කුසලතා සහ නිපුණතා වර්ධනය කර ගැනීමට අවස්ථාව සලසා දෙයි. විවිධ ක්ෂේත‍්‍ර හා විවිධ තේමා ඔස්සේ සිදු කරනු ලබන මෙම ව්‍යාපෘති අතරින් කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ කුලියාපිටිය අධ්‍යාපන කලාපයේ කුලි/ කනදුල්ල ධර්මරාජ ආදර්ශ මහා විද්‍යාලයේ කලා අංශයේ එච්. එම්. මධූෂි ප‍්‍රදීපිකා හේරත් ශිෂ්‍යාව විසින් මහලූ විය තේමා කර ගනිමින් වැඩිහිටි නිවාස ආශ‍්‍රිත ගැටලූ යන ව්‍යාපෘතිය සිදු කර ඇත.
මුදල පසු පස හඹා යන තරගකාරී සමාජයේ සීඝ‍්‍ර පරිහානියට ලක්ව ඇති සාරධර්මයක් වු වැඩිහිටියන්ට සැලකීමේ ඇති වැදගත්කම අවධාරණය කෙරෙන කාලෝචිත මාතෘකාවක් තෝරා ගැනීම, ප‍්‍රථමයෙන් අගය කළ යුතු ය. පාසල් ශිෂ්‍යාවක් වශයෙන් මධූෂි ප‍්‍රදීපිකා ශිෂ්‍යාව තම ව්‍යාපෘතිය තුළින් වැඩිහිටියන්ට සැලකීමේ ඇති වටිනාකම ඉස්මතු කර දක්වා එම සාරධර්මය ආරක්ෂා කර ගැනීමට පරිශ‍්‍රමයක් දැරීම සැබැවින් ම ප‍්‍රශංසනීය කටයුත්තකි. වැඩිහිටි විය තේමා කර ගනිමින් වැඩිහිටි නිවාස ආශ‍්‍රිත ගැටලූ අධ්‍යයනය කිරීම මෙහි මුලික අරමුණ වී ඇත.
එහි දී වැඩිහිටියන් යනු කවුරුන් දැ යි හඳුනා ගැනීම, වැඩිහිටියන්ට සැලකීමේ වටිනාකම හඳුනා ගැනීම, වැඩිහිටි නිවාස අවම කිරීමට කටයුතු කිරීම, වැඩිහිටියන්ගෙන් ඉටු වන සේවය යන කරුණු පිළිබඳ අධ්‍යයනය කිරීම ද සුවිශේෂී අරමුණු අතර වේ. එමෙන් ම අධ්‍යයනයේ අභිමතාර්ථ ලෙස දක්වා ඇත්තේ වැඩිහිටියන්ට සැලකීමට පුරුදු වීම ජිවිතයේ ඇති වටිනාකම වටහා ගැනීම, සමාජයේ හොඳ පුරවැසියෙකු වීම, වැඩිහිටියන් ආරක්ෂා කිරීම පිළිබඳ ව සමාජය දැනුවත් කිරීම, වැඩිහිටියන් තේරුම් ගැනීම, දෙමාපියන් ව දැනුවත් කිරීම යි. මෙලෙස ව්‍යාපෘතියෙහි දක්වා ඇති අරමුණු සහ අභිමථාර්ත ඉටු වන අයුරින් ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීම ද අත්‍යවශ්‍ය වේ.
