Project 14

ව්‍යාපෘති අංක 14

මහනුවර නගර සීමාවේ උසස් බිම්වලට ජලය සැපයීමේ දුෂ්කරතා පිළිබඳ අධ්‍යයනයක්

එල්. ඒ. ආර්. තුෂාරි දමයන්ති, ඒ. කේ. ජී. ප්‍රියංගනී සමරසිංහ, ශශිකා ජයවික්‍රම, ඩබ්. ඩබ්. නදීෂා ශ්‍රීරම්‍යා, පී. නිලංකා සංජීවනී, එම්. ඒ. ආර්. සෞම්‍යා ගුණරත්න  මහ/මහමයා බාලිකා විදුහල, මහනුවර 2000

හැදීන්වීම

ව්‍යාපෘතියකට සුදුසු මාතෘකාවක් සොයමින් සිටිය දී අපට දැනගන්නට ලැබුණේ මහනුවර නගරයේ ජලය ඛෙදා හැරීම පිළිබඳ ගැටලූ පැන නැගී ඇති බව යි. මෙය සත්‍යයක් ද යන වග මුලින් ම සොයා බලන ලද්දේ අප දන්නා, මහනුවර නගරයේ පදිංචි සහෝදර සහෝදරියන්ගෙන් සහ වැඩිහිටි කීපදෙනෙකුගෙන් තොරතුරු විමසීමෙනි.

මෙසේ දුෂ්කරතා පැන නගිනුයේ ජනතාවගේ වරදින් ද? එසේත් නැති නම් භූමියේ වරදින් ද? ඒවාට යෙදිය හැකි පිළියම් කවරේ ද? යන කරුණු සොයා බැලීම අපගේ අරමුණ විය.

අභිමථාර්ථ

  1. මහනුවර නගරයේ උස්බිම් ප්‍රදේශ වෙන් කොට හඳුනා ගැනීම
  2. එම උස්බිම් ප්‍රදේශවලට ජලය සපයන ආකාරය පිළිබඳ තොරතුරු සොයා බැලීම
  3. එසේ ජලය සැපයීමේ දී පැන නගින දුෂ්කරතා මොනවා ද යන්න හඳුනා ගැනීම
  4. එම දුෂ්කරතා මග හරවා ගැනීම සඳහා දැනට යොදා ඇති පිළියම් සොයා බැලීම
  5. තවදුරටත් යෙදිය හැකි පිළියම් පිළිබඳ සාකච්ඡා කර යෝජනා කිරීම

ව්‍යාපෘතිය සිදු කළ ආකාරය

  1. මහනුවර මහ නගර සභාවට ගොස් ව්‍යාපෘතියට තෝරා ගත් උස් බිම් ප්‍රදේශවලට ජලය සැපයෙන ආකාරය, වේලාව ආදිය පිළිබඳ තොරතුරු ලබා ගැනීම
  2. එම උස්බිම් ප්‍රදේශවලට ජලය සැපයෙන ආකාරය පිළිබඳව එම ප්‍රදේශවාසීන්ගෙන් තොරතුරු සහ අදහස් ලබා ගැනීම
  3. එහි දී ලබා ගත් එම සියලූ තොරතුරු අනුව මේ පිළිබඳ ව පැන නැගී ඇති ගැටලූ හා යොදා ඇති පිළියම් මොනවා ද යන්න පිළිබඳ සොයා බැලීම.

නගර සභාවෙන් ලබා ගත් කරුණු

  1. ජලය ඛෙදා හැරීමට ප්‍රථම ප්‍රමාණවත් ව ජලය ගබඩා කළ යුතු යි. ඒ සඳහා ප්‍රධාන වශයෙන් දායක වනුයේ දුනුමඩලාව වැව යි. මෙහි දී ජනතාවට මාස නවයකට පමණ සෑහෙන ජල ප්‍රමාණයක් ගබඩා කර ගත හැකි වේ. ජලය මෙසේ ගබඩා කරනු ලබන්නේ ප්‍රධාන වශයෙන් වැසි කාල වල දී ය.
  2. වැසි කාල සීමාව තුළ දී හෝ වෙනත් අයුරකින් හෝ ලබා ගන්නා ජලය ජනතාවට ඛෙදා හැරීමට ප්‍රථම ඒවා පිරිසිදු කළ යුතු යි. මේ සඳහා ප්‍රධානතම වශයෙන් දායක වන්නේ ගැටඹේ ජල පවිත්‍රාගාරය යි.
  3. මිනිස් ඉල්ලූමට සරිලන ජල සැපයුමක් තවමත් නොමැත. මිනිසුන් දාහකට ජල ඉල්ලූම 4000ප3 වුවත්, තවමත් එය අවශ්‍ය ප්‍රමාණයට සැපයීමට හැකියාවක් ලැබී නොමැත. උස්බිම්වලට ජලය සැපයීමේ දී පැන නගින ප්‍රධානතම ගැටලූව ජල තෙරපුම මදිවීම ය.

