Project 13

උපකාරක පංති පිළිබඳ අධ්‍යයනයක්

අමාලි ඉඳුනිල් රූපසිංහ, හේමමාලි බාලිකා විද්‍යාලය, මහනුවර

හැදින්වීම

උපකාරක පංති පිළිබඳ ව පාසල් සිසුන් දක්වන අදහස් විමර්ශනය කොට වර්තමාන සමාජයට උපකාරක පංති අවශ්‍ය වේ ද, නැද්ද යන්න පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම කාලීන අවශ්‍යතාවක් වී ඇත.

අරමුණ

අධ්‍යාපන ක්ෂේත්‍රයට උපකාරක පංති මගින් සිදු වන හිතකර හා අහිතකර බලපෑම් පිළිබඳ මුළු මහත් සමාජයට ම අවබෝධයක් ලබා දීම.

ක්‍රියාත්මක කරන ආකාරය

විදුහල්පතිනිය හා ව්‍යාපෘති කමිටුව රැස්වී ව්‍යාපෘති යෝජනාව පිළිබඳ සාකච්ඡා කළෙමි. විදුහල්පතිනියගේ අවසරය හා ව්‍යාපෘති කමිටුවේ අවසරය ඇති ව තෝරා ගත් මාතෘකාව යටතේ පාසල් සිසුන් සම`ග සුහද ව සාකච්ඡා කොට තොරතුරු ලබාගෙන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇත. මෙසේ උපකාරක පංති පිළිබඳ තොරතුරු සොයා ගැනීම සඳහා සාකච්ඡා කිරීම, ලැයිස්තු ගත කිරීම, වාර්තා කිරීම හා යෝජනා කිරීම, දැනුවත් කිරීම, ප්‍රශ්න කිරීම, නිරීක්ෂණය යන ක්‍රමවේද භාවිත කළෙමි. එම ලබා ගත් තොරතුරු හා දත්ත, විශ්ලේෂණය කොට, නිගමනවලට එළඹ අනතුරු ව යෝජනා ඉදිරිපත් කොට, සාරංශය ලියා ව්‍යාපෘතියක් ලෙස අවසන් කරන ලදී.

අධ්‍යාපනය යනු කුමක් ද?

,අධ්‍යාපනය යනු, හිස් කලක් පිරවීම වැනි ක්‍රියාවක්  නො වේ. එය පහනක් දල්වන්නාක් බඳු ක්‍රියාවකි,

දැනුම මගින් යම් අධ්‍යාපයක් ලබා ගැනීමට නම් එය ක්‍රියාකාරී ව ම ලබා ගත යුතුය දැනුම ඥානය බවට පෙරළා ගත හැකි වන්නේ එවිට ය. පොත් පත් මගින් ලබා ගන්නා දැනුම අප අත්දැකීම් බවට පෙරළා ගත යුතු ය. අධ්‍යාපනය යන්න විග්‍රහ කිරීමේ දී ප්‍රධාන ස්ථානයක තිබිය යුතු වන්නේ ද මිනිසා සිය සම්පුර්ණ ජීවිත කාලය තුළ දී ලබන මෙම අත්දැකීම් සමූහය යි. පාසල වර්තමාන සමාජයේ අධ්‍යාපනය ලබා දීම සඳහා හැඩගැසී ඇති විවිධ සංවිධානවලින් එකක් පමණි.

 

ලංකාවේ උපකාරක පන්ති විශාල වශයෙන් වර්ධනය වුයේ 70 දශකයේත්, 80 දශකයේත් ය. නමුත් 1947 දී නිදහස් අධ්‍යාපනය ආරම්භ කිරීමත්, 1950 ගණන්වල සිට ස්වභාෂා අධ්‍යාපනය ආරම්භ කිරීමත් ඇතුළු වෙනත් අධ්‍යාපනික වෙනස්කම් ඇතිවීමත් සම`ග ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේම ග්‍රාමීය ළමුන් වැඩි වශයෙන් අධ්‍යාපනය සඳහා නැඹුරු වන්නට විය. මුල් අවධියේ දී අධ්‍යාපනයේ සැපයුමට සාපේක්ෂ ව එයට ඉල්ලූමක් නො තිබුණි. එම නිසා ඉතා අඩු ලකුණු මට්ටමකින් සිසුන්ට විශ්ව විද්‍යාලවලට ඇතුළු වීමට ඉඩ පහසුකම් තිබුණි.

