Project 16

ව්‍යාපෘති අංක 16
මහවැලියේ ප‍්‍රගතිය
කේ. ඞී. හංසනී මදුෂානි, 12 වසර කලා – මානෙල්, (අ.පො.ස.* උසස් පෙළ 2006 – කේවල ව්‍යාපෘතිය සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය, කොළඹ 7.
හැඳින්වීම
මධ්‍ය කඳුකරයෙන් පටන් ගෙන විශාල තැනිතලා භූමියක් පසු කරමින් වියළි කලාපය හරහා ගලා බස්නා මහවැලි නදියේ මහා ජල සම්පතින් ලැබිය හැකි ප‍්‍රයෝජන අප‍්‍රමාණ ය. ප‍්‍රයෝජනයට නො ගෙන මුහුදට ගලා ගිය එම ජල සම්පතින් අසූව දශකය වන විට රටට අත්‍යවශ්‍ය ව තිබූ ජල විදුලි බලය ඉපයීමත්, එතෙක් වැඩි වශයෙන් මහ වනයෙන් වැසී ගත් වියළි කලාපයේ අසංවර්ධිත විශාල තැනිතලා තෙත් කොට රට සහලින් ස්වයංපෝෂිත කිරීමත් අරමුණු කොට ගෙන කඩිනම් මහවැලිය 1978 වර්ෂයේ ආරම්භ කෙරිණි. වියළි කලාපය සංවර්ධනය කිරීම සඳහා ඒ ප‍්‍රදේශයේ ජනාවාස ඇති කිරීමත් මහවැලි නව ජනාවාස ප‍්‍රදේශවල අපනයනය නිශ්පාදන ගම්මාන ඇති කර එමගින් වාණිජමය වගාවන් නංවාලීමත් තවත් අරමුණු විය.
අරමුණු
 මහවැලි සංවර්ධන යෝජනා ක‍්‍රමය යටතේ ඉදි වුණු පංච මහා ජලාශයන් හි (කොත්මලේ, වික්ටෝරියා, රන්දෙනිගල, රන්ටැඹේ සහ මාදුරුඔය* ජලය සැපයීමෙන් කෘෂිකාර්මික කටයුතු කොතරම් දුරට වර්ධනය වී ඇත් දැ යි සොයා බැලීම.
 ඉදි වුණූ ජලවිදුලි බලාගාරවලින් ජාතික විදුලිබල නිෂ්පාදනයට කොතරම් ප‍්‍රමාණයක් එක් වූයේ ද යන්න සොයා බැලීම
 පදිංචි කිරීමට අපේක්ෂිත පවුල් සංඛ්‍යාව සහ අපේක්ෂිත ඉලක්කය කරා ළඟා වී ඇති සංඛ්‍යාව සොයා බැලීම
 සත්ත්ව පාලන කටයුතු ඇසුරින් නිෂ්පාදිත ආහාර ද්‍රව්‍ය ප‍්‍රමාණය හා එය ජාතික නිෂ්පාදිතයට වූ දායකත්වය කොපමණ වේ දැ යි සොයා බැලීම
 ජනතාවගේ ජීවන තත්ත්වය කොතරම් දුරට උසස් කරලීම සිදු වූයේ ද කොතරම් රැුකියා අවස්ථා ප‍්‍රමාණයක් උත්පාදනය වූයේ ද යන්න සොයා බැලීම
භාවිත කළ ක‍්‍රමවේද
ලේඛන පරිශීලනය, මේ ව්‍යාපෘතිය සකස් කිරීමේ දී ප‍්‍රධාන වශයෙන් මට උපකාරී විය. මහවැලි ගංගාධාරය පිළිබඳ ඓතිහාසික කරුණු හා වරින්වර ගංගාධාරය ප‍්‍රයෝජනයට ගැනුණු ආකාරයත් හැටේ දශකයේ දී වසර 30කින් නිම කිරීමට සැලසුම් කළ මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය හැත්තෑව දශකයේ දී වසර පහෙන් නිම කිරීමට සැකසුම් සකස් කෙරුණු ආකාරයත් එයින් ලබා ගත් ප‍්‍රතිලාභත් විවිධ ලේඛන පරිශීලනය මගින් එක්රැුස් කර ගන්නා ලදී. ලේඛනවල වූ කරුණු වඩා පැහැදිලි ව හා ගැඹුරින් අධ්‍යයනය කිරීමට අවශ්‍ය වූ නිසා පර්යේෂණයට සම්බන්ධ විවිධ ආයතනවලට ගොස් විවිධ නිලධාරීන් සම`ග සාකච්ඡුා කළෙමි. එම ලබා ගත් දත්ත නිසියාකාර ව සංවිධානය කළෙමි. මහවැලි ව්‍යාපාරයේ මෑත කාලීන වර්ධනය ගැන සොයා බැලීම සඳහා රුවන්පුර ජනාවාසයට ගොස් එහි වෙසෙන ජනපදිකයින් සම`ග සම්මුඛ සාකච්ඡුා පැවැත්වීම. එම සාකච්ඡුාව තුළ අඩංගු වී තිබූ වැදගත් තොරතුරු පටිගත කරමින් කෘතියට ඇතුළත් කළ හැකි පරිද්දෙන් නැවත එය සකස් කළෙමි.