 

ජල තෙරපුමට බලපාන සාධක

  1. මට්ටම් උස (මුහුදු මට්ටමේ සිට උස)
  2. වායු ගෝලීය පීඩනය
  3. ජල ගැලීම නිසා ඇති වන චාලක ශක්තිය
  4. නළවල විශ්කම්භය හා දිග

කුඩා පීඩන අන්තරයක් යටතේ සිදු වන අඩු ප්‍රවේග සහිත ප්‍රවාහ අනාකූල ප්‍රවාහ ලෙස ද නළයේ සෑම ලක්ෂ්‍යයක දී ම ජලය තුළ ප්‍රවේගය කාලය සම`ග වෙනස් නො වේ නම් එය අනවරථ ප්‍රවාහයක් ලෙස ද හඳුන්වයි. උස් බිම්වලට ජලය සැපයීම අනවරථ, අනාකූල ප්‍රවාහ භාවිතයෙන් නිසා, බ(ර්)නුලී ප්‍රමේයය භාවිතයෙන්,

මුහුදු මට්ටමේ සිට ජලය ඛෙදා හරින ස්ථානයට උස ය1

මුහුදු මට්ටමේ සිට උස්බිම්වලට උස ය2

ජලය ඛෙදා හැරීමේ ආරම්භක ප්‍රවේගය ඩ1

උස් ස්ථානයේ දී ජලයේ ප්‍රවේගය ඩ2

ජලයේ ඝනත්වය ච

ගුරුත්වජ ත්වරණය ට

ජලය ඛෙදා හරින ස්ථානයේ දී පීඩනය ච1

 

ඇමුණුම

මහනුවර නගරයේ ජල පරිභෝජනය පිළිබඳ ප්‍රශ්නාවලිය

  1. පදිංචි ස්ථානය
  2. භූමියේ පිහිටිම
  3. ජලය ලැඛෙන්නේ කුමන මාර්ගයකින් ද?

ළිං

නළ ජලය

වෙනත්

  1. නළ ජලය නම් සැපයෙන ආයතන
  2. ඔබට ජලය මුළු දවස පුරා ම අඛණ්ඩ ව ලැඛෙන්නේ ද?
  3. නැත්නම්, දිනකට පැය කීපයක් ජලය ලැඛෙන්නේ ද?
  4. නිසි පීඩනයකින් යුතු ව පිරිසිදු ජලය ලැඛෙන්නේ ද?
  5. නිවසේ සාමාජිකයින් ගණන
  6. ජලය නිසි පරිදි නො ලැඛෙන්නේ නම්, ඒ පිළිබඳ ඔබේ අදහස් හා යෝජනා මොනවා ද?

නිගමනය

මහනුවර නගරයේ

  1. ගල්කන්ද වත්ත
  2. වට්ටාරන්තැන්න
  3. බහිරවකන්ද
  4. උඩවත්ත කැළය

වැනි උස්බිම් ප්‍රදේශවල ජලය සැපයීම දුෂ්කර  කාර්යයකි. එයට හේතුව නම් බිම් ප්‍රමාණය සාපේක්ෂ වශයෙන් උස් වීම යි. මෙයට වරදකරුවන් ජනතාව ද? නැත. නො එසේ නම් ජල සැපයුම් මධ්‍යස්ථානය ද? නැත. මෙයට වරදකරු ස්වභාව ධර්මයා ම වේ. එසේ නම් කළ යුත්තේ ස්වභාව ධර්මයාට ද~ුවම් දීම නො ව ස්වභාව ධර්මයා ජය ගැනීම ය. එසේ නම්,

  1. ජල තෙරපුම වැඩි කිරීම සඳහා නළ මාර්ග සෑදීම
  2. එම නළවල ජලය ඛෙදී යාම අඩු කිරීම
  3. ජල නිෂ්පාදනය වැඩි කිරීම
  4. ඉල්ලූමට සරිලන සැපයුමක් ඇති කිරීම
  5. ජල ගබඩාව විශාල කිරීම
  6. නළ පද්ධතිය අලූත් වැඩියා කිරීම හා දියුණු කිරීම
  7. තාක්ෂණික ඥානය යෙදවීම යන පිළියම් යෙදිය යුතු ය.

