Project 19

ගොඩ නගමු ඩෙංගු උණෙන් තොර රටක්
ආර්. පී. දිනේෂ් රෝහණ. 13 වසර ඞී කලා අංශය (අ.පො.ස* උසස් පෙළ 2005 කේවල ව්‍යාපෘතිය.
කුලි / සාරානාත් මහා විද්‍යාලය
හැඳින්වීම
නව අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දුන් දිවි පැවැත්ම සඳහා නිපුණතා සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කේවල ව්‍යාපෘතිය සඳහා ”ගොඩ නගමු ඩෙංගු උණෙන් තොර හෙටක්” යන මාතෘකාව යටතේ අධ්‍යයන වර්ගයේ ව්‍යාපෘතියක නියැලූනෙමි. කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ කුලියාපිටිය ප‍්‍රදේශයේ ඩෙංගු රෝග පැතිර ඇති ස්වභාවය පිළිබඳ ව අධ්‍යයනයක නියැලූනෙමි. ඊට අමතර ව සඟරා උපයෝගී කර ගෙන ඩෙංගු උණේ ඉතිහාසය ඩෙංගු රෝග වාහකයා පිළිබඳ හා එම රෝග වැළැක්වීමට ගත හැකි ක‍්‍රියාමාර්ග පිළිබඳ අධ්‍යයනයක නියැලූනෙමි.
අරමුණු හා අභිමතාර්ථ
01. ඩෙංගු උණ පිළිබඳ ව දැනුවත් බවක් ලබා දීම.
02. ඩෙංගු වැළැක්වීමට ගත හැකි ක‍්‍රියා මාර්ග පිළිබඳ දැනුවත් කිරීම
03. ඩෙංගු උණ වැළැක්වීමේ ක‍්‍රියාවලියේ දී අප සැමට යම් වගකීමක් පැවරී ඇති බවට ජනතාව දැනුවත් කිරීම
ක‍්‍රියාත්මක කළ ආකාරය
x ව්‍යාපෘතිය සඳහා මාතෘකාවක් තෝරා ගැනීමේ දී කාලීන රෝගයක් වන ඩෙංගු රෝගය පිළිබඳ ව අවධානය කිරීමේ ව්‍යාපෘතිය වඩා සුදුසු යැයි අදහස් කළෙමි.
x ව්‍යාපෘතිය පිළිබඳ ව පන්තිභාර ගුරුතුමා සමග සාකච්ඡුා කොට අනතුරුව ව්‍යාපෘති කමිටුව හා ව්‍යාපෘතිය සඳහා ගුරුතුමාගෙන් අනුමැතිය ලබා ගතිමි.
x ඉන් පසු ව පළමුවෙන් ම විදුහල්පතිතුමාගෙන් ලද අවසරය මත කුලියාපිටිය මූලික රෝහලට ගොස් දිස්ත‍්‍රික් වෛද්‍ය නිලධාරීතුමන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමන්, සෞඛ්‍ය අධ්‍යාපන අංශයේ නිලධාරීන්, වෛද්‍ය ලේඛන නිලධාරීතුමන්, ළමා රෝග අංශයේ නිලධාරීතුමන් යන අදාළ ක්ෂේත‍්‍රයන්ට සම්බන්ධ විවිධ පුද්ගලයන්ගෙන් ඩෙංගු රෝග පිළිබඳ ව විවිධතොරතුරු ලබා ගතිමි.
x එම තොරතුරුවලට අනුව තොරතුරු ඇතුළත් කරමින් ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් පත‍්‍රකා නිර්මාණය කොට ජනතාව අතර බෙදා දුන්නෙමි.
x රෝහලෙන් ලද සංඛ්‍යා දත්තවලට අනුව බහුල ව ඩෙංගු රෝගීන් වාර්තා වූ ප‍්‍රදේශයකට ගොස් එම ගම්වාසීන් ඩෙංගු රෝගය පිළිබඳ සියලූ පුවත් මගින් දැනුවත් කළෙමි.
යොදාගත් සම්පත්
x ව්‍යාපෘතිය සඳහා උපකාරී වූ පුද්ගලයන්
ද කුලියාපිටිය මහ රෝහලේ දිස්ත‍්‍රික් වෛද්‍ය නිලධාරීතුමා
ද කුලියාපිටිය මහ රෝහලේ වෛද්‍ය ලේඛන නිලධාරීතුමිය
ද කුලියාපිටිය මහ රෝහලේ මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා
ද කුලියාපිටිය මහ රෝහලේ අධ්‍යාපන අංශයේ හෙද නිළධාරින් දෙපල
ද ග‍්‍රාමවාසීන්
ප‍්‍රතිගාභ ලබන්නන්
x ඩෙංගු පිළිබ`ද දැනුමක් ලබාගත් ජනතාව
x ඩෙංගු මර්ධන අංශයේ නිළධාරීන් මූලික ස්ථානයක් ගනී.
