Project – 22

ශ‍්‍රී ලංකාවේ මුද්දර
සින්ධුජා කොඩිතුවක්කු, අ.පො.ස උසස් පෙළ 2002 කේවල ව්‍යාපෘතිය,
ශාන්ත අන්තෝනි බාලිකා විදුහල, මහනුවර
හැඳින්වීම
ලෝකයේ සෑම රටක ම අභ්‍යන්තර තැපැල් සේවා මෙන් ම රටවල් අතර අන්තර්ජාතික තැපැල් සේවා ද ක‍්‍රමවත් ව පවත්වා ගැනීමට මුද්දර ඉවහල් වේ. රජයට විශාල ආදායමක් ලබා දෙන ආදායම් මාර්ගයක් වශයෙන් ද මුද්දරවලට ඉතා වැදගත් තැනක් හිමි වේ. මුද්දර එකතුවක් පවත්වා ගැනීම, විවිධ රටවල විනෝදාංශයක් ලෙස බොහෝ දෙන සිදු කරනු ලැබේ.
එක් එක් රටවල මුද්දර ඒ ඒ රටේ ඉතිහාසය, සංවර්ධනය, සංස්කෘති ආදි නොයෙක් අංශ නිරූපණය කරයි.
මුද්දරවල අඩංගු කරුණු හෙවත් අන්තර්ගතය සහ ඒවායේ ආකෘතිය ද, මුද්දර ඉතිහාසය ද, මුද්දර මහජනයා අතර භාවිතා වන ආකාරය ද, ආදි කරුණු රාශියක් පිළිබඳ වැඩිදුර අධ්‍යයනය කිරීමේ කුතුහලය මේ නිසා මට ඇති විය.
අරමුණු සහ අභිමතාර්ථ
1. මුද්දරවල මුලාරම්භය කෙසේ සිදු වී දැ යි අධ්‍යයනය කිරීම
2. මුද්දරයේ ඉතිහාසය සොයා බැලීම
3. මුද්දරයක් නිකුත් කිරීමේ දී අනුගමනය කරන ක‍්‍රියා පටිපාටිය පිළිබඳ ව අධ්‍යයනය කිරීම.
4.මුද්දරවල අවශ්‍යතාවත් මුද්දරවල වටිනාකමත් හඳුනා ගැනීම
5. මුද්දර එකතු කිරීමේ ඇති වැදගත්කම හා එහි දී සැලකිලිමත් විය යුතු කරුණු පිළිබඳ ව අධ්‍යයනය කිරීම.
6. මුද්දර හා ඒවා භාවිතය සංවර්ධනය කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීම.
ක‍්‍රියාත්මක කළ ආකාරය
1. විවිධ ආකාරයේ පැරණි සහ නව මුද්දර නිරීක්ෂණය කිරීමෙන් ඒවායේ අඩංගු තොරතුරු සටහන් කර ගන්නා ලදි.
2. එම තොරතුරු ඇසුරින් සහ මුද්දර සම්බන්ධ වෙනත් කරුණු ඇසුරින් ප‍්‍රශ්න මාලාවක් සකස් කරන ලදි.
3. මහනුවර ප‍්‍රධාන තැපැල් කාර්යාලයේ, මුද්දර කාර්යාංශයේ සේවය කරන එච්. ඞී. ලියනගේ මහතා හමු වී ප‍්‍රශ්නාවලියට පිළිතුරු ලබා ගෙන මුද්දර පිළිබඳ තොරතුරු ඇතුළත් පත‍්‍රිකාවල සහ වටිනාකම වැඩි මුද්දරවල පිටපත් ගන්නා ලදි (2000.12.26*.
4. 2001.02.24 වන දින මහනුවර නගර ශාලා හන්දිය තැපැල් ශාඛා කාර්ායාලයේ ස්ථානාධිපති සරත් පෙරේරා මහතාගෙන් එම තැපැල් කාර්යාලයෙන් දිනක දී අලෙවි වන මුද්දර, මුද්දර කවර සහ තැපැල් පත් සංඛ්‍යාව පිළිබඳ තොරතුරු ලබා ගන්නා ලදි.
5.ලබා ගත් දත්ත පිළිවෙළට ගොනු කරන ලදි.
6. ලබා ගත් දත්ත ඇසුරින් ව්‍යාපෘති පිටපත සකස් කරන ලදි.
මුද්දර වර්ගීකරණය
ශ‍්‍රී ලංකාවේ මුද්දර පහත දැක්වෙන පරිදි වර්ග කර දැක්විය හැකි ය.
ඉහත සඳහන් එක් එක් වර්ගය පිළිබඳ නිර්වචන පහත දැක්වේ.
ශ‍්‍රී ලංකාවේ මුද්දර

