Project 2

මදුරු මර්දනය සඳහා ආධාර වන පසුබිම් දැනුම ගොඩනගා ගැනීමේ ව්‍යාපෘතියක්

සාරාංශය

අරමුණු

  • ප්‍රදේශයේ මදුරුවන්ගෙන් බෝවන රෝග පිළිබඳ හැදැරීම.

ක්‍රම වේදය

  • ප්‍රදේශයේ සෞඛ්‍ය ආයතනවල සේවය කරන නිළධාරීන් හා එම ආයතනවලින් නිකුත් කරන පත්‍රිකා දත්ත එක්රැස් කර එම දත්ත ගොනු කොට වාර්තාවක් සැකසීමට ගත් උත්සහයකි.

දත්ත විශ්ලේෂණය

  • ඩෙංගු ජපනීස් එන්කෙෆලයිටීස්, මැලේරියාව හා බරවා රෝගය මදුරුවන් රෝග වාහකයන් ලෙස පතුරුවන රෝග වේ.
  • එම රෝගවලින් ප්‍රජා සෞඛ්‍යයට වන හානිය බරපතළ ය.
  • මදුරු මර්දනයට ස්වාභාවික ක්‍රම මෙන් ම, කෘතිම ක්‍රම රාශියක් භාවිත කළ හැක.

නිගමන

  • මදුරුවන් මර්දනය සඳහා මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම ඉතාමත් ඵලදායී ක්‍රමයකි.
  • මදුරුවන් මර්දනයේ දී, විනාශ කිරීමේ දී හා පලවා හැරීමේ දී ස්වාභාවික උපක්‍රම භාවිත කිරීම වඩාත් හිතකරය.

පොදු අරමුණු

පාසල් ශිෂ්‍යාවක් වශයෙන් මා තෝරාගත් ප්‍රදේශයේ මදුරුවන් බෝවන ස්ථාන හඳුනා ගැනීමටත් එම ස්ථාන නැති කිරීමට අවශ්‍ය දැනුම, කුසලතාව, ආකල්ප වර්ධනය කර ගැනීම.

 

 

විශේෂිත අරමුණු

  1. පාසල් සිසුවියක් ලෙස මා ගොස් ලබා ගත් දැනුම තුළින් හැකියාවන් වර්ධනය කර ගැනීම.
  2. ප්‍රජාව අතරට ගොස් ඔවුන් දැනුවත් කිරීම.
  3. ප්‍රජාව තුළ පවතින ලෙඩ රෝග පිළිබඳව විස්තර ඔවුන්ට ලබා දී දැනුවත් කිරීම.

මදුරුවන් බෝ වන්නේ කෙසේ ද?

මදුරුවන් බෝවන්නා වූ ස්ථාන ලෙස කුණු කසල ඇති ස්ථාන, ජලය රැඳී ඇති ස්ථාන සඳහන් කළ හැකි ය. ජලය රැෙඳන ස්ථාන ලෙස සඳහන් කළ හැකි වනුයේ පොල් කෝම්බ, ටින්, ටයර්, යෝගට් කෝප්ප ආදියෙනි. මදුරුවෝ කුණු කසල ඇති ස්ථානවල ද ජලය ඇති ස්ථානවල ද බිත්තර දමති. කල්ගත වී ගිය පසු බිත්තර බිඳී කීිටයන් බවට පත් වේ. ඉන් පසු එම කීටයන් මදුරුවන් වනු නිසැක ය. මදුරුවන් එක වතාවකට මදුරු බිත්තර 150-180 අතර දමයි.

රෝග හඳුනා ගන්නේ කෙසේ ද?

ඩෙංගු උණ – සාමාන්‍ය රෝග ලක්ෂණ

  • තද උණ
  • හිසරදය
  • වමනය
  • ඇඟපත වේදනාව
  • බඩේ කැක්කුම

දින තුන හතරකින් පමණ මෙම රෝග ලක්ෂණ අඩු වී රෝගය සුව වී යයි. නමුත් සමහර රෝගීන් ඩෙංගු රක්තපාත තත්ත්වයට පත් වේ.

ඩෙංගු රක්තපාත උණෙහි ලක්ෂණ

  • හම යට කුඩා ලේ පැල්ලම් මතු වීම
  • ඇස් රතු වීම
  • නාසයෙන් ලේ ගැලීම
  • මළ මුත්‍රා සමග ලේ පිටවීම
  • විදුරුමස්වලින් ලේ ගැලීම
  • වමනය හෝ මළ කළු හෝ දුඹුරු පැහැයක් ගැනීම

ඉහත සඳහන් රෝග ලක්ෂණ ඇති වුවහොත් වහාම රෝහලකින් හෝ වෛද්‍ය ආයතනයකින් ප්‍රතිකාර ලබා ගන්න.