කඩිනම් මහවැලි ව්‍යාපාරයේ අරමුණු
වසර 30ක් තුළ අදියර තුනකින් නිමකිරීමට සැලසුම් කර තිබුණු මහවැලි සංවර්ධන යෝජනා ක‍්‍රමය වසර 6කින් නිම කිරීමට 1977 දී සැලසුම් කරන ලදී. එසේ මේ වැඩපිළිවෙළ ඉක්මන් කිරීමට හේතු රාශියක් බලපෑවේ ය.
x ප‍්‍රධාන වශයෙන් ම ජනතාවට අවශ්‍ය ආහාර සැපයීම
x ඉන්ධන ගැටලූව විසඳීමට ජල සම්පත උපයෝගී කර ගනිමින් ජල විදුලිය නිෂ්පාදනය කිරීම
x වැඩි වන ජනගහනය සඳහා අවශ්‍ය වන පහසුකම් සැපයීම
x රැුකියා උත්පාදනය කිරීම
x තෙත් කලාපයේ වැඩි වන ජනගහන තදබදය මග හරවා ගැනීමට වියළි කලාපයේ ජනපද පිහිටුවා වියළි කලාපය සංවර්ධනය කිරීම
මහවැලි ජලය රට සහලින් ස්වයංපෝෂිත කිරීමට දායක වු වග යි.

වර්ෂය වගා කළ බිම් ප‍්‍රමාණය හෙක්ටයාර් වී අස්වැන්නේ ප‍්‍රමාණය මෙටි‍්‍රක් ටොන් මුළු සංඛ්‍යාව
යල මහ යල මහ මෙ. ටො
1984 / 1985 29302 45027 113633 214466 328099
1985 / 1986 37301 55992 – – 357886
1988 / 1989 – – – – 363000
1998 / 1999 55767 74618 239330 24932 264262
1999 / 2000 54846 76303 226811 340044 566855
2000 / 2001 57756 76362 261057 283477 544543
2001 / 2002 52616 74083 229292 344969 574261
2002 / 2003 57413 76499 247208 340825 588033
(මූලාශ‍්‍රය: කෘෂිකර්ම පශූ සම්පත් හා ඉඩම් සංවර්ධන අමාත්‍යංශයේ සංඛ්‍යා ලේඛන ඒකකය*
මහවැලි සංවර්ධන කඩිනම් වැඩපිළිවෙළ යටතේ ගත වූ වසර විස්ස තුළ අප රටේ එතෙක් අසංවර්ධිත ව තිබූ අති විශාල බිම් ප‍්‍රමාණයක් සරු කෙත් බවට පත් විය.
පාරිසරික, දේශපාලන සහ දේශගුණික බලපෑම් මත එක් එක් වර්ෂවල වී අස්වැන්නේ උච්ඡුාවචනයක් පෙන්නුම් කළ ද මහවැලි සංවර්ධන ව්‍යාපාරය ආරම්භ වීමට පෙර තිබූ වී නිෂ්පාදනයට වඩා වැඩි වී නිෂ්පාදනයක් මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ ජල සම්පාදනය නිසා ඇති වී තිබෙන බව කෘෂිකර්ම පශූ සම්පත් හා ඉඩම් සංවර්ධන අමාත්‍යංශයේ සංඛ්‍යා ලේඛන ඒකකයෙන් ලබා ගත් තොරතුරු මගින් පැහැදිලි වේ.
1985 – 2003 වර්ෂය වන විට මහවැලි ප‍්‍රදේශයේ වී නිෂ්පාදනය 79%කින් ඉහළ ගියේ ය.

මහවැලි සංවර්ධන ප‍්‍රදේශයේ මු`ඵ වී අස්වැන්න ප‍්‍රමාණය
අතිරේක බෝග වගාව ජාතික ආහාර නිශ්පාදනයට ආයක වූයේ මෙසේ ය.
2000 දෙසැම්බර් මාසය වන විට මහවැලි ප‍්‍රදේශවලින් කෘෂිකර්මාන්තයට වූ දායකත්වය.
බෝගය මුළු බිම් ප‍්‍රමාණය හෙක්ටයාර් මුළු නිෂ්පාදන මෙටි‍්‍රක් ටොන්
වී 141344 609075
අතිරේක බෝග 25470 154801
මුලාශ‍්‍රය: මහවැලි සංඛ්‍යා ලේඛන අත්පොත 2000
රුවන්පුර ජනාවාසකරුවන් කැරට්, බීට්, ගෝවා, මාළු මිරිස්, බෝංචි, රාබු, අමු මිරිස්, නයි මිරිස් සහ තේ වගාව දියුණු කර අතිරේක ආහාර බෝග නිෂ්පාදනයෙන් 1986 වර්ෂයේ සිට 2005 වසර දක්වා ජාතික නිෂ්පාදනයට එක් විණ.
මහවැලි ජනාවාසයේ පශු සම්පත ජාතික නිෂ්පාදිතයේ කොටස්කරුවෙකි.
මහවැලි ප‍්‍රදේශවල සත්ත්ව ආහාර නිෂ්පාදනය
ආහාර ද්‍රව්‍ය 1989 1993 1994 1995 1996 1997 1998 1999 2000
කිරි ආහාර 691638 1609200 1220742 1303476 1716015 1745523 1603160 2594888 939915
බිත්තර 0 1113090 1402700 1173505 1501649 1075316 795293 577663 709469
කුකුල් මස් (කුකුලන්* 0 76688 69686 32986 57406 94449 91897 76910 86949
මහවැලි සංඛ්‍යාත අත්පොත 2000, ශ‍්‍රී ලංකා මහවැලි අධිකාරියේ සැලසුම් හා මෙහෙයුම් ඒකකය
මහවැලි ජලයෙන් දේශය ආලෝකමත් වෙයි.