ව්‍යාපෘතියෙන් අනාවරණය වූ කරුණු
ඩෙංගු උණේ ඉතිහාසය
ඩෙංගු උණ හඳුනා ගෙන දැනට සියවසටත් වඩා වැඩි කාලයක් ගත වී තිබේ. එසේ වුවත් එහි රක්තපාත ස්වභාවය නව රෝගයක් ලෙස මුලින් ම හඳුනා ගනු ලැබුවේ 1953 වසරේ පිලිපීනයේ දී ය. ඉන් වසර තුනකට පමණ පසු එරට අගනුවර වූ මැනිලාවේ මරණ අනුපාතය 6% කින් වැඩි කිරීමට එය සමත් විය. ඉන් පසු අග්නිදිග ආසියාව තුළ රටවල් කිහිපයකට ම මෙම වසංගත තත්ත්වය වරින්වර මතු විය. ඩෙංගු යන්නේ අප‍්‍රිකානු අරුත වන්නේ ඇට කැඩුණු යන්න යි. ඩෙංගු උණ වැළඳුණු අයෙකුගේ අස්ථි බිඳීමක් සිදු වන්නේ නැති නමුත් රෝගය සෑදුණු පසු සිරුරට සිදු වන දැඩි අපහසුතාව ඉන් දැක්වේ.
ශ‍්‍රි ලංකාවේ දී ඩෙංගු උණ කාලෙක සිට පැවති බවට වාර්තා වුව ද වසංගත තත්ත්වයෙන් එය ඇති වූයේ 1967 වර්ෂයේ දී ය. එම වසරේ 8 දෙනෙකු මිය ගිය අතර 28 දෙනෙකු ඉතා දරුණු ලෙස රෝගී විය. ඉන් පසු මෙම තත්ත්වය අඩු වී ගොස් 1970 වන විට එක`දු රෝගියෙකුවත් වාර්තා නො වන තත්ත්වයට පත් විය. නමුත් පසුගිය වසර 2 – 3 අතර කාලයේ දී මෙම රෝගය යළිත් වරක් වේගයෙන් වර්ධනය වූ බවක් දක්නට ලැබේ. දැන් මෙය අග්නිදිග ආසියාවේ රටවල් කිහිපයකට ම වසංගත තත්ත්වයෙන් පැතිර ගොස් ඇත. එම රටවල් අතර තායිලන්තය, මලයාසියාව ප‍්‍රධාන තැනක් ගනී.
සාමාන්‍ය වශයෙන් 1988ට පෙර ඩෙංගු උණට ගොදුරු වු පුද්ගලයන් 5000ට රක්තපාත රෝගීන් වාර්තා වූයේ එක් අයෙක් වූවත් දැන් එම තත්ත්වය 200ටත් 500ටත් එක් අයකු හමු වන තරමට වර්ධනය වී ඇත.
ඩෙංගු වෛරසය හා එහි අවදානම
ඩෙංගු උණ යනු ඍගභග් වෛරස ගණයට අයත්, ”අබෝ” වෛරස පවුලේ ෆ්ලෙවි වෛරස කාණ්ඩයේ වෛරසයක් මගින් බෝවන රෝගයකි. ඩෙංගු උණ පතුරවන වෛරසයේ ආකාර හෙවත් දර්ශ 4ක් දැනට හඳුනාගෙන ඇත. මෙම දර්ශවල දී සුළු වෙනස්කම් සහිත වෛරස මාදිලි ඇති වේ. ඩෙංගු ද පැපොල සරම්ප මෙන් වෛරස් මගින් බෝවන රෝගයකි. එහෙත් පැපොල සරම්ප වැනි රෝගවලට ගොදුරු වූ අයෙක් යළිත් වරක් එම රෝග වලට ගොදුරු වීමේ ඉඩකඩ ඉතාමත් සීමිත වූවත් මෙම ඩෙංගු රෝගයට ගොදුරු වූ අයෙකුට නැවත වරක් එම රෝගය වැළඳිය හැකි ය. එයට හේතු වශයෙන් සැලකිය හැක්කේ ඩෙංගු වෛරසය දර්ශ 4 කින් යුක්ත වීම යි.
ඩෙංගු රෝගය පිළිබඳ මෙතෙක් හෙළි වී ඇති කරුණු අනුව සිතා ගත හැක්කේ රක්තපාත උණ අසාධ්‍ය තත්ත්වයට පත් වනුයේ ප‍්‍රථම වරට ඩෙංගු ආසාදනයට පත් වන අයගේ නො ව වරක් ඩෙංගු ආසාදනය ඇතිවී සුවවී නැවත වරක් ඩෙංගු ආසාදනයට ලක් වූ අයගේ බව යි. පළමු ව වැළදීම නිසා ඇති වූ ප‍්‍රතිදේහ මෙහි දී විනාශකාරී බවත් ඇති කිරීමට තුඩු දෙන බව පෙනේ. සාමාන්‍යයෙන් ප‍්‍රතිදේහයක් මගින් කෙරෙන්නේ ආරක්ෂාකාරී කෘත්‍යයකි. එහෙත් මෙහි දී ඇති වන විශේෂ ප‍්‍රතිදේහය නිසා ඇතිවන්නේ ප‍්‍රතිවිරුද්ධ තත්ත්වයකි.
ඩෙංගු රෝග වාහකයා
ඩෙංගු රෝගයේ රෝග වාහකයා ලෙසින් හැසිරෙන්නේ ඊඞ්ස් වර්ගයට අයත් මදුරුවන් දෙපළක් වන ”ඊඞ්ස් ඊජිප්ටයි” හි ”ඊඩිස් ඇල්බොපික්ටස්” යන දෙවර්ගය යි. මෙම මදුරුවන් භාජනවල බෝවන මදුරුවන් ලෙස විද්‍යාඥයෝ පවසති. මෙම භාජන නම් ගෙවත්තේ සහ අවට අප විසින් ඉවතලන හිස් සැමන් ටින්, තැඹිලි කෝම්බ, කිරි ටින්, පොල්කටු, වහල මත ඇති තහඩු සුළඟට යාම වැළැක්වීමට දැමූ ටයර්, කොල රොඩු එකතු වී වැහි ජලය පිරෙන වැහි පීලි, මල් පෝච්චි, මේස කකුල්වලට යොදා ඇති කූඹි උගුල් ය. තරමක තෙතමනය ඇති තත්ත්වයක් යටතේ වුව ද මදුරුවන්ගේ බිත්තර විනාශ නො වී පැවතීම, මෙම මදුරුවන්ගේ සීඝ‍්‍ර වර්ධනයට හේතු වී ඇත.