බරවා රෝග ලක්ෂණ

  • උණ ඇති වී නැති වී යාම
  • ඉදිමීම
  • රාත්‍රී කාලයේ කැස්ස
  • සම මත රතු ලප ඇති වීම
  • වේදනා සහිත කුද්දටි ඇති වීම
  • සන්ධි ඉදිමීම මස් පිඩුවල වේදනාව
  • කැසීම
  • අත් පා ඉදිමීම
  • රතු පැහැ ඉරි සමේ ඇති වීම
  • කිරි පැහැ වර්ණයෙන් මුත්‍රා යාම
  • පියයුරු ඉදිමීම
  • පුරුෂ ශ+ක්‍රනාල සහ වෘෂණ කෝෂ ඉදිමීම

මෙම රෝගය උත්සන්න වූ විට අලි කකුල් ඇති වේ.

ජැපනිස් එන්සෆලයිටිස් රෝගයේ රෝග ලක්ෂණ

වෛරසය සිරුරට ඇතුලූ වන සෑම කෙනෙකු තුළ ම රෝග ලක්ෂණ ඇති නොවේ.

මුලික රෝග තත්ත්වය

  • අධික උණ
  • හිසරදය
  • ඔක්කාරය
  • වමනය
  • මස්පිඩුවල තද ගතිය
  • දරදඩු ගතිය

බොහෝ දෙනෙකු මෙම රෝග තත්ත්වයෙන් ම සුව වේ.

මොළය ආසාදනයට පත් වීමේ තත්ත්වය හෙවත් එන්සෙපලයිටිස් තත්ත්වය

  • සිහිමද ගතිය
  • ව්‍යාකූල ස්වභාවය
  • මංමුලා වූ ස්වභාවය
  • වලිප්පුව
  • පේශි දරද`ඩු වීම
  • කලබලකාරී ස්වභාවය
  • අන්දමන්ද ගතිය
  • සිහිමුර්ජා තත්ත්වය
  • ගෙල ගත ගතිය
  • අසාමාන්‍ය චලනය

ඉහත සඳහන් රෝගය ඇති වී දින 3-5 කාලයේ දී දක්නට ලැබේ. නිසි ප්‍රතිකාර නොලැබුණහොත් පහත සඳහන් අදියරේ දී මරණය පවා සිදුවන්නට පුළුවන.

අවසාන රෝග තත්ත්වය

  • ගැඹුරු හඬින් එහෙත් සෙමෙන් කතා කිරීම
  • පණ නැති ගතිය
  • කරකැවිල්ල
  • පැත්තක් පණ නැති වීම

මදුරු මර්ධනය සඳහා ගත යුතු කි්‍රයාමාර්ග මොනවා ද?

  1. නිවෙස් අසල ඇති මදුරුවන් බෝවන දිය කඩිති වසා දැමීම.
  2. කුඹුරුවල දිය පිරී ඇති විට සතියකට වරක්වත් සම්පූර්ණයෙන් ම දිය බැස්සවීම.
  3. වතුර එකතුවන කානුවල දිය බැසයාමට සැලැස්වීම.
  4. කැලි කසල විනාශ කිරීම.
  5. පොල් කෝම්බ, ටින්, යෝගට් කෝප්ප ආදිය විනාශ කර දැමීම.

මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම සඳහා පාසල් සිසුවියක් වශයෙන් ගත යුතු ක්‍රියාමාර්ග

  • මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම සඳහා ප්‍රජාව දැනුවත් කිරීම.
  • එයින් ඇතිවිය හැකි භයානක රෝග තත්ත්ව කියා දීම.
  • විවිධ ශ්‍රමදාන පවත්වා අවට පරිසරය පිරිසිදු කිරීමට උපකාර වීම.

ගර්භනී සමයේ මැලේරියාව ඇති වීම.