ආදායම් මුද්දර තැපැල් මුද්දර

නිත්‍ය කාණ්ඩයේ සමරු මුද්දර
මුද්දර
1. තැපැල් මුද්දර ඃ= දැනට, ශත 10 සිට රුපියල් 100 දක්වා වටිනාකමින් යුත් මුද්දර, තැපැල් මුද්දර ලෙස භාවිතා කරයි.

2. ආදායම් මුද්දර ඃ= ශත 10 සිට රුපියල් 1000 දක්වා වටිනාකමෙන් යුත් සියලූ ම මුද්දර, ආදායම් මුද්දර ලෙස භාවිතා කරයි.

3. නිත්‍ය කාණ්ඩයේ මුද්දර ඃ= නැවත නැවතත් මුද්‍රණය කරයි.

4. සමරු මුද්දර ඃ= එක් වරක් පමණක් මුද්‍රණය කරයි. මේ අනුව සමරු මුද්දර අනෙක් මුද්දරවලට වඩා දුර්ලභ වේ.

මුද්දර ඉතිහාසයෙන් බිඳක්

එකල කෙනෙකුට ලිපියක් ලැබුණු විට ගාස්තු ගෙවීමට සිදු වුයේ ලිපිය ලැබු තැනැත්තාට ය.
බර හා දුර ප‍්‍රමාණය අනුව වෙනස් විය. තැපැල් ගාස්තුව වැඩි වු බොහෝ අවස්ථාවල දී ලිපිය ලබන්නා එය භාර ගැනීමට අකමැති විය. මේ නිසා දැඩි අවුල් සහගත තත්වයක් ඇති විය. එංගලන්තයේ ඇති වු මෙම ව්‍යාකූල තත්ත්වය නැති කිරීමේ පියවරක් ලෙස සර් රෝලන්ඞ් හිල් නැමැති බි‍්‍රතාන්‍ය ජාතිකයා විසින් නව තැපැල් ගාස්තු ක‍්‍රමය හඳුන්වා දෙන ලදි.

ඔහුගේ යෝජනාව වූයේ ලිපිය ලබන තැනැත්තා නො ව යවන තැනැත්තා මුදල් ගෙවිය යුතු බව යි. එම යෝජනාවට අනුව 1840 මැයි මස 06 වන දින ලෝකයේ ප‍්‍රථම තැපැල් මුද්දරය වන පැන්ස එකක් වටිනා, වික්ටෝරියා රැුජිනගේ ශිර්ෂය සහිත ”පෙනී බ්ලැක් ” නැමැති මුද්දරය සර් රෝලන්ඞ් හිල් විසින් නිර්මාණය කළ පසු එංගලන්තයේ දී නිකුත් විය එය කළු පැහැ දැති රහිත එකක් වු අතර එදා සිට අද දක්වා ම එංගලන්තයේ නිකුත් වන කිසි ම කිසි ම මුද්දරයක එරටේ නම සඳහන් නො වේ.

ශ‍්‍රී ලංකා වේ මුද්දරවල ඉතිහාසයේ වැදගත් සිදුවීම්

1857.04.01 ශ‍්‍රී ලංකාවේ පළමු තැපැල් මුද්දරය නිකුත් කිරීම.
රූපය :- වික්ටෝරියා රැුජිනගේ ශිර්ෂය
වටිනාකම :- පැන්ස 06
වර්ණය :- දම් පැහැති දුඹුරු (මෙහි දැති රහිත විය*
මුද්‍රණකරුවෝ :- එංගලන්තයේ පර්කින් බෙකන්ස් සමාගම

1893.02.01 :- රුපියල් ශත වටිනාකමින් යුත් පළමු මුද්දරය ශත 2ක වටිනාකමින් නිකුත් කිරීම.