ඩෙංගු උණ පතුරුවන ඊඞ්ස් මදුරුවන් ප‍්‍රමාණයෙන් අන් මදුරුවන්ට වඩා වැඩි වෙනසක් නැත. උන් කළු පාටට හුරු ය. ශරීරයේ (උදරයේ* කෙළවර උල් වී ඇති ආකාරයක් පෙනෙයි. පියාපත්වල කළු පැහැති තිත් නොමැත. වසා සිටින තලයට සිරුර සාමාන්‍යයෙන් සමාන්තර ලෙස පිහිටන අයුරින් මෙම මදුරුවන් වසා සිටියි. එසේ ම මෙම මදුරුවා විශේෂ දෙකට ආවේණික වූ සුදු පැහැති රටාවක් උන්ගේ දෙවැනි උරස් තලයේ ඇත. ඊඞ්ස් ඊජිප්ටයිගේ පාදවල තරමක් වළලූ ආකාර සුදු පාට පටු තීරු ද දැකිය හැකි ය.
ඊඞ්ස් මදුරුවාගේ බිත්තර උන් ජීවත් වන ජලයේ පහුරක් ලෙස එක් වී පාවෙන අතර උන්ගේ කීටයෝ ජලය මතුපිටට ඇලව (කෝණාකාර ව* පිහිනමින් සිටිති. කියුලෙක්ස් මදුරුවන් මෙන් ඊඞ්ස් මදුරුවෝ ද වසන තලයට සමාන්තර ව පිහිට ති.
ඩෙංගු රෝගයේ රෝග වාහකයා ලෙසින් හැසිරෙන මදුරුවන් බිත්තර දමන්නේ තරමක් පිරිසිදු ජලය තුළ යි. බිත්තර දමා දින 8 – 10ත් අතර කාලයේ දී මදුරුවෝ බෝ වෙති.
ඩෙංගු උණ බෝ කරන මදුරුවා ලේ උරා බීමට වඩාත් ක‍්‍රියාශීලි වන්නේ උදෑසන 6 – 10ත් අතර සහ සවස 3 – 5 අතර ය.
ඩෙංගු උණ මූලික ලක්ෂණ
ඩෙංගු උණ රෝගයෙන් පෙළෙන්නකුගෙන් තවත් කෙනෙකුට මුලින් ම බෝ නො වේ. රෝග වාහකයේ යෙදෙන්නා වූ ඊඞ්ස් ඊජිප්ටයි හා ඊඞ්ස් ඇල්බොපික්ටස් යන මදුරුවන් දෙවර්ග රෝගියකුගේ ලේ බී ආසාදිත ව තමන් තුළට ඇතුළු වූ වෛරසය ඉන්පසුව ලේ උරා බොන කෙනෙකුගේ ශරීරය තුළට විදීමෙන් රෝගය බෝ වේ.
මෙසේ කෙනෙකුගේ ශරීරය තුළට වෛරසය ඇතුළු වී දින 5 – 6 කින් (සමහර විට දින 3 – 15 විය හැකි ය* ඩෙංගු උණ රෝගයේ ලක්ෂණ පහළ වේ. මෙහි දී ප‍්‍රධාන වශයෙන් අධික උණ, ඇඟ පත වේදනාව, හංදිපත් හා මාංශපේශි වේදනාව, ගෙල පෙදෙස තද ගතිය, හිසරදය, ඇස් යට රිදීම සමහර විට ඇෙඟ් කුෂ්ඨ හෝ ලප මතු වීම යන රෝග ලක්ෂණ මතු වේ. ඇඳට වී විවේක ගැනීම, උණ අඩුකර ගැනීමට පැරසිටමෝල් වැනි උණ අඩු කරන ඖෂධ ගැනීම, දියර ආහාර වැඩිපුර ආහාරයට ගැනීම, උණ ඉක්මනින් අඩුකර ගැනීමට රුකුලක් වේ. සාමාන්‍යයෙන් දින 3 – 5ක් අතර කාලයේ දී උණ බැස යන අතර ඇෙඟ් රිදීම තව දින කිහිපයකින් අඩු වීම නිසා රෝගියා සුව වීමට පුළුවන.
අධික උණ, වමනය, හිසරදය, කෑම අරුචිය වැනි ඩෙංගු උණ රෝග ලක්ෂණවලට අමතර ව ඇස් කන් නාසය මුඛය සහ විදුරුමස ආදී ශරීර ඉන්ද්‍රියයන්ගෙන් පිටතට ලේ ගැලීම, ලේ වමනය, මළ ආදී, ශරීර ඉන්ද්‍රියයන්ගෙන් ලේ පිටවීම (මළ කළු පැහැ විය හැකි ය*, මූත‍්‍රා සම`ග ලේ පිටවීම යන විවිධ තත්ත්වයෙන් දැකියහැකි ය. ලේ ගැලීම නිසා සමේ රතු ලප දිස්විය හැකි ය.