සාමාජයේ සීඝ‍්‍රයෙන් පිරිහෙමින් යන සාරධර්මයක් වන වැඩිහිටියන්ට සැලකීම හා වැඩිහිටියන් මුහුණ පාන ගැටලූ පිළිබඳ අධ්‍යයනය කොට, වැඩිහිටියන්ට සැලකීමේ වැදගත්කම හා වටිනාකම ඉස්මතු කර දැක්වීම අධ්‍යයනයෙන් බලාපොරොත්තු වන බව හැඳින්වීම තුළින් පැහැදිලි කර ඇත. මෙලෙස වටිනා ගුණධර්ම ආරක්ෂා කිරීම, එහි වටිනාකම අවබෝධ කරවීමේ සමාජමය මෙහෙවරක යෙදී සමාජයේ ආකල්පමය සංවර්ධනය ඇති කරවීම සඳහා මෙම ව්‍යාපෘතිය තුළින් ප‍්‍රදීපිකා ශිෂ්‍යාව පෙලඹීම, වත්මන් ශිෂ්‍ය පරපුරට පමණක් නො ව මුළු මහත් සමාජයට ම ආදර්ශයකි.
ව්‍යාපෘතිය සඳහා යොදා ගන්නා ලද සම්පත්, භෞතික හා මානව වශයෙන් ප‍්‍රභේද දෙකකින් යුතු ව දක්වා ඇත. එයින් මානව සම්පත් යටතේ විදුහල්පති, ව්‍යාපෘති කමිටුව, අංශ භාර ගුරුභවතා ගුරුමව්වරුන් හා පියවරුන්, වැඩිහිටි නිවාසවල කාර්යය මණ්ඩලය, සහෝදර සහෝදරියන්, ප‍්‍රදේශවාසීන් හා දෙමාපියන් යනාදීන් සඳහන් කර ඇති අතර භෞතික සම්පත් ලෙස පෑන්, පැන්සල්, අඩිකෝදු,කැමරා, හාෆ් ෂීට්, මුදල් බාහිර පොත් පත් යනාදිය විශේෂයෙන් සඳහන් නො කළ යුතු ය. මෙම ද්‍රව්‍ය කවර ව්‍යාපෘතියකට වුව ද අනිවාර්යයෙන් යොදා ගන්නා බැවිනි.
ව්‍යාපෘතියේ නියමිත කාල රාමුව නොවැම්බර් දෙසැම්බර් ජනවාරි යන මාස තුනක කාලයක් තිස්සේ ව්‍යාප්ත වන අයුරින් දක්වා ඇත. එක මාසයකට සති 4 බැගින් සති 12ක කාලයක් ව්‍යාපෘතිය සම්පුර්ණයෙන් නිම කිරීම සඳහා වැය වී ඇත. මෙහි ක‍්‍රියාකාරකම් 12ක් ගෙන එම ක‍්‍රියාකාරකම් සතියකට එක බැගින් සති දොළහට බෙදා දක්වා තිබුණ ද ව්‍යාපෘතියේ ඇතැම් ක‍්‍රියාකාරකම් එක් සතියකින් නිම කළ නො හැකිය. උදාහරණයක් ලෙස ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීම යන ක‍්‍රියාකාරකම දෙසැම්බර් මාසයේ හතර වන සතියේ පමණක් ක‍්‍රියාත්මක වන ආකාරයට කාලරාමුවෙහි ලකුණු කොට ඇත. නමුත් ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීම, ව්‍යාපෘති යෝජනාව අනුමත කර ගත් අවස්ථාවේ සිට ම සිදුවන්නක් බැවින්, එය අදාළ කාලය පුරා ම ක‍්‍රියාත්මක වන අයුරින් ලකුණු කළ යුතු ය.
දත්ත හා දත්ත විශ්ලේෂණය යටතේ වැඩිහිටියන් සදහා අවශ්‍ය නිවාස, වැඩිහිටියන් පාලනය කිරීම, ආරක්ෂා කිරීම, වැඩිහිටියන්ට සැලකීම, වැඩිහිටියන් සම`ග නිතර කතා කිරීම, ආහාර හා පෝෂණය ලබා දීම, ආගමික පුද පුජා සදහා ඉඩ ප‍්‍රස්ථා ලබා දීම, වැඩිහිටියන්ට සෑදෙන රෝග හා රෝගවලින් වළක්වා ගැනීම, වැඩිහිටි නිවාස පිරිසිදු කිරීම, වැඩිහිටියන් රටට හදුන්වා දීම, වැඩිහිටි නිවාස පවත්වා ගෙන යන ආයතන, වැඩිහිටි ප‍්‍රශ්න නිරාකරණය කිරීම යන තේමා ඔස්සේ දත්ත රැුස් කිරීම හා දත්ත විශ්ලේෂණය සිදු කර ඇත.
