Project 1

ව්‍යාපෘති වාර්තා අංක  01

ගෙවත්තේ එළවළු හා පලා වර්ග වගා කිරීම හා එහි ආර්ථීක ඵලදායිතාව

කේ. සුමිත් රත්නායක, ගා/බටපොල මධ්‍ය මහා විද්‍යාලය

සාරාංශය

අරමුණු

  • ප්‍රදේශයේ දේශගුණයට උචිත, වැඩි ඵලදාවක් ලබා ගත හැකි එළවළු හා පලා වර්ග හඳුනා ගැනීම.
  • එළවළු හා පලා වර්ග සඳහා (වෙළඳ පොළෙන් මිලදි ගැනීමේ දී ) වැය වන මුදල අඩුකර ගැනීමට ක්‍රමයක් අධ්‍යයනය කිරීම.
  • පිරිසිදු, නැවුම් එළවළු හා පලා වර්ග ආහාරයට ගැනීමට මගක් අධ්‍යයනය කිරීම
  • නිවස අසල ඇති භූමියේ ඵලදයිතාව වැඩි කිරීමේ මංපෙත් සෙවීම.
  • එළවළු හා පලාවර්ග වගාව තුළින් අතිරේක ආදයමක් උපයාගැනීමේ හැකියාව සොයා බැලීම

ක්‍රමවේදය

පර්යේෂණාත්මක ගණයට අයත් අධ්‍යයනයකි. මෙය ක්‍රියාකාරී පර්යේෂණයක් ලෙස ද හැඳින්විය හැකි ය. ප්‍රදේශයට උචිත, ගෙවත්තේ වගා කළහැකි එළවළු හා පලා වර්ග හඳුනා ගෙන වගා කිරීමෙන් ලැඛෙන ඵලÞවට ලැබිය යුතු මිල ගණනය කිරීම මෙහි මුල් පියවරක් වේ. එම වෙළඳ පොල මිල වගාව සඳහා වැය වූ මුදල හා සන්සන්දනයට ලක් කර ඉතිරි කර ගත හැකි මුදල ගණනය කිරීම, පර්යේෂණයේ මූලික සැලසුම වේ.

දත්ත විශ්ලේෂණය

මෑ, බණ්ඩක්කා, මාළු මිරිස්, නිවිති, තම්පලා,මුකුණු වැන්න, කරවිල හා ගොටුකොළ වගාව සඳහා වියදම් වු මුළු මුදල රු.275 කි. එම එළවළු හා පලා වර්ග විකිණීමෙන් ලැබිය හැකි ආදායම රුපියල් 1422.00 කි. එම නිසා මෙම ක්‍රියාකාරකමෙන් රුපියල් 1147.00 ක වාසියක් හිමි කර ගත හැකි ය.

නිගමනය

ප්‍රදේශයට උචිත මෑ, බණ්ඩක්කා,මාළු මිරිස්,නිවිති, තම්පලා, මුකුණුවැන්න, කරවිල හා ගොටුකොල වැනි පහතරට එළවළු හා පලා වර්ග ගෙවත්තේ වගා කිරීම ආර්ථීක වශයෙන් ඵලÞයි කටයුත්තකි.

හැදින්වීම

වර්තමාන සමාජයේ ආර්ථීක පරිසරය තුළ නිරෝගී ජීවිතයක් ගත කිරීම සඳහා දිනපතා පිරිසිදු එළවළු හා පලාවර්ග ආහාරයට එකතු කර ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් බව වෛද්‍ය විශේෂඥයන්ගේ මතය වේ.