1985.05.14:- සිංහල අකුරු සහිත තැපැල් මුද්දර නිකුත් කරීම ඇරඹීම.

1967:- මුද්දර කාර්යාංශය ආරම්භ කිරීම.

නව මුද්දර නිර්මාණය, මුද්‍රණය සහ නිකුත් කිරීම

අලූතින් තැපැල් මුද්දරයක් නිකුත් කිරීමට පෙර, තැපැල් ආඥා පනතේ (190 වැනි අධිකාරිය වන* 16 වැනි වගන්තිය යටතේ හා මුද්දර ගාස්තු ආඥා පනතේ 1982 අංක 43 දරන මුද්දර ගාස්තු පනතේ 67 වන වගන්තිය යටතේ ශ‍්‍රී ලංකා රජයේ අතිවිශේෂ ගැසට් පත‍්‍රයක් මගින් ප‍්‍රකාශයට පත් කළ යුතු ය. තැපැල් කාර්යාල ආඥා පනත වෙනුවෙන් මුදල් ඇමතිතුමා ද නිවේදනයට අත්සන් කරනු ලබන අතර මුද්දරයක් නිකුත් කිරීම ඉන් පසු ව නීත්‍යනුකූල වේ.

මුද්දරයේ අදාළ තේමාවට අනුව චිත‍්‍ර නිර්මාණය සඳහා, ලියාපදිංචි වී සිටින ශිල්පීන් කණ්ඩායමක් අතරින් අයදුම්පත් කැඳවා එක් එක් ශිල්පියා විසින් සැලසුම් කරන ලද නිර්මාණ අතරින් සුදුසු නිර්මාණයක් නව මුද්දරය සඳහා තෝරා ගනු ලැබේ.

මුද්දර හැඩය සහ වර්ණය ශිල්පියා විසින් තෝරා ගනු ලබයි. මුද්දරයට අදාළ තේමාව භාෂා තුනෙන් ම (සිංහල, දෙමළ, ඉංග‍්‍රීසි* මුද්දරයේ සඳහන් විය යුතු ය. නිර්මාණය වන මුද්දරය ලොව පුරා ම ශ‍්‍රී ලංකාවේ අනන්‍යතාව රැුගෙන යන්නක් විය යුතු ය.

මුද්දර මුද්‍රණය කරනු ලබන්නේ අනුමත විදේශ රටක ආරක්ෂිත මුද්‍රණාලයක ය. විනෝදාංශයක් ලෙස මුද්දර එකතු කිරීම, දැනට ලෝකයේ පවතින විනෝදාංශ අතරින් ජනප‍්‍රිය ම විනෝදාංශයකි. එය පාසල් සිසුන් පමණක් නො ව දුප්පත්, පොහොසත්, බාල, මහලූ ආදී බොහෝ දෙනෙක් මහත් තෘප්තියට පත් කරවන විනෝ්දාංශයකි.

පැරණි දේ අගය කිරීම සහ රැුස් කිරීම. අතීතයේ සිට ම මිනිසා විසින් කළ දෙයකි. පැරණි කාසි, පොත්පත් ආදිය වෙනුවට මුද්දර එකතු කිරීම ජනප‍්‍රිය වීමට හේතු කීිපයක් තිබේ. ඒවා නම් මුද්දර එකතු කිරීමට අධික මුදලක් වැය නොවීම, එක් රැුස් කීරීමට අවශ්‍ය ඉඩ ප‍්‍රමාණය අඩු වීම සහ ආරක්ෂා කිරීම පහසු වීම යි.

මිට අමතර ව මුද්දර එකතු කිරීමෙන් ලබන ආශ්වාදය හා දැනීමත්, ආර්ථික ඵල ප‍්‍රයෝජනත් බොහෝ ය.

මුද්දර එකතු කිරීමේ වැදගත්කම

මුල් අවස්ථාවල දී මුද්දර රාජ්‍ය නායකයින්ගේ පිළිරූවලට පමණක් සීමා වී තිබිණි. නමුත් වර්තමානයේ ඒවා සංස්කෘතික, ආගමික, පාරිසරික ආදී නොයෙක් අංශ නිරූපණය කරයි. මුද්දරයක අන්තර්ගතය නිරීක්ෂණයෙන් සහ ඒ පිළිබඳ අධ්‍යයනයෙන් බොහෝ දේ ඉගෙනීමට හැකි වේ.

