Project 20

ලේඛන කුසලතා වර්ධනයේ දී අක්ෂර වින්‍යාසය හා වාක්‍ය නිර්මාණය

ඞී.එම්. සමන්තිකා දිසානායක, ත‍්‍රි / අග‍්‍රබෝධි ජාතික පාසල, 13 වසර, 2002
අදහස් ප‍්‍රකාශයේ ප‍්‍රධාන මාධ්‍ය භාෂාවයි. මෙය කථනය හෝ ලේඛනය මගින් සිදු කෙරේ. බහ තෝරන අවධියේ පටන් දරුවා කථා කිරීමට හුරුව ලබන නමුත්, ලේඛන ක‍්‍රමය විධිමත් අධ්‍යාපනය ක‍්‍රමයක් තුළින් ඉගෙන ගත යුතු ය. අකුරු ගළපා වචන සම්බන්ධ කොට යම් යම් වාක්‍ය රටා මගින් නිවැරදි ව අදහස් ප‍්‍රකාශ කිරීම ලේඛනයේ දී අවශ්‍ය වේ.
භාෂාවක ස්ථාවර අගයක් ඇති වන්නේ ලේඛන ක‍්‍රමයෙනි. නොයෙක් සිතැ`ගි, අදහස්, දැනීම්, පරපුරෙන් පරපුරට බෙදා හරින මාධ්‍යය වන්නේ ලේඛන ක‍්‍රමය වන නිසා ඒ සඳහා කුසලාතාව පාසල් අධ්‍යාපනයට සම්බන්ධ සිසුන් අනිවාර්යයෙන් ම ලබා ගත යුතු ය.
ලේඛනයේ දී ශිෂ්‍යයන් තුළ දැකිය හැකි ගැටලූ රාශියකි.
x අකුරුවල හැඩ හා පිල්ලම් පිළිබඳ ව අවබෝධයක් නැතිකම.
x අකුරු අඩුවෙන් ලිවීම.
x වාග්මාලාව පෝෂණය නොවීම.
x විරාම ලක්ෂණ හා පද බෙදීම පිළිබඳ ව අවබෝධය මද වීම.
x උක්ත – අඛ්‍යාත සම්බන්ධයේ වැරදි ඇති වීම.
මෙවැනි ගැටලූ සඳහා සුදුසු පිළියම් ඉදිරිපත් කොට ලේඛන කුසලතාව කෙරෙහි මග පෙන්වීමක් කිරීමට මෙම ව්‍යාපෘතියෙන් බලාපොරොත්තු වෙමි.
අභිමතාර්ථ
x අකුරුවල හැඩය හා පිල්ලම් භාවිතය නිසි ලෙස හුරුපුරුදු වීම.
x පද බෙදීම හා විරාම ලක්ෂණ පිළිබඳ ව අවබෝධයක් ලැබීම.
x අක්ෂර වින්‍යාසය නිවැරදි ලෙස යොදා භාවිත කිරීම.
x උක්ත – අඛ්‍යාත සම්බන්ධය නිවැරදි ව රීති හඳුනා ගෙන වාක්‍ය ලිවීම.
x අදහස් පැහැදිලි ලෙස හා සිත්ගන්නා සුළු ලෙස ලේඛනයේ දී හසුරුවා ගැනීම.
x මේ ව්‍යාපෘතිය තුළින් මා ලැබු අත්දැකීම් අනුව මගේ ලේඛන කුසලතා වර්ධනයට මෙන් ම, මෙය කියවන්නාගේ කුසලතා වර්ධනයට ද අත්වැලක් විය හැකි වීම.
ක‍්‍රියාත්මක කරන ආකාරය
x ව්‍යාපෘතිය සැකසීම සඳහා ගුරු උපදෙස් ලබා ගැනීම.
x ව්‍යාපෘති යෝජනාව සඳහා සුදුසු මාතෘකාවක් තෝරා ගැනීම.
x ව්‍යාපෘති යෝජනාව සැකසීම.
x ව්‍යාපෘති යෝජනාව අනුමත කර ගැනීම.
x මෙය ක‍්‍රියාත්මක කිරීම සඳහා 9 වෙනි ශ්‍රේණියේ සිසුන් තෝීරා ගැනීම හා පන්ති භාර ගුරුතුමිය සම`ග සාකච්ඡුා කිරීම.
x ගුරුතුමිය මගින් සිසුන් කණ්ඩායම් කොට වාක්‍ය රචනා 5ක් ලිවීමට සැලැස්වීම.
x සිසුන් ලියන ලද රචනා ගුරුතුමියගෙන් ලබා ගෙන ඇගයීම් කිරීම.
x ඇගයීමේ දී පෙනුණු දුබලතා සඳහා සුදුසු පිළියම් යෝජනා කිරීම.