මෙසේ දිනපතා පවුලකට අවශ්‍ය එළවඵ හා පලාවර්ග වෙනුවෙන් සැලකිය යුතු වියදමක් දැරීමට සිදුවේ. පවතින ආර්ථීක උද්ධමනය තුළ මෙම ද්‍රව්‍යයන්ගේ මිල දිනෙන් දින ම විශාල ලෙස ඉහළ යමින් පවති. මෙහි ප්‍රතිඵලය වනුයේ නිරෝගි ජීවිතයක් පවත්වා ගෙන යාමට අවශ්‍ය තරම් එළවළු හා පලාවර්ග දෛනික ආහාර වේලට එකතු කර ගැනීමට මහජනයාට නොහැකි වීමයි.එමගින් මහජනයාට අවශ්‍ය ප්‍රෝටීන් විටමින් වර්ග නොලැබීමයි.එම නිසා මෙහි ප්‍රතිඵලය වනුයේ ඔවුන්ගේ නිරෝගි ජීවිතයට එයින් තර්ජනයක් එල්ල වීමයි.

මෙසේ පවතින වෙළෙඳපොළ තුළ පිරිසිදු එළවළු හා පලා වර්ග විශ්වාසයි ව ලබා ගැනීම මහජනයාට මහත් ගැටලූවක් වී තිබේ.එයට හේතුව වනුයේ මෙම එළවළු හා පලාවර්ග වගාකරන ගොවීන් විශාල වශයෙන් අද කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතයට හුරු වී තිබීමයි. කෘෂි රසායනික ද්‍රව්‍ය ආරක්ෂාකාරී ව පාවිච්චිය පිළිබඳ ගොවීන් දැනුවත් කළ ද ඔවුන් ඒ පිළිබඳ එතරම් දැනුවත් වීමක් නොමැති බව පෙනේ. මොවුන් දැනුවත් කිරීම සඳහා කෘෂි උපදේශකවරු ද විශාල වෙහෙසක් දරති. ඒත් ඔවුන්ගේ අස්වැන්න වැඩිපුර ගැනීම සඳහාත් එම අස්වැන්න ආරක්ෂා කර ගැනීම සඳහාත් ඔවුහු ශරිරයට අහිතකර විෂ කෘෂි රසායනික ද්‍රව්‍ය විශාල ලෙස භාවිත කරති. මෙහි ප්‍රතිඵලය වනුයේ ද මෙම විෂ සහිත කෘෂි රසායනික ද්‍රව්‍ය යෙදු එළවළු, පලාවර්ග ආහාරයට එකතු කර ගන්නා පාරිභෝගික ජනතාව නොයෙක් ලෙඩ රෝගවලට ගොදුරු වීමයි. එම රෝග අතරින් මාරාන්තික රෝග ද ඇත. පිළිකා සහ හෘද රෝග සඳහා ද මෙම කෘෂි රසායනික ද්‍රව්‍ය යෙදූ ආහාර ද්‍රව්‍ය ආහාරයට ගැනීම විශාල ලෙස බලපා ඇත. අද පාරිභෝගික ජනතාවට පෝෂ්‍යදායී ගුණාත්මක ආහාරවේලක් ගැනීම අසීරු කරුණක් වී ඇත.එසේ ම මෙම ප්‍රදේශය එතරම් නාගරීකරණයට භාජනය වී නොමැත.එම නිසා බොහෝ නිවෙස්වල එතරම් ඵලදායිතාවකින් යුක්ත ව භාවිත නොකරන සුළු හෝ ඉඩම් ප්‍රමාණයක් ඇත. මෙම ඵලදායිතාවකින් තොරව ඇති ඉඩම් ප්‍රමාණයෙන් ඵලදායිතාවක් ඇති ගෙවතු වගාවක් ආරම්භ කිරීම අද විශාල සමාජ සේවයක් බඳු ය.මෙම ඵලදායිතාවකින් තොරව ඇති ඉඩම් ප්‍රමාණයේ  ඵලදායිතාව ඇති කර ගැනීමට ඇති එක් ක්‍රමයක් වනුයේ,මෙම සාර්ථක ගෙවතු වගා ක්‍රමය විය හැකි ය.