රුධිර නාළිකාවලින් මෙසේ ජලය වහනය වනුයේ කුමක් නිසා ද යන්න හරි හැටි නො දැන සිටියත් එයට හේතුව වෛරසය නිපදවන හෝ නිකුත් කරන කිසියම් රසායනිකයක් රුධිර නාළ තුළින් ප්ලාස්මාව පිටතට ගැලීම උත්තේජනය කරන නිසා බව පිළිගැනේ. සමහර විට එහි ප‍්‍රතිඵලය ඩෙංගු රක්තපාත කම්පනයට රෝගියා ලක් වීම යි. මෙහි දී රෝගියාගේ උණ එක් වර ම බැස ගිය බවක් දැක්වුව ද රෝගී ස්වභාවයේ වෙනසක් නො පවතී.
ඇඟ සුදු මැලි වෙයි. දහදිය දමයි. නාඩි වේගවත් වෙයි. එහෙත් දුර්වල වෙයි. ඇඟ නිල් වෙයි. විශේෂයෙන් කුඩා දරුවන්ගේ රුධිර පීඩනය අඩු වෙයි. තොල කට වියලී විජලනයට ලක් වෙයි. ඉක්මනින් අවශ්‍ය ප‍්‍රතිකර්ම නො කළ හොත් රෝගියා මිය යාමට ද පුළුවන. මේ නිසා මෙවැනි ඩෙංගු රක්තපාත කම්පන ලක්ෂණ හෝ ශරීරයෙන් පිටතට ලේ ගලන බවට ලකුණක් දුටුව හොත් රෝගියා වහා රෝහල් ගත කිරීම අත්‍යවශ්‍ය වේ. ඩෙංගු රක්තපාත රෝගීන් අතර දැකිය හැකි අනෙක් ලක්ෂණයන් වනුයේ බඩ රිදීම, මලානික ස්වභාවය සහ අක්මාව විශාල විම යි. මොළයේ ඉදිමීම නිසා වලිප්පුව හා සිහි මදි ගතිය ඇති විය හැකි ය. ඩෙංගු උණෙන් පෙළෙන රෝගියකු තුළ හදිසියේ උණ බැස ගිය බවක් දැනුන හොත් ඒ ගැන වැඩි සැළකිල්ලක් දැක්විය යුතු බව මෙහි දී අවධාරණය කළ යුත්තේ ඒ රෝගය සුවපත් කිරීමේ ලක්ෂණයකට වඩා රෝගියා කම්පනයට ලක් වීම හඟවන ලක්ෂණයක් බැවිනි.

සාකච්ඡුාව
ඩෙංගු රක්තපාත උණ වයඹ පළාතේ ජන ජිවිතයට තර්ජනයකි, ඒ සඳහා විවිධ හේතුන් වෛද්‍ය අංශ මගින් පෙන්වා දී ඇතත් අපට ගත හැකි හොඳ ම පියවර වන්නේ රෝග වාහකයක් වර්ධනය වීමට නො හැකි වන සේ පරිසරය පවිත‍්‍ර ව තබා ගැනීම යි. මදුරු නාශක මගින් ද මදුරුවන් මර්දනය කළ හැකි නමුත් වඩාත් සාර්ථක පියවර වන්නේ මදුරුවන් බෝ වන ස්ථාන නිසා මදුරුවන් බෝ වීම වැළැක්වීම යි. ටින් බෙලෙක්ක ආදිය වතුර එක් රුස් නො වන සේ තලා හෝ වළලා දැමිය යුතු ය. පොල් කටු මෙන් ම කුරුම්බා කෝම්බ වැනි දෑ කපා වියලා දර වෙනුවට භාවිත කළ හැකි ය. වහලයට බර ලෙස තබන පරණ ටයර්වලට වැලි පුරවා හෝ වතුර එක් තැන් නො වන සේ සිදුරු කර භාවිත කළ යුතු ය.
ඩෙංගු රෝගයෙන් පෙළෙතැ යි සැක කෙරෙන විට වහා ම අදාළ තැනැත්තා රෝහල් ගත කළ යුතු ය. එවිට රෝගියාට හදිසියේ ඇති වන අනතුරුදායක තත්ත්වයෙන් මුදවා ගැනීමට වෛද්‍යවරයකුට හැකි වේ. ඩෙංගු රෝගය වැළඳුණු විට කළ යුතු දෑ අල්ප ය. එහෙත් මෙම රෝගය ඇති වීම වළක්වා ගැනීමට පරිසරය පවිත‍්‍ර කර කර ගැනීමේ ක‍්‍රියාවලිය රජයේ අමාත්‍යංශය, දෙපාර්තමේන්තුව හා අදාළ නිලධාරීන්ට පමණක් කළ හැක්කක් නො වේ. ඒ සඳහා අප සියළු දෙනාට ම පැවරි ඇති වගකීම ඉතා විශාල ය.