ස්වභාෂා අධ්‍යාපනය ආරම්භ වූ මුල් අවධියේ දී ප්‍රශ්න පත්‍ර ඉතාමත් ම සරල විය. ක්‍රමානුකූල ව විශ්ව විද්‍යාලයට ඇතුළු වීම සඳහා වූ තරගය වැඩී වීමත් සමග සෑම විෂය ක්ෂේත්‍රයක ම ප්‍රශ්න පත්‍රවල ගැඹුර වැඩි විය. උසස් පෙළ විෂය නිර්දේශය අවුරුදු දෙක දී නිම කිරීමට බැරි තරම් විශාල වශයෙන් පුළුල් වී ඇත.

පුද්ගලික උපකාරක පන්ති ක්‍රමයක් බිහිවීමට මූලික හේතුව ,පවතින විභාග රටාවට අනුකූල වන ආකාරයේ පරිපුර්ණ අධ්‍යාපනයක් පාසල තුළින් ලබා දීමට නොහැකි වීම ය., උපකාරක පන්තිවලින් රජයේ පාසලින් කළ නොහැකි බොහෝ දේ කෙරෙනු ඇත. රජයේ පාසලේ උගන්වන ගුරුවරයාගෙන් ඉගෙන ගන්නා සිසුන් සියලූ දෙනාම අසමත් වුවත් ඔහුගේ රුකියාව සුරක්ෂිත ය. එහෙත් පුද්ගලික ටියුෂන් පන්ති ගුරුවරයා උගන්වා එක අවුරුද්දක් ශිෂ්‍යයකු අසමත් වූවහොත් එය බරපතල ලෙස ප්‍රචාරය වේ.  ඊළග අවුරුදු හෝ 3 ගත වන විට දී උපකාරක පන්ති ක්‍රමයේ ඇති පූර්ණ තරඟකාරී වෙළඳපොළ මගින් ඔහු ව එම වෘත්තියෙන් ඉවත් කරනු ලැබේ. එම වෘත්තියේ රැදී සිටීම සඳහා අවශ්‍යයෙන්ම හොඳ ප්‍රතිඵල පෙන්වන අධ්‍යාපනයක් ලබා දීමට පුද්ගලික උපකාරක පන්ති ගුරුවරයාට සිදු වේ.

පවත්වන විභාගයේ දී උසස් සාමාර්ථ්‍යයක් ලබා ගත හැකි වන ආකාරයට තමන්ගේ පාසලේ නිසි ලෙස විෂය නිර්දේශය ඉගැන්වෙන්නේ නම් සිසුන් ඒ බව තේරුම් ගත් විටක දී ඔවුන් උපකාරක පන්ති කරා ගෙන්වා ගැනීම අපහසු වේ. ජාතික අධ්‍යාපනය වශයෙන් ද පවතින සම්පත් ඛෙදී යන්නේ බරපතළ විෂමතාවක් සහිත වය. අධ්‍යාපනයේ ඇති වන වර්ධනයත් සම`ග එහි ගුණාත්මක වර්ධනයක් සිදු නො වීමේ දී ඇති වන අසමතුලිතතාව තුළ විශාල අධ්‍යාපන අර්බුදයක් පවතී. උපකාරක පන්ති ක්‍රමය එම අර්බුදයේ එක් අතුරු ඵලයකි. මෙම අර්බුදයට නිසි විසදුම් නොයොදා එහි අතුරු ඵලය වූ උපකාරක පන්ති ක්‍රමය නැති කිරීම අපහසු වේ. පවතින උපකාරක පන්ති ක්‍රමය විවේචනය කරන අය තමන්ගේ දරුවා තර`ග විභාග මට්ටමට පැමිණෙන විට දී තමන් විසින් ගනු ලබන ක්‍රියා මාර්ගයට පටහැනි ක්‍රියාමාර්ගයක් රටේ අනෙක් මිනිසුන් විසින් වර්තමානයේ දී ගෙන ඇත්දැයි බැලිය යුතුය. උපකාරක පන්ති වලින් ප්‍රයෝජනයක් තිබේ ද නැද්ද යන්න පිළිබඳ විධිමත් විමසීමක් කරන්නේ නම් එම විමසීම කළ යුත්තේ එම උපකාරක පන්ති අධ්‍යාපනය ලබන ශිෂ්‍යයින් සම්බන්ධ කර ගැනීමෙනි.