මහවැලි ජනාවාස සැලසුම් කිරීමේ දී මහාමාර්ග, ඇළවේලි, ප‍්‍රජා ගොඩනැගිලි, සේවා මධ්‍යස්ථාන, ජලය හා විදුලි බලය සැපයීම කෙරෙහි විශේෂ අවධානය යොමු විය. මේ පහසුකම් ජනපදිකයින් ජනාවාසවලට ගෙන ඒමට පෙර සැපයීමට සැලසුම් කෙරුණු අතර එසේ නො හැකි වුව හොත් ජනාවාසයේ මුල් අවුරුදු කිහිපය තුළ ලබා දීමට සැලසුම් කෙරිණි. ඒ අනුව කොත්මලේ ජලාශය ඉදි වීමෙන් ඉඩම් අහිමි වූ ජනතාවට රුවන්පුර ප‍්‍රදේශයේ ලබා දී ඇති ඉඩම්වලට ඉහත සඳහන් පහසුකම් 1986 වසරේ දී ම ලබා දී ඇති බව එහි ජනාවාසකරුවකු සම`ග කළ සාකච්ඡුාවක දී හෙළි විය.
ජනාවාස ආරම්භ වූ මුල් අවධියේ දී ජල උල්පත් මගින් සහ තාවකාලික ළිං මගින් ජලය සැපයුණු අතර දැනට ඇති රුවන්පුර ජනාවාස කට්ටි තුනෙහි කුඩා ජලාශ යෝජනා ක‍්‍රම තුනක් හා පොම්පාගාර 3ක් මගින් ජලය සැපයේ. මහවැලි ජනාවාසවලට ළිං, නළ ළිං හා ඇළ මාර්ග මගින් ද ජලය සැපයුණු අතර වැසිකිළි පහසුකම් ද ලබා දී ඇත.
කොත්මලේ ජලාශයට යට වූ ඉඩම් සඳහා රුවන්පුර ප‍්‍රදේශයේ පවුල් 102ට ඉඩම් ලබා දී ඇත. රුවන්පුර ජනාවාස ආරම්භ වූයේ 1986 දී ය. එය මෙෆීල්ඞ් හා ආගයිල් වතුයායට මායිම් ව තිබූ මුඩු බිම් ප‍්‍රදේශයකි. මුලින් ම එහි පදිංචි වූ පවුල් 102න් දැනට සිටින්නේ පවුල් 86ක් පමණි. අනිත් අයගෙන් කොටසක් තමන්ට ලැබුණු ඉඩම් කට්ටි විකුණා කලින් සිටි වටද්දර ප‍්‍රදේශයට ම ගියහ. ඉහළ වටද්දර ප‍්‍රදේශයේ අයට රුවන්පුර ප‍්‍රදේශයෙන් ඉඩම් ලබා දී ඇත්තේ කොත්මලේ ජලාශය ඉදිවීමත් සම`ග එම ප‍්‍රදේශය නාය යෑමේ තර්ජනයට ලක් වෙතැ යි නිර්දේශ වූ නිසා ය.
රුවන්පුර ජනාවාසයේ ඉඩම් ලබා ගත් අය ඒවා විකුණා යාමට හේතු වශයෙන් පහත කරුණු හෙළි විය.
x ගස් කොළන් වලින් තොර උස් බිමක් වන නිසා අධික සුළං සහිත වැසිබර කාලගුණය
x අයහපත් කාලගුණික තත්ත්වයන් මත ලෙඩ රෝගවලට ගොදුරු වීම.
x තමන් කලින් සිටි ප‍්‍රදේශවල ස්ථිර වගාවන්ගෙන් කෑම බීම සපයා ගත හැකි වීම.
(මුලාශ‍්‍රය : රුවන්පුර ජනාවාසයේ පදිංචිකරුවන් වන යූ. ජී. පද්මලතා සහ ඇගේ මව සම`ග කළ සම්මුඛ සාකච්ඡුාවකි*
කොත්මලේ ජලාශය ඉදි වීමත් සම`ග රුවන්පුර ජනාවාසයේ කනිටු විදුහලක්, සමූපකාරයක් සහ ප‍්‍රජා මධ්‍යස්ථානයක් ඇති විය. රුවන්පුර ජනපදිකයින්ගේ දරුවන් සඳහා 1995 සැප්තැම්බර් 15 වන දින කනිටු විදුහලක් ආරම්භ විය. දැනට එම පාසලේ ගොඩනැගිලි දෙකක් ඇත. පටන් ගැනීමේ දී එහි 9 වසර දක්වා පන්ති පැවැත්විණි. එහෙත් 2004 වර්ෂය වන විට 5 වසර දක්වා පන්ති පැවැත්වීමට නිර්දේශ විය. 2005 වසරේ දී ශිෂ්‍ය සංඛ්‍යාව විස්සකි. ප‍්‍රවාහන පහසුකම් ලැබීමත් සම`ග ජනපදිකයින්ගේ දරුවන් ප‍්‍රධාන නගරයේ පාසල්වලට යැවීම නිසා පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව අඩු වී ඇත.
2000 වසරේ මහවැලි ප‍්‍රදේශවල පදිංචි කරවූ පවුල් සංඛ්‍යාව
වර්ගය පදිංචි කර වූ පවුල්
අපේක්ෂිත 2000 වන විට
ගොවි පවුල් 90854 87439
ගොවි නො වන පවුල් 39995 38526
අනු පවුල් 5992 5153
වෙනත් 720 522
එකතුව 137561 131640

ආගමික හා සංස්කෘතික නවෝදය
මහවැලි ජනාවාසිකයින් භෞතික වශයෙන් දියුණු වු ද සදාචාරය අතින් උසස් වූ ද අධ්‍යාත්මික ගුණ වගාවෙන් පැහැපත් වූ ද තත්ත්වයකට පත් කරලීම මහවැලි අධිකාරීන්ගේ ඒකාන්ත උත්සහය හා අපේක්ෂාව විය.