විද්වතුන්ගේ ඇසින්
”ගොඩනගමු ඩෙංගු උණෙන් තොර හෙටක්” ව්‍යාපෘතිය පිළිබඳ අදහස් I
1997 වර්ෂයේ සිදුකරන ලද අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණවලට අනුව අ.පො.ස (උ.පෙළ* සඳහා ව්‍යාපෘති ඇතුළත් කොට ඇත්තේ ඉතා පුළුල් වූ ඵලදායී අරමුණු රැුසක් ඉටු කර ගැනීමේ බලාපොරොත්තුවෙනි. ”දිවිපැවැත්ම සඳහා නිපුණතා සංවර්ධන ව්‍යාපෘති” යනුවෙන් හඳුන්වා ඇති මෙම ව්‍යාපෘතිවල කේවල සහ කණ්ඩායම් යනුවෙන් ප‍්‍රභේද දෙකකි. මෙයින් කේවල ව්‍යාපෘතිය යටතේ කුලියාපිටිය සාරානාත් මහා විද්‍යාලයේ කලා අංශයේ ආර්. පී. දිනේෂ් රෝහණ ශිෂ්‍යයා විසින් ඉදිරිපත් කරන ලද ”ගොඩනගමු ඩෙංගු උණෙන් තොර හෙටක්” නම් වූ ව්‍යාපෘති වාර්තාව සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට සම්බන්ධ ගැටලූවක් ඔස්සේ කරන ලද අධ්‍යයනයකි. එවන් කාලීන ගැටලූවක් තෝරා ගෙන ඒ ඔස්සේ අධ්‍යයනයකට යොමු වීම අගය කළ යුත්තකි.
දිවයිනේ සෑම ප‍්‍රදේශයක ම පාහේ වරින් වර මතු වන ඩෙංගු උණ ඇතැම් ප‍්‍රදේශවල උග‍්‍ර ගැටලූවක් බවට පත් ව ඇත. වයඹ පාළාතේ කුරුණෑගල දිස්ත‍්‍රික්කයට අයත් කුලියාපිටිය පුදේශය ද ඩෙංගු තර්ජනයට ලක් වන ප‍්‍රදේශයකි. තම ප‍්‍රදේශය මුහුණ පාන එවන් කාලීන ගැටලූවක් තෝරා ගෙන සමාජයට යම් පණිවුඩයක් ලබා දීමට ගත් උත්සහය සැබැවින් ම ප‍්‍රශංසනීය යි.
මෙහි හැඳින්වීම යටතේ දක්වා ඇති අදහස් තුළින් මෙම ශිෂ්‍යා ව්‍යාපෘතියක් යනු කුමක් ද? යන්න මැනවින් වටහා ගත්තකු ලෙස හඳුන්වා දිය හැකි ය. ඩෙංගු රෝගය හටගන්නා ආකාරය, එහි රෝග ලක්ෂණ, රෝගය පැතිරෙන ආකාරය, ඩෙංගු රෝගය වළක්වා ගැනීමට ගත යුතු ක‍්‍රියාමාර්ග යනාදී කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් මෙම ගැටලූවට විසඳුම් සෙවීමට උත්සාහ ගෙන ඇත.
මෙම ව්‍යාපෘතිය යටතේ දක්වා ඇති අරමුණු මැනවින් පෙළගස්වා ඇත. රෝග වාහකයා, ඩෙංගු වෛයිරසය, ඩෙංගු උණෙහි මූලික ලක්ෂණ යනාදිය පිළිබඳ ව ජනතාවට දැනුමක් ලබා දීම අධ්‍යයනයේ අරමුණක් ලෙස දක්වා ඇත. එමෙන් ම ඩෙංගු පැතිරීම වැළැක්වීමට ගත යුතු ක‍්‍රියාමාර්ග ඒ අනුව කටයුතු කිරීම ජාතික වගකීමක් ය යන ආකල්පය ජනතාව තුළ ඇති කරවීමත් අරමුණු අතර වේ. මේ අනුව අරමුණු මැනවින් වටහා ගෙන එම අරමුණු ඉටු වන අයුරින් ව්‍යාපෘතිය සැළසුම් කිරීම ව්‍යාපෘතියේ සාර්ථකත්වයට ඉවහල් වී ඇත.
අධ්‍යයනයේ ප‍්‍රතිලාභ ලබන්නන් ලෙස ප‍්‍රධාන වශයෙන් දෙපිරිසක් හඳුනාගෙන ඇත. එනම් මහජනතාව හා සෞඛ්‍ය සේවයට සම්බන්ධ නිලධාරීන් ය. අධ්‍යයනය තුළින් ජනතාව දැනුවත් කිරීමත්, අධ්‍යයනයෙන් ලබා ගන්නා තොරතුරු ඩෙංගු මර්දන ඒකකය වෙත ලබා දීමටත් අදහස් කරන බැවින් එම දෙපිරිස මෙහි ප‍්‍රතිලාභ ලබන්නන් ලෙස දක්වා ඇත. මෙයින් සමස්ත සමාජයට ම විශාල සේවයක් සැලසීමට හැකි වීම ද අගය කළ හැකි ය. ව්‍යාපෘතිය සඳහා යොදා ගත් සම්පත් අතර භෞතික මෙන් ම මානව සම්පත් ද වේ. මානව සම්පත් අතර දිස්ත‍්‍රික් වෛද්‍ය නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂක, හෙදි නිලධාරීහූ හා ගම්වාසීන් වෙති. මෙහි දක්වා ඇති භෞතික සම්පත් අතර, පත‍්‍රිකා, සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට අදාළ සඟරා වැදගත් සම්පත් ලෙස සැලකිය හැකි වුව ද, මෙහි දක්වා ඇති පෑන්, පැන්සල්, අඩිරූල්, ප්ලැටිග්නම් වැදගත් සම්පත් ලෙස සැලකිය නො හැකි ය. කවර ව්‍යාපෘතියක් සැකසීමේ දී වුව ද මෙම දේවල් අනිවාර්යයෙන් යොදා ගැනෙන බැවින්, මේවා විශේෂයෙන් සඳහන් කිරීම අනවශ්‍ය ය.
ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කළ ආකාරය අනුක‍්‍රමිකව දක්වා තිබීම ද මෙහි අගය කළ යුත්තකි. කාලීන ගැටලූවක් මාතෘකාව ලෙස තෝරා ගැනීම, එම මාතෘකාව පිළිබඳ ව අදාළ ගුරුභවතා සම`ග සාකච්ඡුා කිරීම, ව්‍යාපෘති කමිටුවෙන් එය අනුමත කර ගැනීම, අදාළ නිලධාරීන් මුණ ගැසීම සඳහා විදුහල්පතිගෙන් අවසර ලබා ගැනීම හා එම නිලධාරීන් මුණ ගැසී අවශ්‍ය තොරතුරු ලබා ගැනීම, ඩෙංගු පිළිබඳ ව ජනතාව දැනුවත් කිරීමේ පත‍්‍රිකා සැකසීම හා එම පත‍්‍රිකා ජනතාව අතර බෙදා හැරීම, රෝගය බහුල ව පැතිර යන ප‍්‍රදේශ සොයාබලා එම ප‍්‍රදේශවලට ගොස් අවශ්‍ය දැනුවත් කිරීම් සිදු කිරීම වශයෙන් ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කළ ආකාරය පියවරෙන් පියවර දක්වා ඇත. එහෙත් මෙහි අවසානයේ දක්වා ඇති පියවර එතරම් පැහැදිලි නැත. එනම් රෝගය පැතිර යන ප‍්‍රදේශවල ජනතාව අතරට ගොස් රෝගය පිළිබඳ ව ජනතාව දැනුවත් කරනු ලබන්නේ කවුරුන් විසින් ද? යන්න දක්වා නැත. පාසල් සිසුවෙකු ප‍්‍රජාව අතරට ගොස් එවැනි දැනුවත් කිරීමක් කිරීමේ හැකියාවක් නොමැත. ඒ සඳහා වෛද්‍ය නිලධාරිවරයෙකුගේ සහය ලබා ගන්නේ නම් ඒ පිළිබඳ සඳහන් කළ යුතු ය.
මාස තුනක කාලයක් තුළ ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක වන ආකාරයට කාල රාමුව ගොඩ නගා ඇත. එහෙත් කාල රාමුවෙහි ඇතුළත් විය යුතු වැදගත් පියවර කීපයක් ලෙස සැලකෙන තොරතුරු රැුස් කිරීම, නිගමන හා යෝජනා ඉදිරිපත් කිරීම යන පියවර නොතිබීම අඩුවකි. එමෙන් ම කාල රාමුවේ දක්වා ඇති බොහෝ පියවර සතියකින් අවසන් කර ඇත. නමුත් ඇතැම් පියවර ව්‍යාපෘතිය පුරා ම ක‍්‍රියාත්මක විය යුතු ය. උදාහරණයක් ලෙස ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීම යන්න සතියකින් අවසාන නොවන්නක් වන අතර එය මාතෘකාව අනුමත කර ගත් අවස්ථාවේ සිට අවසානය දක්වා ම ක‍්‍රියාත්මක ව පවතින්නකි.
ඩෙංගු උණෙහි ඉතිහාසය, ඩෙංගු වෛයිරසය හා එහි අවදානම, ඩෙංගු රෝග වාහකයා, ඩෙංගු උණෙහි මූලික ලක්‍ෂණ, ඩෙංගු රෝග වාහකයාගේ සිට ඩෙංගු රෝගියෙකුගේ මරණය දක්වා ක‍්‍රියාවලිය, ඩෙංගු රෝගියාට ලබා දෙන ප‍්‍රතිකාර, ඩෙංගු වාහකයාගේ ජීවන චක‍්‍රය යන තේමා ඔස්සේ කරුණු රැුස් කර තිබීම ප‍්‍රශංසනීය යි. ඒ තුළින් ඩෙංගු පිළිබඳ සම්පූර්ණ අවබෝධය ලබා දීමට උත්සාහ ගෙන ඇත.
අධ්‍යයනය සඳහා තොරතුරු රැුස් කිරීමේ දී විවිධ මූලාශ‍්‍ර යෙදා ගෙන ඇත. වෛද්‍ය ක්ෂේත‍්‍රයට සම්බන්ධ විවිධ නිලධාරීන්ගෙන් ලබා ගත් දත්ත මෙන් ම අත් පත‍්‍රිකා පුවත්පත් වාර්තා පෝස්ටර් යන මුලාශ‍්‍රවලින් දත්ත ලබා ගෙන ඇත. නමුත් ලබාගත් තොරතුරු හුදෙක් වාර්තා ස්වරූපයක් පමණක් ගෙන ඇත. එම තොරතුරු වගු ප‍්‍රස්තාර ඇසුරින් සංඛ්‍යාත්මක ව ඉදිරිපත් කළ හැකි ව තිබිණි. උදාහරණයක් ලෙස තෝරා ගත් ප‍්‍රදේශයේ වසර කීපයක් තුළ ඩෙංගු රෝගයට ගොදුරු වූ රෝගීන් සංඛ්‍යාව කොපමණද? රෝගයෙන් මියගිය සංඛ්‍යාව යන්න අදාළ නිලධාරීන්ගෙන් ලබා ගෙන එය වගු ප‍්‍රස්තාර ඇසුරින් දැක්විය හැකි ව තිබිණි. මෙහි අධ්‍යයනය සඳහා තෝරා ගත් ප‍්‍රදේශයේ ඩෙංගු රෝගය බහුල ව ව්‍යාප්ත වන ප‍්‍රදේශයක් ලෙස වාචික ව ප‍්‍රකාශ කර තිබීම පමණක් ප‍්‍රමාණවත් නැත. සෞඛ්‍ය වාර්තා අනුව රෝගයට ගොදුරු වූ සංඛ්‍යාව රෝගයෙන් මිය ගිය සංඛ්‍යාව සංඛ්‍යාත්මක දත්ත විශ්ලේෂණය තුළින් ඉදිරිපත් කළේ නම් තොරතුරුවල විශ්වාස්‍යතාව ආරක්ෂා කර ගත හැකි ව තිබිණි.