 

70 දශකයේ දුර්වල හා පසුගාමී සිසුන් හොරෙන් හොරෙන් අමතර උපකාරක පන්තිවලට යාමෙන් ඇරඹුණු ටියුෂන් අධ්‍යාපනය පසුව 80 දශකයේ කාටත් නැතුවම බැරි දෙයක් බවට පත් විය. දැන් එය මෝස්තරයකි. සමහර විට සමාජයේ අවශ්‍යතාවකි. කවුරුත් යන නිසා යනවා වැනි කරුණු මෙහි ලා කියැවේ. ටියුෂන් ක්‍රමයට ප්‍රධානම අත්වැල වනුයේ අධ්‍යාපනයේ පවතින දැඩි තරගකාරී බවයි. එය පහත සඳහන් ලෙස ලැයිස්තු ගත කරමින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ව්‍යූහය විග්‍රහ කර බලමු.

  1. දොස්තර ද? කොන්දොස්තර ද? යනුවෙන් තේරීම් කර සමාජ සචලතාව :ීදජස්ක පදඉසකසඑහ- ඇති කරවන අ.පො.ස.උසස් පෙළ විභාගයේ පවතින දැඩි තරගය.
  2. එක් ලකුණක් අඩු වුව හොත් දොස්තර සිහිනය දත් දොස්තර වේ. තව ලකුණක් අඩු වුව හොත් බලූ දොස්තර වේ. අවශ්‍ය තරමට ලකුණු නොතිබුණහොත් කොන්දොස්තර වීමට ද නොහැකි වනු ඇත. මේ ලකුණු පොරය පාසල් පොරයකට හා අමතර පංති පොරයකට පෙරළී ඇත. අවුරුදු 2 ක් ලබාපු දැනුම පැය 3කින් ලියන විභාග ක්‍රමය හා එක ලකුණක පොරය නිසා සිසුන් නිතැතින් ම සමත් කරවන්න සමාජයේ විවිධ කොටස් ඉදිරිපත් වෙලා ගෙවල්වල මුලදී, පසුව ගැරේජ් තුළ, ඊට පසුව පන්සල්, පොඩි ශාලා ආදිය තුළ ඇරඹි ටියුෂන් දැන් දැවැන්ත ආයතන බවට පත්වී ඇත. සිසුන් සමත් කරවන්න දේශපාලනයේ මනාප පොරය වගේ එක එක ආයතන ප්‍රසිද්ධ වෙන්න දරන වෑයම සදාචාර නීතිය ඉක්මවන බව පෙනේ.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා සකස් කරන විට ටියුෂන් ප්‍රශ්නය පිළිබඳ ව සාකච්ඡා කළ බව නව අධ්‍යාපන කොමිෂන් සභා වාර්තාවලින් පෙනේ. නව උසස් පෙළ ප්‍රතිසංස්කරණ තුළින් පහත සඳහන් පරිදි එම තත්ත්වය සාක්්ච්ඡා කළ හැකි ය.

  1. උසස් පෙළ විෂයයන් තුනකට සීමා කිරීම තුළින් සිසුන් කෙරෙහි පටවා තිබූ දැඩි තරගය ලිහිල් කිරීම.
  2. බොහෝ විෂයයන්වල විෂය නිර්දේශය වෙනස් කිරීම
  3. එම විෂය නිර්දේශ තුළට ප්‍රායෝගික කි්‍රයාකාරකම්/ ව්‍යාපෘති ඇතුළත් කිරීම :ඡර්ජඑසජ්ක චරදවැජඑි-
  4. ප්‍රායෝගික පරීක්ෂණ සඳහා ලකුණු දීමේ ක්‍රමය
  5. පාසැල් පාදක/තක්සේරුව/ඇගයීමේ ක්‍රමය හඳුන්වා දීම
  6. සියලූ න්‍යායික, ප්‍රායෝගික ඇගයීම්වල ලකුණු සාමාන්‍යය සහ සහභාගී වීමේ 80% මත උසස් පෙළ විභාගයට ලිවීමට හෝ නොලිවීමට අවස්ථාව ලබා දීම.