තමාගේ විවේක කාලය ඵලදයි කටයුත්තකට යොÞගනිමින් තම ගෙවත්තේ තමන්ට අවශ්‍ය කරන එළවළු හා පලාවර්ග වගා කිරීමට මෙමගින් හැකි වේ. මෙමගින් තමාට අවශ්‍ය පිරිසිදු ගුණාත්මක බවින් පිරිපුන් අලූත් එළවළු හා පලාවර්ග ආහාරයට එකතුකර ගැනීමට හැකි වෙනවා පමණක් නොව මෙමගින් යම් ආර්ථීක දියුණුවක් ද ලැබිය හැකි ය. මෙම සියලූම ප්‍රතිලාභ මිල කළ හැකි නමුත් මෙවැනි ඵලදායී කටයුත්තක් කිරීම තුළින් ලබා ගන්නා වු මානසික තෘප්තිය මිල කළ නොහැකි තරම් වටී.

මෙසේ තම නිවසට අලූත් එළවළු හා පලාවර්ග සපයන ගෙවත්තක් පිළිබඳ මා සිත්තුළ පැවති අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදහස් කළෙමි.

අරමුණු හා අභිමතාර්ථ

  • මෙම ප්‍රදේශයේ දේශගුණයට උචිත වන වැඩි ඵලදාවක් ලබා ගත හැකි එළවළු හා පලාවර්ග පිළිබඳ අධ්‍යයනය කිරිම.
  • නිවස අසල ඇති භූමියේ ඵලදායිතාව වැඩි කිරිම
  • එළවළු හා පලාවර්ග ආදිය වෙළඳ පොළෙන් මිල දී ගැනීමේ දී වැයවන මුදල අඩුකිරීම
  • නිවසේ පරිභෝජනය සඳහා පිරිසිදු අළුත් බවින් යුතු එළවළු හා පලාවර්ග නිවසේ පරිභෝජනයට එක්කර ගැනීම මගින් නිවැසියන්ගේ පෝෂණ මට්ටම ඉහල නැංවීම
  • එළවළු හා පලාවර්ගවල අතිරික්තය වෙළඳ පොලට එක් කිරීම මගින් නිවසේ ආර්ථීකය නගා සිටුවීමට දයක වීම.
  • විවේක කාලය අපතේ නොයවා තමාටත් ගෙදරටත් අවට ප්‍රජාවටත් ප්‍රයෝජනවත් අර්ථවත් වැඩකට එම කාලය යෙදවීම.
  • ගෙවතු වගාවේ නියැලීම තුළින් ශාරිරික සෞඛ්‍ය නංවාලීමට අවශ්‍ය ශාරීරික ව්‍යායාම ලබා ගැනීම.
  • නිවසේ අලංකාරය වැඩි කිරීම සඳහා නිවස අවට ඇති භූමිභාගය ගෙවතු වගාවක් සඳහා යොÞ ගැනීම.
  • අවට ප්‍රජාවට ගෙවත්තක තුළින් ලබා ගත හැකි ප්‍රයෝජන පිළිබඳ ආදර්ශයක් ලබා දීම.

ව්‍යාපෘතිය සැලසුම් කිරීම

  • ප්‍රදේශයේ පහසුවෙන් වගා කළ හැකි එළවළු හා පලා වර්ග පිළිබඳ අධ්‍යයනය කිරීම
  • මේ සඳහා ප්‍රදේශයේ එළවළු හා පලාවර්ග වගා කරන ගොවි මහතුන් හා කෘෂි උපදේශකතුමාගෙන් ද උපදෙස් විමසීම.
  • කෘෂි විද්‍යාව උගන්වන ගුරුවරුන්ගේ ද උපදෙස් ලබා ගැනීම. ගෙවතු වගාව සඳහා අවශ්‍ය භෞතික, මානව හා මුල්‍ය සම්පත් සපයා ගැනීම.
  • මේ සඳහා අවශ්‍ය බීජ වර්ග රෝපණ ද්‍රව්‍ය ආදිය සහ ගොවි උපකරණ පොහොර වර්ග ප්‍රමාණය තීරණය කිරීම.
  • ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය වන භෞතික, මානව, මූල්‍ය යන සම්පත් ඒකරාශී කර ගැනීම.
  • මෙම ව්‍යාපෘතිය කරන ලද වකවානුව පිළිබඳ තීරණයකට පැමිණීම.

