Project 17

වීදි දරුවෝ

 

ඉරේෂා ශෂිකලා අල්විස්, 2003 උසස් පෙළ, කේවල ව්‍යාපෘති අධ්‍යයනය ශාන්ත පාවුළු බාලිකා විදුහල, මිලාගිරිය, කොළඹ 04

අරමුණු

  1. සමාජය විසින් අසරන කොට ඇති වීදි දරුවන් පිළිබඳ මා සතු දැනුම පුළුල් කර ගැනීම.
  2. වීදි දරුවන්ට සමාජයෙන් වන හිරිහැර සම්බන්ධයෙන් ඇති නීතිරීති පිළිබඳ දැනුවත් කර එම හිරිහැරවලින් වීදි දරුවන් මුදවා ගැනීම.
  3. වීදි දරුවන් පිළිබඳ සමාජය දැනුවත් කර සමාජය දරන පටු අදහස් දුරලීම.
  4. වීදි දරුවන්ගේ යහපත උදෙසා බිහි වී ඇති පුනරුත්තාපන ආයතන පිළිබඳ සමාජය දැනුවත් කිරීම.
  5. තවත් ළමයකු වීදි දරුවකු ලෙස අසරණ වීම වැළැක්වීම.
  6. වීදි දරුවන් වෙනුවෙන් තවත් එක් දරුවකු ලෙස හ~ක් නැගීම.

මෙම ව්‍යාපෘතියෙන් ප්‍රතිලාභ ලබන්නන්

  1. මා
  2. වීදි දරුවන්
  3. සමාජය

භාවිත කළ ක්‍රමවේදය

පුවත්පත්, සඟරා කියවීමෙන් ද අන්තර්ජාලය භාවිතයෙන් හා ගුරුවරුන්, දෙමාපියන්, යහළු යෙහෙළියන්, නීතීඥවරුන්, වෛද්‍යවරුන්, හෙදියන්, පරිවාස හා ළමා රක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, පොලිස් නිලධාරීන්, වීදි දරුවන් හා වැඩිහිටියන් සම`ග පවත්වන ලද සම්මුඛ සාකච්ඡා මගින් ද ව්‍යාපෘතියට අවශ්‍ය තොරතුරු රැස් කර ගන්නා ලදී.

ළමයා යනු කවරෙක් ද?

ළමා හා යෞවන ප්‍රඥප්තියට අනුව වයස අවුරුදු 14ට අඩු මනුෂ්‍යයකු ළමයකු ලෙස සැලකේ.

ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයට අනුව වයස අවුරුදු 18ට අඩු මනුෂ්‍යයන් (ගැහැණු සහ පිරිමි) ළමුන් ලෙස සැලකේ. එක්සත් ජාතීන්ගේ ළමා ප්‍රඥප්තියට අනුව ළමයෙකු යන්නෙන් වයස අවුරුදු 18ට අඩු සෑම මනුෂ්‍යයකු ම අදහස් වන්නේ ය.

වීදි දරුවකු යනු කවරෙක් ද?

වීදි දරුවන් යනු වීදියේ සැරිසරණ දරුවන් ලෙස පොදු නිර්වචනයක් ඉදිරිපත් කළ හැකි ය. වීදි දරුවන් වර්ග 3කි.

  1. වීදියේ තනි ව ජීවත් වන දරුවන්
  2. දෙමව්පියන් සම`ග ජීවත් වන දරුවන්
  3. දිවා කාලයේ පමණක් වීදියට එන දරුවන්

 