සත්‍ය වශයෙන්ම සමහර සිසුන්ට මෙන් ම දෙමාපියන්ට ද පාසල් ගුරුවරයාට වඩා ටියුෂන් ගුරුවරයා හොඳයි. පාසලේ ගුරුවරයා සිසුවාගේ විනය පරික්ෂා කර බලයි. කොණ්ඩ මෝස්තර, ඇඳුම් පැළදුම්, කථාබහ, සදාචාර, සිරිත් විරිත්, ගති පැවතුම් සොයා බලන ගුරුවරයා සිසුනට අධ්‍යාපනය පමණක් නොව ක්‍රීඩාව, නායකත්වය ආදිය ද අවශ්‍ය බව කියමින් ඒ සඳහා ළමුන් පොලඹවයි. ටියුෂන් සර් එසේ නො කරයි. ඔහුට සිසුවාගේ හදවත හෝ දෑස් පැදීමට අවශ්‍ය නැත. ඔළුවට පමණක් ,පත අට එකට සිඳ, දැනුම ලබා දෙයි.

6-11 සිසුන්ට කී්‍රඩාවක් කිරීමට, විනෝද වීමට තිබු අවස්ථාව ටියුෂන් ගුරුවරු බිලිගෙන ඇත. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් දැනටමත් අරඹා ඇති පාසල් ඇගයිමේ ක්‍රමය නිසා ඉදිරියේ දී සාමාන්‍ය පෙළ විභාගයේ ඇගයීම්වලින් වැඩි ප්‍රමාණයක් පාසල් මට්ටමින් ලැබේ. එම නිසා සිසුන්ට නොමිලේ සජීවී කි්‍රයාකාරියෙක් වීමට සිදුවනු ඇත. අනෙක් අතට 1999 න් ඇරඹී 6-11 වසර විෂය නිර්දේශ වෙනස්කම් ද, නව විෂය මාලාවන් ද නිසා ටියුෂන් ක්‍රමය අනවශ්‍ය වීමට ඉඩ ඇත.

නව අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග ක්‍රමය ටියුෂන් ක්‍රමය මෙන් ම සිසුන් වෙත පැවරී තිබූ විශාල බරක් අඩු වීමට හේතු වනු ඇත. ඒ අනුව ඉදිරියට ගණිතය හා විද්‍යාව විෂයයන් සමත් වීම සඳහා බල කිරීම අඩු වනු ඇත. ප්‍රශ්න පත්‍රයකට පෙනී සිට උසස් පෙළට තේරීමට වරම් ලැබිය හැකි ය. ඒ සඳහා දක්ෂතා දක්වන සිසුන්ට තම මට්ටමට ගැළපෙන ප්‍රශ්න පත්‍රයකට පෙනී සිටීමට අවකාශ ඇත. ඒ තත්ත්වය තුළ අනවශ්‍ය තරඟකාරී බව ඉවත් වීමෙන් ටියුෂන් සඳහා ඇති බල කිරීම ද හීන වී යනු ඇත.

ශිෂ්‍යයින් සඳහා වූ ප්‍රශ්නාවලිය

  1. පාසල් අධ්‍යාපනය පිළිබඳ ව ඔබ දක්වන ආකල්ප
  2. පාසල් අධ්‍යාපනය හා උපකාරක පන්ති අධ්‍යාපනය අතර ඔබ දකින වෙනස
  3. උපකාරක පන්ති අධ්‍යාපනය කෙරෙහි ඔබ යොමු වීමට අරමුණු වුයේ කුමක් ද?
  4. එම කාර්යය ඵලදායි ලෙස ඉටුකර ගැනීම සඳහා ඔබ අනුගමනය කරන ක්‍රියා මාර්ග
  5. ටියුෂන් අධ්‍යාපනය මගින් සිසු විනය පිරිහේ¦ මෙම මතය කෙරෙහි ඔබ දක්වන ආකල්ප, ලබා දුන් පිළිතුරු සම`ග ප්‍රශ්නාවලියේ පිටපත් 9ක් වාර්තාවේ ඇතුළත් කර ඇත.

ගුරුවරුන්ගේ අදහස්

මේ පිළිබඳ ව ගුරුවරුන්ගේ අදහස් විමසීමේ දී බහුතරයක් ටියුෂන් ගැනීම අත්‍යවශ්‍යයැයි නොපිළිගන්නා ලදි. දුර්වල සිසුන් පමණක් සුදුසුකම් ඇති ටියුෂන් ගුරුවරුන්ගෙන් ටියුෂන් ලබා ගත හැකි බව දක්වමින් එක්තරා කොටසකට පමණක් ටියුෂන් ලබා ගැනීමේ අවශ්‍යතාව ඔවුහු වැඩි දෙනෙක් පිළිගත්හ.