කොත්මලේ ප‍්‍රදේශයේ ඉඩම් අහිමි වූ ජනයා වෙනුවෙන් රුවන්පුර නමින් ඇරඹුණු ජනාවාසයේ ශ‍්‍රී විජය මංගලාරාමය නමින් විහාරස්ථානයක් ඉදිවිණ.
මහවැලි සංවර්ධන ප‍්‍රදේශවල ආගමික හා සංස්කෘතික ප‍්‍රබෝධයත් රටේ ආර්ථික සංවර්ධනයත් උදෙසා කොත්මලේ ඉදි වෙන මහවැලි මහා සෑය ද දායක වෙයි.
සෞන්දර්යාත්මක හැඟීම් තුළින් මානසික වර්ධනයක් සිදු වේ.
මහවැලි ජනාවාස වලට නොයෙක් පළාත්වලින් පැමිණි ජනපදිකයින් තුළ විවිධ නිපුණතා දක්නට ලැබුණි. ඇතැමෙක් නිපුණ කලාකරුවෝ ය. සංගීත, නැටුම්, චිත‍්‍ර හා මූර්ති කලාව පිළිබඳ නිපුණත්වයක් ලැබූ අය ඔවුන්ගේ නිර්මාණ විවිධ අවස්ථාවල දී එළි දැක්වූහ.
ක‍්‍රියාවෙන් ශාරීරික හා මානසික වර්ධනයක් ඇති වේ.
සංස්කෘතික නවෝදයක් සම`ග ක‍්‍රීඩා අංශයේ වර්ධනයක් ද මහවැලි ප‍්‍රදේශ ඇසුරින් දක්නට ලැබේ. ගල්නෑව ප‍්‍රදේශයේ ඉදි වූ ප‍්‍රථම මහවැලි ක‍්‍රීඩාංගනයේ දී ප‍්‍රථම මහවැලි කී‍්‍රිඩා හා සංස්කෘතික උළෙල පැවැත්වීමට මහවැලි ජනපදිකයින්ට 1986 වසරේ දී වසනාව උදා විය.
මහවැලි ..ඨ.. කලාපයේ බකමූණු ප‍්‍රදේශයේ දෙ වන මහවැලි ක‍්‍රීඩාංගනය ඉදි විණ. මහවැලි ,ක්‍, කලාපයේ ගිරාඳුරුකෝට්ටේ ඉඳි වූයේ තෙ වැනි මහවැලි ක‍්‍රීඩාංගනය යි.
පරිසරය ආරක්ෂා කිරීම මහවැලියේ වගකීම වූයේ මෙස් ය.
වෙනත් මහා පරිමාණ ව්‍යාපාරවල දී මෙන් ම මහවැලි ජල සම්පත් සංවර්ධනයේ දී ද පවත්නා ස්වභාවික පරිසරය නිසැකයෙන් ම වෙනස් විය. මෙම වෙනස්වීම්වල ප‍්‍රතිවිපාකය ඉතා ම වැඩදායක වූවාක් මෙන් ම භයානක අන්දමින් අනතුරුදායක ද විය.
විශාල ලෙස කැලෑ එළි වීමත් සමග තම නිජබිම අහිමි වූ දුර්ලභ ගණයේ විවිධ සත්ත්ව වර්ග ආරක්ෂා කිරීම සඳහා වනෝද්‍යාන වශයෙන් හෙක්ටයාර් 190,000ක ඉඩම් ප‍්‍රමාණයක් වෙන් කිරීමට සිදු විය. එය කෘෂිකර්මය සඳහා වෙන් කළ ඉඩම් ප‍්‍රමාණය ද ඉක්මවා ගියේ ය. පහත සඳහන් වනෝද්‍යාන සංවර්ධනය කිරීම රජය මගින් ඇරඹිණ.
x සෝමාවතී වන සත්ත්ව රක්ෂිතය
x වස්ගමුව රක්ෂිත ප‍්‍රදේශය
x මාදුරුඔය වනෝද්‍යානය
ඊට අමතර ව ඉවුරු ආරක්ෂාව සඳහාත් වඳ වී ගෙන යන වන සතුන්ගේ පැවැත්ම සඳහාත් ගංඟා ඇළදොළ දෙපස 200ප ප‍්‍රමාණයේ කැලෑ වැවීම ද ඇරඹිණ. මේ වැඩපිළිවෙළ ජලාධාර ප‍්‍රදේශ ආරක්ෂිත වීමටත්, ජලාශයන්හි රොන්මඩ පිරී යාම වැළැක්වීමටත්, හදිසි ගංවතුර පාලනය වීමටත්, ගොවිතැනට පරිබාහිර ව රැුකීරක්ෂා මාර්ග ඇති වීමටත් සංචාරක ව්‍යාපාරයට රුකුලක් වීමටත් වෘක්ෂලතා ආදියෙහි සහ සත්ත්ව ජීවිතයෙහි විවිධත්වයක් ඇති වීමටත් හේතු විය.
මෙම වනෝද්‍යාන ඇති කිරීමේ වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කිරීමේ දී දුෂ්කරතා රාශියක් පැන නැඟිණි. වල් අලින් ගම් වැදීම නිසා සි¥ වූ ජීවිත හානි ඉන් භයානක ම සිදු වීම විය.