ළමයෙකු වීදි දරුවකු වීමට බලපාන හේතු

  1. පවුලේ ආර්ථීකමය හේතු
  2. දෙමාපියන්ට රැකි රක්ෂා සපයා ගැනීමට අපහසු වීම.
  3. පියා බීමත්කමට ලොල් වූ අයකු වූ විට
  4. මවගේ අවධානය ළමුන් කෙරෙහි නොමැති විට
  5. මව හෝ පියා හෝ දෙදෙනා ම වෙනත් පුද්ගලයන්ගේ ඇසුරට පෙළඹීම
  6. ළමුන් විවිධ හේතු නිසා අනාථ වීම
  • දෙමව්පියන් අහිමි වීම
  • එක් අයෙකු පමණක් අහිමි වීම
  • දෙමව්පියන් දෙදෙනා ම අතහැර දමා ගෙස් තිබීම
  1. ළමයකු දූෂණය වීම නිසා කලකිරීමට පත් වීම
  2. ළමුන් අපයෝජනයට ලක් වීම
  • ශාරීරික වද හිංසාවලට ළමුන් ලක් වීම
  • දෙමව්පියන් ළමුන් පෝෂණය නොකිරීම
  • ළමුන් ලිංගික අපයෝජනයට ලක්වීම
  • ළමයා පෞරුෂයෙන් හීන වීම
  • ළමයාට වද දීම, මත් කිරීම හා වස දීම
  • වෛද්‍ය ප්‍රතිකාර ළමුන්ට ලබා නොදීම
  1. දෙමව්පියන්ගේ නූගත්කම
  2. තම අවශ්‍යතා (ආහාර, ඇඳුම් පැළඳුම්) සපයා ගැනීමට නො හැකි වීම නිසා

ළමුන් වීදියේ දී මුහුණ දෙන ගැටලූ

  1. තම ආහාර සොයා ගැනීමේ ගැටලූ
  2. ඇඳුම් පැළඳුම් ආදිය සපයා ගැනීමේ ගැටලූ
  3. නිදන්නට ස්ථානයක් නොමැති වීම
  4. තම ආරක්ෂාව, රැකවරණය අහිමි වීම
  5. සනීපාරක්ෂක වැසිකිළි නොමැති වීම
  6. අධ්‍යාපන සුදුසුකම් නොමැති වීම
  7. සෞඛ්‍යමය ගැටලූ මතු වීම
  8. විවිධ කල්ලි මගින් ළමුන් නීති විරෝධී කටයුතුවලට යොදවා ගැනීම
  9. වීදියෙහි ළමුන් විවිධ අතවරයන්ට ගොදුරු වීම
  10. මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදවා ගැනීම
  11. හිඟා කෑමට ළමුන්ව වැඩිහිටියන් විසින් යොදවා ගැනීම
  12. පොලිස් රැකවල්වලට වීදි ළමුන් ගොදුරු වීම
  13. කෙසේ හෝ ඔවුන් උපයන මුදලින් වැඩි කොටසක් වැඩිහිටියන්ට හෝ කල්ලියකට දීමට සිදු වීම
  14. වීදියේ ජීවත් වන පවුල් බොහෝමයක් නීත්‍යානුකූල ව විවාහ නොවීමෙන් වීදි ළමුන්ට ඇති වන අපහසුතා

වීදි ළමුන් යෙදෙන හෝ යොදවා ගන්නා රැකියා

  1. ළමුන් මෙහෙකාර සේවයේ යෙදවීම
  2. ළමුන් හිඟා කෑමට යොදවා ගැනීම
  3. ළමුන් සොරකම්, මැරකම් කිරීමට යොදවා ගැනීම
  4. ළමුන් ගණිකා වෘත්තියට යෙදවීම
  5. ළමුන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදවා ගැනීම

මෙහෙකාර සේවයේ යෙදවීම

වීදි ළමුන් කුලී වැඩට, වැඩකාරකමට යෑමට හෝ යෙදවීමට හේතු

01 ආර්ථීකමය වශයෙන් ඇති අගහිඟකම් නිසා

  1. තම ආහාර වේල සොයා ගැනීම සඳහා
  2. තම පවුලේ අනෙකුත් අයගේ අවශ්‍යතා සපුරාලීම සඳහා
  3. ජීවිතය ජීවත් කරවීමට

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සංඛ්‍යා ලේඛන පෙන්වා දෙන පරිදි සංවර්ධනය වෙමින් පවතින රටවල වයස අවු 5 – 14ත් අතර මිලියන 250ක් පමණ ළමයි ශ්‍රමිකයන් ලෙස කල් ගෙවති. වයස අවුරුදු 5 – 11ත් අතර දරුවන්ගෙන් මිලියන 50 – 60ක් පමණ ඉතාමත් උපද්‍රව සහිත ජීවිත ගත කරති.