දෙමාපිය අදහස්

දෙමාපියන්ගෙන් 27% ක් පමණ විභාග සමත් වීම සඳහා ටියුෂන් අවශ්‍ය යැයි සිතීම අවධානයට ලක්විය යුතු ය. දෙමාපියන්ගෙන් 1/3 ක කොටසක් එසේ අවශ්‍ය යැයි නො සිතන අතර ඉතිරි අය ඒ පිළිබඳ  ස්ථීර අදහසක් නො දැරූහ. ටියුෂන් පන්ති මගින් වඩා හොඳ  අධ්‍යාපනයක් ලබා දීම පිළබද ව ප්‍රශ්න කළ විට 46.7% ඒ පිළිබඳ එතරම් ස්ථීර බවක් ප්‍රකාශ නොකළ අතර 12.3%ක් පමණ එකඟ නො වූහ.

කෙසේ වුව ද දෙමාපියන්ගේ බහුතරය ,ටියුෂන් තහනම් කළ යුතු ය, යන යෝජනාවට විරුද්ධ වූහ. දෙමාපිය අදහස් සමස්තයක් ලෙස ගෙන බලන විට පුද්ගලික ටියුෂන් පිළිබඳ දිගු රඳා පැවැත්මක් පෙන්නුම් නො කළ ද ප්‍රායෝගික ව දැකිය හැකි වාසි පදනම් කරගෙන පිළිගන්නා බව සඳහන් කළ හැකි ය.

ශිෂ්‍ය අදහස්

ප්‍රතිචාර දැක්වූ සියලූ ශිෂ්‍යයින් පුද්ගලික ටියුෂන් ඉහළ තලයකට ගෙන යමින් දක්වා සිටින්නේ පුද්ගලික ටියුෂන් ක්‍රමය ඔවුනට උසස් ශ්‍රේණි ලබා ගැනීමටත්, ඔවුන්ගේ අධ්‍යාපන අපේක්ෂාවන් ඉහළ තලයකට ගෙන යාමටත්, වැඩි දැනීමක් ලබා ගැනීමටත්, තමන්ගේ පන්තිවල වැඩ වඩා හොඳින් කිරීමටත් මෙන් ම ඉගෙනීමේ කටයුතුවල වැඩි විශ්වාසයකින් යුතුව යෙදීමටත් උපකාර වී ඇති බවයි.

සියලූ කණ්ඩායම් නියෝජනය කරන වැඩිම කොටසක් දක්වා ඇත්තේ තරඟකාරීත්වය තුළින් ජනිත කොට ඇති අසහනකාරීත්වය අඩු කිරීමට පෞද්ගලික ටියුෂන් ක්‍රමය උපකාරී වී ඇති බවයි.

 

පෞද්ගලික ටියුෂන් ක්‍රමයේ ප්‍රතිවිපාක

පෞද්ගලික ටියුෂන් ක්‍රමයේ නිෂේධනාත්මක ප්‍රතිවිපාක නොමැති බව දෙමාපියන්ගේ හා ශිෂ්‍යයන්ගේ අදහස වී ඇත. තව ද පෞද්ගලික ටියුෂන් ක්‍රමය මගින් සිසුන්ගේ විනෝදය සඳහා ඇති කාලය සීමා කර නොමැති බව ඔවුහු පවසති. නමුත් සමහරකුගේ මත හා පිළිගැනීම් වලට අනුව ටියුෂන්වලට සහභාගී වීමෙන් නිරන්තරයෙන් පීඩාවට පත් වන බවත් එමගින් අවිවේකීභාවයක් සහ ප්‍රමාණවත් නින්දක් නො ලැබීමත් දැකිය හැකි බවත් පෙනේ.