දඹාන අවට වන ප‍්‍රදේශයේ ශත වර්ෂාධික කාලයක් පටන් ජීවත් වූ වැදි ජනයා ඒ ප‍්‍රදේශයෙන් ඉවත් කිරීමට සිදු විය. ආදී වාසීන් ජනපදිකයින් වශයෙන් නැවත පදිංචි කිරීමෙන් සංවර්ධනය හා පරිසරය සුරැුකීමේ අවශ්‍යතාව අතර ගැටීම අවම කරන ලදී.
වනාන්තර හෙළිපෙහෙළි කිරීමෙන් ගැමි ජනතාවගේ බලශක්ති අවශ්‍යතා සැපයීමේ ගැටලූව ද පැන නැගුණි. ඒ නිසා නැවත වන වගාව ඇති කිරීමේ අවශ්‍යතාව ද පැන නැගුණි. ජලාධාර ප‍්‍රදේශයන් හි පස සංරක්ෂණය කිරීම සඳහා ජල මට්ටමින් ඉහළ කාලෑ බිම් තීරු වෙන් කරන ලදී. ජලාශයට ආසන්නයේ ම සංචාරක කර්මාන්ත හා හෝටල් තැනීම තහනම් කෙරිණ. ජලාශයට යට වන ඉඩම්වල ගස් මුල් පිටින් ම උදුරා ඉවත් කිරීමෙන් ජලාශවල මසුන් ඇති කිරීම හා ජල ක‍්‍රීඩා, බෝට්ටු පැදීම වැනි විනෝදාංශවලට ද අවස්ථා සලසා දී ඇත. ජලජ පැළෑටි බහුතර වශයෙන් වැඞීමෙන් ජලාශවල ක‍්‍රියාකාරිත්වයට බාධා පැමිණිය හැකි බැවින් ජලජ පැළෑටි ඉවත් කිරීමට වැඩපිළිවෙළක් මහවැලි අධිකාරිය මගින් ක‍්‍රියාත්මක කර ඇත. නව ජලාශවල මිරිදිය මසුන් ඇති කිරීමෙන් මැලේරියා මදුරුවන්ගේ බෝවීම වැළැක්විය හැකි බව ද තේරුම් ගත් බලධාරීන් මිරිදිය මසුන් ඇති කිරීම සඳහා ජනාවාසකරුවන් පොළඹවා ඇත. පාරිසරික මෙන් ම සංස්කෘතික උරුමයන් රැුක ගැනීම සඳහා ද වැඩ සැළසුම් ක‍්‍රියාත්මක වේ. පෞරාණික පුරාවස්තූන් ආරක්ෂා කිරීම සඳහා ඒවා උස් බිමෙහි තැන්පත් කෙරේ.
මහවැලි ජලයෙන් රැුකියා බිහි වේ
මහවැලි ජනාවාස ප‍්‍රදේශ ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය නංවාලන ප‍්‍රධාන මධ්‍යස්ථානයක් බවට පත් කිරීම මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ ප‍්‍රධානතම හා අවසාන අරමුණ ය. ඒ අනුව මහවැලි සංවර්ධන ප‍්‍රදේශවල වී ගොවිතැන ආශ‍්‍රයෙන් සෘජු ව හා වක‍්‍ර ව රැුකියා උත්පාදනය විය.
වාණිජමය වගා නංවාලීම සඳහා දැරූ ප‍්‍රයත්්නයේ දී අපනයන ගම්මාන ඇති විය. අපනයන ගම්මානවල මිරිස් නිෂ්පාදනය විශේෂ විය. අපනයනය සඳහා විවිධ එළවළු වර්ග ද වගා කෙරිණ. ඒ සඳහා අපනයන ගම්මානයක් කන්දලමේ ඇති විය. විශේෂ ව්‍යාපාර කිහිපයක් ද මහවැලි ප‍්‍රදේශ ආශ‍්‍රිත ව ඇරඹිණි. බොල්නෑව – වඩු කම්හල, කලංකුට්ටිය – කොහු නිෂ්පාදනය සහ මැටි බඳුන් නිෂ්පාදනය, හැලඹෑව – අත්යන්ත‍්‍ර පේෂකර්ම අත් පසුම්බි සහ අත්කම් භාණ්ඩ නිෂ්පාදන මධ්‍යස්ථාන ඒවා අතර විය. ඒවා මගින් ද රැුකියා දහස් ගණනක් උත්පාදනය විය. විශාල ජලාශවල මහවැලි ජනාවාසයේ තරුණයෝ මිරිදිය මත්ස්‍ය කර්මාන්තයට යොමු වූහ. එමෙන් ම විසිතුරු මසුන් ඇති කිරීමේ ව්‍යාපාරය ද ජනාවාස ආශ‍්‍රිත ව ගොඩ නැගිණි. සියලූ ම මත්ස්‍ය කර්මාන්තයේ යෙදෙන මහවැලි ප‍්‍රදේශවල පශූ සම්පත් හා කිරි පට්ටි පාලනය ආශ‍්‍රිත ව වැඩසටහන් ක‍්‍රියාත්මක වේ. මහවැලි ප‍්‍රදේශවල පිහිටුවා ඇති වෙළඳ මධ්‍යස්ථානවල අත්යන්ත‍්‍ර, රෙදිපිළි, ඇඳුම්, අත්කම් භාණ්ඩ, මී පැණි හා අනෙකුත් කෘෂි නිෂ්පාදන අලෙවි කෙරේ.