ඩෙංගු රෝගයෙන් වැළකීම සඳහා ගත යුතු ක‍්‍රියාමාර්ග පිළිබඳ පැහැදිලි කිරීමක්, සාකච්ඡුාව, තුළින් මතු කොට දක්වා තිබීම අගය කළ හැකි ය. පරිසරය පවිත‍්‍ර ව තබා ගත යුතු ආකාරය පිළිබඳ පැහැදිලි කිරීමක් ඇතුළත් කොට ඇත.
ව්‍යාපෘති වාර්තාවක ඉතා වැදගත් අංශය වනුයේ නිගමන හා යෝජනා තීරය යි. නමුත් මෙම වාර්තාව තුළ නිගමන හා යෝජනා කිසිවක් ඇතුළත් කර නොතිබීම විශාල අඩුපාඩුවකි. තමා විසින් සිදු කරන ලද අධ්‍යයනය තුළින් අවසානයේ දී ලබා ගත් නිගමන, ලබා ගත් අත්දැකීම් හා නව දැනුම තුළින් ඉදිරිපත් කළ හැකි යෝජනා දැක්වීම ව්‍යාපෘතියක ඇතුළත් විය යුතු අනිවාර්ය අංගයකි.
ව්‍යාපෘතිය කර ගෙන යාමේ දී මතු වූ ගැටලූ පිළිබඳ දක්වා නොතිබීම ද දුර්වලතාවකි. වාර්තාවේ අක්ෂර වින්‍යාසයේ, පද බෙදීමේ හා ව්‍යාකරණ දුර්වලතා කීපයක් ද වේ.
කෙසේ වෙතත් කාලෝචිත ගැටලූවකට යම් විසඳුමක් ලබා දීමේ අදහසින් පාසල් ශිෂ්‍යයකු වශයෙන් මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට ගත් උත්සහය අගය කළ යුතු ය. ඉහත දැක් වූ සුළු අඩුපාඩු කෙරෙහි අවධානය යොමු කර එම අඩුපාඩු මග හැර ව්‍යාපෘති කාර්යයෙහි යෙදේ නම් උසස් පෙළ ¥ දරුවනට, දිවිපැවැත්ම සඳහා නිපුණතා සංවර්ධන ව්‍යාපෘති තුළින් විශාල ජාතික මෙහෙවරක යෙදීමේ හැකියාව ලැබීම පමණක් නො ව ඔවුන්ගේ නිපුණතා රැුසක් සංවර්ධනය කර ගැනීමට ද අවස්ථාව සැලසෙන බව ප‍්‍රකාශ කළ හැකි ය.
ඞී. ජේ. ශ‍්‍රියානී මානෙල් ජයමහ
කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය
කුලියාපිටිය
”ගොඩනගමු ඩෙංගු උණෙන් තොර හෙටක්” ව්‍යාපෘතිය පිළිබඳ අදහස් II
2005 වසරේ උසස් පෙළ කේවල ව්‍යාපෘතියක් ලෙස ඩෙංගු උණ රෝගය පැතිරීම වැළැක්වීම සඳහා සිදු කරනු ලැබූ මැදිහත්වීමකට අදාළ ව මෙම ව්‍යාපෘති වාර්තාව සකස් කර ඇත. මෙම කර්තව්‍යයේ දී දිනේෂ් රෝහණ ශිෂ්‍යයා විසින් අපරිමිත උත්සහයක් දරා ඇති බව ව්‍යාපෘති වාර්තාව කියවීමේ දී මෙන්ම වාර්තාව අවසානයේ ඇති ඇමුණුම් මගින් ද මනාව පැහැදිලි වේ. මෙය ප‍්‍රශංසා කළ යුතු කරුණකි.
කෙසේ වෙතත් ව්‍යාපෘති සම්බන්ධ අඩුපාඩු සහ දුර්වලකම් පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීම මගින් ඉදිරියේ සිදු කරනු ලබන ව්‍යාපෘති වඩාත් අංග සම්පූර්ණව සිදු කිරීමට මෙම දරුවාට මෙන් ම මෙම විවරණය කියවන සෙසු දරු දැරියන්ට ද අවස්ථාව ලැබෙන බැවින් ඒ පිළිබඳ ව වැඩි අවධානයක් යොමු කිරීමට අදහස් කරමි.