මෙහි ඇති ප්‍රතිවිපාක කිහිපයකි

  1. සිසුන්ගේ විවේකය අඩු වීම
  2. ක්‍රීඩාවලට මෙන් ම දහම් පාසල් යාම ආදී යහපත් පුරුදු සිසුන්ගෙන් ඈත් වීම.
  3. කියවීමේ පුරුදු ආදිය සිසුන්ගෙන් ඈත්වීම
  4. සිසුන්ට ප්‍රමාණවත් නින්දක් නො ලැබීම නිසා නොයෙකුත් රෝගවලට ගොදුරු වීම
  5. සුළු වශයෙන් හෝ විනය විරෝධී ක්‍රියාවන්ට පෙළඹවීමක් සිදු වීම

මම හිතන හැටි

ශිෂ්‍යයන් විසින් දක්වා සිටින්නේ පෞද්ගලික ටියුෂන් ක්‍රමය ඔවුන්ගේ අධ්‍යාපන අපේක්ෂාවන් ඉහළ තලයකට ගෙන යාමට උපකාරී වි ඇති බව ය. එසේ ම සමහර සිසුන් සෘජුව ම පවසා සිටියේ තමන් තුළ ඇති වෙනත් අරමුණු ද ඉටුකර ගැනීම සඳහා ටියුෂන් අධ්‍යාපනය යොදා ගන්නා බව ය. එහි දී ඔවුන්ගේ නිහතමානීත්වය අප විසින් අගය කළ යුතු ව ඇත. විනය පිළිබඳව අප කරන ලද ප්‍රකාශනයේ දී ඔවුන්ගෙන් බහුතරයක් දැඩි පිළිකුලකින් එය හෙළා දකින්නට උත්සහ කරන ලදී.

මෙම විමර්ශනවලට අනුව පහත නිගමනවලට එළඹීමට හැකියාව ඇත. නමුත් මෙම නිගමන මාගේ දෘෂ්ටිකෝණයෙන් විමසා බලා ඇති කරගත් බව විශේෂයෙන් මෙම ව්‍යාපෘතිය පරිශීලනය කරන සියලූ දෙනාගේ ම විශේෂ සැලකිල්ලට යොමු විය යුතු බව මුලින් ම සඳහන් කළ යුතු ය.

පාසල් අධ්‍යාපනය කෙතරම් ඵලදායි වූවත් ඒ තුළින් ගුරුවරුන්ට සියලූ කරුණු ආවරණය කිරීමට හැකියාවක් නොමැති බව මා හට කණගාටුවෙන් ප්‍රකාශ කිරීමට සිදු වී ඇත. පාසල් අධ්‍යාපනයෙන් නො ලැඛෙන දැනුම 2% කට ආසන්න ප්‍රමාණයක් උපකාරක පන්තිවලින් ආවරණය කරන බව සියලූ සිසුන්ගේ ප්‍රකාශවලින් ද මාගේ අත්දැකීම් තුළින් ද සනාථ වී ඇත. පාසල් අධ්‍යාපනය මෙන් ම උපකාරක පන්ති අධ්‍යාපනය ද සිසුන් විසින් තම අරමුණ ඉටුකර ගැනීම සඳහා යොදා ගන්නේ නම් ඉන් කිසිදු අහිතකර බලපෑමක් ඇති නොවනු ඇත.

 

මෙහිදී විශේෂයෙන් ම පිරිමි ළමුන් දුම්පානයට ඇති ඉඩකඩ වැඩි බව ඒ සඳහා උදාහරණයක් ලෙස පෙන්විය හැකි ය (ඇසින් දුටු සාක්ෂියකි). එසේ ම ප්‍රේම සම්බන්ධතා ඇතිකර ගැනීම  තම විනෝදාංශය වූ පිරිමි ළමුන් නිසා, ගැහැනු ළමුන්ට මෙන්ම ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුවලට ද බාධා පැමිණේ. මෙවැනි වැරදි, උපකාරක පන්තිවලින් සිදු වන බව පැවසීම අර්ධ සත්‍යයකි. උපකාරක පන්තිවලින් අසීමිත නිදහසක් පැවතීමෙන් වැරදි දේවලට පෙළඹීමට ඇති ඉඩකඩ වැඩි වුවත්, තම අරමුණ ඵලදායි අධ්‍යාපනයක් ලබා ගැනීම නම්, මෙම කිසිදු වැරදි දේකට ඔවුන් පෙළඹවීමට එය සමත් නො වනු ඇත.

සිසු විනය පිරිහීමට උපකාරක පන්ති තුළින් හීන් රුකුලක් ලැබුණත් එය සිසුවා මත රදා පවතින දෙයකි. තම ආත්ම ගරුත්වය රැකගෙන තම අරමුණ ඉටුකර ගැනීම සඳහා ඔවුන් තුළ ස්වයං තුලනයක් ඇති කර ගත යුතු ය.