ජනාවාසකරුවන්ගේ දෙ වැනි පරම්පරාවේ රැුකියා අවස්ථා සම්පාදනය සඳහා ද සැලසුම් කර ඇත. කම්කරු දෙපාර්තමේන්තුවේ වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ ආධාර ඇති ව වඩු වැඩ, පෙදරේරු වැඩ හා මැහුම් ගෙතුම් පිළිබඳ පුහුණු වැඩසටහන් ක‍්‍රියාත්මක වේ. උක්වලින් හකුරු නිෂ්පාදනය කිරීමට අමතරව විනාකිරි නිෂ්පාදනය ද මහවැලි ජනාවාසවල දක්නට ලැබේ. 2000 වසර වන විට කෘෂිකර්ම ක්ෂේත‍්‍රයේ රැුකියා 192,400 ක් ද කෘෂි අංශයෙන් බැහැර ව රැුකියා 64,100ක් ද උත්පාදනය කිරීමට මහවැලි සංවර්ධන වැඩසටහන සමත් විය.
නිගමන හා යෝජනා
විශාල විදේශ විනිමයක් කැප කළ මෙම යෝජනා ක‍්‍රමය තුළින් උපරිම ඵල නෙළා ගැනීම සඳහා සකස් කර ඇති සැලසුම් කාර්යක්ෂම ව ක‍්‍රියාත්මක කළ යුතු ව ඇත.
අවුරුදු 6ක් වැනි කෙටි කාලයකින් ඉදිකිරීම් කටයුතු අවසාන කළ හැකි වූවාක් මෙන් ම එහි අරමුණු ඉතා ඉහළ මට්ටමකින් ඉටු කර ගැනීමටත් උත්සහ දැරිය යුතු ය.
නිසි කලට මහවැලි ජලය ගොවීන්ට සපයා ඔවුන්ට සහනාධාර ලබා දී දිරිමත් කිරීම අත්‍යවශ්‍ය වේ.
බිම් ඒකකයකින් ලබා ගත හැකි වී අස්වැන්න වැඩි කිරීමට දියුණු ක‍්‍රම ශිල්ප සඳහා ගොවීන් පෙලඹවිය යුතු ය.
අතිරේක බෝග වගාව දිරිමත් කිරීමට අවශ්‍ය පියවර ගැනීම
සත්ත්ව පාලනය සඳහා ඉතා හොඳ පාරිසරික ලක්ෂණ ඇති වියළි කලාපයේ බිම්වලින් උපරිම ප‍්‍රයෝජන ලබා ගැනීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් විය යුතු යි. අපේක්ෂිත විදුලිබල ධාරිතාව නිපදවීමට හැකියාව ලැබී නැති නිසා ජලාශ ආශ‍්‍රිත ප‍්‍රදේශවල පරිසර දුෂණය අවම කර ජලාශවල ජල ධාරිතාව උපරිම මට්ටමේ තබා ගත් හොත් ජල විදුලිබල නිෂ්පාදනය ඒකාකාරී ව පවත්වා ගෙන යාමට හැකි වේ.
මහවැලි ජනාවාසවලට අවශ්‍ය යටිතල පහසුකම්, නඩත්තු කටයුතු ඉදිරියටත් නිසියාකාර ව පවත්වා ගෙන යා යුතු ය. වියළි කලාපයේ ජනපදිකයින්ට වල් අලින්ගෙන් සිදු වන ජීවිත හා දේපළ හානි වැළැක්වීමට පියවර ගත යුතු ය.
වැඩිවන ජනගහනය අනුව රැුකියා උත්පාදනය කිරීම සඳහා කෘෂිකර්ම, කර්මාන්ත හා සේවා කර්මාන්ත වඩ වඩාත් දියුණු කිරීම වැදගත් වේ.
ආර්ථික, සමාජීය හා සංස්කෘතික සංවර්ධනයට දායක වෙමින් පාරිසරික උරුමයන් රැුක ගැනීමට ප‍්‍රයත්න දැරූ මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය ජාතික සම්පතකි.
විද්වතුන්ගේ අදහස්
මෙම ව්‍යාපෘතිය ගැන අපේ අදහස්
උසස් පෙළ සිසුන් විසින් ක‍්‍රියාත්මක කළ යුතු කේවල ව්‍යාපෘතිය යටතේ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ කලා අංශයේ කේ. ඞී. හංසනී මදුෂානි ශිෂ්‍යාව විසින් එළි දක්වන ලද ”මහවැලියේ ප‍්‍රගතිය” නම් වූ පර්යේෂණ වාර්තාව පැසසුමට ලක් කළ යුත්තකි.