පිළිවෙළට රැුස් කළ මුද්දර එකතුවක් එකතු කරන්නා තුළ මානසික සුවයක් ඇති කරයි.

ක‍්‍රමානුකූල ව හා පිරිසිදු ව මුද්දර එකතුව පවත්වා ගැනීමෙන් ක‍්‍රමවත් ව හා ඉවසීමෙන් කටයුතු කිරීමේ හැකියාව ඇති වේ.

පාවිච්චි කළ විට, කැඩුණු විට හෝ පැරණි වු විට භාණ්ඩයක වටිනාකම අඩු වුවත්, මුද්දරවල වටිනාකම වැඩි වන්නේ පාවිච්චි කළ විට. පැරණි වු විට සහ පළුදු වු විට ය. එයට ප‍්‍රධාන හේතුව නම් එහි ඇති දුර්ලභතාව යි. 1959.04.23 දින ලංකාවේ නිකුත් කළ පැන්ස 4ක මුද්දරයේ වටිනාකම අද වන විට පවුම් 50,000ක් පමණ වෙතැ යි ගිබන්ස් මුද්දර නාමාවලියේ දැක්වේ. තව ද 1856 දී බි‍්‍රතාන්‍ය ගයනාවේ නිකුත් කළ ශත 01 වටිනාකම ඇති මුද්දරයේ මිල නියම කළ නො හැකි බව ද එම නාමාවලියේ දැක්වේ. දැනට භාවිතයේ ඇති හා නැති ලෝකයේ සියලූ ම රටවල මුද්දරවල වර්තමාන වටිනාකම එංගලන්තයේ ස්ටැන්ලි ගිබන්ස් ආයතනය විසින් වාර්ෂික ව ප‍්‍රසිද්ධියට පත් කරනු ලැබේ.

පැරණි මුද්දර රැුස් කර විකිණිමෙන් අධික මුදලක් ලබා ගැනීමට වුව ද මුද්දර එකතු කරන්නට හැකියාව ඇති නිසා එය ආර්ථික අතින් ද වැදගත්කමක් දරයි.

මුද්දර එකතුවක් ක‍්‍රමානුකුල ව පවත්වා ගැනීම

මුද්දර එකතුවක් පවත්වා ගැනීම හැම විට ම ක‍්‍රමානුකූල විය යුතු ය. අවශ්‍ය අවස්ථාවක මුද්දර අලෙවි කර ගැනීමට හෝ ප‍්‍රදර්ශනයක් සඳහා ඉදිරිපත් කිරීමට ද එවිට හැකි වේ. ක‍්‍රමානුකූල ව මුද්දර එකතු කරන්නෙකුට අවශ්‍ය උපකරණ කිහිපයකි.

1. මුද්දර සුරැුකුම් පොත

මුද්දර ක‍්‍රමානුකූල ව රැුඳවීම සඳහාත් ආරක්ෂා සහිත ව හා අලංකාර ව පවත්වා ගැනීම සඳහාත් ආරක්ෂා සහිත ව හා අලංකාර ව පවත්වා ගැනීම සඳහාත් මුද්දර සුරැුකුම් පොතක් භාවිත කිරිම සුදුසු ය. කිසි ම විටක මුද්දර නො ඇලවිය අතර අවශ්‍ය විට ඉවතට ගැනීමට හැකි වන සේ මුද්දර ක‍්‍රමානුකුල ව සුරැුකුම් පොතක රඳවා තැබීමට හැකි ය.

2.ට්වීසරය

මුද්දරය ඇල්ලීම සඳහා මෙම උපකරණය භාවිතා කරයි. ට්වීසරය භාවිතයෙන් මුද්දර පළුදු වීම හා අපිරිසිදු වීම වළක්වා ගත හැකි ය.