මේ අනුව අද පවත්නා තරගකාරි අධ්‍යාපනය තුළින් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීම බහුතරයක් සිසුන්ගේ එක ම අරමුණ වී ඇත. මෙහි දී ඔවුන් සෑම විට ම උත්සහ ගන්නේ විභාගයට සැහැල්ලූව පිළිතුරු ලිවීමට හැකි මනසක් ඇතිකර ගැනීම යි. මේ නිසා වැඩි අධ්‍යාපනයක් ලැබීම සඳහා උපකාරක පන්තිවලට පිවිසීම සෑම සිසුවකුගේ ම අභිලාෂයක් වී ඇත. ටියුෂන් අධ්‍යාපනය නො ලබන සිසුවා තුළ ද අනෙක් සිසුන් ටියුෂන් අධ්‍යාපනය කෙරෙහි යොමු වීම නිසා අනියම් බියක් ඇති වේ. මේ නිසා ඉබේ ම ඔවුහු ද ටියුෂන් අධ්‍යාපනයට යොමු වෙති.

ටියුෂන් අධ්‍යාපනයේ යහපත් පැතිකඩ හා අයහපත් පැතිකඩ පිළිබඳ විමසිමේ දී සාපේක්ෂ වශයෙන් එහි යහපත් ප්‍රතිඵල වැඩියි. එම නිසා ටියුෂන් අධ්‍යාපනය අප සමාජයට අවශ්‍යය යි යන ඒකමතික තීරණයට මා මහත් අසීරුතාවයකින් එළඹ ඇත.

 

මෙම ව්‍යාපෘතිය ගැන අපේ අදහස්

මාතෘකාව

zඋපකාරක පන්ති පිළිබඳ අධ්‍යයනයක් Z ලෙසින් සඳහන් ව ඇති මෙම මාතෘකාව පුළුල් පරාසයක් තුළ විහිදීමක් පෙන්වයි. මාතෘකාව පුළුල් වීම නිසා ව්‍යාපෘතිය ගොඩ නැංවීමේ දුර්වලතා මතුව ඇත. එය අ.පො.ස. (උසස් පෙළ) උපකාරක පන්ති පිළිබඳ අධ්‍යයනයක් වශයෙන් තව දුරටත් සුවිශේෂී වූවා නම් ශිෂ්‍යාවට අදාළ තේමාව ඔස්සේ කරුණු රැස් කිරීම මීට වඩා පහසු වනු ඇත.

අරමුණු

ව්‍යාපෘති මාතෘකාවට අදාළ පොදු අරමුණු ඉදිරිපත් කර එම අරමුණු කි්‍රයාකාරී මට්ටමට ගෙන ඒම සඳහා වඩා සරල හා සුවිශේෂී අරමුණු 3-4කට බිඳීම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දී ශිෂ්‍යාවට වඩා පහසුවක් විය හැකි ව තිබිණ. සුවිශේෂී අරමුණු ඉටු කර ගැනීමට ක්‍රියාත්මක වීම තුළින් තම මාතෘකාවට අදාළ සීමාව ඉක්මවා නො යෑමට ශිෂ්‍යාවට හැකියාව ලැබේ. එහෙත් මෙම ව්‍යාපෘතියේ දී පොදු අරමුණ එසේ සුවිශේෂි අරමුණුවලට බිදීමක් දැකිය නො හැකිය. එනිසා ශිෂ්‍යාව මාතෘකා කීපයක් ඔස්සේ කරුණු රාශියක් ගොනු කර ඉදිරිපත් කර ඇතත් ඒවා මනා සංවිධානයකින් තොර ව ඉදිරිපත් කර තිබීම නිසා වාර්තාවේ ක්‍රමානුකූල ගලා යාමක්, අඛණ්ඩතාවක් නොමැත.

තම අරමුණු ඉටු කර ගැනීම සඳහා නියැදියක් තෝරා ගෙන ඇති බවක් හැෙඟතත් එම නියැදිය තෝරා ගත්තේ කුමන පදනමකින් ද? නියැදියට ඇතුළත්ව ඇත්තේ කවුරුන් ද යන්න පැහැදිලි ව දක්වා නැත. ශිෂ්‍යයන් දෙමව්පියන්, ගුරුවරුන් යන අයගේ අදහස් ලබා ගත් බවක් සඳහන් කළ ද ප්‍රමාණාත්මක ව කෙතරම් ද යන්න දක්වා නැත. තම අධ්‍යයනය සඳහා නියැදිය තෝරා ගත් ආකාරය ඉතා පැහැදිලි ව හා තර්කානුකූල ව ඉදිරිපත් කිරීමෙන් ව්‍යාපෘතියේ ක්‍රියාත්මක භාවය කෙරේ විශ්වස්‍යතාව හා වලංගුතාව ගොඩ නැගේ.