මෙම ව්‍යාපෘතියේ පොදු අරමුණ සහ අභිමතාර්ථය වන්නේ ඩෙංගු උණ රෝගය පිළිබඳ ව ප‍්‍රදේශවාසීන් දැනුවත් කිරීම යි. මේ සඳහා පූර්වගාමී ව පොතපත පරිශීලනයෙන් සහ විද්වතුන් සම`ග සාකච්ඡුා කිරීමෙන් තම දැනුම වර්ධනය කර ගත යුතු ය. ව්‍යාපෘති වාර්තාවේ අඩංගු කරුණු සම්භාරය මගින් එම කර්තව්‍යය මැනවින් ඉටු කර ඇති බව ඉතා පැහැදිලි නමුත් ඒ බව ව්‍යාපෘතියේ අරමුණක් ලෙස සඳහන් කර නොතිබීම අඩුපාඩුවකි. එසේ සඳහන් කළේ නම් මෙම ව්‍යාපෘතිය සඳහා තමන්ගේ ශ‍්‍රම දායකත්වය වඩාත් පැහැදිලි ව විද්‍යාමාන වන්නේ ය.
තමන් රැුස් කර ගත් කරුණු ව්‍යාපෘති වාර්තාව තුළ පෙළ ගැස්වීමේ දී යම් යම් දුර්වලතා දැකිය හැකි ය. ඉන් ප‍්‍රධාන වන්නේ එක ම කරුණ අවස්ථා කිහිපයක දී ම පුන පුනා ප‍්‍රකාශ කිරීම ය. මේ අන්දමේ ව්‍යාපෘති වාර්තාවක් සකස් කිරීමේ දී කරුණු ඉදිරිපත් කළ යුතු ආකාරය පිළිබඳ ව පළමු ව සැලකිලිමත් වෙමින් සපයා ගත් කරුණු ක‍්‍රමානුකූලව පෙළ ගැස්විය යුතු අතර එක ම කරුණ නැවත නැවත සඳහන් නො කිරීමට වග බලා ගත යුතු ය.
ඩෙංගු රෝගය සහ එහි වාහකයා පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීමේ දී රූප සටහන් මෙයට වඩා ප‍්‍රභල ව යොදා ගැනීමේ හැකියාව තිබුණු අතර එම රූප සටහන් ව්‍යාපෘති වාර්තාව අවසානයේ නො ව ඒ ඒ කරුණු සාකච්ඡුා කරන ස්ථානයේ ම අඩංගු කළ යුතු ය.
ඩෙංගු උණ රෝගය පිළිබඳ ව කරුණු අඩංගු කර පත‍්‍රිකාවක් නිර්මාණය කර ජනතාව අතර බෙදා දුන් බව ව්‍යාපෘති වාර්තාවේ සටහන් කර ඇති නමුදු එසේ නිර්මාණය කළ පත‍්‍රිකාවේ පිටපතක් නොතිබීම අඩුපාඩුවකි.
රෝගය පිළිබඳ ප‍්‍රාදේශීය දත්ත රැුස් කිරීමේ දී රෝහල් කාර්ය මණ්ඩලයේ සහයෝගය ලබා ගත් බව සඳහන් කර තිබුන ද ප‍්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සතු සම්පත් යොදා ගත් බවක් සටහන් කර නොමැත. ප‍්‍රාදේශීය ව වැදගත් වන රෝග පිළිබඳ ව විශේෂයෙන් ම ඩෙංගු උණ, උණසන්නිපාතය, රක්ත අතීසාරය, සහ යාකෘතික ප‍්‍රදාහය ඇතුළු දැනුම් දිය යුතු බෝ වෙන රෝග :භදඑසසේඉකැ ාසිැ්ිැි* පිළිබඳ ව තොරතුරු ලබා ගැනීමට හැකි වැදගත් ස්ථානයක් වන්නේ ප‍්‍රදේශයේ පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යි.
ප‍්‍රදේශයේ සෞඛ්‍ය ආයතනවලින් එක් රැුස් කර ගත් සංඛ්‍යා ලේඛන ද ව්‍යාපෘති වාර්තාවට ඇතුළු කිරීමට සමත් වූයේ නම් ඉතා වටිනේ ය.
අවසාන වශයෙන් පැවසිය යුතු තවත් වැදගත් කරුණක් තිබේ. විද්‍යාත්මක ලේඛනයක් සකස් කිරීමේ දී එහි අඩංගු විද්‍යාත්මක කරුණු මෙන් ම එම කරුණු පෙළ ගස්වා තිබීම, ඉදිරිපත් කරන කරුණු පැහැදිලි වීම අතිශයින් වැදගත් ය. අක්ෂර වින්‍යාසය මෙන් ම ව්‍යාකරණ නිරවද්‍යතාව පිළිබඳ ව ද මනා සැලකිල්ලක් යොමු කළ යුතු ය. මෙම ව්‍යාපෘති වාර්තාවේ විශේෂයෙන් ම අක්ෂර වින්‍යාස වැරදි බහුල ය. 13 වසර සිසුවකුගෙන් තම මවුබස පිළිබඳ ව මෙයට වඩා හසල දැනුමක් අපේක්ෂා කෙරේ. මේ පිළිබඳ ව ව්‍යාපෘතිය සකස් කරන ශිෂ්‍යයා මෙන් ම එය අධීක්ෂණ කරන ගුරුවරයා ද සැලකිලිමත් විය යුතු ය. වැරදිවලින් තොර වාර්තාවක් පිළිබඳ සෑහීමට පත් වන තුරු එය නැවත නැවත නිවැරදි කර ලිවීම අප භාවිත කරන ක‍්‍රමවේදය යි.
විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර
වසංගත රෝග විද්‍යා අංශය
සෞඛ්‍ය අමාත්‍යංශය