Project – 21

වී වගාව සඳහා එප්පාවල එකීය සුපර් පොස්ෆේට් භාවිත කිරීම පිළිබඳ අධ්‍යයනය

මේධානි වික‍්‍රමසිංහ, මලියදේව බාලිකා විද්‍යාලය, කුරුණැගල, 2006 මෙය කුරුණැගල මලියදෙව බාලිකා විද්‍යාලයයේ විද්‍යා දිනයේ, ” විකුම් විදැස් 2006 ” නමින් කුරුණෑගල ප‍්‍රදේශයේ පාසල් අතර පැවත්වු උසස් පෙළ ව්‍යාපෘති තර`ගයේ දෙ වන ස්ථානයට පත් වු ව්‍යාපෘතියේ පවර් පොයින්ට්, පරිගණක ඉදිරිපත් කිරීම ඇසුරින් සකසන ලදී.
ගැටලූව
එප්පාවල ඇපටයිට් පොස්පෙට් පොහොරක් ලෙස වී වගාවට යොදා ගත නොහැකි වීම හා ඒ සඳහා ආනයනික පොහොර යෙදීමට සිදු වීම.
අරමුණු.
එප්පාවල ඒකීය සුපර් පොස්පෙට් :ෑීඡු* , ආනයනික සාන්ද්‍ර සුපර් පොස්ෆේට් :ඔීඡු* වෙනුවට වී වගාව සඳහා යොදා ගත හැකි දැ යි පරීක්‍ෂා කිරීම.
කල්පිතය
එප්පාවල ඒකීය සුපර් පොස්පෙට් :ෑීඡු* පොහොර යෙදීමෙන් හා ආනයනික සාන්ද්‍ර සුපර් පොස්ෆේට් :ඔීඡු* පොහොර යෙදීමෙන් වී අස්වැන්නෙහි වෙනසක් සිදු නො වේ.
පොස්ෆේට් පොහොර අවශ්‍ය ඇයි ?
x හොඳ මූල මණ්ඩලයක් සාදා ගැනීමට.
x ගස තුළ ආහාර ගබඩා කර ගැනීමට.
x ගසෙහි ජීවය පවත්වා ගෙන යාමට.
x ප්‍රෝටීනවල සංඝටකයක් ලෙස.
පොස්පරස් අඩංගු පොහොර ද්‍රව්‍ය
x සාන්ද්‍ර සුපර් පොස්ෆේට් – මිල අධික ය (කිලෝවකට රු.36/= ක් පමණ*
x ඒකීය සුපර් පොස්ෆේට්.
x රොක් පොස්ෆේට්
1. ආනයනය කළ.
2. දේශීය (එප්පාවල*
රොක් පොස්ෆේට් කෙටිකාලීන භෝග සඳහා යොදා ගත නොහැක්කේ ඇයි ?
x ද්‍රාව්‍යතාව අඩු වීම (4-5%*
x වියළි කලාපයේ පස ආම්ලික නොවීම
මේ නිසා එප්පාවල රොක් පොස්ෆේට්වල ද්‍රාව්‍යතාව වැඩි තත්වයකට පත් කර ගත යුතු ය.
ක‍්‍රියාත්මක කළ ආකාරය
x වගා ක්‍ෂේත‍්‍ර 3ක් තෝරා ගැනීම
x ඉන් එකකට එප්පාවල ඒකීය සුපර් පොස්ෆේට් :ෑීඡු* පොහොර යෙදීම
x වෙනත් එකකට ආනයනික සාන්ද්‍ර සුපර් පොස්ෆේට් :ඔීඡු* පොහොර යෙදීම
x තෙ වන ක්‍ෂේත‍්‍රයට පොහොර නොයෙදීම :භධ – ඡු*
ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රතිකාරක සැලැස්ම
ඍ1 ඔීඡු ෑීඡු භදඡු
ඍ2 ෑීඡු භදඡු ඔීඡු
ඍ3 භදඡු ඔීඡු ෑීඡු

x ඍ1ලඍ2ලඍ3 ලෙස ආකාර තුනකට පොහොර යෙදිම
x පොහොර යෙදු හෝ නො යෙදු වගා ක්‍ෂෙත‍්‍ර නිරීක්‍ෂණය හා අස්වැන්න පිළිබඳ දත්ත ලබා ගැනීම
නිරීක්‍ෂණ
x පොහොර දෙවර්ගය ම යෙදු කුඹුරුවල වී ශාකවල වර්ධනය සමාන ව සිදු විය; අස්වැන්න ද වැඩි විය.
x පොහොර නොයෙදු විට වර්ධනය අඩු විය; අස්වැන්න ද අඩු විය.
ප‍්‍රතිඵල
වී අස්වැන්න හෙක්ටයාරයකට ටොන්
ඍ1 ඍ2 ඍ3 සමාන්‍යය
ෑීඡු 6ග54 7ග21 6ග83 6ග86
ඔීඡු 6ග71 6ග89 7ග12 6ග91
පොහොර නොයෙදු(භධ-ඡු* 3ග21 3ග57 3ග41 3ග31