මෙම දරුවන්ට වන හිරිහැර

  1. කුරිරු ලෙස පරුෂ වචනයෙන් බැන වැදීම
  2. අමානුෂික ලෙස පහර දීමට ලක්වීම
  • වේවැල්වලින් පහර දීම
  • උණු වතුර ඇඟට වක් කිරීම
  • රත් වූ ඉස්ත්‍රික්කයෙන් පිච්චීම
  • පිහි ආදියෙන් පහර දීම
  1. යකඩ දම්වැල් දමා බැඳ සිරකර තැබීම
  2. වැටුප් නොගෙවීම
  3. නිසි ලෙස ආහාර පාන, ඇඳුම් පැළඳුම් ආදිය නොසැපයීම
  4. කලට වෙලාවට සෞඛ්‍ය පහසුකම් නොසැපයීම
  5. අමානුෂික ලෙස ඝාතනය කොට සැඟවීම
  6. ලිංගික අතවරයන්ට ලක් වීම

ළමුන් සොරකම් සහ මැරකම් සඳහා යොදවා ගැනීම

වීදි දරුවන් මෑතක සිට කල්ලි විසින් සංවිධානාත්මක ලෙස සෙරකම්, මැරකම් කිරීමට යොදා ගන්නා බව පොලිස් වාර්තා පෙන්වා දෙයි. තව දුරටත් මෙම වීදි ළමුන්ව කුඩා කළ සිට ම මුදල් පසුම්බි සොරකම් කිරීමට පුහුණුවක් ලබා දෙන බව පොලිස් වාර්තා පෙන්වා දේ.

වීදි ළමුන් ගණිකා වෘත්තියට යොමු වීම පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ අජිත් ඒකනායක මහතා පවසන ආකාරයට තමාගේ ළගම ඥාතීන් අතින් අනාථ වූ ළමයි ජීවිතය පිළිබඳ ව කළ කිරීමට පත් වී වීදි කරා එයි. එසේ පැමිණෙන ගැහැණු ළමුන්ට කරන්නට ඇති රැකියාව ලෙස ඔවුන් තෝරා ගන්නේ ගණිකා වෘත්තිය බව එම මහතා පවසයි.

ලෝකයේ මෙසේ වීදි දරුවන් ගණිකා වෘත්තියේ යෙදීම නිසා එම ළමුන් විවිධ රෝගවලට සීඝ්‍රයෙන් ගොදුරු වී ඇත. ඒ අතර ්‍යෂඪ වෛරසය පැතිරීම බොහෝ බැරෑරුම් කරුණක් වී ඇත.

ලංකාවේ හික්කඩුවේ ඉතා විශාල වශයෙන් පිරිමි ළමුන් විදේශීයන්ට විකිණෙන බව පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ අජිත් ඒකනායක මහතා ඇතුළු පිරිස කළ පරීක්ෂණවල දී හෙළි වී ඇත.

අද ලංකාවේ වෙසෙන බොහෝ වීදි ළමුන්ව මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා යොදවා ගෙන ඇති බව ළමාරක්ෂක දෙපාර්තමේන්තුව අපට පෙන්වා දේ. මීට මූලික ලෙස බලපා ඇත්තේ ළමුන් පිළිබඳ ව සමාජය සැක මුසු ඇසකින් නොබැලීම යි. මෙවැනි පරිසර රටාවක් තුළ වැඩෙන වීදි දරුවෝ ද මත්ද්‍රව්‍ය, මත්පැන්, දුම්වැටි ඉරීමට පෙළඹෙති.

වීදි දරුවන් රෝගවලට ගොදුරු වීමේ ප්‍රවණතාව වැඩි ය. ඊට බලපාන හේතු වන්නේ,

  1. නිසි පෝෂණය නොලැබීම
  2. සෞඛ්‍ය පහසුකම් නොලැබීම
  3. සනීපාරක්ෂක පහසුකම් නොලැබීම
  4. නිසි අධ්‍යාපනයක් නොලැබීම
  5. ආර්ථීකමය ගැටලූ
  6. විවිධ මත්ද්‍රව්‍ය ආදිය භාවිතය
  7. විෂබීජ ඇතුළත් වීමේ හැකියාව වැඩි වීම
  8. නිවාස පහසුකම් නොලැබීම
  9. අනාරක්ෂිත ලිංගික හැසිරීම නිසා

වීදි දරුවන් බහුල ලෙස ගොදුරු වන රෝග

1      මන්දපෝෂණය

2       ක්ෂය රෝගය

3       ලිංගිකව සම්ප්‍රෙAෂණය වන රෝග

ළමුන් සදහා ක්‍රියාත්මක වන සංවිධාන

පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව – ප්‍රධාන මධ්‍යස්ථානය : නාවල

ළමා පුහුණු උපදේශක ආයතනය – ජාතික මධ්‍යස්ථානය : පානදුර

ශ්‍රී ලංකාව තුළ ස්වේච්ඡා ළමා නිවාස දැනට 179 ක් ක්‍රියාත්මක වේ. මෙම ළමා නිවාස මගින් ළමුන්ට රැකවරණය, අධ්‍යාපනය හා සමාජීය පහසුකම් සපයා දී ඇත. දෙමව්පිය රැකවරණය අහිමි වීදි දරුවන් බොහෝ විට ළමා නිවාස කරා යොමු කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.