මෙහි ඉහත තේමා ඔස්සේ දත්ත රැුස් කර ඇති නමුත් දත්ත විශ්ලේෂණයක් සිදු කර නොමැත. තමා අධ්‍යයනයෙන් රැුස් කර ගන්නා දත්ත ක‍්‍රමානුකුල ව සංඛ්‍යාන විිද්‍යාත්මක ක‍්‍රම අනුසාරයෙන් ඉදිරිපත් කළේ නම් ව්‍යාපෘතියේ ගුණාත්මක වටිනාකම වර්ධනය විය හැකි ව තිබුණි. උදාහරණයක් ලෙස තමා අධ්‍යයනයට ලක් කළ වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටින වැඩිහිටියන් සංඛ්‍යාව, ගැහැනු / පිරිමි වයස් සීමාවන් යනාදී වශයෙන් වගු ප‍්‍රස්තාර මගින් දැක්විය හැකි ව තිබුණි. දත්ත රැුස් කිරීම හා විශ්ලේෂණය යනුවෙන් පරිච්ෙඡ්දයක් වෙන් කර තිබුණ ද එහි අන්තර්ගත ව ඇත්තේ යම් තොරතුරු ස්වල්පයක් ඉදිරිපත් කිරීම පමණි. නමුත් දත්ත ලබා ගැනීම පමණක් නො ව එය ක‍්‍රමානුකුල ව විශ්ලේෂණය කිරීම ද ව්‍යාපෘතියක ඉතා වැදගත් අංගයකි.
අධ්‍යයනය සඳහා තොරතුරු රැුස් කිරීමේ දී මුලාශ‍්‍ර කවරේ ද යන්න දක්වා නොතිබීම ද මෙහි ඇති තවත් දුර්වල තත්වයකි. කවර වර්ගයේ ව්‍යාපෘතියක් වුව ද තොරතුරු ලබා ගන්නේ කෙසේ ද? කවර මුලාශ‍්‍ර යටතේ ද? යන්න සදහන් කිරීම අත්‍යවශ්‍ය වේ. එමෙන් ම අධ්‍යයනයේ ප‍්‍රතිලාභ ලබන්නන් කවුරුන් ද යන්න මෙම ව්‍යාපෘති වාර්තාවට ඇතුළත් කර නොමැත. වැඩිහිටියන් සම්බන්ධ ව සිදු කරනු ලැබ ඇති මෙම අධ්‍යයනයේ ප‍්‍රතිලාභ ලබන ප‍්‍රධාන පුද්ගලයන් වන්නේ මහලූ වියට පත් වැඩිහිටි පරපුර යි. වැඩිහිටියන්ගේ වටිනාකම අවබෝධ කර දීම අධ්‍යයනයේ එක් අරමුණක් වී ඇති බැවින්, එම අවබෝධය ලබා ගත් සමාජය එම ගුණධර්මය ආරක්ෂා කිරීමෙන්, මහලූ වියේ පසු වන විශාල පිරිසකට මහත් සේවයක් සිදු වේ. එමෙන් ම සමාජයේ දු දරුවන් ද දෙමාපියන්ගේ හා වැඩිහිටියන්ගේ වටිනාකම අවබෝධ කර දීමට මෙයින් උත්සහයක් දරන බැවින් එකී පිරිස ද මෙම අධ්‍යයනයේ ප‍්‍රතිලාභ ලබන්නන් අතරට එක්විය යුතු ය. මෙලෙස ව්‍යාපෘතියෙන් ප‍්‍රතිලාභ ලබන පිරිස කවුරුන් ද යන්න ව්‍යාපෘතියක ඇතුළත් කිරීම අවශ්‍ය වේ.