මීට දශක දෙකකට පෙර ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක වූ විශාලතම ව්‍යාපෘතිය ලෙසත්, රටේ සංවර්ධනය සීඝ‍්‍ර ලෙස නංවාලීම සඳහා බෙහෙවින් බලපෑ වැඩසටහනක් ලෙසත් නම් කළ හැකි ”කඩිනම් මහවැලි යෝජනා ක‍්‍රමය” ට අදාළ අපේක්ෂිත අරමුණු ඉටු වූයේ ද යන්න සොයා බැලීම අධ්‍යයනයේ මූලික පරමාර්ථ වේ. ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක කිරීම මගින් බලාපොරොත්තු වනුයේ, කාලීන ගැටලූවකට විසඳුම් සොයා ගැනීම වේ. ඒ අනුව මෙම අධ්‍යයනය තුළින් මතු කිරීමට උත්සහ කර ඇත්තේ සත්‍ය වශයෙන් ම මහවැලි යෝජනා ක‍්‍රමයේ අපේක්ෂිත ඉලක්ක, අරමුණු, පරමාර්ථ කෙතරම් දුරට ඉටු වූයේ ද? යන්න සොයා බැලීම යි. මෙම ව්‍යාපෘතිය පැහැදිලි ලෙස ගැටලූවකට විසඳුම් සෙවීමක් නොවූව ද කාලීන අවශ්‍යතාවක් ඉටු කර ගැනීම සඳහා කරන ලද සංසන්දනාත්මක අධ්‍යයනයක් :ජදපච්ර්එසඩැ ිඑමාහ* ලෙස හැඳින්විය හැකි ය. උදාහරණ ලෙස මහවැලි යෝජනා ක‍්‍රමය තුළින් ජාතික ජල විදුලි පද්ධතියට එක් කිරීමට අපේක්ෂා කළ විදුලි ධාරිතාව, සංවර්ධනය කිරීමට ඉලක්ක කළ මුළු ඉඩම් හෙක්ටයාර් ගණන, නැංවීමට අපේක්ෂා කළ ස්වයං රැුකියා, රජයේ අනෙකුත් රැුකියා, ධීවර කර්මාන්තය, කිරි නිෂ්පාදනය, ආහාර බෝග නිෂ්පාදනය හා ජනාවාස ඉදි කිරීම ආදිය දැක්විය හැකි ය.
මෙම පර්යේෂණයේ ක‍්‍රමවේදය ලෙස යොදා ගෙන ඇත්තේ ව්‍යාපෘතියට අදාළ, ලිපි ලේඛන, සංඛ්‍යා දත්ත හා සඟරා ආදිය විමර්ශනය කිරීමත්, ව්‍යාපෘතියට අදාළ රාජ්‍ය ආයතනවල නිලධාරීන් හා මහවැලි ජනපදිකයින් සම`ග සම්මුඛ සාකච්ඡුා පවත්වා තොරතුරු ලබා ගැනීමත් ය. පැහැදිලි ව ම මෙවැනි පර්යේෂණයකට උචිත ක‍්‍රමවේදය, පර්යේෂක විසින් තෝරා ගෙන තිබීම ද වැදගත් කරුණක් ලෙස දැක්විය හැකි ය.
සැලසුම් කිරීමේ දී නියමිත කාලරාමුවකට අනුව ව්‍යාපෘතිය නිම කිරීමට සැලසුම් කර තිබිණි. ඒ අනුව විවිධ පියවරවලට අදාළ, අත්‍යවශ්‍ය අංග ද (තොරතුරු රැුස් කිරීම, විශ්ලේෂණය කිරීම, නිගමන හා යෝජනාවලට එළඹීම වැනි* මෙම පර්යේෂණ වාර්තාව තුළ අඩංගු වී තිබුණු බව මෙහි ලා සඳහන් කිරීම අවශ්‍යය ය.
සම්පත් තෝරා ගැනීමේ දී භෞතික සම්පත් හා මානව සම්පත් ලෙස වර්ග කර ඇති පරිශීලනය කළ ලිපි ලේඛන, තොරතුරු පත‍්‍රිකා, සංඛ්‍යා දත්ත, සංයුක්ත තැටි, ඡුායාරූප හා පර්යන්ත යන්ත‍්‍ර භෞතික සම්පත් ලෙස දැක්විය හැකි ය. තව ද තොරතුරු ලබා ගත් ආයතන ලෙස කෘෂිකර්ම, පශු සම්පත් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශය, මහවැලි අධිකාරිය, ලංකා විදුලිබල මණ්ඩලය, ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යාංශය හා මහවැලි සංස්කෘතික පදනම හා මහවැලි කේන්ද්‍රය නම් කළ හැකි ය.
මානව සම්පත් ලෙස පාසල් ගුරුවරුන්, දෙමව්පියන්, මහවැලි යෝජනා ක‍්‍රමයට අදාළ ඉහත දක්වා ඇති රාජ්‍ය ආයතනවලින් තෝරා ගත් නිලධාරීන් හා රුවන්පුර ජනපදිකයින් ද දැක්විය හැකි ය. එහෙත් මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමේ දී පර්යේෂකට පැන නැගුණු බාධක හා ගැටලූ පිළිබඳ සඳහන් නො කිරීම අඩුපාඩුවක් ලෙස දැක්විය යුතු ය.
තොරතුරු රැුස් කිරීමේ දී විවිධ මූලාශ‍්‍ර හා සඟරා පොත්පත් රාශියක් අධ්‍යයනය කර ඇති බැව් පැහැදිලි ව පෙනේ. ඒ මගින් ලබා ගත් තොරතුරු ක‍්‍රමවත් ලෙසත්, පැහැදිලි ලෙසත්, පහසුයෙන් අධ්‍යයනය කළ හැකි වන පරිදිත් වගුගත කිරීමෙන් හා ප‍්‍රස්තාර අනුසාරයෙන් ඉදිරිපත් කිරීම ද කැපී පෙනෙන ලක්ෂණයක් ලෙස සඳහන් කළ හැකි ය. තව ද තොරතුරු ඉදිරිපත් කිරීමේ දී ඒවා තහවුරු කිරීමට හැකි සෑම අවස්ථාවක දී ම රූපයක් හෝ චිත‍්‍රයක් ඇතුළත් කිරීම ද තුළින් තොරතුරු ඉදිරිපත් කිරීමේ ශිල්පීය ක‍්‍රම යොදා ගෙන ඇත.