වීදි දරුවන් හා වෙනත් නීතිමය කරුණු නිසා අසරණ වූ දරුවන් සඳහා ශ්‍රී ලංකාව තුළ දැනට රැඳවුම් නිවාස 4ක් ක්‍රියාත්මක වේ.

තවදුරටත් මෙම අසරණ වූ ළමුන් සහ වීදි ළමුන් අධ්‍යාපනය ලැබීමට ශ්‍රී ලංකාව තුළ සහතික කළ පාසල් 4ක් වේ.

  1. රන්මුතුගල සහතික කළ පාසල
  2. කැප්පෙටිපොළ සහතික කළ පාසල
  3. මාපොළ සහතික කළ පාසල
  4. හික්කඩුව සහතික කළ පාසල

ළමුන් සඳහා රජය මගින් භාරගැනීමේ ළමා නිවාස 8ක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වේ.

ශ්‍රී ලංකාව තුළ ීධී ළමා ගම්මාන කිහිපයක් ක්‍රියාත්මක වේ. සමාජයේ විවිධාකාර වූ ප්‍රශ්න නිසා අනාථ අසරණ වී සිටින දරුවෝ පවුල් ලෙස එක් එක් නිවස තුළ වාසය කරති. එහි එක් පවුලක මවක් සිටින අතර ඈ සම`ග ළමුන් 6 හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සාමාජීකයන් ලෙස ක්‍රියාත්මක වෙති. එම දරුවන්ගේ මව ලෙස ඔවුන්ගේ පාලිකාව ක්‍රියාත්මක වේ. ඔවුනට ආහාර, රැකවරණය මෙම මව සපයයි. ඒ සඳහා ඇයට සමාජ සේවා අමාත්‍යංශයෙන් අවශ්‍ය මුදල් ආදිය සපයයි. ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ද ඇය සහය වේ.

ළමයින්ට එරෙහිව කෙරෙන අකටයුතුකම් සහ යුතුකම්

සමහර වීදි දරුවන්ට දෙමව්පියන් අහිමි වුවත් සමහරුන්ට දෙමව්පියෝ සිටිති. එහෙත් නීති පද්ධතියට අනුව වීදිවල දී ළමුන් රැකවරණය නැතිව ගැවසෙන විට එම ළමුන් පොලීසිය මගින් අත් අඩංගුවට ගැනේ. වීදිවල දී දෙමව්පියන් සම`ග සිටියත් මෙම දෙමව්පියන්ට බොහෝ විට ළමුන් ව විවිධ වැරදි ක්‍රියාවල යොදවා ගැනීම නිසා ළමුන්ගේ ජීවිතය පිළිබඳ ව වගකීම රජයට ගැනීමට සිදු වේ. එහි දී රජය ළමුන්ගේ අනාගතය ගැන සිතුවත් දෙමාපිය ආදරය වෙනත් අයකුගෙන් හෝ පරිවාස භාරයේ දී නො ලැබේ. එහෙත් පරිවාස භාරයේ දී ළමුන්ට සමහර දෙමව්පියන්ගෙන් නොලැබුණු ආරක්ෂාව රැකවරණය ලැබේ. එහෙත් පරිවාස භාරයේ දී ළමුන්ට විවිධ වද හිංසාවලට මුහුණ දීමට සිදු වූ අවස්ථා ද නැතුවා නො වේ. මෙම පරිවාස භාරයේ දී ළමයාගේ සෑම අවශ්‍යතාවක් ම උපරිමයෙන් සපුරාලීම ඉතා ම අපහසු කාර්යයකි. වීදි ළමුන් ව අත් අඩංගුවට ගැනීම පොලීසිය මගින් සිදු කරන අතර එම ළමුන් අධිකරණයට ඉදිරිපත් කෙරේ. එහි දී අධිකරණය ළමයාගේ අනාගතය තීරණය කරයි. ළමයාගේ අනාගතය උදෙසා ළමා නිවාසයකට, රැඳවුම් නිවාසයකට හෝ සහතික ලත් පාසලකට ඇතුළත් කරයි.