දත්ත විශ්ලේශණය
x ෑීඡු හා ඔීඡු පොහොර යෙදු වගා ක්‍ෂේත‍්‍රවලින් ලද අස්වැන්නෙහි සාමාන්‍යය අගය හෙක්ටයාරයකට ටොන් 6.9ක් පමණ වු සමාන අගයයක් විය.
x පොහොර නොයෙදු පාලක පරීක්‍ෂණ අවස්ථාව සම`ග සසඳන විට ෑීඡු හා ඔීඡු පොහොර යෙදු වගා ක්‍ෂේත‍්‍රවලින් දෙගුණයක පමණ අස්වැන්නක් ලැබී ඇත.
නිගමනය
එප්පාවල ඒකීය සුපර් පොස්ෆේට් :ෑීඡු* පොහොර යෙදීමෙන් හා ආනයනික සාන්ද්‍ර සුපර් පොස්ෆේට් :ඔීඡු* පොහොර යෙදීමෙන් වී අස්වැන්නෙහි වෙනසක් සිදු නො වේ යන කල්පිතය සත්‍ය වේ.
එප්පාවල ඒකීය සුපර් පොස්පෙට් :ෑීඡු* ආනයනික සාන්ද්‍ර සුපර් පොස්ෆේට් :ඔීඡු* වෙනුවට වී වගාව සඳහා යොදා ගත හැකි වේ.