ගර්භනී සමයේ දී ශරීරයේ විපර්යාසයන් කීපයක් ඇති වේ. මැලේරියාව නිසා ඇති වූ ප්‍රතිශක්තිය මාස 6 වැනි කාලයේ දී නැති වී යයි. ඒ නිසා නිතර නිතර මැලේරියාව සැදීමට ඉඩ කඩ වැඩි ය. ගර්භනි සමයේ දී ප්‍රතිශක්තිය අඩු නිසා (හෝමෝන විපර්යාස) මැලේරියා රෝගය ඉතාමත් අවාසනාවන්ත ලෙස බලපායි.

ගර්භනී සමයේ මැලේරියාව ඇති වූ විට ඇති වන හානි.

  • තමාගේ අවට පරිසරය පිරිසිදුව තබා ගැනීමෙන් මදුරුවන් බෝ වීමට ඇති අවස්ථා නැති කිරීම.
  • විසිතුරු පොකුණු, මාළු ටැංකි ආදියට කීට භක්ෂක මාළුවන් දැමීමෙන් ජෛව පාලන ක්‍රම යෙදීම.
  • මදුරුවන් පලවා හැරීමට ක්‍රියාකාරීත්වට ඇති දේශිය පැළැටි පිලිස්සීම හා පැඟිරි වැනි තෙල් වර්ග යෙදීම.
  • ඔබගේ සෞඛ්‍යයට හිතකර මදුරුවන් මර්දන ක්‍රම වේ. මෙවැනි දේශිය තාක්ෂණික ක්‍රම දෙසට යොමු වීම වඩා සුදුසු ය.
  • කෘමි නාශක රසායන යොදන විවිධ තාක්ෂණික අධික්ෂණය යටතේ පුහුණු වූ අය විසින් කළ යුතු බව මතක තබා ගැනීම ඉතා වැදගත් ය.

ඔබගේ පාරිසරික සෞඛ්‍යය

ඔබගේ පාරිසරික සෞඛ්‍ය පිළිබඳ අප වඩා සැලකිලිමත් වූ නිසාවෙන් ඔබේ සෞඛ්‍යයට අහිතකර බලපෑමක් නොවන සේ යොදා ගත හැකි සාම්ප්‍රදායික මදුරු නාශක ක්‍රම නවීකරණය කර ඔබට හඳුන්වා දෙමු.

අවශ්‍ය දෑ හා මදුරු නාශකය සකස් කර ගන්නා අන්දම

  • කුඩා මුට්ටියක් හෝ වළ`දක්
  • පොල්කටු අ`ගුරු (මෙය ඔබේ නිවසේ දීම සකසා ගත හැකිය.)
  • දැල්වෙන පොල්කටු අ`ගුරු උඳුන තුළට දමා දල්වා ගන්න.
  • පැඟිරි තෙල් උතුරන වතුර කෝප්ප දෙකක් මුට්ටියට දමා දැල්වෙන ලිප මත තබන්න.
  • උතුරමින් තිඛෙන වතුර බඳුනට පැඟිරි තෙල් බිංදු 5ක් පමණ එක් කරන්න.
  • හුමාල වාෂ්ප සමඟ පැඟිරි තෙල් සුවඳ අවට පරිසරය පුරා පැතිරි යනු දැනෙනු ඇත. ඔබට විදුලි පංකාවක් දැමීම සුදුසු ය. එවිට කාමරය තුළ වාෂ්පය පැතිරේ. රසායනික විෂ ආඝ්‍රණයක් නොමැතිව ස්වල්ප වේලාවක් මදුරු කරදරයෙන් මිදීමට ඔබට මෙම සාම්ප්‍රදායික ක්‍රමය උපයෝගි කර ගැනීමෙන් පුළුවන. මුළු රාත්‍රී කාලයේ දීම උඳුනෙහි පොල්කටු අඟ=රුවල රස්නය පැවතීමට ප්‍රමාණවත් පොල්කටු ප්‍රමාණයක් යොදා ගැනීමට සැලකිලිමත් වන්න. නින්දට පෙර උඳුන කාමරය තුළ දල්වා තැබීමෙන් මෙන් ම නිදන අවස්ථාවේ දී උඳුන කාමරය තුළ දැල්වීමෙන් ද මදුරුවන් වළකා හැරිය හැකි ය.

වෙනදා මදුරුවන් බෝවීමට සුදුසු පරිසරයක් සෑදීමට විසිකරන පොල්කටු මේ සඳහා පාවිච්චි කිරීමෙන් ඔබට ක්‍රම දෙකක වාසී අත්වේ. අවට පරිසරයේ මදුරුවන් බෝවීම වැළැක්වීමෙන් පාරිසරික සෞඛ්‍යය රැක ගැනීමටත් ආර්ථීක වශයෙන් වාසියක් ලබා ගැනීමටත් පුළුවන.