වීදි ළමුන්ට පරිවාස භාරයේ දී ලැඛෙන පහසුකම්

  1. ළමයාට අවශ්‍ය පෝෂණය ලබා දීම
  2. ළමයාට අවශ්‍ය අධ්‍යාපන පහසුකම් ලබා දීම
  3. ළමයාට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් ලබා දීම
  4. වෙනත් අංශයන්ගෙන් ඉදිරියට යාමට අවස්ථාව දීම
  5. ළමයාට වෘත්තිමය පුහුණුව ලබා දීම
  6. විනය සම්බන්ධ ව ළමයා පුහුණු කිරීම
  7. වෙනත් දක්ෂතා නිපුණ කිරීම
  8. දෙමව්පියන් හමුවීමට අවස්ථාව ලබා දීම
  9. දරුවාට අවශ්‍ය නිදහස ලබා දීම

ළමයින් හදා වඩා ගැනීම ( කුලවද්දා ගැනීම)

පසු කාලීන ව වීදි ළමුන්ගේ දෙමව්පියන් ඉල්ලා සිටියත් බොහෝ දුරට නැවත දරුවන් භාර නො දේ. එහෙත් දෙමව්පියන් යම් ස්ථාවරයක් ගොඩ නගා ගෙන ඇත්නම් ළමයාට අවශ්‍ය පහසුකම් සපයා දී ළමයා නඩත්තු කිරීමට ඔවුනට හැකි  නම් අධිකරණය ඒ පිළිබඳ ව සොයා බලා ළමුන් නැවත භාර දීමට හැකි ය. එහෙත් එවැනි අවස්ථා දුලබ ය.

දෙපාර්තමේන්තුවට යොමු වන අනාථ අත් හළ ළමයින්, දිසා අධිකරණ නියෝගයක් යටතේ හදා වඩා ගැනීමට ඉදිරිපත් වන දෙමාපියන්ට ලබා දීම, දේශීය ඉල්ලූම්කරුවන් නොමැති විටෙක විදේශිය ඉල්ලූම්කරුවන්ට යොමු කිරීම සිදු වේ. කෙසේ වෙතත් හදා වඩා ගැනීමට නිත්‍යානුකූල නියෝගයක් දිය හැක්කේ දිසා අධිකරණයට පමණි.

ළමුන් හදා වඩා ගැනීමට දීමේ දී සලකා බැලෙන කරුණු

  1. භාරකරු විවාහක අයකු වීම
  2. අවුරුදු 22ට වඩා වැඩි විය යුතු අතර ළමයා හා භාරකරු අතර වයස පරතරය අවුරුදු 22ක් විය යුතු යි.
  3. ලංකාවේ අධිකරණයෙන් ළමයා භාර ගත යුතු යි.
  4. භාරකරු හොඳ කායික හා මානසික තත්ත්වයෙන් සිටිය යුතු යි.
  5. ළමයා නඩත්තු කිරීමට ඔහුට හෝ ඇයට ආර්ථීකමය හැකියාවක් තිබිය යුතු යි.

ළමයා අවුරුදු 18 සම්පූර්ණ වූ විට ළමා නිවාසවල රඳවා නො ගනී. එහි දී ළමයාට තමා කැමති නිවැරදි රැකියාවක් කිරීමට හැකි වේ.

 

විද්වතුන්ගේ ඇසින්

මෙම ව්‍යාපෘතිය ගැන අපේ අදහස්

මාතෘකාව

වීදි දරුවන් පිළිබඳ ව කරන ලද ගවේෂණාත්මක අධ්‍යයනයක් ලෙසින් මෙම ව්‍යාපෘතිය හැඳින්විය හැකි ය. කාලීන ව දැඩි අවධානය යොමු වූ ගැටලූවක් තම ව්‍යාපෘතියේ තේමාව ලෙසින් තෝරා ගැනීමට ශිෂ්‍යාව යොමු වීම අගය කළ යුතු කරුණකි.