ව්‍යාපෘති සැලසුම් ක්‍රියාවට නැංවීම

  • මෙම ප්‍රදේශයේ පහසුවෙන් වගා කළ හැකි එළවළු හා පලා වර්ග අතරින් මා විසින් වගා කරන ලද එළවළු හා පලා වර්ග පහත සඳහන් පරිදි වේ.

එලවළු වර්ග                 පළාවර්ග

බණ්ඩක්කා                    මුකුණුවැන්න

මාළු මිරිස්                    ගොටුකොළ

මෑකරල්                       නිවිති

කරවිල                        තම්පලා

  • මේ සඳහා අවශ්‍ය වන බීජ හා රෝපණ ද්‍රව්‍ය ප්‍රමාණයන් තීරණය කර ඒවා ඒකරාශී කළෙමි.
  • අවශ්‍ය වන කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කල් ඇතිවම කළෙමි.
  • නිවසේ ඉවත ලන අපද්‍රව්‍ය හා ගිරිසීඩියා කදුරු සත්ව පොහොරත් භාවිත කර දින 21 ක්‍රමයට වගාව සඳහා කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කළෙමි.
  • ගෙවත්ත සඳහා අවශ්‍ය මූලික බිම් සැකසීම සිදුකළෙමි.
  • භූමිය ශ=ද්ධ පවිත්‍ර කිරීම හා අදළ භූමිය වටා ජලවහන කානු පද්ධතියක් සකස් කිරීම සිදු කරන ලදි.
  • අනතුරුව පහත රූප සටහන පරිදි භූමියේ වගාවට සුදුසු පරිදි පාත්ති සකස් කෙළෙමි.
  • අවශ්‍ය පරතරය අනුව වළවල් සකස් කර කොම්පෝස්ට් පොහොර, වගාව ඇරඹීමට දින 7 කට පෙර වළවල්වලට දමා වගාවට සුදුසු පරිදි වළවල් සකස් කළෙමි.

බීජ පැළ රෝපණය කිරීම

වගාවට සුදුසු පරිදි සකසාගත් පාත්තිද ඒ අනුව සැකසූ පොහොර මිශ්‍ර කර සාදාගත් වළවල් මත බීජ වර්ගත්, පැළ වර්ගත් රෝපණය කරනු ලැබුවෙමි. ඇට වර්ග රෝපණය කිරීමට පෙර වතුර භාජනයක දමා පැය 12ක් වතුරෙහි ද පැය 12ක් වතුර හිස්කර තබා ප්‍රරෝහණය කරගන්නා ලදි. අනතුරුව රෝපණය කළෙමි.

පැළ ආරක්ෂා කිරීම

  • රෝපණය කරන ලද බීජ හා පැළවර්ග ද වැඩීම සඳහා ද දෛනිකව උදේ සහ සවස ජලය ලබා දුනිමි.
  • අමතරව, මදක් වැඩී ආ පැළ සඳහා සාදාගත් කොම්පෝස්ට් පොහොර ලබා දී පැළ දිගින් දිගට ම ආරක්ෂා කළෙමි.
  • පාත්තියේ මතුපිට ඇති වල් නෙලීම හා පාත්ති සැකසීම අවශ්‍ය පරිදි සිදු කෙරුණි.

පොහොර සඳහා වියදම

ගොම පොහොර   35.00

කුකුළු පොහොර   100.00

මුළු වියදම      210.00

ලැබු ආදායම    1422 – 210 = 1147

 

නිගමනය හා යෝජනා

             මෙම ප්‍රදේශයේ දේශගුණයයට උචිත වනුයේ කිනම් එළවළු හා පලාවර්ග ද යන්න නිගමනය කිරීමට හැකි වීම.

             මෙම ප්‍රදේශයේ දේශගුණයට උචිත සරුසාර ලෙස වැඩෙන එළවළු හා පලාවර්ග පිළිබඳ දැනුමක් ලබා ගැනීම.

             වගා කරන එළවළු හා පලාවර්ග වලට වැළෙඳන රෝග පිළිබඳ අධ්‍යයනයක යෙදී එම රෝග හඳුනා ගැනීමට හැකි වීම.