බෝවන ස්ථාන

ඉවත දමන ටින්, හට්ටි, මුට්ටි, පොල්කටු, ඇහිරි ඇති වැහි පිහිලි, මල් බඳුන්, කුහුඹු උගුල් ආදියෙහි,                 (භාජනවල රැඳි ජලය)

ඊඩිස් ඇල්බොපික්ටස්, කියුලෙස් ට්‍රයිහිඕරිකෙස් ජැපනීස් එන්සෆලයිටීස් (වාහකයන්)

බෝවන ස්ථාන

කුඹුරු, පොල්ලෙලි වළවල්, වගුරු බිම් ආදියෙහි රැදි ජලය.

ඇනොපිලිස් ෙජ්ම්ස් අයි

මැලේරියා බෝ කිරීමේ හැකියාව

බෝවන ස්ථාන

ඉහත සඳහන් තැන්

ඇ කවරි, ඈ වේගාස්, ඈ වරුනා, ඈ ටෙලාටස් යන මදුරුවෝ ද ඉහත සඳහන් ලෙඩ බෝ කරති.

කියුලෙක්ස් කිවින්කිඑයිඑටස්

රෝග වාහනතාව

නාගරික බරවා (ප්‍රධාන වාහකයා)

බෝවන ස්ථාන

වැසිකිලි වලවල්

පුවක් හැලි

කාණුවල දූෂිත ජලය රැදි ස්ථාන

 

විද්වතුන්ගේ ඇසින්

මෙම ව්‍යාපෘතිය ගැන අපේ අදහස් 01

  1. පොදු අරමුණ

මෙයින් කියැවෙන්නේ බෝවන ස්ථාන විනාශ කිරීම (තමන් විසින්) අරමුණක් බව ය. සැබැවින් ම  අදහස් කරන්නේ එය ද? දැනුම, කුසලතා, ආකල්ප වර්ධනය කරන්නේ කාගේ ද? යන්න අපැහැදිලි ය.

  1. මදුරුවන් බෝවන්නේ කෙසේ ද?

සියලූ ම මදුරුවන් බෝවන පොදු ස්ථාන ලෙස හැඳින්විය හැකි  අතර ම, ඩෙංගු බෝ කරන මදුරුවන්, බරවා බෝ කරන මදුරුවන්, ජැපනීස් එන්සෙෆලයිටීස් බෝකරන මදුරුවන් ලෙස වෙන් වෙන්ව ද හැඳින්විය හැකි ය.

මෙම කොටස් කෙනෙකුට පොදුවේ මදුරුවන් බෝවන ස්ථාන ලෙස හැඟී යන නමුත් එසේ නොවන්නේ මෙම ලැයිස්තුවේ ඇත්තේ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන බැවිනි.

  1. රෝග ලක්ෂණ කොටසට විශේෂිත සහ විශේෂිත නොවන ලක්ෂණ අඩංගු වී ඇත. විශේෂයෙන් බරවා රෝග ලක්ෂණ සඳහන් කිරීමේ දී කලින් හඳුනාගැනීමේ ලක්ෂණ පමණක් ප්‍රමාණවත් ය යන්න මගේ හැඟීමයි.
  2. ජැපනීස් එන්සෙෆලයිටීස් රෝග ලක්ෂණවලින් පසු කෙලින් ම මදුරු මර්ධනය ගැන කතා කරයි. කලින් ජැපනීස් එන්සෙෆලයිටීස් රෝගය බෝ කරන කියුලෙක්ස් මදුරුවන් බෝවන ස්ථාන සඳහන්ව නොමැති නිසා මෙම කොටසේ තරමක අපහැදිලි බවක් දක්නට ලැබේ. අප රටේ හමුවන මදුරුවර්ග කොටස් මීට වඩා පැහැදිලිව ඉදිරිපත් කළ යුතු ව ඇත.

මදුරුවන් පලවා හැරීමේ ඉවහල් වන පොදු ක්‍රම හඳුන්වා ඒවාට ගැළපෙන ලෙස ඉදිරිපත් කළ යුතු ය. අරමුණ සහ පසුව ලියා ඇති තොරතුරු අතර සම්බන්ධතාවක් ගොඩ නැගෙන පරිදි ලියා නැත.