අරමුණු

ව්‍යාපෘතියෙන් ඇය ඉටු කර ගැනීමට අපේක්ෂිත අරමුණු 06ක් ඉදිරිපත් කර තිබිණ. ඉන් වීදි දරුවන් පිළිබඳ ව ඇය සතු දැනුම පුළුල් කර ගැනීමත්, වීදි දරුවන් වෙනුවෙන් තවත් එක් දරුවකු වශයෙන් හ~ක් නැගීමත් යන අරමුණු දෙක ඇගේ අරමුණු අතර කැපී පෙනේ. ඉන් ඇගේ ආකල්පවල ධනාත්මක ස්වභාවය පැහැදිලි වේ. ඇගේ අරමුණු පැහැදිලි ව සුවිශේෂී ව ඉදිරිපත් කර ඇති අතර තමාගේ අධ්‍යයනය සෑහෙන දැනුවත් වීමක් සහිත ව ආරම්භ කිරීමට යොමු වී ඇති බව ද පැහැදිලි වේ.

ශිෂ්‍යාව තම ව්‍යාපෘතියෙන් ප්‍රතිලාභ ලබන්නන් හඳුන්වා දී ඇති අතර ඉන් ප්‍රමුඛ ස්ථානය තමාට ලබා දී ඇත. එසේ ප්‍රමුඛස්ථානය ලබා දීමට අදාළ වන ප්‍රතිලාභ 10ක් ද ඇය ඉදිරිපත් කර ඇත. එම ප්‍රතිලාභ ව්‍යාපෘතියක නිරත වීමෙන් ශිෂ්‍යයන් විසින් ළඟා කර ගනු ඇතැ යි අපේක්ෂිත ප්‍රතිලාභ වශයෙන් දැක්විය හැකිය. ඉතාමත්ම අගය කළ හැකි ලක්ෂණයක් වනුයේ ශිෂ්‍යාව විසින් තමා ව ම විනිශ්චය කිරීමෙන් එළඹුණු නිගමනවල පාරදෘශ්‍යභාවය යි.

ව්‍යාපෘතිය සඳහා යොදා ගත් සම්පත් මානව සහ භෞතික සම්පත් ලෙස වර්ග කර ඇති ඇය ව්‍යාපෘතිය සඳහා යොදා ගත් කාල රාමුවේ යෝජිත සැලැස්ම සහ ව්‍යාපෘතිය සඳහා යොදා ගත් කාල රාමුවේ යෝජිත සැලැස්ම සහ ව්‍යාපෘතිය නිම කිරීම සඳහා විවිධ පියවර වෙනුවෙන් යෙදවූ සත්‍ය කාලය ද්විත්ව රේඛා දෙකකින් දක්වා ඇත. එයින් ව්‍යාප්තිය සඳහා වැය කිරීමට අපේක්ෂිත කාලය සහ සත්‍ය වශයෙන් ඇය විසින් වැය කරන ලද කාලයේ අඩු වැඩි වීම පැහැදිලි ව ප්‍රකාශ වේ.

ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ ආකාරය, කාල රාමුව ඉදිරිපත් කිරීමට පෙර ඉදිරිපත් කර තිබුණි නම් මෙම අධ්‍යයන වාර්තාවේ ක්‍රමවේදය නොමැති වීමේ අඩුව නො පෙනෙනු ඇත. හැඳින්වීමට සහ සාරාංශයට ඇය ඇතුළත් කර තිබූ දත්ත රැස් කළ ආකාරය, ඉදිරිපත් කර තිබූ දත්ත කාල රාමුව සම`ග සවිස්තරාත්මක ව පැහැදිලි කිරීම සහිත ව ක්‍රියාත්මක කළ ආකාරය යටතේ ඉදිරිපත් කරන්නට හැකි වූවා නම් ඉතා වටනේ ය.