සැලැස්ම
ලේඛන කුසලතා වර්ධනයේ දී සිසුන් විසින් පළ කරනු ලබන අක්ෂර වින්‍යාසය හා වාක්‍ය නිර්මාණයේ දී ඇති වන වැරදි නිවැරදි කිරීම.
භාෂා ව්‍යාපෘතියේ නම
ලේඛන කුසලතා වර්ධනයේ දී අක්ෂර වින්‍යාසය හා වාක්‍ය නිර්මාණය
යොදාගනු ලබන සිසු පිරිස
9 වසර සී
අරමුණු
x අක්ෂර වින්‍යාසයේ නිවැරදි රීති හඳුනා ගැනීම.
x වාක්‍ය නිර්මාණයේ භාවිතා වන රීති දැන ගැනීම.
x ලේඛන රීති සුරකිමින් ලේඛනයේ යෙදීම.
x ලේඛන කුසලතා නිර්මාණාත්මක ව ප‍්‍රකාශනයට යොදා ගැනීම.
x විවිධ ලේඛන කියවා අගය කිරීම.
x සමාජානුයෝගය සඳහා ලේඛන කුසලතා ඉවහල් වන බව වටහා ගැනීම.
දත්ත රැුස් කිරීම සඳහා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ රැුස් කරන ලද රචනා 17 කි. එයින් එකක් උදාහරණයක් ලෙස පහත දැක්වේ.
ත‍්‍රි / අග‍්‍රබෝධි ජාතික පාසල එච්.එම්. ශා්‍යාමලි තුෂාරික
කන්තලේ, 9-ජ
2002.08.29
වන සම්පත් සුරකිමු
අප අවට ඇති ගස් කොළන්, වැව්, පොකුණු, ඇළ,දොළ වැනි ස්වභාවික සම්පත් වනය ලෙස හැඳින් වේ. එහෙත් අද වන විට වනයට අයත් ස්වභාවික සම්පත් විනාශ වමින් පවති. එම නිසා ශාක හා සතුන්ටද ජිවත් විමට අපහසු තත්වයක් පවති. ස්වභාවික වනය හානි වීම නිසා අද ලෝක පරිසර දිනය ලෙස නම් කර ඇත.
වනයට එල්ල වන තර්ජන ජිවින්ද සෘජු ලෙස බලපායි.වනයේ සමතුලිත බව බිදිමින් පරිසරයට හානි පමුණවන්නේ මිනිසා බව ද සිතා ගත යුතුය.අකාරුනික ලෙස නනනනන වන විනාශය නිසා ජිවිහුද විනාශයට පත් වේ. ගස් වැල් කපා දැමිම, ජල උල්පත් සිදී යෑමට බලපායි. මෙසේ වනයට කරන හානි වලින් පිඩා විදින්නේ මිනිසාය මිනිසාගේ විවිධ කටයුතු සඳහා වනයේ ඇති ගස් වැල් ප‍්‍රයෝජනයට ගනි. තුරු ලතා ද විනාශ වි යයි.
ගෙවිමේ. දැන් නමුත් අපට සාමය උදා වී ඇත. නමුත් ඒ යුද්ධයෙන් මිය ගිය අය හට ඒ දුක තුනි කර ගත හැකි ද, එය සැබැවින් ම නොහැකිය අප රටේ කෙතරම් ජනග‍්‍රහනයක් සිටි ද ඒ මේ ජනග‍්‍රහනයෙම එක් වුවොත් මේ යුද්ධය සඳහටම අප ලෝකයෙන් තුරන් කිරීමට හැකි ය. නමුත් දැන් යුද්ධය නිමා වි සාමය උදා වී ඇත. මේ සාමය සඳහටම මේ ලෝකය තුලම තිබේවායි. යුද්ධය යන වචනය ලෝකයෙන් තුරන් කරමු.
රවනාවල භාෂාව විශ්ලේෂණයෙන් එළඹුණු දත්ත විශ්ලේෂණය පහත දැක්වේ.
ඇගයීම්
9 වසර සී සිසුන්ගේ වාක්‍ය රචනා විශ්ලේෂණය කොට බලාපොරෝත්තු වුයේ ලේඛන කුසලතා වර්ධනය බෙහෙවින් ඉවහල් වන නිවැරදි අක්ෂර වින්‍යාසය හා වාක්‍ය නිර්මාණය කොතෙක් දුරට හේතු වී ඇත් දැ යි සොයා බැලීම යි.