මෙය ලියූ තැනැත්තා / තැනැත්තිය සම`ග ඔහුට / ඇයට ලිවීමට අවශ්‍ය දේ පිළිබඳව සාකච්ඡා කළ යුතු ය. හැකිනම් මෙයින් ලැඛෙන ප්‍රයෝජන ගැන කරුණු ඇතුළත් කළ හැකි ය.

විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ

 

මෙම ව්‍යාපෘතිය ගැන අපේ අදහස් 02

දත්ත එක්රැස් කිරීමෙහි ලා ප්‍රේක්ෂකයා ගත් උත්සහය අගේ කළ යුතු ය. එහෙත් පර්යේෂකයා ක්‍රමානුකූලව නිරීක්ෂණයෙන් හෝ නියැදියක් අධ්‍යයනයෙන් හෝ ප්‍රශ්නාවලියක් ආශ්‍රයෙන් ජනතාවගේ අදහස් එක් රැස් කිරීමෙන් හෝ තමා ද දත්ත ජනනයට යුහුසුලූ වූයේ නම් මෙම උත්සහය වඩාත් අගනේ ය. එය හුදෙක් ප්‍රකාශිත පත්‍රිකා, පුවත්පත, ප්‍රකාශන හා පොත් පත් සඟරා ආශ්‍රයෙන් කරන දත්ත ගොනු කිරීමෙන් ඔබ්බට පර්යේෂණ ගෙන යෑමට ඉවහල් වනු ඇත. එසේ ම එසේ රැස් කර ගත් දත්ත හා සැසඳීමට සහ සාධනයට ලක් කිරීමට ද එයින් අවස්ථාවක් උදා වනු ඇත.

     වෛද්‍ය ගෝමින්ද පොන්නම්පෙරුම

 

මෙම ව්‍යාපෘතිය ගැන අපේ අදහස් 03

මෙම ව්‍යාපෘතිය සෞඛ්‍ය අධ්‍යාපන පත්‍රිකා සහ ලේඛන උපයෝගී කර ගෙන තොරතුරු එකතුකිරීම පදනම් කර ගත් ව්‍යාපෘතියකි. මෙම ක්‍රමයට තොරතුරු ලබා ගැනීමේ සීමාවන් පවතී. සෞඛ්‍ය අධ්‍යාපන පත්‍රිකා වැනි ලේඛනයක සඳහන් වන්නේ ඉතා සංක්ෂිප්ත කරුණු පමණකි. විද්‍යා සඟරා සහ පුවත් පත්, විෂය මූලික පොත් පත්, අන්තර්ජාලය ආදී ක්‍රම මගින් වඩාත් පෙහොසත් දැනුම් සම්භාරයක් ලබා ගත හැකි ය. ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, වසංගත රෝග වෛද්‍යවරයා මුණ ගැසී කරුණු විමසීම් මගින් ද අවශ්‍ය තොරතුරු එක් රැස් කර ගත හැකි ය.

  1. පොදු අරමුණු හා විශේෂිත අරමුණු

පොදු හා විශේෂිත අරමුණු වඩා පැහැදිලි ව සඳහන් කලේ නම් සුදුසු ය. සඳහන් කර ඇති විශේෂිත අරමුණු සියල්ල ව්‍යාපෘතියේ දී සම්පූර්ණ වී නැත.තම ව්‍යාපෘතියේ දී ඉටුකර ගැනීමට බලාපොරොත්තු වන අරමුණු පමණි.

  1. පහත දැක්වෙන අනුපිළිවෙළට කරුණු ඉදිරිපත් කළේ නම් මෙම ව්‍යාපෘතිය වඩාත් සාර්ථක වනු ඇත.

පොදු අරමුණ, විශේෂිත අරමුණු ක්‍රම වේදය, මදුරුවන් බෝවන්නේ කෙසේ ද? අප රටේ හමුවන මදුරුවන් කිහිපයක් පිළිබඳ තොරතුරු, මදුරුවන්ගෙන් බෝවන රෝග හඳුනාගන්නේ කෙසේ ද? (මෙහි මැලේරියා රෝගය ගැන ද සඳහන් විය යුතු ය. එහි කොටස් ලෙස ගර්භනී සමයේ මැලේරියාව ඇති වීම සහ එහි හානි ඉදිරිපත් කළ හැකි ය. මදුරු මර්ධනය සඳහා ගත යුතු ක්‍රියාමාර්ග, නවීකරණය කළ සම්ප්‍රදායික මදුරු නාශකයක් සකස් කර ගන්නා අන්දම

වෛද්‍ය සුදත් සමරවීර