මෙම වාර්තාවේ නිගමන සඳහා පරිච්ෙඡ්දයක් වෙන් කර තිබුණ ද අධ්‍යයනය තුළින් පැහැදිලි නිගමනයක් ඉදිරිපත් කර නොතිබීම ද තවත් අඩුපාඩුවකි. එමෙන් ම ඕවැඩිහිටි නිවාස ආශ‍්‍රිත ගැටලූ` නමින් ව්‍යාපෘතිය නම් කර තිබුණ ද වැඩිහිටි විය පිළිබඳ ව තොරතුරු විනා වැඩිහිටි නිවාස ආශ‍්‍රිත ගැටලූ කිසිත් ඉදිරිපත් කර නොතිබීම ද අඩුපාඩුවකි. මෙහි මුලින් දක්වා ඇති පටුන, ශීර්ෂ 25 ක් යටතේ දක්වා තිබුන ද එම පටුනේ කිසිදු තැනක හෝ ව්‍යාපෘති වාර්තාව තුළ කිසිදු තැනකත් වැඩිහිටි නිවාස ආශ‍්‍රිත ගැටලූ දක්වා නැත.
ව්‍යාපෘති වාර්තාවේ අවසානයට ඇමුණුම් කිසිත් ඉදිරිපත් කර නොතිබීම ද විශාල අඩුපාඩුවකි. ව්‍යාපෘතිය තමා විසින් ම සිදුකරනු ලැබුවක් බවට සාක්ෂ්‍යයක් වශයෙන් එම ඇමුණුම් ඉදිරිපත් කිරීම අවශ්‍ය වන අතර එය ව්‍යාපෘති වාර්තාවේ ගුණාත්මක තත්ත්වය වර්ධනයට හේතුවක් වේ.
ඒ අනුව මධුෂි ප‍්‍රදීපිකා ශිෂ්‍යාව කාලෝචිත මාතෘකාවක් තෝරා ගෙන අධ්‍යයනයට පෙලඹුන ද, නිවැරදි මගපෙන්වීමක් හා අවබෝධයක් ලබා නොදීම නිසා මෙම ව්‍යාපෘති වාර්තාව දුර්වලතා රැුසකින් යුත් වාර්තාවක් බවට පත් ව ඇත. ඒ අනුව ව්‍යාපෘති කාර්යයෙහි යෙදීමේ දී සිසුවාට නිවැරදි අවබෝධයක් හා මග පෙන්වීමත් ලබා දීම අත්‍යවශ්‍ය බව මෙම ව්‍යාපෘති වාර්තාවෙන් පවා පැහැදිලි වන අතර, එය උසස් පෙළ ව්‍යාපෘති අධීක්ෂණ කාර්යයෙහි යෙදෙන ගුරුභවතුන්ගේ වගකීමක් ද වේ.
ව්‍යාපෘති වාර්තාවේ අක්ෂර වින්‍යාසය, පද බෙදීම, උක්ත ආඛ්‍යාත සම්බන්ධය යනාදි භාෂාව භාවිතයේ ද අඩුපාඩු රැුසක් ඇත. වාර්තාවක් ලිවීමේ දී මෙම අඩුපාඩුවලින් තොර ව වාර්තාව සැකසීමට ද වග බලා ගත යුතු ය. මෙවැනි අඩුපාඩු මධ්‍යයයේ වුව ද තමාට හැකි අයුරින් උචිත මාතෘකාවක් ඔස්සේ මෙවන් අධ්‍යයනයක යෙදීමට ඇය ගත් උත්සහය අවසාන වශයෙන් අගය කළ හැකි ය.
ඞී. ජේ. ශ‍්‍රියානි මානෙල් ජයමහ
කුලි/ බට/ කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය,
කුලියාපිටිය.