එහි දී අක්ෂර වින්‍යාසයේ දී බෙහෙවින් ව්‍යාවහාරයේ පවතින සරල වචනවල දී පවා වැරදි සිදු වී ඇත.
වාක්‍ය නිර්මාණයේ දී දක්නට ලැබුණේ බෙහෙවින් ව්‍යාවහාරයේ පවතින සම්බන්ධය බිදී ගොස් පැවති ආකාරය යි. වාක්‍යයක දී ක‍්‍රියාවෙන් කියැවෙන නාමය හෙවත් කර්තෘ සඳහා උක්ත නාමයක් යෙදීම අවශ්‍ය ම කරුණකි. විශේෂයෙන් බහු වචන නාම භාවිතයේ දී නාම දෙකක් දක්නට ලැබේ. මිනිස්සු / මිනිසුන්, ඇමතිවරු/ ඇමතිවරුන්, මගීහු/ මගීන්, කුරුල්ලෝ/කුරුල්ලන්, ඇත්තු/ඇතුන්, ආදී වශයෙනි. නම් දෙකේ ම බහු වචන ස්වරූපයක් ඇත ද ක‍්‍රියාව හා සම්බන්ධ නාමය හඳුනා ගෙන යොදා ගැනීම අවශ්‍ය වේ. සියලූ නාම පද පුරුෂ වශයෙන් ප‍්‍රථම පුරුෂ, මධ්‍යම පුරුෂ හා උත්තම පුරුෂ ය යි කොටස් තුනකට වෙන් කෙරේ. ඒ පුරුෂ අනුව ද ක‍්‍රියාව වෙනස් වීම සිංහල භාෂා ව්‍යාවහාරයේ පවතින්නකි. මෙය ද රචනා ලිවීමේ දී බිඳ වැටී ගිය බවක් පෙනී යයි.
රචනාවල දක්නට ලැබෙන වැරදි අක්ෂර ව්‍යාවහාර
වැරදි නිවැරදි
ඇල දොල ඇළ දොළ
කල යුතු යි කළ යුතු යි
ජනග‍්‍රහනය ජනගහනය
එළිපෙහෙලි එළිපෙහෙළි
පහල පහළ
සුර්්‍යයන් සුර්යයන්
කොල කොළ
වැලදී වැළදී
එසේ ම සිංහල භාෂාවේ පෙනෙන තවත් ලක්ෂණයක් වන්නේ කට වහර, ගත් වහර (ලේඛන ව්‍යවහාරය* යනුවෙන් දෙයාකාර වීම යි. නව වන වසර වන විට කට වහරට වඩා ගත් වහර ලේඛනයේ දී ප‍්‍රයෝජනයට ගැනීම ද අවශ්‍ය කරුණකි. මෙම රචනා අතර කට වහර ප‍්‍රයෝජනයට ගත් අවස්ථා ද තිබේ. තවත් එක් එක් ලේඛන වර්ග අනුව කට වහර යොදා ගැනීමට හැකි අවස්ථා ඇත.
ප‍්‍රතිපෝෂණය අක්ෂර වින්‍යාසය
ලියන දෙය නිවැරදි ව අවබෝධ කර ගැනීමට නම් භාෂාවේ අක්ෂර නිසි පරිදි සුදුසු තැන්හි භාවිතා කළ යුතු වෙයි.

අක්ෂර වින්‍යාසය යනුවෙන් හැදින්වෙන්නේ එය යි. සිංහලයේ ඇතැම් අක්ෂර යම් අයුරකින් සිමා වන බවක් පෙනෙන විට නිවැරදි යෙදුම තෝරා ගැනීම දුෂ්කර විය හැකි ය. අල්පප‍්‍රාණ හා මහාප‍්‍රාණ යෙදීම, න, ණ, ල, ළ යෙදීම එවැනි ගැටලූ තැන් ය.