             නිවසට ඇති වාසි තහවුරු කර ගැනීමට හැකි වීම.

             මුලිකව ම නිවසේ පරිභෝජනයට පෝෂ්‍යදායී එළවළු හා පලාවර්ග ආහාරයට එකතුකර ගැනීම තුළින් ශාරීරික සුවයක් ලැබීම.

             අතිරික්තය අලෙවි කිරීම තුළින් නිවසට අමතර විනිමයක් උපයා ගැනීමට හැකි වීම.

             නිවස අවට ඇති ගෙබිමේ බාහිර සුන්දරත්වය වැඩි කර ගැනීමට හැකි වීම.

 

විද්වතුන්ගේ ඇසින්

 

මෙම ව්‍යාපෘතිය ගැන අපේ අදහස්

මෙම ව්‍යාපෘති ආර්ථීක වශයෙන් ඵලදායී කාර්යයක නිරත වීමේ වර්ගයට අයත් ව්‍යාපෘතියකි. මෙම ව්‍යාපෘතිය පොදුවේ ගත් කළ හොඳින් සැලසුම් කර, ක්‍රියාවට නංවා ඇති ව්‍යාපෘතියකි. එසේ වුව ද මෙම ව්‍යාපෘතියේ අරමුණු හා අභිමතාර්ථ ප්‍රමාණය අඩු වූවා නම් වඩා හොඳ ය.

ව්‍යාපෘතියක් තුළ අරමුණු වැඩි වන තරමට, ව්‍යාපෘති සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය වඩා සංකීර්ණ වේ. මන්ද යත් එක් අරමුණක් පරික්ෂා කිරීමට යොදාගත් ක්‍රමවේදය තවත් අරමුණක් ගැන පරික්ෂා කිරීමට යොදා ගන්නා ක්‍රමවේදයට වඩා වෙනස් විය හැකි නිසා ය.

මෙම ව්‍යාපෘති වාර්තාව සැලසුම් කිරීම හා කාල රාමුව තුළ ඉදිරිපත් කිරීම හොඳින් සිදු කර ඇත.තම පර්යේෂණය තුළ ආර්ථීක ඵලදායීතාව මැනීමට කටයුතු කිරීමත් හොඳින් සිදු කර ඇත.

ඕනෑම පරීක්ෂණයක නිගමන වලට එළඹීමේ දී තම නිගමන පැහැදිලි ලෙසට පර්යේෂණ දත්ත මත පමණක් ම කළ යුතු වීම අනිවාර්ය දෙයකි. උදාහරණයක් ලෙස නිවස අවට ඇති ගෙවත්තේ බාහිර සුන්දරත්වය වැඩි කරගන්නට හැකි වීම යන නිගමනයට එළඹීමට පෙර අවශ්‍ය කරන දත්ත මේ පර්යේෂණය තුළ අඩංගු වී නැත. එය මනෝමූල නිගමනයකි. මෙම පර්යේෂණය තුළ ඉතා හොඳින් ඉස්මතු වන්නේ තම ගෙවත්තේ නිපදවා ගැනීම ආර්ථීක වශයෙන් ඵලදායී කටයුත්තක් බවයි.

 

විශේෂඥ වෛද්‍ය අතුල සුමතිපාල

 

 

මෙම ව්‍යාපෘතිය ගැන අපේ අදහස්

හුදෙක් දත්ත එක්රැස් කිරිමට වඩා නවතාවයකින් යුතු පර්යේෂණ සැලැස්මක් සැලසුම් කිරීමෙහි ලා පර්යේෂකයාගේ හැකියාව හා චින්තන ශක්තිය මහත් සේ ප්‍රසංශාවට ලක් විය යුතු ය. උසස් ගණයේ පර්යේෂණයක හා ව්‍යාපෘති වාර්තාවක මුලිකාංග මෙම පර්යේෂණ පත්‍රිකාවේ ගැබ්ව ඇත.

 

වෛද්‍ය ගෝමින්ද පොන්නම්පෙරුම.