”වැඩිහිටි නිවාස ආශ‍්‍රිත ගැටලූ……..” ව්‍යාපෘතිය පිළිබඳ අදහස් II
වැඩිහිටියන් හා වැඩිහිටියන් රැුක බලා ගැනීම පිළිබඳ ව අදහස් රැුසක් මෙම ව්‍යාපෘතිය තුළින් ඉස්මතු කිරීමට ගෙන ඇුති උත්සාහය අගය කළ යුතු ය. මානුෂික පදනමක සිට වැඩිහිටියන් හා සම්බන්ධ ගැටලූවලට හේතු මෙන් ම ඒවාට පිළියම් යෙදීම ගැන ද මෙහි දී කරුණු දක්වා තිබීම සඳහන් කළ යුතු තවත් ලක්‍ෂණයකි. මෙම ව්‍යාපෘති වාර්තාවේ මට්ටම මීට වඩා ඉහළට ගැනීමට කළ හැකි ව තිබු දෑ කිහිපයක් දැක්විය හැකි ය.
ව්‍යාපෘති වාර්තාවක තිබිය යුතු මූලික කොටස්වලින් ප‍්‍රධාන ම කොටසක් වන ”ක‍්‍රියාත්මක කළ ආකාරය” මෙම ගවේෂණ කලාපයේ දක්වා ඇති සාරාංශ ගත කොටසට ඇතුළු කරන ලද්දේ, මුල් ව්‍යාපෘති වාර්තාවේ වෙනත් ස්ථානවල කර ඇති සඳහන් ඇසුරිනි. එනම් මුල් ව්‍යාපෘති වාර්තාවේ එම කොටස වෙන ම ම සඳහන් කොට විස්තර කිරීමක් නොමැති වීම දුර්වල කමකි.
මෙහි අරමුණු හා අභිමතාර්ථ යන මැයින් විශාල අරමුණු සංඛ්‍යාවක් දක්වා ඇති නමුත්, නියමිත මාතෘකාවෙන් පිට දෙවල් ද දක්වා ඇත. එපමණක් නො ව එම අරමුණු සපිරීමක් මෙම ව්‍යාපෘතියෙන් නියමාකාරයෙන් සිදු වී නැත. එම නිසා මාතෘකාවට අදාළ අරමුණු කීපයකට සීමා වී ව්‍යාපෘතිය සකසන්නට යෙදුණේ නම් මීට වඩා සාර්ථක වීමට ඉඩ තිබුණි.
දත්ත හා දත්ත විශ්ලේෂණය කොටසේ වැදගත් කරුණු රැුසක් සඳහන් කර තිබෙන නමුත්, එය පිළිවෙළකට දත්ත ලෙස දැක්වීමකට හා විශ්ලේෂණයකට වඩා රචනාවක් ලියන ආකාරයේ කරුණු දැක්වීමක ලක්‍ෂණ පෙන්වයි. තමාගේ පෞද්ගලික අදහස් දැක්වීමක් ලෙස, විටෙක ලියා ඇති අතර, සිංහල භාෂාව භාවිතයේ දුර්වලකම් ද දැකිය හැකි ය.
ඉතා ම කාලීන මාතෘකාවක් පිළිබඳ මෙම ව්‍යාපෘතිය තෝරා ගැනීම සහ ඒ පිළිබඳ ව කරුණු සෙවීමට කළ උත්සාහය පැසසිය යුතු නමුත්, පැහැදිලි අරමුණු සහිත ව ව්‍යාපෘතිය දියත් කර වඩාත් ක‍්‍රමානුකූල ආකාරයකට සැකිල්ලක් සකසා ව්‍යාපෘති වාර්තාව ලියන්නට යෙදුනේ නම් මීට වඩා ඉතාමත් හොඳ ප‍්‍රතිඵලයක් ලබන්නට ඉඩ තිබුණි.
වෛද්‍ය සුවින් හේවගේ