කඩිනම් මහවැලි යෝජනා ක‍්‍රමයට අයත් කොත්මලේ, වික්ටෝරියා, රන්දෙනිගල, රන්ටැඹේ, මාදුරුඔය වැනි ජලාශ ද ඒවාට අදාළ ජල විදුලි බලාගාර සහ ඒවායින් ජනනය වන විදුලිබල ධාරිතාවන් ද සංසන්දනාත්මක ව (අපේක්ෂිත හා සත්‍ය ලෙස ජනනය වන ප‍්‍රමාණ* ඉදිරිපත් කර ඇත.
කෘෂිකාර්මික සංවර්ධනය යටතේ 1984 වර්ෂයේ සිට 2003 වර්ෂය තෙක් වී වගා කළ මුළු බිම් ප‍්‍රමාණය (හෙක්ටයාර 141,344* යල හා මහ කන්නයන්ට ලබා ගත් අස්වැන්න ප‍්‍රමාණයත් (මෙට්ටි‍්‍රක් ටොන් 609,075* දක්වා ඇති අතර, අතිරේක බෝග (වියලි මිරිස්, කව්පි, ලොකු ළුෑණු, රතු ළුෑණු, රටකජු, කුරක්කන්, අර්තාපල්, මුං ඇට, ඊක්ජන ඨර්ප , සෝගම්, දුම්කොළ, උක්, පැපොල්, කෙසෙල් හා මෙලන්ද* වගා කර ඇති මුළු බිම් ප‍්‍රමාණය (හෙක්ටයාර් 25,470* හා මුළු නිෂ්පාදනය මෙට්ටි‍්‍රක් ටොන් 154, 801 ද පැහැදිලි ව දක්වා ඇත.
මීට අමතර වූ 1984 – 2003 කාලය තුළ නිෂ්පාදනය කරන ලද සත්ත්ව ආහාර, කිරි ආහාර ප‍්‍රමාණ සහ අදාළ ඉලක්ක වෙන වෙන ම දක්වා ඇත.
1986 සිට 2003 දක්වා ජාතික විදුලිබල පද්ධතියට අලූතින් එකතු වූ මහවැලි විදුලි බලාගාරවලින් වූ දායකත්වය 48% ක් දක්වා වැඞී වී ඇති බව අනාවරණය කර ඇත. තව ද මෙම වකවානුව තුළ ඇති කළ නිවාස අපේක්ෂිත ඉලක්කය සපුරා ඇති බැව් ද (98,610* වෙනත් පහසුකම් (වැසිකිළි, නළ ළිං, පාසල්, රෝහල්, සමූපකාර හා තැපැල්හල්* 65% කට වඩා ඉක්ම ගොස් ඇති බැව් ද අනාවරණය කර තිබිණි.
සංස්කෘතික කටයුතු සංවර්ධනය යටතේ අලූතින් ඉදි කරන ලද මහවැලි සෑය පිළිබඳ තොරතුරු මහවැලි සංස්කෘතික කේන්ද්‍රය හා ඒ හා සම්බන්ධ විවිධ ජාතික කලා පිළිබඳ විස්තර ද මහවැලි ක‍්‍රීඩාංගනය හා ජාතික කී‍්‍රිඩාවලට මහවැලි ප‍්‍රදේශවලින් වන දායකත්වය පිළිබඳ ව කරුණු රාශියක් ඉදිරිපත් කර තිබීම ද සුවිශේෂී කරුණකි.
මීට අමතර ව කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ 192,400 කට රැුකියා අවස්ථා සපයා ඇති අතරවෙනත් රැුකියා 64,100 ක් ද නිෂ්පාදනය කිරීමට හැකි වූ බැව් ද සඳහන් වේ. මෙම යෝජනා ක‍්‍රමය තුළ පරිසරයට වන හානිය අවම වන ආකාරයට කටයුතු කළ යුතු නිසා හෙක්ටයාර් 190,000 ක් වනෝද්‍යාන වශයෙන් වෙන් කිරීමට සිදු වූ බවත්, සත්ත්ව ගහනය ආරාක්ෂා කිරීමට කටයුතු යොදා ඇති ආකාරයත් විස්තර කර තිබේ.
ව්‍යාපෘති වාර්තාවක ඉතා වැදගත් අංගයක් ලෙස නිගමන හා යෝජනා සැලකිය යුතු වේ. මෙම ව්‍යාපෘති වාර්තාවේ දී නිගමන හා යෝජනා ඉදිරිපත් කර තිබුණ ද ඒවා පැහැදිලි ව දක්වා නැතිකම දුර්වලතාවක් ලෙස පෙන්නුම් කළ හැකි ය. බොහෝ විට වාර්තාමය ස්වරූපයෙන් නිගමන හා යෝජනා ඉදිරිපත් කර ඇත.
කෙසේ වුවත් පාසල් ශිෂ්‍යාවක් ලෙස පර්යේෂකවරිය තම කාර්යය ඉටු කර ගැනීමට ප‍්‍රබල උත්සහයක් ගෙන ඇත. තොරතුරු රැුස් කිරීම, ඉදිරිපත් කිරීම හා විශ්ලේෂණය කිරීම ද ප‍්‍රශස්ත අයුරින් සිදු කර ඇති අතර, පැහැදිලි නිගමන ඉදිරිපත් කිරීමටත්, ඒවා තම අරමුණු හා කොතරම් දුරට ගැළපේ ද යන්න තහවුරු කිරීමටත් වග බලා ගත යුතු බවටත් මෙහි ලා අවසාන වශයෙන් සඳහන් කළ හැකි ය.
ඞී. එම්. කීර්තිරත්න
ප‍්‍රධාන ව්‍යාපෘති නිලධාරී
ජාතික අධ්‍යාපන ආයතනය