සිංහලයේ ක,ග,ජ ආදී සමහර ව්‍යක්‍ද්ජන අකුරු අල්පප‍්‍රාණ හා මහාප‍්‍රාණ වශයෙන් දෙවිධියකට බෙදේ. මහාප‍්‍රාණ අක්ෂර සහිත වචන අප ව්‍යවහාර කරන සිංහලයෙහි බෙහෙවින් ඇත. ඒ වචන සිංහලයට ලැබී ඇත්තේ සංස්කෘත හා පාලි භාෂාවලිනි. ඒවා මුල් භාෂාවල එන ආකාරයෙන් හා සිංහල භාෂාවට ගැළපෙන ලෙස සකස් කර ගැනීමෙන් භාවිත වෙයි. මුල් භාෂාවල ආකාරයෙන් භාවිතා වන විට එම වචන හඳුන්වන්නේ තත්සම වචන ලෙස ය. සිංහල රූපයට ගොඩ නගා භාවිතා වන වචන තද්භව වචන නමින් හැදින්වේ.
මෙලෙස ව්‍යවහාරයේ යෙදෙන වචනවල දී යෙදිය යුතු නිවැරදි අකුරු කවරේ ද යන්නට දිය හැකි උපදේශය වන්නේ උගතුන්ගේ පොත පත කියවීම යි. පොත්පත් පරිහරණය වැඩි වු තරමට නිවැරදි අක්ෂර වින්‍යාසය රැුකෙයි. එනිසා පාසල් සිසුන්ට පොත් පත් කෙරෙහි අවධානය අවශ්‍ය වේ. ලේඛනයේ යෙදෙන ඉහළ පන්තිවල සිසුන් තුළ ද බෙහෙවින් අක්ෂර වින්‍යාසයේ වැරදි දකින්නට ලැබේ.

විද්වතුන්ගේ ඇසින්
” ලේඛන කුසලතා වර්ධනය” ව්‍යාපෘතිය පිළිබඳ අදහස්
1. භාෂාව නිවරදි ලෙස භාවිතා කිරීම පිරිහී ඇති මෙ සමයෙහි ලේඛන කුසලතා වර්ධනය ගැන ව්‍යාපෘතියක යෙදීම අගය කළ යුතු ය.
2. ශිෂ්‍යයින් විසින් කරනු ලබන වැරදි තෝරා ගෙන එම වැරදි තෝරා ගෙන එම වැරදි නිවරද කරන අන්දම දැක්වීම ද ලේඛන කුසලතා වර්ධනය කිරීමේ හොඳ ක‍්‍රියා මාර්ගයකි.
3. නිවරදි සිංහල ලේඛන රීතියක් ඇති කිරීමට යෙදෙන ව්‍යාපෘතියක භාෂාව නිවරදි විය යුතු ය. එහෙත් මෙම ව්‍යාපෘතියෙහි වැරැුදි ව්‍යවහාර රාශියකි.
නිදසුන්
i. මිනිසුන් ද සතුන් ද මැරී යති.
ii. වර්තමානයේ
iii. අපි සියලූ දෙනාම ජීවත් වෙන මේ පුංචි දිවයින
4. වචන වල අක්ෂර හැලී යාම මෙහි දක්නට ලැබෙන තවත් දුර්වලතාවකි.
නිදසුන් : පිබඳ, දුෂයෙන්, භාෂය.
5. වචන අතර හා අක්ෂර අතර ගැළපෙන පරතරයක් තිබීම ද හොඳ ලේඛන රීතියක, ලක්‍ෂණයකි. මෙම ව්‍යාපෘති වාර්තාවෙහි එවැනි පරතරයක් දෘශ්‍යමාන නො වේ.
නිදසුන් : නිර්මාණය, කුසලතා, වින්‍යාසය
6. නිවරද වාක්‍ය වැරදි ලෙස දැක්වු අවස්ථා ද මෙම ව්‍යාපෘති වාර්තාවෙහි දැකිය හැකි ය.
නිදසුන් : අපේ වන සතුන් අපේ ලංකාවට අහිමි වේ.
7. ව්‍යාපෘතියෙහි තාක්ෂණීක කරුණුවල ද යම් යම් දුර්වලතා පවතී. කාලරාමුවෙහි ක‍්‍රියාකාරකම් වල නිරත වන දිනය සටහන් නොවීම, නියැදිය පැහැදිලි ව දක්වා නොතිබීම මෙයට නිදසුන් ය.
8. ව්‍යාපෘති වාර්තාව සකස් කිරීමේ දී ගුරු උපදේශ වැඩියෙන් ලබා ගත්තේ නම් මෙම දුර්වලතා ම`ග හරවා ගැනීමට ඉඩ තිබුණි.
එස්. ජී. ගුරුසිංහ
විශ‍්‍රාම ලත් අධ්‍යාපන විද්‍යා පීඨ ප‍්‍රමුඛාචාර්ය.
මහවැලි අධ්‍යාපන විද්‍යා පිඨය.