3. විශාලක කාචය

මුද්දර වල ඇති අඩුපාඩු හා වැරදි වඩාත් පැහැදිලි ව පරික්ෂා කිරීමටත් ඇතැම් මුද්දර වල ඇති තොරතුරු කියවීමටත් මෙය අවශ්‍ය වේ.

4. විදමන් ආමානය

මුද්දර වල ඇති විදමන් ගණන අතින් ඒවා එකිනෙකට වෙනස් වේ. එම විදමන් ගණන ගණන් කිරීම සඳහා විදමන් ආමානය යොදා ගනී. සාමාන්‍යයෙන් 2ජප අතර ඇති විදමන් ප‍්‍රමාණය ගණන් ගනියි.

පාවිච්චි කළ මුද්දර, සරැුකුම් පොත්වලට දැමීමට පෙර ලියුම් කවරයේ මුද්දරය සහිත කොටස කපා වෙන් කර ජලයේ විනාඩි 5ක් පමණ පො`ගවා පළුදු නො වන සේ ගළවා ගත යුතු ය. මුද්දරය ගැළවු පසු ද එහි මැලියම් ඉතිරි ව ඇත්නම් පිරිසිදු ජලයෙන් සෝදා ඉවත් කර ගත යුතු ය. ගැළවු මුද්දරය සාමාන්‍ය කඩදාසියක් හෝ තීන්ත පොවන කඩදාසියක් මත මැලියම් සහිත කොටස උඩුකුරු ව තබා මද පවනේ වේලිය යුතු ය.

මුද්දර මිල දී ගත හැකි ආකාර

1. මුද්දර කාර්යාංශයෙන්
2. තැපැල් කාර්යාලවලින්
3. මුද්දර වෙළෙඳුන්ගෙන්
4. මුද්දර ප‍්‍රදර්ශන හෝ වෙන්දේසිවලින්
5. මුද්දර කාර්යාංශයේ ස්ථාවර ගිණුමක් ආරම්භ කිරීමෙන්

දෝෂ සහිත මුද්දර

මුද්දරවල යම් යම් දෝෂ ඇති විට ඒවා වටිනාකමෙන් වැඩි යැ යි සැලකේ. මුද්දරවල වර්ණය හෝ අකුරු එකිනෙකින් වෙනස් වු විට හෝ එහි අන්තර්ගතයේ කිසියම් වරදක් ඇති විට ඒවා දෝෂ සහිත මුද්දර ලෙස හඳුන්වනු ලැබේ. මෙවැනි දෝෂ සහිත මුද්දර වෙළඳ පොළට නිකුත් වන අවස්ථා තිබේ. එවිට එම මුද්දර ලබා ගන්නා අයට ඒවා විශාල ආර්ථික ආදායමක් ලබා දීමට උපකාරි වේ.

මුද්දර වල මා දුටු දෝෂයක්

මුද්දර එකතුවක් නිරීක්ෂණය කිරීමේ දී වන සම්පත සහ සත්ත්ව සම්පත තේමා කර ගෙන නිකුත් කර ඇති මුද්දර කිහිපයක ම එක් දෝෂයක් මා හට හඳුනා ගත හැකි විය. සාමාන්‍යයෙන් සත්ත්වයෙකු හෝ ශාකයක් තේමා වී ඇති මුද්දරවල එම ශාකයේ හෝ සත්ත්වයාගේ සාමාන්‍ය නමට අමතර ව විද්‍යාත්මක නම ද ඇතුළත් කරනු ලැබේ. විද්‍යාත්මක නමක් ලිවීමේ දී එය පිළිගත් නීතිවලට අනුකූලව සිදු කළ යුතු ය. නමුත් මා නිරීක්ෂණය කළ සමහර මුද්දරවල මෙම ලක්ෂණවලින් එකක්වත් අඩංගු නො වන අවස්ථා ද තිබිණි. විද්‍යාත්මක නම් පිළිබඳ අවබෝධයක් මුද්‍රණ සැලසුම්කරුවන්ට හා මුද්‍රණකරුවන්ට නොමැති වීම මේ සඳහා හේතුව විය හැකි ය.