ස්තූතිය

මෙම ව්‍යාපෘතිය සිදු කර ගෙන යාම සඳහා අපට නොවක් තොරතුරු සහ නොමසුරු සහයෝගය ලබා දුන් ජල කළමනාකාර ඉංජිනේරු අබේකෝන් මහතාට සම්බන්ධීකරණයෙන් සහයෝගය දුන් ජී. ජයවික්‍රම මහතාට

 

 

විද්වතුන්ගේ ඇසින්

මෙම ව්‍යාපෘතිය ගැන අපේ අදහස්

යමක් අධ්‍යයනය කිරීම, නිර්මාණයක් කිරීම, ගැටලූවක් විසඳීම හෝ ආර්ථීක ව ඵලදායී කාර්යයක නිරත වීම වශයෙන් විවිධ වූ ක්ෂේත්‍ර ඔස්සේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු ලැබේ. මෙහි දී ශිෂ්‍යාවන් කණ්ඩාම තෝරා ගෙන ඇත්තේ ගැටලූ විසඳීමේ වර්ගයේ ව්‍යාපෘතියකි. ශිෂ්‍යාවන් කණ්ඩායම පොදු ගැටලූවක් විසඳීම සඳහා එකමුතු ව දායක වී ඇත. තනි තීරණ ගැනීම වෙනුවට සමුහයක් වශයෙන් එක් වී පුළුල් ව සොයා බලා පොදු නිගමනවලට එළඹ ඇත. මේ තුළින් ශිෂ්‍යාවන් කණ්ඩායම ආවේණික ක්ෂේත්‍රයේ නිපුණතා රාශියක් අත්පත් කර ගත් බව නිසැක ය.

මෙම ව්‍යාපෘතියේ දී දත්ත රැස් කිරීමට ප්‍රධාන තැනක් දී ඇතත්, දත්ත විශ්ලේෂණය කිරීමක් කර නැත. එමෙන් ම ව්‍යාපෘතියේ අරමුණු සහ අභිමතාර්ථ සඳහන් කිරීමේ දී යෝජනා ඉදිරිපත් කරන බව සඳහන් කරතත්, වාර්තාව අවසානයේ යෝජනා කිසිවක් ඉදිරිපත් කර නැත.

දත්ත රැස් කිරීමේ දී උස්බිම් ප්‍රදේශ 5න් උඩවත්ත කැලේ සහ බහිරව කන්ද පමණක් තෝරා ගෙන ඇත. ඒ සඳහා හේතු ඉදිරිපත් කර, එම ප්‍රදේශ දෙකින් සමාන නියෝජනයක් ලැඛෙන ලෙසට ප්‍රදේශවාසීන්ගේ නියැදියක් තෝරා ගත යුතු ව තිබුණි. එහෙත් මෙහි දී ප්‍රදේශවාසීන්ගේ නියැදියේ නිශ්චිත සංඛ්‍යාවක් දක්වා නැත.

තව ද නගරයේ ජල පරිභෝගික ජනතාවට ලබා දුන් ප්‍රශ්නාවලියක් සහ ප්‍රදේශවාසීන්ට ලබා දුන් ප්‍රශ්නාවලියක් යනුවෙන් ප්‍රශ්නාවලි දෙකක් ගැන සඳහන් වේ. මෙය පොදු ප්‍රශ්නාවලියක් වූවා නම් වඩාත් උචිත ය.

අවසානයේ දී ලබා දී ඇති නිගමන 7ට එළඹෙන ආකාරය පැහැදිලි නැත. ප්‍රශ්නාවලි මගින් ලබා ගත් දත්ත විශ්ලේෂණය මගින් ලැඛෙන නිගමන, මෙහි පැහැදිලි කර ඇති සමීකරණය උපයෝගී කර ගනිමින් තහවුරු කළේ නම් වඩාත් විශ්වසනීයත්වයක් ගොඩ නැගෙන බව කිව යුතු ය.

මේ ආකාරයේ ව්‍යාපෘතියක් මගින් තමා ජීවත් වන පරිසරය, එහි ස්වභාවික සම්පත් හා ජනතාව පිළිබඳ ව නිවැරදි අවබෝධයක් ලැබේ. එය ශිෂ්‍යාවන්ගේ ඉදිරි සමාජීය ජීවිතයට ඉමහත් පිටිවහලක් වන බව කිව යුතු ය. ඒ අනුව දැනුම පමණක් ලබා දෙන ව්‍යාපෘතිවලට වඩා මෙවැනි ව්‍යාපෘතිවල නියැලීම ඉතා වැදගත් ය. විශේෂයෙන් ම ජලය පිළිබඳ ව මුළු ලොව ම සැලකිලිමත් වන අද වැනි සමයක මෙවන් ව්‍යාපෘතියක නියැලෙන්නට සිතීම පිළිබඳ ව එම ශිෂ්‍යාවන්ට තුති කළ යුතු ය.

එන්. ඒ. ගුණවර්ධන

ව්‍යාපෘති නිලධාරී කෘෂිකර්ම අංශය

තාක්ෂණ අධ්‍යාපන දෙපාර්තමේන්තුව

ජාතික අධ්‍යාපන ආයතනය