”වී වගාව සඳහා එප්පාවල…….” ව්‍යාපෘතිය පිළිබඳ අදහස්
පර්යේෂණ හෝ ව්‍යාපෘති ක‍්‍රියාවලියක ඉතා වැදගත් පියවරක් වන්නේ පර්යේෂණ හෝ ව්‍යාපෘති අනාවරණ ප‍්‍රචලිත කිරීම යි. වාර්තා කිරිමයි. කිසියම් පර්යේෂණයක හෝ ව්‍යාපෘතියක අනාවරණ ප‍්‍රචලිත නොකළේ නම් පර්යේෂණයක් හෝ ව්‍යාපෘතියක් සිදු නොවුවා සේ සැලකේ. :භද රුචදරඑග භද රුිැ්රජය* පර්යේෂණ අනාවරණ ප‍්‍රචලිත කිරීම සඳහා දේශීය මෙන් ම විදේශීය සම්මන්ත‍්‍රණ පැවැත්වෙන්නේ ද එහෙයිනි. පර්යේෂණ කරන විද්‍යාඥයින්ට පිළිගත් වේදිකාවල තම අනාවරණ ඉදිරිපත් කිරීමට ඒ නිසා පහසුවක් වී ඇත.
පර්යේෂණ අනාවරණ ප‍්‍රචලිත කිරීම පිළිබඳ ප‍්‍රසිද්ධ උදාහරණ පර්යේෂණ සාහිත්‍යයේ දක්නට ලැබේ. ගැලීලියෝ ගැලිලි, පීසාහි ඇලවුණු කුළුණ මත නැග බර වැඩි අඩු වස්තු දෙකක් බිමට පතිත කර එම වස්තු වාතය රහිත අවකාශයක එක වර බිමට පතිත වන බව ඉතාලි පුරවැසියන් ඉදිරියේ පෙන්වා දීමෙන් කළේ ස්වකීය පර්යේෂණයක අනාවරණ ප‍්‍රචලිත කිරීමකි.
මේ නිසා ස්වකීය පාසලේ උසස් පෙළ දරුදැරියන්ගේ ව්‍යාපෘති වාර්තා ඉදිරිපත් කිරීම සඳහා විද්‍යා දින උළෙලක දී ඉඩකඩ ලබා දීම පිළිබඳ ව විදුහල්පතිනිය ඇතුළු ආචාර්ය මණ්ඩලය පැසසුම් ලද යුතු ය. මෙය අනාගතයේ දී දෙස් විදෙස් සම්මන්ත‍්‍රණවල දී පර්යේෂණ අනාවරණ ඉදිරිපත් කිරීම සඳහා වු පෙරහුරු අවස්ථාවක් සේ සැලකිය හැකි ය.
නුතනයේ පර්යේෂණ අනාවරණ ප‍්‍රචලිත කිරීම සඳහා ලිඛිත වාර්තාකරණයට අමතර ව විද්‍යුත් තාක්ෂණය ද භාවිතා කරනු ලැබේ. ශ‍්‍රී ලංකාවේ උසස් පෙළ ව්‍යාපෘතිවල අවසන් ඵලය ලිඛිත වාර්තා ලෙස ඉදිරිපත් කිරීම ප‍්‍රධාන වශයෙන් දක්නට ලැබෙන ලක්ෂණය යි. එහෙත් මේධානි වික‍්‍රමසිංහ සිසුවිය පාසලේ පැවති විද්‍යා දින උළෙලේ දී තම ව්‍යාපෘති අනාවරණ පවර් පොයින්ට් පරිගණක මෘදුකාංගය මගින් ඉදිරිපත් කර තිබීම නව පියවරක් ලෙස පැසසුම් කටයුතු ය.
විද්වත් සභාවක් ඉදිරියේ පවර් පොයින්ට් මාධ්‍ය උපයෝගි කර ගෙන අනාවරණ ඉදිරිපත් කිරීමේ දී සැලකිය යුතු කරුණු කිහිපයක් තිබේ.
 සභාවට ගැළපෙන පරිදි ප‍්‍රමාණවත් පරිදි වචන කතා කිරීම.
 සභාවට ගැළපෙන පරිදි අංගචලන භාවිතා කිරීම.
 කටහඩ විද්්‍යුත් උපකරණ හා ගැළපෙන පරිදි පාලනය කිරිම.
 මේ අංග තුනට ම ගැළපෙන පරිදි පවර්පොයින්ට් කදා ( ීකසාැ* සකස් කර ගැනිම. එම කදාවල තිබිය යුත්තේ අත්‍යවශ්‍ය ම වචන හා රූප පමණි.
 වාචික හා විද්‍යුත් ඉදිරිපත් කිරිම එකිනෙකට පටහැනි නො වන පරිදි ද සභාවේ සාමාජිකයන්ට කටහඬත් විද්‍යුත් දර්ශනත් නො පැටලෙන පරිදි ද ඉදිරිපත් කිරිම.
 සභාවේ සහභාගි වන්නන්ගේ ඇසට පවර් පොයින්ට් කදා ද කනට පර්යේෂකගේ වචන ද ක‍්‍රමානුකූල ව සංගත ව යොමු කිරීම.
 සබකොලයෙන් තොරව කරුණු ඉදිරිපත් කිරීම.
මේ පදනම් කරුණු මත මේධානි වික‍්‍රමසිංහ ශිෂ්‍යාවගේ පවර් පොයින්ට් ඉදිරිපත් කිරීමේ සාධනීය ගුණාංග වන්නේ.
 ව්‍යාපෘති සාරය කෙටියෙන් වචනවලට ගොනු කර තිබීම.
 ව්‍යාපෘති ක‍්‍රියාවලිය හා අනාවරණ තහවුරු කිරීම සඳහා ඉතා සාර්ථක ලෙස ඡුායාරූප, වගු හා ප‍්‍රස්තාර උචිත පරිදි ද සරල ව ද යොදා ගෙන තිබීම.
 සමස්ත ව්‍යාපෘතියේ සාරය අනුමාතෘකා ඔස්සේ හකුළුවා ඉදිරිපත් කර තිබීම.
මේ නිසා මේධානි වික‍්‍රමසිංහ සිසු දැරියගේ මේ නව ප‍්‍රයත්නය බෙහෙවින් පැසසුම් කටයුතු බව පැවසිය හැකි ය.
වික‍්‍රමසිංහ සිසුවියගේ සජීවි ඉදිරිපත් කිරීම ද ඉහළ ගුණාත්මක බවකින් සමන්විත විය. අවස්ථා කීපයක දී විද්‍යුත් මාධ්‍ය හා වාචික ඉදිරිපත් කිරීම අතර සමබර බව බිදී ගියත් එම ඌනතාව වැඩි වශයෙන් විද්්‍යුත් මාධ්‍ය භාවිතයට හුරු වීමෙන් මග හරවා ගත හැකි වනු ඇත. කටහඬ පාලනය විද්‍යුත් ඇමතුම් පද්ධතියට උචිත පරිදි පැවැතීම ද සාධනීය ලක්ෂණයක් සේ සඳහන් කළ හැකි ය.
ව්‍යාපෘතියේ අන්තර්ගතය සැලකූ විට පෙනෙන විශේෂ ලක්ෂණයක් වන්නේ ව්‍යාපෘතිය සඳහා භාවිතා කර ඇති සම්පරීක්ෂණ පර්යේෂණ ක‍්‍රමයට උචිත ලෙස කෙටියෙන් කරුණු ඉදිරිපත් කිරීම යි. විද්‍යාත්මක ක‍්‍රමයට ආසන්න ම පර්යේෂණ ක‍්‍රමයක් වන සම්පරීක්ෂණ පර්යේෂණයේ දී කණ්ඩායම් දෙකක් සසඳා නිගමනවලට එළඹෙනු ලැබේ. කෙසේ නමුත් පොස්ෆේට් පොහොර අවශ්‍ය ඇයි ? යන මාතෘකාව සහ රොක් පොස්ෆේට් කෙටි කාලීන බෝග සඳහා යොදා ගත නොහැක්කේ ඇයි ? යන මාතෘකාව අතර විස්තරය සමස්ත ව්‍යාපෘතිය සම`ග ගැළපෙන්නේ කෙසේ දැ යි පැහැදිලි නො වීම ද ඌනතාවක් වේ. ගැටලූවට අදාළ පොතපතින් ගත් කරුණු ප‍්‍රමාණවත් ව ඉදිරිපත් නොවීම ඌනතාවක් සේ දක්නට ලැබේ.
ආචාර්ය ගොඞ්වින් කොඩිතුවක්කු
අධ්‍යක්ෂ
පර්යේෂණ හා සංවර්ධන දෙපාර්තුමේන්තුව
ජාතික අධ්‍යාපන ආයතනය.