මුද්දර භාවිතය

තැපැල් මුද්දර භාවිතය වෙනුවට පණිවිඩ හුවමාරුව සඳහා භාවිතා කළ හැකි වෙනත් ක‍්‍රම

1.තැපැල් පත් භාවිතය
2. මුද්දර කවර භාවිතය
3. මුද්දර මුද්‍රා භාවිතය

මුද්දර භාවිතා කරන වෙනත් අවස්ථා

රුපියල් සියයකට වඩා වැඩි, මුදල්මය ගනුදෙනුවක් සිදු කිරීමේ දී ඒ සඳහා මුද්දර භාවිත කරනු ලැබේ. උදාහරණ ලෙස වැටුප් ලබා ගැනීමේ දී, රක්ෂණ ගෙවීම්වල දී ඒ මුදල් ගෙවු බවට හෝ ලද බවට සහතික කරන පත‍්‍රයක මුද්දර අලවා ඒ මත අත්සන් කරනු ලැබේ.

මුද්දර භාවිතා කිරීමේ දී සැලකිලිමත් විය යුතු කරුණු

1. තැපැල් මගින් ලිපි යැවීමේ දී, ලිපියේ බරට සරිලන වටිනාකමෙන් යුත් මුද්දර එහි ඇලවිය යුතු යි. ලිපියේ බර වැඩි වන විට මුද්දර ගාස්තුව ද වැඩි වේ. තව ද සාමාන්‍ය තැපෑලෙන් ලිපි යවන විට අලවන මුද්දරවල වටිනාකමට වඩා වැඩි වටිනාකමින් යුත් මුද්දර ලියාපදිංචි තැපෑල භාවිතයේ දී ඇලවිය යුතු ය. කිසියම් හේතුවක් නිසා ලිපිය යවන්නා මුද්දර ඇලවුයේ නැත්නම් ලිපිය ලබන්නා එම මුද්දරවල වටිනාකම මෙන් දෙගුණයක් මුදල් ගෙවිය යුතු වේ.

2. ලිපියක මුද්දර ඇලවිය යුත්තේ, ලියුම් කවරයේ දකුණු පස ඉහළ කෙළවරේ ය. ලියුම් කවරයේ එක් එක් තැන්වල මුද්දර ඇලවීමෙන් මුද්‍රා තැබීම අපහසු වන බැවින් නිවැරදි ආකාරයට මුද්දර ඇලවිය යුතු ය.

දත්ත විශ්ලේෂණය

මහනුවර ශාඛා තැපැල් කාර්්‍යාලයක දිනකට අලෙවි වන තැපැල් පත්, මුද්දර කවර සහ මුද්දර පහත ස්ථම්භ ප‍්‍රස්ථාරයෙන් දැක්වේ.

දිනකට රුපියල් 3.50 වටිනා මුද්දර 1500ක් ද තැපැල් පත් 150ක් ද මුද්දර කවර 200ක් ද අලෙවි වීමෙන් පැහැදිලි වන්නේ පාරිභෝගිකයන් වැඩි වශයෙන් තැපැල් මුද්දර භාවිතයෙන් පණිවිඩ හුවමාරු කර ගන්නා බවත් අඩු වශයෙන් ම තැපැල් පත් භාවිතා කරන බවත් ය. එම දත්ත වලට අනුව රුපියල් 3.50 මුද්දර, තැපැල් පත් සහ මුද්දර කවර, පාරිභෝගිකයන් අතර භාවිත වන ආකාරය පහත පරිදි වට ප‍්‍රස්තාරයක් ඇසුරින් දැක්විය හැකි ය.

රු. 3.50 වටිනා මුද්දර = 1500 = 291Ÿ.8’
තැපැල් පත් = 150 = 29Ÿ.1’
මුද්දර කවර = 200= 38Ÿ.9’

නිගමන

1. මුද්දර භාවිතය ඇරඹීමට පෙර සිට ම තැපැල් මගින් පණිවිඩ හුවමාරු කර ඇත.
2. මුද්දර, විනෝදාංශයක් ලෙස මෙන් ම ආදායම් මාර්ගයක් ලෙස ද භාවිත වේ.
3. රටක් ආර්ථිකය, සංස්කෘතිය වැනි විවිධ අංශ මුද්දරවලින් නිරූපණය වේ.
4. මහජනතාව මුද්දර භාවිතය නිවැරදි ලෙස සිදු නොකරන අවස්ථා ඇත.
5. ලංකාව තුළ දිනකට වැඩි වශයෙන් අලෙවි වන්නේ රුපියල් 3.50 වටිනාකම ඇති මුද්දර ය.