ක්‍රමවේදය

ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ පියවර අනුපිළිවෙළින් සඳහන් කිරීම වැදගත් වේ. තොරතුරු රැස් කිරීම සඳහා ශිෂ්‍යාව යොදා ගත් ක්‍රමශිල්ප වනුයේ නිරීක්ෂණය, ප්‍රශ්නාවලි, සම්මුඛ සාකච්ඡා සහ ලිපි ලේඛන පරිශීලනය යි. මේ ක්‍රමශිල්ප ආශ්‍රිත ව ලබා ගත් තොරතුරු පැහැදිලි ව හා සංවිධිත ව ඉදිරිපත් කිරීම ඊළඟ වැදගත් පියවර වේ. එම තොරතුරු විශ්ලේෂණය කිරීමෙන් පෞද්ගලික පන්ති මගින් සිදු වන හිතකර හා අහිතකර බලපෑම් වඩා ක්‍රමානුකූල ව ඉදිරිපත් කිරීමට ඇයට හැකියාව තිබිණ. එහෙත් මෙම වාර්තාවේ එම සංවිධිත බව දැකිය නො හැකි ය.

සිසු විනය නමින් ඇය ඉදිරිපත් කර ඇති තේමාවේ අඩංගු කරුණු හා උපකාරක පන්තිවල විනය කිසි`දු ආකාරයක සම්බන්ධතාවක් නොපෙන්වයි. ප්‍රශ්නාවලියට ලබා ගත් පිළිතුරු ඔස්සේත්, දෙමාපිය, ගුරුවරුන් හා සාකච්ඡා තුළින් ලබා ගත් තොරතුරු ඔස්සේත් ලිපි ලේඛන පරිශීලනය ඔස්සේත් මේ තේමාව ගොඩ නැගීමට ශිෂ්‍යාවට හැකියාව තිබිණ.

ශිෂ්‍යාව බොහෝ වෙහෙස වී විවිධ ලිපි ලේඛන පරිශිලනය කර කරුණු රැස් කර ඇති බව වාර්තාව කියවීමේ දී පැහැදිලි වේ. ඇගේ එම උත්සහය අගේ කොට සැලකිය හැකිය. එහෙත් එම තොරතුරු නිසි පරිදි සංවිධානය කර වාර්තාව පිළිවෙල කිරීමට මෙම ශිෂ්‍යාවට නිසි මග පෙන්වීමක් සිදු වූයේ නම් වඩා සාර්ථක ව්‍යාපෘති වාර්තාවක් ඉදිරිපත් කිරීමට ඇයට හැකියාව තිබිණ.

තමා රැස්කර ඇති තොරතුරු විශ්ලේෂණය අනුව උපකාරක පන්තිවල හිතකර හා අහිතකර බලපෑම් කාණ්ඩ ගත කර ඉදිරිපත් කිරීමටත් එම තොරතුරු මත තමාගේ යෝජනා ඉදිරිපත් කිරීමටත් ඇය යොමු වූයේ නම් වඩා සාර්ථක ව්‍යාපෘතියක් ඇය තුළින් බිහි විය හැකි වීමට ඉඩ තිබිණ.

ශිෂ්‍ය ව්‍යාපෘති නිදහසේ කිරීමට ශිෂ්‍යයන්ට ඇති අවස්ථාවට අවහිර නො වන සේ ඔවුන් අධීක්ෂණය කරමින් නිසි මාර්ගයේ යාමට යොමු කිරීම හා උපකාර කිරීම අදාළ ව්‍යාපෘති භාර ගුරුභවතුන්ගේ කාර්යය විය යුතුය. මෙම වාර්තාව කියවීමේ දී ශිෂ්‍යාවට ඒ සහාය ලැබුණේදැයි සැකයක් මතු වේ.

සුනිලා රත්නායක

ව්‍යාපෘති නිලධාරී

පර්යේෂණ හා සංවර්ධන දෙපාර්තමේන්තුව

ජාතික අධ්‍යාපන ආයතනය