දත්ත හා දත්ත විශ්ලේෂණය

ශිෂ්‍යාව විසින් ව්‍යාපෘතිය සඳහා සරු දත්ත රාශියක් රැස් කර තිබිණ. විවිධ පුවත්පත්වල පළ ව තිබූ ලිපි, අන්තර්ජාලයෙන් ලබා ගත් තොරතුරු හා විවිධ ආයතනවලින් රැස් කර ගත් ලිඛිත තොරතුරුවලට අමතර ව නීතීඥයින් පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, වීදි දරුවන් හා ඔවුන්ගේ දෙමව්පියන් හා සම්මුඛ සාකච්ඡා පැවැත්වීමෙන් ලබාගත් තොරතුරු ද දත්ත අතර විය. ඉන් ශිෂ්‍යාව තුළ තම ව්‍යාපෘතිය කෙරේ  ඇති කැපවීම සහ උනන්දුව පැහැදිලි ව හඳුනාගත හැකි වේ. ඇය තමා රැස් කළ දත්ත අනුමාතෘකා යටතේ කාණ්ඩ කර තිබුණ ද එම දත්ත සුදුසු පරිදි විශ්ලේෂණය කිරීමට ඇය දැනුවත් ව නො සිටි බව ව්‍යාපෘති වාර්තාව කියවීමේ දී පැහැදිලි වේ. ඒ සඳහා මෙම දැරියට නිසි මග පෙන්වීමක්, උපදෙස් ලබා දීමක් සිදු වූයේ නම් ස්ථීර වශයෙන් ම ඉතාමත් වටිනා ව්‍යාපාති වාර්තාවක් ගොඩ නගන්නට ඇයට හැකියාව තිබිණි.

නිගමන හා යෝජනා යන මාතෘකාව මෙම ව්‍යාපෘති වාර්තාවට ඇතුළත් වී නොමැති වීම දැකිය හැකි දුර්වලතාවකි. තමා විසින් ඉමහත් පරිශ්‍රමයකින් රැස් කර ගත් දත්ත. විශ්ලේෂණය කර එමගින් ලද ප්‍රතිඵල සාකච්ඡා කර අවසානයේ දී ඒ ඔස්සේ ශිෂ්‍යාව එළඹුණු නිගමන මොනවා ද යන්න පිළිබඳ අවබෝධයක් ව්‍යාපෘති වාර්තාව තුළින් පැහැදිලි නො වේ. වීදි දරුවන් පිළිබඳ ව තම අධ්‍යයනය තුළින් ඉදිරිපත් කළ යුතු ව තිබුණු යෝජනා මොනවා ද යන්න වාර්තාවේ පැහැදිලි ව ගොනු කර නැත. ව්‍යාපෘති වාර්තාවේ අවසානය ශිෂ්‍යාවගේ නිගමන හා යෝජනාවලින් පෝෂණය විය යුතු ව තිබිණ.

විවිධ තේමා යටතේ ඇය රැස් කර තිබූ පුවත් පත්වලින් කපා ගන්නා ලද කොටස්, අන්තර්ජාලයෙන් ලබා ගත් තොරතුරු සහ විවිධ ආයතනවලින් නිකුත් කරනු ලැබූ පත්‍රිකා සහ ප්‍රඥප්ති ඇමුණුම් යටතේ ගොනු කර ඉදිරිපත් කර ඒවායේ ඇති වැදගත් යැ යි හැෙඟන කොටස් උපුටන වශයෙන් දක්වමින් දත්ත විග්‍රහ කරමින් තම ව්‍යාපෘති වාර්තාව සකස් කිරීමට නිසි මග පෙන්වීමක් ඇයට ලැබිය යුතු ව තිබිණ. මෙහි දී සඳහන් කල යුතු තවත් වැදගත් කරුණක් වනුයේ වාර්තාකරණයේ දී සුදුසු ලෙසත් නිවැරදි ලෙසත් භාෂාව හැසිරවීමට ශිෂ්‍යාවට මග පෙන්වා නො තිබීම යි.

ව්‍යාපාතියක් කිරීමට සිසු දරු දැරියන්ට යොමු කිරීම පමණක් නො ව ව්‍යාපෘති ක්‍රියාවලියේ හැම පියවරක් පාසා ම ඔවුන්ට මග පෙන්වීමත්, දිරිමත් කිරීමත් නිවැරදි ක්‍රමයට වාර්තාකරණයක් සඳහා යොමු කිරීමත් ව්‍යාපෘති භාර ගුරු මහත්ම මහත්මීන්ගේ වගකීම වේ. ඒ තුළින් උසස් මට්ටමේ ව්‍යාපෘති වාර්තා බිහි කිරීමට අපේ දරු දැරියන්ට හැකියාවක් ලැඛෙනු ඇතැ යි යන්න මාගේ විශ්වාසය යි.

සුනිලා රත්නායක

ව්‍යාපෘති නිලධාරී

පර්යේෂණ සහ සංවර්ධන දෙපාර්තමේන්තුව

ජාතික අධ්‍යාපන ආයතනය