යෝජනා

1. මුද්දර භාවිතය පිිළිබඳ එනම් අලවන අකාරය හා එක් එක් ප‍්‍රමාණයේ ලිපිවලට භාවිතා කළ යුතු මුද්දර වල වටිනාකම පිළිබඳ ව පාරිභෝගිකයන් දැනුවත් කළ යුතු යි.

2. මුද්දර එකතු කිරීම සහ එයින් ලබා ගත හැකි ප‍්‍රයෝජන පිළිබඳව පාසල් සිසුන් දැනුවත් කළ යුතු ය.

3. විද්‍යාත්මක නම් සහිත ව අලූතින් මුද්දර නිකුත් කිරීමේ දී දෝෂ රහිත ව විද්‍යාත්මක නම් සඳහන් කරන ලෙස මුද්දර කාර්යාංශයට යෝජනා කරමි.

4. මුද්දර එකතු කිරීමේ දී එය දැනුම වර්ධනය කෙරෙන ආකාරයෙන් සිදු කිරීමට ක‍්‍රමයක් යෝජනා කෙරේ.
” ශ‍්‍රිී ලංකාවේ මුද්දර….. ” ව්‍යාපෘතිය පිළිබඳ අදහස්

පාසල් සිසුන් අතර මුද්දර එකතු කිරීම, කුරුළු පිහාටු එකතු කිරීම, සුන්දර දර්ශන පිළිබඳ පින්තුර එකතු කිරීම, විවිධ වාහන වල පින්තුර එකතු කිරීම වැනි මානසික තෘප්තියක් ඇති වන පරිදි විවේකය ගත කිරීමට උපයෝගි වන විනෝදාංශ තිබේ. මෙම දැරියද එවන් විනෝදාංශයකට ඇබිබැහි වු ශිෂ්‍යාවකි. ඇය තම එකතුව තුළින් ව්‍යාපෘතියක් කිරීමට අදහස් කර තිබීම ද පැසසිය යුතු කරුණකි.

ව්‍යාපෘති වාර්තාවක් ඇතුළත් විය යුතු අංග සියල්ල ද ඇගේ වාර්තාව තුළින් පැහැදිලි ව හඳුනා ගැනීමට හැකි ලෙස ගොනු කර සකස් කර තිබේ. වාර්තාවේ ස්වරූපය ද සිත් ගන්නා ආකායට පැහැදිලි ව, නිරවුල් ව ඉදිරිපත් කර ඇත.

හැඳින්වීම කෙටියෙන් දක්වා ඇති නමුදු හැඳින්වීමක අඩංගු විය යුතු සියලූ ම කරුණු ඇතුළත් ව තිබේ. ලිඛිත ව ඉදිරිපත් කළ කරුණුවලට අදාළ වන මුද්දර ඒ ඒ පිටුවේ අලවා තිබීමෙන් පැහැදිලි දැනුවත් වීමක් ව්‍යාපෘති වාර්තාව කියවන්නාට ලැබේ. එම මුද්දර පැහැදිලි ව, පිරිසිදු ව අලවා තිබිණ.

අරමුණු සහ අභිමතාර්ථ

මුද්දරවල මුලාරම්භය, ඉතිහාසය, මුද්දරයක් නිකුත් කිරීමේ ක‍්‍රියා පටිපාටිය, මුද්දරවල අවශ්‍යතාව, මුද්දර රැුස් කිරීමේ වැදගත්කම හා සැලකිය යුතු කරුණු සහ මුද්දර භාවිතය සංවර්ධනය සඳහා යෝජනා ඉදිරිපත් කිරීම යන අරමුණු සාක්ෂාත් කර ගත් ආකාරය, මෙම ශිෂ්‍යාවගේ ව්‍යාපෘති වාර්තාවේ ඉදිරි පියවර තුළින් මනා ව පැහැදිලි වේ.
ප‍්‍රතිලාභ ලබන්නන් පිළිබඳ විස්තර යටතේ එක් අඩුපාඩුවක් පමණක් හඳුනා ගන්නට හැකි විය. තමා ලැබු ප‍්‍රතිලාභ පිළිබඳ ව තොරතුරු ඇතුළත් කළේ නම් වඩාත් අගය කළ හැකි වේ.

වාර්තාවට අනුව ශ‍්‍රී ලංකාවේ මුද්දරවල අඩුපාඩු හඳුනා ගැනීමට ශිෂ්‍යාවට හැකි වී ඇත. ප‍්‍රතිලාභ ලබනන් ලෙස සඳහන් කරන ලද මුද්දර කාර්යාංශය මේ පිළිබඳ ව දැනුවත් කිරීමට තම ව්‍යාපෘති වාර්තාවේ පිටපතක් ඔවුන්ට ද ලබා දීමට හැකි නම් එය අගය කළ යුතු කාර්යයකි.

කාල රාමුව

කාල රාමුව පිළිබඳ ව අවධානය යොමු කළ විට එයට අපේක්ෂිත කාලය හා ප‍්‍රායෝගික කාලය යන දෙක ම ඇතුළත් වුයේ නම් යහපත් ය. තම ව්‍යාපෘතිය අපේක්ෂිත කාලය තුළ ම නිම කළේ ද? නො එසේ නම් එසේ නොවීමට හේතු වු කාරණය ද ශිෂ්‍යාවට මෙහි දි ඉදිරිපත් කළ හැකි ය. අපේක්ෂිත කාලය එක් වර්ණයකින් ද ප‍්‍රායෝගික ව ගත වු කාලය තවත් වර්ණයකින් ද ඉදිරිපත් කළේ නම් වඩා සුදුසු යැ යි හැෙ`ග්.

ක‍්‍රියාත්මක කළ අයුරු

ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කළ ආකාරය ඉතා පැහැදිලි ව අනුපිළිවෙළින් ඉදිරිපත් කර තිබීම පැසසුම් කටයුතු ය. ලබා ගත් දත්ත ක‍්‍රමානුකූල ව විවිධ තේමා යටතේ කාණ්ඩ කර ඇත. මුද්දර එකතු කිරීම විනෝදාංශය කර ගත් පිරිසටත් මුද්දර පිළිබඳ ව කරුණු කාරණා දැන ගැනීමට කැමති අයටත් ඉතා ම වැදගත් වු තොරතුරු සමුහයක් මෙම ව්‍යාපෘතිය තුළින් එකවර ලබා දීමට හැකියාව ලැබී ඇත.

දත්ත විශ්ලේෂණය

දත්ත විශ්ලේෂණය තුළින් ශ‍්‍රී ලංකාවේ වැඩි වශයෙන් අලෙවි වන්නේ සාමාන්‍ය තැපෑලෙන් යවන මුද්දර බව ඇය අනාවරණය කර ගෙන ඇත.

නිගමනය හා යෝජනා ඉතා පැහැදිලි ලෙස වෙන් වෙන් වශයෙන් ඉදිරිපත් කර ඇත.

ව්‍යාපෘති වාර්තාව ඉදිරිපත් කර ඇති ආකාරය සිත් ගන්නා සුළු ය. භාෂාව ද ඉතා සරල ව එහෙත් නිවැරදි ව හසුරුවා ඇත.

සමස්තයක් වශයෙන් ගත් කල මෙම ව්‍යාපෘති වාර්තාවේ, ව්‍යාපෘති වාර්තාවක ඇතුළත් විය යුතු අංග සියල්ල ම ඇතුළත් වී ඇති ඉතා ඉහළ මට්ටමක ව්‍යාපෘති වාර්තාවක් ලෙස සැලකිය හැකි ය. මෙසේ වීමට හේතුව වශයෙන් හැ`ගී යන්නේ ඉතා ඉහළ මට්ටමේ මග පෙන්වීමක් ලැබී තිබුණු බව ය.

ඞී. ඒ. එස්. ඞී. රත්නායක
ව්‍යාපෘති නිලධාරී
පර්යේෂණ හා සංවර්ධන දෙපාර්තමේන්තුව
ජාතික අධ්‍යාපන ආයතනය
මහරගම.